ස්තුතියි ! කියවන එක තමයි ලොකුම හයිය !

Sunday, May 7, 2017

හැමදාම අහන ප්‍රශ්නය සහ හරි උත්තරය !



කාලෙකින් නේ .............
(ඊට වඩානම් මුකුත් කියන්නේ නැ ඒ ගැන )

හැමදාමත් වගේ ගොඩක් අය එකම ප්‍රශ්නේ අහන නිසා එකම දේ ආපහු ආපහු කියනවා වෙනුවට ලියල තියන්න හිතුනා. ලියලා තියන්න හිතුනයි කිව්වට ඇත්තටම ලියල තියෙන්නේ. ආයේ ටිකක් පැහැදිලි කරන්න හිතුනා.

ගොඩක් අය කැමරාවක් ගන්න කලින් අහන දෙයක් තමයි මොකක්ද ගන්න ඕන කැමරාව කියන එක. මේකට උත්තර දෙන්න ක්‍රම දෙකක් තියනවා. එක තමයි අතේ තියන ගාන අහලා කෙලවෙලා යන්නම ඒ ගානට හරියන කැමරාවක් කියන එක. දෙක තමයි අතේ තියන ගානත් අහලා හිතේ තියන ආසාවත් දැනගෙන හරියටම හරියන බඩු ටික තෝරලා දෙන එක .
දැන් මේ දෙකම ගැන වැඩි විස්තර කතාකරමු.
1.    කැමරාවක් ගන්න කෙනෙක් හිතන් ඉන්නවා. අතේ තියන ගාන ඇහුවා ඒ ගානට තියන එකක් දුන්නා. වැඩේ ඉවරයි.
දැන් කැමරාව ගත්ත මනුස්සයා ඕක ගත්තේ මෙලෝ දෙයක් නොදැන ආසාවට කියල හිතමුකෝ. ඔන්න ඉතින් පොර කැමරාව එක්ක හම්බුනා 18-55 ගැන හිතන් ඉන්නේ කෝකටත් තෛලේ වගේ. මෙලෝ දෙයක් නොදන්නා කෙනෙක් දන්නා කෙනෙක්ගෙන් යමක් අහලා උත්තරේ ලැබුනම එතනින් එහා මුකුත් හිතන්නේ නැ. ගියා ගත්තා ආවා තමයි.
දැන් බුවා ඕක අරන් ලෝක සංචාරය කරන්නයි ලෑස්තිය. ඔන්න යනවා ට්‍රිප් එකක් , දකිනවා සතෙක් , ගන්නවා කැමරාව 18-55 එක්ක. සතාව පෙන්නේ ෆොටෝ එකෙන් පනහෙන් එකක. මොනවා කරන්නද , අතේ තව සල්ලිත් නැහැ. ඔන්න එදා රැ වෙලා කට්ටිය ඉඳිද්දී පොරට මතක් වෙනවා පෙජ්වල මල්ලිලා දාන ෆොටෝස් , පස්ස බොඳකරලා එහෙම. ගන්නවා කැමරාව , කරකවනවා ලෙන්ස් එකේ ඔක්කොම. මෙලෝ දානයක් පෙන්නේ නැහැ. තිබ්බ සන්තකේම වියදම් කරලා ගත්තා කැමරාව. හැබැයි ඒකෙන්ගන්න පුළුවන් ෆොටෝ එකකුත් නැහැ. ආපහු ලෙන්ස් ගන්න සල්ලියකුත් නැහැ.
ඔන්න ඉතින් කැමරාව කොහෙහරි දාලා තියනවා ආයේ බඩුගන්න සල්ලි ලැබෙනකම්.
ඇයි එහෙම උනේ කියන එකට දෙවැනි කොටසෙන් උත්තර දෙන්නම්.

2.    යමක් ගන්න යන කෙනාගෙන් ඔක්කොම වතගොත හදලා පැකේජ් එකක් හදලා දීම.
මේක තමයි හරියන ක්‍රමය ඉතින්. ඒ උනාට මේ ඔක්කොම පහදලා තෝරලා බේරලා දෙන්න සැහෙන්න වෙලාවක් යයි. හරස් ප්‍රශ්න එහෙමත් මගින් එද්දී වැඩේ තවත් එපා වෙයි. මේ යටතේ ගොඩාක් දේවල් තොර බේරගන්න වෙන නිසයි එහෙම කිව්වේ. එනමුත් මේක තමයි හරි ක්‍රමය .
හරි ක්‍රමය ලේසි නැහැ වගේම මේ ක්‍රමය අනුවනම් ගන්න කෙනාගේ අවශ්‍යතාව අනුව කැමරාවේ ඉඳන් මෙමරි කාඩ් එක වෙනකන්ම තෝරලා දෙන්න වෙනවා. ඒ දේවල් ගැන ලියල තියන නිසා ලින්ක් ටික ඉදිරියේදී දාන්නම්.
ඇත්තටම කැමරාවක් ගන්න ගිහිල්ලා තමන්ගේ අවශ්‍යතාවය නොකියා අතේ තියන ගානට කැමරාවක් අරන් එක විකුනපු එකාට බනිනවානම් උඹ තරම් කම්මැලි බුරුවෙක් නැහැ කියන එක බැතිසිතින් කියන්න ඕන. මොකද කියනවනම් ඒ මිනිස්සු ඉන්නේ බඩු විකුනලා මාසේ අන්තිමට සල්ලි අරන් ගෙදර යන්න මිසක් චායාරුප ශිල්පයේ උන්නතිය වෙමුවෙන් කැකැරෙන මෙව්වා එකෙන් උඹලට සේවය සලසන්නනම් නෙමෙයි. ඒ නිසා කොලයක් පැණක් අරගෙන හරි කමක් නැහැ මුලින්ම හොයල ලියාගෙන තියාගන්න ඇයි මට කැමරාවක් ඕන, මම කැමරාවක් අරගෙන ෆොටෝ ගන්න බලාපොරොත්තුවෙන්නේ මොනවද කියන එක? ඒ ගමන්ම ඔලුවට ගන්න තමන්ට ඉදිරියේදී තව මුදලක් මේ සඳහා වියදම් කරන්න පුලුවන්ද කියන එක. ඒ වගේම ඔයා සැහෙන්න ගානක් යටකරන්න බලාපොරෝත්තුවෙනවානම් ඉඳලා හිටලා පාවිච්චි කරන්න බලාපොරොත්තුවෙන ලෙන්ස් එකකට - ඒ නිසා ගන්න හිතන් ඉන්න කැමරා බොඩි එක පහල තත්වයේ එකක්නම් මමනම් කියන්නේ හොඳ බොඩි එකක් අරන් ඕනවෙන දවස්වලට ලෙන්ස් එක රෙන්ට් කරන්න කියලයි.  ඒ වගේ දේවල් කරන්න පුළුවන් සමහර තැන්වලදී. මෙමරි කාඩ්නම් ගන්න පුළුවන් හොඳම එකක් ගත්තත් කමක් නැහැ මමනම් කියන්නේ.
ඒ වගේම කැමරාවට අමතර ගන්න ඕන අත්‍යවශ්‍ය භාණ්ඩ වගේම අමතර උපකරණත් පුළුවන් වෙලාවලදී ගන්න.

අනිවාර්යයෙන්ම කියන්න ඕන තව දෙයක් තියනවා. රැල්ලට යන්න ඔන නැහැ , නමුත් තමන් පාවිච්චිකරන බඩු ගැන සහ එවවලින් ගන්න පුළුවන් වැඩවල සීමාව ගැනනම් අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕන. 300mm එකක් ක්‍රොප් එකකට දාගෙන ඩොටේ ඉන්න කුරුල්ලොන්වනම් ගන්න බැහැ ඒකෙන් ඕනනම් අඩි පහක් දුරින් තියන ලයිට් කණුවක ඉන්න කාක්කෙක්ව ෆුල් ෆ්‍රේම් එකට එන්න ගන්න පුළුවන් වෙයි. ඒ වගේ ලෙන්ස් එකකින් ගන්න පුළුවන් ප්‍රමාණය ගැන දල අදහසක් ගන්න ඕනනම් ගුගල් ගිහින්  Nikon Lens Simulator හොයල අරන් එකෙන් තමන්ගේ කැමරාවයි ලෙන්ස් එකයි තෝරලා එකේ තියන සුම් එක ගැන අදහසක් ගන්න පුළුවන්.
ඒ වගේ ගොඩක් ක්‍රම තියනවා අනවශ්‍ය දේවල් අරන් අමාරුවේ වැටෙන්න කලින් කරගන්නනම්. කෝකටත් දෙයක් අහද්දී එක්කෙනෙක් මතම බලන් නොඉඳ කිපදෙනේක්ගෙන් අහල බලන්න.
මිනිස්සුනේ වරදිනවනේ හැටිනේ ! 
හැබැයි අවසන් තීරණේ තනියම ගන්න . එක මත ගොඩාක් දේවල් තීරණය වෙන්න පුළුවන්. 



මෙන්න ලින්ක් ටික 
 කැමරා ගැන - ලිපිය 1 , ලිපිය 2
 ලෙන්ස් ගැන - ලිපිය 
 ෆ්ලෑෂ් ගැන - ලිපිය  
 අමතර උපාංග - ලිපිය 1 , ලිපිය 2

එහෙනම් ජයවේවා !

3 comments: