ස්තුතියි ! කියවන එක තමයි ලොකුම හයිය !

Saturday, September 13, 2014

ලෙන්ස්, ඔව් ලෙන්ස් ගැන

කාලෙකට කලින් මගේ යාලුවෙක් මට කිව්වා ( මතක විදියට චාමර නුවන්දික වෙන්න ඕන ) ලෙන්ස් ගැන පොඩ්ඩක් ලියන්න කියල. ඇත්තටම ලෙන්ස් ගැන ලියනවනම් බොහොම පොඩ්ඩයි තමයි ලියන්න වෙන්නේ මොකද කියනවනම් එච්චරටම ලෙන්ස් තියනවා මම දන්නා කිහිපය ඇරෙන්න.

ලෙන්ස් ගැන කතාකරන්න කලින් අපි ටිකක් බලමු මොකක්ද ලෙන්ස් එකකින් වෙන්නේ කියන දෙය . සරලවම කියනවනම් ලෙන්ස් එකෙන් කරන්නේ බාහිර ලෝකයේ තියන වස්තුවක ප්‍රතිබිම්බයක් කැමරාවේ සෙන්සරය තුල නිපදවන්න අතරමැදියකු විදියට වැඩ කරන එක.
බොහොම සරලව 
view finder එකෙන් අපි දකින දෙය ෆොටෝ එකකට ගන්න උදව්වෙන්නේ ලෙන්ස් එක මගින්. අපි ලෙන්ස් එක හරි කාචය කියලා කිව්වට එක ඇතුලේ කාච පද්දතියක් හෙවත් ලෙන්ස් ගොඩක් තියනවා . ඒවා මගින් තමයි බාහිර තියන වස්තුවක ප්‍රතිබිම්බයක් නියමිත ප්‍රමාණයකින් සාර්ථක ලෙස සෙන්සරය මත ගොඩනගන්නේ.

ලෙන්ස් එකක් ගනිද්දී බොහෝ දෙනා බලන දේවල් තියනවා, vr හෝ is තියනවද , ෆුල් ෆ්‍රේම් කැමරාවකට දාන්න පුලුවන්ද , ෆෝකසින් මෝටරය මොකක්ද වගේ ප්‍රශ්න ගොඩක් අහනවා ලෙන්ස් එකක් ගන්න ගියාම. අපි මේ දේවල් එකෙන් එක හිමින් කතාකරල බලමු. ඊට පස්සේ

කැමරාවේ වර්ගය කුමක් හෝ වේවා දැන් හැමෝම පාවිච්චි කරන්නේ auto focus ලෙන්ස් හෙවත් ස්වයන් නාභිගත ක්‍රියාවලිය සහිත ලෙන්ස්. හේතුව ගත්තම ඔටෝ ෆෝකස් තියනවා කියන්නේ ( අපි කැමරාවෙන් සකස්කරන තැන ස්වයන්ක්‍රියව පැහැදිලි කරගැනීම ) බොහොම පහසුවක්.

හැම ලෙන්ස් එකකම මේ පහසුකම තියනවද ? නැ .................

වර්තමානයේ වෙළඳපලේ තියන ගොඩක් ලේන්ස්වල මේ පහසුකම තියනවා ඒ නිසා අලුත් ලෙන්ස් හැම එකක්ම ඕනෑම කැමරාවක් එක්ක පාවිච්චි කාරන්න පුළුවන්කම තියනවා ............

සමහර  තැන් ගැන තව ටිකක් පැහැදිලි කරන්නම්......

හැම කැමරා වර්ගයකම කැමරා බඳේ  ( body එකේ ) ලෙන්ස් හයිකරන තැන ( ලෙන්ස් mount එකට කියන නමක් තියනවා ) ඒ නිසා කැමරාවකට ලෙන්ස් එකක් හයි කරන්න කලින් ඒ ගැන ටිකක් හොයලා ඉන්න එක හොදයි.

කැමරාව සමග ගැලපීම ( Lens compatibility )


Canon
කැනන් කැමරාවල වර්තමානයේදී ( 1987 ඉඳන්ම ) කැනන් පාවිච්චි කරන්නේ EF ( electro focus ) කියන ලෙන්ස් මව්න්ට් එක වැඩි විස්තර මෙතනින්. ඒ නිසා වර්තමානයේ නිපදවෙන හැම කැනන් ලෙන්ස් එකක්ම කැනන් කැමරාවක් සමග යොදාගන්න පුළුවන් . නමුත් හැම කැමරාවක් එක්කම නෙමෙයි.

කැනන් මව්න්ට් එක ef උනාට මව්න්ට් එකට පිටිපස්සෙන් තියන කොටස් සමාන නැ..... ඒ වගේම හැම ලෙන්ස් එකක්මත් සමාන නැහැ. 2003 දී කැනන් හඳුන්වාදෙනවා තව ලෙන්ස් මව්න්ට් එකක් එක තමයි ef-s මව්න්ට් එක. එක හඳුන්වාදෙන්නේ කැනන් APS-C සෙන්න්සරය පාවිච්චිකරන කැමරා සදහා . කැනන් ලෙන්ස් එකක් ගනිද්දී මේ දෙය ගැන සැලකිලිමත් වෙනවනම් එක ගොඩක් වටිනවා. නැත්තම් සමහරවිට කැමරාවට හානි පමිනෙනට පුළුවන්.

ef-s ලෙන්ස් කියන්නේ කැනන් APS-C කැමරාවලට හදපු ලෙන්ස් කියන එක මම පැහැදිලි කළා , ඒ කියන්නේ අපි බොහෝදෙනා පාවිච්චි කරන ෆුල් ෆ්‍රේම් නොවන කැමරා. ඒ නිසා ef-s ලෙන්ස් එක එල්ලේම කැනන් ෆුල් ෆ්‍රේම් ලෙන්ස් එක්ක පාවිච්චි කරන්න බැ. කන්වර්ටර් දාලානම් පුළුවන් කියන එක තමයි එක එල්ලේම බැ කියල කිව්වේ. ඒ නිසා ඉදිරියේදී ෆුල් ෆ්‍රේම් කැමරාවක් ගන්න අදහසක් තියනවනම් EF ලෙන්ස් එකකටම යන එක තමයි හොඳ.

මතක හිටින්න ලේසි විදියට කියන්නම් . ef-s ෆුල් ෆ්රෙම්වලට දාන්න බැ. ef ලෙන්ස් ෆුල් ෆ්‍රේම් වගේම APS-C හෙවත් ෆුල් ෆ්‍රේම් නොවන කැමරාවලටත් දාන්න පුළුවන්.
 


Nikon
අවරුදු 60 තිස්සේ නිකොන්ලගේ තියෙන්නේ එකම ලෙන්ස් මව්න්ට් එක. එක තමයි F mount . ඒ නිසා ගොඩක් පරණ ලෙන්ස් එකක් උනත් නිකොන් කැමරාවකට සවි කරන්න පුළුවන්. එහෙත් ඒවායේ තියන සමහර ක්‍රියාකාරකම් කාලය අනුව වැඩ නොකරන්න පුළුවන් .නමුත් කැනන් ලේන්ස්වලට වඩා වෙනස් කතන්දරයක් නිකොන්වලත් තියනවා...

නිකොන්වලත් කැනන් වගේම ෆුල්ෆ්රේම් සහ ෆුල්ෆ්රේම් නොවන කැමරා සඳහා වෙනම ලෙන්ස් තියනවා නමුත් ඕනෑම ලෙන්ස් එකක් ඕනෑම බොඩියකට ගහන්න පුළුවන්. ( කොන්දේසි සහිතයි ) ෆුල් ෆ්‍රේම් ලෙන්ස් FX නමිනුත් , ෆුල් ෆ්‍රේම් නොවන ඒවා DX ලෙන්ස් ලෙසත් හඳුන්වනවා. DX ලෙන්ස් එකක් ෆුල් ෆ්‍රේම් බොඩි එකකට සවිකළ විට අපට පෙනෙන රුපරමුවේ වටයට කළු රව්මක් වී හැඩයක් ( Vignette )  පෙනෙන්න ගන්නවා. නමුත් අලුත් ෆුල් ෆ්‍රේම් කමරවලනම් මේ ගැටලුව වලක්වන්න ක්‍රමයක් තියනවා. කැමරාවෙන්ම එකට දාපු ලෙන්ස් එක DX ලෙන්ස් එකක්නම් වටේට එන කොටස අයින් කරනවා, නමුත් මෙතැනදී අදාළ ෆොටෝවල මෙගා පික්සල් අගය බොහෝසෙයින් අඩු වෙනවා.

Auto focus


Nikon
කාලයකට පෙර පාවිච්චිකළ නිකොන් කැමරාවල කැමරා බඳෙහි තිබුණු ඉස්කුරුප්පුවක් වගේ මොටරයකට සම්බන්ද කොටසක ආදාරයෙන් තමයි ලේන්ස්වල focus කිරීමට සම්බන්ද කොටස් කරකවලා focus කරලා දුන්නේ. ඒ නිසා ලෙන්ස් එක ඇතුලේ ෆෝකස් කරගැනීම කරන්න මෝටරයක් තිබුනේ නැ. ඒ ලෙන්ස් හැඳින්වූවේ   AF ලෙන්ස් කියලා. එවාවලින් සමහරක් හෙවත් ලෙන්ස් එක ඇතුලේ ෆෝකස් මොටරේ නැති ඒවා කිහිපයක් තවමත් නිපදවෙනවා. මේ ලෙන්ස් එකක් කැමරා බදෙහි mount එකේ මෝටරය නැත්තං අදාළ කැමරාවට සවිකර ඔටෝ ෆෝකස් කරගන්න ක්‍රමයක් නැහැ, අනික් පහසුකම් ලබාගන්න පුළුවන්. අවාසනාවකට වගේ Entry Level කාමරවල අදාළ මෝටරය වගේ කොටස නැහැ. ඒ නිසා ඒවා සමග ඔටෝ ෆෝකස් අවශ්‍යනම් AF-S ලේන්ස්ම යොදාගන්න වෙනවා, ඒ ගැන විස්තර පහලින්....

පසුකාලීනව ඩිජිටල් කැමරා එක්ක වෙළඳපලට පැමිණි ලෙන්ස්වල ඇතුලෙම ෆෝකසින් සඳහා උවමනාවෙන මෝටරයක් තිබුනා , ඊ මොටරයට අවශ්‍ය දත්ත දෙන්න පද්දතියක් සහ දත්ත ගමන් කරවන්න අවශ්‍ය කොටස් කැමරා බඳෙහි තියනව . ඒ වගේ ලෙන්ස් එක ඇතුලෙම මෝටර් එකක් තියන ලේන්ස්වලට කියන්නේ AF-S ලෙන්ස් කියලා. මේ ලෙන්ස් එක කැමරා බඳෙහි මෝටරයක් ඇති නැති ඕනෑම කැමරාවක් සමග පාවිච්චි කරන්න පුළුවන්. වර්තමානයේදී නිකොන් ෆෝකසි මෝටර් එක විදියට යොදාගන්නේ SWM තාක්ෂනය ( Sound Wave Motor )

මේ දෙකටම කලින් ආපු  ලෙන්ස් වර්ගය තමයි AI ලෙන්ස්. මේ ලේන්ස්වලදී ඉහල ක්‍රම දෙකටම ඔටෝ ෆෝකස් කරන්න බැහැ, අනිවාර්යයේම අතින් තමයි ෆෝකස් කරන්න  වෙන්නේ. එත් මේවානම් දැනට වෙළදපලේ නැහැ......

එමනිසා කැමරාවට අලුත් ලෙන්ස් එකක් ගන්න කලින් ප්‍රදානවම මේ දේ ගැන හිතන්න ඕන, හයි කරගන්නවත් බැරි ලෙන්ස් එකක් අරන් වැඩක් නැනේ .................

Canon
කැනන් ඕනෑම ef සහ ef-s ලෙන්ස් එකක් ඕනෑම ඩිජිටල් බොඩි එකකදී ඔටෝ ෆෝකස් වෙනවා. focus කිරීම සඳහා USM ( Ultra Sonic Motor ) සහ STM තාක්ෂනය කැනන් යොදාගනියි.


Image Stabilizer ( ෆැන් කැරකෙනවා නවත්තන්නේ මේකෙන් නෙමෙයි )


සමහර ලේන්ස්වල තියන කොටසක් තමයි මේක. නොයෙක් ආයතන තමන් යටතේ නිපදවන ලේන්ස්වල පහසුකම නොයෙක් නම්වලින් හඳුවනවා. කොහොමහරි මේ පහසුකම නිසා ඇතිවන වාසිය තමයි කැමරාව සෙලවීම නිසා සිදුවිය හැකි පින්තුරය බොන්දවිම අඩුකරන එක. මේක වෙන්නේ කැමරාවේ හෝ ලෙන්ස් එක අතුල තියන කොටසක් කැමරාව සෙලවෙන ආකාරය අනුව චලනය වී කැමරාව හෙලවිම නිසා ඇතිවෙන්න පුළුවන් බොඳ ගතිය අඩු කිරීම . සෝනි , ෆුජි කමරාවලනම් මෙය තියෙන්නේ සෙන්සරයට සම්බන්ද කොටසක් චලනය වීම මගින් කෙරෙන ක්‍රියාවලියක් විදියට. නිකොන්, කැනන්, සිග්මා, ටම්රෝන් ලේන්ස්වල කොටසක් ලෙස මෙය පැමිණෙනවා. මේක තියන නිසා අපිට පුළුවන් වෙනවා අඩු shutter speed එකක් යටතේ උනත් සාර්ථක ෆොටෝ එකක් ගන්න. මොකද කියනවානම් හැම වෙලාවකදීම අපිට වැඩි ශටර් ස්පීඩ් එකක් පාවිච්චි කරන්නත් බැ , ඒ වගේම iso වැඩි කිරීමේදී නොයිස් ඇතිවෙන්නත් ගන්නවා . අ නිසා ට්‍රයිපොඩ් නැති වෙලාවකට Image Stabilizing කියන්නේ ලොකු උදව්වක්................
ලෙන්ස් එකක් ගනිද්දී එකේ මේ පහසුකම තියනවා කියන්නේ ඇත්තටම අපි නොහිතන වේලාවකදී ගන්න පුළුවන් ප්‍රතිපලය හුගක් වැඩියි. මොකද කියනවනම් අපි නොහිතන වෙලාවක අපේ ඉස්සරහ අපි බලාගෙන හිටපු දර්ශනය මැවෙන්න පුළුවන්  .
Nikon = Vibration Reduction
Canon = Image Stabilizing
Tamron = Vibration Control
Sigma = Optical Stabilizing යන නම්වලින් මේ ක්‍රමය හඳුන්වනවා ...........
                 ලෙන්ස් එකක් ගන්නවානම් මේ දෙයත් තියනවද කියන්න එක බලන්න. මිලෙන් වැඩි උනාට පාඩුවක්නම් වෙන්නේ නැහැ.

ලෙන්ස් එක අනුව සමහරවිට stabilization එකේ අදියර වෙනස් වෙන්න පුළුවන්. බොහෝවිට ඉහල මට්ටමේ ලෙන්ස් සහ සුම් ලෙන්ස්වල අදියර කිහිපයකින් මෙය තිබිය හැකියි. උදා - Nikon AF-S 70-200mm f2.8 VRII , Canon EF 70-200mm f 2.8 IS II

කාච විවරය ( Aperture ) f අගය

මේක බොහෝවිට 1 අනුපාතයක් විදියට පෙන්වනවා . කාච  විවරය විශාලවන තරමට හෙවත් f අංකය අඩුවන තරමට අඳුරේදී ෆොටෝගන පුළුවන් තරම වැඩිවෙනබව දැනටමත් දන්නවා ඇතිනේ. නමුත් f අංකය අඩු ලෙන්ස් මිලෙන් වැඩියි . සමහර ලේන්ස්වල f අංක දෙකක් තියනවා දැකලා ඇති . සුම් ලේන්ස්වල තමයි හැමවෙලාවකදිම එහෙම වෙන්නේ . උදා Nikon AF-S 55-300mm f 4.5 - 5.6 VR වගේ ලෙන්ස් එකක එම අගයන් දෙකේන් කියවෙන්නේ අදාළ ලෙන්ස් එකේ අඩුම නාභි අගයේදී සහ වැඩිම අගයේදී ලෙන්ස් එකේ f ප්‍රමාණයයි. ඒ කියන්නේ 55මිමි වලදී f අගය 4.5 වෙද්දී 300මිමි දී f අගය 5.6 වෙනවා. ඒ වගේ වේලාවකදී ලෙන්ස් එක සුම් නොකලට වඩා සුම් කලවිට ලෙන්ස් එක ඇතුලට ගන්නා ආලෝක ප්‍රමාණය අඩු වීමයි, එතකොට අදුරේදී ෆොටෝ එකක් ගන්න ටිකක් අමාරුවෙයි. නමුත් මම උඩදී උදාහරණයකට ගත්ත ලෙන්ස් එක 70-200 දී තියෙන්නේ  f2.8 විතරයි , ඒ කියන්නේ සුම් වීමේදී ඇතුලට ගන්නා ආලෝකය ප්‍රමාණයේ වෙනසක් නැ. එකනේ 55-300 රුපියල් 34 000 වගේ වෙද්දී 70-200 ලක්ෂ තුනකට කිට්ටු වෙන්නේ .............

දැන් අත බලලා සාස්තර කියනවා වගේ ලෙන්ස් එකක් දිහා බලලා එකේ තියන නම කියවලා ගොඩක් දේවල් වටහාගන්න පුළුවන් නේද ?

තව අකුරු ටිකක් ඉතුරුයි නේද . ඒ කියන්නේ පොස්ට් එකත් ඉවර නැ................



නිකොන් N අකුර සහ කැනන් L අකුර
පොඩියට තියෙන්නේ හොඳට බලන්න

සමහරවිට ඕගොල්ලෝ දැකලා ඇති කැනන් ලේන්ස්වල රතුපාටින් L අකුරක් ලියලා තියනවා , නැත්තන් උඩ තියනවා වගේ නිකොන් ලේන්ස්වල N අකුර. මේ තමයි අදාළ ලේන්ස්වල තියන ඉහලම ප්‍රමිතියේ ලෙන්ස්. සමස්තයක් විදියට මේවාට යෝදාගන්න අමුද්‍රව්‍ය , කල්පැවැත්ම වගේම මෙවාවලින් ලබාදෙන පින්තුරයේ ගුණාත්මකබව අදාළ වර්ගයේ අනික් ලේන්ස්වලට වඩා ඉහලින් තියනවා.

මිලත් ඒ වගේම තමයි හැබැයි





නිකොන් D සහ G ලෙන්ස්

සරල ක්‍රමයකට කියන්නම් ....
D ලෙන්ස් එකේ අපිචර් එක හදන්න වීල් එකක් thiයනවා , G ලෙන්ස් එකේ නැ.........
නමුත් D ලෙන්ස් එකක් අලුත් කමරාවක් එක්ක පාවිච්චි කරනවානම් එකේ අපිචර් එක හැකිතරම් අඩුකරලා අපිචර් වීල් එක එක්ක තියන පොඩි ස්විච් එක දාලා අපිචර් එක ලොක් කරන්න ඕන.

මේ ඇරෙන්න ලේන්ස්වල තව තව අකුරු තියෙන්නේ පුළුවන්, විශේෂයෙන්ම නිකොන්වල . ED, HRI, Aspheric මේ ඔක්කොම කාච වර්ග . මේ හැම එකෙන්ම වෙන වෙන දේවල් වෙනවා. ගන්න හිතන් ඉන්න ලෙන්ස් එක අනුව මේ කාචවල තියන කාච කොටස් වර්ග ගණන සහ අදාළ කාචවල ප්‍රමාණය පින්තුරයේ ගුනත්මකබවට කෙලින්ම බලපානවා. ඒ ගැන අදාළ ලෙන්ස් නිෂ්පාදකයාගේ වෙබ් අඩවියෙන් බලාගන්න පුළුවන්........

MTF Chart ඉගනගන්නවනම් බොහොම වැදගත් දෙයක්



Modulation Transfer Function කියන්නේ ඉහත කියපු කරුණු ඔක්කොම වගේ සලකාබලා දෙන වාර්තාවක් කිව්වත් හරි. මේකෙන් කරන්නේ බාහිර වස්තුවක ප්‍රතිබිම්බයක් කොතරම් සාර්ථකව සෙන්සරය මත හදන්න පුලුවන්ද කියන එක ගැන වාර්තාවක් ලබාදීමක්.

කොච්චර හොඳ ලෙන්ස් එකකින් උනත් බාහිර ලෝකයේ තියන දෙය ඒ විදියටම සෙන්සර් එකට දෙන්න අමාරුයි . කාචවල තියන ගොලාකරබව , කාච අතර ඇතිවන වර්තනය වගේ දේවල් නිසා ප්‍රතිබිම්බයක් හදද්දී ඇතිවන දෝෂ තියනවා. ඒ දේවල් තේරුම්ගන්න මේක හොඳ අත්වැලක්...

සාමාන්‍යන් සුම් ලෙන්ස් එකක mtf චාට් දෙකක් තියනවා. ඒ ලෙන්ස් එකේ ටෙලි එන්ඩ් එකේ සහ වයිඩ් එන්ඩ් එකේදී ලෙන්ස් එකේ තත්වයන් පෙන්වන වගු දෙකයි. මෙහි දැක්වෙන ඝන ඉරි සහ කඩ ඉරි සම එකකින්ම කියවෙන තොරතුරු එකිනෙකට වෙනස් වගේම ලෙන්ස් වර්ගය අනුවද mtf චාර්ට් එකේ කියවීම්වලද වෙනස්කම් දක්නට ලැබෙනවා. ඒ නිසා අදාළ ලෙන්ස් එකේ චාර්ට් එක සමග ඇති ඒ චාර්ට් එක කියවීමට අදාළ උපකාරකයන් යොදා ගැනීම හොදයි. 
mtf චාර්ට් එකක පෙන්වන්නේ සෙන්සරයේ මැද සිට ඉන් ඉවතට එනම් ලෙන්ස් එකක මැද සිට ඉන් ඉවතට ගමන්කරනාවිට අදාල ලෙන්ස් එකෙන් සාදන ප්‍රතිබිම්බයේ ඇතිවන වෙනස්කම් ( ගුණාත්මක බව අඩුවීම කිව්වත් හරි )

සරළ ලෙස ගතහොත් ඕනෑම වගුවක ඉරි සහ කඩ ඉරි 0.8 ඉහලින් තිබේනම් ඒ ලෙන්ස් එක ඉතා හොඳ ප්‍රතිබිම්බයක් දෙන මට්ටමේ ලෙන්ස් එකක්. 0.6 සහ .8 අතර කියන්නේ හොඳ තත්වයක් විදියටයි ගැනෙන්නේ. 0 .6 අඩුනම් එතරම් සතුටුදායක නැ ..............

ලෙන්ස් එකක් ගන්න කලින් බලන්න ඕන දේවල් ගොඩක් තියනවා ඒ ගැන සරළ පැහැදිලි කිරීමක් තමයි මේ. තමන් ගන්න ලෙන්ස් එක අනුව උද තියන කාරනා එක්ක ගැඹුරින් සලකා බලනවද නැත්ද කියන එක ගන්න කෙනාගේ වැඩක්. ප්‍රශ්න තියනවනම් අහන්න, අපි කතා කරමු.
ජයවේවා!

11 comments:

  1. අගේ ඇති සටහනක් කියල කියන්න ඕන !!
    …සමීර මට මේ blog පිටුව කියවන් යනකොට දැනුනු අඩුපාඩුවක් මම මේ කියන්න ලෑස්තිය අමනාප නොවෙයි කියල හිතනව. මේ කලු පාට මතුපිටේ සුදු අකුරු කියවන එක පෞද්ගලිකව මටනම් ටිකක් අපහසුයි. පුලුවන්නම් සුදු මතුපිටේ කලු අකුරෙන් සඳහන් කරන්න බලන්න ඒක මටත් සමහරවිට මේ ගැටලුව පැනනැහුනු අය ඉන්නවනම් ඒ අයටත් ගොඩක් ලොකු උදවුවක් වෙයි ! ඔබට ජය !!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි!
      තව කෙනෙකුත් කිව්වා ඕකම.......
      වෙනසකටත් එක්ක වෙනස් කළා ඒ නිසා. අවුරුධු දෙකකින් වෙනස් කලෙත් නැනේ ( හදපු දවසේ ඉඳන්ම )

      Delete
    2. ඔයතියෙන්නෙ දැන් නියමෙට කල එලිවෙලා !

      Delete
  2. බොහොම ස්තුත්යි සමීර අයියේ.. මේ පොස්ට් එක සැහෙන්න වටිනවා...

    ReplyDelete
  3. මචන් මේක මරු, නොදැන හිටපු ගොඩක් දේ දැන ගත්තා.

    ReplyDelete
  4. අයියේ ඔයාගේ Blog 1 නම් මරේ මරු ඒ ගැන කියන්න වචන නෑ. කලින් වතාවක් සමහර post කියවලා තිබුනත් (ඒ ටික කියවලා DSLR මට හීනෙනුත් පෙනුන) අද පලවෙනි එකේ ඉඳල අන්තිම 1 වෙනකම් කියෙව්වා. කොච්චර ඇබ්බැහි උනාද කිව්වොත් කන බොන එක පවා අමතක උනා. කියවද්දී තමා හිතුනේ මන් මෙච්චර කල් Photo ගහල නෙවේ Photo කාල කියල. Photography වලට තිබුන ආසාව කියන්න බැරි තරම් වැඩි උනා කිව්වොත් හරි. මන් නම් Photography ගැන මෙලෝ හසරක් දනන් හිටියේ නෑ එත් blog 1 කියෙව්වට පස්සේ ගොඩක් දේවල් දන ගත්ත. එකට ඔයාට පින්.ගොඩක් සංවේදී දේවල් තිබුන ඒවාට කියන්න දේවල් නම් මන් දන් නෑ. එත් ආය එහෙම නොවේවා කියල ප්‍රාර්ථනා කරනව.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ! කියවන කෙනෙක්ගේ ප්‍රසංසාවක් තරම් වටිනා දෙයක් තවත් නැ :)

      Delete
  5. Hithuwata wada deyak meken igena gatta aiye.. Thanks a lot..

    ReplyDelete