අදකාලේ කැමරාවක් ගන්නවා කියන්නේ මහා දයක් නොවන තරමටම එක සාමාන්‍යය එදිනෙදා පාවිච්චි කරන භාණ්ඩයක් බවට පත්වෙලා ඉවරයි. ඒ ගැන එක අතකින් සතුටු වෙන්න පුළුවන් ගොඩක් දක්ෂයන්ට තමන්ගේ දක්ෂකම එළිදක්වන්න ඒ තුලින්ක්රමයක් හැදිලා තියන නිසා. අනික් පැත්තෙන් ගත්තත් වැඩකට නැති උන් කැමරාවක් ගත්තයි කියල ලෝක විනාසයක් වෙන්නේ නැනේ. එහෙම ගත්තම ඉතින් කවුරු කැමරාවක් ගත්තත් අපිට මොකෝ නේ ...........
ඒ උනාට උවමනාවක් ඇතුව කැමරාවක් ගන්න කෙනෙක්ට තමන්ට ගන්න ඔඅ කැමරාව මොකක්ද කියල තෝරාගන්න බැරි තරමටම එක එක කම්පැනිවලින් හදන කැමරා මොඩල්ස් කිහිපයක්ම එකම කාලයක් යටතේදී මාකට් එකේ තියනවා. එකම රේන්ජ් එකක් ඇතුලේ ගත්තමත් කැමරා විශාල ප්‍රමාණයක් තියෙන්න පුළුවන් එකකට එකක් පොඩි පොඩි වෙනස්කම්වලින් විතරක් වෙන්වෙන. එහෙම ගත්තම තමන් ගන්න ඕන කැමරාව මොකක්ද කියන එක තෝරාගන්න පොඩි තල්ලුවක් තමයි මම මේ පොස්ට් එකෙන් දෙන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙම මිසක් එක එක්කෙනාට ඕන කැමරාව තෝරලා දෙන්න නෙමෙයි.
මුලින්ම පොඩි දෙයක් කියන්න ඕන ( මුලින්ම කිව්වට මේ තුන්වෙනි චේදය නේ ) ගොඩක් මිනිස්සු කැමරා ගන්නේ රැල්ලට මිසක් උවමනාවට නෙමෙයි. වේදීන් කරන මනුස්සයා ගන්නේ සපෝර්ට් කරන කෙනාටහදපු කැමරාව. වෙලාවකට එතන තියෙන්නේ ඒ මනුස්සයාගේ දැනුමේ මදිකමටත් වඩා සල්ලිකාරකම පෙන්නන්න ඕන නිසා එහා පැත්තේ ඉන්න එකාට වඩා ගණන් වැඩි කැමරාවක් ගැනීම. ඒ වගේ මිනිස්සුන්ට පොස්ට් ලියලා / කියලා මේ දේවල් තේරුම් කරන්න අමාරුයි !
කෙටියෙන් පවසන කරුණු අහවරයි
ඇයි කැමරාවක් ගන්නේ
ෆොටෝ ගන්නනේ, දමල ගහන්න නෙමෙයිනේ ............
මෙතන ඉඳන් තමයි කතාව පටන්ගන්න වෙන්නේ. මේ ප්‍රශ්නෙට උත්තරය තියෙන්නේ ඉතින් කැමරාව ගන්න කෙනා ලඟම තමයි. ඒ උනාට අපි ගොඩක් අය කම කැමරාව තමයි හැම දෙයටම පාවිච්චි කරන්නේ. එහෙමනම් අපි මුලින්ම හිතමු අපි කැමරාව ගන්න ප්‍රධානතම හේතුව. එකට අදාලව කරුණු ගොඩනගාගමු.
මම පුද්ගලිකව හිතන විදියට පහල විදියට පොඩි ලිස්ට්එකක් හැදුවා. මේක එහෙමම වෙන්න ඕනි කියල මම කියන්නේ නැ.
Wedding photography
අද කාලේ සාර්ථක වෙච්ච සමහර අයගේ ෆොටෝ බැලුවම පෙනෙන දෙයක් තමයි ඒගොල්ලෝ උත්සහ කරන්නේ පවතින ආලෝක තත්ත්ව යටතේම ෆොටෝ ගන්න, ඒ වගේම කපල් එකේ ස්වභාවික හැගීම් ෆොටෝ එකට ගන්න. ඒ වගේ අවස්ථාවකදී කපල් එක වටකරගෙන ලයිට් අල්ලාගෙන වැඩේට ලස්තිවෙද්දී ඒගොල්ලොන්ගේ ඉරියව් වෙනස් වෙන්න පුළුවන්, ඒ වගේම ඕනවට වඩා ලයිට් ගහන්න ගියාම පසුතලය , ස්වභාවික ආලෝක තත්ත්ව වෙනස් වෙනවා. එහෙම ගත්තම වෙඩින්වලදී වැදගත්ම දෙයක් ලෙස මම සලකන්නේ ISO. ISO කියන එකෙන් ඇත්තටම මම අදහස් කලේ Low light performance හෙවත් වැඩි ISO අගයක් යටතේ උනත් Noise අඩුවෙන් ෆොටෝ ගන්නට හැකිවීම කියන එක. ඒ දෙය කරගන්න උදව්වෙන දේවල් දෙකක් තියනවා. එකක් සෙන්සරය. සෙන්සරය ගැන කෙටියෙන් කියනවනම් Crop Sensor එකකට වඩා , Full frame සෙන්සර් එකකින් වඩා හොඳට Low light යන්න පුළුවන්. අනික තමයි ලෙන්ස් (මෙතනින් වෙනමම පොස්ට් එකකට යන්න පුළුවන්) ලෙන්ස් එකේ ඇපිචර් එක වැඩි වෙන තරමට ( f අගය අඩුවෙන තරමට ) පිටත තියන ආලෝකය ඇතුලට ගැනීමේ හැකියාව වැඩි වෙනවා. ඒ කියන්නේ වැඩි ආලෝකයක් ඇතුලට ලැබෙන නිසා ෆොටෝවල පැහැදිලිබව වැඩියි. ISO කියන්නේනම් සල්ලි වගේ , කොච්චර තිබ්බත් මදි/
ඒ වගේම තව ඕනවෙන දෙයක් තමයි Dynamic range එක. ගතික පරාසය ලෙස හඳුන්වයි. ආලෝකයේ අඳුරුම තැන සහ ආලෝකමත්ම තැන් දෙක අතර කැමරාවට හසුකරගත හැකි ප්‍රමාණය මෙලෙස හඳුන්වයි. මෙම අගය වැඩිවෙන තරමටම හොඳයි. මේකෙන් වෙන්නේ මොකක්ද කියන එක සරලව පැහැදිලි කරන්නම්. වෙඩින් එකේ මනමාලි සුදුයි, ඇඳන් ඉන්නෙත් සුදුපාට, මනමාලයා කලුයි , කෝට් එකත් කලුපාට කියල හිතමුකෝ. මනමාලිට exposure එක හැදුවොත් මනමාලයා අඳුරු වෙනවා, මනමාලයාට exposure එක දුන්නොත් මනමාලිගේ සාරියේ තියන විස්තරාත්මක බව ගිහිල්ලා සාරිය නිකන් සුදු පැච් එකක් වගේ වෙන්න පුළුවන්. යම් මට්ටමකට මේක ෆොටෝෂොප් වගේ සොෆ්ට්වෙයා එකකින් හදාගන්න පුළුවන් උනාට හැමදෙයක්ම හදන්න බැනේ. ඒ වගේම තමයි ගතික පරාසය වැඩි වෙද්දී ෆොටෝ එකක පසුතලයේ අහස , ගස් වගේ දෙයක උනත් තියන සියුම් විස්තරාත්මක බව වැඩි වැඩියෙන් අල්ලගන්න පුළුවන් වෙනවා.
පොතේ හැටියට මේ දෙය පැහැදිලි කලොත් මෙතැනදී වෙන්නේ කළු (අඳුරුම තැන ) සහ සුදු (ආලෝකමත්ම තැන) කියන පාට දෙකේ අන්තරයන් අතර තියන ප්‍රභේධවලින් කැමරාවට තෝරා ගන්න පුළුවන් ප්‍රමාණය. තවත් ටිකක් පැහැදිලි කලොත් කළු සහ සුදු අතර තියන කොටස් අතර වෙනස, ඒ කියන්නේ එකම පාටක ආසන්න ප්‍රභේද කොතරම් හොඳට අඳුරගන්න පුලුවන්ද කියන එක )
කොච්චර උනත් ඇහැ කියන්නේ කැමරාවට වඩා ගොඩක් ඉහලින් තියන දෙයක් |
කෙනෙක්ට ප්‍රශ්නයක් ඇතිවෙන්න පුළුවන් මෙගා පික්සල් ප්‍රමාණය මෙතැනදී ඕන වෙන්නේ නැද්ද කියන එක.
කැමරාව කොච්චර දියුණු උනත් අපි තාම ප්‍රින්ට් කරන්නේ මිට අවුරුදු දහයකටත් කලින් ප්‍රින්ට් කල තරමේම ඇල්බම් සයිස් වගේම ඒකාලේ තරම්ම එන්ලාර්ජ්මන්ට්. එහෙම බැලුවම D90 කැමරාවේ තියන මෙගා පික්සල් 12 ප්‍රමාණය තාමත් ඇති වගේ.
ඒ වගේම වෙඩිමක් අස්සේ කට්ටිය හැටට හැටේ දුවන්නේ නැති නිසා මම හිතන්නේ නැ ෆෝකස් පොයින්ට් හට හුටාමාරක් ඕනෑවෙයි කියල.
Flash ගැන වෙනම පොස්ට් එකක් මෙතනින්
Sport events සහ Journalism
එතනට ආවම තියෙන්නේ වෙනම කතාවක්. ක්‍රීඩාවක් හෝ ඒ වගේ වේගයෙන් චලනය වෙන වස්තුන් ගන්නනම් කැමරාවේ ෆෝකස් පැත්ත ගොඩක් වැදගත් වෙනවා. වගේම වේගයෙන් චලනය වෙන දෙයක් හෝ ඉදිරියට වෙන දෙය අවිනිශ්චිතයි වගේනම් තප්පරයට ගන්න පුළුවන් ෆ්රේම්ස් ගන්නත් වැදගත් වෙනවා.
Focus / නාභිගත කිරීම
නාහිගත කිරීම ඉතින් හැම කැමරාවෙන්ම කරන එකනේ ඒ උනාටඑක නිකම්ම ෆෝකස් පොයින්ට් එකකට සිමා වෙන දෙයක් නෙමෙයි.
උඩින්ම බලන්න කියපු පොස්ට් එකේ තියනවා ක්‍රොස් පොයින්ට් කියල දෙයක්. කැමරාවක තියන ෆෝකස් පොයින්ට් අතරින් පොයින්ට් කිහිපයක් ක්‍රොස් ටයිප් ෆෝකස් පොයින්ට් වෙනවා. Canon 7D mk2 කැමරාව ගත්තම එකේ තියන ෆෝකස් පොයින්ට් 65ම ක්‍රොස් ටයිප් වීම විශේෂත්වයක්. කැනන්වලට සාපේක්ෂව ඒ වගේ ක්‍රොස් ටයිප් තියන නිකොන් කැමරාවක්නම් නිකොන්ලගේ නැ. තව අවුරුදු දෙකකටවත් එන එකකුත් නැ. නමුත් සෝනි ආයතනය මගින් විශාල focus point ප්‍රමාණයක් තියන කැමරා කිහිපයක් දැනටමත් වෙළඳපලට නිකුත්කරලා තියනවා. Sony A6000 , A6300 නම්වලින්.
Canon 7D mk2 කැමරාවේ ෆෝකස් පොයින්ට් පැතිර ඇති ආකාරය |
Sony A6300 කැමරාවේ ෆෝකස් පොයින්ට් පැතිරී ඇති ආකාරය |
කැමරාවක තියන ෆෝකස් පොයින්ට් වලින් කරන්නේ මොකක්ද කියන එක පහදන්න ඕන වෙන එකක් නැ කියල මම හිතනවා.
Focus tracking
මෙතනින් වෙන්නේ අපි ෆෝකස් කරන දෙය තියන පිහිටීම වෙනස් උනොත් අපි දීපු ෆෝකස් පොයින්ට් එක අත ඇරලා වස්තුවේ වෙනස්වීමත් එක්කකැමරාව විසින්ම අනික් ෆෝකස් පොයින්ට් එක්ක ඒ වස්තුව පසු හබන්න ගන්නවා. ඒ කියන්නේ රේස් එකක් වගේ දෙයකදී අපි දීපු ෆෝකස් පොයින්ට් එක ඇතුලේ තිබ්බ වාහනය අපි දීපු ෆෝකස් පොයින්ට් එකෙන් ඉවතට ගියොත් කැමරාවෙන්ම වෙන ෆෝකස් පොයින්ට් එකක් තෝරාගෙන කැමරාවේ තියන ෆෝකස් පොයින්ට් යොදාගනිමින් අර ෆෝකස් කරලම තියාගන්නවා. හදිස්සියෙවත් ෆෝකස් පොයින්ට් පැතිරිලා තියන ප්‍රදේශයෙන් එලියට ගියොත් සොරි තමා.
Nikon focus tracking
Sony 4D focus මේක තව ටිකක් දියුණු කරලා සෝනි කට්ටිය එවලා තියනවා
FPS- Frames Per Second - තප්පරයකදී ලබාගත හැකි රුප රාමු ගණන
තප්පරේකට ගන්න පුළුවන් ෆොටෝ ගනන කියන්නෙ තප්පරේකට ගන්න පුළුවන් ෆොටෝ ගාන.
මේ එක්කම බලන්න ඕන දෙයක් තමයි එක දිගටම ගන්න පුළුවන් ගනන. උදාහරණයක් ලෙස ගත්තොත් මගේ නිකොන් ඩී7000 කැමරාවෙ ෆොටෝ 15 ගන්න පුලුවන් ( JPG, Large, fine quality ) තප්පරයට 6 බැගින්. ඔය 15 අරං ඉවර උනාට පස්සෙ ඒ 15 මෙමරි කාඩ් එකට යනකම් ඉන්න වෙනව.
ඔබට ඉක්මනින් සිදුවන දෙයක් ඡායාරූපයට නැගිය යුතුනම් මෙය වැඩිවන තරමට හොඳයි, නැත්තනම් වැඩි වේගයක් සහිත Class 10 වගේ කාඩ් එකක් එකක් ගන්න ගන්න වෙනවා.
දැන් අපි හිතමුකෝ වැඩේ තියෙන්නේ රැක හෝ ගෘහස්තව කියල, එහෙම උනොත්නම් කලින් කතා කළා වගේ ඇපිචර් එක වැඩි ලෙන්ස් එකක් තිබුනොත් වටිනවා.
Wildlife Photography
Sport events සහ Journalismකොටසට වඩා බොහොම පොඩි දේවල් ටිකකින් මේක වෙනස් වෙනවා. වෙනස් වෙනවා කිව්වට එකතු වෙනවා.
ගොඩක් සත්තුන්ගේ ක්‍රියාකාරකම් තියෙන්නේ උදේ පාන්දර හෝ හවස, එහෙම නැත්තන් කැලයක් අස්සේ ගස් අස්සේ හැංගිලා වෙන්න පුළුවන්, ඒ නිසා කැමරාවේ ISO හොඳට තිබ්බොත් හොඳයි.මොකද කියනවනම් හැමෝටම බැ මෙතැනදී ඇපිචර් එක වැඩි පත ලෙන්ස් ගන්න. ඒ නිසා ගන්න පුළුවන් ලෙන්ස් එකක් එක්ක උපරිම ප්‍රයෝජනය ගන්න පුලුවන් වෙයි noise performance හොඳනම්.
තව දේවල් දෙකක් එකතුවෙන්න ඕන.
Mega pixel
මෙගා පික්සල් ගණන වැඩිනම් අපිට පුළුවන් දුර තියන වස්තුවක ෆොටෝ එකක් අරගෙන එක ක්‍රොප් කරලා අපිට ඕන කොටස තෝරාගන්න. කොලිටිය නැතිවෙනවා අඩුයි එතකොට. කොහොමත් දැන් එන කැමරා ඔක්කොම වගේ මෙගා පික්සල් 20ට වැඩි ඒවානේ.
Crop factor
මේක කෙලින්ම සම්බන්ධයි සෙන්සරේ සයිස් එකට. සෙන්සර් එක ෆුල් ෆ්‍රේම් එකක්නම් අපි දාන ලෙන්ස් එකේ තියන focal length එකම අපිට ලැබෙනවා. ඒ කියන්නේ අපි දාන ලෙන්ස් එක 300mm එකක්නම් අපිට ලැබෙන්නේ 300mm ලෙන්ස් එකක දර්ශන කෝනයම තමයි. නමුත් අපි පාවිච්චි කරන්නේ APS-C සෙන්සර් ( crop sensor )එකක්නම් එතකොට ඒ ලෙන්ස් එකේන් ලැබෙන දර්ශනය එහි Focal length එක වගේ 1.5* වැඩි වෙනවා. ඒ කියන්නේ 450mm . කැනන් වලදිනම් මෙය 1.6mm කින් වැඩිවීමක්. පැහැදිලිව කියනවනම් වැඩියෙන් සුම් වෙලා වගේ පෙනෙනවා.
අන්න ඒ දෙය වයිල්ඩ්ලයිෆ් වලදී වාසියක් වෙන්න පුළුවන්. මොකද කියනවනම් අපි ගාව තියන ලෙන්ස් එකට වඩා වැඩි ලෙන්ස් එකක දර්ශන කෝණය අපිට ලැබෙනවා.
එක වෙන්නේ සෙන්සරයේ ප්‍රමාණය නිසා. ඒ ගැන පුළුල්ව කතාකරමු ඉදිරියේදී.
නමුත් මතක තියාගන්න , ෆුල් ෆ්‍රේම් සෙන්සර් එකකින් ලැබෙන image quality එකනම් crop sensor එකකින් ලැබෙන කොලිටිය වැඩියි. නමුත් හැමෝටම ෆුල් ෆ්‍රේම් ගන්න බැනේ.................
තව තියනවා . අපි ඒවා ගැන ඊළඟ පොස්ට් එකෙන් කතා කරමු. හොඳ නරක කියලා කමෙන්ට් එකක් දාන්න. හොඳයි කියල හිතෙනවනම් share කරන්න............
ජයවේවා !
හරිම වැදගත් පෝස්ට් එකක්...ජය වේවා...!!!
ReplyDeleteපට්ට
ReplyDeleteහරිම වැදගත් පෝස්ට් එකක් අයියණ්ඩියෙ...
ReplyDeleteවීඩියෝ ටිකක් කරොත් මොකෝ? :3
දිගටම ලියපං මචෝ....! පැමිණීම හයියක් උබට..! කියවීම හයියක් අපිට...!
ReplyDeleteසුපිරියි............ ඇත්තට ම අධ්‍යයනය කරන්න ආස පැත්තක්..... මේක තමා හොදම විදිහ...... ස්තූතියි
ReplyDeleteවැදගත් සටහනක් අයියා.. අයෙ දිගටම ලියන්න..
ReplyDeleteආ මරු ඈ..
ReplyDeleteහනෙ හම්මෝ ඇතියාන්තම් ප්‍රොපයිල් එකක් හදාගත්ත ඕං
ReplyDeleteආහ්.... කියන්ඩ බැරි උනා... සිරාවටම හෙන වැදගත් බ්ලොග් එකක් ඈහ්... ජූලි වල වගේ එඤ්ඤංකො එල්කේ එක පැත්තෙ
#පලා
මට නිකොන් 5300 ගැන දැනගන්න ඕනේ... contact no එකක් තිබ්බනම් පහසුයී .
ReplyDeleteවටින ලිපියක්.. බොහොම ස්තූති..!
ReplyDeleteThanks for posting!
ReplyDeleteThis comment has been removed by a blog administrator.
ReplyDelete