ස්තුතියි ! කියවන එක තමයි ලොකුම හයිය !

Thursday, April 26, 2012

Compact කැමරාවෙන් ෆොටෝ ටිකක් අරං ඉමු

    අරක මේක ගැන ටෙක්නිබකල් කියව කියව හිටියොත් නිකන් තියරි ක්ලාස් එකක් වගේ වෙන නිසා අපි ටිකක් වැඩක්පලක් කරන විදිය ගැන කතා කරල ඉමු! ඊට පස්සෙ බර වචන දාලා කතාකරමු. මොකද කියන්නෙ? ඉස්සල්ලම පොඩි තැනින් කතා කරමු. ඔය කවුරුත් පොඩි කැමරා, ඩිජිටල් බට්ටො, Normal කැමරා කියන්නෙ "Compact camera"වට තමයි.

ඔය මොන කැමරාවෙන් ෆොටෝ ගත්තත් ඒ කැමරාවට අදාල User Manual එක කියවල ඉන්න එකත් බොහොම වැදගත් වෙනව!

Compact Camera හෙවත් Point & Shoot

වෙන එකක් හම්බුනේම නැද්ද අහන්න එපා මේකෙ දාන්න. මේ තමයි මගේ පළවෙනි ඩිජිටල් කැමරාව. මම පහුගිය පෝස්ට් එකක මේක ගැන කිව්වනේ..... දැන් අහන්නෙපා කොඩැක් හොඳයිද කියලා.

සාමාන්‍ය මට්ටමක Picture Quality එකක් ගන්න පුළුවන් පොඩි (අගලෙන් 1/2.3) සෙන්සර් එකක් තියන කැමරාවක් තමයි Compact කැමරාවක් කියන්නෙ. වචනයේ හැටියටම ගත්තමත් Compact කියන්නෙ පොඩි කැමරාවක් අස්සට අත්‍යාවශ්‍ය අංග කිහිපයක් එකතු කර සාදන ලද කැමරාවකටයි. නමුත් ලොකු කල්පැවැත්මක් නැති වෙන්නත් පුළුවන්. මේකෙ විශේශත්වය වෙන්නෙ බොහෝදුරට ස්වයංක්‍රීය ලෙස ක්‍රියාකරමින් අදාල දත්තයන් ස්වයංක්‍රීයව යොදාගනිමින් අපට ඒ මොහොතේ හැටියට සුදුසු ආකාරයේ ඡායාරූපයක් ලබාදීම තමයි මේකෙන් කරන්නෙ. කෙටියෙනම කිව්වොත් "ඔබපු ගමන් ෆොටෝ එක එනවා."
(ගත්තා ගැහුවා , කිව්වොත් මොනා හිතයිද මංදා)

වර්තමානයේදි භාවිතාවන Compact කැමරාවන්හී නොයෙක් ආකාරයේ පෙර සැකසුම් යොදාගනිමින් ඡායාරූප ගැනීමට පුළුවන. ඔය ඔක්කොම තියෙන්නෙ කැමරාවේ උඩ හෝ පිටුපස තියන පොඩි රෝදයක් වැනි දෙයක. Mode Dial

1. Auto
2. Scene mode
3. Programm
             ඒවායින් ප්‍රධානම තුනක් ලෙස මම දකිනවා.

මුලින්ම Auto ගැන කතාකරමු
   එක්කො කතාකරන්න දෙයක් නෑ. ඔක්කොම ඔටෝනේ. ෆොටෝ වදිනවා.

දෙවනුව Scene ගැන
   මෙතනදි කෙරෙන්නෙ අපි ගන්නේ කිනම් දෙයක්ද යන්න කැමරාවෙන් තෝරා බේරා දීම. කොහොමත් ඕකෙන් ගන්නෙ ෆොටෝ තමයි. උදාහරනයක් ලෙස ගත්තම- Landscape, Candle Light, Sports, Macro, Portraits වැනි අංගයන් විස්සක් පමණ තිබෙන්නට පුළුවන්. අපිට තියෙන්නෙ අදාල Dial එක Scene වලට හරවලා, අපි ගන්න බලාපොරොත්තුවන ඡායාරූපයට අදාල පෙර සැකැස්ම ලබාදෙන එක විතරයි.

Programme සමහරවිට Autoවලදිම settings වෙනස් කරන්න පුළුවන්
   මෙතනදිනම් අපිට නිදහස දෙනවා පොතේ හැටියටනම් ප්‍රධාන අංගයක්වන නමුත් මගේ හැටියටනම් ප්‍රධාන අංග දෙකක් වෙනස්කරල අපිට ඕන ප්‍රතිපළය ගන්න. පොතේ හැටියට ISO වෙනස්කරන්න ඉඩ දුන්නට , මගේ හැටියට ISO සහ Metering mode යන දෙකම වෙනස්කරන්න මෙම අවස්තාවේදී හැකියාව තියනවා.

   කොහොමද එහෙනම් Pවලදි ෆොටෝ එකක් ගන්නෙ.
මුලින්ම තමන්ට තමන්ගෙ කැමරාව ගැන අවබෝධයක් තියෙන්න ඕන ඒකේ සීමාවල් පිලිබඳව දැනුමක්නම් තියෙන්නම ඕන.
මෙන්න මේවා තමයි ප්‍රෝග්‍රෑම්වලදි වෙනස් කරන්න පුළුවන්.

*ISO
  ISO කියන්නෙ කැමරාවෙ සෙන්සරය ආලෝකයට දක්වන සංවේදනයයි. වැඩි ආලෝක තත්වයකදි  ඒ කියන්නෙ හොඳ කට්ට අවුවකදිනම් අපි ගන්න වස්තුවෙ චලනයත් අඩුයිනම් ISO100 / 200 වගේ දැම්මත් ඇති. නමුත් ආලෝක තත්වය අඳුරු වෙන්න වෙන්න අපිට ISO වැඩි කරන්න වෙනවා. ඒ එක්කම Flash කරන්න පුළුවන්නෙ. කොහොමත් Compact කැමරාවලනම් ISO800 යන්නත් අමාරුයි. මොකද කියනවනම් ISO වැඩි වෙන්න වෙන්න ඡායාරූපයේ Noise ( අඳුරු ගෝෂාව ) වැඩි වෙනවා. ඒවා තමයි අපිට අඳුරු වෙලාවකදි ගත්ත ෆොටෝව්ල පුල්ලි පුල්ලි වගේ පේන්නෙ. ඒ නිසාම තමන්ගෙ කැමරාවෙ ISO තත්වය පිළිබඳව දැන සිටීම වැදගත්.

*Metering mode
   මේකත් බොහොම වැදගත්. මේකෙන් තමයි අපි කැමරාවට කියන්නෙ අපි ඡායාරූපයට නගන වස්තුව පිහිටාතිබෙන්නෙ රූපරාමුවේ කුමන ප්‍රදේශයෙද කියන එක. ඒ අනුව අදාල ප්‍රදේශය නියමිතලෙස ආලෝකමත් වීම සිදුවෙයි. බොහෝ Compact කැමරාවලනම් තෝරාගැනීමට අවස්තා තුනක් තිබෙනවා.
මේ යෙදුම බොහොම වැදගත් වෙනවා Flash භාවිතයෙන් ෆොටෝ ගන්නා විටදී.....

  1. Average , Multi,
   මේ අවස්තාව යොදාගන්න ඕන අපි ගන්නෙ භූමි දර්ශනයක් වගේ දෙයක්නම්. රූප රාමුව පුරාවටම බොහෝදුරට සමාන ආලෝක තත්වයක් තියනවනම් මේක උචිතයි. මෙහිදී සෑම වස්තුවක්ම පැහැදිලිව පෙනෙනලෙස ලබාගන්න කැමරාව උත්සහ කරනවා. ඇත්තෙන්ම මෙහිදී සිදුවන්නෙ රූපරාමුවේ කිහිප පලකින් දත්ත ලබාගෙන ඒවායේ මධ්‍යස්ත අනාවරණයක් ලෙස ඡායාරූපය ලබාදීමයි.

  2. Center Weight
   මෙම අවස්තාව යොදාගන්න පුළුවන් අප ගන්නේ රූපරාමුවේ මැදට වන්නට තියන වස්තුවක්නම්.
මලක්, සමනලයෙක් හෝ එවැනි දෙයක්

  3. Spot
   බොහෝවිට Compact කැමරාවල Focusing point එක හෙවත් ෆෝකස් වියයුතු ස්තානය වෙනස් කරන්න බැහැ. එවැනි විටදී මෙය ක්‍රියාකරන්නෙ හරියටම මැද තිබෙන වස්‍තුව පැහැදිලි, නිවැරදි ලෙස ආලෝකමත් කිරීම සඳහාය. Focus pointඑක වෙනස්කල හැකිනම් අදාල ස්තානය නිවැරදිලෙස ආලෝකමත් කිරීම මෙමගින් සිදුවෙයි.

*White Balence 
   ෆොටෝ එක ගන්න මොහොතෙ වටපිටාවෙ තියන ආලෝක තත්වය අනුව මේක වෙනස්කරගන්න තයි තියෙන්නෙ.
AWB- Auto WB
Daylight- දිවා ආලෝකය
Cloudy- වැහිබර අවස්තාවක
Flash- flash එක යොදාගෙන ෆොටෝ ගන්න වෙලාවට
Incandense- ප්‍රති දීප්තන පහන් යටතේ
         ඔන්න ඔයවගේ ටිකක් තමයි මූලිකවම තියෙන්නෙ....

ඔන්න ඔහොම තමයි කරන්න තියෙන්නෙ පොඩි කැමරාවකින් ෆොටෝ ගන්නවනම්.... ඔය කැමරාවෙ හදන්න ඕන දේවල්නේ.

තව දේවල් මගින් ගුණාත්මකබව වැඩිකරගන්න පුළුවන්. Click here fb link

වෙලාවක් තියනවනම් මේවත් බලන්නකො. You Tube

   එහෙනම් කෝ බලමු ගත්ත ෆොටෝස්, එන්න මේ පැත්තට වැඩිදුර කතාකරන්න

නැවත හමුවෙමු !

 

බිඳුනු පැතුම


අවාසනාවට ඇත්ත කතාවක්

ඔන්න මම ලියන්න යන්නෙ මගේ සුපුරුදු ගොං කම නිසා හෙවත් සත්ත්ව කරුණාව නිසා දාගත්ත තවත් ලෙඩක් ගැන. ලෙඩක් වෙන තත්වෙට බරපතල උනේනම් නෑ. අම්මපා කට හොඳ නැති මගේ කටම අවුස්සගන්න මුන්ට තියන ඇම්ම ගැන තමයි තාම හිතාගන්න බැරි. මේක පටිරෝල් කතාවක්, ලියාගෙන යද්දි කොහොම වචන භාවිතා වෙයිද කියන්න බෑ. ඒ නිසා ලපයි සිපයි චීත්ත කෑලි මෙතනින් එහාට නොයා ඉන්නවා හොඳා..........

එදා හරිම අන්දකාර දවසක්, අඳුරු වෙච්ච අහසෙ වැහි වළාකුලු ඇඳීගියෙත් මලකඩකාපු ගේට්ටුවක් තල්ලු කරනව වගේ ... ඒ වලාකුලු කීරිගාන සද්දය මගේ කන් දෙකට නැතත් හිතට ඇහුනා. මමත් දුවලා ගිහින් වැලේ වනලා තිබුනු ජොක්කු ටික ගෙට ගෙනත් දැම්මෙ තෙත ඒවා ඇඳන් වැඩට යද්දි හිරිකිත නිසා. තද සුළගට එකින් එක ඇතිල්ලෙන පොල් ගස් මට මතක්කරලා දුන්නෙ ස්කූල් බස් එකේදි අපේ සහෝදර පාසලේ ශිෂ්‍යයො OLV කෙල්ලන්ට ජැක ගහන දර්ශනයක්. අල්ලපු වත්තෙ තිබුන බට් කරපු අඹගහේ අඹ ගෙඩියක් වැහි බින්දු එක්ක හෙමින් ඇවිල්ලා මගේ බෙල්ලෙ වැදුනම මට මොනා හිතුනදනම් අහන්න එපා... අහසටම හිටියෙ වවුලොයි බස්සොයි විතරයි.. ඒත් කොහේදෝ ඉඳන් නිශ්ශබ්දතාවේ බිඳපු ජී.පී.එස්. නැති කොහාටත් නිදිපෙත්තක් දෙන්න පුළුවන්නම් කියල මට හිතුනේ අවුරුද්දෙ කෑලිවත් දැන් නැති නිසා වෙන්නැති. ඈතින් ඇහුනු මුහුදේ ගෝශාවයි හුලගේ හීන් සද්දෙයි මාව හිටගෙනත් නිදිකරන්න තරම් සානුකම්පිත උනා. ඔන්න ඔය වෙලාවෙ තමයි මගේ ජංගමය සිහින් හඩකින් මුමුනන්න ගත්තෙ. මම ආපසු හැරෙනවාත් සමගම මායිමේ තිබූ කනාටු ගස් අත්තක මගේ කමිසයේ කොලරය ඇමිනුනා.........
මේ මොන මගුලක්ද ලියල තියෙන්නෙ, හුටා මම සොසීගෙ බ්ලොග් එක කියෝ කියෝනෙ හිටියෙ, ඒක වෙන්නැති. ආපහු මාතෘකාවට!

ඔන්න එක ගෝතයෙක් මට කෝල් කලා. ඌ ෆේස්බුක් එකේ පෙන්නන විදියට 1986 ඉපදිච්ච ජයවර්දනපුර කැම්පස් එකට යන, කළමනාකරණය මොකක්ද උපාධියක් සහ අපරාද විද්‍යාව කරන පොරක්. ඊට අමතරව මූ සින්දුත් ලියනවලු. ඔය එක එක ගායකයොත් එක්ක ගත්ත ෆොටෝ එහෙමත් මුගෙ ප්‍රොෆයිල් එකේ තියනවා, ඒ සින්දුත් ඉඳ හිට දානවා. ලිස්ට් එකෙත් දෙදහස් ගානක් ඉන්න එකෙක්. මේ මුස්පේන්තුවා එක වතාවකුත් මේ උදව්වම මගෙන් ඉල්ලලා තියනවා. "මචන් කැම්පස් එකේ වැඩකට ගිහිල්ලා ගෙදර යද්දි පරක්කු උනා, දැන් බස් නෑ, මට උඹලගෙ ගෙදර ඉන්න පුළුවන්ද?" මමත් මගේ ඔලුවෙ තියන Expeed 1988 ප්‍රොසෙසර් එකට දාලා තියන මෙගාපික්සල් ඔක්කොම දාලා සෙන්සරේට බරදීලා හිතලා බලලා කිව්වා "හා, වරෙන් අයියෙ" කියලා. බයවෙන්න දෙයක් නේනේ, අවුරුදු 3 කරාටි කරපු තාත්තෙක් ඉඳිද්දි :) ඔන්න ගස් බල්ලා ආවා. අතරමගට මට කෝල් 20වත් දෙන්න ඇති පාර අහන්න. අම්මපා මේ බූරුවො පාඩම් මතකතියාගන්නෙ කොහොමද මංදා.

ඇවිල්ලා ආගිය තොරතුරු ටිකකුත් කතාකලායින් පස්සෙ මම මිනිහට තුවායකුත් දීලා, ඕනනම් මූණකට හෝදගන්න කිව්ව, එතකොට මූ මගෙන් කලිසමකුයි ටීශර්ට් එකකුයි ඉල්ලුවා. ඒකත් දුන්නා. ඊට පස්සෙ මේකා මූනකට හෝදන් ඇවිල්ලා මොනාදෝ කුරුටුගාන්න ගත්තා. ඔන්න දැන් තමයි සෝචනීය මෙව්වා එක පටන්ගත්තෙ. තාත්තා ලෑස්තිවෙනවා මොණරාගල යන්න. කමක්නෑ කියමුකො, තාත්තවත් බස් හෝල්ට් එකට දාලා ආවා. දැන් මූට කන්න ඕනලු. ඉදිආප්ප වගයක් අරං ආවා කියලා හොදි මොනාහරි ඉල්ලුව. ඒකත් දුන්නා. කාලත් ඉවරයි.

ඊට පස්සෙ මූ කාමරේට ඇවිල්ලා මගෙත් එක්ක කියව කියව ඉඳලා , වෙන මොනා ගැන කියවන්නද අප්පා කැමරාවයි මමයි, මමයි කැමරාවයි තමයි. ඌගෙ සින්දු ගැනයි කියවලා මේකට නිදාගන්න කාමරයක් හදලා දුන්නා.

මූ නිදාගන්න ගියාට පස්සෙ තමයි වැඩේ පටන්ගත්තෙ. මෙන්න මේකා මට කෝල් කරනව. මම කට් කරලා ඒ කාමරේ දොර ගාවට ගිහින් "ඇයි" ඇහුවා. "වැරදිලා"කියලා ඌ කිව්වා. ටික වෙලාවකින් ආපහු. ආයෙත් කට් කරල ගිහින් "ඇයි"ඇහුවා. "පොරවගන්න රෙද්දක් නැද්ද" ඇහුවා. මම "නෑ, ඇයි සීතද?"කියල ඇහුවා. එතකොට "නෑ.. නිකන්, එක්කො ඕන නෑ"කිව්වා. ඔන්න ආපහු, යකෝ මටත් තද වෙනවා මොන හු*** කියාගෙන ගිහින් සද්දෙ වැඩි කරලා "ඇයි" ඇහුවා. මූ අහනවා "දැන් තාත්තා අද එන්නැද්ද "කියලා. මම "නෑ" කිව්වා. එතකොටනම් මට තේරුනා එන පොට හොඳ නෑ කියලා. මූ කෙකර ගාලා ගාලා "මේ... යමක් කියන්න තියනවා...... මම මැසේජ් එකක් එවන්නද?"කියලා ඇහුවා. දැන්නම් මම දැනගත්තා බඩු පැකට් තමයි කියලා.

ඌ- "machan, galak kapamuda?"
මම-"Thowa kanen adala eliyata danna onanam thawa katha karapan"
ඌ-"Sorry machan, nikan ahuwe"
      "sorry"

මට දැන් මකාගෙ යලක්. අම්මට **** මේ වේස ***ට මමත් රැවටුනානෙ කියලා. දැන් මට නිකන් නිදාගන්නත් බෑ වගේ. මේකා මොන ****ට හරි ආවොත්. අනික මගේ කාමරේ දොර තිබුනට අගුල නෑ. හරි නිදාගත්තයි කියමුකො. මේ යකා ගෙදර තියන මොනාහරි අතගාගෙන ගියොත්. දැන්නම් මටත් දෙලෝ රත්වෙලා. සින්දුවකුත් මතක් උනා "අද රෑ එච්චර කලුවර නෑ...." සින්දු මතක් වෙන්නෙත් හැමිනෙන එව්වා අම්මපා කියලා මම කරන්න දෙයක් හිතුවා. ඇඳ යට කෞතුක වස්තුවක් ලෙස සංරක්ශනය කරපු ගල් බෝතලේ මතක් උනා. ඒක මට ලැබුනෙ මම කරපු වෙඩිමක මනමාලයගෙන්, නොබොන නිසා මම හිතුවා සංරක්ශනය කරන්න. එතකොට මතට තිත තිබ්බම බර ගානකට විකුනන්න හරි පුළුවන් වෙයිනේ. කොහොමද මයිලෝ මොලේ? හෑ... කොහොමහරි ඒකත් ඇඳ යටින් අරං ආත්මාරස්සාවට ලග තියාගත්තා. . දෙන්න ගල් විසිවෙන්න ආවොත් කියලා. ඒත් එක්කම ඉස්කුරුප්පු නියනකුත්. කොහොමද දැන් එලිවෙනකම් ඇහැරං ඉන්නෙ? ඇරියා ෆ්රිජ් එක ( මේ මේ, අපේ ගෙදර ලොකු ෆ්රිජ් එකක් තීනවා. ලොල්)  තියනවා මයිලෝ 2, කිරි පැකට් තුනයි. ගත්තා මයිලෝ එකයි කිරි පැකට් දෙකකුයි. ගත්තා. ස්කුබියා ඉර උඩ. මම ඌටත් කිව්වා. ඌනම් කිව්වෙ "මමත් කොල්ලො ගහලා තියනවා, හරි ආතල් ඒවා මේවා........." මම කිව්වා ආවොත් මමත් ගහනව ගල් බෝතලෙන් ඔලුව කුඩු වෙන්න කියලා. කොහොමහරි ස්කුබියා ඌට ඕනටික අරං ඇල්බම් එකකුත් දාලා මට මඩ ගහන්න පටන් ගත්තා මහ රෑම. කොහොමහරි ඌත් ගියා රෑ 2 විතර. ඔන්න උගේ ඇල්බම් එකට ලයික් වැටෙන්න ගන්නවා. මම කොහොමහරි එක එක්කෙනා එක්ක රෑ 3.30 වගේ වෙනකම් චැට් කරකර ඉඳලා දන්න කියන එවුන් එකෙක්වත් නැති තැන මිශන් ඉම්පොසිබල්-4, රියල් ස්ටීල් දාගෙන හිටියා.

ඔන්න පාන්දර 5.30 වෙද්දි මූ නැගිටලා නාන කමරේට ගිහින් රෙදිත් හෝදලා , ලෑස්තිත් වෙලා 6.00 විතර වෙද්දි යන්නම් කිව්වා. ඇති යනතම්. මමත් නිකන් බබා පාට් එකේ හංගලා තිබ්බ යතුර අරං දොර ගේට්ටුව ඇරලා ඌව එලියට දාලා ඇවිත් නිදාගත්තා........ මහ වෙලාවක් යන්න ලැබුන්නෑ ශානි මදූ කතාකරල @#$$% කියවන්න ගත්තා. මමත් ඒකිට නිදිමරගාතෙ මොනා කිව්වද කියලා ඒකි තමා දන්නෙ. :P

හෆෝයි මටත් වෙච්ච දෙයක්................ කමක් නෑ.... මම තාමත් වර්ජින් නේ කියලා හිත හදාගත්තා :)

ප.ළි - එක්කො ඕන්නෑ !@##$^&&(()-'][./,/*-
ප.ළි-2 - ස්කූබියා අරම කිව්වෙ නෑ හොඳේ

Tuesday, April 24, 2012

තියන කැමරාවෙන් නිවැරදිව ෆොටෝ ගන්න ඕනද?

කට්ටිය අහනවා අහනවා කොහොමද අර කැමරාවෙම් ෆොටෝ ගන්නෙ, කොහොමද ෆෝන් එකෙන් ෆොටෝ ගන්නේ? ඔය අස්සෙ සමහරු කියනවා SLR නැතුව කොහොමද හොඳ ෆොටෝ ගන්නෙ කියලා. ඇයි බොල ෆොටෝ ගන්න නෙමෙයිනම් අහවල් එහෙකටද මිනිස්සු පොඩි කැමරා හැදුවෙ?

පොඩි කැමරාවලින් හොඳ ෆොටෝ ගන්න අයත් ඕන තරම් ඉන්නවා...
මෙන්න එක්කෙනෙක්, ලක්ශාන් හිරුමාල් එයාගේ Sony Cybershot W510 එකකින් ගත්ත ෆොටෝස්

ඉතින් අපි හිතුවා කොහොමද තියන එකෙන් හරියට වැඩක් කරන්නෙ කියලා කියල දෙන්න.
කැමති ඕනම කෙනෙක් එන්න....

අයකිරීමක් නැහැ.......

Monday, April 23, 2012

සයිබර් සැණකෙලිය

මෙය බක්මහ උලෙල පිලිබඳ විස්තරයක් නොවේ

ඔන්න 2012 අප්‍රේල් 22 වෙනිදා මම තාත්තගෙ බයික් එකත් අරං එළියට බැස්සෙ "සිහින බක්මහ උළෙල"ට සහබාගී වෙන්න හිතාගෙන... කොහොමහරි පාර හොයාගෙන උදේ 9.30 පමණ වෙද්දි මම වැල්ලවත්තෙ කුරේ ග්‍රවුන්ඩ් එකට ගියා...

ඇත්තටම මම එච්චර බ්ලොග් කියවන්නෙත් නෑ... තුනක් විතර තමයි කියවන්නෙත්. කොහොමහරි මම ඇත්තටම මේකට ආවෙ මම ආසම බ්ලොකරුවෙක් වන දුකා අයියවයි, ෆොටෝ ටෝක් එකෙන් හමුවුන Dush අක්කවයි, කොහෙන් අහු උනාද මංදා චතුරිකාවයි මුන ගැහෙන්න හිතාගෙන. ඇත්තටම ගියාට පස්සෙ නොහිතපු තරම් ෆේස්බුක් එකෙන්ම හඳුනගත් මිතුරන් විශාල ගනනක් මුනගැහුනා. මුලින්ම මුනගැහුනෙ - අමිලව. එයාම තමයි මගෙත් එක්ක කතාකලෙත්. ඊට පස්සෙ බැට් මෑන්, ෂර්ලික්, ස්කුබි ඩූ වගේම ගෑනු ලමයින්ව වටකරන් හිටපු හසිත්ව ( ඊරිසියාවට කියන කතා ) නජාඩ් අක්‍රම්, ශිරෝශි, අනේ මංදා තව බර සෙට් එකක් වගේම අවුරුදකටත් වඩා "මම බ්ලොග් ලියන්නෑ සමීර අයියේ"කිය කියා මට පච කෙලමින් සිටි "පිසාචයා"වද, සුපුරුදුලෙසම ජේ.ඩී සහ ශානිඇතුලු බොහෝ පිරිසක් එහිදී හමුවෙන්න පුළුවන් උනා.

කොහොමහරි ජාතික ගීය කියල , කනා මුට්ටිය බිඳලා, බනිස් කනවත් එක්කම මම පිසාචයා එක්කම නුගේගොඩ ගියේ වෙනත් යාලුවෙක්ට කැමරාවක් ගැනීමට මාගේ උදව් බලාපොරොත්තුවූ නිසා සහ පිසාචයාටද DSLR එකක් බැලීමට අවැසිවූ නිසාවෙනි. තව සතියක් ඇතුලත නිකොන් ඩී5100 එකක් ගන්නා බව පිසාචයා තරයේ ප්‍රකාශකරන ලදි. ඔන්න එතකොට අල්ලගනින් ඕකව.

නුගේගොඩ ගිහින් අරගොල්ලන්ට කැමරාවකුත් අරං, ආපහු පිසාචයා සමග පැමිනෙනවිට කට්ටිය කඹ අදින්නට සූදානම් වෙලා. ඉතින් ඒකෙත් ෆොටෝ අරං තොප්පි දාගන්නවත් බලං ඉඳලා අවුරුදු කුමර කුමරියන්වත් තෝරලා වැඩ ඉවර උනාට පස්සෙ මම ගෙදර එන්න පිටත් උනා.

ඇත්තටම මම දැනන් හිටියෙ නෑ ලංකාවෙ මෙච්චර කට්ටියක් බ්ලොග් ලියනවද කියලා. කොහොමත් කෙල්ලො ලියන ඒවනම් කියවන්නෑ කියල හිතාගත්තෙ Dushගෙ බ්ලොග් එක කියව්වට පස්සෙයි...
බොහොම වටිනා උත්සහයක්බව අනිවා කියන්න ඕන.

අනුන් වෙනුවෙන් හර්දයාන්ගමව යමක් කරලා සතුටුවෙන්න පුළුවන් අය බොහොම සුළුතරයක් තමයි ඉන්නෙ. ඊයෙ හිටපු කට්ටියගෙ මුහුනුවල ඒ සතුට සිත්තම්වෙලා තියනවා මම දැක්කා. දැන් මමත් ඒ පවුලෙ කෙනෙක්ද මංදා :D
ජය වේවා!

අතරින්පතර මම ගත්ත ෆොටෝ බලන්න ඕනනම් Click කරන්න ( fb album ) ෆොටෝ දැක්ක වෙලාවෙ ඉඳන්ම රික්වෙස්ට් දාපු තිස්ගනනක් දෙනාට වගේ බ්ලොග් එක පටන්ගත්ත වෙලේ ඉඳලම ඇවිල්ලා බලලා ගිය හාරසිය ගනනකට බොහොම ස්තූතියි!


අඳුරේ එන අඳුර නසන්නා

 
මම පුද්ගලිකව කැමති නැහැ පින්තූරයට කලියෙන් පුරාජේරුවක් ලියන්න. ඒ නිසා ඕගොල්ලන්ට හිතන දෙය මට කියන්න. ඒක මට උදව්වක් !

ස්තූති කතාව


අඩේ මමත් කවදහරි මැරෙනව නේද? වැරදිලාවත් ඒ වෙනකොට මම දහ පහලොස් දෙනෙක්ටවත් හොඳ ෆොටොග්‍රැෆර් කෙනෙක් වෙලා හිටියොත් උන් කියයි කිසිම කලගුණක් නැතිව මළා කියලා! එහෙම වෙන්න හොඳ නෑනෙ, ඒ නිසා පින්තූර දාන්න කලින්ම මේක ලියමි!

මම වනාහී සමීර ආර්. මැන්දිස් වෙමි. සමීර අම්මගෙන්, රුක්ෂාන් තාත්තගෙන්. හරි දැන් කතාවට බහිමුකෝ. මම පෑනක් පැන්සලක් අල්ලන්න ඉස්සල්ලා ඇල්ලුවේ කැමරාව වෙන්නත් පුලුවන්. ඒ මගේ දෙවනි උපන්දිනේ ෆොටෝ ගන්න තාත්තා ගෙනාපු කැමරාවෙන්. නමුත් තවමත් එතරම් දියුනුවක් නැත. මගේ හැකියාවටත් වඩා එහා ගිය DSL එකක් මම දැන් බාවිතා කරමි! මම තවමත් කැමරාවේ සෙටින්ස් පස්සේ දුවන නිසා විය හැක. ආහ් කතාව නේද??

චුට්ටි කාලෙ තිබුනා ෆූජි කැමරාවක්. අනේ පොඩි එකාට ඒකෙ නම ගම මතක නෑ. හැබැයි ඒකෙ අමුතු ගැජට් ටිකක් තිබුනා. අපි ගන්න දේ හැටියට කරකවන්න ඩයල් එකක්. නිකන් අලුත් කැමරාවල තියන සීන් මෝඩ් වගේ. Portrait, couple, Group, Scenery වගේ පොඩි පොඩි අයිකන් ටිකක් තිබුනා. ඊට අමතරව අයි.ඇස්.ඕ තෝරන්න තව රින්ග් එකක්. කොහොමහරි ඒක හොරු ගෙනිච්චා මම 5 වසරෙදි විතර. අවුරුදු ගානක් වේලුනා. ඊට පස්සෙ දවසක් ආච්චිලගෙ ගෙදර ඉඳිද්දි පත්තරේ දැක්කා අලුත් බාන්ඩයක් Kodak KB12 කියලා. මේකෙ තියනව මාර මෙව්වා එකක්. ටයිමර් කියලා එකක්, ඒක කරකවල ෆොටෝ ගත්තම වදින්නෙ තප්පර 10කින්, ඒකත් එක්ක ප්ලාස්ටික් වලින් හදපු කකුල් තුනක ගැජට් එකකුත් දෙනවා. ඔන්න මම හීනෙන් දකින්නෙත් ඕක තමා... දවසක් අපේ ගෙදර තුන්දෙනා MC ගියා ඔතන ඒක තියනවා. ඒ කාලෙ ඕක ලොකු ගානක්ලු. බිලේ තිබ්බෙ 1750 කියලා. හැබැයි තාත්තා ඒකක් මට අරන් දුන්නා. ට්‍රිප් එකක් වගේ යද්දි තමයි ඉතින් ඕක පාවිච්චි කලේ, රීල් දාන්න එපැයි! හැබැයි රීල් එක දාන්නෙ මමමයි! ඕකත් අවුරුදු ගානක් පාවිච්චි කලා...

අවුරුද්ද 2007, මම ඒ ලෙවල් කලා. අපි දන්න අන්කල් කෙනෙක් රට යනවයි කියල මිනිහට පොඩි කැමරාවක් ගන්න ඕන වෙලා මගෙත් එක්ක කතා කලා. ඒ දවස්වලනම් සෝනි කියන්න පට්ට කැමරා කියලයි හිතන් හිටියෙ. ඔන්න ඉතින් මම දන්න ටික අදාල පුද්ගලයට තේරෙන විදියට මම කියල දුන්නා. මගේ පිනකට ඒ කෙනා තාත්තට කියලා මම මෙහෙම මෙහෙම දේවල් පැහැදිලි කරල කිව්වා. මිනිහටත් ඕනනම් එකක් ගේන්නම්, ගෙනාවම සල්ලි දෙන්න කියලා! තාත්ත මගෙන් ඇහුව "කැමරාවක් අරන් ඕනද?" කියලා. මමත් එපාම කියයි! ඔන්න පොර රට ගියා. මටයි කියල කැමරාවකුත් අරන්. බිලේ තිබුනේ 2007-12-27 කියලා. ඒක කොඩැක් C713 කියන අපූරුම Compact කැමරා එකක්. Flash එක තව හොඳ උනානම් සුපිරි! ඔන්න ඕකෙන් තමයි මම ෆොටෝ ගත්තේ... ඔන්න මම අහුවෙන මල, සමනලයා, ලෑල්ල, කෑල්ල ඔක්කොම ඕකෙන් ෆොටො ගන්නවා. දවසක් එහා ගෙදර මල්ලිගෙ බර්ත්ඩේ එක වෙලාවෙ අම්මා කිව්වා ඒ ළමයගෙ ෆොටෝ ටිකක් අරන් දෙන්න කියලා. ඔය කාලෙ වෙද්දි මම මගේ කැමරාව ගැන සම්පූර්නෙන්ම වගේ දන්නවා. මටනම් ඒ කාලෙ විශේෂම දේ තමයි Exposure Metering කියන්නෙ. ඕකෙන් පින්තූරයට ලොකු බලපෑමක් උනා. විශේෂයෙන් flash කරන අවස්තාවන් වලදි. මමත් තරමක් හොඳට ඇඳල කරලා වැඩේට බැහැලා ෆොටෝ ගත්තා. 8-12 එකකුත් ලොකු කලා. කිසිම අවුලක් නෑ. වැඩේ ගොඩ නෙමෙයි වැඩේ හරි! කොහොමහරි ඒ ළමයගෙ අම්මට මාර සැටිස්! ඒ අක්කගෙ නම තනූජා. ගොඩාක් ස්තූතිකලා. ඊට පස්සෙ මට පොඩි පොඩි වැඩ අල්ලල දෙන්නත් ගත්තා.  ඔය ළමයින්ගෙ උපන්දින සාද වගේ ඒවා තමයි වැඩිහරියක්ම. කොහොමහරි මහ කාලයක් යන්න කලින් මම කැමරාවෙ ගානත් හොයලා! පුදුමයකට වගේ වැඩවල හොඳකමටද මන්දා ඒ ළමයා හිටපු පෙර පාසලේ ප්‍රසංග, අවුරුදු උත්සව පවා මම මගේ පොඩි කැමරාවෙන් කලා. කොහොමහරි ෆොටෝ 14000 ගනනක් ගත්තම ඒක ලෙඩ උනා. ඊට පස්සෙ හැදුවත් එතරම්ම වැඩක් උනේ නෑ.... ඔන්න මම ආපහු වේලෙන්න ගත්තා. ඔය අතරෙත් මම ෆොටෝ ගත්තෙ නැත්තෙම නෑ.... අලුත් කැමරාවකට හීන මව මව උන්නා.....
කොහොම උනත් අදටත් මම ගත්ත හොඳ ෆොටෝ ගනනාවක්ම අරන් තියෙන්නෙ ඕකෙන් තමයි. DFCC බැංකුවෙ තියපු තරගයෙන් ෆොටෝ 3000 පමණ අතරින් හොඳම 24 තේරුනේ ඕකෙන් ගත්ත එකක් තමයි. හෑගොඩ සර්ගෙ ඔන්ලයින් ප්‍රදර්ෂනයට තේරුනේ ඕකෙන් ගත්ත එකක් තමයි!

ඒ කැමරාවත් සමග ගත්ත ෆොටෝ මගේ මිතුරෙකුගේ මාමා කෙනෙක්  ලාල් හෑගොඩ ගුරුතුමාගේ සිසුවකු වන අශිල ද මැල් මහතා මාර්ගයෙන් අපගේ ෆොටෝවල ගුණ දොස් අහගන්න ලැබීම වගේම ඔහුගේ කැනන් 450D සමග පුහුනු  වන්නටත් අවස්තාව ලැබුණා. ඒ කැමරාව තමයි මම මුලින්ම පුරුදු පුහුනුවන SLR එක.......

ඔහොම මම වේලී වෙලී ඉන්න කාලෙ මම අහම්බෙන් දැක්කා කැනොන් කැමරාවක් SX20 කියලා... ඔන්න ඉතින් හීනෙන් දකින්නෙත් ඒක තමයි, තව ටික කලක් යද්දි ඒකෙම sx30 කියල එකක් ආවා දැන් හීනෙන් දකින්නෙත් ඒක! ඒක මාරයි කියන්නෙ ඒකෙ ඩිස්ප්ලේ එක කරකවන්නත් පුලුවන්, ඩොටේ සූම් කරන්නත් පුලුවන්! ඒ කාලේ ඉතින් සෙන්සර්, ප්‍රොසෙසර් ගැන දන්නව යෑ , ඕව තමා මැජික්! කොහොමහරි එව්වයින් එකක් ගන්න සල්ලි හම්බුනාය කියමුකෝ. ඔන්න වෙඩින් එකකට දෙකකට ගියා. නිකොන් ඩී3000 කියල කැමරාවක් තියනවලු , පොඩි ගානයිලු වැඩිත්. ලෙන්ස් මාරු කරන්නත් පුලුවන්ලු ! ඔන්න ඉතින් ඒපාර මැජික් හොඳ එක. දැන් තව 15000 හොයපන්කෝ!!! ඔන්න තව මාස ගානක් වේලිලා වේලිලා අන්තිමට අම්මගෙන් ඉල්ලගෙන මමත් සල්ලි දාලා ඒ ගානත් එකතු කරගත්තා. ඔන්න ආපහු වෙඩිමක් සෙට් උනා උදව්වට යන්න. ෆොටෝ ග්‍රැෆරයා ගෙනත් තිබුනෙ 3000 එකක්. කොහොමෙන් කොහොමහරි කපල් එක නටන වෙලේ මිනිහ නෑ (ගෝලයත් එක්ක බොනවා), කැමරාව මේසෙ උඩ! මට ඉතින් ෆොටෝ ගන්න අවස්තාව ලැබුනා! එදා තමයි මම 3000 එක පාවිච්චි කරපු පළවෙනි දවස . කරුමෙකට වගේ එදාම ඒක එපා වුනා! අම්බානට නොයිස්. මට හිතුනා ඕක ගත්තොත් මම ෆොටෝගැෆිත් අතහරී කියලා! කොහොමත් මට ඒක ඇල්ලුවෙම නෑ.... ඉතින් ඒ අදහසත් අතහැරියතරි හමන් තීරනයකට එනකම්.

ටික දවසක් යද්දි මම නිකොන් සයිට් එකේ දැක්කා නිකොන් D5000  කියල එකක් තියනවා. මට සමහරවිට ඒක මිස් වෙන්නත් ඇති ගිය පාර.කියන විදියටනම් හොදයි වගේ! තකහනියක්ම ෆොටෝ ටෙක්නිකා එකට ගිහින් ඇහුවා බඩු හෑව්ද කියලා! කරුමෙට ඒගොල්ලො ගෙන්නලත් නෑ. ගේන්නලු ඉන්නෙ හැබැයි මාසෙකටත් වඩා යයිලු. ගානත් 1,04 වෙනවා කිව්වා... මමත් තැන්කූ කියල එන්න ආවා! ඊට පස්සෙ මම ආවා පානදුරේ තැනකට. එතනින් ඇහුවම කිව්වා තාම ගෙනල්ලා නෑ, ඕනනම් ගෙනත් දෙන්නම් කියලා, ගානත් ශේප් , 75000 කියලයි කිව්වෙ! ඔන්න තාත්තගෙත් දතක් ගලවලා 75ක් හදා ගත්තා. ඔන්න පෙරුම් පුරල පුරලා 2010-06-12 වෙනිදා නිකොන් D5000 එකක් ගත්තා. අරන් පහුවදාම 21 උපන්දින ඇල්බම් එකක් කරන්නත් ලැබුනා... එදා ඉදලා මගේ ෆොටෝ බර ගානකට විචාර දුන්නෙ අම්මා තමයි. ඔන්න පොඩි එකා SLR එකක හිමිකරුවෙක් උනා! ඔන්න එදා ඉඳන් ගොඩක් දේ කලා මම මගේ කැමරාවෙන් . ෆොටෝග්‍රැෆි විතරක් නෙමෙයි ජීවිතය ගැන පවා මම ඉගනගත්තා, තාමත් ඉගන ගන්නවා......

2011 වෙන්න ඔන්න මෙන්න වගේ තියෙද්දි මටයි මගෙ යාලුවෙක්ටයි ඕනවුනා විධිමත් විදියකට ඡායාරූපකරනය හදාරන්න. කොහ්මහරි තෙවනි ඇස සගරාවෙ තිබිලා අපි දැක්කා හෑගොඩ සර්ගෙ ක්ලාස් එක ගැන විස්තරයක්. පොඩි පොඩි සොයාබැලීම් කතාබහෙන් අනතුරුව දෙන්නම තීරනය කලා ක්ලාස් එකට සෙට් වෙන්න. ඔන්න එහෙනම් මමත් හා හා පුරා කියලා ක්ලාස් යනවා ( මේ ක්ලාස් එකෙන්වත් කෑල්ලක් සෙට් වේවා කියන උතුම් ප්‍රාර්තනාව පෙරදැඩි කරගෙන). රට වටෙන්ම කට්ටිය එනවා. අලුත් යාලුවො බර ගානක්. එක එක පැතිවලට නැඹුරු කට්ටිය. සමහරු කප් ගහපු කට්ටිය වගේම මුකුත් නොදන්න අයත් හිටියා... අපිත් පස්සෙම පේළියෙ හිටියා. එතනදි කැමරාව, ලයිට් වලටත් වඩා දේවල් ඉගනගන්න ලැබුනා.ලාල් හෑගොඩ කියන නිහතමානි විශිෂ්ට ගුරුවරයා යටතේ ඡායාරූප ෂිල්පියකු සතුවිය යුතු ගුණාන්ග පවා ඉගන ගත්තා කිව්වොත් හරි! කැමරාව වගේම එය පසුපස සිටින පුද්ගලයගෙ තිබිය යුතු ගුනාන්ගත් අපි දැනගත්තෙ එතැනදි තමයි. කොහොමහරි ඒ මාස 6 ඉවර වුනා.

ඔය අතරතුරේ ෆේස් බුක් එකේ ෆොටෝ ටෝක් එක එහෙමත් සැළකියයුතු මට්ටමකට මගේ අඩුපාඩු අඩු කරගන්න උදවු උන බව කියන්නම ඕන! ඒ හරහා හමුවුන ඡායාරූප ෂිල්පීන් මෙන්ම හොඳ මිනිසුන්ද බොහෝමයක්  වෙති. ඒ හැමටමත්, නම් වශයෙන් නොකීවාට මාගේ ස්තූතිය ඒ හැමටත්!

ඔන්න ඔහොම තමයි හරි හමන් විදියකට වැඩේ පටන්ගත්තෙ, එදා ඉදන් වටින කියන අය මෙන්ම සමහර පිස්සු ඩයලගේ එක්ක හැප්පෙන්නත් සිදුවුනා. කීයක් හරි හම්බ උනාම අලුත් දෙයක් ගන්නත් මම අමතක කලේ නෑ....
මම මගේ පාඩුවෙ මගේ කැමරාවෙන් ගන්න පුලුවන් උපරිමයත් සමගින් හිමින් හිමින් මගේ ගමන යනවා.....................

අපර පට්ට බාගය (2011-09-26) "බොන එවුන් දිහා බලා සතුටු වීම"

(රජයේ දුම්වැටි සහ මධ්‍යසාර රෙගුලාසි සහ පටි රෝල් වීම හේතුවෙන් නම් පමණක් මනඃකල්පිතයි)

ඔන්න කැරකෙන ලෝකෙ කැරකිලා පෙරලෙන කැලැන්ඩරේ පැරලිලා තවත් දවසක් ආවා... ඒ එක්කම අපේ එකෙක් හෙවත් ලොකු ඇස් හට බඩේ ගෑස් හැදුනා. හැබැ එදා ඒකා ඇෆ් බී දාපු ඒවලින් පෙනුනේනම් මොලේ උණ හැදිල වගේ. කමක් නෑ! මේකට අසනීප නිසා මට උනේ තනියම නිදාවැටෙන්න, සොරි සොරි තනියම වැඩකරන්න. ඔහොම ඔහොම පැය ගානක් ගෙවිලා ගියා! ඔන්න ලෙඩාගෙන් කෝල් එකක්. මචන් වයිබේසන් රෙඩූසර් අයියා පාටියක් දෙන්න කතා කරනවා. යමුද? මම ඇහුවා සිරාවටමද කියලා. "ඕනනම් කෝල් කරලා බලපං" ලොකු ඇස් කිව්වා. මමත් කෝල් එකක් දුන්නා. ඇත්තනේ! මෙන්න එන්නලූ! Anytime රෙඩී මට මයිලෝ දෙනවනම්! මම ඇහුවා පොඩි ඇස්ව එක්කන් එන්නද කියලා. "කමක් නෑ."වයිබේසම් රෙඩූසර් අයියා ලිව්වා! අයියා කිව්වට ඕකා අන්කල් වයසේ, මක් කොරන්නද , බැඳලා නැත්තම් 75 එකාත් කොල්ලලුනේ......  ඔන්න මම හැරෙන තැපෑලෙන් පොඩි ඇස්ට කෝල් කලා. "මම ක්ලාස් එකේනේ. ඉවරවෙන්නේ 5.30 ට. මොකක්ද කරන්නේ?" මිනිහ ඇහුවා! ම්ම කිව්වා කමක් නෑ , ඉවරවුන ගමන් ලොකු ඇස්ගේ ගෙහරට වාර්තා කරන්න කියලා...... ඔන්න ඔහොම ගිහින් 6 වෙද්දි අපි Mendis Lane එකෙන් සෙට් වෙලා MC එක ලගට ගියා. විනාඩි 10 විතර වයිබේසන් රෙඩූසර් අයියත් ආවා!

කොහෙද දැන් යන්නේ? අයියා ඇහුවා.... එක එකා එක එක ඒවා කියනවා! කොහොමහරි අපි වැල්ලවත්තේ කීල්ස් සුපිරියකට ආවා පානීය ජලය නොවන දෙයක් ගන්න. අපි කෝකටත් කියලා පොඩි එකාව කාර් එකේ තියලා ආවා! ඇතුලට ගිය ගමන් මම ගත්තේ මින්ට් තියන මොකක්ද එකක්. අරගෙන ඒක උඩින් යැවුවා ලොකු ඇස් ට... "අඩේ බලපන්කෝ, මූ නොබිව්වට අපි ගැනත් හිතනවනේ" කියලා ලොකු ඇස් කිව්වා. කොහොමහරි එතන පානීය මෙව්වා නෑ. අපි අරකත් අරන් කැශියර් නංගී ගාවට ආවා! රුපියල් 50. මම පර්ස් එක ඇද්දා. 500 කොලයක් දික් කලා. 500 කොල 2 තිබ්බා කියලා නොකිව්වෙ 50 කියන්නෙ 500 වඩා අඩු නිසා! "මාරු නැද්ද?" කැශියාර් ඇහුවා. වයිබේසන් රෙඩූසර් අයියා පැනපු ගමන් "මගේ ට්‍රීට් එකනේ, මම ගෙවන්නම්" කියලා පර්ස් එක ඇද්දා. ඇද්දට මොකෝ ඒකෙ තිබ්බෙත් ඉලක්කම් 4 කොල ජාති. සමහර ඒව දැකපු කාලයක් මතක නෑ! මෙන්න ඒ පාර මේකා මාර වැඩක් කරනවා. මූ රුපියල් 50 ගෙවන්න කියලා ඇච්.ඇස්.බී.සී එකේ ණය කාඩ් එකක් දික් කරා! හයියෝ මොරටුවෙ උනානම් මම ආපහු පාරෙ යන්නෙත් නෑ මාසෙකට! පටි රෝල්! කුජීතයි! ඒ මදිවට කැශියර් කෙල්ල දැම්මා කින්ඩි බැල්මක්. හෆෝයි! රෙදි ගැලවුනා වගේ දැනුනා! කොහොම හරි කින්ඩි වෙලා ඉවර වෙද්දි කොහෙන්ද මන්දා 50 එලියට ආවා! අපි වයිබේසන් රෙඩූසර් අයියව නෝන්ඩි කර කර එළියට ආවා! "මම ආපු නැති එකමයි හොඳ!" කතාව අහපු පොඩි ඇස් කිව්වා! ඕක තමයි පළවෙනි සවුත්තුව........

ඔන්න අපි ආපහු ගාලු පාරට දාලා බම්බලපිටිය හරියේ ස්තානයකින් බොන ජාතියි , හපන ජාතියි, රෑට කන ජාතියි ගත්තා! ඔන්න කට්ටියම කොහෙටද යන්නෙ කියලා කතාවක්. කතාව ඉවර උනේ ගෝල් ෆේස් එකෙන්! හැබැයි ඒකේ බොන්න තහනම් ලූ! අපේ එවුන් ටිකට මොකෝ. ඔන්න ගිහින් වතුර බෝතලයකුත් අරගෙන ඉස්සො වඩේ ටිකකුත් කකා වාඩි උනා. අපේ ගොන් කම කියන්නෙ වාඩි උනේම 1000W විතර වීදි ලාම්පුවක් යට... කට්ටියට පළවෙනි ශොට් එක බොන්නත් කලින් පොලීසිය පැනපි! ෆටි රෝල්! පැනපු ගමන් ඇහුවෙ "බොනවා නේද " කියලා. අපේ වයිබේසන් රෙඩූසර් අයියා පුරුස සත්තිය අරන් කිව්වා "ඔවු" කියලා. ඔන්න ප්‍රශ්න පත්තරයක්!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ඇයි බොන්නේ? "හෙට මගේ උපන්දිනය"ඔන්න හේතුව පැන්නා. කට්ටියගෙ ගම් පලාත් අහපි! "මම කැලනියේ මේගොල්ලො මොරටුවේ!" අයියන්ඩි කියාපි. "කොහොමද කට්ටිය දන්නේ?" ප්‍රශ්න ගොඩයි! එෆා වෙනවා. මෙන්න ඒ අතරෙ එකෙක් වමනෙ දාලා! යකෝ තාම බිව්වෙත් නෑ , අරක්කු ගඳටම වමනේ යනවද? පොඩි ඇස් වමනෙ දාපි! ඒකත් හිටපු තැන ඉඳන් හෙන දුරකට! "තාම බීලා පුරුදුත් නෑ නේ?" පොලීසියෙ එකෙක් කින්ඩිය දැම්මා! වයස කීයද? "18 යි!" පොඩි ඇස් කිව්වා. ඇත්තටම ඕකට 17. "ඉස්කෝලෙන් අව්ට් උනේ මොන අවුරුද්දෙද?" පොලිස් මාමා ඇහුවා. "ගිය අවෘද්දේ!" පොඩි ඇස් කිව්වා. යකෝ මූ බිවුවම හොඳට ගනන් හදනවනේ! විබාගෙට යද්දිත් බීලම පලකෝ! මට හිතුනා... මෙන්න මුන් අපේ අයි.ඩී ඉල්ලනවා! අනාතයි, මට හිතුනා. මුන් මුකුත්ම නොකියා අයි.ඩී ටික ආපහු බලලා දුන්නා! මෙන්න මගේ ඇතුලෙ ඉන්න එකා මට බැනපි. "යකෝ තෝ නොබී වෙරිද? ගනන් පුලුවන්නම් පොලීසියට යනවද?" "ඔවු නේ!" මම මටම කියා ගනිපි! ඔන්න ආපහු අරූ වමනෙ දානවා! දාලා පූසෙක් රීලා වහනවා වගේ වහනවා. මටම හිනා "18 වෙච්ච ගමන් බොනවා. තාම අල්ලන්නෙත් නෑ නේද?" ලොලේ ලොල් අරූ අහපි. "නෑ , මේ බයට" පොඩි ඇස් ලැජ්ජ බිමින් තියලා කියාපි! මට බකස් ගාලා හිනා පැන්නා! කොහොමහරි මූ වමනේ දාන්නේ හිටපු තැන ඉඳන් හෙන දුරකට! කොහොම දානවද දන්නෑ, මටම හිතාගන්න බෑ. මේකා රබර්ද කියලා. ඔන්න කොහොමෙන් කොහොමහරි කතාව යනවා. පොලීසියෙ එකෙක් මොකක්ද ඇහුවා. ඔන්න ලොකු ඇස් නැවු ටෝකක් දානවා. "අපි අනන්තවත් වෙඩින් කරලා තියනවා කොලඹ් හෝටල්වල. ඒවට ගියාම අපි බොන්නේ නෑ! ඒක අපේ ජොබ් එක නිසා. සමහරු අම්බානට බොනවා........................." (අනේ පළ. තෝයි මායි හීනෙන්වත් වෙඩිමක් කරල තියනවද කොළඹ ඈ?) ලොල්! අපේ අයියනම් තාමත් "සර්" ටෝක් එකෙන් ඉන්නේ! ඒක ලාබයි. ඔන්න පොලිස් කට්ටිය අපිට යන්න දෙන්නම්ලු හෙට උපන්දිනේ නිසා. හරී හොඳයි, මානුසිකයි! නෑ නෑ ඊළගට එනවා මාත්ර්තෲකාවට. "හෙට බර්ත්ඩෙනේ, අපිටත් පාටියක් ඕන!" ඔය පැන්නේ!! අපි අහුවෙයි ඕවට! ඔන්න ඊළගට මුන් වැදගත් ප්‍රශ්නයක් ඇහුවා. දැන් මොකේද ආවෙ? "මගේ කාර් එකේ"අයියන්ඩි කිව්වා! "කට්ටියම බිව්වම කවුද එලවන්නේ!" ඔන්න මම පොර වගේ කිව්වා "මම" කියලා! "මම බොන්නේ නෑ!" මම එඩිතරව කිව්වා. හැබැයි කෝක් බීපු කෝප්පෙ අතේ. "බැලුමක් පුම්බන්න දුන්න්නනම් බලාගන්න තිබ්බා!" එකෙක් කිව්වා. අනේ පළ .... කියන ටික මම හිතෙන් කියලා "දෙන්නකො, බලාගන්න පුලුවන් වෙයි!"කියලා කටින් කිව්වා... ඔන්න ඊළගට මාර ප්‍රශ්නයක් ඇහුවා ලොක්කයියගෙන්. "දැන් බඳින වයසනේ! නාකි වෙලා බඳින්න යෑ. යාලුවොවත් කියන්නැත්ද බඳින්න කියලා?" (වයිබේසන් රෙඩූසර් අයියගේ තහනම් ප්‍රශ්නේ, ඕක ගැන කතා කලොත් අපි එක්ක තරහ වෙනෝ කියලා කියලා තියන නිසා අපිනම් දැන් ඒ ගැන කතා කරන්නෙ නෑ!) මාරයි කියන්නේ පොලීසියත් ඒකම අහපු එකනේ! පට්ට කතාව. අයියන්ඩි නෝ කතා....... මමම කිව්වා ඔය ප්‍රශ්නෙ ගැන අපි කතා කරන්නේ නෑ. ඕක තහනම් මාර්තෘකාවක් කියාලා. පොලීසියත් කතා කලේ නෑමිනිහගෙ සයිස් එක දැකලද කොහෙද! ඔන්න අපි උන්ගෙනුත් ශේප් වෙලා වහනේට ආවා.

දැන් කොහෙටද යන්නේ. ආපහු පරණ ප්‍රශ්නෙම. ආපහු කැරකිලා කැරකිලා ආවා "මොරටුවට" . එළ , මොනා උනත් ගම! ඔන්න එන ගමන් පොඩි ඇස් ඉල්ලන් බයිට් වෙන්න යනවා! "මම කොල්ලො ..... එක්ක අහවල් බීච් එකේ බීලා තියනවා. ඔහොම උනේ නෑ. අද මට බයටම වමනෙ ගියා! ඒ මදිවට මූ කතන්දර කියනවා. පිස්සු පීකුදු, ඒවත් වරද්ද වරද්ද! මරු සීන් ටික! මෙන්න ඒපාර අයියා කියාපි සාක්කුවෙ 2000 තිබුනා. මට හිතුනා ඒක පොලීසියෙ එවුන්ට දෙන්න, ඒ වුනාට එතන ඕපන් නිසා කරන්න බැරි උනා! ලොල්!"යකෝ 2000 පගාව දෙන්න. මමත් ලොකු වෙලා සොෆ්ට්වෙයා ඉන්ජිනේරුවෙක් වෙනවා!" ඔන්න අපි මොරටුවෙ අපිට සුපුරුදු. මම අම්බානට ෆොටෝ ගත්ත ප්ලේස් එකට ආවා! "ලුනාව" මරු වගේ ප්ලේස් එක. ඔන්න අමන කම කියන්නේ ලොකු ඇස් 3 වෙනි පාරටත් මට පොවන්න හදනවා. නහය තිබ්බ නිසා මම බේරුනා, නැත්තන් තාම බොනවා! ඔතනට වෙලා අපි කෑවා. අනික් එවුන් බිව්වා! මමත් සන්සුද්ද කොකා කෝලා බිව්වා! කොහොමෙන් කොහොමහරි 11 පනිනකම්ම අපි ඔතන තමා. ටික වෙලාවක් ඉඳිද්දි ඔන්න පොලිස් ජීප් එකක් යනවා. කට්ටියගෙ බොක්ක කූල්! මහ වෙලාවක් ගියෙ නෑ හරවන් එන්න ගත්තා. අපි හිතුවා බඩුම තමයි කියලා! වෙලාවට මුකුත් උනේ නෑ. ආවා වගේම ගියා! ඔන්න බෝතලයෙනුත් ගොඩක් ඉවරයි! අයියන්ඩී ඔය අලුතෙන් ගත්ත අටමගලෙ පැදගෙන යන්නත් එපැයි කියලා පොඩ්ඩයිලු බිව්වේ!

අපි ගෙදර යන්න පිටත් වෙන්න යන්නේ! "මට පොඩ්ඩක් දෙනවකෝ පදින්න?" ලොකු ඇස් වාහනේ ඉල්ලුවා! යතුරත් හම්බුනා. අපිත් කුරුස ලකුන ඇඳාගෙන වාහනේට ගොඩව්නා. මෙන්න යකෝ වෙනද මොකක්හරි ඇහුවම ආකිටෙක්චරයයි,අරකයි මේකයි පටලෝගෙන මෙලෝ හසරක් නොතේරෙන්න කියල දෙන එකා අපූරුවට වාහනේ එළවන්න උගන්නනවා. මට නිකන් නොබී වෙරි වගේ! මුන්ගෙ මොල වැඩ කරන්නෙ බිවුවමද? හැබැයි ලොකු ඇස්ටනම් වැඩී! මූ දකුනට යමු කිව්වම වමට යනවා, වමට යමු කිව්වම දකුනට යනවා, නවත්තලා තියන බස් වලට වෙට්ටු දාන්න යනවා. මහ ජන්ජාලයයි! කොහොමහරි දෙවනි වටය යද්දි ඉකක් ශේප් වුනා. දැන් පොඩි ඇස්ගේ වාරය. මිනිහටත් වෙරි උනාට මුළ ඉඳලම ටිකක් හොඳයි වගේ. 60 කිට්ටුවට පෑගුවා. හැබැයි තාම හැප්පුනේ නෑ...... ඔන්න දැන් මම, මට ඉතින් ට්‍රැක්ටර් ලයිසනුත් තියනවා. ඒ වුනාට ලයිසන් ගන්න ට්‍රයල් පැද්දයින් පස්සෙ පැදලම නෑනේ. ඉතින් මමත් වටයක් පැදලා වැඩේ ටිකක් අල්ල ගත්තා! ඔටෝ ගියර්නේ, ලේසියි!

අනිතිමට මම මොරටුව බස් ස්ටෑන්ඩ් එකේ ඉදලා අදාල ඇස් දෙක ගෙවල් වලට දාලා අනුන්ගේ කාර් එකක් පැදගෙන (මගේ වගේ) ගෙදර ආවා! හැබැයි ගේ ගාවින් බැහැලා අයිතිකාරයටම දුන්නා අරන් යන්න කියලා! හැබැයි බැහැල යන්න කලින් පොරට විශ් කරන්න අපි අමතක කලේ නෑ! අපිත් බීලා ගුජුබ්සාජනක උනාට, හරිම අල්පේච්ච පෘතග්ජන ජනතාවනේ! හැබැයි මට තාම ශුවර් නෑ ඔය විදියද වැඩියෙන් ෆන්, නැත්තම් කූඩුවෙ හිටියනම්ද කියලා!

තිබ්බ ෆන් එක වචනවලට පෙරලන්න හරි අමාරුයි අප්පා! ඒ වුනාට ඒ ගැන දන්නේ "වයිබේසන් රෙඩූසර් අයියයි, ලොකු ඇසුයි, පොඩි ඇසුයි, මමයි" තමයි! කොහොමහරි පට්ට දවස! මම චුට්ටක්වත් අනුමත කරන්නේ නෑ පොඩි එවුන් නෙමෙයි මොකෙක්වත් බොන එක. නමුත් අනුන්ගෙ ජීවිතවලට මම දැන් ඇගිලි ගහන්නෙ නෑ. මට පාන්ද, නෑනේ! ඒනිසා මම මාව රැකගෙන ඉන්න තීරනය කරලයි තියෙන්නේ! ඔන්න ඔහොම පට්ට අපර බාගයක් මම ගතකලා!

මම ලියපු වචන ටිකක් මට මතක් උනා

ජීවිතය
---------

පැණි කූඹි
සමග
Chocolate Roll !

Welcome වේවා!

මුලින්ම සාදරයෙන් පිලිගන්නවා ඡායාරූපකරණය කියන කළාවට...

බොහොම සරළව කියනවනම් මේක මැජික් එකක් නෙමෙයි ඕයි. බොහොම විනෝදාත්මක වගේම හොඳ දැනුමක් ලබාගන්න පුළුවන් කළාවක්. හැබැයි ඉවසීම කැපවීම තියෙන්නත් ඕන. මම උත්සහ කරන්නෙ සිංහලෙන් ඡායාරූපකරණය උගන්නනවට වඩා සිංහලයට Photography උගන්වන්න. (මම සිංහල කියන්නෙ බාසාවකට පමණයි)

ඡායාරූප කරණය කියන්නෙ අවුරුදු බරගානකට ඉස්සල්ලනම් හොඳම දත්කාරයන්ට සීමාවුනු හෙවත් ඉහළ පැලැන්තියෙ පුද්ගලයන් පමණක් සිදුකරනු ලැබූ අධික වියදමකින් යුතු හෙවත් මාසෙකට 7500 ගොඩ යන්න බැරි විනෝදාංශයක් වගේ එකක්. මට ඕක හොයාගත්ත මිනිහයි, මිනිහගෙ තාත්තයි හැත්ත බුරුත්තවනම් මතක නෑ. Google කරල බැලුවොතින්නම් හොයාගන්න පුළුවන්. එහෙනම් ඔන්න පටන්ගත්තා....

ඡායාරූපකරණය කියන්නෙ ආලෝකය උපයෝගීකරගෙන කරන සිතුවමක් වැන්නක්. විදිමත් ලෙස කාචය තුලින් ගමන්ගන්නා ආලෝක කිරණයන් නියමාකාආරයෙන් සෙන්සරයක් මතට හෝ ඉස්සරනම් පටලයක් මතට පතිතවීම මගින් තමයි ඔය කියන ෆොටෝ එකක file එකක් හෝ නෙගටිවු එකක් සෑදෙන්නෙ.... නමුත් කවදාවත් හිතන්න එපා ෆයිල් එක හැදුනු පලියට වැඩේ හරිය් කියලනම්... ඊට පස්සෙ තමයි Post Processing තියෙන්නෙ.

නිවැරදි අයුරින් ව්ස්තුවක් සටහන්කරගැනීමත්, පරිගණක මෘදුකාංග මගින් අඩුපාඩු හදාගැනීමත් සරළව කියලදෙන්න මම උත්සහ කරන්නම්. නොතේරුන දෙයක් තියනවනම් අහන්න. මමත් දන්නැත්තං එකතුවෙලාම හොයමු නේ........

එතකන් ඔය අතේ තියන කැමරාවෙන් හරි කැමරා ෆෝන් එකෙන් හරි ෆොටෝ ටිකක් අරං ඕක අතට හුරුකර ගමුකෝ.........

යන්න කලින් මාලුන්ට කෑම ටිකක් දාලාම යන්න හොඳේ :)

කැමරාවක් ගමු?

ගොඩක් අය අහන ප්‍රෂ්නයක් තමයි මෙගා පික්සල් 12 කැමරාවක් කීයද? 14 එකක් කීයද කියල.... මමනම් 14 එක ගත්තෙනම් 53000 කට. එතකොට 12 එක ගත්තෙ 75කට තව මම දන්න කෙනෙක් 1,20 ගත්තා. දැන් කවෘහරි අහයි "පිස්සුද , මම ගත්තා 14 එකක් 25000 කියලා." හරි, දැන් කාටද පිස්සු ?"

මුළින්ම කියන්න ඕන දෙය තමයි මොන කැමරා වර්ගයද හොඳ කියලා. උත්තරේ- කවුරුවත් හොඳ නැති කැමරා හදන්නේ නෑ කියන එක. මගේ ගාව තිබ්බා මෙගා පික්සල් 7 කැමරාවක්. ඒකෙන් මම ෆොටෝ 14000 ගත්තමයි ඒක කැඩුනේ. ඒ නිසා මට කියන්න බෑ "කොඩැක් හරි නෑ " කියලා. මගේ යාලුවෙක් මේ ලගදි කතා කරල අහනවා අරන් මාසයක්වත් නැති සෝනි කැමරාවක් දැන් වැඩ කරන්නේ නැතිලු. නමුත් මට කියන්න බෑ සෝනි හරි නෑ කියලා.... එතකොට මොකක්ද හොඳ? මෙගා පික්සල් කීයක්ද තියෙන්න ඕන?

මෙගා පික්සල් කියන්නෙ ෆොටෝ එක ඇතුලෙ තියන පික්සල් මිලියන ගනන. එතකොට මෙගා පික්සල් 12 කියන්නෙ ෆොටෝ එක ඇතුලෙ පික්සල් මිලියන 12 තියනව කියන එක. බලාගන්න ඕනනම් ෆොටෝ එකක් අරන් ඒකෙ දිග * පළල / 10 00 000 බලන්න, උත්තරය ලැබෙයි... ඇත්තටම මෙගා පික්සල් කීයක් ඕනද? ඒක රඳාපවතින්නෙ ඕගොල්ලො ෆොටෝ එකක් ලොකු කරන තරම අනුව තමයි. ගොඩක් අය දැන් දැන් ෆොටෝ ප්‍රින්ට් කරන්නෙත් නෑනේ. කරන්නෙ fb දාන එක තමයි. නැත්තම් පෝස්කාඩ් සයිස් හෙවත් අගල් 4*6 හෙවත් 4R එකක් ප්‍රින්ට් කරයි. ඇත්තටම ඒ සයිස් එක ඇතුලෙ තියෙන්නෙ පික්සල් 1200*1800/1000000= 2.1 මෙගා පික්සල් වගේ ගානක්නේ.... හදිස්සියෙ හිතමුකො ගන්න ෆොටෝ එකක් තරගෙකට දාන්න ඕනා. 8*12 හෝ 10-15 ප්‍රින්ට් කරන්න වෙනවා. අන්න එතකොටනම් මෙගා පික්සල් හත අටක් තිබුනොත් හොඳයි... නමුත් ඉන් එහාට යන්න උනොත් පොඩි සෙන්සරය ප්‍රශ්න ගෙනදෙන්නක් වෙයි! හරි, මෙගා පික්සල් කතාවත් ඉවරයි!

දැන් බලමු සෙන්සරය ගැන... දැනට අපි අතරෙ තියන කැමරාවල සෙන්සර් වර්ග 2 ක් තියනවා. CCD සහ CMOS. නොයෙක් අවස්ථාවලදී නොයෙක් සෙන්සරය ඉදිරියට පැමිනියත් වැඩියෙන්ම තිබෙන්නෙ CMOS සෙන්සරයයි. නමුත් බොහෝදෙනා බාවිතා කරන කුඩා ප්‍රමානයේ හෙවත් Compact Cameraවල තිබෙන්නෙ ඉතා කුඩා සෙන්සරයකි. එය ප්‍රමානයෙන් අගලෙන් 1/2.3 වෙයි .... සෙන්සරය විශාල වත්ම එහි වර්ණයන්ගේ නිවැරදිතාව, අඩු ආලෝක තත්වයන්තුල බාවිතා කිරීමේ හැකියාව වැඩිවේ. බොහෝවිට Compact කැමරා අඩු ආලෝක තත්වයන් තුලදී අසාර්තක වෙයි. එවන් අවස්තාවන්හීදී ආලෝකය පාලනය කිරීමේ දැනුම ඉවහල්වනු ඇත. සුදු පැහැති කාඩ්බෝඩ් එකක් උවද ආආලෝකය වස්තුව දෙසට පරාවර්තනය කිරීම සඳහා යොදාගත හැක. ඉන් පසුව අගලෙන් 1/1.7 ප්‍රමානයේ සෙන්සර් ඇති කැමරා කිහිපයක් වෙළඳපලේ තිබේ. Canon G12, Nikon P7000 එවාට උදාහරන වෙයි. නමුත් ඒවා රුපියල් 40000 වැඩිවේ. ඉන් පසුව අපට හමුවන්නේ APS-C ප්‍රමාණයේ හෙවත් 24mm*15mm ප්‍රමානයේ සෙන්සරයයි. ඒවා බොහෝවිට තිබෙන්නේ SLR (Single Lens Reflector) වර්ගයේ කැමරා වලටය. දැන් දැන් Mirrorless කැමරාවලද එම ප්‍රමානයේ සෙන්සර් දක්නට ලැබෙයි! අදාල කැමරා රුපියල් 70000 පමන සිට ලක්ශ 2.5 දක්වා මිළක් වෙයි! ඉන් පසුව APS-H නම් ප්‍රමාණයක් තිබෙන අතර එය ඇත්තේ කැනන් කැමරා කිහිපයක පමනි. අනෙක වන්නේ Full frame සෙන්සරයයි එය 24*35mm ප්‍රමාණයක් ගනී. එම කැමරා ලක්ෂ 2.5 සිට 12 පමණ වනතෙක් ඇත. මෙය කියවන අයෙක් එවා ගන්නේ නැතැයි සිතමි!!!

අවසාන වශයෙන් කිවයුතු කාරනා කිහිපයක් තිබේ... දැන් දැන් බොහෝ අය Compact camera අතහරිමින් සිටිති. කොළබ පැත්තෙ වෙඩින් එකක වුවද SLR 2-3 අමුත්තන් අතර දැකිය හැකිය... ඒ දැන් වන විට අප රට වැසියන් පොඩි කම අතහැර qualityය ගැන සිතන්නට පටන්ගත් නිසා විය හැක.
අනෙකනම් හැකිතරම් Manual Control තිබෙන කැමරාවක් ගන්නා ලෙස කීමයි. එනම් Shutter Speed, Aperture, ISO තමාට අවශ්‍ය ලෙස සකස් කරගැන්මට හැකි වීමයි. එවිට ඔබට ඔබගේ ඡායාරූපයේ ඇති ගුණාත්මක බව රිසිසේ වෙනස්කල හැක. ආලෝකය තමාට අවැසි ලෙස පාලනය කල හැක.තමාට අවෂ්‍ය ලෙස කැමරාව හැසිරවීමේ නිදහස එයින් ලැබේ.
අවසන් වශයෙන් කීමට ඇත්තේ හොඳ ඡායාරූපයක් ගැනීමට අවැසි වන්නේ ආම්පන්න වල 40% සහ ශිල්පීය දක්ශතාවය 60% වැනි ප්‍රමාණයකි. එනම් උපකරණ වලට වහල් නොවී තමන් ගැන විෂ්වාසයෙන් කටයුතු කරන්න යන්නයි. මක්නිසාදයත් වැදගත්වන්නේ කැමරාව පසුපස සිටින චින්තනයක් ඇති මිනිසාය!

මැජික් නොවේ

ඕනෑම දෙයක් මුලදි මැජික් වී පසුව කුකුලාගේ කරමලේ තත්වයට පත්වේ! තාක්ෂනයේ දියුනුව හා තොරතුරු ලබා ගැනීමේ පහසුවත් සමග අදවනවිට ඩිජිටල් කැමරාව සහ ඡායාරූපකරණය බොහෝ අය පරිහරණය කරන උපකරණයක් වී හමාරය. ආධුනිකයන් අතින් පවා අගනා නිර්මාන බිහිවන්නාසේම ,ප්‍රොෆෙශනල්යයි කියාගන්නා අය 5D mk2 මගින් ගත් point n shoot වගේ ඡායාරූපද අපිට අද දකින්නට පුලුවන් වේ! ජන්ගම දුරකතනයකට පවා කැමරාවක් එබීම මගින් පාසැල් සිසුවෙකුට උවද ඩිජිටල් කැමරාවක ඇති සමහර අංගයන් පිලිබඳව දල අදහසක් වේලස්සනින්ම් ලබාගත හැකි මට්ටමකට පැමින ඇත්තේ ජංගම දුරකතන කැමරාවල පවා දැන් දැන් Exposure metering, Panorama, White Balence, ISO වැනි අංගයන් මෙන්ම Red Eye Reduction වැනි සෙටින්ග්ස් ලබා දී ඇති හෙයිනි. දැන් දැන් Photoshop වැනි සංකීර්න මෲදුකාංග වෙනුවට Online photo editing පවා ඇති වෙබ් අඩවි බිහිවී ඇත.

එසේ ගත්කල ඡායාරූපකරනය සහ කැමරාව යනු තවදුරටත් මාර ගැජට් එකක් නොවන අතර ඡායාරූපයක් ගැනීම හා මුද්‍රණය මාර සීන් එකක් නොවනු ඇත!

දැන් දැන් කොළබ අවට මංගල උත්සවයකට ගියත් SLR කැමරා 3 වත් ආරාදිතයන් අතර තිබෙනවා දැකගත හැක. ඔවුන්ද සමහරවිට flashඑක bounce කර Manual modeදමා ෆොටෝ ගනී. සමහර විට ඒවා ඡායාරූප ශිල්පියා කියාගන්නා පොරටත් වඩා හොඳය! දැන් දැන් අපේ රටේ සිරියාවතීලද සාක්කුවේ ඔබන් යන compact කැමරාව අතහැර Manual control ඇති කැමරාවෙත පියමන් කරන්නේ සමහරවිට එහි ඇති නිදහස හා ගුණාත්මක බාවය ඔවුනට වැටහෙනු නිසා වනු ඇත. සමහරුන් දැන් ගෙදර පාවිච්චියට ගන්නෙත් entry level SLR වෙයි! ඒ අස්සෙ දර්පනේ හැලුනු චුට්ටි කැමරාද APS-C සෙන්සර් සමග වෙළඳපළෑට ඇවිත්ය. ගේමක් නැතිව 12-18 එකක් ප්‍රින්ට් කරගත හැක! තව දුරටත් මැජික් නැත.... ඡායාරූප සම්බන්ද ඕනෑම උපකරනයක් ඕනෑම කෙනෙකුට නුගේගොඩින් හෝ කොළබින් මිළදීගත හැක.

සමහරවිට නුදුරේදිම වෙඩින් ෆොටෝගැෆර්ටත් බඩේ පහර වදීදැයි කියනු බැරිය! මිතුරන් විසින් SLR ගෙනෙනාකල , අනාරාධිතවම මුලු උත්සවයම ආවරනය කරනාවිට ඔවුන්ගේ ෆොටෝ ටික එක්කරගතහොත් හොඳවයින් ඇල්බම් එකක් හදාගත හැකිවනු ඇත. එහෙයින් අනාගතයේදී ඡායාරූප ශිල්පියා සුපිරි පොරක් වනු මිසක ඔහුට බඩ වියත රැක ගත නොහැකි වනු ඇත!
වෙළාවට අපේ තාත්තාට වඩු මඩුවක් ඇත!

එහෙනම් අපි Photography ගැන කතා කරමු.........

ජීවිතයෙන් එක දවසක්

උදේ පාන්දර 10 විතර නැගිටලා බලද්දි බයිසිකලයෙ හුලන් නෑ. තුන්සක රියකින් දිවුවා ඉස්කෝලෙට. ( යුනිෆෝර්ම් ගහලා නෙමෙයි ). අපේ ශිෂ්‍ය බටයොන්ට ෆොටෝ වගයක් ඕන වෙලා. කොහෙද ඉතින් මේ බටයා ආවෙ 11.00 ට. එතකම් මම සික්කගෙ ඔෆිස් එක ගාව තියන පුටුවක වාඩි වෙලා ෆේස් බුකියෙ තොරතුරු විමසමින් උන්නා. ටික වෙලාවක් යද්දී මගේ කනක් නෑ වගේ ලමයින්ව ගන්න ආපු අම්මලගෙ කච කච වලට. මමත් කන් දීගෙන හිටියා ඉන්ටරෙස්ටින් අත් වැඩක් ගැන කියවපු දෙන්නෙක්ට. කොහොමහරි වැදගත් ආරන්චියක් කන හරහා ගියා.... ශුවර් නෑනෙ කිව්වෙ ගෑනු පරානයක් නිසා, මම ඉක්මනට බුකිය මිනිමයිස් කරලා ගූගල් දෙයියව ඇමතුවා. අප්පට සිරි "ඇත්ත නොවෑ!" අද මරිය තුමියගෙ B'day හෙවත් නය මංගල්ල දිනයක්! ඔච්චර නොටිෆිකේශන් එවන මේ සකර්බරගයට ඕක එවන්න කල්පනාවක් නෑනෙ කියලා මම වරද ඌට පටවලා ආපහු බුකියට ආවා..... ඔන්න 11.00 බටයා ඇවිත් කිව්වා "සමීර අයියා චුට්ටක් ඉන්න මම ඉක්මනට එන්නම්" කියලා. හා.. මමත් හිටියා. 11.34 උනා, ඔන්න පොර මට කතා කලා. "අයියා මාර වැඩේනේ, ෆාදර් බනිනව දැන් ගන්න එපා කියලා. ඔයාට 2 එන්න පුලුවන්ද? " මමත් ඉතින් ඔලුව වනයි හා හා කියලා! මම ආපහු පිටත් උනා......

ඔන්න කාලෙකට පස්සෙ මගදි යාලුවෙක් හම්බුනා . එහෙම කිව්වට අහබුවක්ම නෙමෙයි! ඔන්න මම ආපහු පාසල බලා පොර එක්ක. අප්පා ඉස්සර දවස ගානෙ දකින එකා මාසෙකින් දැක්කමත් හෙන කාලයක් නේ? මිනිහට කෑල්ලක් සෙට් වෙලා. ඒකනම් ටිකක් පරණ නිවුස් එකක්. අපි දෙන්න ඔන්න පාර පනිනවා, ස්කූල් වෑන් එකක ගිය පට්ට කෑල්ලක් අපේ දිහා බලාගෙන ගියා.... මම ඇහුවා "මචන් අරකි බලන් ගියේ උඹේ දිහාද , මගේ දිහාද කියලා.?" පොර කිව්වා "දැන්නම් මචන් බලන්නෙ උඹේ දිහා "කියලා. මම ඇහුවා ඇයි කියලා.. "මට දැන් කෙල්ලෙක් ඉන්නවනේ!" පොර කිව්වා විතරයි මම මෝඩ කම ප්‍රදර්ශනේ කලා "ඇයි යකෝ ඒක උබේ නලලේ කොටල තියනවයෑ?" මම ඇහුවා. ඊට පස්සෙ මම ඇදගෙන නාපු විදිය ඕන නෑනේ......... හරි ඉතින් ඒ වැඩෙත් ඉවරයි......

මම ආපහු 2 වෙද්දි ඉස්කෝලේ.. ඒ ෆොටෝ ටිකත් අරන් ඉක්මනට ගෙදර දුවලා සයිස් කරලා ප්‍රින්ට් කරලා අදාල පුද්ගලයට දීලා දත් ගලවලා ඉවර වෙද්දි රෑ 7.30... දවසම එහෙට මෙහෙට ගිහින් දැන් හොඳ ගනන්.. මම ඔන්න ගෙදර බලා...

දැන් තමයි ඇත්තටම මේ නෝට් එක පටන් ගන්නේ. මම ඔන්න බස් ස්ටැන්ඩ් එකට යනවා. ඇවිද්ද පය දහස් වටී නොවෑ, ඒකයි. ඔන්න මම බස් ස්ටැන්ඩ් එක කිට්ටුව. සීමිත නැවතුම් බස් එකක් නවත්තලා. ඒකෙ පිටිපස්සෙ සෙනග පිරිලා. "මරණයක්"! ඔන්න ඔහොමයි මගෙ හිතට ආවෙ. වාසනාවකට නෑ, හැමෝම හොඳින්. දුර ගමන් බස් කාරයෙක් , වැඩ ඇරිල යන තරුන ජෝඩුවක් ගිය කාරයකට ලාවට කිස් එකක් දීලා. ඒ මදිවට බස් එකේම එවුන් කාර් එකේ පොරට සද්ද දාන්න පටන් අරන්. පොලීසියෙ එකෙක් ඇවිත් කට්ටියව ආපහු බස් එකට යවනවා. කාර් එකේ පොරට මළ පැනලා මොනවදෝ කිය කියා කෑ ගහනවා. නමුත් ඒකෙන් අසරණ වෙලා හිටියෙ අර කෙල්ල (wife වෙන්නැති) එයාගෙ අතේ එල්ලිලා එයාව වලක්වන්න යනවා, මොනවදෝ කියනවා! මමත් ඉක්මනට ඇස් දෙකට කන්වර්ටර් එකක් දාල ක්ලෝසප් ටිකක් ගත්තා. මොන අර මනුස්සයා හෙල්ලෙන්නෙවත් නෑ කෙල්ලගෙ දැගලිල්ලට, නිකන් අර මහාමේරු පර්වතය කියන අයිටම් එක වගේ. ඊටත් වඩා හැමෝටම වඩා අසරණ වුන ගතියක් ඒ කෙල්ලගෙ මුහුනෙ තිබුනා! සමහර විට ආදරය නිසා ඇතිවුන බිය නිසා වෙන්න ඇති! මට ඒ මුහුනෙ හොඳ හුරු පුරුදු ගතියක් දැනුනා. මොකද කියනවනම් ඔය මුහුණ වගේම එකක් අගෝස්තු 7 වෙනිදා දැකපු නිසා වෙන්න ඇති! ඇත්තටම ඒ මනුස්සයට ඒ කෙල්ල ගැන දැනුනෙවත් නෑ වගේ. . . ඒ කෙල්ලගෙ මුහුනෙන් දිගටම ඒ බිය+ලැජ්ජාව වගේ එක තිබුනා. මමත් ඔය දිහාම විනාඩි දෙකක් විතර බලා උන්නා. ඊට පස්සෙ මට පාංද ඕකගෙ මරුටිය කියල මම එන්න ආවා!

ඔන්න මම බස් ස්ටෑන්ඩ් එකේ! හැබැයි තාම බස් එකක් නෑ. හැබැයි බස් එක එනකම් මිනිස්සු බලන් ඉන්නවා. ඔය අතරෙ එක කෙල්ලෙකුත් ඉන්නවා. කෙට්ටුයි, හැබැයි ශේප්... මම ටික වෙලාවක් එයා දිහා බලාගෙන හිටියා . මුලින්ම කන්ට්‍රෝල් ආර් ගැහුවා, ඊට පස්සෙ කන්ට්‍රෝල් ටී ගහලා බලන් හිටියා. ඔන්න කෙල්ලත් මගෙ දිහා බැලුවා. දැන් ඇස් දෙකට ඇස් දෙක මීට් වෙලා! ෆට්ට....
තාම කෙල්ලට ශුවර් නෑ මම බලන් ඉන්නේ එයා දිහාද කියන එක. හරි දැන් ශුවර්.... මම මාර ආසයි මේ සෙල්ලමට. දැන් දෙන්නට දෙන්නා බලාගෙන. බලමුකො මුලින්ම අහක බලන්නෙ කවුද කියලා! ! ! හුරේ මම දිනුම්.. කෙල්ල අහක බලා ගත්තා. තාම කෙල්ලට ශුවර් නෑ වගේ. හිටපු ගමන් ආපහු බලනවා, මමත් බලාගෙන , ඔහොම වට දෙක තුනක් ගියා. කෙල්ල නිකන් දැන් අනේ මන්දා වගේ. ආපහු බලනවා... මමත් ඔහේ බලන් ඉන්නවා! මළ වාතේ ආපු බස් එකකුත් නෑ.ව්නාඩි 15 විතර ගියත් එක්ක. මම එතනිනුත් එන්න ආවා!

පාර දිගට තවනම් මහ දේවල් නෑ. බීලා වැටුන බේබද්දෙකුයි. . . ලස්සන බලු පැටියෙකුයි..... පෙට්ටි කඩ කාරයෙක් Broken angel දාගෙන. අනේ යකෝ "එදා මෙදා තුර " අහපන්කො තේරෙන සින්හලෙන්, ඉවරයිනෙ කතාව! මොකක් උනත් මේ මට විතරක් පෙනෙන දේවල් නෙමෙයි. ඇස් කන් ඇරන් පාරෙ තොටේ ගියොත් ඕනම කෙනෙක්ට මේ රස කතා හම්බවෙයි! ශුවර්! රන් දෙපැයක් ඕන නෑ ජීවිතයක් ලස්සන වෙන්න. ලැබෙන තප්ප්පරේදි ජීවිතය විඳින්න. එතකොට හරි!

ජයවේවා...