ස්තුතියි ! කියවන එක තමයි ලොකුම හයිය !

Saturday, November 16, 2013

එයයි මමයි

මේක ඇත්තටම අහම්බයක්. මම සාමාන්‍යයෙන් දෙයක් පස්සේ එලවන කෙනෙක් නෙමෙයි. එත් ඇයි දන්නැහැ එක දෙයක් කරන්නම ඕන කියල මගේ හිතට ආවේ. ඒ දෙය මම කලා, ඒ නිසා මට දෙයක් ලැබුනා. සල්ලිවලට ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. සල්ලි වලින් මනින්න පුළුවන් දෙයකුත් නෙමෙයි. අද මම ඒ දෙය ලබන්න වාසනාවන්ත වෙලා තිබෙනවා. අහම්බෙන් ලැබුණු අවස්තාවක් නිසා ...........

දවසක් වැඩ ඇරිලා ගෙදර ඇවිල්ලා fb ලොග් වෙලා ඉන්නකොට මම දැක්කා පරිගණක උදව් Facebook කණ්ඩායම පොස්ට් එකක් දාල තියනවා කොහෙදමන්දා ඩොටේ තියන ඉස්කෝලෙකට ( මට ඔය නම් ගම ම්මතක හිටින්නේ නැනේ ) කම්පියුටර් ලැබ් එකක් දෙන්න යනවා කියලා. ඉතින් මටත් නිකමට වගේ ආසාවක් ඇති උනා පුළුවන් විදියකට ඕක වෙනුවෙන් යමක් කරන්න ඕනි කියනවා වගේ හැගීමක්.කොහොමහරි එහෙම මෙව්වා එකකුත් ආවයි කියමුකෝ. තාප්පෙටම කෙලියා වගේ මගේ කම්පියුටර් එකත් කැඩුනා. කොහොමහරි වොරන්ටි තිබුන නිසා වොරන්ටි ක්ලෙම් වෙලා එද්දී ඉතින් මට ඕක මතකත් නැති තරම්. මොකද කියනවනම් 2012 කාලේ ලංකාවට එච්චර ආශ්චර්යේ පේන්නෙත් නැතිකොට මටත් එච්චර වැඩක් කරගන්න බැරි ෆෝන් එකක් නැති එකේ ඔන්න ඕක අමතක වෙලා වගේ ගිය. කොහොමහරි සති දෙකකට විතර පස්සේ කම්පියුටරය හැදිලා එද්දී කිව්වත් වගේ ඕක මතකත් නැ .............

එකපාරටම වගේ දැක්කා අදාළ ගෘප් එකේ පොස්ට් එකක් දාලා තියනවා පරිගණක විද්‍යාගාරයට අවශ්‍ය බඩු එකතුකරලා ඉවරයි කියල. ඉතින් මම ඒ ගෘප් එකේ ඇඩ්මින් තැන වෙච්ච කැලුම් අයියගෙන් ඇහුවා මෙහෙම සිද්දියක් උනා දැන් මොකක්ද කරන්නේ කියලා. එතකොට කැලුම් අයියා කෙලින්ම කිව්වේ "මුකුත් ඕන නැ මල්ලි, එදාට එන්න කියල" කොහොමහරි කාලය ගිහින් ගිහින් ඔය කියපු එදා දවසත් උදාවෙන්න ලං උනා. ඔන්න එදා දවසට ඉස්සල්ලා දවසටත් ආවා. මමත් මගේ ගාව තිබ්බ පාවිච්චි නොකරපු Power Supply එකක් අරගෙන. මගේ කැමරාවත් ලෑස්ති කරන් හිටියා. කොහොමෙන් කොහොමහරි ෆෝන් එකේ බැටරිය බැහැලා එකත් ඔෆ් වෙච්ච එකේ ෆෝන් එකත් චාර්ජ් වෙන්න දාලා මම නිදා ගත්තා 5.30ත කොටුවේ ඉන්න කියපු නිසා 4.00 විතර එලාම් එක තියලා..

ඔන්න උදේ පාන්දර කෝල් එකක් එනවා කැලුම් අයියාගෙන්. "මල්ලි කොහෙද ඉන්නේ?" . මම ඉතින් තාම ඇඳේ, වෙලාව බැලුවම 4.30යි . "තව පැයක් තියනවනේ , මම එන්නම්". "මොන පැයක්ද, දැන් 5.30යි , කරන්න දෙයක් නැ මල්ලි, අපිට බලන් ඉන්න බැ. අපි යනවා."කියලා කැලුමා කිව්වා. බලද්දී ෆෝන් එකේ බැටරිය බැහැලා ඔෆ් වෙච්ච වෙලාවේ මොකක්හරි මගුලක් වෙලා වෙලාව එහා මෙහා වෙලා. මොනා කරන්නද ඉතින් කියලා මම ආපහු නිදාගන්න හිතුවත් හිතට මොකක්දෝ දැනුන නිසා ආපහු කැලුම් අයියට කෝල් කරලා බස් එක යන්නේ කොහේ හරහාද කියලා ඇහුවා. "නුගේගොඩ" කිව්වා. ආපෝ මහා එපාකරපු ගමක් කියලා මම අවුරුදු කීපයක අතීතෙට ඇදිලා ගියේ උදේ පාන්දර නැගිටගෙන ඒ ලෙවල් ක්ලාස් ආපු කාලේ මතක් වෙලා. "හරි මම පැය බාගෙකින් නුගේගොඩට එන්නම්   කියලා (කොහොමත් පැය බාගෙන් නුගේගොඩට යන්න බැ මොරටුවේ ඉදන් , අනික ලෑස්ති වෙලත් නැතිකොට ) මම බාත්රුම් එකට දුවලා මුණකට හෝදගෙන ( බාගෙටද මන්දා ) එහෙම්මම ඇවිල්ල තාත්තවත් කුද්දගෙන එයාවත් ලෑස්තිකරගෙන මම බයික් එකට නැග්ගේ මිස්ටර් බීන් අර කොහෙද යනවා වගේ. ෂර්ට් එකේ එක බොත්තමක් දාගෙන කලිසමෙත් බෙල්ට් එක එල්ලන් කැමරා බැග් එකයි Power supply එකත් අරගෙන බයික් එකට නැග්ගා. ගාලු පාරෙන් පොඩ්ඩක් දුරින් හිටපු නිසා පාරට එනකම් බොත්තම් දම දමා බෙල්ට් එක තද කරකර ආවා. තාත්තත් හිතාගන්න බැරි වේගෙකින් ගෙදර ඉදන් නුගේගොඩට ආවා. කොහොම ඒමක් ආවද කියනවනම් මම හෙන බයේ හිටියේ ආපු ඒමට කොහෙහරි වැදුනානම් කිලෝ මීටර් කියක් දුරින් ආපහු බිමට වැටේවිද කියලා. කොහොමහරි විනාඩි 22න් අපි නුගේගොඩ. අපි එනකම් අපරාදේ කියන්න බැ බස් එකත් නවත්තන් හිටියා HNB එක තියන හරියේ විතර. බස් එකේ සුපුරුදු කීපදෙනෙක් වගේම නුපුරුදු බොහෝ දෙනෙකුත් හිටියා. ඔය අතරේ විශේෂ කෙල්ලෙකුත්.

එයා ටිකක් විශේෂයි වගේ, එච්චර අනික් අයත් එක්ක කතාවක් නැ වගේ. කුලැටියි . රෝස පාට චාම් සාරියක් ඇඳන් ඇවිල්ලා තිබුනෙත්. ලොකුවට කැමැත්තක් ඇති උනේ නැතුවට පොඩි විශේෂත්වයක් දැනුනා. අනේ මන්දා මොකක්ද කියලා. කොහොමහරි අපි යන්න ඕන තැනටත් ගියා . පරිගණක උදව් Facebook කණ්ඩායම මගින් සිදුකරන ලද මැදගංඔය , ශ්‍රී ධම්මසේන විද්‍යාලයට පරිගණක විද්‍යාගාරයක් ලබාදීමේ ප්‍රජාසත්කාරය තමයි වැඩේ.  වචනයක්වත් කතා නොකරපු එකේ මට දැන් පොඩි ආසාවක් ඇතිවෙලා තිබුනේ මෙයා එක්ක ටිකක් කතා කරන්න. මෙයා කිව්වේ මම ඒ වෙද්දිවත් එයාගේ නමවත් නොදන්නා නිසා. කොහොමහරි මම වැඩේට ගිහිල්ලා මට පුළුවන් විදියට ෆොටෝ ටික ගත්තා. කතා කරන්නත් ටිකක් බයයි වගේ, ඇයි යකෝ මෙකි තාම අත දරුවා වගේ අම්මගේ අතේ එල්ලිලාමනේ ඉන්නේ. කොහොමහරි ඔන්න පොඩි වෙලාවක් ලැබුනා
ඒක තමයි මේක
කෙල්ල තනියම ඉන්න ( අම්මා නැතුව ) මම ලංකලා. ලන්වෙනවත් එක්කම මගේ ඇහැට පොඩි ලමෙක්ව අහු උනා. මටත් නොදනිම මගේ ජම්ම ගතිය ඇවිල්ලා, ඔන්න ඕකි යකාට ගියදෙන් ෆොටෝ එක මිස් කරගන්න බැ කියලා මම ගිහින් හිතේ අන්දිච්ච ෆොටෝ එක ගත්තා. ආපහු මතක් වෙලා බලද්දී කෙල්ල නැ. ඔන්න ඕක තමයි මමයි කැමරාවයි අතර තිබ්බ මෙව්වා එක. ඔන්න කොහොමහරි ගිය වැඩෙත් ඉවරයි.මමත් ටිකක් ඇවිදින්න ගියා ෆොටෝ ටිකක් ගන්න මොන මොනවහරි වටපිටාවේ තියන දේවල්වල. මෙන්න මම ගිහින් එද්දී අර සාරි ඇඳන් හිටපු අක්කලා, අම්මලා, ඇන්ටිලා ඔක්කොම Denim වලට බැහැලා. මට නිකන් කොයිල් වගේ වගේ. මුන් නිකන් වෙඩින් එකේ ගොයින් අවේ ( ගොන් අවේ) මාරු කරලා වගේනේ කියල මට හිතුනා. ෆොටෝ එකක් ගන්නත් හිතුනා, එත් එකත් මිස් උනා. ටික වෙලාවකින් ආපහු අර කෙල්ලව මම දැක්කා. සෝයි අනේ එයා තවම සාරියෙන්. දැන්නම් මට නිකන් ආසයි ආසයි වගේ.කොහොමහරි එදා දවස ගෙවිලා ගියේ වචනයක්වත් කතා නොකර. එයා යද්දී "බායි" කියලා ගියා වගේ මතකයි ලාවට ලාවට.........

පස්සේ දවසක දැනගන්න ලැබුනා එයාගේ නම නිලීකා කියලා.


ඔය සිද්දිය වෙලා අදට අවුරුද්දකටත් වැඩියි . එක උනේ 2012 ජුලි 16 වෙනිදා........
එදා අපි දෙන්නා ඇඳ පැලද හිටියේ මෙහෙමයි. මේක ගත්තේනම් හැබැයි එදා නෙමෙයි

අද 2013 නොවැම්බර් 16 වෙනිදා.....

අදට එයයි මමයි ආදරය කරන්න පටන් අරන් මාස හයක්.
හුගාක් දේවල් සිද්ද උනා දෙන්නගෙම ජීවිතවල.... හැමදේම අදවගේ මතකයි. හුගාක් ආදරෙන්...



මේ තමයි එයා ලියන අපේ ආදර කතාව....

Tuesday, November 12, 2013

Nikon D5200 කැමරාව

නිකොන් D5200 කියන්න වෙළදපලට ආපු පෙරළිකාර කැමරාවක්. මේක පෙරළිකාර කැමරාවක් වෙන්න හේතු කිහිපයක්ම තියෙනවා. ඉතින් ඒ කැමරාව ගැන කතාකරන්න අපිත් එක්ක එකතු උනා ෆේස් බුක් එකේ අපි කව්රුත් දන්නා යාලුවෙක්. යූ රස්තා......
මෙතැන්සිට කැමරාව ගැන රස්තා කතා කරයි.

 

D5200 කැමරාව මගින් රස්තා පටිගත කරනලද වීඩියෝව මෙතනින්. 

SAMPLE PHOTOS



 

එහෙනම් තවස් දවසක , ලගදීම හමුවෙමු !