ස්තුතියි ! කියවන එක තමයි ලොකුම හයිය !

Friday, August 24, 2012

Comments & Reviews

"ඔවා දෙනු පරහට, තමා සම්මතය පිහිටා සිටුව"ලු
අනේ මංදා ඉතින්. නැට්ටුව වැටුනම ඒකත් අඩව්වක්ද මොකක්ද කියල සින්දුවක් පටන්ගන්න කලියෙන් රට කරවන බඩු කෑල්ලක් කිව්වලුනෙ :O

එහෙනම් අද අපි කතාකරමු ගොඩක් අය දන්නෑ කියන දෙයක් ගැන... ඒ තමයි Comment කරන එක.
"අනේ මට ඕවට කමෙන්ට් කරන්න තේරෙන්නෑ අනේ....." ඔන්න ඔහොම තමයිනෙ කට්ටිය කියන්නෙ.

මොකක්ද එහෙනම් කමෙන්ට් කරනව කියන්නෙ..............
තමන් දකින දේ ගැන හැගෙන දේ කියන එක. නිකන් "පට්ට කෑල්ලක්නේ" කියනව වගේ, එහෙම කියන්න දැක්කමත් ඇතිනෙ :P නේද.
එහෙනම් මොකද ෆොටෝ එකක් ගැන හිතට දැනෙන දේ කියන්න බැරි ?
මොකද කියනවනම් කට්ටිය පොඩ්ඩක් වැඩේ පටලවාගෙන තියෙන්නෙ.....

ඇත්තටම Comment සහ Review කියන්නෙ දෙකක්

Comment හෙවත් අදහස් දැක්වීම

කමෙන්ට් කිරීම අපිට බොහොම සුලුවෙන් පටන් ගන්න පුළුවන් "එල, පට්ට, ගින්දර වගේ කමෙන්ට් වගේම චාටර්, අජූතයි, කුජීතයි, අප්සට්" වගේ තනි වචනයෙන් ඒක පටන්ගන්න පුළුවන්. ඒක හුදෙක් කැමැත්ත හෝ අකමැත්ත ප්‍රකාශ කිරීමක්. සමහරු කිව්වට එල පට්ට වගේ කමෙන්ට් වැඩක් නෑ කියල මටනම් ඒවත් වටිනව, මොකද කියනවනම් ඒවයෙන් කරන්නෙත් ඇගයීමක්. ඒක විඳපු බව පෙන්වීමක්.
එතනින් එහාට.......
ඇයි ඒක පට්ට ෆොටෝ එකක් උනේ
නැත්තං ඇයි ඒක චාටර් කියලත් කිව්වනම් වඩා හොඳ වේවි!
තවත් එහාට.......
තමාගෙ රසාස්වාදය ගැන නිර්මාණ ශිල්පියාට කියන්න, "මේක ටිකක් තද පාට උනානම් කොහොමද, වමෙන් ටිකක් කැපුනනම්......." ඒ වගේ තමාගෙ හිතෙ ඇඳුනු රූපය ගැන කියන්න. ඒක උදව් වේවි නිර්මාණශිල්පියා නිහතමානී අයෙක්නම් අනාගත නිර්මාණවල ගුණාත්මකබව වැඩි කරගන්න......

නමුත් හැම වෙලේම උත්සහ කරන්න නිර්මාණයේ තියන කුමන හෝ හොඳක් සොයාගන්න....... ඒක බොහොම වැදගත් දෙයක්!

Review හෙවත් විචාරය

විචාරය කිරීමනම් ටිකක් බරපතල දෙයක්. ඒ සඳහා යම් යම් දේවල් අවශ්‍ය වෙනවා

විශයානුබද්ද දැනුම- ඡායාරූපකරණය (මෙතනදි Post processing පවා වැදගත්)
පැරනි නිර්මාන පිලිබඳව ඇති මතකයන්
අදාල ශිල්පියාගේ වෙනත් නිර්මාණ පිලිබඳව දැන සිටීම පවා මෙතනදී වැදගත්
   මේ වැඩේනම් ඉතින් අත්දැකීම් එක්කම ලැබෙන දෙයක් තමයි!

එහෙනම්, බය නැතුව Comment කරමු :D

මතක තියාගන්න නැවතුන ඔරලෝසුවත් දවසට දෙවරක් හරි වෙලාව පෙන්නනවා 

Tuesday, August 21, 2012

මුහුනු 3

මේ සෙට් එකනම් අපේ බැචාලා.  පොඩි මීටිමකට ගියාම ගත්ත ෆොටෝ ටිකක්. තනිකඩයොත් ඇති, කාටහරි ඕනනම් කියන්න බලන්න :P












Friday, August 17, 2012

Nikkor 55-300VR සහ 70-300VR

මේ ටිකේම නිකන් මෙලෝ රහක් නෑ වගේ ඔහේ ගෙවෙනව. තියන වැඩවත් කරන්න හිතෙන්නෑ. කොහොමහරි ලගදි දවසක් අක්කා කෙනෙක් අලුතෙන් ගත්ත 70-300 ලෙන්ස් එකක් ඉල්ලගත්තා මගේ 55-300 එක්ක සසඳා බලන්න කියල. ඉතින් ලියන්න හිතුන ටිකක් ඒ ගැන. මේක විචාරයක් නෙමෙයි. මම දන්නා දේ සහ ඒ සම්බන්ධයෙන් මට සිතුන දේ පෙළගැස්වීමක්.

අදාල කාච පරාසය බහුල වශයෙන් වනජීවී ඡායාරූපකරණය සඳහා භාවිතා වෙයි. ඒ ඇරෙන්නට ආලේක්‍යය චායාරූපකරණයටද මෙවා භාවිතා කල හැක.

කාච දෙකම ගැන වැඩි විස්තර මෙතනින් ලබාගන්න පුළුවන්
http://www.nikonusa.com/Nikon-Products/Camera-Lenses/Travel-and-Landscape/index.page 

නිකොන් 55-300 වගේම 70-300 යන කාච දෙකම VR, ED, යන අංගවලින් සමන්විතයි. වර්තමාන මිල පිලිවෙලින් 45000 සහ 80000 ආසන්න මුදලක් වෙයි. ඉතින් දැන් කතාකරමු 35000 වැඩියෙන් ගෙවන්නෙ ඇයි කියන එක. මමත් කුතුහලයෙන්.


VR (Vibration Reduction) Image Stabilization මෙම කාච දෙකෙහිම VR2 තාක්ශනය ඇත
යන්නෙන් අදහස් වන්නේ කාචයේ ඇති කැමරා සෙලවීම අවම කරනා ක්‍රියාවලියයි. කාචය තුල ඇති කාචයක් කැමරාව සෙළවෙන දිශාව අනුකූලව  චලනය වෙමින් කැමරාවේ සෙළවීම නිසා ඡායාරූපය බොඳවීම වලක්වාගන්නට ක්‍රියා කිරීමයි. මෙමනිසා අඩු ද්වාර වේගයක් උපයෝගී කරගනිමින් ඡායාරූප ගැනීමේ හැකියාව හිමිවේ.

ED Glass Elements (Extra-low Dispersion )
Effectively minimizes chromatic aberration, even at the widest aperture settings.
 කා මගින් ඡායාරූපයේ ඇතිවෙන වර්ණ අප්‍රේරණය නමින් හඳුන්වන ක්‍රියාවලිය කිව්වට අවුල අවම කරයි. මෙම කාච දෙකෙහිම අදාල කාච 2 බැගින් අඩංගු වේ.


55-300

මිල අඩු සහ මෑතකදි වෙළඳපළට නිකුත් කරනලද කාචයක් ලෙස මෙය හඳුන්වාදිය හැක. සාපේක්ශව මෙහි මිල අඩුවීමට හේතුන් ලෙස මා දක්වන කරුනු

DX මාදිලි සඳහා නිකුත් කරනලද කාචයක් වීම
කුඩා ප්‍රමාණය
සාපේක්ශව අඩු කාච ගනනකින් නිපදවා තිබීම
සාමාන්‍ය පෙනුමකින් යුතු වීම
සාපේක්ශව ගෝලීය අප්‍රේරණය (ඒකත් කචල් එකකි) වැඩිවීම
සාපේක්ශව අඩු Focusing වේගය
සාපේක්ශව අඩු VR ක්‍රියාකාරීත්වය
කාචයේ ඉදිරිපස කොටස කැරකීම ( Polarize filters යෙදීමේදි අපහසුතාවයන් ඇතිවේ) 


වැඩි විස්තර සඳහා





70-300

මට හිතුන දේ............. ගනන් වැඩි වෙන්න හේතු....

හොඳ පෙනුමක් ඇත
සාපේක්ශව බර වැඩිය
Focusing වේගය ආලෝකය මදක් වැඩිය (අඳුරේදීනම් කාච දෙකම දුර්වල නමුත් එය කාචය මත රඳා පවතින්නක්යැයි නොසිතමි)
වැඩි කාච කොටස් ප්‍රමානයකින් යුතුය
හොඳ VR ක්‍රියාකාරිත්වය
කාචයේ ඉදිරිපස කොටස කැරකෙන්නේ නැත 
ගෝලිය අප්‍රේරණය සාපේක්ශව අඩුය
ක්ශේත්‍ර ගැඹුර පෙන්වන දර්ශකයක් තිබීම.

වැඩි විස්තර සඳහා

 මේ ෆොටෝ දෙක ගත්තෙ කැමරාවෙ Built in Flash සමග පැත්තකින් ලබාදුන් B700 ෆ්ලෑශරය මගින් පැති ආලෝකයක් ලබාදෙන අතරම යතුරුපැදියේ ප්‍රධාන ලාම්පුවේ ආලෝකය අනෙක් පසින් ලබාඩ්දීමෙනි, දකුනුපස රත්පැහැ ගැන්වී ඇත්තේ ඒ නිසාය





එහෙනම් වෙන වෙනවම බලමු මේ දෙකෙන් එකක් තෝරාගන්න හේතූන්....


55-300


ඇයි මම 55-300 ගත්තෙ? දුප්පත්කමට............
ඒක හරියන හේතුවක් නෙමෙයි නේද......
හා

ප්‍රමාණයෙන් කුඩා වීම
මිලෙන් අඩු වීම
ඉහල ගුණාත්මක බව ( අනුභව නොකරන්න, ඡායාරූපයේ ගුණාත්මක බව මෙයින් අදහස් වේ )
නුදුරු අනාගතයේදී FX කැමරාවක් මිලදී ගැනීමට අදහස් නොකිරීම
HRI කාචයක් පැවතීම - (High Refractive Index)
( HRI lens element is essential to keeping the lens compact while offering high contrast even at maximum aperture.) ඇත්තෙන්ම මෙම කාචය නිසා ඡායාරූපයේ ගුනාත්මක බව වැඩිවන බව සාමාන්‍යය කාචයක් හා සැසඳීමෙන් දැකගත හැක.

70-300  

සාපේක්ශව හොඳ VR ක්‍රියාකාරීත්වය සහ Focusing වේගයක් පැවතීම

DX සහ FX කැමරා දෙවර්ගයම සමග භාවිතාකල හැකිවීම
32f කාච විවරයක් තිබීම ( එතරම්ම අවශ්‍යතාවයක් ලෙස මම නොදකිමි )
ක්ශේත්‍ර ගැඹුර දැක්වීම. ( නිර්මාණශීලී ඡායාරූපයක් සඳහා සමහරවිට අවශ්‍යවිය හැක, ගුනාත්මකබවට බලපෑමක් නැත )

මම ලෙන්ස් දෙකත් එක්ක නටපු නැටිල්ල......

lens එක සමග රැගෙන ආ සත්වයා :P
කොහොමහරි මම ලෙන්ස් එකයි ශවියවයි , එයාගෙ ත්‍රීපාදයයි දාගෙන ඇවිල්ලා එලියට බැස්සා. මිදුල එලිය කලේ කනුවෙ තිබ්බ ලයිට් එක තමයි. ඊට පස්සෙ ටිකක් උත්සහ කලා කැමරාවෙ සහ එලියෙ තිබුන ලයිට් එකේ ආදාරයෙන් මම බයික් එකේ පටවන් ආපු සතාගෙ ෆොටෝ ටිකක් ගන්න :D 
ලෙන්ස් දෙකෙන්ම ගොඩක් අමාරු උනා අඳුරෙ ෆෝකස් කරගන්න. නමුත් ආලෝකය තියන තැන්වලදිනම් 70-300 කාචය මදක් වේගවත් , නමුත් එය බලාපොරොත්තුවුන තරම්ම අධි වේගයක් නෙමෙයි නෙමෙයි. කොහොමහරි දගලලා දගලලා ෆොටෝ ටිකකුත් අරං ගෙට ගොඩ වුනා. ඇතුලෙත් ටිකක් ගත්තා.
මේ ෆොටෝ එක ගත්තෙ කැමරාවෙ Built in Flash සමග පසුපසින් ආධාරකයක සවිකල SB700 ෆ්ලෑශරය ආලෝකය විහිදෙන ලෙස Diffuser යොදාගනිමිනි. කැමරාවෙ ෆ්ලෑශරය මගින් මුහුන ආලෝකවත් වන අතර පසුපස සවිකල ෆ්ලෑශරය මගින් පසුතලයේ තිබුනු තාප්පය ආලෝකමත් වෙන අතර මුහුනට පිටුපසින් ලැබුනු ආලෝකය නිසා Highlight  වී ඇත.

සාපේක්ශව 55-300 එකේ කාච නිසා ඇතිවන ගෝලීය අප්‍රේරණය නම් දෝශය මදක් වැඩි නමුත් එය කැමරාව සමග ලැබෙන Nikon View NX හෝ වෙනම මිලදී ගත යුතු Nikon Capture NX හෝ අලුත් Photoshop සංස්කරණයක් මගින් බොහොම ලෙහෙසියෙන්ම නිවැරදි කරගත හැක.
එහෙයින් මම තව 35000 පමන මුදලක් ගෙවිය  යුතුදැයි නැවතත් සිතා බලමි

සිතූ තරම් Focusing වේගයෙහි වෙනසක් නැත......

නමුත් VR ක්‍රියාකාරිත්වය තරමක් දුරට හොඳයි

ඉන්පසු මම ජනිත ඔන්ලයින් එනතුරු සිට ගානක් හදාගතිමි. 

කාචයේ පසුපස විවරය
70-300 කාචය විශාලය, එනම් 67mm ඉදිරිපස ඇති කාචයෙන් ඇතුලට ගන්නා ආලෝක කිරන සියල්ලම එලෙසම සෙන්සරය මතට පතිත කලොත් එම ප්‍රමානය 55-300 කාචයේ 58mm තුලින් ඇතුලට ගන්නා ආලෝක ප්‍රමාණයට වඩා වැඩියැයි උපකල්පනය කලෙමි. (කාච විවරය හෙවත් ඇපිචර් 1 : 1 අනුපාතයක් යැයි සිතා, නමුත් කාච විවරයන් මෙම කාච දෙකෙහිම සමානය)  එසේ ගතහොත් 67මිමි වර්ගපලයෙන් සෙන්සරයට ලැබෙන ආලෝක කිරන ප්‍රමාණය 58මිමි වර්ගපලයෙන් ලැබෙන ප්‍රමානයට වඩා වැඩි නිසා 70-300 ලැබෙන ප්‍රතිබිම්බයේ ගුණාත්මක බව වැඩිවිය යුතුය.
නමුත් 70-300 කාචය FX කැමරාවලට සෑදූ කාචයක් බව මතක් වූයේ පසුවය. FX කාචයකින් ඇතුලට ගන්නා ආලෝකයෙන් 1/3 ප්‍රමාණයක් , එම කාචය DX කැමරාවකට සවිකලවිට අපතේ යයි.
එසේ ගත්කල අදාල වර්ගඵලයෙන් 2/3 ක ආලෝක ප්‍රමාණයක් DX සෙන්සරයකදී 70-300 කාචයකින් ලැබෙන ආලෝකයට වඩා වැඩි ප්‍රමාණයක් 55-300 කාචයකින් සෙන්සරය මතට පතිත කරවයි.......

අවසන් වශයෙන් 55-300 කාචය මිලදී ගැනීම පිලිබඳව මම සතුටු වෙමි.................

මෙන්න මෙහෙමයි එලියෙ ෆොටෝ ගත්තෙ
 







Sunday, August 12, 2012

Bridge කැමරා හෙවත් Prosumer කැමරා හෙවත් අර පොඩ්ඩක් ලොකු ඒවා

මොකක්ද මේ Prosumer camera කියන්නෙ හැබෑටම. ඉස්සල්ල පොඩ්ඩක් ඒකෙ පෙනුම ගැන කතාකරල ඉමුකො. බොහොමයක් Prosumer camera හැඩයෙන් DSLR කැමරාවකට කිට්ටු හැඩයක් ගන්නව. අදාල කැමරා ගැන හොයල බලද්දි මරු කියමනක් දැක්කා. ඒකෙ කියල තිබ්බෙනම් Bridge camera කියල දෙයක් නැහැ ඒක හුදෙක්ම මාකට් එක අල්ලගන්න කියන කතාවක් කියලයි!

එහෙනම් පටන්ගමු අපේ සුපුරුදු Compact කැමරාවත් එක්ක සසදන්න.........

ප්‍රමාණය

Canon SX40
ප්‍රමානයෙන් ගත්තම බහුතරයක් Bridge Camera සමාන වෙන්නෙ DSLR කැමරාවල හැඩයටයි. නමුත් නිකොන් P7000 වගේ කැමරාවල හැඩයනම් බොහෝ දුරට සමාන වෙන්නෙ කම්පැක්ට් කැමරාවකට
Nikon P7000 with External Flash (SB400)
ප්‍රමාණයෙන් Bridge Cameraවක් විශාල වෙන්න හේතුවක් තමයි එය සතුව විශාල සූම් කිරීමේ හැකියාවක් තිබීම. ඒ නිසා එය සතුව විශාල ලෙන්ස් පද්දතියක් තිබෙනවා. බොහෝ Bridge Camera සතුව View Finder එකක් තිබුනද එය DSLR කැමරාවල මෙන් එකක් නොව හුදෙක් තවත් කුඩා LCD පැනලයක් හෝ කාච කොටස් කිහිපයකින් සෑදුනු Tunnel ලෙස හඳුන්වන View finder එකකි.


අන්තර්ගතය

නමුත්  Bridge Cameraවේද ,කැමරාවක වැදගත්ම අංගයක්වන සෙන්සරය බොහෝවිටම Compact කැමරාවක සෙන්සරයක ප්‍රමාණය හෝ ඊට සුලු වශයෙන් විශාල සෙන්සරයක ප්‍රමාණයක් ගනුලබයි
බොහෝවිට Bridge Cameraවක ඇත්තේ 1/2.3 ත් 1/1.7 අතර ප්‍රමාණයේ සෙන්සර් වේ. ඉහත රූප සටහනේ APS-C ලෙස හඳුන්වාදී තිබෙන්නෙ DSLR කැමරාවල භාවිතාවන කුඩාම සෙන්සර් ප්‍රමාණයයි. ඒ සමග සසඳා බැලීමෙන් ඔබට කම්පැක්ට් කැමරාවක මිල හෝ ඡායාරූපවල ගුණාත්මකභාවය ගැන අදහසක් ගනු හැකිවනු ඇත. සෙන්සරය හැරුනුකොට ප්‍රොසෙසර පිලිබඳව ගත්කල එය සාමාන්‍ය කම්පැක්ට්
කැමරාවකට වඩා තරමක් හොඳ ප්‍රොසෙසර් එකකින් යුක්තයි. එමගින් වඩා ගුනාත්මක සහ කැමරාවේ අංගයන් වැඩි නිසා ඒවා පාලනය කලහැකි ආකාරයේ වැඩි ක්‍රියාකාරීත්වයක් තිබෙන ලෙස නිපදවා ඇත

කාච පද්ධතිය

Fuji HS30
මෙම කැමරාවල කාච පද්ධතිය තරමක් උසස් මට්ටමේ තිබෙන අතර
සමාන්‍ය මිලකට ගතහැකි Compact කැමරාවක 3-5 ගුණයක සූම් බලයක් තිබුනද බොහෝ Bridge Cameraවල සූම් බලය 10 ඉක්මවයි. තවත්විටක එය 30 පමණ වීමටද ඉඩ තිබේ. නමුත් විශාල පරාසයක කාචයක් තිබීම නිසා කුඩා සෙලවීමක්වුවද ඡායාරූපයට විශාල බලපෑමක් කල හැකි නිසා අදාල කැමරාවල කැමරාව සෙළවීම් අවමය කිරීම සඳහා "ස්ථායිකාරක පද්දතියක් හෙවත්" Image Stabilizer System" පිහිටුවා තිබේ. මෙය "Lens Shiftt" හෝ "Sensor Shift" යන දෙ ආකාරයෙන් එකක් විය හැක.

ක්‍රියාකාරීත්වය

මෙම කැමරාවල විශාල පරාසයක සූම් බලයක් ඇති හෙයින් දුරක සිටවුවද යමක් ඡායාරූපකරගත හැකිය. ඊට අමතරව වැදගත්ම දෙයක් වන්නේ මෙම කැමරාවේ අනාවරණයන් ශ්‍රමායිකව ( Manual Exposure )
සකස්කරගෙන ඡායාරූප ගැනීමට හැකිය. එය සමහර අවස්ථාවන්වලදී නිර්මාණාත්මක ඡායාරූපයක් ලබාගැනීමට ඉවහල් වෙයි. ෆූජි HS20 වැනි කැමරාවල සූම් කිරීම DSLR කැමරා කාචයක මෙන් අතින් කරකවා සකස්කරගත හැකිය.
එමෙන්ම Canon SX20 , NikonP7000, Fuji HS20 වැනි මාදිලියන්ගේ කැමරාවන් නිශ්පාදනය කර ඇත්තෙ අමතර Flasher එකක් කැමරාවට සවිකල හැකි ලෙසයි. එය අඩු ආලෝක තත්වයන් යටතේ ඡායාරූපගත කිරීමේදී ඉවහල් වේ!

මෙවැනි හේතූන් නිසා Bridge Camera අප එදිනෙදා දකින Compact කැමරාවන්ට වඩා තරමක් ඉදිරියෙන් සිටින අතර ඡායාරූපකරණය කෙරෙහි උනන්දුවක් දක්වන ඈධුනිකයන්ට මෙන්ම දෙවනි කැමරාවක් ලෙස භාවිතා කිරීම සඳහාද මෙම කැමරාවක් යොදාගත හැකිය.

කෙසේවෙතත් මෙම කැමරාවන් හුදෙක්ම සංකීර්ණ සහ දියුනුකරණ ලද Compact කැමරා වර්ගයක් කීව හැක. මක්නිසාදයත් මෙහි සෙන්සරය සහ ප්‍රොසෙසරය බොහෝ සමාන වන්නේ කම්පැක්ට් කැමරාවකටවන හෙයිනි. ඊට අමතරව සමහර Coompact සහ DSLR කැමරාවල නොමැති අංගයන් මේවායේ තිබිය හැක. උසස් මාදිලියේ Bridge කැමරාවක් මිල අඩු DSLR කැමරාවක මිලට සමානවිය හැකි නමුත් එය එතරම් ගුණාත්මක ඡායාරූපයක් ලබාදෙන්නේ නැත. යම් මුදලක් වැයකොට ඔබ DSLR කැමරාවක් මිලදී ගත්තත් ඔබට අහිමිවන්නේ සූම් බලය පමණි. අනික් සෑම අතින්ම DSLR කැමරාව ඉදිරියෙන්ය.

Sunday, August 5, 2012

උදව්වක් අවශ්‍යයි!

අපේ යාලුවෙක්වන මින්දද අයියාට කරදරයක් වෙලා තියනව.
මෙන්න එයාගෙ වචන වලින්ම....

දෙන්නෙක් අපේ ගෙට රිංගලා පිහි, තුවක්කු පෙන්නලා අපිව බැඳලා දාලා අපේ ගෙදර සුද්ද කළා. මගේ D3100 කැමරාවයි, ලැප්ටොප් එකයි, Nokia N900 ෆෝන් එකත් අරගෙන ගියා.

මම ඔයාලගෙන් ඉල්ලන්නේ මහරගම, පිලියන්දල, කොට්ටාව හරි ඒ අවට හරි කොහේදි හරි කෙනෙක් පාවිච්චි කරපු D3100 කැමරාවක් හරි අර දේවල් හරි සැක සහිතව ඉතා අඩු ගාණකට ඔයාලට විකුණන්න හැදුවොත් හරි, එහෙම විකුණන්න තියෙනවා කියලා ආරංචියක් ලැබුනොත් හරි මට පණිවිඩයක් දෙන්න.


ලොකු උදව්වක්...


කැමරාවට අදාල serial numbers-

කැමරා බොඩිය - 2122843
18-55 ලෙන්ස් - 16114447
55-300 ලෙන්ස්- 2358234

අදාල කැමරාවේ සහ උපාංගයන්හි රූප කිහිපයක් පහතින් දක්වා ඇත.

කැමරාවෙ සහ කාචයේ යට කොටසේ අදාල අංකයන් සටහන්කර ඇත.