ස්තුතියි ! කියවන එක තමයි ලොකුම හයිය !

Saturday, November 19, 2016

සිරාවටම ආදරයද , යටිහිතේ කුහකත්වයද ?

හැමෝම ආසයි හම්බකරන්න , ජීවත්වෙන්න , හිටියට වඩා ටිකක් හොඳට ජිවත් වෙන්න , ඊටත් වඩා ටිකක් හොඳට ජිවත් වෙන්න , හොඳටම ජීවත්වෙන්න. එක විදියකට ගත්තම අපි කරන හැමදේම කරන්නේ ජීවත්වෙන්න. ටික දෙනෙක් ඇති සමහරවිට ස්වර්ගෙට නිවනට යන්න හිතාගෙනම ජීවත්වෙන. අවුලක් නැ .

අද මම කතාකරන්න යන්නෙ තනිකරම දෙයක් ගැන මගෙ මතය. ඒ නිසා බොහෝදෙනා මගෙත් එක්ක එකඟ නොවෙන්න පුලුවන්. එකඟ උනත් නැතත් කමක් නැ. අදහස පල්ලෙහායින් ලියාගෙන යන්න..... අනික් අය හිතන දේවල් දැනගන්නත් එපැයි.

මාතෘකාවට ආවොත් කැනන් නිකොන් පොරකෑමට පස්සෙ මම දැකල තියෙන වලිය තමයි ෆීල්ඩ් එක කනවයි කියන එක. මම ඒ ගැන කතා කරන්නයි හැදුවෙ.

මොකක්ද මේ කියන ෆීල්ඩ් එක?  අපි දැනට වෙඩින් විතරක් ගැන කතා කරමුකො. එහෙනම් ෆීල්ඩ් එක වෙඩින්, wedding photography

මේකට මොනවද ඕනෙ. විවාහවෙන යුවලක්. එතකොට ශිල්පියාට මොනවද ඕනෙ? ඌට මුකුත් ඕන්නෑ. කැමරාවක්? කුලියට ගත්තැකිනෙ. අඩුම තරමෙ ඇස් පේන්නවත් ඕන ඇතිනෙ. පිස්සුද ඔය ඕන තරම් ස්ටූඩියෝකාරයො ඉන්නෙ තමන්ගෙ නම විකුනලා ගෝලයො යවලා වැඩ කරගන්න උන්. එහෙම බැලුවම මේ ෆීල්ඩ් එකට මොනාද ඕනෙ?

සුදුසුකම් ? නැ. මේ ලංකාව බන් 😂😂

එතකොට මේ අපේ අයියලා ෆීල්ඩ් එක කනවා කියලා කියන එක ගැන අහන්න දෙයක්ද. ඇත්තටම ඔය දේවල් නිසා කෙනෙක් ෆීල්ඩ් එකෙ උන්නතිය ගැන වද වෙනවනම් කිසි ප්‍රශ්ණයක් නැ . වද වෙන්නත් ඕන. කවුද කැමති දෙන්නෙක්ගෙ ජීවිතයේ ලස්සනම දවසෙ කොහෙවත් යන මෙලෝ රහක් නැති අපතයෙක්ට දීලා අවුල් කරගන්නවට.

ඒ උනාට අපෙ අයියලා කතා කරන්නෙ ඕවා ගැන නෙමෙයිනෙ. අපෙ කට්ටිය වදවෙන්නෙ අනික් එකාගෙ පැකේජ්වල ගාන ගැන.

ඔන්න මනුස්සයෙක් ඉන්නවා. හැකියාවත් තියනවා. වැඩත් එනවා. සල්ලිත් ලැබෙනවා. ටික ටික බඩු භාන්ඩ යාන වාහනත් ජීවිතේට එකතුවෙනවා. හිටියට වඩා හොඳට කනවා බොනවා අඳිනවා. ඒවා වෙන්න ඕන දේවල් ඇත්තෙන්ම. නමුත් ටික කලක් යද්දි ෆීල්ඩ් එකට අලුත් මිනිස්සු එනවා. ඒ එන හැමකෙනාම සුපිරු වැඩ්ඩො නෙමෙයි. සමහරු හොඳ වෙන්න පුලුවන්. ටික ටික වැඩ බෙදෙන්න ගන්නවා. ඒ කියන්නෙ ආපු වැඩ දැන් අඩුවෙන්න ගන්නවා.

ඔන්න රත්වෙන තැන . අර බඩු ගනිද්දි දීපු චෙක්වලට සල්ලි දාන්නත් ඕනා. වාහන ගනිද්දි ෆිනෑන්ස් ගහපුවට ගෙවන්නත් ඕන. ඒ විතරක් නෙමෙයි අලුතෙන් එන එන ඒවා ගන්නත් ඕනෙ නැත්තං රැල්ලට
යන්න බෑනේ.

ඔන්න ඔය අස්සෙ දකිනවා තව එකෙක් තමන්ට වඩා අඩුවට වැඩ කරනවා. සමහරවිට ඌ හොඳ වෙන්නත් පුලුවන් නැති වෙන්නත් පුලුවන්. ඒවා අදාලම නැ. ගාණ අඩුයිනෙ. ඔන්න ෆීල්ඩ් එක ගැන මවාගත්ත ආදරය එලියට එනවා. කොටි නැගිටිනවා වගේ සීන් එකක් තමයි මේක.  නොකියා කියනවා ෆොටෝග්‍රැෆර් කෙනෙක් උනාම මේවා තියෙන්න ඕනේ අරක තියෙන්න ඕනෙ. ස්ටූඩියෝ එකක් තියෙන්න ඕනෙ. ජපන් කාර් එකක් තියෙන්න ඕනෙ , ජර්මන් නම් වඩා හොඳයි. උන්ගෙ මතේ අනුව ඇල්ටො එකෙ එන ගෙදරම කාමරයක් හදලා ස්ටූඩියෝ එකක් කරන් යනවනම් ඒක සුදුසු නෑ.  කැමරාව තිබිලා ඕනම ලෙන්ස් ටික තිබිලා අමතර දේවල් කුලියට ගන්න ඔට්ටු නැ. මෙන්න මේවා තමයි ස්ටෑන්ඩර්ඩ් කියන ශිල්පියාට තියෙන සුදුසුකම් ( අරගොල්ලො කියන විදියට ) . ඒ අතරෙ තමන්ගෙ පැකේජ් එක තමයි හරි ගාණ ඊට අඩු වෙන්නනම් බෑ වගේ මතේකුත් ලාවට ගෙනියනවා. ක්ශේත්‍රයෙ තියන ඒකාධිකාරය තමන්ගෙ අතින් ගිලිහෙද්දි වෙනදා වැටිච්ච ලයික් ගාන කමෙන්ට් ගාන නැතිවෙද්දි බය හිතෙන එක එක අතකට සාධාරණයි. මම මුලින්ම කිව්වත් වගේ හැමෝම ජීවත්වෙන්නනෙ මේවා කරන්නෙ.

මමනම් හිතන්නෙ කෙනෙක් ජීවත්වෙන්න ඕන මට්ටම තීරණය කරන්නෙ තමන්. හැමෝම ඉහලටයන්න ආසයි. නමුත් ඒ ඉහල යන්නෙ කොතරම් වේගෙකින්ද කියන එක තීරණය කරන්නෙ වෙන කෙනෙක් නෙමෙයිනෙ. තමන්ගෙ අතට එන සල්ලි වියදම් කරන විදිය තියෙන්නෙ තමන්ගෙ අතේ.

එතකොට ඇත්තටම ෆීල්ඩ් එක කන්නෙ නැද්ද කවුරුවත් ? අපො ඉන්නවා. කවුද කන්නෙ. ඒක හොයාගන්න ඕනෙ ඒගොල්ලො ගාවට යන අය මිසක් ෆොටෝ ගන්න කෙනා නෙමෙයි. ගිහිල්ලා කුඩුකරන්නයෑ 😂

තමන්ගෙ වෙඩිම බැරිනම් ඕන දෙයක් කරගන්න යනවනම් හොයල බලන්න ඒ පුද්ගලයා ගැන. බලන්න එයා කරපු වැඩ ටිකක්. වටින් ගොඩින් විපරම් කරල බලන්න පොලුකාරයොද කියල. වැඩ අරන් ෆොටෝ නැති උනා කියනවද කියල. ඒ වගේම ඒ ගානට වැඩ කරන අනික් අයගෙ වැඩ කොහොමද කියන එකත්. මොකද කියනවනම් වෙන්න ඕන ලොකුම විනාසෙ උනාට පස්සෙ සල්ලි ආයෙ අරන්වත් සොරි කියලවත් වැඩක් නැ. කියන කියන එකට ගොනාට ඇඳගන්න කලින් හොයලා බලන එක කපල් එකෙ වැඩක් මිසක් සමාජයෙ වැඩක් නෙමෙයි.

අනික සල්ලි පස්සෙ දුවන්නැති මිනිස්සු මේ ලෝකෙ ඉන්නවා. ඒගොල්ලන්ට වැඩත් තියනවා. ඒ මිනිස්සු හෙට එන්න තියන සල්ලි අද වියදම් කරන්නෙත් නැ. පල්ලෙහා ඉන්න එකෙක්ට අත දෙනව මිසක් උන්ට බයේ කනවෝ කනවෝ කියල කෑගහන්නෙත් නැ. පස්සෙ එහෙන් මෙහෙන් ආරංචි වෙලාත් තියනවා සමහර ඔය ෆීල්ඩ් එකෙ උන්නතිය ගැන කියවන අය වැඩේට යන ගෝලයට මාලුපාන් එකට එහා දෙයක් දෙන්නෙත් නෑලු......

ආපහු කියන්නෙ ෆීල්ඩ් එක කන උන් ඉන්නවා. හැබැයි උන්ව ජීවත් කරන්නෙ ක්ලයන්ට් මිසක් වෙන කවුරුවත් නෙමෙයි.

අදහස් සඳහා විවෘත්තයි.

5 comments:

  1. විවෘත ආර්ථිකයක් ඇතුලේ ඒකාධිකාරයක් තියන් ඉන්න අමාරුයි .

    ඕනම නිෂ්පාදනයකට ,සේවාවකට අත්වෙන ඉරණම ඒක තමයි. ඒකෙන් සෘජුවම මිල තරඟය එක්ක සන්සන්දනාත්මකව පාරිභෝගිකයට වාසියක් තිබ්බට ගුණාත්මක බව අතින් ගොඩක් පාරිභෝගිකයෝ සන්සන්දනයක් කරනවා අඩුයි.. හැබැයි නැතුවම නෙවෙයි .

    ඔය සිද්ධාන්තය ඡායාරූප ක්ෂෙත්‍රයටත් අදාලයි..

    හැබැයි ගුණාත්මක නොවීම පාරිභෝගිකයට අවුලක් නැත්නම් නිෂ්පාදකයා ට සේවා සපයන්නාට මොන කෙං ගෙඩියද. අවාසිය වෙන්නෙ පාරිභෝගිකයට. එහෙමයි කියලා ෆීල්ඩ් එක කනවා කියලා දෙයක් නෑ .
    තමන් ගුණාත්මකව සේවා සපයනවා නම් තමන්ගේ මිලට ඕනිතරම් වැඩ එනවා .
    කවුරුහරි කෙනෙක් අඩු මිලට කරන්නේ ඒ කෙනාට පුළුවන් නිසානේ.. ඉතින් ඒ වැඩේ කොලිටිද නැද්ද ඒක අපිට අදාල නෑ . ඒක ක්ලයන්ට් බලා ගත්තාවේ.
    සමීර අයියා කියනවා වගේ මට තේරෙන දේ තමයි මිනිස්සු තමන්ගේ ඒකාධිකාරය බිඳෙනවට බයයි.
    හන්දියේ පාක් එකේ හයර් දුවන එකෙක් අඩුවට දිව්වොත් මරාගන්නවා. අල්ලපු කඩේ එකා අඩුවට බඩු දුන්නොත් ඌ එක්ක ඇර ගන්න එනවා.
    ගාන අඩුවට බඩු ගොඩක විකුණන එකා සමහරවිට ලොකු ගනං වලට බඩු එකක් දෙකක් විකුණන එකාට වැඩිය හොයනවා. ඒක තමයි ඇත්ත.
    "ඒත් බඩු වගේ සමාන කරන්න බෑ එක දවසට වෙඩින් ගොඩක් කරන්න බෑනේ." ඇත්ත. ඒත් ඌ කරනවනේ. ගුණාත්මක ව හරි නැතුව හරි ඌ ඒක කරනවා. ඉතින් අපිට ඒක අදාල නෑ .
    සරලයි.
    අපේ වැ‍ඩේ අපි හරියට කරනවා නම් අපිට පුළුවන් අපි ව ඩිමාන්ඩ් කරන්න .

    "අර අතන ෆොටෝ 3ම 200යි." ස්ටුඩියෝ එකකට ගිය වෙලාවක පාස්පෝට් සයිස් ෆොටෝ ගන්න ආපු කාන්තාවක් කිව්වා. එතන හිටපු පුද්ගලයා කිව්වේ "එහෙනම් මිස් එතනින් කරගන්න. මේක මගේ ගාන. මේ කොලිටිය එතනත් තියෙනවා නම් ප්‍රශ්නයක් නෑ එතනින් කරගන්න. මේ ගානට මට ඕනිතරම් වැඩ තියෙනවා මගේ කොලිටිය එක්ක" එහෙම ඩිමාන්ඩ් කලා. එහෙම ඩිමාන්ඩ් එකක් නොදී බාල්දු කරන ක්ලයන්ව කෙලින්ම අර අඩු ගානට කරන කෙනා ගාවට යොමු කරන්න .
    තමන්ව මාකට් කරගන්නවා මිසක් අනුන්ට ඉරිසියා කර කර ඉන්න එක තේරුමක් ඇති දෙයක් නෙවෙයි .
    අනික හැමදාම රජ වෙන්නත් බෑ .

    ReplyDelete
    Replies
    1. කියන්න කිසිම දෙයක් ඉතුරු නොවෙන ගානටම කියල තියනවා

      Delete
  2. dan phone 1k 4to gannath puluwanne............ e nisa boruwata salli weyadam karanna, camera man la ona ne.......... ita passe api lagata ussan enwa cam 1k 24MP walin theyana 4n 1k thami me 4to gathe lassanata print karala denna keyala.... print 1k awama muna kethai color adui keyala ....... 4n 1k baluwama color hodata theyanwa... keyala qwa ma api hith walata danena sathuta neda......

    ReplyDelete