ස්තුතියි ! කියවන එක තමයි ලොකුම හයිය !

Saturday, November 16, 2013

එයයි මමයි

මේක ඇත්තටම අහම්බයක්. මම සාමාන්‍යයෙන් දෙයක් පස්සේ එලවන කෙනෙක් නෙමෙයි. එත් ඇයි දන්නැහැ එක දෙයක් කරන්නම ඕන කියල මගේ හිතට ආවේ. ඒ දෙය මම කලා, ඒ නිසා මට දෙයක් ලැබුනා. සල්ලිවලට ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. සල්ලි වලින් මනින්න පුළුවන් දෙයකුත් නෙමෙයි. අද මම ඒ දෙය ලබන්න වාසනාවන්ත වෙලා තිබෙනවා. අහම්බෙන් ලැබුණු අවස්තාවක් නිසා ...........

දවසක් වැඩ ඇරිලා ගෙදර ඇවිල්ලා fb ලොග් වෙලා ඉන්නකොට මම දැක්කා පරිගණක උදව් Facebook කණ්ඩායම පොස්ට් එකක් දාල තියනවා කොහෙදමන්දා ඩොටේ තියන ඉස්කෝලෙකට ( මට ඔය නම් ගම ම්මතක හිටින්නේ නැනේ ) කම්පියුටර් ලැබ් එකක් දෙන්න යනවා කියලා. ඉතින් මටත් නිකමට වගේ ආසාවක් ඇති උනා පුළුවන් විදියකට ඕක වෙනුවෙන් යමක් කරන්න ඕනි කියනවා වගේ හැගීමක්.කොහොමහරි එහෙම මෙව්වා එකකුත් ආවයි කියමුකෝ. තාප්පෙටම කෙලියා වගේ මගේ කම්පියුටර් එකත් කැඩුනා. කොහොමහරි වොරන්ටි තිබුන නිසා වොරන්ටි ක්ලෙම් වෙලා එද්දී ඉතින් මට ඕක මතකත් නැති තරම්. මොකද කියනවනම් 2012 කාලේ ලංකාවට එච්චර ආශ්චර්යේ පේන්නෙත් නැතිකොට මටත් එච්චර වැඩක් කරගන්න බැරි ෆෝන් එකක් නැති එකේ ඔන්න ඕක අමතක වෙලා වගේ ගිය. කොහොමහරි සති දෙකකට විතර පස්සේ කම්පියුටරය හැදිලා එද්දී කිව්වත් වගේ ඕක මතකත් නැ .............

එකපාරටම වගේ දැක්කා අදාළ ගෘප් එකේ පොස්ට් එකක් දාලා තියනවා පරිගණක විද්‍යාගාරයට අවශ්‍ය බඩු එකතුකරලා ඉවරයි කියල. ඉතින් මම ඒ ගෘප් එකේ ඇඩ්මින් තැන වෙච්ච කැලුම් අයියගෙන් ඇහුවා මෙහෙම සිද්දියක් උනා දැන් මොකක්ද කරන්නේ කියලා. එතකොට කැලුම් අයියා කෙලින්ම කිව්වේ "මුකුත් ඕන නැ මල්ලි, එදාට එන්න කියල" කොහොමහරි කාලය ගිහින් ගිහින් ඔය කියපු එදා දවසත් උදාවෙන්න ලං උනා. ඔන්න එදා දවසට ඉස්සල්ලා දවසටත් ආවා. මමත් මගේ ගාව තිබ්බ පාවිච්චි නොකරපු Power Supply එකක් අරගෙන. මගේ කැමරාවත් ලෑස්ති කරන් හිටියා. කොහොමෙන් කොහොමහරි ෆෝන් එකේ බැටරිය බැහැලා එකත් ඔෆ් වෙච්ච එකේ ෆෝන් එකත් චාර්ජ් වෙන්න දාලා මම නිදා ගත්තා 5.30ත කොටුවේ ඉන්න කියපු නිසා 4.00 විතර එලාම් එක තියලා..

ඔන්න උදේ පාන්දර කෝල් එකක් එනවා කැලුම් අයියාගෙන්. "මල්ලි කොහෙද ඉන්නේ?" . මම ඉතින් තාම ඇඳේ, වෙලාව බැලුවම 4.30යි . "තව පැයක් තියනවනේ , මම එන්නම්". "මොන පැයක්ද, දැන් 5.30යි , කරන්න දෙයක් නැ මල්ලි, අපිට බලන් ඉන්න බැ. අපි යනවා."කියලා කැලුමා කිව්වා. බලද්දී ෆෝන් එකේ බැටරිය බැහැලා ඔෆ් වෙච්ච වෙලාවේ මොකක්හරි මගුලක් වෙලා වෙලාව එහා මෙහා වෙලා. මොනා කරන්නද ඉතින් කියලා මම ආපහු නිදාගන්න හිතුවත් හිතට මොකක්දෝ දැනුන නිසා ආපහු කැලුම් අයියට කෝල් කරලා බස් එක යන්නේ කොහේ හරහාද කියලා ඇහුවා. "නුගේගොඩ" කිව්වා. ආපෝ මහා එපාකරපු ගමක් කියලා මම අවුරුදු කීපයක අතීතෙට ඇදිලා ගියේ උදේ පාන්දර නැගිටගෙන ඒ ලෙවල් ක්ලාස් ආපු කාලේ මතක් වෙලා. "හරි මම පැය බාගෙකින් නුගේගොඩට එන්නම්   කියලා (කොහොමත් පැය බාගෙන් නුගේගොඩට යන්න බැ මොරටුවේ ඉදන් , අනික ලෑස්ති වෙලත් නැතිකොට ) මම බාත්රුම් එකට දුවලා මුණකට හෝදගෙන ( බාගෙටද මන්දා ) එහෙම්මම ඇවිල්ල තාත්තවත් කුද්දගෙන එයාවත් ලෑස්තිකරගෙන මම බයික් එකට නැග්ගේ මිස්ටර් බීන් අර කොහෙද යනවා වගේ. ෂර්ට් එකේ එක බොත්තමක් දාගෙන කලිසමෙත් බෙල්ට් එක එල්ලන් කැමරා බැග් එකයි Power supply එකත් අරගෙන බයික් එකට නැග්ගා. ගාලු පාරෙන් පොඩ්ඩක් දුරින් හිටපු නිසා පාරට එනකම් බොත්තම් දම දමා බෙල්ට් එක තද කරකර ආවා. තාත්තත් හිතාගන්න බැරි වේගෙකින් ගෙදර ඉදන් නුගේගොඩට ආවා. කොහොම ඒමක් ආවද කියනවනම් මම හෙන බයේ හිටියේ ආපු ඒමට කොහෙහරි වැදුනානම් කිලෝ මීටර් කියක් දුරින් ආපහු බිමට වැටේවිද කියලා. කොහොමහරි විනාඩි 22න් අපි නුගේගොඩ. අපි එනකම් අපරාදේ කියන්න බැ බස් එකත් නවත්තන් හිටියා HNB එක තියන හරියේ විතර. බස් එකේ සුපුරුදු කීපදෙනෙක් වගේම නුපුරුදු බොහෝ දෙනෙකුත් හිටියා. ඔය අතරේ විශේෂ කෙල්ලෙකුත්.

එයා ටිකක් විශේෂයි වගේ, එච්චර අනික් අයත් එක්ක කතාවක් නැ වගේ. කුලැටියි . රෝස පාට චාම් සාරියක් ඇඳන් ඇවිල්ලා තිබුනෙත්. ලොකුවට කැමැත්තක් ඇති උනේ නැතුවට පොඩි විශේෂත්වයක් දැනුනා. අනේ මන්දා මොකක්ද කියලා. කොහොමහරි අපි යන්න ඕන තැනටත් ගියා . පරිගණක උදව් Facebook කණ්ඩායම මගින් සිදුකරන ලද මැදගංඔය , ශ්‍රී ධම්මසේන විද්‍යාලයට පරිගණක විද්‍යාගාරයක් ලබාදීමේ ප්‍රජාසත්කාරය තමයි වැඩේ.  වචනයක්වත් කතා නොකරපු එකේ මට දැන් පොඩි ආසාවක් ඇතිවෙලා තිබුනේ මෙයා එක්ක ටිකක් කතා කරන්න. මෙයා කිව්වේ මම ඒ වෙද්දිවත් එයාගේ නමවත් නොදන්නා නිසා. කොහොමහරි මම වැඩේට ගිහිල්ලා මට පුළුවන් විදියට ෆොටෝ ටික ගත්තා. කතා කරන්නත් ටිකක් බයයි වගේ, ඇයි යකෝ මෙකි තාම අත දරුවා වගේ අම්මගේ අතේ එල්ලිලාමනේ ඉන්නේ. කොහොමහරි ඔන්න පොඩි වෙලාවක් ලැබුනා
ඒක තමයි මේක
කෙල්ල තනියම ඉන්න ( අම්මා නැතුව ) මම ලංකලා. ලන්වෙනවත් එක්කම මගේ ඇහැට පොඩි ලමෙක්ව අහු උනා. මටත් නොදනිම මගේ ජම්ම ගතිය ඇවිල්ලා, ඔන්න ඕකි යකාට ගියදෙන් ෆොටෝ එක මිස් කරගන්න බැ කියලා මම ගිහින් හිතේ අන්දිච්ච ෆොටෝ එක ගත්තා. ආපහු මතක් වෙලා බලද්දී කෙල්ල නැ. ඔන්න ඕක තමයි මමයි කැමරාවයි අතර තිබ්බ මෙව්වා එක. ඔන්න කොහොමහරි ගිය වැඩෙත් ඉවරයි.මමත් ටිකක් ඇවිදින්න ගියා ෆොටෝ ටිකක් ගන්න මොන මොනවහරි වටපිටාවේ තියන දේවල්වල. මෙන්න මම ගිහින් එද්දී අර සාරි ඇඳන් හිටපු අක්කලා, අම්මලා, ඇන්ටිලා ඔක්කොම Denim වලට බැහැලා. මට නිකන් කොයිල් වගේ වගේ. මුන් නිකන් වෙඩින් එකේ ගොයින් අවේ ( ගොන් අවේ) මාරු කරලා වගේනේ කියල මට හිතුනා. ෆොටෝ එකක් ගන්නත් හිතුනා, එත් එකත් මිස් උනා. ටික වෙලාවකින් ආපහු අර කෙල්ලව මම දැක්කා. සෝයි අනේ එයා තවම සාරියෙන්. දැන්නම් මට නිකන් ආසයි ආසයි වගේ.කොහොමහරි එදා දවස ගෙවිලා ගියේ වචනයක්වත් කතා නොකර. එයා යද්දී "බායි" කියලා ගියා වගේ මතකයි ලාවට ලාවට.........

පස්සේ දවසක දැනගන්න ලැබුනා එයාගේ නම නිලීකා කියලා.


ඔය සිද්දිය වෙලා අදට අවුරුද්දකටත් වැඩියි . එක උනේ 2012 ජුලි 16 වෙනිදා........
එදා අපි දෙන්නා ඇඳ පැලද හිටියේ මෙහෙමයි. මේක ගත්තේනම් හැබැයි එදා නෙමෙයි

අද 2013 නොවැම්බර් 16 වෙනිදා.....

අදට එයයි මමයි ආදරය කරන්න පටන් අරන් මාස හයක්.
හුගාක් දේවල් සිද්ද උනා දෙන්නගෙම ජීවිතවල.... හැමදේම අදවගේ මතකයි. හුගාක් ආදරෙන්...



මේ තමයි එයා ලියන අපේ ආදර කතාව....

Tuesday, November 12, 2013

Nikon D5200 කැමරාව

නිකොන් D5200 කියන්න වෙළදපලට ආපු පෙරළිකාර කැමරාවක්. මේක පෙරළිකාර කැමරාවක් වෙන්න හේතු කිහිපයක්ම තියෙනවා. ඉතින් ඒ කැමරාව ගැන කතාකරන්න අපිත් එක්ක එකතු උනා ෆේස් බුක් එකේ අපි කව්රුත් දන්නා යාලුවෙක්. යූ රස්තා......
මෙතැන්සිට කැමරාව ගැන රස්තා කතා කරයි.

 

D5200 කැමරාව මගින් රස්තා පටිගත කරනලද වීඩියෝව මෙතනින්. 

SAMPLE PHOTOS



 

එහෙනම් තවස් දවසක , ලගදීම හමුවෙමු ! 

Tuesday, July 9, 2013

Manual දාලා ෆොටෝ ගමු

අද කතා කරමු කැමරාවේ තියන Exposure Modes ගැන. ඕනෑම කැමරාවකින් ෆොටෝ හරියට හෝ වැරදියට හෝ කොහොමහරි වදිනවයි කියන්නේ එකේ තියන කාරනා තුනක්බලපානවා. ඒ තුන තමයි සිංහලෙන් ද්වාර වේගය, කාච විවරය සහ පටල සංවේදීතාව හෙවත් තේරෙන සිංහලෙන් Shutter speed, Apeture සහ ISO. කොච්චර චාටර් ෆොටෝ එකක් ගත්තත් ඒ ෆොටෝ එකේ ඔය ටික තියනවා. නමුත් හරියට ෆොටෝ එකක් ගන්නනම් ඔය තුන අදාළ තැනට ගැලපෙන ආකාරයට ගලපගන්න වෙනවා. අධාල තැනට කිව්වේ මොකක්ද? ෆොටෝ එකක් ගත්තම එකේ පාට විතරක් තිබ්බම මදි. අවස්තාව පෙන්වන්නත් ඕන. තරගයකදී හෝ වේගයෙන් චලනයවන වස්තුවක චායාරුපයක හොල්මනක් වගේ ඇදිලා ගිය රුපයක් තිබුනොත් හරියන්නේ නැහනේ. එහෙනම් එතන තියන අවස්තාව වගේම වර්ණත් හරියට ගැලපෙන්න ඕන.....

ඒ සදහා කැමරාව විසින් ලබාදෙන අනාවරණ ආකාර කිහිපයක් තිබෙනවා. ඉන් කිහිපයක් තමන්ට අවශ්‍ය ආකාරයට පාලනය කළහැකි අතර කිහිපයක්කැමරාව විසින්ම පාලනය කරනුලබයි.

Canon සහ Nikon වර්ගයට අයත්  Entry Level කැමරා දෙකක තිබෙන අනාවරණ ආකාර වෙනස්කරන Mode dialහි රුපයක් පහත දැක්වේ.

එකින් එක ගැන කතා නොකලත් මේවායින් මුලිකම අංග කිහිපය ගැන මේ පොස්ට් එකෙන් කතා කරමු.



Auto

මුලින්ම අපි කතා කරමු Auto ගැන. කැනන් කැමරාවේ තිබෙන හතරැස් කොටුව සහ නිකොන්හි Auto ලෙසම සදහන්කර ඇතිකොටසට කරකව් විටඅනාවරණ ක්‍රමය Auto වෙතට හැරෙයි.
Auto යෙදූ විට මම ඉහත  සදහන්කල කාරනා සියල්ලම එමගින් ස්වයංක්‍රියව ගලපාගනියි. මේ සදහා කැමරාව සතු දත්ත කැව් ප්‍රොසෙසර් මගින් සිදු කරනු ලබයි. අවශ්‍ය විටක කැමරාවේ ෆ්ලෑෂරය පවා ස්වයන්ක්‍රීයව ක්‍රියාත්මක වෙයි. එමනිසා අවශ්‍ය වන්නේ කැමරාව අවශ්‍යය දිශාවට අල්ලා ශටරය ක්‍රියාත්මක කිරීම පමණයි.

Programme

මෙහිදී සිදුවන්නේ කැමරාවේ shutter speed සහ Apeture අගය කැමරාව මගින් ස්වයන්ක්‍රීයව පාලනය කිරීමයි.මෙය Autoවලින් වෙනස්වන්නේ මෙහිදී අපට Shutter, Aperture හැර අනෙක් දේ වෙනස්කරගත හැකි වීමයි. මෙහිදීද ISO අගයද ස්වයන්ක්‍රීයව වෙනස්වනලෙස සලසා තිබුණහොත් මෙය Auto mode එකෙන් වෙනස්වන්නේ flasherය ක්‍රියාත්මක කිරීම හෝ නොකිරීමෙන් පමණි.
එසේ නැතිනම් Programme යටතේ ISO, Metering mode, White Balanceවැනි settings තමන්ටම වෙනස්කරගෙන අදාල අවස්තාව අනුව කැමරාව හසුරුවන්න පුළුවන්.

ISO ගැන යම් අදහසක් ගන්න මේ පෝස්ට් උදව් වේවි!
නොයිස් සහ රෑට ෆොටො ගන්නා ආකාරය ඒ වගේම මීටරින් මෝඩ් ගැන යම් අදහසක් මෙතනින් ලබාගන්න පුළුවන්.

Shutter Priority හෙවත් Canonවලනම් TV ( Time Value )

S අකුරින් ගොඩාක් කැමරාවල තියෙන්නෙ මේකම තමයි. අපට අවශ්‍ය Shutter Speed එකක් ලබාදුන්විට ඊට අනුකූලව කාච විවරය හෙවත් Aperture එකක් කැමරාව විසින් සපයාදීම මෙහිදී සිදුවෙයි. මෙහිඳීද ප්‍රෝග්‍රෑම්හීදි මෙන් කාච විවරය හැර අනෙක් සෑම දෙයක්ම වෙනස්කල හැක, වෙනස්කිරීමට අවශ්‍ය නැත්නම් Auto WB, Auto ISO යොදාගැනීමටද හැක.
චායාරූපයට නගන වස්තුවෙ චලනය ගැන අදහසක් ඇතිවිට අපට මෙම ක්‍රමය යොදාගත හැකියි.

Aperture Priority හෙවත් Canonවලනම් AV ( Aperture Value )

 A අකුරින් ගොඩාක් කැමරාවල තියෙන්නෙ මේකම තමයි. අපට අවශ්‍ය Aperture එකක් ලබාදුන්විට ඊට අනුකූලව ඩ්වාර වේගය හෙවත් Shutter Speed එකක් කැමරාව විසින් සපයාදීම මෙහිදී සිදුවෙයි. මෙහිඳීද ප්‍රෝග්‍රෑම්හීදි මෙන් කාච විවරය හැර අනෙක් සෑම දෙයක්ම වෙනස්කල හැක, වෙනස්කිරීමට අවශ්‍ය නැත්නම් Auto WB, Auto ISO යොදාගැනීමටද හැක.
පහසුවෙන්ම පසුතලය බොඳකිරීමට හෝ ආලෝකය කැමරාවට එන ආකාරය වෙනස්කර බැලීමේ සිට HDR සඳහාද A යොදාගත හැකියි.

Manual 

පෝස්ට් එකෙ නමත් මැනුවල් දාලා ෆොටෝ ගන්නෙ කොහොමද කියන එක. ඒත් දැන් තමයි ඔන්නහරියට වැඩේට බහින්න යන්නෙ.

ඇයි මැනුවල් ?
Manual ගන්නෙ වැඩ්ඩොද? නෑ.
Manual ගත්තම කොලිටි වැඩිද? නෑ.
Manual ගන්නෙ ඇයි එහෙනම්? කැමරාව තමන්ට ඕන ආකාරයෙන් අදාල තැනදී හසුරුවා ගැනීම සඳහා.
කොතරම් දියුනු කැමරාවක්වුවත් නිපදවා තිබෙන්නේ අදාල අවස්තාවෙ ඇති ආලෝක තත්වය බලා ඊට සුදුසු ඡායාරූපයක් ගන්නයි. කිසිම කැමරාවකට හිත කියවන්න බෑ. නමුත් හිතේ තියන දේ ඕනනම් සංස්කරණයෙන් ගන්න පුළුවන්, නමුත් කෙලින්ම අවශ්‍ය ලෙසම අදාල අවස්තාව හසුකරගන්නනම් Manual කියන්නෙ හොඳ ක්‍රමයක්.

කොහොමද Manual ?
කොහොමද කියනවත් එක්කම මුලින්ම කියපු දේ ආපහු මතක්කර ගමු. ඕනෑම කැමරාවකින් ෆොටෝ හරියට හෝ වැරදියට හෝ කොහොමහරි වදිනවයි කියන්නේ එකේ තියන කාරනා තුනක්බලපානවා. ඒ තුන තමයි සිංහලෙන් ද්වාර වේගය, කාච විවරය සහ පටල සංවේදීතාව හෙවත් තේරෙන සිංහලෙන් Shutter speed, Apeture සහ ISO. කොච්චර චාටර් ෆොටෝ එකක් ගත්තත් ඒ ෆොටෝ එකේ ඔය ටික තියනවා. නමුත් හරියට ෆොටෝ එකක් ගන්නනම් ඔය තුන අදාළ තැනට ගැලපෙන ආකාරයට ගලපගන්න වෙනවා.
අන්න ඒක ඡායාරූපශිල්පියා විසින්ම ගලපාගන්න ක්‍රමවේදය තමයි මැනුවල්............

හරි, එහෙනම් මැනුවල් කරකවමු. හරියට ගමු..............

පොඩ්ඩක් අපි අදාල කොටස් තුන ගැන කතාකරමුකො

Shutter Speed - කැමරාවෙ සෙන්සරය මතට ආලෝකය පතිතකරවන කාලය.
 ෆොටො එකක් බොඳ වෙන්න හේතු 3ක් බලපානවා.
1. කැමරාව සෙළවීම
2. වස්තුව සෙළවීම
3. දෙකම සෙළවීම ( යට දෙක නෙමෙයි, ඉහත කරුනු 2 )

හැම වෙලාවකම අපි උත්සහගන්න ඕන අපේ අත නොසෙල්වෙන්න තියාගන්න. සාමාන්‍යෙන් කියනවනම් අපේ හදගැස්ම පවා අඩු ද්වාර වේගයකදී කැමරාව සෙලවීමට හේතුවෙන්න පුළුවන්. එය වලක්වාගන්නනම් කාචයේ Focul Length එකට වඩා හෙවත් mm ගනනට වඩා ඉහල ශටර් ස්පීඩ් එකක් තියාගත්තනම් කැමරාව සෙලවෙන්න බලනවා අඩුයි. උදාහරණයක් එක්කම කිව්වොත් 300mm සූම් කරලා ෆොටෝ එකක් ගන්නවනම් ශටර් ස්පීඩ් එක 1/320 හෝ ඉහල යොදාගත්තනම් ගොඩකදුරට සෙලවීම අඩුකරගන්න පුළුවන්. ඒ වගේම කැමරාවෙ හෝ ලෙන්ස් එකෙ තිබෙන Image Stabilizer ක්‍රියාත්මක කරගත්තනම් තවත් අඩු ද්වාර වේගයන් පාවිච්චි කරන්න තිබුනා. නොයෙක් ලෙන්ස්වලදි මෙය නොයෙක් නම්වලින් හැඳින්වෙනවා VR, IS, VC, OS ඉන් මූලිකම හතරක්. ඔන්න ඕක ඕන් කරගන්න එකයි ඇත්තෙ.
මොකක්ද මේ Image Stabilizer කියන්නෙ
කැමරාව සෙළවීමකට ලක්වුනුවිට එය මගින් චායාරූපයේ ඇතිකරන බොඳගතිය වල්ක්වාගැනීම සඳහා අමහර ලෙන්ස්තුල ඇති ක්‍රියාවලියක් තමයි මෙලෙස හඳුන්වන්නෙ, එමගින් ලෙන්ස් එක තුල ඇති විෂේශ කාච පද්දතියක් මගින් ආලෝක කිරණවල වෙනස්වීඊම් පාලනයකරනවා. මෙය Lens shift Stabilizer වෙයි.  සමහර කැමරාවලනම් මෙම ක්‍රියාකරිතවය තියෙන්නෙ සෙන්සර් එකෙ, සෙන්සර් එක සෙලවීම මගින් කැමරාවෙ සෙලවීමෙන්වන බොඳගතිය අඩුකරගැනීමක් ඒවායෙ වෙනවා. මෙය Sensor shift Stabilizer වෙයි.
එහෙම නැත්නම් හෝ බොහෝ වෙලාවක් ශටරය හැර තබනවානම් ත්‍රී පාදයක් බාවිතාකරන්න වෙනවා.
මෙමගින් කැමරාව සෙලවීම මගින් වන හානිය වලක්වාගන්න පුලුවන්


වස්තුවක සෙළවීම බොහෝවිට අපගේ පාලනයෙන් තොරයි. වාහනයක් හෝ ක්‍රීඩකයෙක් වැනි වස්තුවක් ග්‍රහනයකර ගන්නා විට අප කලයුත්තේ එම චලනයට වඩා වැඩි Shutter Speed එකක් යොදාගැනීමයි.
නැතහොත් අදාල වස්ත්ව සමගම ඒකාකාරි වේගයකින් කැමරාව අදාල දිශාවට චලනය කිරීම මගින් නිර්මාණාත්මක ඡායාරුවක් ලබාගත හැකියි.



Aperture හෙවත් කාචය තුලට ආලෝකය ඇතුල්කරගන්නා සිදුරේ ප්‍රමාණය මත තමයි බාහිරින් එන ආලෝකය කොතරම්දුරට කාචය හරහා සෙන්සරය හෝ පටලය මතට පතිතකරනවාදයන්න තීරණය කෙරෙන්නෙ. ඇපිචරය හඳුන්වනු ලබනෙ f අංකයක් මගිනි. f අගය අඩුවෙන තරමට ඇතුලට ගන්නා ආලෝකයේ ප්‍රමාණය වැඩිවේ.....
එකම shutter speedඑකක් යොදාගනිමින් ඇපිචර් අගය වැඩිකරමින් බැලූවිට ඡායාරූපය අඳුරුවනු දැකිය හැක. එසේවන්නෙ ඉලක්කම වැඩිකරනවිට සිදුරේ ප්‍රමානය හෙවත් ඇතුලට ආලෝකය ඇතුලත්කරගනා ප්‍රමානය අඩුවනු නිසාවෙනි..........

ISO යනු Shutter Speed හෙවත් සෙන්සරය ආලෝකයට විවරවන කාලය තුලදී Aperture හෙවත් සිදුරේ ප්‍රමාණය තුලින් ඇතුලට ගන්නා ආලෝකය කොතරම් දුරට කැමරාවට සම්බන්ද මොලය වැනි කොටසක්වූ Processorය මගින් කෙතරම්දුරට  දුරකට පිරික්සමින් ඒවායේ ඇති දත්ත සොයාගන්නට උත්සහගන්නවාදයි තීරණය කරදීමයි. ISO පිලිබඳ වැඩි විස්තර ඉහත පෝස්ට්මගින් දැනගත හැක.

එහෙනම් ප්‍රායෝගිකව මැනුවල් දාලා ෆොටො ගන්නවනම්.
1. අත නොසෙල්වෙන ගානට සහ වස්තුව චලනයවන වේගයමත shutter speedඑකක් යොදාගත යුතුයි. හොඳින් ආලෝකමත්වී ඇති එලිමහනකනම් තවත් වැඩිකලාට කම්නැත.
2. පවතින හෝ කෘතීමලෙස සපයන ආලෝකයට සරිලනලෙස කාච විවරය හෙවත් Aperture සකසාගත යුතුයි.
3. ඉහත කරුනු දෙක අනුව ISO සකසාගත යුතුයි. නමුත් ISO වැඩිවෙන තරමට ඡායාරූපයෙ ගුණාත්මකබව අඩුවෙයි.

බොහො කැමරාවල Shutter Speed වෙනස් කිරීම සඩහා වෙනම රෝදයක් ඇත, එය කරකැවීම මගින් ශටර් ස්පීඩ් වෙනස්කල හැක. නිකොන් කැමරාවලනම් මෙය දකුනතේ මහපට ඇගිල්ල සහ කැනන්වල දකුනතේ දබර ඇගිල්ල යොදාගෙන වෙනස්කිරීමට හැකිලෙස  නිර්මාණය කර ඇත. එය පෙන්වන්නේ තප්පරයෙන් කොටසක් මෙනි. එනම් මේ පෙනෙන කැමරාවේ Shutter Speed එක තප්පරයෙන් විස්සෙන් එකකි.

එමෙන්ම Aperture වෙනස්කිරීම සඳහා Entry Level කැමරාවන්හී වෙනමම Dialඑකක් නැති අතර ඒවායේදී තවත් බොත්තමක් තදකරගෙන ශටර් ස්පීඩ් වෙනස්කරන  යතුර කැරකැවීම මගින් ඇපිචරය වෙනස්කල හැක. තත්වය උසස් කැමරාවන්ගේ මේ සඳහා වෙනම බොත්තමක් පිහිටයි.එය නිකොන්හී කැමරාව ඉදිරිපසින් දකුනතේ දබර ඇගිල්ලට හසුවෙන ලෙසත්, කැනන්වලදී ඩිස්ප්ලේ එක සමග දකුනතේ මහපට ඇගිල්ලට හසුවනලෙසත් පිහිටයි.

ISO සඳහාද බොහෝවිට වෙනම බොත්තමක් පිහිටයි එය ඔබාගෙන ශටර් ස්පීඩ් එක වෙනස්කරන රෝදය කැරකීම මගින් ISO වෙනස්කල හැක.

කොහොමද එහෙනම් හරියට Exposure එක හෙවත් අනාවරණය හදාගන්නෙ?

Exposure Meter - දැන් තමයි මීටරේ ප්‍රයෝජනයට ගන්න ඕන.

Viewfinderය තුලින් බැලුවම පහලින් පෙනෙයි මේ වගේ රූපයක්. + ලකුණේ සිට - ලකුන දක්වා දිවෙන කඩ ඉරි හෝ තිත් පේලියක්. මේකෙන් තමයි අපිට කිඅන්නෙ අදාල වෙලාවේදි අප විසින් යොදාගන්න ඕනවෙන්නෙ කොහොම අණාවරණයක්ද කියන එක. හරිලෙස අණාවරණයක් ලබාගන්නනම් මේ මීටරයේ මැද තියන 0 ලකුනට උඩින් හෝ යටින් තනි ඉරි කැබැල්ලක් පැමිණ නතරවෙන්න ඕන.
- මේ රූපයේ පෙනෙනවා වගේ.

ඉරි කැබල්ලක් හෝ කිහිපයක් - (රිණ) ලකුණ පැත්තට බරනම් එතනින් කියන්නෙ අඩු අණාවරණයක් හෙවත් අදාල Exposure යොදාගතහොත් ලැබෙන ඡායාරූපය නිවැරදි ලෙස ආලෝකමත්ව නොමැතිව අඳුරුවනු ඇති බවයි.

+ (ධණ) පැත්තට බරයිනම් ඒකෙම අනික් පැත්ත තමා. අධි අනාවරණයක් හෙවත් සුදුවී Details නැතිවගිය ඡායාරුවක් එහිදි ලැබෙනු ඇත.

දැන් එහෙනම් කැමරාව අතට ගමු, වීව් ෆයින්ඩරය තුලින් අපට හසුකරගන්න අවශ්‍ය දෙය දෙස බලමු.

-අවශ්‍ය රාමුවට අදාලව Metering Mode සකසාගන්න.
-අත නොසෙල්වෙන තරමේ හෝ වස්තුවේ වේගයට සරිලනලෙස Shutter Speed සකසාගන්න.
-ඔබට අවශ්‍ය පසුතලය බොඳ කිරීමටනම් මුලින්ම Aperture අගය අඩුම ඉලක්කමට සකසාගන්න.
-දැන් මුලින්ම හදාගත්ත ශටර් ස්පීඩ් හෝ ඇපිචරය අනුව යමින් අනෙක් කොටස් ගල්ලපාගන්න. ( ISO සහ Shutter Speed/ Aperture )

ආපහු මතක් කරන්නම්කො කෙටියෙන්.............

ඇපිචර් ඉලක්කම වැඩිවනවිට ආලෝකය අඩුවේ
ශටර් ස්පීඩ් වැඩිවනවිට සෙලවීම් අඩුවෙ, එමෙන්ම ආලෝකයද අඩුවෙයි
ISO වැඩිවන තරමට ආලෝකයට දක්වන සංවේදිතාව වැඩිවේ, නමුත් Noise හටගනී. ආලෝකය වැඩි තැනක්නම් අඩු ISO අගයක් භාවිතා කරන්න.

එහෙනම් ගමු Manual දාලා................





Saturday, June 1, 2013

Wedding Photography

මෙන්න ආපහු මම ආවා. බරපතල මාතෘකාවක් එක්ක. හැබැයි සුපුරුදුලෙසම වෙනස්විදියෙ කතාබහකට තමයි සෙට්වෙන්න යන්නෙ....
දුප්පත් ගෙදරක කාගෙන්හරි ඉල්ලගත්ත කාර් එකකින් පිටත්වෙන මනාල යුවල සිට කොලඹ හතේ බෙන්ස් S  class කාර් එකකින් පිටත්වෙන මනාල යුවල වෙනකම්ම විවාහයෙදි කරන්නෙ එකම දේ, නීතියෙන් සහ චාරිත්‍රානුකූලව බැදීම. තරාතිරම කෙසේවුවත් එය ශිල්පියාට පොඩි හෝ ලොකු වෙඩිමක්වුවත් අදාල මනාල යුවලහට තමන්ගේ එකම කසාදය වීමට බොහෝවිට ඉඩ ඇත. ඒ නිසා කිසිම වෙඩිමක් තවත් එක් වෙඩිමක් නොවේ! එහෙනම් හැම එකකටම විශේෂ සැළකිල්ලක් දැක්විය යුතුයි!

විවාහයක් කියන්නෙ දෙපාර්ශවයක ආශිර්වාදය ඇතුව දෙදෙනෙක් ජීවිත කාලයම එකට ගතකරන්න දෙන උත්තරීතර පොරොන්දුවක්. ඒක අදාල වෙන්නෙ ෆොටෝ ගන්න එකාට නෙමෙයි බඳින දෙන්නගෙ හත්මුතු පරම්පරාවට.කොහොම නමුත් මංගල චායාරූප ශිල්පියා සතු වගකීම් තියනවා. ඔහු දක්වන්න ඕන ගව්රවයකුත් තියනවා. ඔහුටම කියල ආචාරදර්මත් තියනවා. සල්ලිවලට විකිනෙන චාරිත්‍ර අතරේ කොන්ද කෙලින් තියාගෙන කලයුතු රාජකාරියක් ඔහු සතුවද තියනවා. ඒ ගැන අපි කතාකරමු.......

මංගල චායාරුපකරණයේදී මනාල යුවලගේ චයාරුප මෙන්ම විවාහ උත්සවයේ චාරිත්‍රද එකලෙසම වැදගත්. ඒ අවස්ථාවන් එකක්වත් නැවත උදානොවන නිසා ඒ සියලු අවස්තාවන් එම මොහොතේම හසුකරගැනීමශිල්පියාට හැකිවිය යුතුයි.නමුත් ඇල්බම් එකකදී මුල්තැන දෙන්නේ දෙදෙනාගේ සහ කණ්ඩායමේ චායාරුපයන්ට නිසා ඒවා හසුකරගනීමේදී ශිල්පියාගේ දස්කම් මෙන්ම සමහර තාක්ෂණික ක්‍රම ඔහුගේ නිර්මාණයේ විශේෂත්වය සහ ගුනාත්මකබාවය දියුණුකිරීම කෙරෙහි එක එල්ලෙහිම බලපානු ලබයි.
අයෙක් තාක්ෂණික ක්‍රම, ආලෝක ශිල්පක්‍රම යොදාගනිමින් තම නිර්මාණය ඔපවත් කරන්න උත්සහ කරන්න යනවිට තවත් අයෙක් පසුතලයේ සුන්දරත්වය සමග ස්වභාවික ඉරියව් හසුකරගනිමින් නැව්ම් නිර්මාණයක් කරන්නට කෙනෙක් උත්ස කල හැක. එයට අදාළ රසික පිරිස ඔහු වටා එක්රෝක්වෙනවා ඇත.
රසංග දිසානායක
ප්‍රසන්න ඉරෝශාන්
    මේ ඒ වගේම මම හරිම ආස කරන චරිත  දෙකක්.
තමාගේ ක්‍රමය සොයාගැනීම තමාගේ දෙයක්. එකවිටම wedding photography කරන්න බැහැ. එහෙම කරන්න ගියොත් මොනාවෙවිද කියල මමනම් දන්නෙත් නැහැ. කෙනෙක්ගේ ජීවිතේ විශේෂම දවසක් හසුකරගන්නනම් බොහෝ දේ ගැන වැටහීමක් තියෙන්න ඕන.
ඔන්න එහෙනම් මම ගත්ත ටිකකුත්....

මෙහෙම කිව්වට රිදෙයිද දන්නෑ. විවාහ මංගල උත්සවයක් කියන්නෙ දෙපැත්තෙම කෙරුවාවල් වගේම ඇති හැකියාවන් පෙන්නන දෙයක්. ඉතින් එහෙම එකක් ෆොටෝ ගනිද්දි අර කියපු ඇති හැකියාවල් පුරාජේරු පෙන්නන්නත් ඕන. උදාහරණයක් දෙකක් කියනවනම් මල් ගහපු කාර් එක, මුද්ද, සමහරවිට මනමාලිගෙ සාරියෙ වර්ක් එක, ආභරණ එකී මෙකී නොකී සියලුදෑ ඔය මම කියපු පුරාජේරුවට අයිතියි. එහෙනම් පොඩි ගානේ සිට බර ගාන දක්වා ඔබට ගෙවා ඔබෙන් ලබාගන්නා ඇල්බමය ඇතුලේ ඔව්න්ගේ තත්වය පෙන්වා තිබිය යුතුයි!

මනාල යුවල සමග මිත්‍රත්වයක් ඇතිකරගැනීම බොහොම වැදගත්. විවාහයට පෙර ඔව්න් මුණගැසී ඔව්න් සමග විවාහ දිනය දා කෙරෙන වැඩකටයුතු සැලසුම් පිලිබදව දැනගන්න. ඒ සම්බන්දව තමන්ගේ අදහස් යෝජනා එකතු කරන්න. රබර් ඇහැ බැරිනම් ටයිටේනියම් අහකින්හරි කමක් නැහැ දෙන්නා දිහා බලන්න. හැම කෙනෙක්ම ලස්සනට පෙනෙන කෝණයක් තියනවා. එක අදුනගනීම බොහොම වැදගත්.

නොයෙක් නොයෙක් සමාජ තත්ත්ව , ආගම්, පළාත් අනුව මංගල උත්සවයක සිදුවන පිළිවෙත් යම්යම් ලෙස වෙනස්වනු ඇත. ඊට අදාළ තත්වයන් තේරුම්ගෙන ඒ අනුව ක්‍රියා කිරීම ශිල්පියා විසින් කලයුතුයි. උඩරට මුල් ඇදුම බොහෝදෙනා ඉතාමත් ගෞරවාන්විතව අදින ඇදුමක්. එය පිලිබිබු කරන්නේ රාජකීයබවක්, තේජසක්. එවැනි ඇදුමකට හැම ආකාරයකම ඉරියව් ගැලපෙන්නේ නැහැ. එම ඇදුම අදින්න කලින් පවා කරන වතාවත්
තිබෙනවා. එමනිසා මනාල යුවල එම දේවලට ගරු කලත් නැතත්  ශිල්පියා ඒවාට ගරු කරනවානම් හොදයි.

මනාලියව හැඩගැන්වීම බොහෝවිට හිතනවට වඩා කාලයක් ගතවන දෙයක්. ඒ නිසාම  බොහොවෙලාවලදී මනාලියව ලැබෙන්නේ කියන වෙලාවට  වඩා ප්‍රමාදවෙලා. ඒ වෙලාවට ඉතින් අන්දන ගැනිගේ අම්මා මතක් කරකර හිටියටවත් පුපුරා පුපුරා හිටියයි කියලවත් වෙන වැඩක් නැහැ.වෙඩිමක් අස්සේ මාර විදියට plan ගහගෙන වැඩ කරන්න බැහැ මටනම්. plan වෙනුවට එතන තියන්න ඕන සුදානමක්. පුලුවන්නම් කලින් දවසක ගිහිල්ලාහරි කමක් නැහැ ෆොටෝගන්න තැන අවට පරිසරය ගැන අදහසක් ගන්න. එතන ආලෝකය, ආලෝකය හසුරවන්න යොදාගතයුතු ක්‍රමශිල්ප ගැන අදහසක් ගන්න.

ඔක්කොටම පස්සේ ( තව පොඩ්ඩෙන් අමතක වෙනවා) චාරිත්‍ර. ආපහු කියනවනම් කතෝලික විවාහ උත්සවයක චාරිත්‍ර එහෙම්පිටින්ම වෙනස්. ඒ හැමදෙයක් ගැනම , පිලිවල පිලිබදව ශිල්පියා දැනුවත්ව ඉන්න ඕන. පල්ලියකදී ෆොටෝ ගන්න නොදෙන සමහර තැන් තියනවා. ඒ ගැන දැනසිටීම වගේම සැමවිටම ප්‍රදාන සිදුවීම කෙරෙහි සිත යෝමාසිටීම ඉතා වැදගත්. ශිල්පීන් දෙදෙනෙක් සිටියිනම් එක අයෙක් ප්‍රදාන සිදුවීම ෆොටෝගන්නා අතර අනෙක් කෙනාට අවට සිදුවන දේ හෝ ප්‍රදාන සිදුවීමම වෙනත් කෝණයකින් රූපගත කරන්න ඔහුට අවස්තාව දෙන්න පුළුවන්.
හැම අවස්තාවකම වැදගත්, ශිල්පියා අවදියෙන් සිටීම ( කල්පනාවෙන් ) ඉතා වැදගත්.

කොපමණ උපකරණ තිබුනත් ප්‍රයෝජනයක් නැහැ සංයමයක් නැත්නම්. ශිල්පියා විසින් දැනගතයුතු ආචාරදර්ම තිබෙනවා. ඒවා පිලිනොපදීනම් ඔහුට පැවත්මක් තිබෙතැයි සිතන්න බැහැ.......

මෙතනින් ඉවර නැහැ......
තව කතා කරන්න දේවල් ගොඩයි.......


Friday, May 10, 2013

Ru waruna - Photography Exhibition 2013 | Hegoda School of Photography

Photography කියන්නේ කලාවක් උනාට ඒ කලාව මේ ලෝකයේ ඉන්න හැම දෙනාගේම හදවත ස්පර්ශ කරන කාරණයක්. කැමරාවක් අතට ගත්ත පලියට ෆොටෝ ගන්න උනාට එකෙන් ශිල්ප දක්වන්න බැහැ...
ශිල්පය කියන්නේ මොකක්ද ? මමත් තාම ඉගනගන්නවා. ඒ අතරේ මම දන්නා යමක් බෙදාගන්නත් උත්සහ කරානවා. මුලින්ම කෙනෙක්ට පුළුවන් වෙන්න ඕන යමක් වෙනස්ව දකින්න. ඒ වගේමයි දකින දෙයින් වැදගත්ම කොටස තෝරාගන්න. ඒ වගේම ඒ මොහොත සටහන් කරගන්න...........

මගේ ගුරුතුමා "ලාල් හැගොඩ" මහතා   


එතුමාගේ වචනයෙන්ම ශිල්පය ගැන.....


මම පන්ති යන්න ගත්තේ කැමරාව ගැන දැනගෙන. නමුත් ශිල්පිය කියන්නේ එතනින් ගොඩාක් එහාට ගිය දෙයක්බව තේරුනේ එතැනදී තමයි. බොහොම නිවිච්ච පුද්ගලයෙක් වෙච්ච එතුමාගේ ඉගැන්වීමත් ඒ වගේම සාමකාමියි....... එතුමා හැදුවේ කැමරාවේ අනාවරණය විතරක් නෙමෙයි, කැමරාවේ කාචය තුලින් කතාකරන පින්තුරගන්න තැනට අපේ ඇහැ වගේම මනසත් හැදුවා......... මේ ඒ වගේ එතුමාගේ ශිෂ්‍යයන් ගත්ත කතාකරන පින්තුරවල එකතුවක්...........

මෙවරත් ප්‍රදර්ශනයක් පැවැත්වෙනවා. ඒ මේ මස (මැයි) 18, 19,20 දිනවලදී කොලබ ලයනල් වෙන්ඩට් කලාගාරයෙයි.........
එහෙනම් හමුවෙමු................


Friday, May 3, 2013

Samsung Galaxy Camera. කැමරා ලෝකයට වෙනසක්.

කට්ටිය ෆෝන් එකෙන් ඔන්ලයින් එනවා වගේ කොහොමද කව්රුහරි කිව්වොත් "මචං මම කැමරාවෙන් ඔන්ලයින් ආවේ" කිය.ඕනනම් දැන් එහෙම කියන්නත් පුළුවන්. Samsung Galaxy Camera. කැමරා ලෝකයට වෙනසක්.

මෙම ලිපිය සැකසෙන්නෙ එටිසලාට් ආයතනය මගින් ශ්‍රී ලාංකික වෙලඳපලට හඳුන්වාදෙන Samsung Galaxy Camera  පිලිබඳව මම සිදුකරනලද විචාරයට සමගාමීවය. මෙම කැමරාව පිලිබඳව මාගේ විචාරය පහත වීඩියෝවේ ඇති අතර එහි ඇති සමහර ගුනාංග පිලිබඳව මෙම ලිපියෙන් පැහැදිලිකර ඇත.



මෙන්න කැමරාව

සරලවම කියනවනම් මේක ලොකු සුම් බලයක් තියන Compact Camera එකක්. විශේෂත්වයනම් මේ කැමරාව වැඩකරන්නේ Android පාලන පද්දතියකින්. වර්තමානයේදී බහුලවම බාවිතාවෙන ජංගම දුරකථන සහ Tab ක්‍රියාකරන මෙහෙයුම් පද්දතියක් විදියට android හදුන්වාදෙන්න පුළුවන්.එයද නවතම සංස්කරණයවන Android 4.1 (Jellybean) සංස්කරණයෙන් සමන්විතයි.
තවද මෙය අගල් 4.8 (පික්සල් 1280*720) Touch Screen එකකින්ද සමන්විතයි.




කැමරාව ගැන කතා කරමු.
සැම්සුන් වෙබ් අඩවියට 
 

මූලිකම දේවල් ටික ගත්තොත් මේකෙ තියෙන්නෙ 1/2.3" ප්‍රමාණයේ CMOS සෙන්සරයක්. නමුත් එය compact camera සඳහා භාවිතාවන කුඩාම ප්‍රමාණයෙ සංවේදකයක්.
මෙගා පික්සල් ගනන 16.3ක්.
2.8 කාච විවරයක් සහිත, සූම් අගය 21ක් වන අතර, මෙහි කාචය 35mm කැමරාවකට සමානව ගත්කල එය 483mm ප්‍රමානයක් ගනීයි. 4.1 ~ 86.1mm (35mm film equivalent : 23 ~ 483mm) එම සූම් කරන ප්‍රමානය අංශක ගනනක් ලෙස ගත්කල අංශක 5ක පමන කෝනයක් ගනියි. තවද මෙම කාච පද්දතිය Optical Image Stabilizer හෙවත් කැමරාව සෙලවීම මගින් ඡායාරූපයෙ වියහැකි බොඳ ගතිය වලක්වාගන්නා පද්ධතියකින්ද යුක්තයි.
 මෙම ක්‍රියාකාරකම ඇසුරෙන් ඔබට කැමරාවේ සූම් අගය ගැන අදහසක් ගතහැකිවනු ඇත.

Wide End (සූම් නොකර) මෙහිදී අංශක 86ක ප්‍රමාණයක් හසුවෙයි. රතු පැහැයෙන් දක්වා ඇත්තේ සූම් කලවිට ලැබෙන ප්‍රමානයයි.

 
Tele End (සූම් කල විට) මෙහිදී අංශක 5ක් පමන ප්‍රමානයක් ලැබේ




ඡායාරූපය- දුශ්මන්ත නුවන් බන්ඩාර
සැම්සුන් කැමාරාවල මම දකින විශේෂත්වයක් තමයි සිත්ගන්නාසුලු නිර්මාණය, ඒ වගේම කැමරාවට එක්කර ඇති විශේෂාංග.
Scene mode යටතේ බොහොමයක්වූ ආකාරයේ පෙර සැකසුම් මෙම කැමරාවට එක්කර ඇත. ආධුනිඉකයන්ට ඉතා පහසුවෙන් කැමරාව හැසිරවීමට Scene mode උපකාරීවනවා ඇත.
ආධුනික මට්ටමෙන් එහාට ගිය කැමරාවෙ Shutter speed , Aperture, ISO ගැන හැගීමක් ඇති අය සඳහා මෙහි Manual, Shutter Priority, Aperture Priority, Programme යන Exposure modesද ඇත. එම mode භාවිතාකිරීම ඉතා සිත්ගන්නා ලෙස සකසා ඇති අතර එය ආධුනික අයෙක්ට උවද උනන්දුවක් ඇතිවෙයි. එම හැගීම DSLR කැමරාවක් භාවිතාකරන්නෙක්ට දැනෙන ආකාරයට සමීප ලෙස සකසා ඇතිවීම විශේශත්වයකි. (ඉහත වීඩියෝවේ මේ පිලිබඳව පැහැදිලිකර ඇත)

කැමරාවක් ලෙස සාමාන්‍යෙන් මෙම මට්ටමේ වෙනත් කැමරා සමග සන්සන්දනය කරද්දි හොඳ තත්වයේ ඡායාරූපයක් ලබා දෙයි. අඳුරු ආලෝක තත්වයෙදි පවා ( ISO 800 ) හොඳ තත්වයෙ ඡායාරූපයක් ලබාදෙයි.

Full HD 1920*1080, 30fps වීඩියෝගතකිරීමෙ පහසුකමද මෙයට ඇතුලත්ය.

බැටරිය මගින් ඡායාරූප 340 පමණ සහ මිනිත්තු 90 පමණ වීඩියෝගත කිරීමක් ලබාගැනීමේ හැකියාව පවතිනවා.....

සාම්ප්‍රදායික කැමරාවෙන් ඔබ්බට

ගැලැක්සි කැමරාව ප්‍රභල ප්‍රොසෙසර් එකකින් යුක්තයි. එය 1.4GHz Quad Core Application Processor සහ 1GB RAM එකකින් සමන්විතයි. එමනිසාම ක්‍රියාවන් කිහිපයක් එකවර කිරීමට එය සමත්කමක් කැමරාව සතුයි. ( Multi Tasking ) කැමරාව සතුව 4GB මතකයක් පවතින අතර , 64GB තෙක් එය Memory Card මගින් වැඩිකරගත හැකියි.

මුලින්ම කිව්වනෙ මේක සාම්ප්‍රදායික කැමරාවෙන් ඔබ්බට ගිය නිර්මාණයක් කියල. ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියක් මත වැඩකරන නිසා මෙහි තියන වාසි බොහොමයක් තියනවා. බොහෝවිට කැමරාව Updates සමගින් අලුත් වේවි. මෙගා පික්සල් ගනනෙ වෙනසක් නැති උනත් නව effects, controls කැමරාවට එකතුවේවි. ඒ වගේම කැමරාවෙ ක්‍රියාකාරිත්වය එන්න එන්නම දියුනු වෙවී....
ඇත්තම කියනවනම් මේ කැමරාවෙන් කෝල් ගන්න එක හැර අනික් හැම දෙයක්ම පුළුවන් කිව්වත් හරි.

එතනිනුත් එහාට..........
අද කාලෙ ගොඩක් ආධුනික අය කැමරාවක් ගන්නෙ ෆොටො අරන් ඒ වෙලාවෙම තමන්ගෙ යාලුවන් සමග බෙදාගන්න. ෆේස්බුක් , ට්විටර් වෙන්න පුළුවන්, වෙන ආකාරයකට උනත් ඒ දේ කරන්න මේ කැමරාවෙ ඉඩ දීලා තියනවා. wifi පහසුකම රටේ හැමතැනටම නැතත් මේ කැමරාවට sim cardඑකක් යෙදීම මගින් ඕනම තැනකසිට අන්තරජාලය හරහා සම්බන්ධවී එසැනින් ගන්න ෆොටො upload කරන්න පුළුවන්. ඒ සදහා කැමරාව තුලම Facebook, Twitter, E-mail, Instergram වගෙම Dropbox පහසුකමද සලසාදී තිබෙනවා. Dropbox මගින් තත්වයේ කිසිඳු වෙනසක් නැතිව රහස්‍යභාවයකින් යුක්තව ඡායාරූප ගබඩාකල හැකි නිසා පුවත්පත් සම්බන්ධ ඡායාරූපශිල්පීන්ටද මෙම කැමරාව වැදගත් වේවි!
කැමරාව තුලම ඇති Editing app මගින් ගන්න ඡායාරූපයට අදාල සංස්කරණ කටයුතුද බොහොම පහසුවෙන් කරන්න පුළුවන්. ඊට අමතරව වෙනයම් ආකාරයක applications අවශ්‍යනම් පහසුවෙන්ම ඒවා භාගත කරගන්නත් පුළුවන්කම ඇන්ඩ්‍රොයිඩ් නිසාම ලැබෙනවා!

අන්තර්ජාල භාවිතයේදි කිසිඳු ගැටලුවක් නොමැතිව සිංහල භාෂාවෙන් ලියැවුනු දේ පරිශීලනය කිරීමටත් මෙහි පහසුකම් සලසාදී තිබෙනවා.

Galaxy Cameraව නිශ්පාදනයක් ලෙස කැමරාවකට මූලිකත්වය දුන්නත් මෙය සම්පූර්ණයෙන්ම Media Centre එකක්, බහු මාධය්‍ය අවශ්‍යතාවන් සඳහා මෙය යොදාගන්න පුළුවන් නවතම උපාංගයක්....

පුද්ගලිකව මෙහි සෙන්සරය මෙයට වඩා මදක් විශාල ප්‍රමනයෙ එකක් යොදාගන්නවනම් හෝ මෙගා පික්සල් ගනන මදක් අඩුවෙනවනම් හෝ ඒ දෙකම එකට වෙනවනම් මම කැමතියි, එවිට තවත් හොඳ ඡායාරූපයක් දෙන්න මෙයට හැකිවේවි. Start-up delay තරමක් හෝ අඩුකරගත හැකිනම් ඉක්මනින්ම සිදුවන දෙයක් හසුකරගැනීමේ හැකියාව තවත් වැඩිවනු ඇත.

කැමරාවක් පමණක් මෙහි තිබුනානම් මගෙ මතය අනුව මෙය ගෙවන මිලට නොවටින දෙයක්, නමුත් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියක් මත ක්‍රියාකරන මෙහි අඩන්ගු අනෙකුත් ක්‍රියාකාරකම් සමග ගත්කල මෙම උපාංගය ගෙවන මිලට වටින උපාංගයක්.....

භාවිතයෙදී සතුටක් වගේම උනන්දුවක් දැනෙන සිත්ගන්නාසුලු උපාංගයක් කියන එක භාවිතාකරණ කාටත් වැටහේවි ...............





Friday, April 19, 2013

මමයි මගේ බෝතලයයි

දවස
මට මතක නෑ ඕයි, හිටහං බලලම කියන්න එක්කො............ @ ෆොටෝ බැකප්කල ඩීවීඩී තොගය හොයමින්............... හරි හොයාගත්තා. දිනය 2012 ජනවාරි 19

ඒ කාලේ මට තිබුනෙ Nikon D5000 එකයි , SunPack PZ42x කියන ෆ්ලෑශර් එකයි. එදා මට වෙඩිමක්. අපිට ඉතින් පට්ට කෑලිවල වෙඩින් කරන්න ලැබෙන්නෙ නැති තරම්. ඒත් අපරාදෙ කියන්න බැහැ හම්බුනු හැමෝම වගේ හිත හොඳ මිනිස්සු. බොහොම පොඩි පවුලක චාමෙට ගන්න විවාහ උත්සවයක් ෆොටෝ ගන්න තමයි මට යෙදිලා තිබුනේ........... හරි ඉතින් ෆොටෝ ගත්තා. ඉවරයි :P

මේ ලියන්නෙ වෙඩින් ෆොටෝග්‍රැෆි ගැන කියල හිතනවනම් "ඔබ හරි" . මූ දන්න වෙඩින් ෆොටෝග්‍රැෆි. අම්මපා සත්තයි මේ ලියන්නෙ වෙඩිමක් ගැනනම් නෙමෙයි. කොහොමහරි ගෝලයයි මමයි ගියා. අන්තිමට වීඩියෝ කරන්න ආපු කෙනාගෙ ගෝලයට මොකක්හරි වෙලා මම තනියම මගේ වැඩේ කරන්න ගත්තා. මම කැමති නෑ එක මොහොතක්වත් අත ඇරගන්න. ඒ නිසා කැමරාව මගේ අතේමයි. කොහොමෙන් කොහොමහරි කෑවෙත් නෑ. එතරම්ම වැඩ. වෙඩිමත් ඉවරයි. අන්තිමට මනමාලයට දැනගන්න ලැබිලා මම කෑවෙත් නැතිබව. ඔක්කොම වැඩ ඉවර කලාම මිනිහා මට දුන්නා බ්‍රව්න් පේපර් එකක ඔතලා මොකක්ද දෙයක්. ටිකක් බරයි. යා...... ගල් බෝතලයක් :D

මටත් පට්ට හැපි. තෑග්ගෙ වටිනාකම (මිල) නිසාවත්, වැටෙන්න ගහන්න පුළුවන් නිසාවත් නෙමෙයි. මාව සහ මගේ ක්‍රියාව ඇගයීමකට ලක්වුනා කියල මට හිතුන නිසා. දැන් උඹලට ධර්මය දෙසාබාන්න ඕනනම් යට තියනව Comment කරන තැන..... මමත් ගෙදර ආපු ගමන් තෑග්ග පෙන්නුව අම්මට. අම්මා මුකුත්ම කිව්වෙ නෑ. බොන්න බැරි වඩු පරම්පරාවකින් ආවත්, නොබොන වටපිටාවකම හැදුන හරිම කීකරු කොල්ලා නිසා නෙමෙයි අම්මා මුකුත් නොකිව්වෙ. මම කවුද කියන එක ගැන අම්මා දන්න නිසා. එදා ඉඳන්ම මේ බෝතලේ මගෙත් එක්ක එකට නිදාගන්නෙ, හැබැයි මම ඇඳ උඩ, බෝතලේ ඇඳ යට.

ඔන්න 2012 ජනවාරි 19 වෙනිදා ඉඳලම සංශුද්ධ ගල් බෝතලයක් මගේ ඇඳ යට. දැන් උඹලට හිතෙනව ඇති. මේ වගේ
ඇඳයි
බ්‍රවුන් පේපර් එකක ඔතපු ගල් බෝතලයයි
ගල් බෝතලයයි
ගල් බෝතල් තුන්කාලයි
ගල් බෝතල් බාගයයි
ගල් බෝතල් කාලයි
හිස් ගල් බෝතලයයි
කැරකෙන ඇඳයි
............
ආච්චිගෙ රෙද්ද
තාමත් බ්‍රවුන් පේපර් එකෙ ඔතපු ගල් බෝතලේ එහෙම්මමයි. (අද 2013-04-19)

ජීවිතේ ඔහේ ගලාගියා නෙමෙයි. බීලා ෆන් ගන්න උන්ව නොදැක්කත් නෙමෙයි. ලොකු ලොකු ෆොටෝග්‍රැෆර්ලා වැඩවලට ගියාම ඕවා තොලගානවා මම දැක්කා. බීලා ලස්සනට ෆොටෝ ගන්නවත් මම දැක්කා. ඒක REP එකක් වගේ සමහරු නොදැක්කත් නෙමෙයි. බිව්වට පස්සෙ මාර පොරවල් සිරා ඩයල් වෙනව නොදැක්කත් නෙමෙයි. මට තරහා ආපු අවස්තා තිබුනා, සමහරවෙලාවලදි ගෙදර අයම නිසා වගෙම වෙන අය නිසාත්. මට දුක හිතුනු අවස්තා තිබුනා, හෙම්බත් වෙනකම්ම අඩන්න උන වෙලාවල් තිබුනා. පළවෙනි සහ එකම (අද වෙනතුරු) ආදරයෙන් පැරදුනා, වැටුනා, වැළපුනා............
දුක අමතකවෙන්න හරි මත්වෙන්න කියල බොන්න නොහිතුනා නෙමෙයි. නමුත් විස්වාසයක් තිබුනෙ නෑ බිව්වම ප්‍රශ්න අමතකවෙයි කියල. සමහරවිට බිව්වම අමතක වෙනව ඇති. ඒත් මම හිතන්නෙ මට ඕන විදියට. සමහරවිට බිව්වම සිරා ඩයල් වෙනව ඇති. ඒත් මම දැනටමත් දෙතුන්දෙනෙක්ටහරි සිරා පොරක් තමයි.
ඒ ඔක්කොටමත් වඩා මම දැක්කා මම වැටුනු වෙලාවෙ කී දෙනෙක්නම් මාව ගොඩගන්න ගිහින් මම නිසාම හිතින් වැටුනද කියන එක. මට ඕන උනේ නෑ තවත් නාස්තිවෙලා ඒගොල්ලන්ට තවත් දුකක් දෙන්න. ඇයි මං නාස්තිවෙන්නෙ? මේ දුක කවදහරි ඉවරවෙයි. නමුත් ඉවරවෙලා මම ආපහු හැරිලබලද්දි මට "මාවමවත්" ඉතුරුවෙලා තියෙන්න ඕන. බොන එක මහ දෙයක් වෙන්න බෑ...... නමුත් හොඳ සිහියෙන් ජීවිතේට මූනදෙන එක ගොඩක් වෙලාවලදි අමාරු දෙයක්. මම අවුරුද්දක් තිස්සෙ ඒක කරනව. ඔව්, අවුරුද්දක් තිස්සෙ ඒක කරනව බෝතලයක් අතේ දුරින් තියාගෙන................
දැන් උඹල එකෙක්හරි ඇවිල්ලා මගේ ඇඳ අස්සෙ අත දාලා අහුවෙයන්කො, සෙට් කරනව මළකඩ කාපු මී කතුරු තොපිලගෙ ******** (එක්කො ඕන්නෑ)

මම මේක ලියන්නෙ කෙනෙක් වෙනුවෙන්. එයානම් ගල් පාවිච්චිකරන එකක් නෑ. ඒත් මම තාමත් හිතන්නෑ බිව්වම විසඳුමක් ලැබෙයි කියල.................
නොබොන තරමට හොඳ අය ඔයා එක්ක ඉඳීවි (සමහරවිට)

සුබ දවසක්............................
මේ තමයි ඒ බෝතලේ


Sunday, April 14, 2013

ගහමු Panorama


ඔන්න අවුරුද්ද දවසේ ලියන්නේ ඉතින්..
අළුත් අවුරුද්දට හැමොටම වැදගත් වෙන දෙයක් කියලා දෙන්න හිතුනා..
මේක Photoshop පාඩමක්ටිකක් දුරට...

ඔන්න ඊට කලින් .. ඔබ සැමට.. 

සිතූ පැතූ පැතුමන් ඉටුවන .. සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා.... 

හරි මුලින්ම බලමු පැනරෝමාවක් කියන්නේ මොකක්ද කියලා..
සරලවම කියනවා නම්...
එක පින්තූරයකින් ආවරණය කරන්න බැරි තරම් පුළුල් ප්‍රදේශයක් අල්ලලා ගන්න පින්තූර තමා..
ඒ කියන්නේ හද්ද වයිඩ් ඒව්වා..
පැනරොමාවකට උදාහරණයක්

හරි අපි දැන් බලමු කොහොමද පැනරොමාවකට ගැලපෙන්න පින්තූර ගන්නෙ කියලා... 

කැමරාව සකස් කරගන්න ආකාරය...
මේකට අපි යොදාගන්න කාචය .. පුළුවන් තරම් වයිඩ් වෙන තරමට හොදයි..
සාමාන්‍ය ඩිජිටල් කැමරාවක උනත් පුළුවන් තරම් සූම් අවුට් කරලා ගන්න ..
එතකොට ලේසියි මට නම්.. (හැබැයි පැනරොමාවේ ඩීටේල් ගොඩක් ඕන නම් කොටසින් කොටස සූම් කරලා ගන්න.. ඒත් ඉතින් align කරද්දි ටිකක් අමාරුයි..) හම් .. කමක් නෑ..
ආහ්.. තව එකක් කැමරාවේ මැනුවල් සෙටින්ස් හදන්න පුළුවන් නම්. එහෙම හදාලා තියා ගන්න ..
එතකොට කලර් බැලන්ස් ලු ගොඩක් දුරට..

දැන් ඔන්න පින්තූරය ගමු... 
මේක ගනිද්දී ගොඩක් දුරට සැලකිලිමත් වෙන්න ඕනේ කැමරාව උස් පහත් නොවී අල්ලගන්න..  ත්‍රිපාදයක් පාවිච්චි කරන්න පුළුවන් නම් මල් මල් තමා ඉතින්..
(මොකද ක්ෂිතජ රේඛාව හරියට ආවෙ නැත්තම් වැඩේ අවටියල් තමා... ) පින්තූරය ගනිද්දී..
නිතරම වමේ ඉදලා දකුණට කැමරාව පෑන් කරන්න පුරුදු වෙන්න..
හැම වෙලාවෙම පින්තූර ගනිද්දී.. පින්තූරෙ සමාන කොටස් 3 කට හිතෙන් බෙදා ගන්න ඒ කියන්නේ..

01

02
දැන් ඊලඟට මතක තියාගන්න ඕන දේ තමා .. ඊලග පින්තූරේ ගනිද්දී..  ඒ කියන්නේ දෙවැනි පින්තුරෙ ගනිද්දී පලමු වැනි පින්තුරෙ 3 වෙනි කොට.. දෙවැනි පින්තූරේ පලමු කොටස වෙන්න ඕනේ.. 
ඔයාලට හෙදින් බැලුවොත් පෙනේවි ඔය උඩ තියෙන පින්තූර දෙකේ..  3 කොට සහ 4 කොටස කියන දෙකම එක සමානයි කියලා.. 
කෙටිනේ කියනවා නම් ඔය හෙන ගේමක් දීල කියලා තියෙන්නේ .. පලවෙනි පින්තුරෙ අරන්.. දෙවැනි එක ගනිද්දී.. දෙවැනි එකට පලවෙනි පින්තුරේ කොටසකුත් අහු වෙන්න ගන්න කියලා..  එත් තේරෙන්නෑ වගේ නම්.. මටත් තේරෙන්නෑ.. :P

ඔන්න ඔය ආකාරයට අපි පින්තූර අරන් ඉවර කාර කියමු කෝ..
දැන් තියෙන්නේ.. ඕක වැලක් වගේ ලොකුවට දිගට එන්න හදාගන්න..
ඒකට Photoshop අවශ්‍ය වෙනවා... ps වලින් ඕක හදාගන්නත් ක්‍රම දෙකක් තියෙනවා..
අපි ලේසි එකෙන් පටන් ගමු කෝ.. හැබැයි මම දන්න තරමින් මේක එන්නේ cs 3 එකෙන් උඩ වර්ෂන් වල විතරයි..  දැන් ගොඩක් අය ඕක හෝ.. ඊට උඩ මාදිලි භාවිතා කරන නිසා ගැටළුවක් නෑ..

කරන්න තියෙන්නේ මෙච්චරයි..
කරලා බලන්න..
photoshop open කරගෙන..
File > Automate > photomerge යන්න..
මේ වගේ එකක් එයි... 
එකේ තියෙන 
browse බොත්තම ඔබලා.. අදාල පින්තූර ටික තියෙන ෆෝල්ඩරේට ගිහින් පින්තූර ටික තෝරලා.. 
ok කරලා කුස්සියට ගිහින් plane ටී එකක් හදාගෙන බීල එන්න .. 
වැඩේ වෙලා තියේවි..... 

එහෙනම් කට්ටියට ලස්සන දවසක්.....


Thursday, March 21, 2013

මමයි මගේ කැමරාවයි

මුලින්ම ස්තූති වෙන්න ඕනේ සමීරයියට මට මේකේ ලියන්න අවස්ථාව ලබා දීම ගැන..
ඔන්න මමයි මගේ කැමරාවයි,

මුලින්ම මම කවුද අනං මනං කියලා ඉන්නම්,
මම සුරේෂ් කෞශල්‍ය.., ගෙවල් ගාල්ලේ..
(ඒ ඇති වෙන කියන්න දෙයක් නෑ ලු :P )
මොලාදෙයක් නොදන්න චූ කොල්ල කාලේ ඉදලා අපි හැමෝටම හීන තියෙනවා,
මට නම් එහෙම තිබ්බද මන්දා, මට මතක නෑ සිරාවටම, කමක් නෑ කියමු..
කැමරා... මේක තමා දැන් මගේ ලෝකේ ඉන්ටරෙස්ටින්ම සබ්ජෙක්ට් එක ..
මීට චිරාත් කාලයකට පෙර (ඒ කියන්නේ ගිය අවුරුද්දේ නැත්තම් 2011 විතර )
මමත් මෙලෝ දෙයක් නොකර උ.පෙ කරන කාලේ බුකිය පුරා රොන්දේ ගහන කොට,
කොහෙන්ද මන්දා මාවත් photo talk කියලා ගෘප් එකකට ඇඩ් වෙලා තිබුනා...
මමත් ඉතින් බැලුවා.. ෆුල් ආතල් ගොඩක් උන් පින්තුර අරන් දානවා මාත් ඉතින් කමෙන්ට් දානවා..
ලයික් දානවා.. අන්තිමට බලන් ඉදල ඉදලා මාත් බැරිම තැන ආතල් එකට කටුස්සෙක් ගේ පින්තූරයක් අරන් දැම්මා..
PS ටිකක් දැනන් උන්න නිසා ඒකෙන් ලේයර් මූඩ් එක මාරු කරලා මොකක්ද අලයක් කරලා දැම්මා..
දැන් ඔන්න කමෙන්ට් එකක්, ලයික් එකක් වැටෙනකන් කට ඇරන් බලන් ඉන්නකොට ..  පුදනකොටම කාපි යකා කියලා
 සමීරයා.. දැම්ම කමෙන්ට් එකක්,
මොකක්ද බං මේ ,, මේක නිකන් අව්වට පිච්චිලා වගේ කියල..

මොනා කරන්නද මාත් පොඩි එකා නිසා කට වහන් උන්න හැටි මට තාම මතකයි ;)
minolta riva af35 c 
ඒ කාලේ මං ලග තිබ්බේ fujifilm finepix f40fd කියන කැමරාව..
ඒක ගැන කියනවා නම් ඇත්තටම ඒක හොද කැමරාවක් පවුටල් පාවිච්චචියට (පින්තූර ටිකක් විතර කොලිටී ඉතිං..)
ඊය කලින් අපේ ගෙදර පාවිච්චියට කැමරා දෙකක් තිබුනා..
මුල්ම එක ෆිල්ම් රොල් දාන එකක් minolta riva af35 c කියලා.. එකෙන් තමා මම පින්තූරයක් ඉස්සලේලාම ගත්තේ..
ගෘප් ෆොටෝ එකක්. .හැබැයි කකුල් නෑලු.. :)  (හෙයාගන්න පුළුවන් උනොත් දාන්නම් )
ඊලගට තිබුනා medion කියලා Digital camera එකකුත්..
ඒක තමා මං මුලින්ම පාවිච්චි කරපු ඩිජිටල් එක..

medion Digital කැමරාව 
ඔන්න ඔහොම ටික කාලයක් ඉන්නකොට කැමරාවේ ලෙඩක් ආවා..,
focusing error එකක්.. රෙද්ද.. කැමරාව හදන්නත් බැලුවා..
කඩේට ගියහම රුපියල් වලින්ම තුන්දාහක් විතර යයි කිව්වා..,  #$%#$ මොකක්ද මංදා..
ඒ මදිවට තව වැඩි වෙන්න පුළුවන් කිව්වා.. ගලවලා බලන්න රු 500ක් කිව්වා..
ඉතින් අසරණ මම ලබන ආත්මේ ඌ මගේ ලමයෙක් වෙයන් කියලා හිතන් ගෙදර එන ගමන් ටූල් සෙට් එකක් අරන් ගෙදර ඇවිත් ගැලෙව්වා..
ගැලෙව්වාමයි.. තාම කෑලි ටික තැන තැන.. :) 
(ඇම්ම තිබ්බට හැම එකම කරන්න යන්න හොද නෑ කියලා එදා හිතාගත්තා.. ඒ උනාට බං මිදි රස බලන්න කන්නම එපැයි)

ඉතින් දැන්ආයේ ඔහෙම ටික කලක් යද්දී DSLR එකක් ගන්න හතක් පහල උනා..
(කලින් 90 යක් දෙකක් අල්ලලා තිබ්බත් මට ඡායාරෑපකරණය ගැන මහ ලොකු හීන තිබ්බෙ නෑ .. ) නිකමට වගේ..
නිකොන් මාමිලාගේ සයිට් එකට රිංගලා බැලුවා..
අම්මට උඩු.. ඇඩෙන ගනන්.. ඩොලර් වලින්ම බර ගානක්.., මොනා කරන්නද විභාගෙ ඉවර වෙලා ගන්නවා කියලා හිතාගත්ත..
හම්....
ඒත් නින්ද යන්නෑ හීනෙනුත් පේනවා.. එක එක සයිට් වල රිවීව් බලනවා.. කම්පෙයාර් කරනවා.. තව
යූටියුබ් එකේ පෙට්ටි කඩන ( unbox කරන) වීඩියෝ බලනවා විකාරයයි..,
ඒ මදිවට සමිරයාටත් පවු දුන්න හොදට මතකයි..
Nikon Canon ද කියලා කල්පනා කරනවා.. අන්තිමට තීරණය කරා Nikon එකක් ගන්නවා කියලා..
මොකද ඒවයින් ගන්න පින්තූරවල පාට ස්වභාවික පාටට ගොඩක් සමානයි වගේ තේරුණා..
අන්තිමට නිකොන් වල අඩුම කැමරාව 3100 එකක් ගන්න හිත හදාගෙන ඉදියා
ඔහොම ටික කලක් බල බල ඉන්නකොට ගෘප් එකේ සමහරු ඩොටේ සූම් කරන්න පුළුවන් කැමරා ජාතියක් දැම්මා..
fuji Hs20 කියලා.. අම්බානට සූම් කරන්න පූළුවන්.. මැක්රෝත් හොදයි.. රිවීව් වලත් අවුලක් නෑ..
ගානත් ෂේප් එකම වාසිය DSLR වල වගේ ලෙන්ස් ගන්න ඕන නෑ ඔක්කාම එකේ..
ඒකක් ගන්න හිත හිතා ඉන්න අතරේ ගෘප් එකෙනුත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා..
තව මිරර්ලස් කියලා ජාතියකුත් තියෙනවා ලු..  ඒකේ කොලිටිටත් හොදයි.. කියනවා කියලත් අහන්න ලැබුනා..
එත් හොයද්දි තේරුනා ඒවත් මිල ටිකක් වැඩී කියලා..

හැබැයි ඔය ඉන්න අතරේ නිකන් උන්නේ නම් නෑ.. ෆොන් එකෙන් පින්තූර ගත්තා..
එක එක එව්වා කරා .. අත්හදා බැලුවා.. 
(මම ෆොන් එකෙන් කරපු හෙදම දේ තමා අර ගලවපු  කැමරාවේ ලෙන්ස් එකේ තියෙන කාඡ වලින් මැකරෝ කරපු එක..)  (වැඩි විස්තර පසුවට)

මෙහෙම කැමරා ගැන හීන දැක දැක ඉන්නකොට අපේ යාළුවො ටිකක් කොච්චි බලන්න රේල්පාර් යනවා.. ඒකට මමත් සහභාගීඋනා..
ඒකෙදී තමා උණ තියෙන කාලේ මුලින්ම හොද කැමරාවක් අතින් ඇල්ලලා පින්තූරයක් ගැහුවේ.. ඒක තමා..
අර අයිතිකාරයෝ ගොඩක් ඉන්න samsung nx100 කියන කැමරාව..
මාර ආතල්.. හැබැයි ඒකේ වීව් ෆයින්ඩර් එක නැති උනාට පත ඩිස්ප්ලේ එකක් තිබ්බා..
ඒ කැමරාවෙන් තමා මම මුලින්ම මැනුවල් කියලා සෙටිමක් හදලා පින්තූර කෙලියේ..
ගතපුවායින් 2/3ක්ම හයි කී ගහලා වගේ.. තද සුදු පාටයි..
එහෙම ටික කාලයක් ඉන්න කෙට ගාල්ලේ සේයා රූ කතාබහ කරන්න අවස්ථාවක් ලැබුනා..
ඒක සංවිධානය කරලා කොහොම හරි වැඩේ කරගත්තා.... එදා තමා මුලින්ම 7000 එකකින් පින්තූර ගත්තේ
එදා ගෙදර ඇවිත් නහයෙක් අඩපු හැටි .. හයියූ.. පත ලෙන්ස්.. ලොකු කැමරා.. මතක් වෙද්දිත් දුකයි..
අන්තිමට මට ගෙදරින් ගොඩක් ලකුණු වැටුනා මම ඡායාරූපකරණයේ මොනා හරි කරන්න හදන එකෙක් කියලා ගෙදරට හැගී ගියා..

අන්තිමට ගොඩක් කල් දැකපු හීනය 2012 ඔක්තෝමබර් මාසේ 26 සැබෑ උනා..
මම හීන දැක්කේ D3100 ක් ගන්න.. ඒත් පස්සේ ගත්තා D5100 එකක් ම..  තව 55 -300 ලෙන්ස් එකක් එක්කම..
දැන් මමත් D5100 එකක හිමිකරුවෙක්.. .

ඇත්තටම DSLR එකකයි බ්‍රිජ් කැමරාවක් අතරෙයි ලොකු වෙනසක් තිවෙනවා කියලා තේරෙන්නේ ගත්තහම තමා..
කැමරාව කියන්නේ සූම්ම විතරක් නෙමේලු නේ..

මම කැමරාව ගත්තට පස්සේ මතුවුන ගැටළු..
කැමරාව ගන්න ගෙදරින් කැමති කරගන් හැටි එහෙම පස්සේ ලියන්නම්.. ;)

Wednesday, March 20, 2013

ලොකු දුරක් ඇවිල්ල................

කාලයක් පටන් ලියල ලියල මගේ ජිවිතයේ ගොඩාක් දේවල් මම ජිවිතයට දැකලවත් නැති ය එක්ක බෙදා ගත්තා, මට ආදරය කරන ය වගේම මම වැරදි තැනදී මගේ වරද පෙන්නලා දෙන්න ඉදිරිපත් ය වගේම හිටපු  ගමන් මදක් ගහන්න ඉදිරිපත් වෙච්ච නම් ගම නැති ය පවා මේ බ්ලොග් අවකාශය තුල මට හම්බුනා. මගේ දැනුම ගැන විස්වාස කල, මගේ දුකේදී හිත හදන්න ඉදිරිපත් උන ය වගේම මම මාර පොරක් කියල, පතාක යෝදයෝ කියල හිතපු ය පවා මට මේක ඇතුලේ මුණගැහුනා, 2012 කොලබ පොඩි ග්‍රවුන්ඩ් එකක තිබ්බ සයිබර් අවරුදු උත්සවේට එන්න කියල මට  ආරාදනා කරපු චතු ( චතුරිකා දුලාංජලී ) අක්ක වගේම , එතනින් ඔලුවට ආපු අදහසක් නිසා හදන්න ගත්ත බ්ලොග් එක හදාගන්න උදව්වෙච්ච ඩීරෙන් දන්තනාරායන මල්ලි වගේම මම දන්නා තරමින් බ්ලොග්  අවකාශයේ පතාක යොදන් දේපලක් උන සොසි සහ බස්සා අයියටත්නැවත ස්තූති කරන්න ඕන...................

ලියන ලියන හැම පෝස්ට් එකක් ගානෙ කියවන අයගෙ ඉඳල ඉඳල හිටල කරක් ගහල ගිය, දැනුම බෙදාගන්න වගේම මගේ ජීවිතයෙ වෙච්ච සිදුවීම් ගැන දැනගන්න ආපු හැමෝම නිසා බ්ලොග් එකේ හිට්ස් ගනන දැන් 10 000ත් පන්නලා. හරිම සතුටුයි!


නොයෙක් නොයෙක් ප්‍රසංසා වගේම යෝජනා චෝදනා එහෙමත් මගෙ බ්ලොග් එක ගැන මට ලැබිලා තිබුනා. එතනින් විශේශම comment එකක් තමයි මේ. මේ නන්ගි තමයි මුලින්ම මෙච්චර දිග විචාරයක් දුන්නෙ මගෙ බ්ලොග් එක ගැන. ඇත්තටම මම නොදන්න නමුත් බ්ලොග් එක නිසා මාව දැනගත්ත අයත් ඉන්නවයි කියන එක මට සතුටක්. මම මෙතෙක් දුර ආවෙ ඒ හැමෝම නිසාමයි. ඒ හැමෝම මට ශක්තියක් ! ඕගොල්ලො හැමෝන්ටම ස්තූතියි!
සුරේශ් කෞශල්‍ය

 ඒ වගේම මම හිතුවා අද ඉඳන් තව කෙනෙක්වත් හඳුන්වල දෙන්න. මම වගේම වාචාල, ෆොටෝ ගන්න ආසාවක් තියන, බැහැලා වැඩක් කලහැකි තරුන කොල්ලෙක්. සමහර වෙලාවට කට ටිකක් සැර වැඩි උනාට අලුතෙන් ෆොටෝග්‍රැෆිවලට ආපු, උනන්දුවෙන් යමක් කල හැකි ජවයක් තියන හොඳ කොල්ලෙක්.
ඉදිරියෙදි මේ බ්ලොග් එක සුරේශ්ගෙ අදහස්වලිනුත් හැඩවේවි. වෙනස් විදියෙ දේවල් ගැන මෙන්ම අදහස්  වැඩි දැනුමක් ලබාගන්නත් පුළුවන් වේවී!

එහෙනම්, අලුත් පෝස්ට් එකක් එක්ක, අලුත් ගමන් සගයෙක් එක්ක අලුත් දවසක හමුවෙමු!
ජයවේවා! මොහොත උදාවනතුරු ඉවසිල්ලෙන් සිටින්න!

Sunday, March 17, 2013

මමයි එයයි

මගේ බ්ලොග් එකේ එකම කෙනෙක් ගැන දෙවරක් ලියවෙනවනම් ඒ ඔයා ගැන විතරයි.
ඒත් පලවෙනියට ලියූ දේ දැන් ඕගොල්ලන්ට බලන්න විදියක් නෑ.....

ඒකෙ මම එයාට බැනපු බැනිල්ලට ඇනෝ කෙනෙක් දාපු කමෙන්ට් එකක් කවදාවත් මේ වගේ ඇත්ත වෙයි කියල මම හීනෙකින්වත් හිතුවෙ නෑ.
"තමන් ආදරෙයි කියපු කෙල්ලටම *** කියලා කියන්න පුළුවන් නම් උඹගේ ආදරේ ගැන හිතාගන්න පුළුවන් මචං... කලින් ආදරේ කියන වචනේ තේරුම දැනගෙන ඉඳපං... නැත්නම් ආදරේ නොකර හිටපං... උඹලා වගේ කොල්ලෝ නිසා තමා කොල්ලෝ සංහතියටම බැනුම් අහන්න වෙලා තියෙන්නේ..."
මේ වචන ටික රි මෙරම් දීවි කිහිතුවෙ නෑ.......... 
ත් ඒදැහෝ නොදැදිතැට ඔයා වැලා!

හම්බෙන් සෙට් වෙච්චැරිටි දි අහම්බෙන් දැක්ක ඔයා එක්කම්මැලිගේ චැට් ද්දි පිටින් පෙනෙලාන්රස් රිතෙඩා  වැඩි යමක් තියන කෙනෙක් බව දැනිලා දන්නෙනැතුහිදිලා ගිහින්. යක් හිතේ ති වෙලා.
ත් ඔයා බෑ කිව්වා !
හැමෝගේ ඔයාත් හෙටිපිකල් ලොරි ටෝක්ස් ටිකක් දුන්නා.
ගේ හිතේ තිවුකිරීට, කේන්තිගොඩාක් දේවල් ලා ගේ දුනැතිවෙකම්, ගේ දුනැති ගන්හැදුවෙ ඔයාදුකක් දීලා. කිදාත්මෙන්ට් එකක් නිසා ඔයාසෑහෙන්රිදුනා............... දේවල් ඔයාලොකු දුකක් උනා.........

කායක් වෙලා ගියා, අකිපු ටිපිකල් ලොරි ටෝක්ස් ඔක්කොටෝක්ස්නොතියා ඔයා ප්‍රායෝගිපෙන්නුවා.  යාලුවෙක් විදිගොඩක් කිට්ටු උනා, දුසැබෙදාත්තා!

ඔන්න ඔය අරෙදි යි කෙල්ලෙක් සෙට් උනේ. ම ඒ ගේ වෙනි විරක් නෙමෙයි අන්ති වෙයි කිහිතාගෙපිස්සෙක් ගේ රේ ලා. ම එයාට ඔයාඳුන්ත් දුන්නා, ඕගොල්ලො හොයාලුවොත් උනා.සක් ඔයා කිව්වා "මීර,  අපේ යාලුක එයාප්‍රශ්යක් වෙවා. එදාට ඔයා එයා එක්රන්ඩු ගන් යන්නෙ නැතුව අපේ යාලුම අරින්. දුකක් දැනෙයි ඔයා ගේ යාලුවෙක් නැති වෙට, ඒත් හිදාගන්නම්!"කිල. ම එකොට ඔයාදීපු උත්රේ "කෝ මැරිල ඉදුන්නෑ.............................." කින එක.
කායක් යන්ලින් පොරොන්දු ගොඩක් දීපු, මාදාලා යන්නෑ කිපු එයා අපි අපු වෙනි ප්‍රශ්නෙදිපැගියා. හැදාගේ නිගෙ දුවිඳින්හිතාත්තා. වැරිලා කි.මි. 17ක් යික් එපැදන් වෙ අඩ අඩා. හැප්පෙන්නගිය වාර ගනන අනන්තයි. ඒත් හැප්පුනේ නෑමොකක්හරි කරුමෙකටද මංදා. මම යන විදියට හැප්පුනයි කියන්නෙ දානයක්ම තමයි. ඒත් හැප්පුනේ නෑ. විට ඉදුනේ විවන්වෙන්ති. නිවිද්දි ඔයා හු කිපු යක් කිව්ව. "මම මැරිලා නෑ............"කිල. ත් හිතේ රන් ඉන්බැරි උනා....................
කිව්හැදේම......................... පු ඉනි ගේ උත් ඔයා ගොඩක් උත්ත්තා හැදේරි ත්වෙගේන්න. ඔයා නිසා වෙන්ති හිතේ හිරන් හිටි දේ එලිදාලා තාත් ජීත්වෙවා.

දා ඉඳන් අවෙකම් රුයක් වෙච්මාජීත් කෙරෙව්වෙ ඔයා.කෑබීල ඉඳන් ආසකල හැමදෙයක්ම මට එපාවෙලා අමතක වෙලා තිබුනෙ....  ද ඒ හැදේම ඉර උනා...........................
(තගොඩක් අගේ හිදන්න උත්ලා, ඒ හැමෝත් ස්තූතියි)

යාගෙ අතේ දක් නැතුම අම්බාරිද්පු යා ගේ දුකේදි ට උදව් ද්දි මං ඔයාලුවැරිටර්න් එපොලිත් එක්ලැබෙගේ දැනුනා. දේවල් හු වන්බැරි උනාට ...............................

මේලියන්නෙ ප්‍රසිද්දියෙ මාව ඉල්ලන්ගේ  කෙනෙක් රන්ලින් ත්වන්න! මේක ඔයා කිකිදන්ව, මෙන්ට් න එකක්නම් නෑ......... පුළුවන්නම් දිපාඩු තිය්නම් නෝ කෙනෙක් විදිරි කියන්න.

පේ යාලු හැමදාටම තියන එකක් නෑ කෙල්ලෙ. කවද හරි ඔයා මට කිව්ව වගෙම ඔයාගෙ කෙනා අපි අතරට එනව. එදාට ඔයා මට කියපු ටික නොකියාම මම කරල අයින් වෙන්නම්................