මට මතක නෑ ඕයි, හිටහං බලලම කියන්න එක්කො............ @ ෆොටෝ බැකප්කල ඩීවීඩී තොගය හොයමින්............... හරි හොයාගත්තා. දිනය 2012 ජනවාරි 19
ඒ කාලේ මට තිබුනෙ Nikon D5000 එකයි , SunPack PZ42x කියන ෆ්ලෑශර් එකයි. එදා මට වෙඩිමක්. අපිට ඉතින් පට්ට කෑලිවල වෙඩින් කරන්න ලැබෙන්නෙ නැති තරම්. ඒත් අපරාදෙ කියන්න බැහැ හම්බුනු හැමෝම වගේ හිත හොඳ මිනිස්සු. බොහොම පොඩි පවුලක චාමෙට ගන්න විවාහ උත්සවයක් ෆොටෝ ගන්න තමයි මට යෙදිලා තිබුනේ........... හරි ඉතින් ෆොටෝ ගත්තා. ඉවරයි :P
මේ ලියන්නෙ වෙඩින් ෆොටෝග්‍රැෆි ගැන කියල හිතනවනම් "ඔබ හරි" . මූ දන්න වෙඩින් ෆොටෝග්‍රැෆි. අම්මපා සත්තයි මේ ලියන්නෙ වෙඩිමක් ගැනනම් නෙමෙයි. කොහොමහරි ගෝලයයි මමයි ගියා. අන්තිමට වීඩියෝ කරන්න ආපු කෙනාගෙ ගෝලයට මොකක්හරි වෙලා මම තනියම මගේ වැඩේ කරන්න ගත්තා. මම කැමති නෑ එක මොහොතක්වත් අත ඇරගන්න. ඒ නිසා කැමරාව මගේ අතේමයි. කොහොමෙන් කොහොමහරි කෑවෙත් නෑ. එතරම්ම වැඩ. වෙඩිමත් ඉවරයි. අන්තිමට මනමාලයට දැනගන්න ලැබිලා මම කෑවෙත් නැතිබව. ඔක්කොම වැඩ ඉවර කලාම මිනිහා මට දුන්නා බ්‍රව්න් පේපර් එකක ඔතලා මොකක්ද දෙයක්. ටිකක් බරයි. යා...... ගල් බෝතලයක් :D
මටත් පට්ට හැපි. තෑග්ගෙ වටිනාකම (මිල) නිසාවත්, වැටෙන්න ගහන්න පුළුවන් නිසාවත් නෙමෙයි. මාව සහ මගේ ක්‍රියාව ඇගයීමකට ලක්වුනා කියල මට හිතුන නිසා. දැන් උඹලට ධර්මය දෙසාබාන්න ඕනනම් යට තියනව Comment කරන තැන..... මමත් ගෙදර ආපු ගමන් තෑග්ග පෙන්නුව අම්මට. අම්මා මුකුත්ම කිව්වෙ නෑ. බොන්න බැරි වඩු පරම්පරාවකින් ආවත්, නොබොන වටපිටාවකම හැදුන හරිම කීකරු කොල්ලා නිසා නෙමෙයි අම්මා මුකුත් නොකිව්වෙ. මම කවුද කියන එක ගැන අම්මා දන්න නිසා. එදා ඉඳන්ම මේ බෝතලේ මගෙත් එක්ක එකට නිදාගන්නෙ, හැබැයි මම ඇඳ උඩ, බෝතලේ ඇඳ යට.
ඔන්න 2012 ජනවාරි 19 වෙනිදා ඉඳලම සංශුද්ධ ගල් බෝතලයක් මගේ ඇඳ යට. දැන් උඹලට හිතෙනව ඇති. මේ වගේ
ඇඳයි
බ්‍රවුන් පේපර් එකක ඔතපු ගල් බෝතලයයි
ගල් බෝතලයයි
ගල් බෝතල් තුන්කාලයි
ගල් බෝතල් බාගයයි
ගල් බෝතල් කාලයි
හිස් ගල් බෝතලයයි
කැරකෙන ඇඳයි
............
ආච්චිගෙ රෙද්ද
තාමත් බ්‍රවුන් පේපර් එකෙ ඔතපු ගල් බෝතලේ එහෙම්මමයි. (අද 2013-04-19)
ජීවිතේ ඔහේ ගලාගියා නෙමෙයි. බීලා ෆන් ගන්න උන්ව නොදැක්කත් නෙමෙයි. ලොකු ලොකු ෆොටෝග්‍රැෆර්ලා වැඩවලට ගියාම ඕවා තොලගානවා මම දැක්කා. බීලා ලස්සනට ෆොටෝ ගන්නවත් මම දැක්කා. ඒක REP එකක් වගේ සමහරු නොදැක්කත් නෙමෙයි. බිව්වට පස්සෙ මාර පොරවල් සිරා ඩයල් වෙනව නොදැක්කත් නෙමෙයි. මට තරහා ආපු අවස්තා තිබුනා, සමහරවෙලාවලදි ගෙදර අයම නිසා වගෙම වෙන අය නිසාත්. මට දුක හිතුනු අවස්තා තිබුනා, හෙම්බත් වෙනකම්ම අඩන්න උන වෙලාවල් තිබුනා. පළවෙනි සහ එකම (අද වෙනතුරු) ආදරයෙන් පැරදුනා, වැටුනා, වැළපුනා............
දුක අමතකවෙන්න හරි මත්වෙන්න කියල බොන්න නොහිතුනා නෙමෙයි. නමුත් විස්වාසයක් තිබුනෙ නෑ බිව්වම ප්‍රශ්න අමතකවෙයි කියල. සමහරවිට බිව්වම අමතක වෙනව ඇති. ඒත් මම හිතන්නෙ මට ඕන විදියට. සමහරවිට බිව්වම සිරා ඩයල් වෙනව ඇති. ඒත් මම දැනටමත් දෙතුන්දෙනෙක්ටහරි සිරා පොරක් තමයි.
ඒ ඔක්කොටමත් වඩා මම දැක්කා මම වැටුනු වෙලාවෙ කී දෙනෙක්නම් මාව ගොඩගන්න ගිහින් මම නිසාම හිතින් වැටුනද කියන එක. මට ඕන උනේ නෑ තවත් නාස්තිවෙලා ඒගොල්ලන්ට තවත් දුකක් දෙන්න. ඇයි මං නාස්තිවෙන්නෙ? මේ දුක කවදහරි ඉවරවෙයි. නමුත් ඉවරවෙලා මම ආපහු හැරිලබලද්දි මට "මාවමවත්" ඉතුරුවෙලා තියෙන්න ඕන. බොන එක මහ දෙයක් වෙන්න බෑ...... නමුත් හොඳ සිහියෙන් ජීවිතේට මූනදෙන එක ගොඩක් වෙලාවලදි අමාරු දෙයක්. මම අවුරුද්දක් තිස්සෙ ඒක කරනව. ඔව්, අවුරුද්දක් තිස්සෙ ඒක කරනව බෝතලයක් අතේ දුරින් තියාගෙන................
දැන් උඹල එකෙක්හරි ඇවිල්ලා මගේ ඇඳ අස්සෙ අත දාලා අහුවෙයන්කො, සෙට් කරනව මළකඩ කාපු මී කතුරු තොපිලගෙ ******** (එක්කො ඕන්නෑ)
මම මේක ලියන්නෙ කෙනෙක් වෙනුවෙන්. එයානම් ගල් පාවිච්චිකරන එකක් නෑ. ඒත් මම තාමත් හිතන්නෑ බිව්වම විසඳුමක් ලැබෙයි කියල.................
නොබොන තරමට හොඳ අය ඔයා එක්ක ඉඳීවි (සමහරවිට)
සුබ දවසක්............................
මේ තමයි ඒ බෝතලේ |