මගේ බ්ලොග් එකේ එකම කෙනෙක් ගැන දෙවරක් ලියවෙනවනම් ඒ ඔයා ගැන විතරයි.
ඒත් පලවෙනියට ලියූ දේ දැන් ඕගොල්ලන්ට බලන්න විදියක් නෑ.....
ඒකෙ මම එයාට බැනපු බැනිල්ලට ඇනෝ කෙනෙක් දාපු කමෙන්ට් එකක් කවදාවත් මේ වගේ ඇත්ත වෙයි කියල මම හීනෙකින්වත් හිතුවෙ නෑ.
"තමන් ආදරෙයි කියපු කෙල්ලටම *** කියලා කියන්න පුළුවන් නම් උඹගේ ආදරේ ගැන
හිතාගන්න පුළුවන් මචං... කලින් ආදරේ කියන වචනේ තේරුම දැනගෙන ඉඳපං...
නැත්නම් ආදරේ නොකර හිටපං... උඹලා වගේ කොල්ලෝ නිසා තමා කොල්ලෝ සංහතියටම
බැනුම් අහන්න වෙලා තියෙන්නේ..."
මේ වචන ටික කවද හරි දවසක මෙතරම් වදීවි කියල මම හිතුවෙ නෑ..........
ඒත් ඒක දැන හෝ නොදැන වදින තැනට ඔයා වැඩ කලා!
අහම්බෙන් සෙට් වෙච්ච චැරිටි ගමනකදි අහම්බෙන් දැක්ක ඔයා එක්ක කම්මැලිකමට වගේ චැට් කරද්දි පිටින් පෙනෙන ලාන්තරස් චරිතෙට වඩා වැඩි යමක් තියන කෙනෙක් බව දැනිලා දන්නෙම නැතුව හිත ඇදිලා ගිහින්. ආදරයක් හිතේ ඇති වෙලා.
ඒත් ඔයා බෑ කිව්වා !
හැමෝම වගේ ඔයාත් හෙන ටිපිකල් ලොරි ටෝක්ස් ටිකක් දුන්නා.
මගේ හිතේ ඇතිවුන කලකිරීමට, කේන්තියට මම ගොඩාක් දේවල් කලා මගේ දුක නැතිවෙනකම්, මම මගේ දුක නැති කරගන්න හැදුවෙ ඔයාට දුකක් දීලා. මම කියල දාගත්ත කමෙන්ට් එකක් නිසා ඔයාට සෑහෙන්න රිදුනා............... මම කල සමහර දේවල් ඔයාට ලොකු දුකක් උනා.........
කාලයක් ගතවෙලා ගියා, අර මම කියපු ටිපිකල් ලොරි ටෝක්ස් ඔක්කොම ටෝක්ස්වල නොතියා ඔයා ප්රායෝගිකව කරල පෙන්නුවා. යාලුවෙක් විදියට ගොඩක් කිට්ටු උනා, දුක සැප බෙදාගත්තා!
ඔන්න ඔය අතරෙදි තමයි මට කෙල්ලෙක් සෙට් උනේ. මම ඒ ආදරය මගේ පළවෙනි විතරක් නෙමෙයි අන්තිම ආදරය වෙයි කියල හිතාගෙන පිස්සෙක් වගේ ආදරේ කලා. මම එයාට ඔයාව හඳුන්වලත් දුන්නා, ඕගොල්ලො හොඳ යාලුවොත් උනා. එක දවසක් ඔයා කිව්වා "සමීර, අපේ යාලුකම දවසක එයාට ප්රශ්නයක් වෙනවා. එදාට ඔයා එයා එක්ක රන්ඩු කරගන්න යන්නෙ නැතුව අපේ යාලුකම අතහරින්න. මට දුකක් දැනෙයි ඔයා වගේ යාලුවෙක් නැති වෙනවට, ඒත් මම හිත හදාගන්නම්!"කියල. මම එතකොට ඔයාට දීපු උත්තරේ "යකෝ මම මැරිල ඉපදුන්නෑ.............................." කියන එක.
මහ කාලයක් යන්න කලින් මට පොරොන්දු ගොඩක් දීපු, මාව දාලා යන්නෑ කියපු එයා අපි අතරට ආපු පළවෙනි ප්රශ්නෙදිම පැනල ගියා. මම හැමදාම වගේ තනියම මගෙ දුක විඳින්න හිතාගත්තා. වැඩ ඇරිලා කි.මි. 17ක් බයික් එක පැදන් ආවෙ අඩ අඩා. මම හැප්පෙන්නගිය වාර ගනන අනන්තයි. ඒත් හැප්පුනේ නෑමොකක්හරි කරුමෙකටද මංදා. මම යන විදියට හැප්පුනයි කියන්නෙ දානයක්ම තමයි. ඒත් හැප්පුනේ නෑ. සමහරවිට ඉපදුනේ විඳවන්න වෙන්න ඇති. මම තනියම විඳවද්දි ඔයා ආපහු මම කියපු වචනයක් මටම කිව්ව. "මම මැරිලා නෑ............"කියල. මට තවත් හිතේ තදකරන් ඉන්න බැරි උනා....................
මම කිව්ව හැමදේම......................... ගගට කපපු ඉනි වගේ උනත් ඔයා ගොඩක් උත්සහ ගත්තා හැමදේම හරි තත්වෙකට ගේන්න. ඔයා නිසා වෙන්න ඇති හිතේ හිරකරන් හිටි දේ එලියට දාලා මම තාමත් ජීවත්වෙනවා.
එදා ඉඳන් අද වෙනකම් මටම කරුමයක් වෙච්ච මාව ජීවත් කෙරෙව්වෙ ඔයා.කෑම බීමවල ඉඳන් ආසකල හැමදෙයක්ම මට එපාවෙලා අමතක වෙලා තිබුනෙ.... අද ඒ හැමදේම ඉවර උනා...........................
(තව ගොඩක් අය මගේ හිත හදන්න උත්සහ කලා, ඒ හැමෝටමත් ස්තූතියි)
ඔයාගෙ අතේ වරදක් නැතුව මම අම්බානට රිද්දපු ඔයාම මගේ දුකේදි මට උදව් කරද්දි මං ඔයාට කල බලුවැඩවල රිටර්න් එක පොලියත් එක්කම මට ලැබෙනව වගේ දැනුනා. කල දේවල් ආපහු හරවන්න බැරි උනාට ...............................
මේක මම ලියන්නෙ ප්‍රසිද්දියෙ සමාව ඉල්ලන්න වගේම මම කල වරදම තව කෙනෙක් කරන්න කලින් නවත්වන්න! මේක ඔයා කියවනව කියල මම දන්නව, කමෙන්ට් කරන එකක්නම් නෑ......... පුළුවන්නම් මදිපාඩු තිය්නවනම් ඇනෝ කෙනෙක් විදියටහරි කියල යන්න.
අපේ යාලුකම හැමදාටම තියන එකක් නෑ කෙල්ලෙ. කවද හරි ඔයා මට කිව්ව වගෙම ඔයාගෙ කෙනා අපි අතරට එනව. එදාට ඔයා මට කියපු ටික නොකියාම මම කරල අයින් වෙන්නම්................
හැම දෙයක්ම හොදට වෙයි !!! :)
ReplyDeleteජය වේවා!!! :)
ලැසේම වේවා!
Deleteදන්න සමීරමද කියලා හිතන්නත් බැරි තරමි සමහර දේවල් මිනිස්සුන්ව කොච්චර වෙනස් කරනවද කාලයා හැමදේම හොද විදිහට වෙස් කරයි බන් එතකම් ඉවසන් ඉදපන්
ReplyDeleteමටත් හිතාගන්න බැරුව ඉන්නෙ මමමද කියල.............
Deleteසැලෙන්න එපා. ජීවිතේ තියෙන්නේ වැටෙන්න. වැටි වැටි නැගිටින්න. වැටුනා කියලා අඩ අඩ නොයිද උඹ අමාරුවෙන් හරි නැගිටින්න ට්‍රයි කරනවා පේනවා.
ReplyDeleteස්තූතියි
Deleteඔයාලා දෙන්නටම යහපතක්ම වෙන්න ඕනි අයියේ...
ReplyDeleteවැටෙන්න වැටෙන්න නැගිටින්න... වැටිච්ච තැන පෙනුනාම අපියි තිරණය කරන්න ඔනේ නැගිටිනවාද නැත්තම් වැටිච්ච තැනම ඉන්නවාද කියලා
ReplyDeleteඉතින් හිතන්න
ජය!
ස්තූතියි!
Deleteසැර පාඩමක් කතාවෙන් මමත් ඉගෙන ගත්ත සමීර අය්යා..ජය...වැටෙන්න එපා..
ReplyDeletehaa
Deleteඅකුරු පොඩියි බං..
ReplyDeleteතව හරිම කුජීතයි .. ඕකෙන් අත්මිදෙන්න ඕනේ ඉක්මන්ටම...
අවි ගත්තෝ අවියෙන්ද..
ලව් කරපු උන් ලවෙන්ද
කොටු පැනපු උන් HIV හැදීද නසී....
අඩු පාඩුව අනොමයිස් විදිහට දැම්ම ඔන්න ..
:P :P මම ඌ තාමා..
හිතා ගනින් මොකද කියලා..
කටුස්සද?
Deleteඅයිය හරි අයියේ...
DeleteThis comment has been removed by the author.
ReplyDeleteහික්ස්, මේ කමෙන්ට් එක මගෙ මේල් එකට ආවා!
Deleteමම බැලුවෙ උඹට/ඌඹලට වයර් මාරු වෙලාද කියල :P
හැමදේම වෙන්නේ හොඳටයි අයියේ... හිතහදාගෙන ඉස්සරහට යන්න බලන්න...
ReplyDeleteහා
Deleteහැමදේම වෙන්නෙ හොඳටයි කියන එකනම් මමත් පිලිගන්නව!
සමිර අයියේ තාම රේස් එක පටන් ගත්තා විතරයි . දිනුම් කනුවට තව ගොඩක් දුරයි . අපිත් වෙන අය වගේ ඒ රේස් එකේ දුවන , දුවලා කොහොමහරි දිනන්න ඕනේ කියන මතයේ ඉන්න එක තරඟකාරයෙක් විතරයි . එහෙම දුවන අතරවාරයේ කකුල පැටලිලා උනත් වැටෙනවා ඒ වෙලාවට දුවන අනිත් උන් එන්නෙ නෑ ඔයාව උස්සන්න . අපි තනියම නැගිටලා ආයෙත් දුවන්න ඕනේ .
ReplyDeleteඅපි දුවමු . කොහොම හරි පලවෙනියා නොවුනත් දිනුම් කණුව ළඟට යමු .
යමු යමු
Deleteඋඹට මට කියන්න තියෙන්නේ මම ඊයේ දාපු ස්ටේටස් එකම තමයි.
ReplyDelete//සමහර අය අපේ ජීවිත වලට එනවා.. අපෙන් මොනවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ ඔවුන්.. අපිව සතුටින් තියෙනවා.. අපිව ධෛය්‍යමත් කරනවා.. ජීවිතයට මුහුණ දෙන්න උදව් වෙනවා..සමහර විට අද මම මේ තත්වෙ ඉන්නේ ඒවගේ අය නිසා වෙන්න පුලූවන්.. //
හ්ම්ම්
DeleteAnemanda
ReplyDelete:D
Deleteමමත් මංදා