එකපාරටම වගේ දැක්කා අදාළ ගෘප් එකේ පොස්ට් එකක් දාලා තියනවා පරිගණක විද්‍යාගාරයට අවශ්‍ය බඩු එකතුකරලා ඉවරයි කියල. ඉතින් මම ඒ ගෘප් එකේ ඇඩ්මින් තැන වෙච්ච කැලුම් අයියගෙන් ඇහුවා මෙහෙම සිද්දියක් උනා දැන් මොකක්ද කරන්නේ කියලා. එතකොට කැලුම් අයියා කෙලින්ම කිව්වේ "මුකුත් ඕන නැ මල්ලි, එදාට එන්න කියල" කොහොමහරි කාලය ගිහින් ගිහින් ඔය කියපු එදා දවසත් උදාවෙන්න ලං උනා. ඔන්න එදා දවසට ඉස්සල්ලා දවසටත් ආවා. මමත් මගේ ගාව තිබ්බ පාවිච්චි නොකරපු Power Supply එකක් අරගෙන. මගේ කැමරාවත් ලෑස්ති කරන් හිටියා. කොහොමෙන් කොහොමහරි ෆෝන් එකේ බැටරිය බැහැලා එකත් ඔෆ් වෙච්ච එකේ ෆෝන් එකත් චාර්ජ් වෙන්න දාලා මම නිදා ගත්තා 5.30ත කොටුවේ ඉන්න කියපු නිසා 4.00 විතර එලාම් එක තියලා..
ඔන්න උදේ පාන්දර කෝල් එකක් එනවා කැලුම් අයියාගෙන්. "මල්ලි කොහෙද ඉන්නේ?" . මම ඉතින් තාම ඇඳේ, වෙලාව බැලුවම 4.30යි . "තව පැයක් තියනවනේ , මම එන්නම්". "මොන පැයක්ද, දැන් 5.30යි , කරන්න දෙයක් නැ මල්ලි, අපිට බලන් ඉන්න බැ. අපි යනවා."කියලා කැලුමා කිව්වා. බලද්දී ෆෝන් එකේ බැටරිය බැහැලා ඔෆ් වෙච්ච වෙලාවේ මොකක්හරි මගුලක් වෙලා වෙලාව එහා මෙහා වෙලා. මොනා කරන්නද ඉතින් කියලා මම ආපහු නිදාගන්න හිතුවත් හිතට මොකක්දෝ දැනුන නිසා ආපහු කැලුම් අයියට කෝල් කරලා බස් එක යන්නේ කොහේ හරහාද කියලා ඇහුවා. "නුගේගොඩ" කිව්වා. ආපෝ මහා එපාකරපු ගමක් කියලා මම අවුරුදු කීපයක අතීතෙට ඇදිලා ගියේ උදේ පාන්දර නැගිටගෙන ඒ ලෙවල් ක්ලාස් ආපු කාලේ මතක් වෙලා. "හරි මම පැය බාගෙකින් නුගේගොඩට එන්නම් කියලා (කොහොමත් පැය බාගෙන් නුගේගොඩට යන්න බැ මොරටුවේ ඉදන් , අනික ලෑස්ති වෙලත් නැතිකොට ) මම බාත්රුම් එකට දුවලා මුණකට හෝදගෙන ( බාගෙටද මන්දා ) එහෙම්මම ඇවිල්ල තාත්තවත් කුද්දගෙන එයාවත් ලෑස්තිකරගෙන මම බයික් එකට නැග්ගේ මිස්ටර් බීන් අර කොහෙද යනවා වගේ. ෂර්ට් එකේ එක බොත්තමක් දාගෙන කලිසමෙත් බෙල්ට් එක එල්ලන් කැමරා බැග් එකයි Power supply එකත් අරගෙන බයික් එකට නැග්ගා. ගාලු පාරෙන් පොඩ්ඩක් දුරින් හිටපු නිසා පාරට එනකම් බොත්තම් දම දමා බෙල්ට් එක තද කරකර ආවා. තාත්තත් හිතාගන්න බැරි වේගෙකින් ගෙදර ඉදන් නුගේගොඩට ආවා. කොහොම ඒමක් ආවද කියනවනම් මම හෙන බයේ හිටියේ ආපු ඒමට කොහෙහරි වැදුනානම් කිලෝ මීටර් කියක් දුරින් ආපහු බිමට වැටේවිද කියලා. කොහොමහරි විනාඩි 22න් අපි නුගේගොඩ. අපි එනකම් අපරාදේ කියන්න බැ බස් එකත් නවත්තන් හිටියා HNB එක තියන හරියේ විතර. බස් එකේ සුපුරුදු කීපදෙනෙක් වගේම නුපුරුදු බොහෝ දෙනෙකුත් හිටියා. ඔය අතරේ විශේෂ කෙල්ලෙකුත්.
එයා ටිකක් විශේෂයි වගේ, එච්චර අනික් අයත් එක්ක කතාවක් නැ වගේ. කුලැටියි . රෝස පාට චාම් සාරියක් ඇඳන් ඇවිල්ලා තිබුනෙත්. ලොකුවට කැමැත්තක් ඇති උනේ නැතුවට පොඩි විශේෂත්වයක් දැනුනා. අනේ මන්දා මොකක්ද කියලා. කොහොමහරි අපි යන්න ඕන තැනටත් ගියා . පරිගණක උදව් Facebook කණ්ඩායම මගින් සිදුකරන ලද මැදගංඔය , ශ්‍රී ධම්මසේන විද්‍යාලයට පරිගණක විද්‍යාගාරයක් ලබාදීමේ ප්‍රජාසත්කාරය තමයි වැඩේ. වචනයක්වත් කතා නොකරපු එකේ මට දැන් පොඩි ආසාවක් ඇතිවෙලා තිබුනේ මෙයා එක්ක ටිකක් කතා කරන්න. මෙයා කිව්වේ මම ඒ වෙද්දිවත් එයාගේ නමවත් නොදන්නා නිසා. කොහොමහරි මම වැඩේට ගිහිල්ලා මට පුළුවන් විදියට ෆොටෝ ටික ගත්තා. කතා කරන්නත් ටිකක් බයයි වගේ, ඇයි යකෝ මෙකි තාම අත දරුවා වගේ අම්මගේ අතේ එල්ලිලාමනේ ඉන්නේ. කොහොමහරි ඔන්න පොඩි වෙලාවක් ලැබුනා
![]() |
ඒක තමයි මේක |
පස්සේ දවසක දැනගන්න ලැබුනා එයාගේ නම නිලීකා කියලා.
ඔය සිද්දිය වෙලා අදට අවුරුද්දකටත් වැඩියි . එක උනේ 2012 ජුලි 16 වෙනිදා........
![]() |
එදා අපි දෙන්නා ඇඳ පැලද හිටියේ මෙහෙමයි. මේක ගත්තේනම් හැබැයි එදා නෙමෙයි |
අද 2013 නොවැම්බර් 16 වෙනිදා.....
අදට එයයි මමයි ආදරය කරන්න පටන් අරන් මාස හයක්.
හුගාක් දේවල් සිද්ද උනා දෙන්නගෙම ජීවිතවල.... හැමදේම අදවගේ මතකයි. හුගාක් ආදරෙන්...
මේ තමයි එයා ලියන අපේ ආදර කතාව....
හැපීම හැපී අර්ධ වාර්ෂික ඇනුවසරියක් වේවා.....!!! වාසනාවන්ත 3 වෙනි වතාවටත් මමයි කැමරාවයි බ්ලොගය තුල මා සම්බන්දව පෝස්ටුවක් පලවීම මට මාරම මාර සතුටක් ගෙන දෙන කරුණකි....ඒ වගේම අද පාටියටත් ස්තූතියි....මගේ තෑග්ග මං නුදුරු කාලයේදී ලැබෙන්න සලස්වන්නම්...කොහොම හරි ඔබතුමා මං වගේ පිස්සෙක් එක්ක මාස 6ක් ආදරෙන් වෙලිලා හිටියා කියන එක සමරන්නම වටින වැඩක් තමයි....ඉතිං තව චිරාත් කාලයක් මෙසේ ආදරයෙන් වැජඹි වැජඹී ඉන්නට ලැබේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමි...!!!! <3 <3
ReplyDeleteඔක්කොම කල් දාන එක තමා ඉතින් :'(
Deleteසිරාවටම තමුසෙ හිහුවට වඩා සෝයි ඕයි :*
ane bolaw partyith deelaaaa :( :( :: ( kamak naa ithin thawa awrudu 50k witara tiyenawane apita party denna.... mataka athuwa apitat ewwata kiyanawa hode..... ape ewwa thawa maasa thunakin wage tiyeyi.... ;)
Deleteඅවුරුද්ද සමරද්දී පාටි දුන්නේ නැත්තම් බලා ගමු ඈ..
ReplyDeleteදැන් පාටි කීයක්ද මංදා මට නොදිපුවා ලිස්ට් එකේ තීනවා..
එනි වේ..
හැමදාටම සතුටින් ඉන්න දෙන්නම
ජය වේවා!!!
සිනා බෝ වේවා!!!
හරි හරි දෙන්නම් :D
Deleteජය වේවා!!!
ඔබගෙත් සිනා බෝ වේවා!!!
සුභ පැතුම් සමීරයියේ... ^_^
ReplyDeleteස්තූතියි!
Deleteජය වේවා..
ReplyDeleteපාටියක් ඈ..
කෝ කෝ පාටියක් කොහෙද?
Deleteහරි අපුරු හමුවීමක් සමීර... ආදර කතාවක් හින්දමද... එහෙම නැත්නම් උඹ ලියල තියන විදිහද මන්ද.... හැම වචනයකම කුතුහලය අවුස්සලා තියනවා... දෙදෙනාටම සුභ පතනවා.... පෙනෙන නොපෙනෙන හැම බලවේගයක්ම නුඹලා දෙදෙනාවම සැමදා සතුටින් තබත්වා.....
ReplyDelete(ප.ලි - බලපන් උඹ එදා උදෙන්ම නැකිටල මුණ හෝදගෙන ඔය ගමන ගියා නම් අඩ අපි සමරන්නේ උඹල දෙන්නගේ අවුරුද්දයි මාස හතරේ සංවත්සරේනෙ....)
දැක්ක දවසෙම අහන්න යෑ ....
Deleteඅනික අහලත් මාස බර ගානකට පස්සෙනෙ මෙයා කැමැත්ත දුන්නෙ :D
ශහ් මරු නෙ සමීර අයියා... දිග ගමනකට සුභපැතුම්!!!
ReplyDeleteස්තූතියි!
Deleteපාටි නම් ඉල්ලන්න බෑ බන්...
ReplyDeleteජය වේවා
ඔන්න මමත් ආව කැමරාවෙන් ගත්ත වටින කියන දේවල් බලන්න.බැලින්නම් බොලේ මං දන්න කියන අක්කි කෙනෙක්නේ..උණුසුම් සුභ පැතුම් ඔබ දෙපළටම මගෙන්...
ReplyDeleteදෙන්නටම සුබ පැතුම් :)
ReplyDeleteඅඩේ මාස 6 ගියාද ...තව චිරාත් කාලයක් මෙසේ ආදරයෙන් වැජඹි වැජඹී ඉන්නට ලැබේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමි..!!
ReplyDeleteජය වේවා
ඔන්න එහෙනම් සුබ මං ගලම් කිවුවා.... දෙන්නටම සුභ අනාගතයක්,....
ReplyDeleteමන් බලාගෙන හිටියා හිටියා ටෝක් කරන හැටි ඉගෙන ගන්න, හොදම කැල්ල නැනෙ
ReplyDeleteඒ කොහොම වුනත් සුභ ඇ!