ස්තුතියි ! කියවන එක තමයි ලොකුම හයිය !

Monday, October 1, 2012

Nikkor 35mm 1.8f G ලෙන්ස් එක ( 1 කොටස )


ඔන්න ඉතින් කාලෙක ඉඳන් තිබුනු අවශ්‍යතාවයක් වගේම ආසාවකට එක්ක කියලා මමත් ගත්තා 35මිමි ලෙන්ස් එකක්. මුලින්ම පොඩි හැඳින්වීමක් දෙන්නම්කො මේක ගැන.

මේ තමයි නිකොන්ලගෙ තියන ගනන් අඩුම Fixed Focal Length, Prime හෙවත් සමහරු කියන Portrait ලෙන්ස් එක! ඒ වගේම මේ ලෙන්ස් එකේ කාච විවරය 1.8 නිසා අඩු ආලෝක තත්වයන් යටතේ උනත් හොඳ තත්වයේ ඡායාරූපයක් ලබාගැනීමේ හැකියාව දීලා තියනව. ඒ වගේම මේක DX ලෙන්ස් එකක්, ඒ කියන්නෙ APS-C ප්‍රමාණයේ සංවේදක ( නිකොන් D300s වනතෙක් ඇති කැමරා සඳහා යොදාගන්න පුළුවන් ආකාරයේ කාචයක්.

මේ කිට්ටුවෙන්ම තියන කාචයක් තමයි නිකොන් 50mm 1.8 G කාචයත් මේ ප්‍රධානතම වෙනස වෙන්නෙ 35 කාචය DX කාචයක් වීමත්. 50 කාචය FX කාචයක් ( Full Frame හෙවත් 36*24මිමි ප්‍රමානයේ විශාල සංවේදක ඇති නිකොන් කැමරා හඳුන්වන නම) මේ කාචයන දේකෙම ක්‍රියාකාරීත්වය, බර, අන්තර්ගතය බොහෝසෙයින් සමානයි, ඒ වගේම මිලෙහිද ඇත්තේ සුලු වෙනසකි.

මම මෙය තෝරාගැනීමට හේතු

 FX lens එකකින් ඇතුලට ගන්නා ආලෝකයෙන් යම් ප්‍රමානයක් DX කැමරාවකදී අපතේයනවායැයි මම දරන මතය. පසුගිය පෝස්ටුවකදි පැහැදිලිකර ඇත.

වැදගත්ම කාරනයනම් මෙය 35මිමි හෙවත් පුලුල් කෝනීය කාචයක් වීම නිසාවෙනි. මෙහි දර්ශන කෝණය අංශක 44 කි. නමුත් 50මිමි කාචය DX කැමරාවකට යෙදූවිට එය අංශක 31 හෙවත් අනික් කාචය මෙන් 2/3 ආසන්න ප්‍රමාණයක වීමයි, නමුත් මට පුලුල් පරාසයක් ලබාගැනීමයි වැදගත් උනේ. මොකද කියනවනම් මට ලැබෙන සමහර වැඩවලදී ඉතා අවම ඉඩ ප්‍රමානයක් තුල මට මෙහෙයවන්න වෙනව. එතකොට සූම් කරන්න බැරි ලෙන්ස් එකක් එක්ක එහෙ මෙහෙ වීමේ අපහසුතාවක් ඇති වෙනව. අනික 50මිමි ලෙන්ස් එකක් කියන්නෙ Standard / ආලේක්‍ය ( portrait) සඳහා හොඳ ප්‍රමානයක් වන අතර යම් ආකාරයකට ගතහොත්
මම පාවිච්චි කරන්නෙ Crop sensor එකක් ( full frame නොවන ) කැමරාවක් නිසා මෙම කාචයෙන් මට ලැබෙන නාභය දුර ( focal length ) 1.5 වැඩිවීම මගින් ( 35*1.5 ) මාහට 50මිමි ආසන්න ප්‍රතිරූපයක් ලබාදෙයි. ඒ නිසා මම තෝරාගත්තෙ අත ඇති මුදලට ගතහැකි පුලුල් කෝනීයම කාචය ගන්නයි!


මම දැක්ක විදියටනම් මේ ලෙන්ස් එකේ කාචවලනම් කිසිම විශේශත්වයක් නෑ. එකම එක Aspherical  lens එක ඇරුනම.

අඩියක් දුර සිට Focus කරන්න පුළුවන්

1.8 කාචයක් නිසා අඩු ආලෝක තත්වයන් යටතේවුවත් ඡායාරූප ගන්න පුළුවන්.
ISO වැඩි කිරීම වගේම , තිබෙනවානම් 1000W වීඩියෝ ලයිට් එකක් උනත් අවුලක් නෑ. නමුත් 1.8 දී ඉතාම අඩු Depth of Field එකක් ගන්නා නිසා ඉතා කුඩා වෙනස්වීමකදී උවත් වෙන තැනක් Focus වුවහොත් අවශ්‍යතැන බොඳ වී මෙන් පෙනිය හැක. තවද සමීප රූප ( close-up) සඳහා 1.8 කාච විවරය සුදුසු උවද දුරස්ත මට්ටමේ ඡායාරුවක් ගැනීමේදි 1.8 යම් තාක් Noise තත්වයක් සහ අපහැදිලි ගතියක් පෙනෙයි . නමුත් 3.5-5.6 අතර මට්ටමේදී ඉතා උසස් තත්වයේ ඡායාරුවක් ලබාදේ. මෙය මම ප්‍රායෝගිකව අත්දුටු කරුනක් වන අතර ඒ සම්බන්ධ වැඩි විස්තර මෙහිදී ( කඩ්ඩෙන් ) ලබාගත හැක.

VR නොමැතිවීම නිසා අඩු ද්වාර වේගයකදි කැමරාව සෙලවීම නිසා ඡායාරූපය බොඳ වීමට පුළුවන්. එමනිසා ත්‍රිපාදයක් භාවිතාකල හැකිනම් වඩා හොඳයි. ( ඕනනම් ත්‍රී පෝශ භාවිතා කරන්න )

කාචයක් ඇතුලෙ තියන සෙළවෙන කොටස් නිසා අදාල කාචයේ Picture Quality එකට සැළකිය යුතු වෙනසක් වෙනවා. වෙනසක් කිව්වෙ අඩු වීමක්. ඒ නිසා තමයි හැමවෙලේම Prime ලෙන්ස් එකක ඡායාරූපවල තත්වය උසස් වෙන්නෙ. VR කියන්නෙත් කාචය ඇතුලෙ තියන තවත් සෙලවෙන කොටසක් නිසා එය ඉවත්කලායැයි සිතිය හැක.

Bokeh -  පසුතලය බොඳ කිරීම

පසුතල බොඳ වීම කෙරෙහි බලපාන කරුනු තුනකි.

කාච විවරය
කාච විවරය විශාලවත්ම පසුතලය බොඳවීම වැඩිවේ

වස්තු දුර
වස්තුව සහ කැමරාව අතර දුර අඩුවත්ම පසුතලය බොඳවීම වැඩිවේ

නාභිදුර Focal Length
නාභි දුර හෙවත් mm අගය වැඩිවත්ම පසුතලය බොඳවීම වැඩිවේ

ඉහත ක්‍රම අනුගමනය කරමින් ඉතා හොඳ ආකාරයට පසුතලය බොඳවන ආකාරයේ ඡායාරූපයක් ලබාගත හැකිය



වැදගත්ම කාර්යය වන්නේ ගෙදර සිට Review ලියනවට වඩා වැඩකට ගිය පසුව අදාල තත්ව යටතේ මෙහි ක්‍රියාකාරීවය පිලිබඳව සළකා බැලීමයි. අදාල තත්ව යනු උශ්නත්වය , ප්‍රසාරණය නොව. ඉඩකඩ, කාලය, මොහොත වැනි තත්වයන්ය.
නැතහොත් එය භෞතික විද්‍යාවේදී ගනන් හැදීමේදී පෘතුවියේ බර නොසලකා හැරියාක් මෙනි


එවන් ප්‍රායෝගිකව අත්හදා බැලීමක් සමග මෙහි දෙවන කොටස බළාපොරොත්තුවන්න.


ගත්තෙ කොහෙන්ද අහනවනම්



15 comments:

  1. //නැතහොත් එය භෞතික විද්‍යාවේදී ගනන් හැදීමේදී පෘතුවියේ බර නොසලකා හැරියාක් මෙනි
    සිරාම සිරා උපමාවක් ආහ්...

    ReplyDelete
  2. ආආ‍‍.. අර කැනන් එකත් එහෙම එකක් නේ.. හැබැයි ඒක 50 මිමි. ඒකෙ අයිතිකාරයාට මං ඒකෙන් වැඩ ටිකක් පෙන්නලා ඉන්නෙ. හෙහ් හෙහ්..
    මොනා උනත් වටින කියන පෝස්ට් එකක්..

    පෘථිවියේ බර ගණන් ගන්නවා අප්පා ගුරුත්ව ක්ෂේත්‍ර වලදි. ඔය කියන්නෙ ඕ ලෙවල් ෆිසික්ස් වෙන්ටැ.. :පී

    මාළු පවු අප්පා.. ඔන්න කෑම දැම්මා

    ReplyDelete
    Replies
    1. ලාපේ කාලෙනම් ඕ ලෙවල්වල ෆිසික්ස් තිබ්බෙ නැ මතක විදියට

      Delete
  3. මටත් එකක් ගන්න ආසයි

    ReplyDelete
  4. මට ඉතින්.......වටිනවා මේක...

    ReplyDelete
    Replies
    1. ඬොව් ඔව්, දැන් ගන්නනෙ ඉන්නෙ

      Delete
  5. මටත් ගන්න ඕනා හොද කැමරාවක්. බුකියෙන් හම්බෙන්නම්කො

    ReplyDelete
  6. ගානත් දැම්මනම්....

    ReplyDelete
  7. මම ගනිද්දි ( සති 2 පමන ඉහත ) රු. 36500 පමණ. නිකොන් වෙබ් අඩවියෙනම් ( ඇමරිකා ) ඩොලර් 200.

    ReplyDelete
  8. patta.blog 1kak mara watinawa.thankx

    ReplyDelete
  9. හොර ගෙඩියා..
    අන්තිමට ඇඩ් එකක් දාලා නේ. :D :D

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete