මට පොඩි අදහසක් තිබ්බා බුකියෙ නෝට්ස් ඒවා බ්ලොග් එකේ බැකප් වගේ එකක් කරන්න. කොහොමහරි මා මිතුරු පනුච්චි කිව්ව මේකත් බ්ලොග් එකට දාන්න කියල. ඔන්න ඉතින් දැම්මා.
ඔන්න ඉතින් මේක කියවල ඉවරවෙද්දි බොලාට මල පනින කතාවකුත් මම කියනව. හරි ඉතින් එහෙම කිව්වයි කියල අග ඉඳන් මුලට කියවන්න එපා! ඔන්න එහෙනම් පටන්ගත්තා "මගේ එකම ලව් වරගන් ඇතුලෙ ඒකපාර්ශවික වරහන් වහලා එක ගැන කතාව"
මා මෙය ලියා තබන්නෙ මාගේ කැමැත්තට මිසක් කිසිවෙකු අපහසුතාවයට පත් කිරීම සඳහා නොවන වග කරුණාවෙන් සළකන්න. යම් හෙයකින් ඔබ අපහසුතාවයට පත්විනිනම්. "ඕන මගුලක් කරගනින් බන්!"
මේක කාලෙකට කලින් මම තව මිතුරෙක් සමග ලියපු පොතක්. මගේ කොටස විතරයි මේ! සමහර නම් මනංල්පිතයි. පොඩි ගලායාමකටත් එක්ක සින්දුවක් දාන්නත් හිතුවා. කැමතිනම් ලින්ක් එක play කරලා බලන්න.
- ජීවිත
few mints later
(http://www.youtube.com/watch?v=lYg4QJ0GzRs )
ශානිකාව මම දැක්කෙ දහම්පාසලේදි. ගොඩක් සුරංගනාවියො එක්ක බැලුවම එයාගෙ ඇති මහලොකු ලස්සනක් නෑ තමයි. ඒත් මොනව කරන්නද. "හිත ගිය තැන මාලිගාවලුනෙ". අඩුම තරමෙ මම එයාගෙ නමවත් දැනං හිටියෙ නෑ. ඉතින් මම මගේ යාලුවට කිව්වා "මචන් අර කෙල්ලගෙ නම හොයල දීපංකො කියලා." මෙන්න පොර සතියකට විතර පස්සෙ මට කෝල් කරල කියනවා "සමීර උඹේ අන්තිම පිටුව බලපං"කියලා. මමත් බැලුවා, මෙන්න කෙල්ලගෙ නමයි, ලිපිනයයි, උපන්දිනයයි පොතේ තියනවා. මාරයි ආහ්. ඔන්න තවත් දවසක මටත් මක් වෙලාද මංදා වචන ටිකක් අමුනලා මම රන්ශාන්ට පෙන්නුවා. රන්ශාන් කියන්නෙ අවුරුදු දෙකක් සමස්ත ලංකා හොඳම කතෝලික ලේකකයා (පාසල් ශිෂ්‍ය) වෙච්ච මගේ යාලුවෙක්. මෙන්න පොර එකපාරටම ඒකෙ තියන එළි වැටයි,එළි සමයයි, තන්ත්‍රයි මොනාද මගුලක් කියන්න ගත්තා. දිගටම කවි ලියපං කිව්වා. ඉතින් මමත් ලිව්වා, ඉඳලා හිටලා තාමත් ලියනවා.
"එයාගෙ දිහා බලාගෙන ඉන්නවා, එයා එක්ක හිනා වෙනවා, ඕකද ආදරේ? පුළුවන්නම් කෙස් ගහක් ඇදලා ගනින්" රන්ශාන් දවසක් කිව්වා. අනේ මංදා අපි කොච්චර බොලඳයිද. ඕවත් වැඩද. මම ඇදලා අරන් මිනිහගෙ අතටම දුන්නා. ඌ විසිකලාද කොහෙද... දවසක් මම දහම්පාසල් වෙලාවෙ කම්මැලිකමට සින්දුවක් මුමුනද්දි *** (හප්පටසිරි, කොයි වෙලාවෙ හරි ඇත්ත නම ලියනවා. වෙලාවට ආපහු බැලුවෙ) කිව්වා ගැරඩි පියාබනවා වගේ කියලා. එදා තමයි මට වැටහුනේ මගේ කටහඩේ තියන ආශ්චර්යමත් බව. උරගයන්ට තටු ලැබෙන්න තරම්! :) 2005-11-27 හ්ම්ම්... එදාමද කොහෙද අපි දෙන්නා කතා කලෙත්...
2006 දි එයා දවස් දෙකද කොහෙද දහම්පාසල් ආවෙ. මොකෙක්ගෙද ක්ලාස් එකකට යනවා කියලා නැවතුනා. ශික්, කරුමෙක මහත. දවසක් මම බස් එකේ යද්දි එයාව දැකලා හිනාවුනා. එයත් උඩු දත් ඇන්දම පෙන්නලා හිනාවුනා. ඉඳිබැද්දෙ පල්යෙ මංගල්‍ය දවසෙ එයා බෑන්ඩ් එකේ side drum එක ගහන ගමන් මා එක්ක හිනාවුනා. පසුකලකදි දැනගන්න ලැබුනා "සිනාවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා" කියලා. රන්ශාන් මට දීපු විස්තර අතරෙ තිබුනෙ *** D. Perera කියලා. අම්මපා මට ඒ D එක හොයාගන්නම මාස ගානක් ගියා.
දවසක් මම කෙමිස්ට්‍රි ක්ලාස් ගිහින් එද්දි එයත් මම හිටපු බස් එකටම නැංගා. එයා හිටියෙ කහපාට ටී ශර්ට් එකකුයි, නිල් ඩෙනිමකුයි ඇඳලා. අපි දිගටම කතා කරකර ආවෙ. එයා තමයි පටන් ගත්තෙ. දන්නවනෙ මම හරි නිස්සබ්ද ලමයෙක් කියල. බස් එකෙන් බහිද්දි එයා කිව්වා "ආපහු හමුවෙමුකො!" කියලා.මම කිව්වා "ඔයා කලිසමට හරි කැතයි !" කියලා
"අනේ..." කියාගෙනම එයා සමුගත්තා. (අම්මපා, මේ අනේ එකයි බායි එකයි හැම කෙල්ලටම ආවෙනික වචන දෙකක් අප්පා)
එදයින් පස්සෙනම් එතරම් කතාකාන්න අවස්තාවක් ලැබුනෙ නෑ.
ආදරය කියන්නෙ හැගීමක් පමනක් නොවුනත් ඒකට දැනීමක් තියෙන්නත් ඕන .. ජීවිතය කියන්නෙ මොකක්ද කියලවත් ඒ කාලෙ නොදන්න අපි, තාත්තා හම්බ කරපුව වියදම් කරන්න විතරක් දන්න අපි, තවත් කෙනෙක්ව මගේ කරගන්න හීන බැව්වා. මාරයි! ඒක නිකම් අර පරන මේස් එකක් අස්සට බෝලයක් දාලා කොහේහරි එල්ලලා බැට් එකෙන් ගහනවා වගේ. ඔක්කොම "අපි"
මේ ආදරය මානසික තෘප්තියක් විතරද? යථාර්තයක් එතන තියනවාද? අපි රැටිලාද?
"දවසක අපි මේක දිහා බලාගෙන හිනාවෙන්න පුළුවන්. දවසක අපි මේකට හිනාවෙන්න පුලුවන්! ඒක රැදෙන්නෙ අපේ දියුනුව, අපි ගිය දුර ප්‍රමානය, අපි ලබාගත් දේවලට අනුව. අපි කවදහරි යතාර්ථය තේරුම් ගනී! එදාට අපිට උත්තර ලැබෙයි."
මේ සටහන ලියලා තියෙන්නෙ 2006-05-15
……………………………………………………………………………………………………………………………………………………………………………
http://www.youtube.com/watch?v=MofpuI_Vg_U&feature=relmfu
එයා හැමවෙලේම හිනාවෙලා ඉන්නවා. නමුත් රන්ශාන් කියනවා හැමවෙලාවෙම හිනාවෙලා ඉන්න අයට දුකක් ආවම ඒක දරාගන්න අමාරුයිලු. නමුත් මම එහෙම හිතුවෙ නෑ. ඇයි එයාට දුකක් වෙන්න කියල මම හිතන්නෙ. එහෙම හිතන එකත් හිතාගන්න බැරි කාලයක් තිබුනා. ඔය කාලෙදි අපි පාසලේ උසස් පෙළ කන්ඩායම් වය්‍යාපෘතියට කලේ පොඩි සමීක්ශනයක්. අපි හොයල බලන්න උත්සහ කලා කෙනෙක් තමන් ගැන සහ සමාජයේ සිදුවෙන සමහර දේවල් පිළිබඳව සිතන ආකාරය ගැන. ඇත්තම කියනවනම් ඒකෙදිත් සමහර ප්‍රශ්න ගැන අපි බලන විදිය සමාන බවක් දැනුනා. ඔන්න ඔය විදියට තවත් කාලය ගත උනා. ඔය අතරෙ නොයෙක් දේවල් සිද්ධවුනා. එයාව මට සෙට් කරල දෙන්නද කියල අහපු කෙනෙකුත් හිටිය. නමුත් මොකක්හෝ හේතුවක් නිසා මම ඒ උදව්ව බාරගන්න කැමති උනේ නෑ. සමහර විට ඒක එයාට කරදරයක් වෙයි කියල හිතුන නිසා වෙන්න ඇති!
ඔහොම තව දවස් කිහිපයක් ගෙවුනා. මගේ උපන්දිනෙත් පහුවුනා. සති දෙකකට විතර පස්සෙනෙ එයාගෙ උපන්දිනේ එන්නෙ. මම දාහතේ කල්පනා කලා මොකක්ද කරන්නෙ කියලා. පස්සෙ හිතුවා කාඩ් එකක් දෙනවයි කියලා.
ඔන්න මම ඇනගත්ත තැන
නැවත හමුවෙමු!
නැවත හමුවෙමු කිව්වට ඉතිරි ටික ලියන්න හිතෙන්නෑ බන්. සොරි හොඳේ. බැනලාහරි කමෙන්ට් කරහන්
බායි!
මේක දාන්න කිවුවේ හේතුවක් ඇතුව සහ හේතුවක් නැතිව...
ReplyDeleteඇති හේතුව තමයි.. බුකියේදී මේක සමහර විට අනිත් අයට කියවීම සීමා වෙනවා..(පබ්ලික් දමා නැත්තම් ) බ්ලොග් එකේ දැම්මම ඊට වැඩි කට්ටියක් කියවනවා. ඒක තමයි ඇති හේතුව...
නැති හේතුවක් කොහෙන් කියන්නද ... :P
ඉබාගාතේ යන අයගෙන් මොලේ සුට්ටක් හරි තියෙන එක්කෙනෙක් මේකෙන් දෙයක් ගනියි...
ජය වේවා !!!
සිනා බෝ වේවා!!!
ආ.. මේ.. මාවත් ඇමිනුවාට ස්තුතියි ඈ...
අර දාන්නම් කියපු රී ලෝඩ් එක දාපං ඇමිනුවට :P
Deleteඅයි අප්පා.. අමුණන්න කලින්ම රීලෝඩ් ඒක දැම්මේ.. පෙනේද මේකා... :P
Deleteඅඩේ දාහන් ඉතිරි ටික මාරයා කරගන්න නැතිව , බලන් යද්දී උබත් ලවු කොරන්න දන්නවනේ :ඔ
ReplyDeleteමට මතක නෑ ඕයි :P
Deleteඇයි බන් හැම ෆස්ට් ලව් එකම ඔය වගේ බොලද වෙන්නේ ???
ReplyDeleteෆස්ට් ලව් එක කියන්නෙ කිසිම අත්දැකීමක් නැතිව ලබන දෙයක්. ඉතින් අපි හිතන්නෙ ආදරේ කියන්නෙ හින්දි ෆිල්ම්වල වගේ ගස් වටේ කැරකෙන, සින්දු කියන ලාමක දෙයක් කියලා. අපි අපේ ආදරෙත් ඒ වගේ කරගන්න හදනව එතකොට අපට නොදැනීම!
Deleteඅන්තිමට දුක තමයි :(
ඇ බන්, ගස් වටේ දුවන ලව් බොලඳ කිවට අර එදා නිදහස් කොටුවෙදි වටේ දුවපු එක සෙට් වුනානේ :P
Deleteඅතරමග නවතා දැමීම හෙලා දකිනවා!!!!!!!!!!!!!
ReplyDeleteහෙලා මොන වගේද බන්?
Deleteඉතුරු ටික දෙනවාද? වෙඩි කනවාද?
ReplyDelete(කාගෙ ගාව හරි ඇට තුවක්කුවක් තියෙයි??)
නැට තියනව, තුවක්කුවක්නම් නෑ
Deleteඔන්න හොඳේ...මාළුවන්ට කෑම දැම්මා.
ReplyDeleteආ මාත් මාළුන්ට කෑම දැම්මෝ...........
Deleteහ්ම්..හ්ම්....
ReplyDeleteබොලාගේ පළවෙනි ෆස්ට් ලව් එක සානිකා ද..?
නෑ නෑ....
Deleteනම් මනංකල්ෆිතයි
මුලින්ම දාපු කොමෙන්ටුවට රිප්ලයි නොකර මේකට රිපල්යි කිරීම හෙළා දකිමි...
Deleteමං කවදද බන් පිලිවලකට වැඩක් කලේ, හැබැයි වැඩේ ඉවරනම් කරනව
Deleteඕවා ගනන් ගන්න එපා පණුච්චී :P
Deleteසමීර අයියේ.............. මේ උඹද බන් මාරයි නේ.අනේ මන්දා මන් ෆුල් හොල්මන් සිරාම සිරා වචන් ටික
ReplyDeleteඔව් යකෝ මම තමා :P
Deleteඇයි බන්, ජීවිතේ ගැන ලිව්වම ................................
බොලා හිතුවෙ මං රොබෝවෙක් කියලද?
හ්ම්..ඔන්න අද තමයි ආවෙ මේ පැත්තෙ. සයිට් එක දන්න කියන කෙනෙක්ගෙ වුනත් එන්න බැරි වුනා...
ReplyDeleteමෙයා ලව් කරලත් තියෙනවද...මට හිතා ගන්න බැරිවුනා....
නොදකින්.
Deleteමම හැදිල තියෙන්නෙ මැග්නීසියම් ඇලොයි වලින් නෙමෙයි බොල .
කොටියම කාපිය
උඹ හැදිලා තියෙන්නේ මැග්නීසියම් ඇලෝයි වලින් නෙවෙයි.
Deleteප්ලාස්ටික් ඇලුමිනියම් වීදුරු රබර් :P
ෆුටා
Deleteඒක පාර්ශවීය ආදරය...
ReplyDeleteහද රිදුම් දෙන හුයන්නකි....
නොදකින් මේ ආදරේ..
ඔය ඔක්කොම ආදර හුයනු තමා බන්
Deleteකාගේ කාගේත් ෆස්ට් ලවු ඔහොම ඒවා තමා නේ.. මගේ ෆස්ට් ලවු එක.. ෆස්ට් ලවු එක කියලා කියන්නේ ෆස්ට් ක්‍රශ් එක වුනේ අපේ ඉංග්‍රිසී ක්ලාස් එකට ආපු අයියා කෙනෙක්..හිහිහි.. ඒවා ඉතින් ක්ලාස් ඉවර වෙද්දී ඉවරයි..
ReplyDeleteජය..!!
ඉවරයි කිව්වෙ ඒක ගොඩ ගියා ද :D
Deleteliyala thiyena vidiha sira
ReplyDeleteanthimata ivara karanne nathuva navaththuva ekanam harima ajuthayi
Katha madden navatuthuvama anith eka enakaj balan inna epayi :/
අනික් එක එන්නෑ :P
Deleteඇයි ඒ ?
Deleteඅනේ අපේ සමීර අයියා.......
ReplyDeleteහ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
Deleteමටත් ඇත නොපැවසූ දහම්පාසැල් ප්‍රථම ප්‍රේමයක් :)
ReplyDeleteමමනම් පැවසූවෙමි
Delete