ස්තුතියි ! කියවන එක තමයි ලොකුම හයිය !

Saturday, July 7, 2012

රෑට ගහන්නෙ කොහොමද :O

හිටපුගමන් කොල්ලො කෙල්ලො මගෙන් අහනව රෑට ගහන්නෙ කොහොමද කිය කිය. ලැජ්ජාවේ බෑ. මේ පොඩි මම ඕව දන්නවදැයි අෆ්ෆා. කොහොමහරි පස්සෙයි තේරුනේ මේ අහන්නෙ ෆොටෝ ගන්න විදිය ගැන නේද කියල. විළි ලැජ්ජයි!

එහෙනම් අපි රෑට ගහමු, ෆොටෝ....

අපි මුලින්ම බලමු ඇයි රෑට ෆොටෝගන්න එක ඔච්චරම අමාරු වෙලා තියෙන්නෙ කියල. ලොකුකමකටනම් නෙමෙයි, ඒත් අවංකවම මට හිතෙන්නෙ මෙන්න මේ නිසයි කියල..
1.තමන්ගෙම මොලය වෙහෙසවන්න කම්මැලිකම
2.නිකන්දෙන User Manual එක කියවන්න තියන කම්මැලිකම, සමහරවිට කඩ්ඩ පොලිශ් නැතිවීම
3.කොහේහරි යන වෙලාවට විතරක් කැමරාව අල්මාරියෙන් එලියට ගැනීම (අල්මාරියෙ තියන එක වෙනම ලෙඩක්)

කොහොමහරි මටනම් පේන්නෙ සමස්තයක් ලෙස තියන කම්මැලිකම......

හරි, කතාවට බහිමු. කැමරාවක Auto, Programme වගේ Shooting Modesවලදි ඇත්තටම කැමරාව අදාල අනාවරනය ලබාදෙන්නෙ කැමරාවට අදල ආයතනය මගින් දී තිබෙන දත්ත ප්‍රමානයක් අතරින් ඒ මොහොත සඳහා ගැලපෙනම තේරීම සිදුකිරීම මගිනුයි. ඒ නිසා වෙන්න ඇති සමහරු කියන්නෙ Auto දීලා තියෙන්නෙත් ෆොටෝ ගන්නනෙ කියල. "ඔව් නේ, දැනුයි මට කම්පනාවට ආවෙ!" ඒත් ඔටෝ දාලා හිතේ තියන එකම ගන්න පුළුවන්ද? බැහැ නේද... එහෙනම් කැමරාව අපිම හදාගමු, රෑට ෆොටෝ ගන්න පුළුවන් වෙන විදියට!

අපි අද ගැඹුරින් කිව්වට ලාවට කතාකරමු Shutter Speed, ISO, Aperture, වගේම ෆ්ලෑශර් එක ගැනත්.

අපි තාම කතාකරන්නෙ Compact Camera නිසා ඒවල බොහෝවිට අපිට Shutter Speed සහ Aperture හදන්න බැරිවීම පාඩුවක්. පුළුවන්නම් කරන්න තියෙන්නෙ Aperture එකේ අංකය අඩුම කරලා, අතේ තියන් ඉන්න පුළුවන් තරමට කැමරාවේ ශටර් ස්පීඩ් එක අඩු කරගන්න. සූම් නොකරන්න නොකරන්න, අඩු ශටර්ස්පීඩ් එකකට යන්න පුළුවන්. නමුත් කොපමන අඩු වේගයක්ද කියන එක රඳපවතින්නේ තමන්ගේ හැකියාව මතයි.
අපිට ඒ දෙක පාලනය කරන්න බැරිනම්? අපි කතාකරමු...

කලුවරේ ෆොටෝ ගනිද්දි කරන්න පුළුවන් ලේසිම දෙය තමයි Flash කරල ගන්න එක. ඉවරයිනෙ කතාව, නෑ ඉවර නෑ.....
බොහෝවිට ෆ්ලෑශ් කලාම අත්දැකලා ඇති අපි ගන්න පුද්ගලයව පැහැදිලිව පෙනිලා පසුතලය අඳුරුමවෙලා යනව. ඒකට හේතුව තමයි කැමරාව තීරනය කරනව ෆොටෝ එකට අදාල වස්තුව පමනක් ආලෝකමත් උනාම ඇති කියල. ඉතින් කැමරාව ස්වයංක්‍රීයවම ශටර් ස්පීඩ් එක වැඩි කරනව, එතකොට පසුතලයෙන් එන ආලෝකය කැමරා සෙන්සරයට උරාගන්න තරම් කාලයක් නැතිවෙනවා . එහෙනම් මෙහෙම කරමු!
1. මුලින්ම බලලා ඉමු Scene mode එකේ Night Portrait වගේ එකක් තියනවද කියල...
2.කැමරාවෙ ෆ්ලෑශර් එක ඕන කරගන්න, ISO අගය තරමක් වැඩි කරගන්න. වාසනාවකට වගේ කැමරාවෙ ෆ්ලෑශ් එකට අදාලව 2nd Curtain හෝ Rear curtain නම් අංගයක් තියනවනම් ඒක යොදාගන්න. Metering modeඑක Average ලෙස සකසාගන්න.
3.කැමරා සම්බන්ධ තැන් හෝ MC එක පැත්තෙ ගියාම බලන්න පොඩි පොඩි Trypod වගේ ඒවා ඇති. මහ ගානකුත් නෑ. ඒ වගේ දෙයක් පහසුවෙන්ම උපයෝගී කරගන්න පුළුවන් වගේම ගුණාත්මකභාවය වැඩිකරගන්නත් උදව් වෙනව.නැත්තං ඉතින් e-bay
http://www.ebay.com/sch/i.html?_trksid=p3984.m570.l1313&_nkw=Gorillapod&_sacat=0
ඔය වගේ එකක් ගත්තනම් රැයකදි උනත් හොඳ දර්ශනයක් ගන්න පුළුවන්, නමුත් ඒකට ISO ගැන මනා වැටහීමක් ඕන වෙයි.

ISO ගැන කතාකරමුකො (කැමරාවෙ ශටර් ස්පීඩ්, ඇපිචර් වෙනස්කරන්න බැහැයි කියන තැන සිට)
පහසුම විදියටම කියනවනම් මෙහෙම
* ISO අඩුවෙන්න අඩුවෙන්න ආලෝකයට දක්වන සංවේදීතාව අඩුයි
   - හොඳ ආලෝකමත් වර්න තමයි සෙන්සරයෙන් අල්ලගන්නෙ.
   - එතකොට වැඩි වෙලාවක් ගන්නව පින්තූරය සටහන් වෙන්න
*ISO වැඩිවෙන්න වැඩිවෙන්න, ආලෝකයට දක්වන සංවේදීතාව වැඩියි
   - අඩු ආලෝකයක් පිටකරන වර්නත් අල්ලගන්නව.
   - එතකොට අඩු වෙලාවක් ගන්නව පින්තූරය සටහන් වෙන්න
 නමුත් පොඩී අවුලක් තියනව. නොයිස් එනවා. Noise එනව. ඒ නිසා ඡායාරූපය තත්වයෙන් බාල වෙනව. එතකොට ISO කීයක් භාවිතාකරන්න ඕනද? ඒක තීරනය වෙන්නෙ කැමරාවෙ සෙන්සරයෙ ප්‍රභලතාවය අනුව තමයි.ඉහල ISO අගයකට ගියත් අදාල වස්තුව ආලෝකමත් කරන්න පුළුවන්නම් රූපයේ තත්වයට ලොකු බලපෑමක් වෙන්නෙ නෑ කියන්නත් පුළුවන්. ඒ නිසයි මම කිව්වෙ උඩදි ISO ටිකක් වැඩි කරලා ෆ්ලෑශ් කරන්න කියලා.

තවත් ගැඹුරට (ගැඹුරෙ හිර උනොත් අහන්න)
අපි නැවත නැවතත් සැලකුවොත් අපිට කැමරාවෙ ශටර් ස්පීඩ්, ඇපිචර් වෙනස්කරන්න බැහැයි කියලා, ISO අඩු කරන්න කරන්න අනාවරන කාලය හෙවත් Shutter speed එක අඩු වෙනවා. එතකොට අත හෙලවෙන්න පුළුවන්. එහෙම වෙලාවකදි ISO වැඩි කරන්න වෙනවා.... ISO වැඩිකරද්දි.....

එහෙනම් කියමු බලන්න මේ ෆොටෝඑක ගත්තෙ කොහොමද කියල




17 comments:

  1. මේ තියෙන්නේ අපුරුවට :) ස්තුත්යි Night vision lesson එකට .... මයිලෝ එකක් අරන් දෙන්නම්කො :D

    ReplyDelete
  2. // රෑට ගහන්නෙ කොහොමද //

    දෙයියනේ .... මාත්තුරුකාව දැක්කම මාව ඩිම්වෙල ගියා. ඔන්න වෙනී අයියත් පුහුගිය දොහේ දත කෑව ඕක හොයා ගන්න.

    ReplyDelete
    Replies
    1. අපේ බ්ලොග් ලියන මල්ලිල වගයක් දුන්න උපදෙසක් තමා මාතෘකාව දාන විදිය :D

      Delete
  3. ඇත්තටම අර අන්තිම පිංතූරෙ ගත්තෙ කෝමෙයි?????

    ReplyDelete
  4. අන්තිම එකේ ෂටර් ස්පීඩ් එක ගොඩක් අඩු කරලා නේද? ISO ටිකක් වැඩි කරලා,ෂටර් ස්පීඩ් එක අඩුම කරලා..එකම එක වතාවක් මොබයිල් එකකින් ඔහොම එකක් අරන් තියේ.ෂටර් ස්පීඩ් එක අඩුවුනේ නයිට් මෝඩ් දාපු නිසා වෙන්න ඕනේ.නැතුව හදන්න බෑනේ :(

    ReplyDelete
    Replies
    1. බොහෝ දුරට හරි. ඒත් මම කිව්වනෙ ISO වැඩි කලාම ශටර් ස්පීඩ් වැඩි වෙනව කියල

      Delete
  5. Night vision තමා එපාම වෙන වැඩේ.. වතාවක් රෑ එට්නා ගිණිකන්ද පුපුරද්දි ගියා ලාවා ගලනවා බලන්න.. එදා ෆොටො ගන්න ගිහින් මාර කට්ටක් කෑවේ..

    ReplyDelete
  6. රෑට ගහන්න විතරයි දැන් උඔට අඩු..

    ReplyDelete
  7. ඇපචර් එක අඩු කරලා තමා අරක අරන් තීන්නෙ ^_^

    ReplyDelete
  8. වටිනා උපදේශයන් ටිකක්. මමත් රෑට ගහන්න ට්‍රයි කරන්න ඕනේ :D

    ReplyDelete
  9. රෑට ගහන්න උත්සාහ කරන්න ඕන.. මං හිතන්නේ පාරේ යන වාහනේක එලිය පාවිච්චි කරලා කියලා.. flasher එකට අමතරව!! :)
    මං කළා නම් කරන්නේ එහෙමයි.. එකයි කිව්වේ!
    ජය වේවා!

    ReplyDelete
  10. මම දන්නවා.. අයියා හදන්න තියන ඒවා හදලා බොත්තම ඔබලා.. ශුවර්..

    ReplyDelete