මගේ බෑග් එකේ වම් පැත්තෙ පටියෙ (Strap) හදවතට කිට්ටු තැනකින් මම හයිකරගත්තා අර ඇස් දෙක පොඩි කරලා කට කන ගාවටම ඇදලා හිනාවෙන මූනක් (smiley ද මොකක්ද එකක් ). . ඒ හිනා මූන පිටිපස්සෙ හදවත හිල් කරන්න තරම් කටුවක් තියන නිසා. අපේ ජීවිතවලට එන සමහර හිනා මූණු තියන අයත් ඒ වගේ. අපි විහින්ම සුරංගනා කතා මවාගෙන ඒ හිනා මූණු එක්ක හිතින් බැඳෙනව. අපි දන්නව තමයි ඒ හිනා මූණු පිටිපස්සෙ ලොකු කටුවක් තියෙන්න පුළුවන් කියන එක, ඒත් අපි පිලිගන්නෙ නෑ ඒ හිනා මූණ අපිට රිද්දයි කියල. අපි එච්චරටම බොළඳ වෙලා.
ඇයි ?
දන්නෑ.....
කොච්චර උනත් ආදරය කියන දෙය අපිට ඕන නිසා වෙන්නැති.
ඒත් ඒක ඕනමද?
දන්නෑ.....
සමහරවිට ඕනත් ඇති.....
ආදරය ලැබුනු කෙනෙක්ට ඒක හැමදේම වගේ වෙන්න පුළුවන්. නමුත් ආදරය නොලැබුනු කෙනෙක්ට ඒක බළාපොරොත්තුවක්. හැම මොහොතකාම කප්පරක් තරම් බළාපොරොත්තුවක් එක මොහොතක විඳින්න බළාපොරොත්තුවන පුංචි සතුටක් වෙනුවෙන්. ඒ බොළඳකම වෙන්නැති. ඒකත් මම දන්නෑ. හැමදාම බලං ඉන්නව හිනාවෙයි කියල. කොහේහරි යද්දි පතනව බස් එකේදි මුනගැහැයි කියලා. හවසට ගෙදරටද්දි හිතනව එයා වැඩ ඇරිල එනව ඇති කියලා. ඒ පාරෙන්ම යන්න හිතෙනව එයා ඉදීවි කියලා.
ඒත් හොඳාකාරවම දන්නව "එයා බෑ කිව්ව කියලා"
ඔව්, බොළඳකම නෙමෙයිනම් වෙන මොකක්ද.....
ඒ හිනා මූණ.... හිණාවෙන්නෙවත් නෑ කියල දැන දැනත්....
හිතේ හංගන් හිටියා, දැන්ම ඕන නෑ කියල හිතාගෙන. එක එක විකාර කලා අමතක වෙයි කියල හිතාගෙන, ඒත් අනික් අය වගේ වල්බූරු නිදහසක් භුක්ති නොවිඳ මම පරිස්සම් උනා කරන්න පුළුවන් අසම්මත/ වැරදි නොකරන්න. අනික් අය වෙනුවෙන් යමක් කරන්න උත්සහ කලා කට්ටිය එක්ක ඉඳිද්දි සේරම අමතකවෙයි කියල. ඒත් ඒකෙ ප්‍රතිපලය ලැබෙද්දි හැමවෙලේම හිතුනෙ
ඒ හිණා මූනත් හිටියනම්.....
කාලයක් යද්දි තව කෙනෙක් ආවා, අපි එයා ගැන කතා නොකර ඉමු. එකම චක්‍රය තමයි. ඒ බොළඳකමමයි... බළාපොරොත්තු තියාගත්තෙත් මමමයි.
හිතේ හැංගිලා තිබුනු ආසාවක්, බළාපොරොත්තුවක් කරල, පොල්ලෙන්ගැහුව වගේ අත ඇරල දැන්මම,
ආතල් නෑ.....
ඒ හිණා මූන....
ආපහු ඒවි,
හිණා මූනක්....
එතකන් මගේ හදවත ලගින්ම අර හිණා මූන......
_________________________________________________________________________
මට දැනුනෙ ඈ මගේ ලගින්ම ඉන්නව වගේ. කාලයක් යනකොට තේරුනා ඈ තාරකාවියක් නොවෙයි උල්කාපාතයක් කියලා. මොනව කරන්නද, ඒ වෙනකොටත් මගේ හදවත ආදරෙන් පිරිලා. කොටින්ම කියනවනම් මම හුස්ම ගත්තෙත් බොහොම අමාරුවෙන්. අන්තිමේදි මගේම හදවතට තමයි ඒ උල්කාපාතය වැටුනෙ."
"ඇයි ඉතින් උඹ ඩොක්ටර්ට කිව්වෙ උල්කාපාතය අයින් කරන්න එපා කියලා"
"මම තාමත් ආදරේ නිසා."
"උඹ නම් හැබෑම මෝඩ ප්‍රේමවන්තයෙක්"
උපුටාගැනීම-
ඔරායන්ගේ ප්‍රේම සක්මන
-අමිල තේනුවර-
ෆොටෝ වලිං මිදිලා කරපු වෙනස් පෝස්ට් එක පට්ට...
ReplyDeleteඅනේ මංදා....
Delete^_^
හිණා මූන
WoW ........
ReplyDeleteමොනා වුනත් මම ආදරයට කැමැති.ඊටත් වඩා ආදරයෙන් බිහිවෙන විරහවට කැමැති....ඒකට හේතුව මෙන්න මේක.
විරහව, වේදනාව බිහිකරනවා.... වේදනාව අපූරු වචන හරි ලස්සන පෙළකට අමුණනවා. අන්තිමට බිහි වෙන්නෙ නොසිතූ නිර්මාණයක්.නොසිකූ අයකු ලේඛකයෙකු වෙනවා.කවියෙක් ගීත රචකයෙක් වෙනවා....
සුබ පැතුම්....
වෙල්කම්...
^_^
Deleteබ්ලොග් අවකාශයේ පතාක යෝධියක් කමෙන්ට් කරලා.... සතුට සමරන්න මයිලෝ එකක්වත් නෑ...
කමක් නෑ, වතුර ටිකක් බීලා නිදාගන්නව!
ස්තූතියි!
මාළුන්ට කෑම දාන වැඩේ මරු... හිනා ඉතිරේ....
ReplyDeleteමාලු දිහා බලං හිටියන ප්ප්‍රෙශර්ද කොහෙද අඩු වෙනවලුනෙ ^_^
Deleteමේ ලෝකෙ උබට කියලත් හිනා මූනක් ඇති........ඒක නිසා එක එක විකාර නොකර හිටු.......වෙලාව ආවම ඒ මූන උබ ලගම හිදීවි........හරියට Nikon D7000 කැමරාවයි උබයි වගේ.....:)
ReplyDeleteඉක්මනින් හිනා මූනක් ලැබේවා!!!!!
තැන්කූ වේවා! ඉහී ඉහී :'(
Deleteමුනා කියන්නද සමීර අයියා .. අනේ මන්දා..මමත් ආදරේ කළා .. ගැනු ළමයිනුත් ගොඩක් හිටියා .. X වයිෆ් ලත් අතරින් පතර හිටියා .. එත් මම දන්නේ නැ ඔබේ මතයෙන් මම හරිද කියලා.. මට තේරෙන විදියට ඒ හැමදෙයින්ම උනේ මගේ නිදහස නැති උන එකයි.. මට අනන්තයක් වගේ හිතන්න පුළුවන් උන හිත රාමුවක් ඇතුලේ හිර කළා වගෙයි.. ආදරේ කොච්චර කලත් පොඩි ප්‍රශ්නයක් හරි එනකොට මම මගේ හැම දෙයින්ම කඩන් වැටුන එකයි.. ආදරේ සුන්දරයි කිව්වට ඒකෙන් අපේ ජිවිතත් අසුන්දර වන වග කව්රුත් කතා කරන්නේ නැ ..
ReplyDeleteඅවසාන වශයෙන් අයියා .. කව්රු කොහොම උනත් මගේ නිදහස හා මගේ මනන්කල්පිත ලෝකයට මට හැර කාටවත් ඇතුල් වෙන්න අවසර නැ ..
අපි ඔක්කොම එකම වලේ සුරියෝ..
Deleteසුරින්, ශුවර්ද උඹ <3 කලා කියල, වෙන මොකවත් නෙමෙයිද ඔය කරල තියෙන්නෙ?
Deleteලස්සන කතාව ලියල තියෙන්නේ හිත හුඟක් රිද්දගෙන ... ඇත්ත. හැමෝගෙම ආදර හීනය මල් ඵල ගැන්විලා නෑ .. ආදරේ බලාපොරොත්තුවක් කරන ඉන්න අය තව ඉන්නවා. ආදරේ හොයන ගිහිල්ලත් හම්බෙන්නේ නැතිකොට මම පුරුදු උණා සොයා එනකන් බලන් ඉන්න. දැන් මම අනුගමනය කරන්නේ ඒ ප්‍රතිපත්තිය.
ReplyDelete"සොයා යන ආදරේ ට වඩා සොයා එන ආදරේ උතුම්" ලු නේ...
ඇයි අර ඉන්නෙ.
Deleteඔයාගෙ හොඳම හොඳම හොඳ, කොටම කොටම කොට යාලුවා!
හිකීස්....
පින්තූරයකට එහා ගිය අලුත් වෙනස ලස්සනයි..කියවල ඉවරවෙනකොට ඔය කියන විදිහට හිනවෙන්න බැරි කමට දුකයි...
ReplyDelete^_^
Deleteඋඹටත් වෙන්නේ මට වෙන වැඩමයි..
ReplyDeleteබෑ කියලාත් මං කෙච්චර කටු කෑවද ..
කොච්චර බලු උනාද.. මට මම ගැනම ලැජ්ජයි බං..
:(
ඒකිට වද දෙන්න එපා කියලා ඒකිගේ යාළුවෝන්ගෙන් කෙච්චර බැණුම් ඇහුවාද ..
ගර්........
මමනම් වද දුන්නෑ. අපරාදෙ බන්, වද දෙන්න තිබ්බෙ!
Deleteඈ පුදුමයි ආදරේ ගැන කතා කරලා අහෝ :ඔ
ReplyDeleteපළ යන්න, අලිච්චි!
Deleteඇයි අපි දුවන්නෙ ප්‍රොසෙසර් වලින් කියල හිතුවද?
උඹ නාඬන් උඹ වගේ තවත් අය ඉන්නවා....මෙ මං එක්කෙනෙක්!! :)
ReplyDeleteහිතට වැදුන පෝස්ට් එකක්! නියමයි
Deleteස්තූතියි....
Deleteමේ පැත්තෙ දැකලම නෑ උඹව!
සිරා කතාවක්.ආදරයේ වේදනාව තුලින් නව මිනිස්සු නව අදහස් බිහිවෙද්දි දුක් විදින තරම භාහිරට දැනෙන්නේ නෑ
ReplyDeleteඇත්තෙන්ම
Deleteසංකීර්ණ එව්වා ලියන්න එපා ඩෝ! :D
ReplyDeleteහාවොන්ට මොන සෞඛ්‍යයද කිව්වලු!
Deleteහ්ම්ම් නියමයි!
ReplyDeleteස්තූතියි
Deleteඅමුතු විදියේ ලිපියක් අය්යේ
ReplyDeleteනියමයි...
ස්තූතියි
Deleteහිත රිදිලා නේද ගොඩක්?
ReplyDeleteඕවා ඔහොම තමයි....
රිදිල හිටියෙ....
Deleteඒ ගැනයි ලිව්වෙ....
සමීරගේ මම කියවපු බොහොම හිතට දැනෙන ලිපියක්...
ReplyDeleteමම විශ්වාස කරන දෙයක් තමයි
"දෙවියෝත්... යක්ෂයාත් අපේ ඇතුලේ ජීවත් වෙනවා කියලා මං විශ්වාස කරනවා.. ඒ අතරින් දෙවියෝ මතු කරගන්න අයට අපි හොඳ මිනිස්සු කියනවා.. යක්ෂයා මතු කරගන්න අයට අපි නරකයි කියනවා.."
මෙහි දෙවියෝ සහ යක්ෂයා කියන එකෙන් අදහස් කරන්නේ හොඳ සහ නරක කියන එක.. එටහමත් නැත්නම් සංවේදී සහ අසංවේදී කියන එක.....
දැන් දැන් ඉස්සර හිටපු දඩබ්බර.. හිතුවක්කාර... වාචාල සමීරයේ ඇතුලේ ඉන්න සංවේදී...සමීර මතුවෙලා තියන බව පේනවා....
ආදරය අපේ හිතට කොයි තරම් බලපෑම් කරනවද කියන එක මම අත්දැකීමෙන් දන්නවා....
ඊටත් වඩා ආදරේ අහිමි වීම කොයි තරම් බලපානවද කියන එක වඩාත් හොඳින් දන්නවා....
දිග ගමනක් යන්න තියනවා මලේ.....
මම කිව්වා වගේ කෙනෙක්ට ආදෙර් කරන කොට අපිට ඒ කෙනාව අහිමි උනා කියන එකෙන් අදහස් කරන්නේ...
ඇයට හෝ ඔහුට අහිමි උනේ ඇයට හෝ ඔහුට ආදරය කරන කෙනෙක්...
ඇයගෙන් හෝ ඔහුගෙන් වෙන් උනේ ඇයට හෝ ඔහුට ආදරය නොකරන කෙනෙක්....
අනේ මන්දා ස්තූතියි කියන්නද හෙණ ගහපං කියන්නද කියල.....
Deleteකොහොම උනත් කතාවනම් අමූලික ඇත්ත. ඒත් එයාට නැති උනේ එයාට ආදරේ කල කෙනෙක් කියල හිත හදාගන්න පුළුවන්නම් සෝයි. කියන තරම් කරන්න ලේසි දේවල් තියනවද මංදා.
අර කිව්වත් වගේ
"දැන් දැන් ඉස්සර හිටපු දඩබ්බර.. හිතුවක්කාර... වාචාල සමීරයේ ඇතුලේ ඉන්න සංවේදී...සමීර මතුවෙලා" එන්න හැදුවා තමයි. ඒත් හරිගියේ නෑ. හිටපු එකා හොඳයි. ජීවිතේදි මූනදීපු සමහර දේවල් නිසා සංවේදී නොවී ඉන්න උත්සහ කලා, දැන් හිතෙනව ඒ විදිය හොඳා කියල..........
ඇත්තටම ඔහෙම හිතලා මට නම් සතුටු වෙන්න බෑ.. බස්ස අයියා..
Deleteමල්ලි හරි මල්ලි.
Deleteසමහරවිට ලොකු උනාම පුළුවන් වෙයි
Bakus ge kathawa aththama aththa..
ReplyDeleteඔව් ඉතින් අපේ රැව්ල නෑනේ.
Deleteබස්සට පිහාටුහරි තියනවනෙ...
මං හිතං උන්නෙ සමීර අයියා කියන කෙනාට ලියන්න කියන්න පුළුවන් කැමරාවයි පින්තූරෙක ගුණ අගුනයි විතරයි කියලා. ඒත් ඉතිං මම හරි උනේ කවද්ද.. මේක හිතට ගොඩකැ දැනෙන ලිපියක්.. අනේ අම්මාපල්ල.. මේක ඇත්තක්ද? අයියාගෙ සිද්ධියක් ද? කුතුහලයක්.. ඒ මොනවා වෙතත් ඉතිං අපිට කරන්න තියෙන්නෙ ලද දෙයින් සතුටු වෙන්න තමයි.. ඔය බලන්ඩ දැං ගත්තාම එෆ් බී එකේ ස්ටේටස් එකක් දැම්මත් කීයක් කමෙන්ට් කරනවාද? හෙහ්... ඒ මොනවා වෙතත් ඕවා මතක් වෙනවා කියන එක සරළයි.. මම අවුරුද්දක් තිස්සෙ බ්ලොග් ලියනවා. දැනට පෝස්ට් 108 යි. අන්තිම එකත් ලිවුවා. දැන් කරන්නෙ කමෙන්ට් කරන එත. ඒ මොනවා වෙතත් අපි ඔක්කොම මිනිස්සු. අපි හැමෝටම හිතක් තියනවා.. හැගීම් තියනවා.. ඒ හැගීම් වලට කතාකරන්න ඉඩ දෙන්න.. බ්ලොගයේ නිදහස් අදහස් කියන්න මැලි වෙන්න එපා.
ReplyDeleteඒ මොනවා වෙතත් අයියා අර ලියලා කපලා තියන කොටසෙ තමයි මම දැක්කෙ ලස්සනම හිතට වදිනම අදහස.. කපපුඑකෙන් ඒකෙ තීව්‍රතාව වැඩි වෙනවා.. හොද වෙනසකට සුභපැතුම්..
ආගන්තුකයා කියන්නෙ ජනිත සෙනෙවිරත්න කියන පිස්සු හාදයාට ඈ.. :)
ස්තූතියි සහෝ...
Deleteමම දුවන්නෙත් ඇට මස් ලේ නහර +++වලින් තමයි. ප්‍රොසෙසර් එකකින් නෙමෙයි!
මට කතා ගොතන්න බෑ, මට දැනුන දෙයක් හෝ මට වෙච්ච දෙයක් මිසක.
ඔව් මේ මගේ ගැන තමයි. වර්තමානය ගැන. එයා දන්නව මම ෆොටෝ ගන්නවයි කියලත්.....
ඒ මේ....
Deleteඋඹ තමයි මේක කියවපු 100 වෙනියා!
මාගේ සාතිශ්‍ය සංවේගය !
හෑ.. මම ද සියවෙනියා..
Delete"මට කතා ගොතන්න බෑ, මට දැනුන දෙයක් හෝ මට වෙච්ච දෙයක් මිසක." ඔය තියෙන්නෙ.. ඕක ගැනත් ලියමු ඉතිං අපි.. හෙහ්.. එහෙමෙයි කියලා කැමරාකරණය ගැන නොලිය ඉන්නෙපා ඕං..
තව ලියන්න...
Deleteඑහෙනම් තව කාටහරි කියහං මට හොඳවයින් බූටක් දෙන්න කියල. දෙන්නම් කොට්ට බදාගෙන අඩන්නම ^_^
“හැම මොහොතකාම කප්පරක් තරම් බළාපොරොත්තුවක් එක මොහොතක විඳින්න බළාපොරොත්තුවන පුංචි සතුටක් වෙනුවෙන්. ඒ බොළඳකම වෙන්නැති. ඒකත් මම දන්නෑ. හැමදාම බලං ඉන්නව හිනාවෙයි කියල. කොහේහරි යද්දි පතනව බස් එකේදි මුනගැහැයි කියලා. හවසට ගෙදරටද්දි හිතනව එයා වැඩ ඇරිල එනව ඇති කියලා. ඒ පාරෙන්ම යන්න හිතෙනව එයා ඉදීවි කියලා.
ReplyDeleteඒත් හොඳාකාරවම දන්නව "එයා බෑ කිව්ව කියලා"
ඔව්, බොළඳකම නෙමෙයිනම් වෙන මොකක්ද.....
ඒ හිනා මූණ.... හිණාවෙන්නෙවත් නෑ කියල දැන දැනත්..... “
හපොයි මගේ මතක ගබඩාවෙ මකුළු දැල් ගොඩ..
මකුණුදැල් ඇගේ පැටලුනාද :O
ReplyDeleteඅනේ මන්ද සමිරයෝ මට තියෙන්නෙත් ඔය ප්‍රස්නේම තමයි
ReplyDeleteහෑ... මොකක්ද?
Deleteඉස්සල්ලා ආවෙ බිත්තරේද කිකිලිද කියන එකද?
දිගට ම ලියන්න. හොඳ දේට වඩා සරල දේටයි වැඩි දෙනෙක් කැමති. නමුත් හැම විට ම හොඳ දෙයක් කරන්න. පවතින්නෙ ඒව...!!
ReplyDeleteසර්ත් කියවලා :D
Deleteස්තූතියි සර්....
ආමෙන්!
hmmmmmmmmmmmm......
ReplyDeleteහ්ම් හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
Deleteapita own epa sameera..
ReplyDeleteඔව්න් මොව්න් එකෙක්වත් එපා
Deleteමට නම් ඉතින් අර පරණ පුරුදු හිනාවෙලා ඉන්න සමීර අයියා හිටියොත් හොඳටම ඇති
ReplyDeleteමං හිනාවෙලා හිටියද බන් :O
Deleteකවදාවත්....
දවසක ඒවි හිනා මුහුණක් ,,,
ReplyDeleteඅඳින්න හිනාවක් නුඹේ මුව අග
එතෙක් තබපන් හදේ ළඟ තැන
සිනහවක් පිරි පුංචි මුහුණම ,,,
අපුරු ලිවීමක් සමීර ,,,
ස්තූතියි අක්කා!
Deleteආදරය හැම කෙනෙක්ටම අවශ්‍යයි. එක එක වයස් වලදි අවශ්‍ය ආදරය වෙනස්. ඒ ආදරය කොටස් 10 කට වෙන් කරන්න පුළුවන්. ඒ ඒ කාලෙදි අවශ්‍ය ආදරය නොලැබුනොත් ඒක ගැටළුවක් වෙනවා. විශේෂයෙන්ම ළමා කාලෙදි ලැබෙන්න ඕන දෙමාපියන්ගෙ ආදරෙයි, යොවුන් වියේදි ලැබෙන්න ඕන ආදරෙයි. ඇත්තටම ආදරේ අන්ධයි. ආදරේදි කටයුතු කරන්නේ හදවතින් මිස බුද්ධියෙන් නෙමෙයි. ඒකට මෝඩ කම කියන්න බෑ. ඒ තමයි ආදරේ හැටි... ජය...!
ReplyDeleteඅම්මටසිරි!
Deleteඑහෙයි එහෙයි!
මට මුකුත් මතක නෑ ඕයි
http://www.youtube.com/watch?v=Yn40iZBLrUk
අඩෝ මේක ඇඩෙන්න ලියල නේ :O
ReplyDeletemmmm lassanata liyala thiyanwa ..jeewithe ena prashna walin watenan epa
ReplyDeleteහා!
Deleteඋඹ කවියෙක් වෙලා...
ReplyDelete_සෞම්‍ය
මමත් මෝඩයෙක් වෙලා. හිකීස්!
Delete