ස්තුතියි ! කියවන එක තමයි ලොකුම හයිය !

Wednesday, March 6, 2013

මගේ Photography හැලුනු කොටස්

මම ෆොටෝ ගන්න විදිය ගැන ලිව්වට මොකො ඉතින් ලියල අනික් පැත්ත හැරුනු ගමන්ම තිමියා හෙවත් පනුච්චි මගෙන් ඇහුවෙ "ඔච්චරද, මොනාහරි අඩුයි වගේනෙ?" කියල, මමත් ඉතින් කිව්වෙ ඔච්චර තමා කොහොමත් යමක් කරන්න කාලයක් ගතවෙනව කියල. එහෙම කිව්වත් මොකො ටික දවසක් යද්දිනෙ මතක් උනේ ටිකක් හැලිලයි කියල :D
මුලින්ම සොරි කියල පටන්ගන්නම් එහෙනම්!

Pix by- Lukshan Malintha
ඉස්සර තමා, මට උනත් පොඩිකාලෙ අම්මා තාත්තා කිව්වෙ ෆ්රේම් එකේ මැද්දට ෆොටො එකෙ ඉන්න කෙනා හිටින විදියට ගන්න කියලා. ඒක ඇත්තෙන්ම යල්පැනගිය ක්‍රමයක්. නානාවිඳ රීති අතරෙ මම පිලිපදින රීතියක් තමයි ස්වර්නමය රීතිය. Golden Points කියලත් කියනව......
සරළවම කියන්නම්කො, ඡායාරූපයක තියන වැදගත්ම කොටස, අන්න එතනට තමයි අපේ ඇහැ යන්නෙ නිතැතින්ම. එන්න ඒ ඡායාරූපයේ තියන වැදගත්ම කොටස වැඩියෙන්ම ඇහැ යන තැනක රඳවනව.
තව ටිකක් පැහැදිලි කලොත් අපි ගන්න ෆොටො එකෙ වැදගත්ම තැන, මූනක ෆොටෝ එකක්නම් වැදගත්ම තැන තමයි ඇස. ගොඩක් වස්තූන් තියනවනම් ඒ අතරින් ප්‍රභලවම ඡායාරූපයෙන් දෙන පනිවිඩය තීර්ව කරන්න උපයෝගී කරගන්නා දෙය. අන්න ඒ දෙය රඳවන්න ඕන තැනක් තියනව.
මුල් ඡායාරූපය
රූපය සමාන කොටස් නවයකට බෙදුවම ඒකෙ මැද තියන කොටුවෙ කොන් හතරෙන් එකකට හෝ ඒවා කිහිපයක් කැපෙන ලෙස අපේ "වස්තුව" හෙවත් වැදගත්ම කොටස පිහිටුවීම තමයි Golden Point.

වැඩි විස්තර FBහී Photo Talk කන්ඩායමේ තියන මේ Doc එකෙන්....
මේකත් වටිනව

අපි හැමෝඕටම ලොකු ලොකු ලෙන්ස් නෑ, පුළුවන් තරම් උත්සහ කරන්න ඕන ගන්න ෆොටෝ එක එකවරම ගන්න,  වටෙන් ඉඩ තබා අරන් පසුව ෆොටෝ එක ක්‍රොප් කිරීමේදී එහි ප්‍රමාණය අඩුවන නිසා ඒක විශාල පිටපතක් ගැනීමේදී හෝ වීශාලනයේදී ගැටලු ඇතිවිය හැක. ඒ වගේම පසුතලයේ විශාල පදාසයක් සාමාන්‍ය (සූම් නොවන) ලෙන්ස් එකකට හසුවීමත් වලක්වාගන්න බෑ. නමුත් අදාල දෙය/ කෙනාට ලංවෙද්දී යම් අවදානමක් හෝ ඉරියව්ව වෙනස් උනොත් අපි කරන්න ඕන ෆොටො එකක් ගනිද්දි වටෙන් ඉඩ තියන විදියට ෆොටෝ එක අරගෙන සංස්කරණයෙන් ඉහත සඳහන් ආකාරයට කපා (crop) කර ගැනීමයි. එතනදිවෙන quality lostඑක අඩුකරගන්න පුළුවන් කැමරාවෙ RAW හෝ Tiff ලෙස shoot කරන්න පුළුවන්නම්.

කලක් යද්දි එක එල්ලෙම ඇහෙන් මැනගෙන අදාල කොටස නියමිත තැන පිහිටුවා ඡායාරූපය ගන්නා මට්ටමට ඔබ පත්වේවි! ඒ සඳහා නිරන්තරයෙන් ඡායාරූපකරණයේ යෙදීම වැදගත්.



අනෙක් කරුන තමයි මගෙ ලෙන්ස් එක. ඒක සූම් ලෙන්ස් එකක්.  නිකොන් 55-300.

APS-C ප්‍රමාණයේ සෙන්සරයක් අඩංගු මාගේ නිකොන් D7000 කැමරාවට, DX කාචයක්වන අදාල කාචය යෙදූ විට 35mm කැමරාවට සාපේක්ශව 1.5 ගුණයක විශාලත්වයක් හෙවත් 35මිමි සාපේක්ශව 450මිමි පමණ අගයක් ලබාදෙයි.

මේ ලෙන්ස් එක 55mm හීදී අංශක 28ක රූපයක් ලබාදෙන අතර, 300මිමි හීදී අංශක 5 වැනි පටු කෝනයක් ලබාදෙයි. ඒ නිසා කෙනෙක්ගේ අවධානයට ලක් නොවී ඡායාරූප ගැනීමට හැකියාව ලැබෙයි, නැත්තං ලගට යද්දි කිට මරල විරිත්තගෙන ඉඳී නේ. යම්තාක් දුරක සිට සතුන්ගේ ඡායාරූප ගැනීමටත් මෙය වැදගත්වේ.


වනජීවී ඡායාරූපකරණය වගේම Street Photography, Candid ( ජන ජීවිත, මාර්ගයන් ආශ්‍රිතව ) මෙන්ම ප්‍රවෘති වාර්තාකරණය සඳහාද සූම් ලෙන්ස් එකක් පාවිච්චි කිරීම සමාන්‍ය දෙයක්. මුහුනක හෝ පුද්ගලයකුගේ තියන සැබෑ ඉරියව් දුර සිටම ඔහුට නොදැනී හසුකර ගැනීමටත් දුරක තිබෙන දෙයක් හසුකරගැනීමටත් සූම් ලෙන්ස් එකක් ඕන වෙනවා.

අන්තිමදේ තමයි පාට
මුලින්ම කිව්ව වගේ මේක කලාවක්, නීති නෑ............
තමන්ගෙ රසය අනුව තමන් කැමති ආකාරයේ වර්ණ භාවිතා කිරීමේ හැකියාව තමන්ට තිබෙනව. බොහෝවිට මම පාවිච්චි කරන්නෙ ස්වභාවික වර්ණ සහ මදක් saturation වැඩිකල වර්ණ...........

මතක හැටියටනම් මෙච්චරයි...........................

මොහොත උදාවනතුරු සූදානමින් සිටින්න! ජය!

24 comments:

  1. වැදගත් ලිපියක් අයියා! මොකෝ මුල ඉඳන් ඉගෙන ගන්න කෙනෙක්ට ගොඩක් වැදගත්...

    ReplyDelete
  2. හැලිලයි කිව්වට ගොඩක්ම හැලිල නෑනෙ. නියමයි අය්ය...
    "මේක කලාවක්, නීති නෑ............"
    මේක තමා වටිනම කෑල්ල :D

    ReplyDelete
    Replies
    1. හැලුන ටිකත් ඇහින්දා ඉතින් :D

      Delete
  3. වැදගත්ම ටික මෙතන ද මංදා.. ;)
    ඇත්තටම ... ඒක කලාවක්.. කලාවට නීති නෑ නේ..
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. අනේ මංදා බන්!
      මට වැදගත්ම දේනම් තියෙන්නෙ ඒකෙ, මෙතන තියෙන්නෙ පොදුවෙන් වැදගත් දේ!

      Delete
  4. තව ගෝල්ඩන් ස්පයරිල් එක වැටෙන හැටි ගැන....
    ඕක තමා එදා දුෂ් අක්කත් ඇහුවේ
    එල ඇ.
    ජය වේවා

    ReplyDelete
    Replies
    1. වෙඩිමයි!
      මම දන්නෙත් නෑ බන්. අර පොතේ ඇති බලහං

      Delete
  5. ඇත්තටම ... ඒක කලාවක්.. කලාවට නීති නෑ නේ..
    ජය වේවා!!!

    ReplyDelete
  6. හැමදාම වගේ හොඳ ලිපියක් මචන්..... නියමයි... පුලුවන්නම් චායාරූප කලාවට අදාළ උපකරණ ගැනත් වෙන වෙනම ලිපි ලියන්න....

    ReplyDelete
    Replies
    1. හිමින් හිමින් කරමු!

      Delete
  7. අගෙයි සහෝදරයා

    ReplyDelete
  8. Golden Rule එක ගැන හොඳ පැහැදිළි කිරීමක්.

    ReplyDelete
  9. මම නම් ඊයේ උබේ කමෙරවෙන්ම පට්ට ගහල පින්තුර එකක් හරි හොදට ගත්තේය :D ,

    ReplyDelete
    Replies
    1. ගත්තෙමි නෙමෙයිද?

      Delete
  10. මම නම් කැමරාවෙන් ගන්න photo සමහර වෙලාවට මටම අදුරන්න බෑ.අත හෙල්ලිලා

    ReplyDelete
    Replies
    1. හොඳ හුස්මක් අරන් හුස්ම පහල දානවත් එක්කම ශටර් බට්න් එක ඔබන්න!

      Delete
  11. ස්තුතියි දැනුවත් කිරීමට

    ReplyDelete
  12. හොදට පැහැදිලිව නිවැරදිව සදහන් කරලා තියෙනවා... දිගටම ලියන්න.....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියා. කාලෙකින් මේ පැත්තෙ!

      Delete