ස්තුතියි ! කියවන එක තමයි ලොකුම හයිය !

Thursday, March 21, 2013

මමයි මගේ කැමරාවයි

මුලින්ම ස්තූති වෙන්න ඕනේ සමීරයියට මට මේකේ ලියන්න අවස්ථාව ලබා දීම ගැන..
ඔන්න මමයි මගේ කැමරාවයි,

මුලින්ම මම කවුද අනං මනං කියලා ඉන්නම්,
මම සුරේෂ් කෞශල්‍ය.., ගෙවල් ගාල්ලේ..
(ඒ ඇති වෙන කියන්න දෙයක් නෑ ලු :P )
මොලාදෙයක් නොදන්න චූ කොල්ල කාලේ ඉදලා අපි හැමෝටම හීන තියෙනවා,
මට නම් එහෙම තිබ්බද මන්දා, මට මතක නෑ සිරාවටම, කමක් නෑ කියමු..
කැමරා... මේක තමා දැන් මගේ ලෝකේ ඉන්ටරෙස්ටින්ම සබ්ජෙක්ට් එක ..
මීට චිරාත් කාලයකට පෙර (ඒ කියන්නේ ගිය අවුරුද්දේ නැත්තම් 2011 විතර )
මමත් මෙලෝ දෙයක් නොකර උ.පෙ කරන කාලේ බුකිය පුරා රොන්දේ ගහන කොට,
කොහෙන්ද මන්දා මාවත් photo talk කියලා ගෘප් එකකට ඇඩ් වෙලා තිබුනා...
මමත් ඉතින් බැලුවා.. ෆුල් ආතල් ගොඩක් උන් පින්තුර අරන් දානවා මාත් ඉතින් කමෙන්ට් දානවා..
ලයික් දානවා.. අන්තිමට බලන් ඉදල ඉදලා මාත් බැරිම තැන ආතල් එකට කටුස්සෙක් ගේ පින්තූරයක් අරන් දැම්මා..
PS ටිකක් දැනන් උන්න නිසා ඒකෙන් ලේයර් මූඩ් එක මාරු කරලා මොකක්ද අලයක් කරලා දැම්මා..
දැන් ඔන්න කමෙන්ට් එකක්, ලයික් එකක් වැටෙනකන් කට ඇරන් බලන් ඉන්නකොට ..  පුදනකොටම කාපි යකා කියලා
 සමීරයා.. දැම්ම කමෙන්ට් එකක්,
මොකක්ද බං මේ ,, මේක නිකන් අව්වට පිච්චිලා වගේ කියල..

මොනා කරන්නද මාත් පොඩි එකා නිසා කට වහන් උන්න හැටි මට තාම මතකයි ;)
minolta riva af35 c 
ඒ කාලේ මං ලග තිබ්බේ fujifilm finepix f40fd කියන කැමරාව..
ඒක ගැන කියනවා නම් ඇත්තටම ඒක හොද කැමරාවක් පවුටල් පාවිච්චචියට (පින්තූර ටිකක් විතර කොලිටී ඉතිං..)
ඊය කලින් අපේ ගෙදර පාවිච්චියට කැමරා දෙකක් තිබුනා..
මුල්ම එක ෆිල්ම් රොල් දාන එකක් minolta riva af35 c කියලා.. එකෙන් තමා මම පින්තූරයක් ඉස්සලේලාම ගත්තේ..
ගෘප් ෆොටෝ එකක්. .හැබැයි කකුල් නෑලු.. :)  (හෙයාගන්න පුළුවන් උනොත් දාන්නම් )
ඊලගට තිබුනා medion කියලා Digital camera එකකුත්..
ඒක තමා මං මුලින්ම පාවිච්චි කරපු ඩිජිටල් එක..

medion Digital කැමරාව 
ඔන්න ඔහොම ටික කාලයක් ඉන්නකොට කැමරාවේ ලෙඩක් ආවා..,
focusing error එකක්.. රෙද්ද.. කැමරාව හදන්නත් බැලුවා..
කඩේට ගියහම රුපියල් වලින්ම තුන්දාහක් විතර යයි කිව්වා..,  #$%#$ මොකක්ද මංදා..
ඒ මදිවට තව වැඩි වෙන්න පුළුවන් කිව්වා.. ගලවලා බලන්න රු 500ක් කිව්වා..
ඉතින් අසරණ මම ලබන ආත්මේ ඌ මගේ ලමයෙක් වෙයන් කියලා හිතන් ගෙදර එන ගමන් ටූල් සෙට් එකක් අරන් ගෙදර ඇවිත් ගැලෙව්වා..
ගැලෙව්වාමයි.. තාම කෑලි ටික තැන තැන.. :) 
(ඇම්ම තිබ්බට හැම එකම කරන්න යන්න හොද නෑ කියලා එදා හිතාගත්තා.. ඒ උනාට බං මිදි රස බලන්න කන්නම එපැයි)

ඉතින් දැන්ආයේ ඔහෙම ටික කලක් යද්දී DSLR එකක් ගන්න හතක් පහල උනා..
(කලින් 90 යක් දෙකක් අල්ලලා තිබ්බත් මට ඡායාරෑපකරණය ගැන මහ ලොකු හීන තිබ්බෙ නෑ .. ) නිකමට වගේ..
නිකොන් මාමිලාගේ සයිට් එකට රිංගලා බැලුවා..
අම්මට උඩු.. ඇඩෙන ගනන්.. ඩොලර් වලින්ම බර ගානක්.., මොනා කරන්නද විභාගෙ ඉවර වෙලා ගන්නවා කියලා හිතාගත්ත..
හම්....
ඒත් නින්ද යන්නෑ හීනෙනුත් පේනවා.. එක එක සයිට් වල රිවීව් බලනවා.. කම්පෙයාර් කරනවා.. තව
යූටියුබ් එකේ පෙට්ටි කඩන ( unbox කරන) වීඩියෝ බලනවා විකාරයයි..,
ඒ මදිවට සමිරයාටත් පවු දුන්න හොදට මතකයි..
Nikon Canon ද කියලා කල්පනා කරනවා.. අන්තිමට තීරණය කරා Nikon එකක් ගන්නවා කියලා..
මොකද ඒවයින් ගන්න පින්තූරවල පාට ස්වභාවික පාටට ගොඩක් සමානයි වගේ තේරුණා..
අන්තිමට නිකොන් වල අඩුම කැමරාව 3100 එකක් ගන්න හිත හදාගෙන ඉදියා
ඔහොම ටික කලක් බල බල ඉන්නකොට ගෘප් එකේ සමහරු ඩොටේ සූම් කරන්න පුළුවන් කැමරා ජාතියක් දැම්මා..
fuji Hs20 කියලා.. අම්බානට සූම් කරන්න පූළුවන්.. මැක්රෝත් හොදයි.. රිවීව් වලත් අවුලක් නෑ..
ගානත් ෂේප් එකම වාසිය DSLR වල වගේ ලෙන්ස් ගන්න ඕන නෑ ඔක්කාම එකේ..
ඒකක් ගන්න හිත හිතා ඉන්න අතරේ ගෘප් එකෙනුත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා..
තව මිරර්ලස් කියලා ජාතියකුත් තියෙනවා ලු..  ඒකේ කොලිටිටත් හොදයි.. කියනවා කියලත් අහන්න ලැබුනා..
එත් හොයද්දි තේරුනා ඒවත් මිල ටිකක් වැඩී කියලා..

හැබැයි ඔය ඉන්න අතරේ නිකන් උන්නේ නම් නෑ.. ෆොන් එකෙන් පින්තූර ගත්තා..
එක එක එව්වා කරා .. අත්හදා බැලුවා.. 
(මම ෆොන් එකෙන් කරපු හෙදම දේ තමා අර ගලවපු  කැමරාවේ ලෙන්ස් එකේ තියෙන කාඡ වලින් මැකරෝ කරපු එක..)  (වැඩි විස්තර පසුවට)

මෙහෙම කැමරා ගැන හීන දැක දැක ඉන්නකොට අපේ යාළුවො ටිකක් කොච්චි බලන්න රේල්පාර් යනවා.. ඒකට මමත් සහභාගීඋනා..
ඒකෙදී තමා උණ තියෙන කාලේ මුලින්ම හොද කැමරාවක් අතින් ඇල්ලලා පින්තූරයක් ගැහුවේ.. ඒක තමා..
අර අයිතිකාරයෝ ගොඩක් ඉන්න samsung nx100 කියන කැමරාව..
මාර ආතල්.. හැබැයි ඒකේ වීව් ෆයින්ඩර් එක නැති උනාට පත ඩිස්ප්ලේ එකක් තිබ්බා..
ඒ කැමරාවෙන් තමා මම මුලින්ම මැනුවල් කියලා සෙටිමක් හදලා පින්තූර කෙලියේ..
ගතපුවායින් 2/3ක්ම හයි කී ගහලා වගේ.. තද සුදු පාටයි..
එහෙම ටික කාලයක් ඉන්න කෙට ගාල්ලේ සේයා රූ කතාබහ කරන්න අවස්ථාවක් ලැබුනා..
ඒක සංවිධානය කරලා කොහොම හරි වැඩේ කරගත්තා.... එදා තමා මුලින්ම 7000 එකකින් පින්තූර ගත්තේ
එදා ගෙදර ඇවිත් නහයෙක් අඩපු හැටි .. හයියූ.. පත ලෙන්ස්.. ලොකු කැමරා.. මතක් වෙද්දිත් දුකයි..
අන්තිමට මට ගෙදරින් ගොඩක් ලකුණු වැටුනා මම ඡායාරූපකරණයේ මොනා හරි කරන්න හදන එකෙක් කියලා ගෙදරට හැගී ගියා..

අන්තිමට ගොඩක් කල් දැකපු හීනය 2012 ඔක්තෝමබර් මාසේ 26 සැබෑ උනා..
මම හීන දැක්කේ D3100 ක් ගන්න.. ඒත් පස්සේ ගත්තා D5100 එකක් ම..  තව 55 -300 ලෙන්ස් එකක් එක්කම..
දැන් මමත් D5100 එකක හිමිකරුවෙක්.. .

ඇත්තටම DSLR එකකයි බ්‍රිජ් කැමරාවක් අතරෙයි ලොකු වෙනසක් තිවෙනවා කියලා තේරෙන්නේ ගත්තහම තමා..
කැමරාව කියන්නේ සූම්ම විතරක් නෙමේලු නේ..

මම කැමරාව ගත්තට පස්සේ මතුවුන ගැටළු..
කැමරාව ගන්න ගෙදරින් කැමති කරගන් හැටි එහෙම පස්සේ ලියන්නම්.. ;)

20 comments:

  1. අර අයිතිකාරයෝ ගොඩක් ඉන්න NX100 එකේ මාත් හිටපු ගමන් අයිතිකාරයෙක් වෙනවලු ඈ... එළ එළ ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. හැක් හැක්..
      ඒකේ ඇත්තම අයිතිකාරයා කවුද බං ??

      Delete
  2. අපි කවුරුවත් අහසින් කඩාපාත් වෙච්ච අය නෙමෙයි,
    අපි හැමෝටම හිමින් හිමින් ආපෝ, වැටි වැටි නැගිටපු කාලයක් තියනව.
    ඒ කියන්නෙ අපි දැන් පතාක යෝධයො කියන එකනම් නෙමෙයි,
    ඒත් ගොඩක් අය නොදකින අතීතයෙ කටුක වගේම මිහිරි අත්දැකීම් තියනව.....
    එහෙනම් ඔන්න සුරේෂ්.
    ජයවේවා!

    ReplyDelete
  3. ජය වේවා..!!
    මොකෝ කියන්නේ පොතක් ලියමුද ජයාරූප ශිල්පියෙක්ගේ ජීවන අන්දරය කියල..??

    ReplyDelete
    Replies
    1. එච්චර අත්දැකීම් නෑ ලු..
      තාම අපි අත දරුවො නොවැ..

      Delete
  4. ජයම වේවා මලයෝ ලියමු දිගටම.

    ReplyDelete
    Replies
    1. අනිවා අයියා.. ඔයාලා ගේ සහය තියෙනකන් දිගටම ලියන්නම්..
      ස්තූතියි..

      Delete
  5. එල එල. ඉතිරි ටිකත් ලියමු බලන්න එහෙනම්....

    ReplyDelete
    Replies
    1. අනිවා. දිගටම ලියන්නම් කෝ.. :)

      Delete
  6. (Y) Niyamai.....mara story 1k. matath thiyenne oyata samana heenayak bro.... hmmmmmmmm

    ReplyDelete
    Replies
    1. එල එල ගමු කැමරාවක්..
      :) පුළුවන් උදව්වක් දෙන්නම්..

      Delete
  7. ජය වේවා මචං!.. කැමරාව ගැන ගෙදරට කියපු බොරු ටිකට වෙනම පොටෝග්‍රැෆි අපායක් හැදෙවි..:D

    ReplyDelete
  8. හොඳයි බන්.
    තමන්ට වෙච්චි දේවල්,අත්දැකීම් එහෙම අනිත් උන් එක්ක බෙදා ගන්නෙක හොඳයිනේ..
    ඔය හීනෙම මාත් තාම දකිනව.හැබෑ වෙන පාටක් නෑ වගෙ..ලොල්..
    ජය හෝ !!!

    ReplyDelete
  9. ජය වේවා මල්ලි.
    කැමරා කියන්නේ සූම්ම නෙවෙයි තව ගොඩක් ඒවා තියේ කියලා තව ටිකක් විස්තර කරාන්.බහුතරය හිතන්නේ එහෙම

    ReplyDelete
  10. පොඩි නිවරදි කිරීමක් වෙන්න ඕනේ මම හිතන්නේ.. ගාල්ලෙ මීට් එකට කලින් කැමරාවක් පත ලෙන්ස් එහෙම අත පත ගෑ උඹ අපිත් එක්ක රේල් හිකේ ආපු දවසේ මම හිතන්නෙ.

    ReplyDelete
  11. මාත් ඔය හීනෙ දකිනවා මේ දවස් වල :)

    ReplyDelete