ස්තුතියි ! කියවන එක තමයි ලොකුම හයිය !

Wednesday, March 20, 2013

ලොකු දුරක් ඇවිල්ල................

කාලයක් පටන් ලියල ලියල මගේ ජිවිතයේ ගොඩාක් දේවල් මම ජිවිතයට දැකලවත් නැති ය එක්ක බෙදා ගත්තා, මට ආදරය කරන ය වගේම මම වැරදි තැනදී මගේ වරද පෙන්නලා දෙන්න ඉදිරිපත් ය වගේම හිටපු  ගමන් මදක් ගහන්න ඉදිරිපත් වෙච්ච නම් ගම නැති ය පවා මේ බ්ලොග් අවකාශය තුල මට හම්බුනා. මගේ දැනුම ගැන විස්වාස කල, මගේ දුකේදී හිත හදන්න ඉදිරිපත් උන ය වගේම මම මාර පොරක් කියල, පතාක යෝදයෝ කියල හිතපු ය පවා මට මේක ඇතුලේ මුණගැහුනා, 2012 කොලබ පොඩි ග්‍රවුන්ඩ් එකක තිබ්බ සයිබර් අවරුදු උත්සවේට එන්න කියල මට  ආරාදනා කරපු චතු ( චතුරිකා දුලාංජලී ) අක්ක වගේම , එතනින් ඔලුවට ආපු අදහසක් නිසා හදන්න ගත්ත බ්ලොග් එක හදාගන්න උදව්වෙච්ච ඩීරෙන් දන්තනාරායන මල්ලි වගේම මම දන්නා තරමින් බ්ලොග්  අවකාශයේ පතාක යොදන් දේපලක් උන සොසි සහ බස්සා අයියටත්නැවත ස්තූති කරන්න ඕන...................

ලියන ලියන හැම පෝස්ට් එකක් ගානෙ කියවන අයගෙ ඉඳල ඉඳල හිටල කරක් ගහල ගිය, දැනුම බෙදාගන්න වගේම මගේ ජීවිතයෙ වෙච්ච සිදුවීම් ගැන දැනගන්න ආපු හැමෝම නිසා බ්ලොග් එකේ හිට්ස් ගනන දැන් 10 000ත් පන්නලා. හරිම සතුටුයි!


නොයෙක් නොයෙක් ප්‍රසංසා වගේම යෝජනා චෝදනා එහෙමත් මගෙ බ්ලොග් එක ගැන මට ලැබිලා තිබුනා. එතනින් විශේශම comment එකක් තමයි මේ. මේ නන්ගි තමයි මුලින්ම මෙච්චර දිග විචාරයක් දුන්නෙ මගෙ බ්ලොග් එක ගැන. ඇත්තටම මම නොදන්න නමුත් බ්ලොග් එක නිසා මාව දැනගත්ත අයත් ඉන්නවයි කියන එක මට සතුටක්. මම මෙතෙක් දුර ආවෙ ඒ හැමෝම නිසාමයි. ඒ හැමෝම මට ශක්තියක් ! ඕගොල්ලො හැමෝන්ටම ස්තූතියි!
සුරේශ් කෞශල්‍ය

 ඒ වගේම මම හිතුවා අද ඉඳන් තව කෙනෙක්වත් හඳුන්වල දෙන්න. මම වගේම වාචාල, ෆොටෝ ගන්න ආසාවක් තියන, බැහැලා වැඩක් කලහැකි තරුන කොල්ලෙක්. සමහර වෙලාවට කට ටිකක් සැර වැඩි උනාට අලුතෙන් ෆොටෝග්‍රැෆිවලට ආපු, උනන්දුවෙන් යමක් කල හැකි ජවයක් තියන හොඳ කොල්ලෙක්.
ඉදිරියෙදි මේ බ්ලොග් එක සුරේශ්ගෙ අදහස්වලිනුත් හැඩවේවි. වෙනස් විදියෙ දේවල් ගැන මෙන්ම අදහස්  වැඩි දැනුමක් ලබාගන්නත් පුළුවන් වේවී!

එහෙනම්, අලුත් පෝස්ට් එකක් එක්ක, අලුත් ගමන් සගයෙක් එක්ක අලුත් දවසක හමුවෙමු!
ජයවේවා! මොහොත උදාවනතුරු ඉවසිල්ලෙන් සිටින්න!

30 comments:

  1. එහෙනම් ඉදිරියේදී තව හැඩ වැඩ දාලා ලියන අපුරු බ්ලොග් පෝස්ට් අපිට බලාපොරොත්තු වෙන්න පුලුවන් වේවි...
    ජය..!!!

    ReplyDelete
    Replies
    1. කුණුහරප තමා ඉතින්... :P

      Delete
    2. අයින් කරනවා ඕන නැති තැනදී කුණුහරප කියන්න ගත්තොත්

      Delete
  2. දැන් දෙන්නත් එක්කද ලියන්නෙ.. ශහ් මරු නෙ.. මේ ජනෙල් අටේ යුනිකෝඩ් වැඩ නෑ. විකාර විදිහකට ගහන්න වෙලා තියෙන්ෙන.. ඒ නිසා මයෙ බ්ලොග් එක දැන් හිටලා එක තැන.. ඉදිරියට යන්න සුභපැතුම්.. (Y)

    ReplyDelete
    Replies
    1. ඈ ජනෙල් 8 මමත් පාවිච්චි කරනවා .. Google IME නම් ලස්සනට වැඩ ..

      Delete
    2. මට එහෙම හරියන්නෑ නිමේශ් අයියා, කෙලිම්ම ටයිප් කරලයි පුරුදු :/

      Delete
    3. මම නම් කෙලින්ම තමා කොටන්නේ...
      අවුල හරියටම කිව නම් විසදුමක් වෙන්න තිබුනා
      asankahendahewa@gmail.com විමසන්න

      Delete
    4. එල එල , කට්ටිය බ්ලොග් එක ඇතුලෙ අනිකට උදව්කරගන්නව දැකීම සතුටක්

      Delete
  3. සුරෙශ්ගෙ කට එළියෙදි විතරයි.. මෙකෙදි වර්වුචල් නිසා කනක් ඇහිලා අහගත්තැහැකි.. :D
    ජය වේවා සමිරයියා!! :D

    ReplyDelete
    Replies
    1. බනියා.. ඒමද හිතන්නේ...
      බලමුකෝ..,
      කොටන එකාට කොයි වංගෙඩියත් එකයි කිව්වලු.. :P

      Delete
    2. බනියා මස් වෙයිද ?

      Delete
  4. නියමයි මචං.දිගටම ලියමු. උඹ දන්නවා මං කවුද කියලා (සරු මෙන්ඩිස් කියලා උඹට කියන්නේ මම විතරක් වෙන්නැති).

    ReplyDelete
    Replies
    1. අර සංගීතයයි මහින්දවයි පෙන්නන්න බැරි හයිබ්‍රිඩ් එකක් තියන අයියද?

      Delete
  5. සුබ පැතුම් යාළුවා. බ්ලොග් ලියන්න පටන්ගත්තට පස්සේ මට හම්බවුන හොඳම විවේචකයෙක්, දයාබර මිත්‍රයෙක් තමයි සමීර කියන්නේ. දිගටම ලියපන්. ජය....!

    ReplyDelete
    Replies
    1. කොටින්ම මේ මම දාල තියන ප්‍රොෆයිල් පික්චර් එකත් ගත්තේ උඹනේ...

      Delete
    2. පොඩ්ඩක් පාටවත් හදල දැම්මනම්, මෙච්චර කියලත් (^^^)

      Delete
  6. සමීර අයියා බ්ලොග් එක ගැන මොනවා කිව්වත් හැමදාම මගේ නම දානවා.මට නිකං ලැජ්ජයි වගේ.මම මේ විජට් දෙක තුනක් අමුනල දුන්න විතරයි නේ :D
    සමීර අයියගේ බ්ලොග දැකලා මමත් එකක් ලියන්න ගත්තා පොටෝ ගැහිල්ල ගැන.අනේ මං දන්න පොටෝ :P :D ලිපි 3යිද 4යිද කොහෙද ලිව්වෙ. ඊට පස්සෙ බ්ලොග් එක ගැන අහන , පොටෝ ගන්න හැටි ගැන අහන හැමෝටම මම කිව්වෙ/කියන්නෙ මම දැන් පොටෝ ගැන ලියන්නෑ පොටෝ ගහන හැටි පට්ට බ්ලොග් එකක් තියනවා.දැනගන්න ඕන සේරම දේවල් එතන තියනවා.ඕන දෙයක් අහගන්න පුලුවන් එකෙක් ඒක ලියනවා. මෙන්න ලින්ක් එක http://mamaicamerawai.blogspot.com කියලා! :D
    සමීර අයියා,මෙදා පාර සයිබර් ෆෙස්ටිවල් එකේදිත් සෙට් වෙමු ඈ! :D

    ReplyDelete
    Replies
    1. මට මතක විදියටනම් ඊට වඩා යමක් කලා මලයා :D

      Delete
  7. සිරාවට ... පට්ටම බ්ලොග් එක ... ජය වේවා!!!

    ReplyDelete
  8. එල එල සමීර අයියේ.කමෙන්ට් නොකලට අනිවාර්යෙන් කියවන බ්ලොග් එකක් මේක.
    ජයෙන් ජය ඔයාට..!!

    ReplyDelete
  9. මේකාට හැඩට ලියතෑකි.තමන්ටම ආවේණික විදිහට.දැන් බස්සා කොහේ මොනව ලියල තිබ්බත් බස්සගෙ නම නැතිව උනත් ලීවේ කවුද කියල කියතෑකි....ඒ වගේමයි සමීර...ස්ටේටස් එකක් උනත් බලන්නකෝ... මම නම් ඉතින් එකම විකාරේ විවිධ විදිහට දොඩවන කෙනෙක්.... ලියතෑකි ඔයැයිට .........සුබ පැතුම් මල්ලි.............

    මේ ..........බොලා දෙන්න තමා වැඩියෙම මා එක්ක රණ්ඩු වුනේ. ඉදිරියටත් එහෙමම ඒ තත්ත්වෙ රැක ගනීවි කියල හිතනවා.

    අපේ ඔය බස්සා දැන් ලියන්නේ නැති එකට අමනාපය පල කරන්නත් මෙය අවස්ථාවක් කර ගන්නවා.

    ReplyDelete
  10. දෙන්නටම සුබ පැතුම් මගෙන්

    ReplyDelete
  11. දැන් මොකක්ද කොමාවේ කතාව?

    ReplyDelete
  12. :O
    එනිවේ.. ජය වේවා!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete