ස්තුතියි ! කියවන එක තමයි ලොකුම හයිය !

Thursday, October 25, 2012

මගේ Mirrorless කැමරාව

හා හා පුරා කියලා ලංකාවටත්  මිරර්ලස් කැමරා ගෙන්න ගත්ත එකේ කට්ටිය අහනවා මේ මොකක්ද බන් කියල, ඉතින් මටට හිතුනා ඒ ගැන පොඩ්ඩක් කතා කරන්න. මමම කාලෙකට කලින් වෙන අඩවියකට ලියපු ලිපියක් අරගෙන මෙතන පලකරන එක තමා ඉතින් කම්මැලි කමට  කරන්න පුළුවන් ලොකුම දේ ............


 වර්තමානයේදි වැඩි දෙනෙක්ගේ කතාබහට ලක්වෙන සහ වෙලඳපළ ආක්‍රමණය කරමින් පවතින කැමරා වර්ගයක් ලෙස Mirror-less කැමරා හැදින්විය හැක. බොහෝ ආයතනයන් මේ දිනවල එම කැමරා හඳුන්වාදෙන තරගයක නියැලෙන අතර, එමගින් ඔවුන් ඉලක්ක කරගන්නෙ තනි කාචයක් සමග SLR කැමරාවක් භාවිතා කරන පිරිසව සාපේක්ෂව අඩු මිලකට Mirror-less කැමරාවන් වෙත ආකර්ශනය කරගැනීමයි. මක්නිසාදයත් mirror-less කැමරාවන්හීදී කුඩා ප්‍රමාණයක කැමරා බඳක් තුළට compact කැමරාවලට සාපේක්ෂව විශාල සෙන්සරයක් යෙදීම මගින් වඩා හොඳ තත්වයෙන් යුතු ඡායාරූපයක් ලබාදීම මෙම කැමරාවන්හි මූලික ගුණාංගයක් ලෙස දැක්විය හැක. තවද SLR කැමරාවල ඇති “දර්පණය” ඉවත් කිරීම නිසා කැමරාව තුළ චලනය වන කොටස් අඩු කිරීම මගින් නඩත්තුව සහ කැමරාවේ සෙලවීම අවම කරගැනීම මෙම Mirror-less කැමරාවලින් බලාපොරොත්තුවන තවත් දෙයකි!
  
DSLR කැමරාවක සහ Mirrorless කැමරාවක සහ Mirrorless කැමරාවක කාචය තුලින් සෙන්සරය වෙත ආලෝකය ගලායන 

වැඩි විස්තර සඳහා පහත සබැඳුම බලන්න.
දැන් අප එයින් කැමරාවක් ගැන විස්තරාත්මකව බලමු.

Samsung NX100
Samsung NX100 Samsung NX100
Samsung NX100
මෙය තෝරාගැනීමට හේතුව නම් වෙළඳපලේ දක්නට ලැබෙන APS-C සෙන්සරයක් සහිත Mirror-less කැමරාවන් අතලොස්සක් අතරින් මිලෙන් අඩුම සහ හොඳ තත්වයක ඡායාරූපයක් ලබාගත හැකි කැමරාවක් වීමයි.
කැමරාවෙ මූලික ගුණාංගයන් සඳහා ක්ලික් කරන්න.
ඉතාමත් පහසුවෙන් හැසිරවිය හැකි මෙම කැමරාව බොහෝ ලෙසට කැනන් කැමරාවන්ට සමාන ක්‍රියාකාරීත්වයක් දක්වයි. ද්වාර වේගය සහ කාච විවරය පාලනය කිරීම සඳහා වෙන වෙනම රෝද (dial) තිබීම පහසුවකි. සෑම DSLR කැමරාවක මෙන් මෙම කැමරාවේද Manual, Shutter priority, Aperture Priority, Programme සහ Auto යන ආකාරයන් සියල්ලම ඇත. ඊට අමතරව Scene mode එකක්ද (අංග 15 ) 720p වීඩියෝ පහසුකමද ( auto focus සහ Stereo සමග) මෙහි අන්තර්ගතය.  එමෙන්ම Bracketing සහ Kelvin White Balance තිබීමද විශේෂත්වයකි. නමුත් Built in Flash නොමැතිවීම සහ අමතර උපාංගයක් ලෙස Flasher ගැනීමට සිදුවීම මෙහි ඇති විශාලතම අඩුපාඩුවකි. මක්නිසාදයත් මිල අඩුම Flasher එක ( TTL සහ Manual ආකාර දෙකටම ක්‍රියාත්මක කළ හැකි) රුපියල් 15000 පමණ මිලක් වීමයි! රැහැන් රහිත දුරස්ථ පාලකයක් යොදාගැනීමේ හැකියාවක් නොමැත.
 .
කැමරාව පිලිබඳව ගැඹුරින්
සැම්සුන් සමාගමට විශේෂ වූ  iFn ක්‍රමවේදය මගින් ඡායාරූපයට අදාල මූලික සැකසුම් සියල්ලක්ම කාචය මගින් සකස් කිරීමේ හැකියාවක් සකසා ඇත. මෙහිදී ඔබ කළ යුත්තේ කාචයේ ඇති iFn බොත්තම ඔබා කාචයේ ඉදිරියෙන් ඇති වළල්ල කරකැවීමයි. iFn බොත්තම ඔබන වාරයක් පාසා Shutter speed , Aperture, ISO අගයන් සහ තව සැකසුම් කිහිපයක්ම කාචයේ අත තබාගෙනම වෙනස් කළ හැකි වීම මහඟු පහසුවකි!
NX100 හි කැමරාව ගත්කල එහි Image quality බොහෝ මුල් මට්ටමේ පවතින Entry Level DSLR සාපේක්ෂව ගත් කළ ඒවාට සමානයැයි කිව හැකිය. ISO 800 පමණ වනතෙක් සැළකියයුතු මට්ටමේ හොඳ තත්වයක ඡායාරූපයක් ලබාගත හැක. මෙහි RAW දත්ත ගොනු ආකාරයෙන්ද ඡායාරූප ලබාගත හැකිවීමද පහසුකමකි.
Contrast Detection ආකාරයේ නාභිගත කිරීමේ (Focus) ක්‍රමවේදයක් සහිත NX100 හී අපට focus වීමට අවශ්‍ය ස්ථානයක් තෝරාදීම සහ එහි ප්‍රමාණය සැකසීමට හැකියාව තිබීම හොඳ  පහසුකමකි. එයට අමතරව ස්වයංක්‍රියව නාභිගතවීමේ ක්‍රමය ක්‍රියාත්මක කළ විට ස්ථාන 15 දක්වා ස්වයංක්‍රීයව නාභිගතවීම සිදුකරනු ලබයි!  ස්වයංක්‍රීය නාභිගතවීමේ ස්ථානයන් තෝරාගැනීමේ ක්‍රමවේදය බොහෝවිට සාර්ථක වන නමුත් අපට අවශ්‍ය ස්ථානයක් ලබාදී Continuous Auto Focus යෝදා ගනිමින් ඡායාරූප ගැනීමේදී වස්තුවේ පිහිටීම වෙනස් වීමට සාපේක්ෂව නාභිගත වීම එතරම් සාර්ථක නොවේ!
NX100 කැමරා බඳ සමඟ ලැබෙන කාචය 20-50mm කාචයකි.  එය ED glass element එකකින් සමන්විත වන අතර හොඳ තත්වයේ විස්තරාත්මක ඡායාරූපයක් ලබාදෙයි.  නමුත් 20-50mm කාචය සතුව චලනයන් වළක්වාගන්නා ආකාරයේ ක්‍රියාකාරීත්වයක් නොමැත ( Image Stabilizer ) .  නමුත් මෙම කැමරාව සමග භාවිතා කළ හැකි ආකාරයේ කාච 5 පමණ දැනට නිපදවා තිබේ. ඒ අතර 200mm  වැනි කාචයන්ද සමන්විතය. Lens Line-up. ඉන් සමහර කාචයන් IS සහිත එවා වෙයි.
White Balance -  Auto WB, Daylight, Cloudy, Fluorescent White, Fluorescent NW, Fluorescent Daylight, Tungsten, Flash, Custom set සහ Kelvin අගය දැක්වීම මගින් WB සකසා ගැනීමට හැකිවීම අදාල වර්ණයන් නියාමාකාරයෙන්ම අවශ්‍ය විට සහ ඕනෑකමින්ම වර්ණ වෙනස් කිරීමට අවශ්‍ය විට යොදාගත හැකිය. එමෙන්ම ස්වයංක්‍රීය WB බොහෝ ආසන්න ලෙසටම වර්ණ උෂ්ණත්වය ලබා දෙයි.
.
අමතර අංගයන්
.
  1. 720p Video පහසුකම
HDV තත්වයෙන් වීඩියෝගත කිරීමේ හැකියාවක් මෙම කැමරාව සතුවන අතර stereo ශබ්ද පාලනයක් යුතුය. Video පටිගත වීම අතරතුරදී එහි ආලෝක තත්වය වෙනස් කිරීමට හැකියාවක් තිබේ. නමුත් වීඩියෝ කරන අතර තුරදි නිතරම නාභිගතවීම වෙනස්වීම දෝෂයක් වන අතර ඒ සමග ඇතිවන කාචය එහා මෙහා ගමන්ගන්නා ආකාරය නගන ශබ්දයද විශාල බාධාවක් ලෙස දැක්විය හැක. නමුත් Manual Focusing යොදාගනිමින් වීඩියෝ පටිගත කිරීමේ හැකියාව ලබාදී තිබේ.
 .
  1. Bracketing
නිශ්චිත අනාවරණයක් යොදාගැනීමට අපහසු  කල්හී Bracketing යොදාගෙන ඡායාරූපකරණය කිරීම මගින් අනාවරණයන් -2 සිට +2 දක්වාවූ පරතරයක් සහිතව ඡායාරූ කිහිපයක් ගැනීමට මෙමගින් හැකියාව ලබාදෙයි. එයට අමතරව මෙම ක්‍රමය යොදාගනිමින් HDR සඳහා ඡායාරූප ගැනීමද කරනු ලබයි. එයට අමතරව මෙම Bracketing විශේෂාංගය White Balance සහ Picture Control යන අවස්ථාවන් සඳහාද යොදාගත හැකිය.
 .
  1. Continuous Shooting
තප්පරයකට ඡායාරූප 3 ලබාගත හැකි අතර Class 6 ඉහල memory card එකක් යොදාගැනීම උචිතය. තවද 1472*976 ප්‍රමාණයෙන් ඡායාරූප 30 දක්වා තප්පරයට ලබාගත හැකිවීම පහසුවකි.
පුද්ගලිකව මම මෙම කැමරාවට කැමති මෙහි ඇති ගුණාත්මකභාවය, භාවිතයට පහසුව සහ ප්‍රමාණය නිසාවෙනි. විනෝදාංශය සඳහා ඡායාරූපකරණයේ යෙදෙනකුට මෙම කැමරාව ඉතාමත් උචිතය. අගල් 12*18 ප්‍රමාණයේ මුද්‍රණයක් පවා ලබාගත හැකිය.

13 comments:

  1. මිරර්ලස් වලට වඩා අඩු මිලට Entry level DSLR එකක් ගන්න පුළුවන් නේද ?? 
    මොකක්ද හොද ?? 
    Entry level DSLR ද ??
    මිරර් ලස් කැමරාවක්ද ?? 

    ReplyDelete
    Replies
    1. එහෙමම කියන්න බෑ.
      අදාල මාදිලිය මත තමයි ඒක රඳා පවතින්නෙ.

      නමුත් මිරර්ලස් එකේ සෙන්සර් එක හැම වෙලේදිම ආලෝකයට නිරාවරණය වෙලා තිබීම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්

      Delete
  2. ආ මේ අර පොඩ්ඩා නෙ... ඉහත සඳහන් ප්‍රශ්නයම මටත් පැන නැගී ඇත
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉහත ප්‍රශ්නෙට උත්තර දුන්නා

      Delete
  3. Replies
    1. මාතෘකාව "ඡායාරූපය" වෙන්න ඇති

      Delete
  4. ආසාවේ බෑ අප්පා මේවා දකිනකොට.ඉස්කෝලේ යනකොට photography club එකේදී කරපු වැඩ මතක් වෙනවා...

    ReplyDelete
    Replies
    1. තියන එකෙන් ෆොටො ගමු ඉතින්

      Delete
  5. මට මේකක් එපා.. මට ඩී.ඇස්.ඇල්.ආර් එකක් ඕනි :(

    ReplyDelete
    Replies
    1. අර රට ඉන්න අක්කා ආවම අරං දෙයිනෙ

      Delete
  6. machan sony nex3/nex5 kiyanne me jaatiye camarawakda?

    ReplyDelete
  7. අයියෙ මේක කීයක් වෙනවද ?

    ReplyDelete
  8. Mirrorlass කැමරා ලේසියී පහසුයි. බරත් නෑ... ප්‍රමානයත් පොඩී.

    ReplyDelete