ස්තුතියි ! කියවන එක තමයි ලොකුම හයිය !

Thursday, October 4, 2012

Canonද Nikonද සහ වෙනත් කතා

කැනන් ද, නිකොන්ද?

කවුරුත් අහන , කාටත් තියන ප්‍රශ්නයක් !

හරි ඉතින් කැනන්ද නිකොන්ද?
ඕක නිකන් උඹෙ අම්මද හොඳ මගෙ අම්මද හොඳ වගේ ප්‍රශ්නයක් තමයි

එතකොට දැන් පෝස්ට් එක ඉවරද?
නෑ, අපි ටිකක් වැඩිදුර කතාකරමු.

මුලින්ම කියන්න ඕන මමනම් උග්‍ර නිකොන් ලෝලියෙක් කියන එක. ඒත් මම උත්සහ කරන්නම් පුළුවන් උපරිමෙන්ම මේ කතාව පක්ශපාතී නොවී කරගෙන යන්න. "ඒත් නිකොන් තමයි හොඳම" :P

මුලින්ම මං ගැන කියනවනම් මම ගත්ත පළවෙනි කැමරාව උනේ Nikon D5000 කැමරාව. ඇත්තටම ඕක ගත්තෙ කැනන් 550D එක ගන්න සල්ලි නැති කමට. ඒත් අරං පාවිච්චි කරද්දි තේරුනා ඒක හොඳයි කියල.

කැමරාවකින් වෙන්න ඕන තියන දේ ස්වභාවික විදියටම පෙන්නන එකයි. ඒකෙන් අර නවදැලිහේනේ වකදාගිය වැඳිරි මැහැල්ලව පට්ට කෑල්ලක් විදියට පේනවනම් ඒකිගෙ කොල්ලට ඇර වෙන එකෙක්ටවත් ඒ කැමරාවෙන් වැඩක් වෙන එකක් නෑ. මොකද කියනවනම් පේන්නෙ යතාර්තය නෙමෙයිනෙ :D
දැන් ඉතින් මම යතාර්තය කිව්වෙ වර්න ගැන මිසක් කර්මයවත් අහවල් එකක්වත් ගැන නෙමෙයි.

එහෙනම් කියන්නම්කො ඇයි මම කැනන් එකක් ගන්න ගියේ කියල, කැනන්වල පාට මාර ගතිනෙ බන්. කොහොමහරි සල්ලි මදි නිසා අරක අරං ආවා. ඒක අරං තමයි මම ඉගනගත්තෙ. ඒ කාලේ මට ඕව ගැන අහගන්න තරම් කෙනෙක් හිටියෙ නෑ, කඩ්ඩ පොලිශ් නෑ, කම්පියුටරේ තිබ්බට නෙට් නෑ. ඉතින් හැමදාම වගේ මගේ උදව්වට හිටිය යාලුවට කියල ඕක ගැන රිවීව්ස් හොයාගෙන , නෙට් එකේ තියන හොඳ වගේම කුනු කතාත් අහගෙන වෙබ් පේජස් බරගානක් කැෆේ ගිහින් බාගෙන ඇවිල්ල ගෙදර ශබ්දකෝශ පෙරලගෙන කියවල කියවල අවදානමක් අරං තමා ඕක ගත්තෙ. දන්න තරමින් ඒ වෙනකන් ඒක ලංකාවෙ තිබ්බද මංදා. වගකීමක් නැතුව ගන්නවට වඩා වගකීමක් එක්ක ගනිද්දි 29000 වැඩී, අනික උන් ගාව බඩු නෑත් එක්ක. කොහොමහරි වගකීමක් නැතුවම ගත්තා අවදානමක් එක්ක. ඕක අරං තමයි මම ඉගනගත්තෙ කැමරාවල තියන බට්න්ස්වලින් එහාගිය අනං මංඅං ගැන.
දැන් මම කිව්වනෙ කැනන්වල පාට මරු කියල, එහෙනම් කියන්නම්කො අවාසනාවකට ඇත්ත කතාවකුත්.
සමහර ෆොටෝග්‍රැෆර්ස්ලා වෙඩින් වලට එහෙම ගියාම ඇවිල්ල ඉන්න වෙඩින් ෆොටෝග්‍රැෆර් ගන්න පින්තූරෙට ඔලුව දාආ බලනව. " ශාහ් මරු කැමරාවනෙ, මොකක්ද කැමරාව, මොකක්ද ලෙන්ස් එක?" "අහවල් කැනන් එක with අහවල් ලෙන්ස් එක" කිව්ව ගමන් ගියා ගත්තා ආවා. කෝ , ෆොටෝවල පට්ට පාට නෑනේ :O අනේ බන් ඔය කැමරාවෙ තියන Picture control වලින් කරපු වැඩක්. දැන් තියන Compact Cameraවක පවා තමන්ට ආස විදියට පාට වෙනස්කරගන්න පුළුවන්.

අනේ මංදා කතාකරන්න ගත්ත එකද කියවන්නෙ කියල. කොහොමහරි හැම කැමරාවෙම ඔය මෙගා පික්සල් කියන දෙයට වඩා ගොඩක් දේවල් තියනව. ඒ දේවල් ඕන කරන්නෙත් නොයෙක් දේවල් සඳහා. පුංචි පැහැදිලි කිරීමක් කරන්නම්. තාක්ශනිකම පැහැදිලි කිරීමක් නොවෙයි.

ආසාවට වගේ වීඩියෝ එකක් බලල ඉමුකො
නිකොන් 
කැනන්

Mega Pixel
කැමරාවේ සෙන්සරය මතට පතිතවන ආලෝකය අපිට Digital මාධ්‍යයේ දත්ත ගොනුවක් ලෙස දුන්විට එහි ඇතුලෙ තියන පික්සල් ගනන. මේ ගාන වැඩිවෙන්න වෙන්න ෆොටො එකක විස්තරාත්මක බව වැඩිවෙනව. ලොකූ ප්‍රින්ට් එකක් Quality Loss එකක් නැතුව ගැනීමේ හැකියාව වැඩිවෙනව!නමුත් එකම ප්‍රමානයේ සෙන්සරයකට යෙදෙන පික්සල් ගනන වැඩිවෙන තරමට ෆොටෝ කොලිටි කිහිප ආකාරයකින් අඩු වෙන්න පුළුවන්. වර්නවල නිවැරදි භාවය වගේම Noise වැඩිවෙනව. නමුත් මෙය න්‍යායාත්මක කාරනාවක් පමනයි, හොඳ ප්‍රොසෙසර් එකක් මගින් යම් තරමකට එය නිවැරදි කරගත හැකිය. fb දාන්නනම් මෙගා පික්සල් 3 ඇති :P කැමරාවට අදාල Sample Pictures මගින් අදාල කැමරාවේ ඡායාරූපවල තත්වය ගැන යම් අදහසක් ලබාගත හැක.

Focus Point ගනන
DSLR කැමරාවල රූපරාමුවේ ඔබ කැමති  ස්තානයක් Focus කරගැනීමේ හැකියාව ඔබට සපයා දෙනු ලබයි. කම්මැලිනම් කැමරාවෙ auto දාගන්නකො. අදාල Points කීයක් තිබේද යන්න මෙයින් පැහැදිලිවෙයි. අඩු මිලට ඇති කැනන් කැමරාවල පොයින්ට්ස් 9 ද, නිකොන්වල 11ද, ඉන්පසු 19, 39, 51 වැනි ප්‍රමානයක්ද තිබේ. එයට අමතරව සලකාබැලිය යුතු තවත් දෙයක් ඇත. එනම් අදාල Focus Point ගනන අතරින් කීයක් Cross type pointsද යන්නයි. අදාල ආකාරයේ Focus Point ගනන වැඩිවන තරමට හොඳයි. මක්නිසාදයත් Cross typeවල සංවේදීතාව වැඩිය. අඳුරු මොහොතක focus කරගැනීමට මේවා ඉවහල් වේ. සියලුම කැමරාවල මැද පොඉන්ට් එක මේ වර්ගයට අයත්වේ. නමුත් කැමරාවේ තත්වය වැඩිවනවිට Cross type ගනන වැඩිවේ.
Nikon D90 සහ Canon 600D වනතුරු ක්‍රොස් ටයිප් එකකි. Nikon D7000 හි Cross type 9 ඇතුලුව සියල්ල 39 කි. Canon 60D cross type 9 ( all ), Canon 7D cross type 19 (all)
මේ අංශයෙන් ගත්කල සැමවිටම පාහේ කැනන් ඉදිරියෙනි.

ISO අගය
මේ මත ඡායාරූපයේ ගුනාත්මක බව මෙන්ම කෙතරම්දුරට අඩු ආලෝක පරාසයක් තුල ඡායාරූප ගතහැකිදැයි යන කරුනු රඳා පවතී. නමුත් කැමරාවේ තියන උපරිම ISO අගය භාවිතාකරමින් සාර්තක ඡායාරුවක් ලබාගත නොහැක්කෙ එවිට නොයිස් වැඩිවීම නිසාය.

 FPS-  Frames Per Second තප්පරේකට ගන්න පුළුවන් ෆොටෝ ගනන
තප්පරේකට ගන්න පුළුවන් ෆොටෝ ගනන කියන්නෙ තප්පරේකට ගන්න පුළුවන් ෆොටෝ ගාන.
මේ එක්කම බලන්න ඕන දෙයක් තමයි එක දිගටම ගන්න පුළුවන් ගනන. උදාහරණයක් ලෙස ගත්තොත් මගේ නිකොන් ඩී7000 කැමරාවෙ ෆොටෝ 15 ගන්න පුලුවන් ( JPG, Large, fine qaulity ) තප්පරයට 6 බැගින්. ඔය 15 අරං ඉවර උනාට පස්සෙ ඒ 15 මෙමරි කාඩ් එකට යනකම් ඉන්න වෙනව.
ඔබට ඉක්මනින් සිදුවන දෙයක් ඡායාරූපයට නැගිය යුතුනම් මෙය වැඩිවන තරමට හොඳයි

bit ගනන
මෙය බොහෝ කැමරාවල සමානයි. JPG 12bit සහ RAW 14bit වැනි වර්න ප්‍රමානයක් තමයි බොහෝ කැමරාවල තියෙන්නෙ.

Shutter Reliability
බොහෝ කැමරාවල මෙම අගය 1 00 000 . එනම් කැමරාවේ Shutter එක ( ද්වාරය ) සඳහා දෙනු ලබන සම්මත ගනනය කිරීමයි. ඉතාමත් සරලව ගතහොත් ෆොටෝ කීයක් ගන්න පුළුවන්ද යන්නයි. ඒත් බොහෝවිට 1 00 000 ගන්න කලින් ශටර් එක නැතත් වෙන මොකකටහරි වැඩේ වෙනව.

 Dynamic Range
ගතික පරාසය ලෙස හඳුන්වයි. ආලෝකයේ අඳුරුම තැන සහ ආලෝකමත්ම තැන් දෙක අතර කැමරාවට හසුකරගත හැකි ප්‍රමාණය මෙලෙස හඳුන්වයි. මෙම අගය වැඩිවෙන තරමටම හොඳයි.

ඉතින් කැමරාවක් ගන්න අදහසක් තියනවනම් හොඳම දේ තමාගේ අත ඇති මුදල බලලා ඒ අනුව ගත හැකි කැමරාව තෝරගෙන ඒවාගැන තමන්ම අධ්‍යනය කිරීම. ඒ සඳහා අන්තර්ජාලය වගේම ඒවා භාවිතා කරන අයගේ උපදෙස් ලබාගන්නටද හැක.
එලෙසම www.snapsort.com වැනි වෙබ් අඩවියකින් පුළුවන් කැමරා දෙකක් සංසන්ධනය කරන්න. මෙම අඩවියේ ඇති දත්තයන් නිවැරදි උවද ඔවුන් ලකුනු දෙන ස්වභාවය ගැටලුකාරී නිසා අදාල දත්ත පමනක් යොදාගැනීම හොඳය! තවද ඒ සඳහා http://www.dpreview.com/products/compare/cameras/ අඩවියද භාවිතාකල හැක.
 ඒ වගේම නොයෙක් මාදිලියේ කැමරා බාවිතාකරන්නන් ගැන අපි සෑදූ ලැයිස්තුවක් මෙතන තිබේ, ඒවා කැනන් සහ නිකොන් ලෙස වෙන වෙනම ලයිතුගතකර ඇත. ඒවා භාවිතා කරන්නන් සමග ඔබට අවශ්‍ය විස්තර ලබාගැනීමටත් හැක.


කැමරාව ගත් පමනින්ම සියල්ල සිදු නොවේ. ඒ ගැන ඉතා වටින බ්ලොග් අඩවියක පළකරනලද බොහෝසෙයින් වැදගත්වන ලිපියක් මෙතනින් ........

ඒ වගේම කැමරාව මිලදී ගැනීමත් සමගම පහත උපංග ගත හැකිනම් තවත් හොඳයි!
Memory Cards
Card Reader
UV Filter
Lens Hood (සමහර කාච සමග නොමිලේ ලැබෙයි)
Lens Cleaning kit
Camera Bag/ Backpack

එහෙනම්, ජයවේවා!
බොරුවට මරාගන්න එපා, ජාතියක් ඇදගෙන කෙලගන්නෙ තමා ගැනවත් විස්වාසයක් නැති ඔටුවො :D

ඒත් මමනම් Nikon









38 comments:

  1. එතකොට ෆූජිෆිල්ම්???????
    දන්නැති හිංදයි ඇහුවෙ ඈ..

    ReplyDelete
    Replies
    1. ෆූජි තාම DSLR හදන්න ගත්තෙ නෑ. ඒ උනාට ඒගොල්ලන්ගෙ Mirrorless වගයක් තියනව. හැබැයි මටනම් ඒවා ගැනීම බොරු වැඩක්. පට්ට ගනන්. අනික හදිස්සියකට අපිට ලෙන්ස් එකක්, ෆ්ලෑශ් එකක් ඉල්ලගන්නවත් පුළුවන් වෙන්නනම් ඒක ටිකක් Common Brand එකක් වෙන්නත් එපැයිනෙ. Sony DSLR තියනව පට්ට ඒවා. ඒත් පාවිච්චිකරන අය නෑ. ඒවා මාකටින් කරන අයගෙත් වැරදි!

      Delete
  2. හානේ..
    අයිම් අනාගතේදී වෙන්න නිකොන්. :P

    ReplyDelete
  3. www.snapsort.com එක ගැන මගේ නම් පැහැදීමක් නැත.
    උන් එකම කැමරාව ගැන 10 පාරකට දේවල් 10ක් කියනවා ඇත..
    කැමරා compare කරන්න නම් ඉතින්...

    http://www.dpreview.com/products/compare/cameras/

    ReplyDelete
    Replies
    1. අන්න මට මිස් වෙච්ච සයිට් එකක්!

      Delete
  4. he he heee..aiiandii oya meka patatema dila tiyenewaaa...supiriiii....

    ReplyDelete
  5. අම්මෝ සමීර නියම පොස්ට් එක. මුල ඉඳලම දැනගෙන ගන්න ඕනා හොඳ කැමරාවක් , ස්තුති ගොඩාක්.

    ReplyDelete
  6. අම්මපා පට්ට පෝස්ට් එකක්‍‍‍.. මම සාමාන්‍යයෙන් කැමති කැනන්. ඒත් අල්ලලා තියෙන්නෙ එන්ට්‍රි ලෙවල්.. අයියාගෙ ඩී7000 නම් පට්ටයි. අර මැද්දෙ තියන මෙවුවා ගැන අහන්න හදලත් නිකං හිටියා මොනාද කියලා දන්නැති නිසා. දැනුයි ඒකත් දැනගත්තෙ.. වටින කියන ලිපියක්...

    ReplyDelete
    Replies
    1. අපරාදෙ, අහන්නනෙ තිබ්බෙ. ඕනතරම් අය හිටිය අනික බෙදා හදා ගන්න

      Delete
  7. මගේ පොතට තවත් වටිනා දැනුම ටිකක්.. ඒ මමත් නිකොන් ඈ.. ;)

    ReplyDelete
    Replies
    1. අනිවා!
      මං නොදන්නවයෑ

      Delete
  8. මගේ සූටි බට්ටා කැමරාවත් නිකොන්... ඒක හින්දා මමත් නිකොන්ලු ඈ :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  9. මමනං අය් ලව් යූ සෝනි. හැබැයි Sony DSLR review විතරයි බලල තියෙන්නෙ. තව ඒවයින් ගැහුවයි කියන පස්ට ෆොටෝස්. Sony DSLR පාවිච්චි කරන මිනිස්සු හොයන්න පොලිසියෙන් දාන්න එපැයි. අනික ඒව එච්චර ගනනුත් නෑනේ :D :'( හැබැයි මං කවදා හරි Sony DSLR එකක් ගන්නව. :) මේ දවස්වල Nikon D5100 එකකට try. මමත් ඉතිං විල් බී නිකොන් සෝනී වෙනකන් :D
    වටිනා ලිපියක්!!!

    ReplyDelete
  10. බොහොම වටින ලිපියක් සහෝ ආයෙත් එන්නම්
    http://samakayawate.blogspot.com

    ReplyDelete
    Replies
    1. ස්තූතියි!
      මම ඔලුව දාලා බලන්නම්

      Delete
  11. මමත් නිකොන් ,ලිපියේ හුගක් දේවල් මට තේරුනේ නැහැ මම මේ දේවල් ගැන දන්නේ නැති නිසා වෙන්න ඇති ....

    ReplyDelete
    Replies
    1. අහන්න.............
      කියල දෙන්නම්

      Delete
  12. patta man me vage blog ekak hoya hoya hitiye photography valata man maaara asayi
    puluvan una kaaleka hoda cam ekak gannava ethakan mekata avith igena gannavaa :)

    ReplyDelete
    Replies
    1. ජයවේවා!
      ඉක්මනින්ම ගන්න් ලැබේවායි පතමි

      Delete
  13. වැදගත් ලිපියක්. DSLR එකක් ගන්න ඉන්න මට... :D

    ReplyDelete
  14. තමා ඉගනගත් දෙයක් අන් අය සමග බෙදා ගැනීම ඉතා හොදයි!!! :)D

    ගොඩක් නොදන්න දෙවල් දැනගත්තා..:)D

    ඔබට ජයෙන් ජය!!!!:)D

    ReplyDelete
  15. අලේ.......තැන්කූ....මාත් වෙන්ට නිකොන්

    ReplyDelete
  16. machn meka danne nati nsai ahanne.......
    nikon canon 2tama wada sony wala tiyena DSLR camara honda nadda?unge site 1e patta camara tikk tiyenwane..

    ReplyDelete
    Replies
    1. සෝනි හොඳයි, නමුත් සෝනි විකුනන්න හෝ උවමනාවකදි ඒකට අවශ්‍ය කොටස් හොයාගන්න ක්‍රමයක් ලංකාවෙ නැ මම හිතන්නෙ. සෝනි මුල්ම DSLRනම් වැඩක් නෑ හැබැයි

      Delete
  17. ඇත්තටම ගොඩක් වටින ලිපියක්
    මටනම් තාම කැමරාවක් නෑ
    තාම ඉස්කෝලෙන් එලියට ආව විතරයි

    ඒත් හොද කැමෙරාවක් අරගෙන ඒ ගැන ඉගෙන ගන්න ආසාවක් තියෙනවා
    ඒකට මේ බ්ලොග් එක වටිනව

    තැන්කූ සහෝ

    ReplyDelete
  18. මමත් නිකොන් D90ක්
    කැනොන් වලට වඩා නිකොන් ලංකාව වගේ රටකට හරියනවා කියල හිතෙනවා
    මොකද කැනොන් ටිකක් විතර සෙන්සිටිව් වැඩියිනේද ?

    ReplyDelete
  19. wadagath lipiyak ayya...
    ayya danaganimata ahanne,
    mata taramak hoda camera ekak ganna ona.bridge camera hodaida?
    DSLR aran lens ganna tharam salli na appa.
    Nikon coolpix p510 hodaida?
    Mehe ganna hoda thanak kiyanwada.
    Ema natnm hoda model ekak kiyanna 70 aduwen ganna puluwan..

    ReplyDelete
  20. අපි නම් කැපුවත් නිකොන් :D

    ReplyDelete
  21. නියම උපදෙස් ටික දිගටම ලිපි දාන්න​. කැමරා ගැන කියනවානම් මමත් උග්‍ර නිකෝන් ලෝලියෙක් තමයි ඉතින්.

    ReplyDelete