ස්තුතියි ! කියවන එක තමයි ලොකුම හයිය !

Friday, September 21, 2012

බබාලා

එකපාරටම දාන්න හිතුන පෝස්ට් එකක්.

ඊයෙ මම ගත්තනෙ Nikkor 35mm 1.8f G ලෙන්ස් එකක්. ඒක ගැන මෙව්ව එකකුත් ලගදීම. ලෙන්ස් එක අතට හුරුවෙන්නත් එක්ක කියල පොඩි වැඩක් කලා ඒකෙන්.

අද ගියා යාලුවෙක්ගෙ වැඩකට බබාලා ටිකකගෙ ෆොටෝ ටිකක් ගන්න, ටිකක් කිව්වට දෙන්නෙක්. මේ එතන ගත්ත ටිකක්. එකම එක ෆොටෝ එකකට ගොඩක් හිත ගියා ඒකෙ තියන හෙවනැලි ගතිය නිසා! අනික් ෆොටෝසුත් හිතට අල්ලපු ෆොටෝවලින් කිහිපයක්.

පොඩි ළමයින්ගෙ ෆොටෝ ගන්න එක අමාරු වැඩක් . මොකද කියනවනම් ඒගොල්ලො එක්ක සන්නිවේදණය කිරීමේ අපහසුතාව නිසා. ඒ නිසා මම කරන්නෙනම් ලමයගෙ අම්මා හෝ තාත්තා ට කියනව ලමයාගේ මුහුන හැරවිය යුතු පැත්තට ගිහින් ලමයගෙ අවධානය ඇතිවන විදියට හැසිරෙන්න කියල. කැමරාව දිහා බලන්න ඕන වෙලාවට මම කියනව මගේ පිටිපස්සට ඇවිල්ලා මගේ ඔලුවට කිට්ටුවෙන් යමක් අරං සද්ද කරන්න කියලා ( සෙල්ලම් බඩුවක් වගේ ).
කොහොම උනත් මේක වෙලායන වැඩක්. ඉවසීම ප්‍රගුන කරන්න වගේම හරි මොහොතේදී ක්ලික් කරන්නත් පුළුවන් වෙන්න ඕන.

ඔන්න එහෙනම් මට ආස හිතුන ෆොටෝ එකේ වර්ණ සහ කලුසුදු ෆොටෝ දෙකක් ඇතුලු තව ෆොටෝ ටිකක් දානවා. ඕගොල්ලන්ගෙ අදහස් කියන්න.

යොදාගත් උපකරණ-
කැමරාව - Nikon D7000
Lens- Nikkor 35mm 1.8f G
Flash- Nikon SB700 ( using as a slave, diffused, single light )




































26 comments:

  1. ලස්සනයි..........
    මගෙ හිත ගත්තෙ නම් මෙන්න මෙවුවා......

    දෙවෙනි පේළියේ දකුණු කෙළවර.
    තුන්වෙනි පේළියේ මැද (තාත්තයි බබයි)
    සහ අන්තිමේක

    මෙයාල නිවුන්නු ද? ගෑණු බබයි පිරිමි බබයි ද...

    ආහ් ....ඔන්න මාළුන්ට කෑමත් දැම්මා..... දාපු කෑම වලින් එකක් මාත් කෑවා...

    ReplyDelete
    Replies
    1. නිවුන්නු තමයි අක්කා!
      කොල්ලයි කෙල්ලයි!
      අක්කයි මල්ලියි

      Delete
    2. නියමයි අනේ....... වාසනාවන්තයෙක් අම්මයි තාත්තයි... දුක් වින්ඳත් ලොකු මහත් වුනාම නියමයි.මාත් හොයා ගන්නෝනි...මම කීවෙ බබාලයෙ තාත්තව.(මේ බබාලයෙ නෙමෙයි ,මයෙ බබාලගෙ)

      Delete
  2. උඩම පින්තූර දෙකෙන් කළු+සුදු එකට කැමැති....අනික ඒක නිකම් මෙහෙම කියනව වගේ...

    පුංචි කාලේ හෙවනැල්ලක් වගේ , වැටෙන කොට අත දෙන්න ලග ඉන්නේ ,කරගැට හැදෙනකම් වැඩ කරපු...මහන්සි වෙච්චි අම්මා/තාත්තා

    ReplyDelete
  3. මරු පින්තූර ටික අප්පා.. ඊරිසියාවෙ බෑ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි!
      මොකො ඊරිසියා?

      Delete
  4. කීවත් වගේ පලවෙනි එකනම් සුපිරි..

    අන්තිම එක බ්ලැක් ඇන්ඩ් වයිට් කලා බලපන්කෝ ටිකක්...

    ReplyDelete
  5. මේ කළු සුදු එක පට්ටයි.. ඈ

    ReplyDelete
  6. මොන හේතුවකටද මන්දා මමත් වර්ණ ඡායා රූප වලට වඩා කළු සුදු ඡායා රූප වලට සෑහෙන්න කැමතියි.ඉතාම ලස්සන ඡායා රූප පෙළක්.ජය!!!

    ReplyDelete
  7. කළු සුදු පින්තූරේ හරිම ලස්සනයි.
    තව අන්තිම ෆොටෝ එකටත් මම හරිම කැමතියි.ලස්සන එකතුවක් අයියේ.
    ජයෙන් ජය!!

    ReplyDelete
  8. කිව්වත් වගේ කළු සුදු එකනම් ගති. අර ඒකෙ වම් පැත්තෙ උඩ යන්තමට පේන මූනු කෑල්ල මකල දාල එතනත් කළු කරානම් හොඳයි නේද? ෆොටෝ එකට ඇහැ යද්දි ඇහේ කොනකට ඒක පේනව.

    ReplyDelete
    Replies
    1. දැක්කටත් පස්ස් බන් ඒක දැක්කෙ, අදහසට ස්තූතියි!

      Delete
  9. අපූරුයි සහෝ.... :)

    ReplyDelete
  10. සුපිරියි ඈ.... :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හික්ස්,,,,
      දරු දුසිමක් ලැබේවා!

      Delete
  11. අහ්! කිඹුල්ලු පැටව් දෙන්නෙක්! ෆස්ට් ඇන්ඩ් ලාස්ට් දෙක තමා මටනම් ගති..

    ReplyDelete
  12. මේක දකිද්දි අක්කගේ පොඩි එකාගේ පොටෝ ගහන්න කාපු කට්ට මතක් වෙනවා

    ReplyDelete