ස්තුතියි ! කියවන එක තමයි ලොකුම හයිය !

Sunday, September 16, 2012

සුන්දර නිරුවත

මුලින්ම කියන්න ඕන මම මගෙ බ්ලොග් එක ලියන්නෙ මගෙ වචනෙන් නිසා කාගෙවත් ප්‍රතිපත්තිවත් කොහෙවත් තියන ආචාරධර්මවලින්වත් මට වැඩක් නෑ.  නිසා චීත්ත කෑලි වගෙම පුරුශ බාග සහ එක එක අමාරුකාරයො නොකියව හිටියට කමක් නෑ.

එහෙනම් අද මම කතාකරන්නෙ මට තේරුන "නිරුවත් ඡායාරූපකරණය" කියන පොඩි බබාලට නෙමෙයි ලොකු බබාලට කරන්න තියන දෙයක් ගැන. ඉතින් පොඩි බබාලා හිතන්න බැරිනෑ යකො ඇඳුම් නැතුව ෆොටො ගන්න කාටද බැරි කියලා. ඇඳුමක් නැති පලියට ඒක "නග්න ඡායාරූපකරණය"ට අයිති වෙනවද කියන එකත් අපි කතා කරමු පසුවට. ඇත්තටම ලංකාව වගේ රටක නීතියෙන් ගත්තමත් එහෙම දෙකක් නැති තරම්, මොනා කරන්නද. ඌරොන්ට මොන සෞඛ්‍යද නේ......................................

මුලින්ම කියන්න ඕන වැලක තියන ජංගියක් දැක්කත් කෙලින් වෙන උන්ටමම් ඔය දෙකේ වෙනසක් නෑ කියන එක. ඒකට ඉතින් මමත් පලි නෑ.

එහෙනම් කතාකරමු මොකක්ද මේ සීන් එක සහ මේ සීන් එක අර සීන් එකෙන් වෙනස් වෙන්නෙ කොහොමද කියන එක.

ඒ වගේම කතා කරමු මේකෙ ඇති කලාව මොකක්ද කියන එකත්. ඇයි කෙනෙක් මේ වගේ දෙයක් කරන්නෙ, ඒකෙන් මොකක්ද බලාපොරොත්තුවෙන්නෙ කියන එක.

ඒ වගේම පොඩි පොඩි වැරදි මත ටිකක් , වැරදි වැටහීම් ටිකක් නිරවුල් කරගන්න උත්සහ කරමු

(අනේ මමනම් තාව මේවා අරං නෑ. ඔය දාලා තියන ඒවා නෙට් එකෙන් උස්සපු ඒවා බව කරුනාවෙන් සළකන්න)


මොකක්ද මේ නග්න ඡායාරූපකරණය කියන්නෙ. ඡායාරූපකරණය කියන්නෙ ආලෝකය උපයෝගී කරගෙන යම් වස්තුවක් තම කැමරාවේ සෙන්සරය මත නිවැරදිලෙස සටහන්කරගැනීමනම් ඔව් මේකත් එහෙම දෙයක් තමයි. එහෙනම ඇයි කට්ටියට මේවා දිරවන්නැත්තෙ. ලොකුම දේ තමා අපේ උන්ගෙ "හක්කෙ බුදුරැස් බොක්කෙ දඩමස්" තියරිය. ඒ වාගේම උන්ට බැරිකම, හැමෝටම බෑනේ මොඩ්ල්කෙනෙක්ට විසි තිස් දහස් ගානක් දීලා ශූට් එකක් කරල නිකං තමා ලග තියාගන්නත්, මාධ්‍යයට නිකුත් කරන්නහ් බැරි එකේ. සමහරවිට අර අපේ ගෑනුන්ව ඔලුව උඩ තියාගෙන කතාකරන "දැන් හිතට ගන්න ගෙදර ගිහින් අතටගන්න"කියන සඹ්හ්‍යත්වයද මොකක්ද එකත් මේකට බලපානව ඇති මම හිතන්නෙ.

එහෙනම් මේකත් තව කලාවක් කියන තැනට අපි ආවනේ. එහෙනම් මොකක්ද මේකෙ තියන වෙනස? වෙනස මෙතනින් කියල ඉරක් ගහලා වෙන්කරල පෙන්නන්න බැහැ. ඒ වෙනස තියෙන්නෙ තමන්ගෙ සංයමයෙයි! කෙල්ලෙක්ව හෝ කොල්ලෙක්ව අරං ඒ ශරීරයේ තියන හැඩතල සියුම්ව මතුකර දක්වමින් , ආලෝකය උපයෝගී කරගෙන ඒ ශරීරය සිත්තමක් තරම් ශාන්ත විදියට පෙන්වන්න පුළුවන්නම් ශිල්පියා සාර්තකයි. ඒ වගේම මේ කාර්යය සාර්තක කරගන්න ඡායාරූපශිල්පියා වගේ නිරූපණ ශිල්පියාත් ඒ සම්බන්ධව නිපුන අයෙක් විය යුතුයි. නැත්නම් වෙන්නෙ දෙන්නගෙම රෙදි ගැලවෙන එක විතරයි.

 ඔන්න ඕක ගැන මමයි කෙල්ලෙකුයි පොඩි චැටක් දැම්මා! කියවල ඉමු........



  • Sameera Rukshan Mendis
    • මමනම් කවදාහරි nude shoot එකක් කරනව
    • අම්මා කියනව එහෙනම් බඳින්නැතුව හිටපංලු tongue
  එයා

    • ow aniwa wena ganunge ewa balanda yanwanm
    • nobada hitapn
    • paw badina gani ekai 

මම
    • යකො බඳින ගෑනිගෙ කරන්න බෑනේ
    • tongue
    • ඔන්න ඔතනයි ප්රශ්නෙ තියෙන්නෙ
    • porn වලයි nude photography වලයි වෙනසක් තියනව
    • ඒක තේරුම්ගන්න ඔයාට බෑ
    • කැත හිතක් තියන කෙනෙක්ට ඔය දෙකම එකක්
එයා

    • e kiyne mata katha hithak thiyenne
අපෝ මේක හොය හොය කොටන්න ගියොත් ගියොත් හෙට වෙයි බොල, කෙටියෙන් පවසමි මගෙ ආදරියේ කියල ඕන ටිකම කියල දාන්නම් ............
මෙයා මට කියාපි
"කවදහරි එයා බිරිඳක් උනාම එයා කැමති නෑලු එයාගෙ මිනිහා හතර වටේම ඉන්න ගෑනුන්ගෙ හෙලුව බලබල හිටියොත්, එතකොට ගෑනිගෙ අගයක් නැති වෙනවලු"

හුටා හොඳ පොයින්ට් එකක්. ඉතින් මම කිව්ව හික්මීමක්, සංයමයක් නැති කෙනෙක් නියුඩ් කරන්න ගියොත් ඒක අනිවා porn එකක් වෙනව කියල. කොහොමහරි බැරිම තැන එයාට යැව්ව ලින්ක් එකක්. හුටා ඒ පාර කියාපි එයා *** ( වෛද්‍ය අංශයට සම්බන්ධ) නිසා ඒවා අවයව විතරයිලු. ඒවා ගැන හැගීමක් ඇතිවෙන්නෑලු. කෙලියනෙ තාප්පෙටම. දැන් මොකක්ද කියන්නෙ. දැන්නම් නිකන් ඌරන්ට මොන සෞඛ්‍යද වගේ.

කොහොමහරි මම කිව්ව "අන්න එතන තමයි ඔයා ගොඩනගාගත්ත සංයමය තියෙන්නෙ"කියල, අන්න ඒ වගේ ඔයාට ඒවා අවයව විතරක් වගේම කලාකාරයෙක් ඒවලින් දකින්නෙ හැඩතල කියලා." අර එවපු ලින්ක් එක බලන්න කිව්වම කොහොමහරි ඒකත් බලලා කිව්ව "ආහ් ඒක නියුඩ් එකක්ද, ඒක ලස්සනයි"කියල.මම කිව්ව කලාකාරයා ඕකෙ දකින්නෙ සිරුරෙ මාංශපේශීන් සහ අවයව නිසා පෙනෙන හැඩතල එක්ක අඳුර හා ආලෝකය අතර කරන ගැලපීමක් කියල
දැන් ඊලග ප්‍රශ්නෙ

"ඉතින් යකුනේ ඇඳුම් ඇඳන් ඉන්න එකෙක්ගෙ හැඩතල පේන්නැද්ද බොලාට?"
මේකි අහන්නෙම කට උත්තර නැතිවෙන ප්‍රශ්නනෙ අප්පා. ඉතින් මමත් කිව්ව

" මොඩ්ල් ඉන්න ඉරියව්වෙන් එයාගෙ ඇගේ මැවෙන, මාංශපේශි පිහිටන ආකාරය නිසා ඇති උන හැඩතල තමයි ෆොටෝ එකේදි පේන්නෙ.  නියුඩ් වෙනස් වෙන්නෙ රසවින්දනයත් එක්ක. හරියට ආලෝකයෙ හසුරවපු නියුඩ් එකකයි, නිකම්ම නිකම් පෝර්න් එකකිනුයි හිතට දෙන අදහස වෙනස්. 
උඹ දැන් ඇඳුමක් ඇඳන්නම් ඉන්නෙ, කන්නාඩියක් ඉස්සරහට ගිහින් බලපං. බාත් රූම් ගියාම ගලවලත් බලපං වෙනසක් තේරෙයි" වෙන මොනා කියන්නද :O


කොහොමෙන් කොහොමහරි මමත් කිව්වනෙ ලංකාවෙ ඔය ෆොටෝ ගත්තට ඒව පබ්ලිශ් කරන්න බෑ, හුදෙක්ම තමන්ගෙ ආත්ම තෘප්තිය සඳහා පමනයි කියල. දැන් ඒකත් පැහැදිලි කරපංකො. මෙන්න මෙහෙමයි ඒ ටික උනේ.

 
"matanm 10000000000 k dunnath
mama ehem karnne ne
anna niyaam poin 1k
athma thrupthiya
kageda?"

"ඔයා *** කෙනෙක් විදියට.
ඔයාට මොකෙක්හරි ලොකු ලෙඩෙක්ව බාර ඩීලා ඔයා එයාව හොඳ කලොත් ඔයාට ආත්ම තෘප්තියක් ලැබෙන්නැද්ද?"

"ow,
aniwa"

" ඔයාගෙ වෘතියනෙ 
වගේ තමා ෆොටොග්රැෆර් කෙනෙක්ට 
ෆොටොග්රැෆි කියන්නෙ ආලෝකය එක්ක කරන සෙල්ලමක්. 
ආලෝකය හරියට ගලපලා 
කෙල්ලෙක්ව හසුරවලා
කෙල්ලගෙ නිරුවත දැකලා තව එකෙක්ට කලාත්මක හැගීමක් ඇතිවෙන විදියට ෆොටෝ ගන්න
නිකම්ම නිකන් ලොන්ත පෝල් වෙඩින් කැමරා කාරයෙක්ට පුළුවන්ද?''  
"දැන්වත් තේරුනාද? "

හැබැයි ඉතින් වැලේ වනපු ජංගියක් දැක්කමත් කෙලින් වෙන උන් ගැනනම් කරන්න දෙයක් නෑ
  
"oya e kiwa tika mata sara wadi"

"ow"

ඇති යන්තං ඔව් කිව්වා !

ඇත්තටම මගෙ අදහස අනුවනම් මම තාම සුදුසු නෑ මේ වගේ ගැඹුරු, නිර්මාණශීලී දෙයක් කරන්න. ඒ වගේම විසිතිස් දාහවල් දීලා මොඩ්ල්කෙනෙක් ගන්න තරම් වත්කමකුත් නෑ. කරන්න තැනකුත් නෑ :P නමුත් මම කවදහරි මේ සඳහා කාලෙ හරියි කියල හිතුනු දවසක අනිවාර්ය්‍යෙන්ම කරන්න බලාපොරොත්තු වෙනවා! එතකන් තව ගොඩක් දේවල් තියනවා කරන්න................ප්‍රශ්ණ මොනවහරි ඇති, උත්තරනම් තියනවද දන්නෑ :D


බොලා දැන් මගේ මාලුන්ට කෑම දාන්නෙත් නෑ නේද. පව් උන් හාමතේ :'(

 
 

 
 


55 comments:

  1. චේතනාවෙ තමයි වෙනස තියෙන්නෙ..මිනිහ කොහොම උනත්..

    ReplyDelete
    Replies
    1. චේතනාව හොඳ උනු පලියට බ්ලූ එකේ කලා රසයක් දැනෙන එකකුත් නෑනේ....

      Delete
  2. අනේ නිකන් මොනවදෝ විය කියවූ විටදී ......

    අන්ද මන්ද සඳ උන්මාදයි රැයට .........
    මේක බලපු මට දැන් මොංගල් වගෙද ?
    වහන හිටපු සළු සී සී කඩ විසිර අ අ අ
    මමත් පොටෝ ගත්තා වගෙ මතක විය ......

    නවමු මානයකට අර්ථ කතනයක් විය . ස්තුති සමීර සහෝදරයා !

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්
      උඹ ගත්ත එක දැක්කම WHO, UN එකෙන් ආදාර දෙයි

      Delete
    2. හිටුකෝ මස් ටිකක් දාල එනකන් ...... උඹේ නේකඩ් එකේ වැඩ පෙන්නන්න , ගෙම්බා කියල හරියන්නේ නෑ උඹට වඳුරා =}

      Delete
  3. නියම පැහැදිලි කිරීමක් නෙව....
    මාළු පවු...ඔන්න මාත් කෑම දැම්මා.

    වෛද්‍යවරියකට පේන නිරුවතත්,ඡායාරූපශිල්පියකේට පේන නිරුවතත්. සංයමක් නැති හිත දකින නිරුවතත් කොයි තරම් වෙනස් ද?

    ඉතින් සමීර.... අන්තිමට මක්කැයි වුනේ...

    ආහ්... ටයිටැනික් එකේ රෝස්ගෙ පින්තූරෙ අඳින කොල්ලව මතක් වුනා මට.

    ReplyDelete
    Replies
    1. වෛද්‍යවරියක් :O මම එහෙම කිව්වද? ආපෝ ඒගොල්ලො එක්කනම් මගෙ බජනයක් නෑ දැන් :P

      අන්තිමට ඉතින් එයා ඒකෙ කලාවක් තියනබව වටහාගත්තා!

      Delete
    2. කවුද මේ කට ඇරං ඉන්නෙ?

      Delete
    3. මට්ටුද මංදා :P

      Delete
  4. මොක නැතත් මාළුන්ට නම් කෑම ටිකක් දැම්ම අය්යේ. :D

    ReplyDelete
    Replies
    1. මටත් අමතකවෙන නිසා කිව්වෙ :D

      Delete
  5. නිරුවත ඡායාරූප කලාව ගැන සමීර හිතන් ඉන්නවා වගේ අසහනයක් නෑ අපේ මිනිස්සුන්ට!

    ReplyDelete
    Replies
    1. නෑ නෑ අසහනයක් නෑ, වෙන එකක් තියෙන්නෙ. පහල කමෙන්ට්ස් කියවල බලන්න

      Delete
  6. Replies
    1. බිබික්කම් :O නිකන් දෙනවනම් ඕන එකක් මලයා

      Delete
  7. අපි කරපු එකටත් සමහරු බාල්දි දැම්මා.වෙන කෙල්ලොත් අපිව දැක්කේ නිකන් වලත්තයෝ වගේ...එත් ඉතින් කලාත්මක දෙයක්
    කරන්න කට්ට කන්න වෙන නිසා ඉවසගෙන හිටියා ..චේතනාව වල් නම් කොහොමත් පොටෝ ටික පෝර්න් වෙනවම තමා
    එත් කලාත්මක ඇසකින් ගන්නවා නම් උසස් මට්ටමේ නිර්මාණයක් කරන්න පුළුවන් (අත්දැකීමෙන් )

    ReplyDelete
    Replies
    1. මමත් ඒක දැක්කා,
      ඒත් ඒකෙනම් පොඩි පොඩි අවුල් ටිකකුත් තිබ්බා

      Delete
  8. හෙ හේ.. මරු.. මාත් කළාවට බහින්නං ඔය නියුඩ් පොටෝග්‍රැෆි වලින්..
    අම්මාට කියන්නෙපා :(

    ReplyDelete
    Replies
    1. ඇකම නෑමක් තමා එහෙනම්

      Delete
  9. අඩේ! මමත් නම් මාර ආස subject එකක් බං.....nude photography...... ඒත් බයයි....

    ReplyDelete
    Replies
    1. අම්මා බනී ඒ නිස මට බෑ

      Delete
  10. 18+ ෆොටෝ ග්‍රැෆි වෙනවා නේද? මං තාම පොඩි එකා. පස්සේ බලනවා... ඔන්න ලිපිය බුක්මාර්ක් කරගත්තා

    ReplyDelete
    Replies
    1. දෙසැම්බර් ලෝක විනාසෙ නේද?

      Delete
  11. චේතනාව හොදනං මොකෝ...
    හෘද සාක්ෂිය දන්නවනේ ඇත්ත...
    මමනං සමීරයියේ ආවොත් අනිවා කෑම දානවා ඈ...

    ReplyDelete
  12. කලාව රසවින්දනය කරන්න කලාකාමී නෙතක් සිතක් හුරුවක් තියෙන්න ඕන
    නැත්නම් මේ කලා කාති ගැන මොන විදිහට කිවත් වැඩක්නෑ
    ලංකාව තුළ සෙෑන්දර්ය රසවින්දනය දැන් සෑහෙන පහළ මට්ටමක තියෙන්නෙ.
    ඇතැම් අවස්ථා වලදි මගේ චිත්‍ර දැකල සමහර අය අහනව ඉතිං ඇදුම් එක්කම අදින්න තිබුණනෙ කියලා...
    මම දෙන පිළිතුර.... “හැගීම් ප්‍රකාශනය අවශ්‍ය පරිදි අවශ්‍ය තැනට දෙන්නන්ම් අපිට බොරු සංස්කෘතික රාමු වලින් මිදිල නිදහස් මාවතක යන්න ඕන“ කියන එක.....
    ඕනම කලාවක් ඒ වගේ
    දවසක් අප්‍රිකානු නර්තන කණ්ඩායමක් ඇවිත් නිරුවත් නර්තන ප්‍රසංගයක් ඉදිරිපත් කළා.
    ඒ කලාකරුවන් ඒ ඒ අවස්ථා හසුරුවන්නෙ සංයමයෙන්
    නැත්නම් ඔව්න්ටත් වේදිකාව මතදි වෙන වෙන හැගීම් පහළ වෙන්න බඩ තිබුණා
    ලංකාවට මේ රසවින්දනය සහ කලාව පිළීබද අධ්‍යාපනයේ අවශ්‍යතාවය තියෙනවා
    තමුත්...... අභ්‍යාග්‍යකට ලංකාව ඒ අතින් මන්දගාමියි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි!

      බොහොම වැදගත් අක්ක එක්කල කරුනු. මතක විදියට කාලෙකට කලින් අක්කා මගේ fb profile එකේ හිටියා

      Delete
  13. මචං ..
    නාරි හි ප්‍රසවද මොකක්ද දොස්තරලා එතකොට ??
    උන් බදින්න කෙල්ලෝ කැමති නැද්ද ???

    ReplyDelete
    Replies
    1. උන් ඉතින් ඩොකෙක්වම බැඳගන්නව ඇති බන්.
      ජීවිතයක් තියන සත්ව කොට්ඨාශයක් ඇයි බන් ඩොකාලා :P

      Delete
    2. හික්..
      එතකොට පින්තුර ගන්න උන්ට විතරද හුයන්න බලන්න තහනම්.. ඈ ??

      Delete
    3. කටුස්සොන්ට මොන සෞඛ්‍යයද

      Delete
  14. අයියගෙ මතයට මට විරුද්ද වෙන්න්න කොහොමටත් බැ......හැබැයි එක දෙයක් lankawa වගෙ රටක ඔය දෙ දකින්නෙ නැ අයිය...එ අතින් අපි ගොඩක් අවාසනාවන්තයි... බොහො දෙ කියන්න තියනව...ලොකු සන්වදෙකට හොද අරම්බයක්.....කාලෙකින් කියවපු හොද ලිපියක් අයියා...

    ReplyDelete
  15. "ඕනෙනං කියවපං නැත්තම් පල " එහෙමයි මුල්ම ඡේදේ මට දැනුනේ... ;)
    සමීර ඇතුලෙත් කලාකාරයෙක් ඉන්නවා කියල දැනගත්තේ අදයි ... නෑ නෑ ඊයෙයි ඕන්.. මෙහෙමනේ ඔට්‍ර්හන වෙලා තියෙන්නේ රටේ වැරද්දක් නෙමෙයි මිනිස්සුන්ගේ චින්තනයේ වැරැද්ද... ඒ ඒ මොළ වල තරම කියල තමයි පනුච්චි කියන්නේ ඕවාට.
    සිත්තරාට අඳින්න පුළුවන් ඒක ෆොටෝ ගැහුවම මක් වෙනවද, හ්ම්ම්ම්... කලාත්මක සිතුවිල්ලක්..
    එහෙනම් ආයිත් හම්බෙනකන් සිනා බෝ වේවා ඈ..

    අහ්හ්.. ඩින්ගෙන් අමතක වෙනවා ... මේ මම මේ පැත්තේ එන එන වෙලාවට මාළුන්ට කෑම දානවා හරිය.

    ReplyDelete
    Replies
    1. මාලුන්ට අහු උනනම් ඔයත් රස කෑමක්. ඒ නිසා ටැංකියට පාත් නොවී කෑම දාන්න

      Delete
  16. සහතික ඇත්ත කතාවක්.. කලාවක් කලාවක් විදිහට දකින්න පුළුවන් වෙන්න ඕනේ.. රීඩර් කියන චිත්‍රපටය තමා හොඳම උදාහරණය.. ආත්ම සංයමය හා කලාකාමී ඇස.. ඒත් ඉතින් කූඩැල්ලා මෙට්ටේ උඩ තියන්න බැනේ..ඒ වගේ තමා අපේ අයට කලාව උගන්වන්න යන එක..හොඳ ලිපියක් සහෝ.. ජය වේවා..

    ReplyDelete
  17. lassanata liayala thiyanawa..pahadili kirimath hoddai........:)..tikak sara wadi :P

    ReplyDelete
    Replies
    1. සීනි අහුරක් කන්න සැර වැඩිනම්!

      Delete
  18. මට මේක කියවද්දිම මතක් උනේ දොස්තර M S වීරකෝන් මහත්තයව. එතුමාටත් ඉතිං පවුල් ජීවිතයක් තිබ්බනෙ. එතුමා නං ඔය ගත්තුව ගෙදර බිත්ති වල එල්ලලත් තිබ්බ!

    සුපිරි ලිපියක්!

    ReplyDelete
    Replies
    1. වීරකෝන් මහතාට පස්සෙ ඕක හරියට කල කෙනෙක් හිටියද මංදා?

      Delete
  19. ලිපිය හොඳයි.. ඇත්තටම රසවින්දා. ඒත් පොඩි අවුලක් හිතට ආවා මුලදිම..
    "(අනේ මමනම් තාව මේවා අරං නෑ....)"

    එතකොට හිතුනේ...
    "මේක ඇත්තටම කලාවක් තමයි.. ඒත් මම තාම ඒ තරම් නරක් වෙලා නෑ.." වගේ..

    මමත් ගොඩක් කැමතියි ලංකාවේ මිනිස්සුන්ට උසස් රසවින්දනයක් දැනෙන දවසක ජීවත් වෙන්න. මොකද මමත් මගේ අවට දිහා කලාත්මකව දකින්න කැමති කෙනෙක්. විශේෂයෙන් කාන්තාවන් දිහා. ඒක කාමයට එහා ගිය හැඟීමක්.

    "හැබැයි ඉතින් වැලේ වනපු ජංගියක් දැක්කමත් කෙලින් වෙන උන් "..නම් හිතෙයි.. " අනේ පලයන් ඩෝ.." කියලා..

    එල එල.. ආයෙ මුනගැහෙමු අළුත් ලිපියකින්.

    Comment එක ගැන වැඩිය හිතන්න එපා.. අගය කරනවා උත්සාහයට. දිගටම කරගෙන යන්න. අදයි මුලින්ම ආවේ. ඒත් දිගටම එනවා අද ඉඳන්...

    ජය වේවා...

    ReplyDelete
    Replies
    1. කියන දේ කෙලින්ම කීම බොහොමත්ම අගය කරනවා!
      ජයවේවා!

      Delete
  20. හොඳ පොස්ට් එකක් සමීර...
    ඒත් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා..තමන්ගෙ වෘත්තිය අනුව තෘප්තිමත් නිර්මාණයක් බිහි කරගන්න හැඩතල මෙහෙයවීමක් විදියට හැම ඡායාරූප ශිල්පියෙක්ම "නිරුවත් ඡායාරූපකරණය" කියන කලාව දකිනවද?

    ReplyDelete
  21. මෙහෙම දෙයක් තියනව. හැම ඡායාරූපශිල්පියාම සංයමයකින් යුක්තද?

    ReplyDelete
  22. අසන්ත - සිරා වදන් ටික සමීර මල්ලි...

    ReplyDelete