ස්තුතියි ! කියවන එක තමයි ලොකුම හයිය !

Saturday, September 8, 2012

ලොකු සීන් එපා

අපි පොඩ්ඩක් කතා කරමු කැමරාව වැඩ කරන විදිය ගැන. ආලෝක කිරන කාච පද්ධතිය දිගේ නියමාකාරයෙන් සෙන්සරය මතට පතනය වීම මගින් ඔය අපි දකින ඡායාරූප අංකිත මාධ්‍යයක් තුල සටහන් වීම සිදුවීම ඇරඹෙන්නෙ. ඒත් ඕක නිකම්ම වෙනවද? නෑ නේ, කැමරාව පිටුපස ඉන්න කෙනා අත තමයි ඒකත් තියෙන්නෙ, අත කිව්වට අත විතරද?

ඡායාරූප ශිල්පියෙක්හට ලැබෙන්නෙ එක මොහොතක්. ඒ මොහොත කියන්නෙ සමහරවිට පැය ගානක සංසිද්දියක් , වචන දහසක කතන්දරයක් කියන්න පුළුවන් වෙන එක රූප රාමුවක් වෙන්න පුළුවන්. ඒ වගේ සිදුවීම් වැරදිලා සටහන් වෙච්ච අවස්තා පවා තියනවා. සමහරවිට ඒකම විතරයි අදාල ශිල්පියගෙ ප්‍රසිද්ද රූප රාමුවකට තියෙන්නෙත්, නම් ගම් ඕන නෑනේ! ඉතින් මං කියන්න හැදුවෙ Wedding, Wild life, Macro, Portraits ඔය මොක වේවා ශිල්පියා මනා අවධානයෙන් ඉන්න කෙනෙක් විය යුතුයි. නැත්නම් වෙන්නෙ අවස්තාව මග හැරෙන එක විතරයි!
හැම අංශයකටම විශේශවූ දේවල් තියනවා. ඒ නිසා අපිට පුළුවන්නම් යම් දෙයක් ප්‍රගුන කරල ඉන්න ඒක හොඳයි කියලයි මමනම් හිතන්නෙ. ඊට පස්සෙ පුළුවන් තවත් පැත්තකට හිත යොමු කරන්න . නැත්තම් වෙන්නෙ දොස්තරලා Wildlife කියල හිතාගෙන Safari කරනව වගේ වැඩක්.


ඇත්තම කියනවනම් අදනම් කියන්න යන දේ ගැන මටවත් තේරුමක් නෑ.

මට කතා කරන්න ඕනනම් කැමරාව හසුරවන්නාගේ හැසිරීම ගැන. බලමු කොහෙන් නවතීද කියලා.........

ඔන්න ඉතින් පෙරුම් පුරල පුරල ගන්නවනෙ DSLR එකක් හරි මොකක්හරි හොදයි කියාගන්නා කැමරාවක්. එහෙම එකක් අරං ඒකෙන් කොහේහරි මොකෙක්හරි තියලා මූන කට පේන්න ෆොටො එකක් ගන්න පුළුවන් උන ගමන්ම සමහරු හිතනව "ආහ් දැන් මට වෙඩින් ෆොටොග්‍රැෆි උනත් කරන්න පුළුවන්" කියල. මම කියන්නෙ නෑ වෙඩින් වලට වඩා වන ජීවී ලේසියි කියලවත් වනජීවයට වඩා වෙඩිම ලේසි කියලවත්. ඔය හැම එකකටම ඊට ආවේනික ලක්ශන තියනවා. ඒ නිසා එකකට එකක් සමාන කරන්න පුළුවන්කමක් නෑ. ලොකු සීන් දාන අයගෙ ගත හැක්කකුත් නෑ. ඉදිරියකුත් නෑ, හැමදාම එකමතැන තමා. මොකද කියනවනම් යමක් අනුන්ට නොදෙන අයට අලුතින් යමක් ලැබෙන්නෙත් නෑ.


එක්කෙනෙක් එක්සිබිශන් එකක් තියලලු. ජනප්‍රිය ඩයල් එකක්ලු. ඉස්සරහම ගහලලු බෝඩ් එකක් මට අරෙහෙන් මෙහෙන් ඒරොප්පෙන් ලැබුනු ගෝල්ඩ් මෙඩල් බර ගානක් තියනව. මම මේකට එන අයගෙ කමෙන්ට් බලාපොරොත්තුවෙන්නෙ නෑ කියලා. ඒත් ඇතුලෙ පොතකුත් තියලලු බලන්න ආපු අයට ලියන්න. අනේ මම ගියානම් ලියන එක ලියනව "ආපු එවුන්ගෙ අදහස් එපානම් මොන ප**ටද යකෝ පොතක් තිබ්බෙ" කියලා. ඕන එකෙක්ගෙ පලවෙනි පියවර වේදිකාව නෙමෙයි. තමන් වටේ ඉන්න උන් ටික. ඒක අමතක මේ වගේ හැත්ත!
අපිට වෙලාවකට හිතෙන්න පුළුවන් තාත්ත දන්න ෆොටෝග්‍රැෆි, අම්ම දන්න මගුල වගේ දේවල්. ඇත්ත, ඒගොල්ලො ඒවානම් දන්නෑ තමයි ඒත් මනුස්සයෙක්ට ලං වෙන්නෙ කොහොමද, යමක් දියුනු කරගන්නෙ කොහොමද කියන එක ඒගොල්ලො අපිට වඩා දන්නව. අන්න ඒක ගොඩක් වැදගත් වෙන්න පුළුවන්! මටත් උපදෙස්දෙන ගොඩක් අය ඉන්නව, සමහරුන්ට කැමරාව ගැන දැනීමක් නැති උනාට ජීවිතේ ගැන දැනීම තියනව. කොහොමත් ඡායාරූපකරණය කියන්නෙ කැමරාවම විතරක් නෙමෙයි. ඡායාරූපයට හසුකරගන්නෙ මොකක්ද කියන එක ගැනත් දැනීමක් තියෙන්න ඕන. නැත්තං ඒක ලෝකෙ කොහේහරි වැදිච්ච විදියෙ ෆොටෝ කෑල්ලක් විතරයි!

ලංකාවෙ තරගෙකින් පදක්කමක් දිනපු එකෙක් මිසක් ඔය රට රටවලින් දින්නයි කියන උන් ඉන්නව නේ. ඒව ගැන කතා කරල වැඩක් නෑ. අපි හිතන්නෙ  ඒ රටේ රජයෙන් දුන්නයි කියල. එන්ගලන්තෙන් දින්නනම් අපි හිතන්නෙ රැජින පදක්කම දීලා කියල. ඒත් ඉතින් ඇත්ත තත්වෙනම් එංගලන්තෙ තියන ඡායාරූප සංගම් දාහකින් එකකින් ලැබුනු පදක්කම්ක් කියන එකනෙ. ඒත් තමන් තීරනය කරන්න ඕන මම වැඩ කරන්නෙ පදක්කමක් වෙනුවෙන්ද රසිකයන් වෙනුවෙන්ද කියන එක. ඔය දෙකෙන් මොක උනත් ඒක තමන්ගෙ තීරනය නිසා ඒකෙ වරදක් නෑ.....


තැනකට ගියාම ඡායාරූපශිල්පියෙක් විදියට අනන්‍යතාවයක් තිබීම වැදගත්. ඒත් ඔක්කොම සුකුරුත්තන් වටෙන් එල්ලගත්ත පලියට හොඳ නිමාවකින්යුත් රූපයක් ලැබෙන්නෙත් නෑ. ඒකට ශිල්පීය දක්ශතාව තියෙන්නත් ඕන. 

අනේ මංදා, ලියන්න ගත්ත එක ලියවුනෙත් නෑ.....

ඊලග දවසෙ වැදගත් දෙයක් ගැන තේරෙන සිංහලෙන්. ඒක වැඩිහිටියන්ට වඩාත් සුදුසු වේවි! කෙල්ලොනම් නොකියවන තරමටම හොඳා!




24 comments:

  1. // ඒ වගේ සිදුවීම් වැරදිලා සටහන් වෙච්ච අවස්තා පවා තියනවා. සමහරවිට ඒකම විතරයි අදාල ශිල්පියගෙ ප්‍රසිද්ද රූප රාමුවකට තියෙන්නෙත් //

    ම් .... කවුරු ගැනද මේ .....

    ReplyDelete
  2. එහෙනම් අනිවා ඊළඟ පෝස්ට් එක කියවන්නම් ඕනි.
    සමීර අයියේ "ඇයි" එකේ හැමෝවම ආදරෙන් මතක් කළා කියන්න.

    ReplyDelete
    Replies
    1. ඒ මොකො, ඔයා ඒකෙන් ගියාද?

      මේ පෝස්ට් එකට තව ලියන්නදේ ලැබුනා, හෙට වගේ ආපහු කියවල බලන්න. හෙට කිව්වෙ 9 වෙනිදා

      Delete
    2. අඩෝ ඩිඇක්ටිවේට් නේද? මොකෝ සීන් එක කැළනියේ සෙට් එකම ඩිඇක්ටිවේට්ද කැම්පස් අරින තුරු?
      කිචා නෑ
      පුලා පේන්න නෑ
      උඹ නෑ

      Delete
    3. පුලා කිව්වෙ අර නල්ලට ගත්ත එකීද?

      Delete
    4. ඕ යෙස්...අඩෝ ඒකිට එහෙම කියන්න එපා

      Delete
    5. ඕ යේස් කිව්වෙ ඒක පිලිගත්ත කියන එකනෙ :P

      Delete
  3. මං දැක්කා දෙතුන් දෙනෙක් අලි සීන් දානවා. මගේ පාර නෙවෙයිනේ.මං පැත්තකට වෙලා බලන් ඉන්නවා. මොනා කරන්නද? කලකදි ස්වභාවික වරණයට ලක්වෙයි

    ReplyDelete
    Replies
    1. ඔව් බන්, අනුකම්පා කරමු

      Delete
  4. වදින තැනට වදින විදිහට !!!!!:)D

    ReplyDelete
    Replies
    1. නෑ බන් උන්ට වදින්නෑ,
      උන් මේව කියවන්න දන්නෑනේ
      :P

      Delete
    2. උන් කියවන්නේ අපිට තේරෙන්නේ නැති භාසා වලින් තියෙන ලොකු ලොකු එව්වනේ බන්

      Delete
  5. හොඳ කථා කීපයක්ම කියවිලා තියනවා.....
    පොර වීම කියන එක එක එක්කෙනාගෙ විදියට වෙනස් වෙනවා...
    සමහරැ වැඩ පෙන්නලා පොරවල් වෙනවා...
    සමහරැ කටින් පොරවල් වෙනවා....
    සමහරැ සමහර පොරවල් හරහා පොරවල් වෙනවා....
    ඔය පලවෙනි වර්ගේ උන්ගෙන් ලොකු අවුලක් නැහැ....
    උන් පොර කියලා තමන් කියා නොගත්තත් වටේ ඉන්න උන් දන්නවා ඌ පොර කියලා...
    අනිත් කොටස් දෙක තමයි ඇණ වෙන්නේ....
    කටින් පොරවල් පරාල ඇණ වගේ තමයි...
    තමන් දන්න දේ ලොකුම දේ විදියටයි හිතන්නේ...
    අනිත් කොටස කව්රැ හරි පොරකට කිට්ටු වෙලා තමන්ගේ නම දාගන්න බලන්නේ....
    ලොකු පොරවල් වලට හේත්තු වෙලා පොටෝ දාගෙන...
    ආහ්... කොහොමද මගේ වැඩ....
    මම තමයි මුගේ පොටෝ ගන්නේ...
    වගේ වැඩ පාරවලා දානවා....
    අපිට තියෙන්නේ ඔය කොයි කොයි පොරගෙත් ගන්න තියන කොටස අරගෙන...
    අපේ පාඩුවේ ගමන යන එක විතරයි....

    කථාවක් තියනවා....

    උසස් වෙන්න නෙමෙයි... විශිෂ්ධ වෙන්න උත්සහා කරන්න කියලා....

    ReplyDelete
  6. නියම කතාව... ඇඩ් එකක් වෙයි කියල බයට හොඳ පොටෝ මගහැර ගත්ත වෙලාවලුත් තියෙනව.

    ReplyDelete
    Replies
    1. ඒකනම් ලොකුම මෝඩකමක්

      Delete
  7. ඡායාරූපකරණයේ නෙමේ.. ඕන මගුලක.. (වෙඩිමක නෙමේ) තමන් දන්න දේ හරියට, පුළුවන් තරං හොදට කොරන එකා තමන් පොරක් ය කියාගන්නෙ නෑ. අනිත් උන් "මූ පොරක්" කියනවා ඇරෙන්න.. සමීරයියාත් අගේ කරන ඒ වගේ පොරක් ඉන්නවා ඇල්බම් එකක පුංචියට වගේ පින්තූර දෙක ගානෙ දාපු.. කොච්චර ‍පොරක් උනත් ඒ පොර නිහතමානී.. පොර වීමෙන් ඔළුව උදුම්මගෙන නෑ.. ඒකයි පොරක් නම් ඒ පොරගෙ තියෙන්න ඕන වැදගත්ම ලක්ෂණේ..

    තමන් ට අච්චර කැමරා තියනවා ය, මෙච්චර ලෙන්ස් තියනවා ය, අච්චර ගැජමැටික් තියනවා ය, තමන් පොරක් ය කියාගෙන ලොකු ටෝක් දාන උන් ගෙ "පොර" වීමේ ආයුකාලෙ බොහෝම අඩුයි. එහෙම කාඩ්‍බෝඩ් පොරවල් වලින් තඹදොයිතුවක වැඩක් ඇත්තෙත් නෑ.

    පෝස්ට් එක නිකං මදි මදි වගේ.. කොමෙන්ට් ටිකෙන් අඩුපාඩුව හරි..!!!

    ReplyDelete
    Replies
    1. එකෙන්ම!
      අන්න පොරක් :D

      Delete
  8. සිරාවට ලොකු සීන් නං හැමතැනම...
    පොටෝ ලෝකෙ කීලා ඒකෙ ආයේ වෙනසක් නෑනේ...

    ReplyDelete
    Replies
    1. ඬනිවා හැමතැනම!
      වැඩ්ඩොන්ට වඩා පඩ්ඩො :D

      Delete
  9. අප්පේ..මේ අත්දැකීම නම් මටත් තියනවා....

    ReplyDelete
  10. "ඡායාරූප ශිල්පියෙක්හට ලැබෙන්නෙ එක මොහොතක්. ඒ මොහොත කියන්නෙ සමහරවිට පැය ගානක සංසිද්දියක් , වචන දහසක කතන්දරයක් කියන්න පුළුවන් වෙන එක රූප රාමුවක් වෙන්න පුළුවන්. ඒ වගේ සිදුවීම් වැරදිලා සටහන් වෙච්ච අවස්තා පවා තියනවා. සමහරවිට ඒකම විතරයි අදාල ශිල්පියගෙ ප්‍රසිද්ද රූප රාමුවකට තියෙන්නෙත් "

    මෙන්න මේ ඔයා කියපු දේ මටත් හිතෙන /හිතුන වාර අනන්තයි.. ඒ ගැන පොස්ටුවකුත් ලිවුවා මට හිතුන විදියට වෙලාවක් තිබ්බොත් කියවල බලන්නකෝ ...
    http://panuchchi.blogspot.com/2012/08/blog-post_13.html
    මම ලියපු ඒවාට එකඟ වෙයිද දන්නේ නෑ.. මේ මට හිතිච්ච දේ...

    ඊළඟ පොස්ටුව කියවනවාද නැද්ද යන්න ඇවිත්ම බලන්නම්කෝ ;)

    ReplyDelete
  11. මමනෙ බොල ඒක මුකිලින්ම කමෙන්ට් කරල තියෙන්නෙ.
    ගෙම්බම කාපිය

    ReplyDelete