ස්තුතියි ! කියවන එක තමයි ලොකුම හයිය !

Monday, April 23, 2012

Welcome වේවා!

මුලින්ම සාදරයෙන් පිලිගන්නවා ඡායාරූපකරණය කියන කළාවට...

බොහොම සරළව කියනවනම් මේක මැජික් එකක් නෙමෙයි ඕයි. බොහොම විනෝදාත්මක වගේම හොඳ දැනුමක් ලබාගන්න පුළුවන් කළාවක්. හැබැයි ඉවසීම කැපවීම තියෙන්නත් ඕන. මම උත්සහ කරන්නෙ සිංහලෙන් ඡායාරූපකරණය උගන්නනවට වඩා සිංහලයට Photography උගන්වන්න. (මම සිංහල කියන්නෙ බාසාවකට පමණයි)

ඡායාරූප කරණය කියන්නෙ අවුරුදු බරගානකට ඉස්සල්ලනම් හොඳම දත්කාරයන්ට සීමාවුනු හෙවත් ඉහළ පැලැන්තියෙ පුද්ගලයන් පමණක් සිදුකරනු ලැබූ අධික වියදමකින් යුතු හෙවත් මාසෙකට 7500 ගොඩ යන්න බැරි විනෝදාංශයක් වගේ එකක්. මට ඕක හොයාගත්ත මිනිහයි, මිනිහගෙ තාත්තයි හැත්ත බුරුත්තවනම් මතක නෑ. Google කරල බැලුවොතින්නම් හොයාගන්න පුළුවන්. එහෙනම් ඔන්න පටන්ගත්තා....

ඡායාරූපකරණය කියන්නෙ ආලෝකය උපයෝගීකරගෙන කරන සිතුවමක් වැන්නක්. විදිමත් ලෙස කාචය තුලින් ගමන්ගන්නා ආලෝක කිරණයන් නියමාකාආරයෙන් සෙන්සරයක් මතට හෝ ඉස්සරනම් පටලයක් මතට පතිතවීම මගින් තමයි ඔය කියන ෆොටෝ එකක file එකක් හෝ නෙගටිවු එකක් සෑදෙන්නෙ.... නමුත් කවදාවත් හිතන්න එපා ෆයිල් එක හැදුනු පලියට වැඩේ හරිය් කියලනම්... ඊට පස්සෙ තමයි Post Processing තියෙන්නෙ.

නිවැරදි අයුරින් ව්ස්තුවක් සටහන්කරගැනීමත්, පරිගණක මෘදුකාංග මගින් අඩුපාඩු හදාගැනීමත් සරළව කියලදෙන්න මම උත්සහ කරන්නම්. නොතේරුන දෙයක් තියනවනම් අහන්න. මමත් දන්නැත්තං එකතුවෙලාම හොයමු නේ........

එතකන් ඔය අතේ තියන කැමරාවෙන් හරි කැමරා ෆෝන් එකෙන් හරි ෆොටෝ ටිකක් අරං ඕක අතට හුරුකර ගමුකෝ.........

යන්න කලින් මාලුන්ට කෑම ටිකක් දාලාම යන්න හොඳේ :)

10 comments:

  1. එල අයියා ආ, ඔහොම යමු , ජය වේවා

    ReplyDelete
    Replies
    1. ඔන්න පොඩ්ඩො ලියල ඉවර කලා.......

      Delete
  2. ජය වේවා......!

    මෙලෝ හසරක් දන්නෙ නැතිවුනත්....මාත් කවදම හරි ඉගෙනගන්න ඒනෙ කියල හිතාගෙනම ඉන්න විෂයක්.....
    ගොඩාක් ස්තූතී අයියෝ......

    ReplyDelete
  3. කුබුවා‍ගේ මේ පොටෝව ගැනීම සෑමා ඇස් පනා පිටම දුටුවේය. පැත්තක සිටගෙන සිටින්නේ සෑමාය.

    මෙහෙව් දේකට ඒ පොටෝව යොදා ගනී යැයි නොසිතුවෙමි.

    වැදගත් දෙයක් වගේ.. ස්තුති.. අපිත් එනවා..

    මේ සෑමා පෝං එකෙන් ගත්ත පොටෝවක්..

    http://samindikasrimantha.blogspot.com/2012/01/blog-post_17.html

    ReplyDelete
    Replies
    1. හප්පා...
      මට උසාවි ගානෙ යන්න වෙයිද?

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. හෆ්ෆට සිරි...ෆොටෝව ටිකක් දැකලා පුරුදු වගේ නිසා ආයෙමත් පාරක් බැලුවා...එතකොට තමා තේරුනේ මේ කුබූ කාරයා කියලා.. :D :D

    එළ එළ හොද වැඩක්...... අපිත් ඔය අරහෙන් මෙහෙන් කැමර් අතගෑවට ඔය තියරි මොනවත් දන්නෙ නැහැනේ.

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩ පොඩ්ඩ ඉගන ගමු :)

      Delete