ස්තුතියි ! කියවන එක තමයි ලොකුම හයිය !

Monday, April 23, 2012

ස්තූති කතාව


අඩේ මමත් කවදහරි මැරෙනව නේද? වැරදිලාවත් ඒ වෙනකොට මම දහ පහලොස් දෙනෙක්ටවත් හොඳ ෆොටොග්‍රැෆර් කෙනෙක් වෙලා හිටියොත් උන් කියයි කිසිම කලගුණක් නැතිව මළා කියලා! එහෙම වෙන්න හොඳ නෑනෙ, ඒ නිසා පින්තූර දාන්න කලින්ම මේක ලියමි!

මම වනාහී සමීර ආර්. මැන්දිස් වෙමි. සමීර අම්මගෙන්, රුක්ෂාන් තාත්තගෙන්. හරි දැන් කතාවට බහිමුකෝ. මම පෑනක් පැන්සලක් අල්ලන්න ඉස්සල්ලා ඇල්ලුවේ කැමරාව වෙන්නත් පුලුවන්. ඒ මගේ දෙවනි උපන්දිනේ ෆොටෝ ගන්න තාත්තා ගෙනාපු කැමරාවෙන්. නමුත් තවමත් එතරම් දියුනුවක් නැත. මගේ හැකියාවටත් වඩා එහා ගිය DSL එකක් මම දැන් බාවිතා කරමි! මම තවමත් කැමරාවේ සෙටින්ස් පස්සේ දුවන නිසා විය හැක. ආහ් කතාව නේද??

චුට්ටි කාලෙ තිබුනා ෆූජි කැමරාවක්. අනේ පොඩි එකාට ඒකෙ නම ගම මතක නෑ. හැබැයි ඒකෙ අමුතු ගැජට් ටිකක් තිබුනා. අපි ගන්න දේ හැටියට කරකවන්න ඩයල් එකක්. නිකන් අලුත් කැමරාවල තියන සීන් මෝඩ් වගේ. Portrait, couple, Group, Scenery වගේ පොඩි පොඩි අයිකන් ටිකක් තිබුනා. ඊට අමතරව අයි.ඇස්.ඕ තෝරන්න තව රින්ග් එකක්. කොහොමහරි ඒක හොරු ගෙනිච්චා මම 5 වසරෙදි විතර. අවුරුදු ගානක් වේලුනා. ඊට පස්සෙ දවසක් ආච්චිලගෙ ගෙදර ඉඳිද්දි පත්තරේ දැක්කා අලුත් බාන්ඩයක් Kodak KB12 කියලා. මේකෙ තියනව මාර මෙව්වා එකක්. ටයිමර් කියලා එකක්, ඒක කරකවල ෆොටෝ ගත්තම වදින්නෙ තප්පර 10කින්, ඒකත් එක්ක ප්ලාස්ටික් වලින් හදපු කකුල් තුනක ගැජට් එකකුත් දෙනවා. ඔන්න මම හීනෙන් දකින්නෙත් ඕක තමා... දවසක් අපේ ගෙදර තුන්දෙනා MC ගියා ඔතන ඒක තියනවා. ඒ කාලෙ ඕක ලොකු ගානක්ලු. බිලේ තිබ්බෙ 1750 කියලා. හැබැයි තාත්තා ඒකක් මට අරන් දුන්නා. ට්‍රිප් එකක් වගේ යද්දි තමයි ඉතින් ඕක පාවිච්චි කලේ, රීල් දාන්න එපැයි! හැබැයි රීල් එක දාන්නෙ මමමයි! ඕකත් අවුරුදු ගානක් පාවිච්චි කලා...

අවුරුද්ද 2007, මම ඒ ලෙවල් කලා. අපි දන්න අන්කල් කෙනෙක් රට යනවයි කියල මිනිහට පොඩි කැමරාවක් ගන්න ඕන වෙලා මගෙත් එක්ක කතා කලා. ඒ දවස්වලනම් සෝනි කියන්න පට්ට කැමරා කියලයි හිතන් හිටියෙ. ඔන්න ඉතින් මම දන්න ටික අදාල පුද්ගලයට තේරෙන විදියට මම කියල දුන්නා. මගේ පිනකට ඒ කෙනා තාත්තට කියලා මම මෙහෙම මෙහෙම දේවල් පැහැදිලි කරල කිව්වා. මිනිහටත් ඕනනම් එකක් ගේන්නම්, ගෙනාවම සල්ලි දෙන්න කියලා! තාත්ත මගෙන් ඇහුව "කැමරාවක් අරන් ඕනද?" කියලා. මමත් එපාම කියයි! ඔන්න පොර රට ගියා. මටයි කියල කැමරාවකුත් අරන්. බිලේ තිබුනේ 2007-12-27 කියලා. ඒක කොඩැක් C713 කියන අපූරුම Compact කැමරා එකක්. Flash එක තව හොඳ උනානම් සුපිරි! ඔන්න ඕකෙන් තමයි මම ෆොටෝ ගත්තේ... ඔන්න මම අහුවෙන මල, සමනලයා, ලෑල්ල, කෑල්ල ඔක්කොම ඕකෙන් ෆොටො ගන්නවා. දවසක් එහා ගෙදර මල්ලිගෙ බර්ත්ඩේ එක වෙලාවෙ අම්මා කිව්වා ඒ ළමයගෙ ෆොටෝ ටිකක් අරන් දෙන්න කියලා. ඔය කාලෙ වෙද්දි මම මගේ කැමරාව ගැන සම්පූර්නෙන්ම වගේ දන්නවා. මටනම් ඒ කාලෙ විශේෂම දේ තමයි Exposure Metering කියන්නෙ. ඕකෙන් පින්තූරයට ලොකු බලපෑමක් උනා. විශේෂයෙන් flash කරන අවස්තාවන් වලදි. මමත් තරමක් හොඳට ඇඳල කරලා වැඩේට බැහැලා ෆොටෝ ගත්තා. 8-12 එකකුත් ලොකු කලා. කිසිම අවුලක් නෑ. වැඩේ ගොඩ නෙමෙයි වැඩේ හරි! කොහොමහරි ඒ ළමයගෙ අම්මට මාර සැටිස්! ඒ අක්කගෙ නම තනූජා. ගොඩාක් ස්තූතිකලා. ඊට පස්සෙ මට පොඩි පොඩි වැඩ අල්ලල දෙන්නත් ගත්තා.  ඔය ළමයින්ගෙ උපන්දින සාද වගේ ඒවා තමයි වැඩිහරියක්ම. කොහොමහරි මහ කාලයක් යන්න කලින් මම කැමරාවෙ ගානත් හොයලා! පුදුමයකට වගේ වැඩවල හොඳකමටද මන්දා ඒ ළමයා හිටපු පෙර පාසලේ ප්‍රසංග, අවුරුදු උත්සව පවා මම මගේ පොඩි කැමරාවෙන් කලා. කොහොමහරි ෆොටෝ 14000 ගනනක් ගත්තම ඒක ලෙඩ උනා. ඊට පස්සෙ හැදුවත් එතරම්ම වැඩක් උනේ නෑ.... ඔන්න මම ආපහු වේලෙන්න ගත්තා. ඔය අතරෙත් මම ෆොටෝ ගත්තෙ නැත්තෙම නෑ.... අලුත් කැමරාවකට හීන මව මව උන්නා.....
කොහොම උනත් අදටත් මම ගත්ත හොඳ ෆොටෝ ගනනාවක්ම අරන් තියෙන්නෙ ඕකෙන් තමයි. DFCC බැංකුවෙ තියපු තරගයෙන් ෆොටෝ 3000 පමණ අතරින් හොඳම 24 තේරුනේ ඕකෙන් ගත්ත එකක් තමයි. හෑගොඩ සර්ගෙ ඔන්ලයින් ප්‍රදර්ෂනයට තේරුනේ ඕකෙන් ගත්ත එකක් තමයි!

ඒ කැමරාවත් සමග ගත්ත ෆොටෝ මගේ මිතුරෙකුගේ මාමා කෙනෙක්  ලාල් හෑගොඩ ගුරුතුමාගේ සිසුවකු වන අශිල ද මැල් මහතා මාර්ගයෙන් අපගේ ෆොටෝවල ගුණ දොස් අහගන්න ලැබීම වගේම ඔහුගේ කැනන් 450D සමග පුහුනු  වන්නටත් අවස්තාව ලැබුණා. ඒ කැමරාව තමයි මම මුලින්ම පුරුදු පුහුනුවන SLR එක.......

ඔහොම මම වේලී වෙලී ඉන්න කාලෙ මම අහම්බෙන් දැක්කා කැනොන් කැමරාවක් SX20 කියලා... ඔන්න ඉතින් හීනෙන් දකින්නෙත් ඒක තමයි, තව ටික කලක් යද්දි ඒකෙම sx30 කියල එකක් ආවා දැන් හීනෙන් දකින්නෙත් ඒක! ඒක මාරයි කියන්නෙ ඒකෙ ඩිස්ප්ලේ එක කරකවන්නත් පුලුවන්, ඩොටේ සූම් කරන්නත් පුලුවන්! ඒ කාලේ ඉතින් සෙන්සර්, ප්‍රොසෙසර් ගැන දන්නව යෑ , ඕව තමා මැජික්! කොහොමහරි එව්වයින් එකක් ගන්න සල්ලි හම්බුනාය කියමුකෝ. ඔන්න වෙඩින් එකකට දෙකකට ගියා. නිකොන් ඩී3000 කියල කැමරාවක් තියනවලු , පොඩි ගානයිලු වැඩිත්. ලෙන්ස් මාරු කරන්නත් පුලුවන්ලු ! ඔන්න ඉතින් ඒපාර මැජික් හොඳ එක. දැන් තව 15000 හොයපන්කෝ!!! ඔන්න තව මාස ගානක් වේලිලා වේලිලා අන්තිමට අම්මගෙන් ඉල්ලගෙන මමත් සල්ලි දාලා ඒ ගානත් එකතු කරගත්තා. ඔන්න ආපහු වෙඩිමක් සෙට් උනා උදව්වට යන්න. ෆොටෝ ග්‍රැෆරයා ගෙනත් තිබුනෙ 3000 එකක්. කොහොමෙන් කොහොමහරි කපල් එක නටන වෙලේ මිනිහ නෑ (ගෝලයත් එක්ක බොනවා), කැමරාව මේසෙ උඩ! මට ඉතින් ෆොටෝ ගන්න අවස්තාව ලැබුනා! එදා තමයි මම 3000 එක පාවිච්චි කරපු පළවෙනි දවස . කරුමෙකට වගේ එදාම ඒක එපා වුනා! අම්බානට නොයිස්. මට හිතුනා ඕක ගත්තොත් මම ෆොටෝගැෆිත් අතහරී කියලා! කොහොමත් මට ඒක ඇල්ලුවෙම නෑ.... ඉතින් ඒ අදහසත් අතහැරියතරි හමන් තීරනයකට එනකම්.

ටික දවසක් යද්දි මම නිකොන් සයිට් එකේ දැක්කා නිකොන් D5000  කියල එකක් තියනවා. මට සමහරවිට ඒක මිස් වෙන්නත් ඇති ගිය පාර.කියන විදියටනම් හොදයි වගේ! තකහනියක්ම ෆොටෝ ටෙක්නිකා එකට ගිහින් ඇහුවා බඩු හෑව්ද කියලා! කරුමෙට ඒගොල්ලො ගෙන්නලත් නෑ. ගේන්නලු ඉන්නෙ හැබැයි මාසෙකටත් වඩා යයිලු. ගානත් 1,04 වෙනවා කිව්වා... මමත් තැන්කූ කියල එන්න ආවා! ඊට පස්සෙ මම ආවා පානදුරේ තැනකට. එතනින් ඇහුවම කිව්වා තාම ගෙනල්ලා නෑ, ඕනනම් ගෙනත් දෙන්නම් කියලා, ගානත් ශේප් , 75000 කියලයි කිව්වෙ! ඔන්න තාත්තගෙත් දතක් ගලවලා 75ක් හදා ගත්තා. ඔන්න පෙරුම් පුරල පුරලා 2010-06-12 වෙනිදා නිකොන් D5000 එකක් ගත්තා. අරන් පහුවදාම 21 උපන්දින ඇල්බම් එකක් කරන්නත් ලැබුනා... එදා ඉදලා මගේ ෆොටෝ බර ගානකට විචාර දුන්නෙ අම්මා තමයි. ඔන්න පොඩි එකා SLR එකක හිමිකරුවෙක් උනා! ඔන්න එදා ඉඳන් ගොඩක් දේ කලා මම මගේ කැමරාවෙන් . ෆොටෝග්‍රැෆි විතරක් නෙමෙයි ජීවිතය ගැන පවා මම ඉගනගත්තා, තාමත් ඉගන ගන්නවා......

2011 වෙන්න ඔන්න මෙන්න වගේ තියෙද්දි මටයි මගෙ යාලුවෙක්ටයි ඕනවුනා විධිමත් විදියකට ඡායාරූපකරනය හදාරන්න. කොහ්මහරි තෙවනි ඇස සගරාවෙ තිබිලා අපි දැක්කා හෑගොඩ සර්ගෙ ක්ලාස් එක ගැන විස්තරයක්. පොඩි පොඩි සොයාබැලීම් කතාබහෙන් අනතුරුව දෙන්නම තීරනය කලා ක්ලාස් එකට සෙට් වෙන්න. ඔන්න එහෙනම් මමත් හා හා පුරා කියලා ක්ලාස් යනවා ( මේ ක්ලාස් එකෙන්වත් කෑල්ලක් සෙට් වේවා කියන උතුම් ප්‍රාර්තනාව පෙරදැඩි කරගෙන). රට වටෙන්ම කට්ටිය එනවා. අලුත් යාලුවො බර ගානක්. එක එක පැතිවලට නැඹුරු කට්ටිය. සමහරු කප් ගහපු කට්ටිය වගේම මුකුත් නොදන්න අයත් හිටියා... අපිත් පස්සෙම පේළියෙ හිටියා. එතනදි කැමරාව, ලයිට් වලටත් වඩා දේවල් ඉගනගන්න ලැබුනා.ලාල් හෑගොඩ කියන නිහතමානි විශිෂ්ට ගුරුවරයා යටතේ ඡායාරූප ෂිල්පියකු සතුවිය යුතු ගුණාන්ග පවා ඉගන ගත්තා කිව්වොත් හරි! කැමරාව වගේම එය පසුපස සිටින පුද්ගලයගෙ තිබිය යුතු ගුනාන්ගත් අපි දැනගත්තෙ එතැනදි තමයි. කොහොමහරි ඒ මාස 6 ඉවර වුනා.

ඔය අතරතුරේ ෆේස් බුක් එකේ ෆොටෝ ටෝක් එක එහෙමත් සැළකියයුතු මට්ටමකට මගේ අඩුපාඩු අඩු කරගන්න උදවු උන බව කියන්නම ඕන! ඒ හරහා හමුවුන ඡායාරූප ෂිල්පීන් මෙන්ම හොඳ මිනිසුන්ද බොහෝමයක්  වෙති. ඒ හැමටමත්, නම් වශයෙන් නොකීවාට මාගේ ස්තූතිය ඒ හැමටත්!

ඔන්න ඔහොම තමයි හරි හමන් විදියකට වැඩේ පටන්ගත්තෙ, එදා ඉදන් වටින කියන අය මෙන්ම සමහර පිස්සු ඩයලගේ එක්ක හැප්පෙන්නත් සිදුවුනා. කීයක් හරි හම්බ උනාම අලුත් දෙයක් ගන්නත් මම අමතක කලේ නෑ....
මම මගේ පාඩුවෙ මගේ කැමරාවෙන් ගන්න පුලුවන් උපරිමයත් සමගින් හිමින් හිමින් මගේ ගමන යනවා.....................

10 comments:

  1. හෆ්ෆා සමීර අයියා පෙනුමෙන් වයසයි වගේ පෙනුනට මට වඩා අවුරුද්දයි නේ වැඩිමල් :D
    මේක කියෙව්වම ෆොටෝ ගැන ආසාව තවත් වැඩි වුනා. මටත් මටම කියල කැමරාවක් හම්බුනේ 2006දි(Sony DSC-S60 එකක් ඒත් මගේ කරුමෙට ෆොටෝග්‍රැෆි ඉගෙන ගන්න ෆොටෝ ගහන්න ඕන කියල කිසිම අදහසක් ඔලුවට ආවෙ නෑ ඔහේ ෆොටෝ ගැහුව මිසක්. මං ඒකෙන් වැඩියෙම්ම ගහන්න ඇත්තෙ වලාකුළු. වලාකුලුම විතරක් තියන ෆොටෝ 800ක විතර ඇල්බම් එකක් සීඩී 2ක රයිට් කරලා තියනවා මගෙ ලඟ.
    අයිය වගේ ඉවෙන්ට් නම් කවර් කරන්න ලැබිල නෑ.ඒත් නෑදැයොන්ගෙ ඉවෙන්ට් වලට ගිහින් ගත්තු ෆොටෝ වලිට සල්ලි ගත්ත නම් කැමරාවෙන් සෑහෙන ගානක් හොයන්නත් තිබ්බ කියල හිතෙනව. :D
    මේ ලිපිය වගේම තව ගොඩක් අයගෙ කතා ඇහුවම මට හිතෙනවා මට කැමරාව තිබ්බ කාලෙ මං හරියට ඒකෙන් වැඩක් අරන් නැ කියල.දැන් ඉවෙන්ට් එකකට ගිහින් කාගෙ හරි එකක් ඉල්ලගෙන ගත්තත් ඒකෙ සෙට්ටින්ග්ස් ටික අල්ලගෙන හොඳ ෆොටෝ එකක් ගන්න යද්දි අයිතිකාරයා ආයෙත් කැමරාව ඉල්ලගෙන. :(
    හෑගොඩ සර් ගෙ ක්ලාස් එකට යන්න තියන ආසාවත් ආයෙත් වැඩි වුනා. මේ අවුරුද්ද හෝ ලබන අවුරුද්ද ඇතුලත නම් අනිවාර්යෙන්ම ඒකටත් යනවා යනවමයි කියල හිතාගත්තා.

    ReplyDelete
    Replies
    1. ඊ.... මම නාකියි කිව්වා :'(

      Delete
  2. මම බ්ලොග් අවකාශෙට පය තිබ්බෙ බ්ලොග් ගඩොල් එකෙන්. පස්සෙ ඇවිදින තැන් වල විස්තර දාන්න අර ට්‍රැවල් බ්ලොග්ද මොකක්ද එකකුයි, තව ෆොටෝ දාන්න එකකුයි පටන් ගත්තා. බ්ලොග් ගඩොල් එකේනම් ලගදි ලිපි දැම්මෙම නෑ සිංහල ටයිප් කරන්න කම්මැලි නිසා. මගෙ යාලුවා තමයි ඒක ඇදගෙන යන්නෙ.

    වැඩි කතා ඕනෙ නෑ මචං, බ්ලොග් අවකශය තුල අර්ථවත් යමක් කරන්නටත්, මං වගේ කම්මැලි නැතුව දිගටම ලිපි ලියන්නත් ලැබෙන්න කියලා මං අලුත් වැඩේට සුභ පතනවා!

    -SHAN FX-
    (www.foxzeye.tk)

    ReplyDelete
  3. අප්පාද බොල.. ඔන්න මං අයියැයි බ්ලොගේ හොයාගත්තා (නැති වෙලා තිබ්බයැ..) හා හා ඒකෙන් කමක් නෑ. මේ පෝස්ට් එක ඉවර වෙද්දි 2.12 යි. කොහොමින් කොහොම හරි මේක නම් පට්ටයි ආ..!!! ඔහොම්මම කාට හරි උගන්නන්න එහෙම අදහසක් නැද්ද??

    ReplyDelete
    Replies
    1. :D
      උගන්නන්නනම් ලොකු අදහසක් නෑ.
      ඉගනගන්න කැමතිනම් මම දාලා තියන පෝස්ට් වැදගත් වේවියි හිතනවා!

      Delete
  4. හැදෙන්න හදන කෙනෙක්ට හොඳ _ _ _ _ _ _
    අවවාදයක් කියන්නත් බෑ... ආදර්ශයක් කියන්නත් බෑ... කමක් නෑ.. හොඳ මෙව්වා එකක් කියමුකෝ... ඒ මෙව්වා එක කියවපුහම මටත් මාර මෙව්වා එකක් ආවා ඇඟට... කොටින්ම කිව්වොත් කවද හරි මාත් ඒ තැනට එනවයි කියලා හිතුනා... නිහතමානී අදහස් ටික බොක්කටම වැදුනා අයියේ...

    ReplyDelete
  5. ඒක තමා මාත් කම්පනා කරේ..
    Bridge එකකින් පටන් ගන්න බලන්න ..
    හම්.. ???

    ReplyDelete
  6. සමීර අය්යිගෙ පෝස්ට් වලින් කියවපු පට්ටම පට්ටම පට්ටම පෝස්ට් එක මේක, "අ" යන්නෙ ඉදන් පටන් අරන් ආපු හැටි නියම්‍ර්ට ලියලා තියනවා. දවසක මාත් ලොකූඌඌඌඌඌඌඌඌඌ පොටෝකාරයෙක් වෙලා මේවගේ එකක් ලියනවා

    ReplyDelete