ස්තුතියි ! කියවන එක තමයි ලොකුම හයිය !

Monday, April 23, 2012

සයිබර් සැණකෙලිය

මෙය බක්මහ උලෙල පිලිබඳ විස්තරයක් නොවේ

ඔන්න 2012 අප්‍රේල් 22 වෙනිදා මම තාත්තගෙ බයික් එකත් අරං එළියට බැස්සෙ "සිහින බක්මහ උළෙල"ට සහබාගී වෙන්න හිතාගෙන... කොහොමහරි පාර හොයාගෙන උදේ 9.30 පමණ වෙද්දි මම වැල්ලවත්තෙ කුරේ ග්‍රවුන්ඩ් එකට ගියා...

ඇත්තටම මම එච්චර බ්ලොග් කියවන්නෙත් නෑ... තුනක් විතර තමයි කියවන්නෙත්. කොහොමහරි මම ඇත්තටම මේකට ආවෙ මම ආසම බ්ලොකරුවෙක් වන දුකා අයියවයි, ෆොටෝ ටෝක් එකෙන් හමුවුන Dush අක්කවයි, කොහෙන් අහු උනාද මංදා චතුරිකාවයි මුන ගැහෙන්න හිතාගෙන. ඇත්තටම ගියාට පස්සෙ නොහිතපු තරම් ෆේස්බුක් එකෙන්ම හඳුනගත් මිතුරන් විශාල ගනනක් මුනගැහුනා. මුලින්ම මුනගැහුනෙ - අමිලව. එයාම තමයි මගෙත් එක්ක කතාකලෙත්. ඊට පස්සෙ බැට් මෑන්, ෂර්ලික්, ස්කුබි ඩූ වගේම ගෑනු ලමයින්ව වටකරන් හිටපු හසිත්ව ( ඊරිසියාවට කියන කතා ) නජාඩ් අක්‍රම්, ශිරෝශි, අනේ මංදා තව බර සෙට් එකක් වගේම අවුරුදකටත් වඩා "මම බ්ලොග් ලියන්නෑ සමීර අයියේ"කිය කියා මට පච කෙලමින් සිටි "පිසාචයා"වද, සුපුරුදුලෙසම ජේ.ඩී සහ ශානිඇතුලු බොහෝ පිරිසක් එහිදී හමුවෙන්න පුළුවන් උනා.

කොහොමහරි ජාතික ගීය කියල , කනා මුට්ටිය බිඳලා, බනිස් කනවත් එක්කම මම පිසාචයා එක්කම නුගේගොඩ ගියේ වෙනත් යාලුවෙක්ට කැමරාවක් ගැනීමට මාගේ උදව් බලාපොරොත්තුවූ නිසා සහ පිසාචයාටද DSLR එකක් බැලීමට අවැසිවූ නිසාවෙනි. තව සතියක් ඇතුලත නිකොන් ඩී5100 එකක් ගන්නා බව පිසාචයා තරයේ ප්‍රකාශකරන ලදි. ඔන්න එතකොට අල්ලගනින් ඕකව.

නුගේගොඩ ගිහින් අරගොල්ලන්ට කැමරාවකුත් අරං, ආපහු පිසාචයා සමග පැමිනෙනවිට කට්ටිය කඹ අදින්නට සූදානම් වෙලා. ඉතින් ඒකෙත් ෆොටෝ අරං තොප්පි දාගන්නවත් බලං ඉඳලා අවුරුදු කුමර කුමරියන්වත් තෝරලා වැඩ ඉවර උනාට පස්සෙ මම ගෙදර එන්න පිටත් උනා.

ඇත්තටම මම දැනන් හිටියෙ නෑ ලංකාවෙ මෙච්චර කට්ටියක් බ්ලොග් ලියනවද කියලා. කොහොමත් කෙල්ලො ලියන ඒවනම් කියවන්නෑ කියල හිතාගත්තෙ Dushගෙ බ්ලොග් එක කියව්වට පස්සෙයි...
බොහොම වටිනා උත්සහයක්බව අනිවා කියන්න ඕන.

අනුන් වෙනුවෙන් හර්දයාන්ගමව යමක් කරලා සතුටුවෙන්න පුළුවන් අය බොහොම සුළුතරයක් තමයි ඉන්නෙ. ඊයෙ හිටපු කට්ටියගෙ මුහුනුවල ඒ සතුට සිත්තම්වෙලා තියනවා මම දැක්කා. දැන් මමත් ඒ පවුලෙ කෙනෙක්ද මංදා :D
ජය වේවා!

අතරින්පතර මම ගත්ත ෆොටෝ බලන්න ඕනනම් Click කරන්න ( fb album ) ෆොටෝ දැක්ක වෙලාවෙ ඉඳන්ම රික්වෙස්ට් දාපු තිස්ගනනක් දෙනාට වගේ බ්ලොග් එක පටන්ගත්ත වෙලේ ඉඳලම ඇවිල්ලා බලලා ගිය හාරසිය ගනනකට බොහොම ස්තූතියි!


9 comments:

  1. සුබපැතුම් අයියේ... දිගටම ලියන්න...

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. දැන් ඔන්න දිගටම ලියමූ ඈ.... උඹටත් මඩක් ගහන්න යන්නෙ හෙට උදේට විතර ඔය යට තියෙන ලිංකුව පැත්තට ඇවිත් බලපං ඈ... උත්සවේදිනං කතාකරන්න බැරි උනා මයෙ හිතේ... පස්සෙ සෙට් වෙමුකො...!!!

      Delete
    2. කෝ ලින්කුවක්...
      මඩ මට පුරුදුයි, මම ගොවියනේ....

      Delete
  3. අදයි මම මේ පැත්තට ගොඩ උනේ.. දිගටම ලියමු...

    ReplyDelete
  4. ප්‍රසාන්.....April 24, 2012 at 10:58 AM

    පොඩි මෑන්....දිගටම ලියමු හොදේ........

    ReplyDelete
  5. අඩේ එන්න බැරි වෙච්ච එකේ පාඩුව දැන් තමයි හොඳට දැනෙන්නේ ..............ලියමු ලියමු දිගටම

    ReplyDelete
  6. මමත් අදමයි මේ පැත්තෙ ආවෙ..
    එහෙනම් "අයුබෝවන්" කිව්වා....
    දිගටම ලියමු....

    ජයවේවා..!!!

    ReplyDelete