ස්තුතියි ! කියවන එක තමයි ලොකුම හයිය !

Thursday, April 26, 2012

අවාසනාවට ඇත්ත කතාවක්

ඔන්න මම ලියන්න යන්නෙ මගේ සුපුරුදු ගොං කම නිසා හෙවත් සත්ත්ව කරුණාව නිසා දාගත්ත තවත් ලෙඩක් ගැන. ලෙඩක් වෙන තත්වෙට බරපතල උනේනම් නෑ. අම්මපා කට හොඳ නැති මගේ කටම අවුස්සගන්න මුන්ට තියන ඇම්ම ගැන තමයි තාම හිතාගන්න බැරි. මේක පටිරෝල් කතාවක්, ලියාගෙන යද්දි කොහොම වචන භාවිතා වෙයිද කියන්න බෑ. ඒ නිසා ලපයි සිපයි චීත්ත කෑලි මෙතනින් එහාට නොයා ඉන්නවා හොඳා..........

එදා හරිම අන්දකාර දවසක්, අඳුරු වෙච්ච අහසෙ වැහි වළාකුලු ඇඳීගියෙත් මලකඩකාපු ගේට්ටුවක් තල්ලු කරනව වගේ ... ඒ වලාකුලු කීරිගාන සද්දය මගේ කන් දෙකට නැතත් හිතට ඇහුනා. මමත් දුවලා ගිහින් වැලේ වනලා තිබුනු ජොක්කු ටික ගෙට ගෙනත් දැම්මෙ තෙත ඒවා ඇඳන් වැඩට යද්දි හිරිකිත නිසා. තද සුළගට එකින් එක ඇතිල්ලෙන පොල් ගස් මට මතක්කරලා දුන්නෙ ස්කූල් බස් එකේදි අපේ සහෝදර පාසලේ ශිෂ්‍යයො OLV කෙල්ලන්ට ජැක ගහන දර්ශනයක්. අල්ලපු වත්තෙ තිබුන බට් කරපු අඹගහේ අඹ ගෙඩියක් වැහි බින්දු එක්ක හෙමින් ඇවිල්ලා මගේ බෙල්ලෙ වැදුනම මට මොනා හිතුනදනම් අහන්න එපා... අහසටම හිටියෙ වවුලොයි බස්සොයි විතරයි.. ඒත් කොහේදෝ ඉඳන් නිශ්ශබ්දතාවේ බිඳපු ජී.පී.එස්. නැති කොහාටත් නිදිපෙත්තක් දෙන්න පුළුවන්නම් කියල මට හිතුනේ අවුරුද්දෙ කෑලිවත් දැන් නැති නිසා වෙන්නැති. ඈතින් ඇහුනු මුහුදේ ගෝශාවයි හුලගේ හීන් සද්දෙයි මාව හිටගෙනත් නිදිකරන්න තරම් සානුකම්පිත උනා. ඔන්න ඔය වෙලාවෙ තමයි මගේ ජංගමය සිහින් හඩකින් මුමුනන්න ගත්තෙ. මම ආපසු හැරෙනවාත් සමගම මායිමේ තිබූ කනාටු ගස් අත්තක මගේ කමිසයේ කොලරය ඇමිනුනා.........
මේ මොන මගුලක්ද ලියල තියෙන්නෙ, හුටා මම සොසීගෙ බ්ලොග් එක කියෝ කියෝනෙ හිටියෙ, ඒක වෙන්නැති. ආපහු මාතෘකාවට!

ඔන්න එක ගෝතයෙක් මට කෝල් කලා. ඌ ෆේස්බුක් එකේ පෙන්නන විදියට 1986 ඉපදිච්ච ජයවර්දනපුර කැම්පස් එකට යන, කළමනාකරණය මොකක්ද උපාධියක් සහ අපරාද විද්‍යාව කරන පොරක්. ඊට අමතරව මූ සින්දුත් ලියනවලු. ඔය එක එක ගායකයොත් එක්ක ගත්ත ෆොටෝ එහෙමත් මුගෙ ප්‍රොෆයිල් එකේ තියනවා, ඒ සින්දුත් ඉඳ හිට දානවා. ලිස්ට් එකෙත් දෙදහස් ගානක් ඉන්න එකෙක්. මේ මුස්පේන්තුවා එක වතාවකුත් මේ උදව්වම මගෙන් ඉල්ලලා තියනවා. "මචන් කැම්පස් එකේ වැඩකට ගිහිල්ලා ගෙදර යද්දි පරක්කු උනා, දැන් බස් නෑ, මට උඹලගෙ ගෙදර ඉන්න පුළුවන්ද?" මමත් මගේ ඔලුවෙ තියන Expeed 1988 ප්‍රොසෙසර් එකට දාලා තියන මෙගාපික්සල් ඔක්කොම දාලා සෙන්සරේට බරදීලා හිතලා බලලා කිව්වා "හා, වරෙන් අයියෙ" කියලා. බයවෙන්න දෙයක් නේනේ, අවුරුදු 3 කරාටි කරපු තාත්තෙක් ඉඳිද්දි :) ඔන්න ගස් බල්ලා ආවා. අතරමගට මට කෝල් 20වත් දෙන්න ඇති පාර අහන්න. අම්මපා මේ බූරුවො පාඩම් මතකතියාගන්නෙ කොහොමද මංදා.

ඇවිල්ලා ආගිය තොරතුරු ටිකකුත් කතාකලායින් පස්සෙ මම මිනිහට තුවායකුත් දීලා, ඕනනම් මූණකට හෝදගන්න කිව්ව, එතකොට මූ මගෙන් කලිසමකුයි ටීශර්ට් එකකුයි ඉල්ලුවා. ඒකත් දුන්නා. ඊට පස්සෙ මේකා මූනකට හෝදන් ඇවිල්ලා මොනාදෝ කුරුටුගාන්න ගත්තා. ඔන්න දැන් තමයි සෝචනීය මෙව්වා එක පටන්ගත්තෙ. තාත්තා ලෑස්තිවෙනවා මොණරාගල යන්න. කමක්නෑ කියමුකො, තාත්තවත් බස් හෝල්ට් එකට දාලා ආවා. දැන් මූට කන්න ඕනලු. ඉදිආප්ප වගයක් අරං ආවා කියලා හොදි මොනාහරි ඉල්ලුව. ඒකත් දුන්නා. කාලත් ඉවරයි.

ඊට පස්සෙ මූ කාමරේට ඇවිල්ලා මගෙත් එක්ක කියව කියව ඉඳලා , වෙන මොනා ගැන කියවන්නද අප්පා කැමරාවයි මමයි, මමයි කැමරාවයි තමයි. ඌගෙ සින්දු ගැනයි කියවලා මේකට නිදාගන්න කාමරයක් හදලා දුන්නා.

මූ නිදාගන්න ගියාට පස්සෙ තමයි වැඩේ පටන්ගත්තෙ. මෙන්න මේකා මට කෝල් කරනව. මම කට් කරලා ඒ කාමරේ දොර ගාවට ගිහින් "ඇයි" ඇහුවා. "වැරදිලා"කියලා ඌ කිව්වා. ටික වෙලාවකින් ආපහු. ආයෙත් කට් කරල ගිහින් "ඇයි"ඇහුවා. "පොරවගන්න රෙද්දක් නැද්ද" ඇහුවා. මම "නෑ, ඇයි සීතද?"කියල ඇහුවා. එතකොට "නෑ.. නිකන්, එක්කො ඕන නෑ"කිව්වා. ඔන්න ආපහු, යකෝ මටත් තද වෙනවා මොන හු*** කියාගෙන ගිහින් සද්දෙ වැඩි කරලා "ඇයි" ඇහුවා. මූ අහනවා "දැන් තාත්තා අද එන්නැද්ද "කියලා. මම "නෑ" කිව්වා. එතකොටනම් මට තේරුනා එන පොට හොඳ නෑ කියලා. මූ කෙකර ගාලා ගාලා "මේ... යමක් කියන්න තියනවා...... මම මැසේජ් එකක් එවන්නද?"කියලා ඇහුවා. දැන්නම් මම දැනගත්තා බඩු පැකට් තමයි කියලා.

ඌ- "machan, galak kapamuda?"
මම-"Thowa kanen adala eliyata danna onanam thawa katha karapan"
ඌ-"Sorry machan, nikan ahuwe"
      "sorry"

මට දැන් මකාගෙ යලක්. අම්මට **** මේ වේස ***ට මමත් රැවටුනානෙ කියලා. දැන් මට නිකන් නිදාගන්නත් බෑ වගේ. මේකා මොන ****ට හරි ආවොත්. අනික මගේ කාමරේ දොර තිබුනට අගුල නෑ. හරි නිදාගත්තයි කියමුකො. මේ යකා ගෙදර තියන මොනාහරි අතගාගෙන ගියොත්. දැන්නම් මටත් දෙලෝ රත්වෙලා. සින්දුවකුත් මතක් උනා "අද රෑ එච්චර කලුවර නෑ...." සින්දු මතක් වෙන්නෙත් හැමිනෙන එව්වා අම්මපා කියලා මම කරන්න දෙයක් හිතුවා. ඇඳ යට කෞතුක වස්තුවක් ලෙස සංරක්ශනය කරපු ගල් බෝතලේ මතක් උනා. ඒක මට ලැබුනෙ මම කරපු වෙඩිමක මනමාලයගෙන්, නොබොන නිසා මම හිතුවා සංරක්ශනය කරන්න. එතකොට මතට තිත තිබ්බම බර ගානකට විකුනන්න හරි පුළුවන් වෙයිනේ. කොහොමද මයිලෝ මොලේ? හෑ... කොහොමහරි ඒකත් ඇඳ යටින් අරං ආත්මාරස්සාවට ලග තියාගත්තා. . දෙන්න ගල් විසිවෙන්න ආවොත් කියලා. ඒත් එක්කම ඉස්කුරුප්පු නියනකුත්. කොහොමද දැන් එලිවෙනකම් ඇහැරං ඉන්නෙ? ඇරියා ෆ්රිජ් එක ( මේ මේ, අපේ ගෙදර ලොකු ෆ්රිජ් එකක් තීනවා. ලොල්)  තියනවා මයිලෝ 2, කිරි පැකට් තුනයි. ගත්තා මයිලෝ එකයි කිරි පැකට් දෙකකුයි. ගත්තා. ස්කුබියා ඉර උඩ. මම ඌටත් කිව්වා. ඌනම් කිව්වෙ "මමත් කොල්ලො ගහලා තියනවා, හරි ආතල් ඒවා මේවා........." මම කිව්වා ආවොත් මමත් ගහනව ගල් බෝතලෙන් ඔලුව කුඩු වෙන්න කියලා. කොහොමහරි ස්කුබියා ඌට ඕනටික අරං ඇල්බම් එකකුත් දාලා මට මඩ ගහන්න පටන් ගත්තා මහ රෑම. කොහොමහරි ඌත් ගියා රෑ 2 විතර. ඔන්න උගේ ඇල්බම් එකට ලයික් වැටෙන්න ගන්නවා. මම කොහොමහරි එක එක්කෙනා එක්ක රෑ 3.30 වගේ වෙනකම් චැට් කරකර ඉඳලා දන්න කියන එවුන් එකෙක්වත් නැති තැන මිශන් ඉම්පොසිබල්-4, රියල් ස්ටීල් දාගෙන හිටියා.

ඔන්න පාන්දර 5.30 වෙද්දි මූ නැගිටලා නාන කමරේට ගිහින් රෙදිත් හෝදලා , ලෑස්තිත් වෙලා 6.00 විතර වෙද්දි යන්නම් කිව්වා. ඇති යනතම්. මමත් නිකන් බබා පාට් එකේ හංගලා තිබ්බ යතුර අරං දොර ගේට්ටුව ඇරලා ඌව එලියට දාලා ඇවිත් නිදාගත්තා........ මහ වෙලාවක් යන්න ලැබුන්නෑ ශානි මදූ කතාකරල @#$$% කියවන්න ගත්තා. මමත් ඒකිට නිදිමරගාතෙ මොනා කිව්වද කියලා ඒකි තමා දන්නෙ. :P

හෆෝයි මටත් වෙච්ච දෙයක්................ කමක් නෑ.... මම තාමත් වර්ජින් නේ කියලා හිත හදාගත්තා :)

ප.ළි - එක්කො ඕන්නෑ !@##$^&&(()-'][./,/*-
ප.ළි-2 - ස්කූබියා අරම කිව්වෙ නෑ හොඳේ

25 comments:

  1. ඇ පුතේ අපරාදෙ චෑන්ස් එක නේ

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් අපරාදෙ මට ඕකගෙ නම දාන්න හිතුන්නැති එක.

      Delete
  2. tawamath chance1ka tiyenawa,nama liyana ekai atte..:P

    ReplyDelete
  3. අහක යන නයි රේද්ද අස්සේ දාගෙන කනවෝ කනවෝ කියලා කැගැහුවට වැඩක් නැ මචං

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි...
      මයි ගොං කම! :)

      Delete
  4. එ පාර මූ මගේ රෙදි ගලවලානේ....මම ගල් ගහන්නේ නෑ ඔයි..මම කිවුවේ මම මයිලො බොනවා කියලා..:p

    ReplyDelete
  5. ප්‍රසිද්ධියේ අමු කුණුහරුප ලියන එකට නම් මම පෞද්ගලිකව විරුද්ධයි මලේ....... තමන්ගේ අදහස ප්‍රකාශ කරන්න ඔයිට වැඩිය ක්‍රම තියනවා මම හිතන විදියට... ඒ මගේ අදහසනේ....

    ඔයාගේ බ්ලොගේ.. ඔයාට කැමති දෙයක් ලියන්න පුලුවන්... අකමැති අයට නොබලා ඉන්න පුලුවන්....

    අනේ මන්දා.....

    කොහොම නමුත් මේ වගේ එව්වන්ගෙන් පරිස්සම් වෙලා ඉන්න එක නම් හොඳයි....

    ReplyDelete
    Replies
    1. එහෙනම් එඩිට් කරලා *** දාන්නම්

      Delete
  6. කව්ද අෆ්ෆේ ඔය ලපටි සිමා..
    ඕකාගේ... අලේ මන්දා..

    ReplyDelete
  7. හොඳ වැඩේ කොල්ලයි බල්ලයී හැම එකාම ගේ අස්සෙ දාගන්නවට

    ReplyDelete
    Replies
    1. අම්මපා.....
      ආපහුනම් ගෙදරට එන පාරවත් කියන්නෑ එකෙක්ටවත්

      Delete
  8. මාර සීන් එකක්නේ වෙන්න ගිහින් තියෙන්නේ...........

    ReplyDelete
  9. කියපන්කෝ බලන්න ඔය මොකාද කියලා...? අපේ බුකියෙත් ඉන්නවද දන් නෑ..

    ReplyDelete
  10. අනේ මන්ද බං..උඹත් ඉඳල ඉඳල ගෙදට්ට වද්ද ගන්නෙම ඔය ජාතියේ නපුංසකයොනෙ...ගහල පන්නන්න එපැයි උට..

    ReplyDelete
  11. අර ගල් බෝතලේ තාම තියෙනවද මල්ලි..?
    _සෞම්‍ය

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්, ඒක කෞතුක භාන්ඩයක් ලෙස සංරක්ශනය කලා

      Delete
  12. හත්වළාමයි..............!!!

    ReplyDelete
  13. හපූයි...!! මං මෙව්වා බලන්නේ දැන්...නූලෙන් නොවැයි බේරිලා තියෙන්නේ....:P :P

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.... කොහොමහරි රෙදි ඇඳන් බේරුනා. මම තමයි දන්නෙ එදා කොහොම බොක්ක කූල් වෙලා හිටියද කියන එක!

      Delete