ස්තුතියි ! කියවන එක තමයි ලොකුම හයිය !

Monday, April 23, 2012

මැජික් නොවේ

ඕනෑම දෙයක් මුලදි මැජික් වී පසුව කුකුලාගේ කරමලේ තත්වයට පත්වේ! තාක්ෂනයේ දියුනුව හා තොරතුරු ලබා ගැනීමේ පහසුවත් සමග අදවනවිට ඩිජිටල් කැමරාව සහ ඡායාරූපකරණය බොහෝ අය පරිහරණය කරන උපකරණයක් වී හමාරය. ආධුනිකයන් අතින් පවා අගනා නිර්මාන බිහිවන්නාසේම ,ප්‍රොෆෙශනල්යයි කියාගන්නා අය 5D mk2 මගින් ගත් point n shoot වගේ ඡායාරූපද අපිට අද දකින්නට පුලුවන් වේ! ජන්ගම දුරකතනයකට පවා කැමරාවක් එබීම මගින් පාසැල් සිසුවෙකුට උවද ඩිජිටල් කැමරාවක ඇති සමහර අංගයන් පිලිබඳව දල අදහසක් වේලස්සනින්ම් ලබාගත හැකි මට්ටමකට පැමින ඇත්තේ ජංගම දුරකතන කැමරාවල පවා දැන් දැන් Exposure metering, Panorama, White Balence, ISO වැනි අංගයන් මෙන්ම Red Eye Reduction වැනි සෙටින්ග්ස් ලබා දී ඇති හෙයිනි. දැන් දැන් Photoshop වැනි සංකීර්න මෲදුකාංග වෙනුවට Online photo editing පවා ඇති වෙබ් අඩවි බිහිවී ඇත.

එසේ ගත්කල ඡායාරූපකරනය සහ කැමරාව යනු තවදුරටත් මාර ගැජට් එකක් නොවන අතර ඡායාරූපයක් ගැනීම හා මුද්‍රණය මාර සීන් එකක් නොවනු ඇත!

දැන් දැන් කොළබ අවට මංගල උත්සවයකට ගියත් SLR කැමරා 3 වත් ආරාදිතයන් අතර තිබෙනවා දැකගත හැක. ඔවුන්ද සමහරවිට flashඑක bounce කර Manual modeදමා ෆොටෝ ගනී. සමහර විට ඒවා ඡායාරූප ශිල්පියා කියාගන්නා පොරටත් වඩා හොඳය! දැන් දැන් අපේ රටේ සිරියාවතීලද සාක්කුවේ ඔබන් යන compact කැමරාව අතහැර Manual control ඇති කැමරාවෙත පියමන් කරන්නේ සමහරවිට එහි ඇති නිදහස හා ගුණාත්මක බාවය ඔවුනට වැටහෙනු නිසා වනු ඇත. සමහරුන් දැන් ගෙදර පාවිච්චියට ගන්නෙත් entry level SLR වෙයි! ඒ අස්සෙ දර්පනේ හැලුනු චුට්ටි කැමරාද APS-C සෙන්සර් සමග වෙළඳපළෑට ඇවිත්ය. ගේමක් නැතිව 12-18 එකක් ප්‍රින්ට් කරගත හැක! තව දුරටත් මැජික් නැත.... ඡායාරූප සම්බන්ද ඕනෑම උපකරනයක් ඕනෑම කෙනෙකුට නුගේගොඩින් හෝ කොළබින් මිළදීගත හැක.

සමහරවිට නුදුරේදිම වෙඩින් ෆොටෝගැෆර්ටත් බඩේ පහර වදීදැයි කියනු බැරිය! මිතුරන් විසින් SLR ගෙනෙනාකල , අනාරාධිතවම මුලු උත්සවයම ආවරනය කරනාවිට ඔවුන්ගේ ෆොටෝ ටික එක්කරගතහොත් හොඳවයින් ඇල්බම් එකක් හදාගත හැකිවනු ඇත. එහෙයින් අනාගතයේදී ඡායාරූප ශිල්පියා සුපිරි පොරක් වනු මිසක ඔහුට බඩ වියත රැක ගත නොහැකි වනු ඇත!
වෙළාවට අපේ තාත්තාට වඩු මඩුවක් ඇත!

එහෙනම් අපි Photography ගැන කතා කරමු.........

5 comments:

  1. හයියූ.......හික් හික්......:)

    ReplyDelete
  2. එච්චර හිතන්න එපා..කොහොම කවුරු ලීබඩු ෂොප්ස් දැම්මත් තාම වඩු මඩුත් තියෙනවා.ඔය ෆොටෝ එකතු කරලා ඇල්බම් හදනවට වඩා ලේසියෙන් ෆොටෝග්‍රැෆර් කෙනෙක්ට වැඩේ කරතෑකි

    ReplyDelete
  3. "අනාගතයේදී ඡායාරූප ශිල්පියා සුපිරි පොරක් වනු මිසක ඔහුට බඩ වියත රැක ගත නොහැකි වනු ඇත!
    වෙළාවට අපේ තාත්තාට වඩු මඩුවක් ඇත!"
    පට්ට කතාව..!!!

    ReplyDelete