ස්තුතියි ! කියවන එක තමයි ලොකුම හයිය !

Monday, April 23, 2012

ජීවිතයෙන් එක දවසක්

උදේ පාන්දර 10 විතර නැගිටලා බලද්දි බයිසිකලයෙ හුලන් නෑ. තුන්සක රියකින් දිවුවා ඉස්කෝලෙට. ( යුනිෆෝර්ම් ගහලා නෙමෙයි ). අපේ ශිෂ්‍ය බටයොන්ට ෆොටෝ වගයක් ඕන වෙලා. කොහෙද ඉතින් මේ බටයා ආවෙ 11.00 ට. එතකම් මම සික්කගෙ ඔෆිස් එක ගාව තියන පුටුවක වාඩි වෙලා ෆේස් බුකියෙ තොරතුරු විමසමින් උන්නා. ටික වෙලාවක් යද්දී මගේ කනක් නෑ වගේ ලමයින්ව ගන්න ආපු අම්මලගෙ කච කච වලට. මමත් කන් දීගෙන හිටියා ඉන්ටරෙස්ටින් අත් වැඩක් ගැන කියවපු දෙන්නෙක්ට. කොහොමහරි වැදගත් ආරන්චියක් කන හරහා ගියා.... ශුවර් නෑනෙ කිව්වෙ ගෑනු පරානයක් නිසා, මම ඉක්මනට බුකිය මිනිමයිස් කරලා ගූගල් දෙයියව ඇමතුවා. අප්පට සිරි "ඇත්ත නොවෑ!" අද මරිය තුමියගෙ B'day හෙවත් නය මංගල්ල දිනයක්! ඔච්චර නොටිෆිකේශන් එවන මේ සකර්බරගයට ඕක එවන්න කල්පනාවක් නෑනෙ කියලා මම වරද ඌට පටවලා ආපහු බුකියට ආවා..... ඔන්න 11.00 බටයා ඇවිත් කිව්වා "සමීර අයියා චුට්ටක් ඉන්න මම ඉක්මනට එන්නම්" කියලා. හා.. මමත් හිටියා. 11.34 උනා, ඔන්න පොර මට කතා කලා. "අයියා මාර වැඩේනේ, ෆාදර් බනිනව දැන් ගන්න එපා කියලා. ඔයාට 2 එන්න පුලුවන්ද? " මමත් ඉතින් ඔලුව වනයි හා හා කියලා! මම ආපහු පිටත් උනා......

ඔන්න කාලෙකට පස්සෙ මගදි යාලුවෙක් හම්බුනා . එහෙම කිව්වට අහබුවක්ම නෙමෙයි! ඔන්න මම ආපහු පාසල බලා පොර එක්ක. අප්පා ඉස්සර දවස ගානෙ දකින එකා මාසෙකින් දැක්කමත් හෙන කාලයක් නේ? මිනිහට කෑල්ලක් සෙට් වෙලා. ඒකනම් ටිකක් පරණ නිවුස් එකක්. අපි දෙන්න ඔන්න පාර පනිනවා, ස්කූල් වෑන් එකක ගිය පට්ට කෑල්ලක් අපේ දිහා බලාගෙන ගියා.... මම ඇහුවා "මචන් අරකි බලන් ගියේ උඹේ දිහාද , මගේ දිහාද කියලා.?" පොර කිව්වා "දැන්නම් මචන් බලන්නෙ උඹේ දිහා "කියලා. මම ඇහුවා ඇයි කියලා.. "මට දැන් කෙල්ලෙක් ඉන්නවනේ!" පොර කිව්වා විතරයි මම මෝඩ කම ප්‍රදර්ශනේ කලා "ඇයි යකෝ ඒක උබේ නලලේ කොටල තියනවයෑ?" මම ඇහුවා. ඊට පස්සෙ මම ඇදගෙන නාපු විදිය ඕන නෑනේ......... හරි ඉතින් ඒ වැඩෙත් ඉවරයි......

මම ආපහු 2 වෙද්දි ඉස්කෝලේ.. ඒ ෆොටෝ ටිකත් අරන් ඉක්මනට ගෙදර දුවලා සයිස් කරලා ප්‍රින්ට් කරලා අදාල පුද්ගලයට දීලා දත් ගලවලා ඉවර වෙද්දි රෑ 7.30... දවසම එහෙට මෙහෙට ගිහින් දැන් හොඳ ගනන්.. මම ඔන්න ගෙදර බලා...

දැන් තමයි ඇත්තටම මේ නෝට් එක පටන් ගන්නේ. මම ඔන්න බස් ස්ටැන්ඩ් එකට යනවා. ඇවිද්ද පය දහස් වටී නොවෑ, ඒකයි. ඔන්න මම බස් ස්ටැන්ඩ් එක කිට්ටුව. සීමිත නැවතුම් බස් එකක් නවත්තලා. ඒකෙ පිටිපස්සෙ සෙනග පිරිලා. "මරණයක්"! ඔන්න ඔහොමයි මගෙ හිතට ආවෙ. වාසනාවකට නෑ, හැමෝම හොඳින්. දුර ගමන් බස් කාරයෙක් , වැඩ ඇරිල යන තරුන ජෝඩුවක් ගිය කාරයකට ලාවට කිස් එකක් දීලා. ඒ මදිවට බස් එකේම එවුන් කාර් එකේ පොරට සද්ද දාන්න පටන් අරන්. පොලීසියෙ එකෙක් ඇවිත් කට්ටියව ආපහු බස් එකට යවනවා. කාර් එකේ පොරට මළ පැනලා මොනවදෝ කිය කියා කෑ ගහනවා. නමුත් ඒකෙන් අසරණ වෙලා හිටියෙ අර කෙල්ල (wife වෙන්නැති) එයාගෙ අතේ එල්ලිලා එයාව වලක්වන්න යනවා, මොනවදෝ කියනවා! මමත් ඉක්මනට ඇස් දෙකට කන්වර්ටර් එකක් දාල ක්ලෝසප් ටිකක් ගත්තා. මොන අර මනුස්සයා හෙල්ලෙන්නෙවත් නෑ කෙල්ලගෙ දැගලිල්ලට, නිකන් අර මහාමේරු පර්වතය කියන අයිටම් එක වගේ. ඊටත් වඩා හැමෝටම වඩා අසරණ වුන ගතියක් ඒ කෙල්ලගෙ මුහුනෙ තිබුනා! සමහර විට ආදරය නිසා ඇතිවුන බිය නිසා වෙන්න ඇති! මට ඒ මුහුනෙ හොඳ හුරු පුරුදු ගතියක් දැනුනා. මොකද කියනවනම් ඔය මුහුණ වගේම එකක් අගෝස්තු 7 වෙනිදා දැකපු නිසා වෙන්න ඇති! ඇත්තටම ඒ මනුස්සයට ඒ කෙල්ල ගැන දැනුනෙවත් නෑ වගේ. . . ඒ කෙල්ලගෙ මුහුනෙන් දිගටම ඒ බිය+ලැජ්ජාව වගේ එක තිබුනා. මමත් ඔය දිහාම විනාඩි දෙකක් විතර බලා උන්නා. ඊට පස්සෙ මට පාංද ඕකගෙ මරුටිය කියල මම එන්න ආවා!

ඔන්න මම බස් ස්ටෑන්ඩ් එකේ! හැබැයි තාම බස් එකක් නෑ. හැබැයි බස් එක එනකම් මිනිස්සු බලන් ඉන්නවා. ඔය අතරෙ එක කෙල්ලෙකුත් ඉන්නවා. කෙට්ටුයි, හැබැයි ශේප්... මම ටික වෙලාවක් එයා දිහා බලාගෙන හිටියා . මුලින්ම කන්ට්‍රෝල් ආර් ගැහුවා, ඊට පස්සෙ කන්ට්‍රෝල් ටී ගහලා බලන් හිටියා. ඔන්න කෙල්ලත් මගෙ දිහා බැලුවා. දැන් ඇස් දෙකට ඇස් දෙක මීට් වෙලා! ෆට්ට....
තාම කෙල්ලට ශුවර් නෑ මම බලන් ඉන්නේ එයා දිහාද කියන එක. හරි දැන් ශුවර්.... මම මාර ආසයි මේ සෙල්ලමට. දැන් දෙන්නට දෙන්නා බලාගෙන. බලමුකො මුලින්ම අහක බලන්නෙ කවුද කියලා! ! ! හුරේ මම දිනුම්.. කෙල්ල අහක බලා ගත්තා. තාම කෙල්ලට ශුවර් නෑ වගේ. හිටපු ගමන් ආපහු බලනවා, මමත් බලාගෙන , ඔහොම වට දෙක තුනක් ගියා. කෙල්ල නිකන් දැන් අනේ මන්දා වගේ. ආපහු බලනවා... මමත් ඔහේ බලන් ඉන්නවා! මළ වාතේ ආපු බස් එකකුත් නෑ.ව්නාඩි 15 විතර ගියත් එක්ක. මම එතනිනුත් එන්න ආවා!

පාර දිගට තවනම් මහ දේවල් නෑ. බීලා වැටුන බේබද්දෙකුයි. . . ලස්සන බලු පැටියෙකුයි..... පෙට්ටි කඩ කාරයෙක් Broken angel දාගෙන. අනේ යකෝ "එදා මෙදා තුර " අහපන්කො තේරෙන සින්හලෙන්, ඉවරයිනෙ කතාව! මොකක් උනත් මේ මට විතරක් පෙනෙන දේවල් නෙමෙයි. ඇස් කන් ඇරන් පාරෙ තොටේ ගියොත් ඕනම කෙනෙක්ට මේ රස කතා හම්බවෙයි! ශුවර්! රන් දෙපැයක් ඕන නෑ ජීවිතයක් ලස්සන වෙන්න. ලැබෙන තප්ප්පරේදි ජීවිතය විඳින්න. එතකොට හරි!

ජයවේවා...

4 comments:

  1. හෑ :o camera ගැන කියන්න ආවට මේකේ තියෙන්නේ වෙන මුනා ද නේ :o

    හැබයි මරු කතාව..

    ReplyDelete