ස්තුතියි ! කියවන එක තමයි ලොකුම හයිය !

Friday, August 15, 2014

එක අලියයි හෙන්ඩු ගොඩයි

කැමරාවක් ගන්න ගොඩක් අය තාමත් හරියට දන්නෙ නෑ කැමරාවෙන් ගන්න පුලුවන් ප්‍රයෝජනය ගැන. මම දන්නවද කියලවත් මම දන්නෙ නෑ. එ නිසා හිතුව දන්න දේවල් ටිකක් කියල දෙන්න. ඉස්සල්ලා කියන්නම් එහෙනම් කැමරාව ගන්නවත් එක්ක ගන්න ඕන මොනවද කියලා.
කැමරාව එක්ක ගන්න ඕන දේවල් කොටස් කිහිපයකට බෙදන්න පුලුවන් වගේ මට පේනවා . එහෙනම් බෙදමු .
1. කැමරාව සමග භාවිතා කරන උපකරණ
2. කැමරාවෙ ආරක්ශාව සදහා අවශ්‍ය උපකරණ
3. අමතර උපාන්ග
   එහෙනම් කතාව විස්තරාත්මකව පටන්ගමු.
කැමරාව එක්කම පාවිච්චිකරන කොටස් මොනව. කැමරාවට නැතුවම බැරි දේවල් තියනවද ?

1. Memory card
සාමන්‍යයෙන් කැමරාවක් එක්ක මෙමරි කාඩ් එකක් එන්නෙ නෑ. නමුත් කැමරාවකින් ගන්න ෆොටෝ සේව් වෙන්න මෙමරි එකක් ඕන කරනවා. ඒ නිසා මෙමරි එකක් කොහොමත් ඕන කැමරාවත් එක්ක. කැමරාව අනුව මෙමරි ආඩ් එකේ වර්ගයත් වෙනස් වෙනවා. ඒක තමන් ගන කැමරාව ගැන මුලිකව කරන සොයාබැලීම්වලින් දැනගන්න පුලුවන්. ඒ වගේම තමයි මෙමරි එකෙ තියන දත්ත ගබඩාවන වේගය අනුව මෙමරි එකේ ප්‍රයෝජනය වැඩි වෙනවා. මෙම වේගයන් කාඩ් එකෙ සටහන් කරල තියනවා class එකක් ලෙස . අද තිබෙන කාඩ් class 4 , class 6 , class 10 විදියට වෙන් කරන්න පුලුවන්. මෙම class අගය වැඩිවන තරමට කාඩ් පතෙහි දත්ත ගමන්කරන වේගය වැඩිවෙනවා. අද පවතින class 10 කාඩ් පතක අවම වෙගය තප්පරයට මෙගා බයිට් 30 වගෙ වෙනවා.
සම්මත  විදියටනම් වීඩියෝ කරනවනම් class 10 කාඩ් එකක් තියනවනම් හොදයි කියල තමයි කියන්නෙ. ඒකට හේතුව ගත්තොත් වීඩියෝ එකකදි තප්පරයකට ලියවෙන දත්ත ප්‍රමානය එක ෆොටෝ එකකට සාපෙක්ශව වැඩිවීමයි. වීඩියෝ නොකලත් කැමරාවෙන් continious දාලා ෆොටෝ ගන්නවනම් එතකොට තත්පරයකදි අවශ්‍යවන මෙගා බයට් ගනන වැඩි නිසා ඒ වගේ කරනවනම් එයටත් 10 එකක් තිබ්බනන් හොදයි.

Battery grip

කැමරාව යොදාගෙන වීඩියෝ කරනව හෝ චායාරූප විශාල ප්‍රමාණයක් දිගින් දිගටම ගන්නවනම් කැමරාවට එකවර බැටරි දෙකක් දාන්න පුලුවන් වෙන්න තමයි මේක තියෙන්නෙ. ඊට අමතරව ප්‍රයෝජන කිහිපයක් තියනවා. ඉන් එකක් තමයි කැමරාව දික් අතට හරවලා ෆොටෝ ගන්නවනම් එතකොට ඕනකරන shutter button සහ  shutter dial වගෙම සමහර බැටරි ග්‍රිප්වල navigation key පවා තියනවා. ඒක කැමරාව අනික් පැත්තට හරවලා ෆොටෝ ගනිද්දි පහසුවක්. අනික් දෙය තමයි කැමරාවෙ බැටරි බැහැලම ගියොත් AA බැටරිවලින් කැමරාව ක්‍රියා කරවන්න පුලුවන් විදියට සකසලා තියන tray එක. ඒකෙ වටිනාකම හදිස්සියක් වෙච්ච වෙලාවකනම් කියල නිම කරන්න බෑ. නිකොන් entry level කැමරා හදලා තියෙන්නෙ බැටරි ග්‍රිප් හයිකරන්න නෙමෙයි. නමුත් එවාටත් බැටරි ග්‍රිප් හදලා තියනවා නිකොන් නොවන ආයතනවලින්. ඒත් මටනම් හිතෙන්නෙ ඕන නැති බහුබූත කරලා කැමරාවට කෙලවගන්න ඕන නෑ කියන එක.

2.
ලියාගෙන යද්දි තමයි තේරුනේ සමහර කොටස් වෙන වෙනම වෙන් කලාට එකටම යන දේවල් වගේ කියලා. කැමරාවෙ ආරක්ශාවට පාවිච්චි කරන්න පුලුවන් දේවල් ගැන දැන් බලමු.

Protective filter
කැමරාවට සවිකරලම තියන ෆිල්ටර් එක නිසා කැමරා ලෙන්ස් එක කිහිප විදියකින්ම පරිස්සම් වෙනව. ලෙන්ස් එකට ඉදිරියෙන් ෆිල්ටර් එක හයි කලාම ලෙන්ස් එකට දූවිලි වදින එකෙන් කැමරා ලෙන්ස් එක බේරෙනවා. දූවිලි වැදුනත් කමක් නැ කියමුකො, සමහරු දූවිලි පිහන විදිය තමයි අති භයානක. එහෙම කෙනෙක්ට අහු උනොත් ලෙබ්ස් එක පිහලා දෙයි වැලි කඩදාසියකින් මැද්දාවගේ. එහෙම උනොත් මරාගෙන මැරීමක් තමයි ඉතුරුවෙන්නෙ. ලෙන්ස් එකක් වගේ නෙමෙයි ෆිල්ටර් එක පහසුවෙන්ම ගලවලා පිරිසිදු කරන්න පුලුවන්.

UV filter
ඉහත කියපු හැමදෙයම මෙයින් වෙනවා. ඊට අමතරව වෙන විශේශිතම කාර්‍නය තමයි ෆිල්ටර් එකෙන් හිරු එලියෙන් එන UV කිරණ පෙරා හරින එක. Uv කිරණ ඇතුලට ආවම ෆොටෝ එකේ ගුණාත්මකබවට හාණි වෙන්න පුලුවන්. නමුත් අවුල කියන්නෙ තත්වයෙන් බාල ෆිල්ටර් භාවිතය නිසා සමහර වෙලාවට ආලෝක ලප ඇතිවෙන්න පුලුවන්. සමහර වෙලාවට පහන් දැල්ලක් , ලයිට් එකක් තියන තැන්වල ෆොටෝ ගනිද්දි ෆොටෝ එකේ වෙන තැනකින් ඒ වගේම ලප වගේ දෙවල් ඇතිවෙන්න පුලුවන්.

Hand Strap
ඊට අමතරව සමහර අය පාවිච්චි කරන දේවල් තියනවා. ඉන් එකක් තමයි hand strap එක. කැමරාවෙ පටිය කරේ දාගෙන ඉන්න අකමැති අය කැමරාව තමන්ගෙ අල්ලට බැද තබාගන්න පාවිච්චි කරන දෙයක් තමයි මේක බොහොම සරළ උපාන්ගයක් වෙච්ච මේක කැමරාවෙ යට තියන ට්‍රයිපොඩ් එක සවිකරණ කොටසට හා පටිය සවිකරණ කොටසට පහසුවෙන්ම සවි කරගන්න පුලුවන්.

Screen guard
කැමරාවේ LCD තිරය හිරීම් වැනි දේවල්වලින් පරිස්සම්කරන්න , ෆෝන්වල වගේම තමයි අලවන ස්ටිකර් එකක්. සමහර වෙලාවට ගනකමින් වැඩි ප්ලාස්ටික් ස්ටිකර් එනවා. ඒවා දාද්දි සැළකිලිමත් වෙන්න ඕන දෙයක් තමයි තමන්ගෙ කැමරාව ස්පර්ශ සන්වේදක හෙවත් ටච් ස්ක්‍රීන් එකක්නම් ගනකම ප්ලාස්ටික් ස්ටිකරයක් ගැහුවොත් ටච් එක හරියට වැඩ නොකරන්න පුලුවන්. එහෙම වෙලාවකදිගනකමින් අඩු ස්ටිකරයක් යොදාගන්න එක වැදගත්.

3. අමතර උපකරණ
පොඩි දේවල් වලින්පටන් ගමුකො.

IR remote
අදෝරක්ත කිරණ මගින් කැමරාව ශටර් කරන්න පුලුවන් විදියට තමයි මේක හදලා තියෙන්නෙ. රැහැන් රහිතව දුර තැනක ඉදන් කැමරාවෙන් ෆොටෝ ගන්න පුලුවන්කම මේකෙන් ලැබෙනවා.

කැමරා බෑග්
කැමරාව කොහේහරි ගෙනියද්දි බෑග් එකක් පාවිච්චි කරන්න වෙනවනෙ. ඒකට එක එක අය නොයෙක් විදියෙ බෑග් පාවිච්චි කරනවා.
බොහොම සරළ ආකාරයෙ පැත්තකින් එල්ලන්‍ යන විදියෙ බෑග් එකේ ඉදන් හැම විදියකම කාලගුනික තත්වයන් සහ හදිසි අනතුරුවලින් පවා ආර්ක්ශාවෙන විදියෙ බෑග් පවා අද වෙළදපලේ දක්නට ලැබෙනවා. තමන්ගෙ අවශ්‍යතාවය සහ අත ඇති මුදලට ගැලපෙන විදියට බෑග් තෝරගන්න පුලුවන්. කැමරා බෑග් එකක් කොහොමත් සාමාන්‍ය බෑග් එකකට වඩා  ආරක්ශාකාරි විදියටයි හදලා තියෙන්නෙ. කැමරා බෑග් එක ඇතුල
පැඩින්ස් යොදාගෙන පොඩි වැටීමක් හෝ තදවීමකදි  කැමරාවට හානි නොවන විදියට තමයි ඕනම කැමරා බෑගයක් හදලා තියෙන්නෙ. ඊට අමතරව බෑගය ඇතුල කොටස්වලට වෙන් කරන්න පුලුවන් විදියට මේවා හදලා තියනවා. සමහරවිට වැස්ස වෙලාවකට බෑග් එක තෙමෙන එකෙන් බේරගන්න පුලුවන් විදියෙ කවරයක් මේ එක්ක එන්න පුලුවන්.
එතනින් ටිකක් උඩට යනවනම් ගන්න තියෙන්නෙ කැමරා බැක්පැක් Camera back-pack . සාමාන්‍යයෙන් මේ බෑග් එකක්නම් රුපියල් දහදාහක් වගේ මිලක සිට ඉහලට ගන්න  පුලුවන්කම තියනවා. සාමාන්‍යය බෑගයක  තියන හැම කොටසක්ම මේවවලත් තියනවා. ඊට අමතරව වඩා ආරක්ශාවක් වැඩි ඉඩ කඩ , ට්‍රයිපොඩ් එකක් ගෙනයන්න හැකියාව වගෙම සමහර බෑග්වල  ලැප්ටොප් එකක් ගෙනයාමේ හැකියාව පවා සළසාදීලා තියනවා. හොද වර්ගයේ බෑග් වර්ග විදියට Vanguard, Lowepro වගේ වර්ග හදුනාදෙන්න පුලුවන්. බෑග් එකක් ගනිද්දි තමන් සතු දේවලට වඩා යමක් දාගන්න පුලුවන් විදියෙ බෑග් එකක් ගන්න එක හොදයි. අනාගතේදි ගන්න දෙයකටත් එක්කම.

කැමරා බැග වර්ග දෙකක පරාසයන්
http://www.vanguardworld.com/index.php/pv/products/photo-video/entry-1-1.html
http://www.lowepro.com/intl

Cleanin kit සහ කැමරා අසුරා තබන උපාංග
මේවා ගැනනම් මම කලින් පෝස්ට් එකකින් කතා කලා. මෙතනින් ඒ ගැන විස්තර බලන්න පුලුවන්.

Speedlight or Flasher
කැමරාවක් ගන්න සමහර අය ඒ සමගම flasher එකක් ගන්නවා. පිටතින් සවිකරන flasher එකක් මගින් ලබාගන්න පුළුවන් වාසි කිහිපයක් තියනවා. ප්‍රදානම දෙය තමයි වැඩි එලියක් ලබාගන්න පුළුවන් වීම. සාමාන්‍යයෙන් කැමරාවක එන flasher එකට වඩා වැඩි බලයක් වගේම විශාල ඊ සදහාම වෙන්වූ පද්දතියක් ෆ්ලෑෂ් එකක තිබෙන නිසා වැඩි ප්‍රමාණයක් ආලෝකමත් කරගන්න වගේම වැඩි ආලෝකයක් ලබාදෙන්නත් පුළුවන් වෙනවා.
තාවත් දෙයක් තමයි පිටතින් සවිකරන ෆ්ලෑෂ් එක වස්තුව දෙසට එක එල්ලෙහි යොමුනොකර අවශ්‍ය අවස්තාවලදී  ඉහලට හරවා සුදු සිවිලිමක් හෝ පරාවර්තනය කරන්න පුළුවන් තැනකට එක එල්ලේම යන ආලෝකය වද්දා එකෙන් පරාවර්තනය වන විසිරුණු ආලෝකය මගින් එක එල්ලේ වස්තුවටම එල්ලකරන ආලෝකයට වඩා වැඩි සාර්ථක සහ විසිරුණු මෙන්ම සෙවනැලි අඩු ෆොටෝ එකක් ගන්නත් ෆ්ලෑෂ් එකකින් පුළුවන්.

ඒ වගේම සමහර කැමරාවන් ෆ්ලෑෂ්එක සමග රැහැන් රහිතව සම්බන්දකර ෆොටෝ ගන්නත් පුළුවන් . ඒ ගැන තමන්ගේ කැමරාව සහ මිලදීගන්න බලාපොරොත්තුවන ෆ්ලෑෂ් පද්දතියේ විස්තර සොයාබැලීමෙන් දැනගන්න පුළුවන්

ත්‍රිපාද tripod 
ට්‍රයිපොඩ් ගැනනම් අමුතුවෙන් කියන්න ඕන නැහැයි කියලා හිතනවා. ෆොටෝ එක ගනිද්දී කැමරාව හෙලවිලා වෙන හානිය නවත්තගන්න සහ වඩාත් ස්ථායි විදියට කැමරාව තියාගන්න හෝ අතේඅන්න පුළුවන් තියාගන්නේ නැතුව ෆොටෝ එකක් ගන්නනේ ට්‍රයිපොඩ් එකක් පාවිච්චි කරන්නේ. තමන්ගේ කැමරාව වගේම ලෙන්ස් එකේ බර එක්ක ට්‍රයිපොඩ් එකේ පොඩි සම්බන්දයක් තියනවා, ට්‍රයිපොඩ් එකක් ගනිද්දී එකට දරන්න පුළුවන් බර තමන්ගේ කැමරාවේ සහ උපාංගවල බර වගේ දෙගුණයක් වෙන්න ඕන, එතකොට තමයි වෙන්න ඕන දෙය හරියටම වෙන්නේ. portrait , කෑමවල ෆොටෝ ගන්න අය වගේ අය විශේෂයෙන්ම ත්‍රිපාදයක් පාවිච්චි කරන්නේ තමන්ගේ ෆොටෝඑකේ ලබාගන්න පුළුවන් උපරිම තියුණුබව ලබාගන්නයි.

කැමරාවක් ගන්නවත් එක්කම මේ හැමදෙයම ගන්න බැරිවෙන්න පුළුවන්, නමුත් ටික කාලයක් යද්දී හෝ කීය කීයහරි උපයාගනිද්දී තමන්ට හැකි විදියට මෙතනින් අවශ්‍යවන දේවල් ගන්න . අමතර මෙමරි කාඩ්
එකක් කොහොමත් ලගතියාගන්න. හැමදාම අනුන්ගෙන් යැපෙන්න හදන්න එපා. කොච්චර උනත් බොහෝදෙනා කැමති නැහැ තමන්ගේ කැමරා උපාංග වෙන අයට දෙන්න. ඒ ඒවා නිකම්ම නිකන් බඩුවලට වඩා තමන්ගේ ජිවිතේ කොටසක් වෙන නිසයි........

ආපහු හමුවෙමු ..................................

16 comments:

  1. කියවන්න එපා වෙනවා අප්පා මේ කළු පාට දැක්කම... කමක් නෑ ජය වේවා. ඕන එකා ඇහැ ගලවෙගෙන හරි කියවාවි...

    ReplyDelete
    Replies
    1. කලුපාට එකේ සුදු අකුරෙන් ලිව්වමත් ඇස් ගලවන් යනවද ? මම හිතුවේ එහෙම තිබ්බම ලෙසිවෙයි කියලා.

      මොනවා උනත් ස්තුතියි පලවෙනි කමෙන්ට් එකට

      Delete
  2. සුපිරි. දුන්න දැනුමට ස්තූති අයියා. කිසි අවුලක් නෑ කලු පසුබිමෙ සුදු අකුරු නිස කියවන්න ලේසි :)

    ReplyDelete
  3. නියම විස්තරේ..
    ඔය IR Remote එක D3100 වගේ එන්ට්‍රි ලෙවල් කැමරාවලදිත් යූස් කරන්න පුළුවන්ද.. ?

    ReplyDelete
    Replies
    1. IR එක 3100 එකට සපෝට් කරන්නේ නැ . ඒ වෙනුවට cable release එකක් පාවිච්චි කරන්න පුළුවන්

      Delete
  4. මරු පෝස්ට් එක මහත්තයා....(y)

    ReplyDelete
  5. ela bro!! thwa letrs danna... :D

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි !

      ඉස්සරහටත් තව ලියනවා

      Delete
  6. කැමරාවක් ගන්න ඕනෙ. Canon hs50 එකට පස්සෙ එකක් එනකම් බලන් ඉන්නෙ. ම්ට හිතෙන්නෙ මට හරියන්නෙ බ්‍රිජ් කැමරාවක්. තාම හිතමින් ඉන්නෙ.
    මේ වගේ පෝස්ට් අපිවගේ අයට හරි වැදගත්

    ReplyDelete
    Replies
    1. Canon SX660 hs ඇවිල්ල තියෙන්නේ ! බ්‍රිජ් එකක් හොඳයි කියලා හිතන හේතුව මොකක්ද ?

      Delete
  7. වැදගත් විස්තර ටිකක් ....

    ReplyDelete
  8. මේක මට නම් ගොඩක් වටිනවා.......................... ස්තුති සමිර අයියා.....................

    ReplyDelete