ස්තුතියි ! කියවන එක තමයි ලොකුම හයිය !

Thursday, April 10, 2014

ඇස් දෙක වාගේ රැකගන්නම්

මාස හතරකට විතර පස්සේ ඔන්න එහෙනම් ආපහු ලියනවා. මාස හතර ඇතුලේ ආලෙන් වේලිලා මූට බ්ලොග් එක ගැන මෙලෝ මතකයක් නැතුව ඇතියි කියලා හිතුනනම් සොරි වෙන්න ඕන . කොහොමහරි ඉතින් මේකේ මාතෘකාව දැක්කම හිතෙන්න ඇති ආපහු ලව් කතාවක් අරන් ඇවිල්ල කියලත්. මේ කතාකරන්න යන්නේ කැමරාවක් පාවිච්චි කලාට පස්සේ කරන්න පුළුවන් මුලික පිරිසිදු කිරීම් ගබඩා කිරීම් ගැන.......... ගොඩක් අය නොකරන දෙයක්ද මන්දා, සමහර අයනම් නොකර ඉඳලා පස්සේ පසුතැවෙන දෙයක් කිව්වත් හරි........ පසුතැවෙන්න ඕන නැනේ ඉතින්, පොඩි දේවල් ටිකක් කරන්නනේ තියෙන්නේ........

පෙරුම් පුරලා පුරලා අපේ කොල්ලෝ කෙල්ලෝ කැමරාවක් ගන්නවා. අරගෙන ෆොටෝසුත් ගන්නවා.අරගෙන ෆොටෝවලටත් නොයෙක් දේවල් කරනවා. ටික කාලයක් යද්දී එකත් සාමාන්‍ය දෙයක් වෙලා ඒ ගැන තියන උනන්දුව අඩු වෙනවා. අන්න එතකොට තමයි කෙළවෙන්න පටන් ගන්නේ..... එහෙනම් මොකක්ද කරන්න ඕන ?

 මුල්ම දෙය තමයි පිරිසින්දුව තියාගන්න එක.... යම් දෙයකට පාවිච්චි කලාට පස්සේ හරියට පිහිදලා කරලා තියන කුණු දුවිලි අරන් දාන එක...... එක නොවෙන තැන තමයි මුල්ම අනතුර පටන් ගන්නේ......... පිරිසිඳු කරන්න අපට Cleaning kit එකක් ගන්න පුළුවන්. බොහොම පහසුවෙන් මේක පාවිච්චි කරලා අපිට කැමරාව පිරිසිඳු කරගන්න පුළුවන්.
CLEANING KIT

සාමාන්‍ය Cleaning Kit එකක තියන උපාංග සහ ඒවා පාවිච්චි වෙන විදිය ගැන බලමු.......

* Blower - ඉස්සල්ලම මේකෙන් ලෙන්ස් එක පිහන්න කලින් එකේ තියන දුවිලි යවන්න පාවිච්චි කරන්න පුළුවන්. තව දෙයක් කරන්න පුළුවන්...... ඉදිරියේදී කියන්නම්......

* Retractable Brush - කැමරාවේ ලෙන්ස් එක ටිශුවලින් පිහිදන්න ඉස්සල්ලා මේ බ්‍රෂ් එකෙන් ඇහැට පෙනෙන දුවිලි කොටස් ලෙන්ස් එකට හානියක් නැතුව පිහිදල යවන්න මේකෙන් පුළුවන්.

* Lens Cleaning Paper - සාමාන්‍ය කඩදාසියකට වඩා බොහොම සිනිඳු කෙඳි නොගැලවෙන ආකාරයේ කඩදාසි. ලෙන්ස් එකේ තියන ඇඟිලි සලකුණු වගේම වෙනත් දුහුවිලි ලෙන්ස් එකට හානියක් නොවන විදියට අයින් කරන්න මේක පාවිච්චි කරන්න පුළුවන්.

* Wet & Dry Cleaning wipes - ඉස්සල්ලා කියපු දෙයම තමයි මේකෙන් වෙන්නෙත් , එත් wet එකේ තියන තෙතමනය නිසා ලෙන්ස් එකේ මොකක්හරි දෙයක් ඇලවිලා වගේ තියනවනම් ලේසියෙන්ම ඒවා අයින් කරගන්න පුළුවන්. ඊට පස්සේ DRY එකෙන් පිහලා තෙතමනය ඉවත් කලාම හරි ......

*Cotton Buds - කන් සුද්දකරගන්න :) කැමරාව විතරක් පිරිසින්දුව තිබිලා මදිනේ.
විහිලුවට කිව්වේ . කමාරේ දාරවල තියන කුණු දුවිලි යවාගන්න මේවා පාවිච්චි කරන්න පුළුවන්. ලෙන්ස් එකටත් වලංගුයි.

* Cleaning Liquid - සාමාන්‍ය කිට් එකේ එන මේ දියරය ලෙන්ස් එකට යොදාගන්න එකනම් එච්චර අනුමත කරන්නේ නැ. display එක පිහන්න ගත්තටනම් කමක් නැ වගේ හැබැයි. මොකද කියනවනම් මේ දියරය හොඳ තත්වයේ එකක අවුන්සයක් ගන්නම සැලකිය යුතු මුදලක් වය වෙනවා.

* Cleaning Cloth - රෙදි කැල්ලක් , කැමරා බඳ පිරිසින්දුකරන්න මේක යොදාගන්න පුළුවන්. සමහරවිට මේ රෙදිකඩ සිනිඳු රෙදි වර්ගයකින් හදල තියෙන්නේ කැමරාවේ ලෙන්ස් එක පිහිදන්නත් පුළුවන් වෙන්නයි.  Micro Fiber වලින් හදපු ඒවානම් වේනම ගන්නත් පිළුවන් වෙයි. කැමරා බඳ තදින් පිහුවත් කමක් නැ දහදිය නිසා කැමරාව ඇලෙනවා වගේනම් .....

එහෙනම් ඉතින් දැන් කැමරාව පිටතින් බැලුවම සුපිරියටම තියන්න ඕනා .............

තව දෙයක් කරන්න පුළුවන් කියලා කිව්වා මතක ඇතිනේ බ්ලොවර් එකෙන්. කැමරාව දුවිලි වැදෙන තැනක පාවිච්චි කලානම් හරි මුහුදු වෙරළක හෝ ඒ වගේ තැනක ලෙන්ස් එක මාරු කලානම් සමහරවිට ඇතුලට දුවිලි හෝ ලුණු වගේ ලාවට හෝ ගිහින් තියෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවකට කැමරාවේ අතුල යම් තරමකින් හෝ පිරිසිඳු කරන්නත් අපිට බ්ලොවර් එක යොදාගන්න පුළුවන්. ඕනෑම කැමරාවක සෙටින්ස්වල තියනවා Sensor Cleaning කියලා කොටසක් . මෙය ස්වයන්ක්‍රියව කැමරාවක් on off වෙද්දී වෙන විදියට සකසන්න පුළුවන්. එහෙම නැත්තං අපිට කරන්නත් පුළුවන්. එහෙමත්ම නැත්තන් මිරර් එක ඉහලට එසවිලාම තියන විදියට සෙටින් එකකුත් කැමරාවෙන්ම දීලා තියනවා, එක පාවිච්චි කරලා අපිට සෙන්සර් එක පිරිසිඳු කරන්නත් පුළුවන්. කෝකටත් කලින් ස්වයංක්‍රිය ක්‍රමය මගින් සෙන්සරය වරක් දෙවතාවක් පිරිසින්දුකරලා ඉන්න එක හොඳයි ..... ඊට පස්සේ බ්ලොවර් එක යොදාගෙන කරමු.
නිකොන් කැමරාවල Clean Image Sensor කියන්නේ ස්වයංක්‍රිය ක්‍රමය. ඊට යටින් තියෙන්නේ අපි දැන් කතා කරන්න යන දෙය


කැනන් කැමරාවක Sensor Cleaning කියන Option එක ඇතුලේ ඉහත ක්‍රම දෙකම තියනවා.



දෙපාරක් විතර ස්වයංක්‍රිය ක්‍රමය පාවිච්චි කරලා වැඩේ කලාට පස්සේ Nikon වලනම් Lock mirror up for cleaning කියන option එක හෝ Canonවල Sensor Cleaning තුල තියන Clean manualy ක්‍රමය පාවිච්චි කරලා එකේ කියන විදියට නිකොන්වලනම් ඔප්ෂන් එකට ගිහින් එක ok කරලා ශටර් කලාම කැමරාවේ මිරර් එක උඩට ගිහින් ශටර් එක ඇරිලම තියනවා , කැනන්වලනම් ශටර් කරන්න ඕන නැ. ඊට පස්සේ කරන්න තියෙන්නේ ඕෆ් නොකර ලෙන්ස් එක ගලවලා ලෙන්ස් එක හයිවෙන පැත්ත පහලට අල්ලාලා ඇතුලේ කොහෙවත් වදින්නේ නැතිවෙන විදියට බ්ලොවර් එකෙන් ඇතුලට හුලන් ටිකක් අල්ලන එක ........

එහෙනම් ඒ කතාවත් ඉවරයි........ මුළු කතාවම ඉවර නැ හැබැයි,

තව බදු තියනවා.......

Lens Pen
Lens Pen කියන්නේ අපි යන යන තැන කැමරාව එක්ක බොහොම පහසුවෙන් අරන් යන්න පුළුවන් විදියේ පොඩි දෙයක්. ගැනත් එතරම් නැ.

ලෙන්ස් පෙන් එකේ එකපැත්තක පින්සලක් තියනවා, එකෙන් පුළුවන් ලෙන්ස් එකේ තියන දුවිලි පිහිදලා ඉවත් කරන්න. අනික් පැත්තේ තියනවා කාබන් සංයෝගයක් අඩංගු පොඩි නම්‍යශීලි කොටසක්. ඒ පැත්ත වාහන කොටස ඇතුලේ තියනවා අදාළ සංයෝගය අතුරපු පොඩි ස්පොන්ජ් කැල්ලක් වගේ දෙයක්. ක්ලිප් එක වැහුවම ඒ දෙක ගැවෙනවා. එකෙන් පුළුවන් ලෙන්ස් එකේ තියන ඇඟිලි සලකුණු වගේ දේවල් ලේසියෙන්ම යවාගන්න. ක්ලිප් එක ගලවන්න කලින් දෙපාරක් විතර කරකවලා ගලව්වනම් අදාළ සංයෝගය ලෙන්ස් එක එක්ක ගැටෙන කොටසේ හොඳින් ගැවිලා තියේවි.........

අන්තිමට, කොහෙද කැමරාව තියන්නේ ? කොහෙද නොතියන්නේ..........

ඇඳුම් අල්මාරි වගේ තෙතමනය තියන තැන්වලනම් තියන්නම එපා, ලී කබඩ් එහෙමත් කචල් වෙන්න පුළුවන් තෙතමනය වැඩි නිසා ලෙන්ස් එකේ දිලිර Fungus එන්න පුළුවන්. ඒවා අවොත්නම් කැමරා හදන කෙනෙක් ගාවටම යවන්න වෙනවා.......

එහෙනම් කොහෙද තියන්නේ. තෙතමනය නැති තැනක.........

Dry Box සහ Dry Cabinet

මෙවාවලින් කරන්නේ මෙය තුල ඇති වාතයේ තියන ජලවාෂ්ප / තෙතමනය පාලනය කරලා කැමරාව පුස් බැඳෙන එකෙන් පරිස්සම් කරන එක. මේවා ප්‍රධාන කොටස් තුනකින් යුක්තයි. 1 -  කැමරා උපකරණ ගබඩාකරණ කොටස. 2 - ඇතුලත ජලවාෂ්ප ( ආර්ද්‍රතාවය ) පාලනය කරන උපකරණය .....  ඇතුලත ආර්ද්‍රතාවය 35 - 50 අතර තියාගන්න එක තමයි හොඳ. 30 අඩු උනොත් කැමරාව ඇතුලත සමහර කොටස්වලට හානිවෙන්න පුළුවන් වගේම 50 පැන්නට පස්සේ එකෙන් වෙන වැඩක් නැ වගේ තමයි. 3 - මීටරය, ඇතුලත ආර්ද්‍රතාවය පෙන්වන කොටස

Dry Box
බොහොම පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන් දෙයක්. ඉස්සරහ පෙනෙන්න තියන සිලිකා ජෙල් අඩංගු බහාලුම කෙලින්ම කරන්ට් එකට ගහලා ඉස්සරහා පොඩි කොටුවක් ඇතුලේ පෙනෙන සිලිකා ජෙල් ටික නිල පාට උනාම කැමරා එක්කම පෙට්ටිය ඇතුලට දාලා වහන එක විතරයි කරන්න තියෙන්නේ. ඇතුලේ තියන තෙතමනය උරාගත්තම සිලිකා ජෙල් රෝස පාට වෙනවා. එතකොට ආපහු වතාවක් උද කියලා තියන දෙයම කලානම් හරි. ගැනු ළමයි රෝස පාටට ආස නිසා ඔන්න ඔහේ රෝස තියෙද්දෙන් කියලා තිබ්බෝත්නම් කෙලවෙයි. ගොඩක් උපකරණ නැත්තන් මේක ඇති


Dry Cabinet
මේක තමයි අරකෙම ලොකු එක , එක එක සයිස්වලින් ගන්න පුළුවන්. ඒ වගේම මේකේ අනික් විශේෂත්වය තමයි කරන්ට් එකට ප්ලග් කරලා තිබ්බම ස්වයන්ක්රියවම ඇතුලේ ආර්ද්‍රතාවය පාලනය කරගන්න එක. සමහර එවාවලනම් අපට ඕන විදියට ඇතුලත ආර්ද්‍රතාවය පාලනය කරගන්න පුළුවන්. වැඩේ ලේසියි, හැබැයි ගණන්......

කැමරාවක් ගත්තා , චායාරුපකරණය කරනවා කියන්නේ එක විදියකට ගත්තම විකිනෙන වැඩක් තමයි. එත් ගන්න දෙය පරිස්සම් කරගන්න බැරිනම් එතනම අපරාදයක් නේද ? අලියා අරන් හෙන්ඩුව නැතුව අලියගෙන්ම මැරුම්කනවට වඩා හොඳ නැද්ද දෙකම රැකගන්න එක ?

28 comments:

  1. අර සෙන්සර් එක හරිය සුද්ද කරනවා කියන්නෙ මයේ ඇහැට ඇඟිල්ලෙන් ඇනගන්නවා තරම් බය හිතෙන දෙයක් -_-

    ReplyDelete
    Replies
    1. සෙන්සර් එකට ගවෙන්නේ නැති නිසා අවුලක් නැ ..... සෙන්සර් එකම සුද්ද කරනවා කියන්නේ ටිකක් වෙලායන, පරිස්සමින් කරන්න ඕන වැඩක්

      Delete
  2. අලියා ගත්තට පස්සේ හෙන්ඩුව ගන්න සල්ලි නෑ අයියෙ :) බොහොම හොඳ ලිපියක් දන්නේ නැති ගොඩක් දේවල් දැනගත්තා

    ජයවේවා !!!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි !
      හැබැයි අලියට සාපේක්ෂව හෙන්ඩුව ලාබයි. නොගෙන පාඩු උනොත්නම් ලාබ නැ

      Delete
  3. මල්ලි, පලමුවෙන්ම බ්ලොව‍ර් බල්බ් එකෙන් දූවිලි ටික විසිර හැර දෙවනුව පින්සලෙන් ඉතිරි දූවිලි ඉවත් කර ඉන්පසුව තෙත්/ වියලි පිස්න වලින් යමක් ඉතිරි වීඇත්නම් අවසාන වශයෙන් පිස දැමීම් යෝග්‍ය වේ. මෙම පෝස්ටුව ඉතාමත් වැද්ගත් අත්වැලක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අයියා, මම එකේ පිලිවල හදන්නම්

      Delete
  4. ඔය ඩ්‍රයි බොක්ස් එක වෙනුවට කඩෙන් Airtight බොක්ස් එකක් අරගෙන ඒක ඇතුලට සිලිකා ජෙල්,ආර්ද්‍රතාමානයක් එහෙම දාල ඒ වගේ එකක් හදාගන්න පුලුවන්ලු නේද.. :)
    කොළඹ අවට එහෙම ඔය ඩ්‍රයි බොක්ස් ගන්න තියෙන තැනක් දන්නවද..? :/

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ වගේ හදාගන්න පුළුවන්.
      කොළඹ අවටනම මල්වත්ත පාරේ ෂොප් එකක් දෙකක් තියනවා. ඒවායේ බලාන්න . බතික් සෙන්ටර්, රිකොමා වගේ. නැත්තන් CameraLK , හෝ නුගේගොඩ දිනාල්ස්

      Delete
  5. එල එල..
    මටත් අලියෙක් හෙට හම්බවෙනව..හෙන්ඩුව ඊබේ එකෙන් ඕඩර් කරා.. :D

    ReplyDelete
  6. මගේ කැමරාව රෙදි බෑග් එක අස්සේ -_-

    ReplyDelete
    Replies
    1. හපොයි, පුස් කන්න කියාපු වාතාවරනයක් :(

      Delete
  7. අඩේ..
    මට තාම නෑ බං ඔය පෙට්ටියක්..

    ReplyDelete
    Replies
    1. ටෞඹටනම් ඉතින් කියලා වැඩක් නෑ

      Delete
  8. සුපිරි..බොහොම ස්තුති

    ReplyDelete
    Replies
    1. ජයවේවා! ස්තූතියි මේ පැත්තෙ ආවට

      Delete
  9. බොහොම ස්තුතියි. ඉතාම වටිනා දැනුම්වත් කිරීමක්.

    ReplyDelete
  10. Cleaning cloths doesn`t made using Carbon fiber... you might mixed up with Micro fiber...
    Pramitha.

    ReplyDelete
  11. ගොඩක් වටින පෝස්ට් එකක් නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා. බොහොම ස්තූතියි. ජයෙන් ජයම වේවා......

    ReplyDelete
  12. බොහොම ස්තුතියි. ඉතාම වටිනා ලිපියක්

    ReplyDelete
  13. බෝහෝම වටින ලිපියක් ස්තුතියි :D

    ReplyDelete
  14. ඉතා වටිනා ලිපියක්.. ගොඩක් ස්තූතී මල්ලි...

    ReplyDelete