ස්තුතියි ! කියවන එක තමයි ලොකුම හයිය !

Saturday, June 1, 2013

Wedding Photography

මෙන්න ආපහු මම ආවා. බරපතල මාතෘකාවක් එක්ක. හැබැයි සුපුරුදුලෙසම වෙනස්විදියෙ කතාබහකට තමයි සෙට්වෙන්න යන්නෙ....
දුප්පත් ගෙදරක කාගෙන්හරි ඉල්ලගත්ත කාර් එකකින් පිටත්වෙන මනාල යුවල සිට කොලඹ හතේ බෙන්ස් S  class කාර් එකකින් පිටත්වෙන මනාල යුවල වෙනකම්ම විවාහයෙදි කරන්නෙ එකම දේ, නීතියෙන් සහ චාරිත්‍රානුකූලව බැදීම. තරාතිරම කෙසේවුවත් එය ශිල්පියාට පොඩි හෝ ලොකු වෙඩිමක්වුවත් අදාල මනාල යුවලහට තමන්ගේ එකම කසාදය වීමට බොහෝවිට ඉඩ ඇත. ඒ නිසා කිසිම වෙඩිමක් තවත් එක් වෙඩිමක් නොවේ! එහෙනම් හැම එකකටම විශේෂ සැළකිල්ලක් දැක්විය යුතුයි!

විවාහයක් කියන්නෙ දෙපාර්ශවයක ආශිර්වාදය ඇතුව දෙදෙනෙක් ජීවිත කාලයම එකට ගතකරන්න දෙන උත්තරීතර පොරොන්දුවක්. ඒක අදාල වෙන්නෙ ෆොටෝ ගන්න එකාට නෙමෙයි බඳින දෙන්නගෙ හත්මුතු පරම්පරාවට.කොහොම නමුත් මංගල චායාරූප ශිල්පියා සතු වගකීම් තියනවා. ඔහු දක්වන්න ඕන ගව්රවයකුත් තියනවා. ඔහුටම කියල ආචාරදර්මත් තියනවා. සල්ලිවලට විකිනෙන චාරිත්‍ර අතරේ කොන්ද කෙලින් තියාගෙන කලයුතු රාජකාරියක් ඔහු සතුවද තියනවා. ඒ ගැන අපි කතාකරමු.......

මංගල චායාරුපකරණයේදී මනාල යුවලගේ චයාරුප මෙන්ම විවාහ උත්සවයේ චාරිත්‍රද එකලෙසම වැදගත්. ඒ අවස්ථාවන් එකක්වත් නැවත උදානොවන නිසා ඒ සියලු අවස්තාවන් එම මොහොතේම හසුකරගැනීමශිල්පියාට හැකිවිය යුතුයි.නමුත් ඇල්බම් එකකදී මුල්තැන දෙන්නේ දෙදෙනාගේ සහ කණ්ඩායමේ චායාරුපයන්ට නිසා ඒවා හසුකරගනීමේදී ශිල්පියාගේ දස්කම් මෙන්ම සමහර තාක්ෂණික ක්‍රම ඔහුගේ නිර්මාණයේ විශේෂත්වය සහ ගුනාත්මකබාවය දියුණුකිරීම කෙරෙහි එක එල්ලෙහිම බලපානු ලබයි.
අයෙක් තාක්ෂණික ක්‍රම, ආලෝක ශිල්පක්‍රම යොදාගනිමින් තම නිර්මාණය ඔපවත් කරන්න උත්සහ කරන්න යනවිට තවත් අයෙක් පසුතලයේ සුන්දරත්වය සමග ස්වභාවික ඉරියව් හසුකරගනිමින් නැව්ම් නිර්මාණයක් කරන්නට කෙනෙක් උත්ස කල හැක. එයට අදාළ රසික පිරිස ඔහු වටා එක්රෝක්වෙනවා ඇත.
රසංග දිසානායක
ප්‍රසන්න ඉරෝශාන්
    මේ ඒ වගේම මම හරිම ආස කරන චරිත  දෙකක්.
තමාගේ ක්‍රමය සොයාගැනීම තමාගේ දෙයක්. එකවිටම wedding photography කරන්න බැහැ. එහෙම කරන්න ගියොත් මොනාවෙවිද කියල මමනම් දන්නෙත් නැහැ. කෙනෙක්ගේ ජීවිතේ විශේෂම දවසක් හසුකරගන්නනම් බොහෝ දේ ගැන වැටහීමක් තියෙන්න ඕන.
ඔන්න එහෙනම් මම ගත්ත ටිකකුත්....

මෙහෙම කිව්වට රිදෙයිද දන්නෑ. විවාහ මංගල උත්සවයක් කියන්නෙ දෙපැත්තෙම කෙරුවාවල් වගේම ඇති හැකියාවන් පෙන්නන දෙයක්. ඉතින් එහෙම එකක් ෆොටෝ ගනිද්දි අර කියපු ඇති හැකියාවල් පුරාජේරු පෙන්නන්නත් ඕන. උදාහරණයක් දෙකක් කියනවනම් මල් ගහපු කාර් එක, මුද්ද, සමහරවිට මනමාලිගෙ සාරියෙ වර්ක් එක, ආභරණ එකී මෙකී නොකී සියලුදෑ ඔය මම කියපු පුරාජේරුවට අයිතියි. එහෙනම් පොඩි ගානේ සිට බර ගාන දක්වා ඔබට ගෙවා ඔබෙන් ලබාගන්නා ඇල්බමය ඇතුලේ ඔව්න්ගේ තත්වය පෙන්වා තිබිය යුතුයි!

මනාල යුවල සමග මිත්‍රත්වයක් ඇතිකරගැනීම බොහොම වැදගත්. විවාහයට පෙර ඔව්න් මුණගැසී ඔව්න් සමග විවාහ දිනය දා කෙරෙන වැඩකටයුතු සැලසුම් පිලිබදව දැනගන්න. ඒ සම්බන්දව තමන්ගේ අදහස් යෝජනා එකතු කරන්න. රබර් ඇහැ බැරිනම් ටයිටේනියම් අහකින්හරි කමක් නැහැ දෙන්නා දිහා බලන්න. හැම කෙනෙක්ම ලස්සනට පෙනෙන කෝණයක් තියනවා. එක අදුනගනීම බොහොම වැදගත්.

නොයෙක් නොයෙක් සමාජ තත්ත්ව , ආගම්, පළාත් අනුව මංගල උත්සවයක සිදුවන පිළිවෙත් යම්යම් ලෙස වෙනස්වනු ඇත. ඊට අදාළ තත්වයන් තේරුම්ගෙන ඒ අනුව ක්‍රියා කිරීම ශිල්පියා විසින් කලයුතුයි. උඩරට මුල් ඇදුම බොහෝදෙනා ඉතාමත් ගෞරවාන්විතව අදින ඇදුමක්. එය පිලිබිබු කරන්නේ රාජකීයබවක්, තේජසක්. එවැනි ඇදුමකට හැම ආකාරයකම ඉරියව් ගැලපෙන්නේ නැහැ. එම ඇදුම අදින්න කලින් පවා කරන වතාවත්
තිබෙනවා. එමනිසා මනාල යුවල එම දේවලට ගරු කලත් නැතත්  ශිල්පියා ඒවාට ගරු කරනවානම් හොදයි.

මනාලියව හැඩගැන්වීම බොහෝවිට හිතනවට වඩා කාලයක් ගතවන දෙයක්. ඒ නිසාම  බොහොවෙලාවලදී මනාලියව ලැබෙන්නේ කියන වෙලාවට  වඩා ප්‍රමාදවෙලා. ඒ වෙලාවට ඉතින් අන්දන ගැනිගේ අම්මා මතක් කරකර හිටියටවත් පුපුරා පුපුරා හිටියයි කියලවත් වෙන වැඩක් නැහැ.වෙඩිමක් අස්සේ මාර විදියට plan ගහගෙන වැඩ කරන්න බැහැ මටනම්. plan වෙනුවට එතන තියන්න ඕන සුදානමක්. පුලුවන්නම් කලින් දවසක ගිහිල්ලාහරි කමක් නැහැ ෆොටෝගන්න තැන අවට පරිසරය ගැන අදහසක් ගන්න. එතන ආලෝකය, ආලෝකය හසුරවන්න යොදාගතයුතු ක්‍රමශිල්ප ගැන අදහසක් ගන්න.

ඔක්කොටම පස්සේ ( තව පොඩ්ඩෙන් අමතක වෙනවා) චාරිත්‍ර. ආපහු කියනවනම් කතෝලික විවාහ උත්සවයක චාරිත්‍ර එහෙම්පිටින්ම වෙනස්. ඒ හැමදෙයක් ගැනම , පිලිවල පිලිබදව ශිල්පියා දැනුවත්ව ඉන්න ඕන. පල්ලියකදී ෆොටෝ ගන්න නොදෙන සමහර තැන් තියනවා. ඒ ගැන දැනසිටීම වගේම සැමවිටම ප්‍රදාන සිදුවීම කෙරෙහි සිත යෝමාසිටීම ඉතා වැදගත්. ශිල්පීන් දෙදෙනෙක් සිටියිනම් එක අයෙක් ප්‍රදාන සිදුවීම ෆොටෝගන්නා අතර අනෙක් කෙනාට අවට සිදුවන දේ හෝ ප්‍රදාන සිදුවීමම වෙනත් කෝණයකින් රූපගත කරන්න ඔහුට අවස්තාව දෙන්න පුළුවන්.
හැම අවස්තාවකම වැදගත්, ශිල්පියා අවදියෙන් සිටීම ( කල්පනාවෙන් ) ඉතා වැදගත්.

කොපමණ උපකරණ තිබුනත් ප්‍රයෝජනයක් නැහැ සංයමයක් නැත්නම්. ශිල්පියා විසින් දැනගතයුතු ආචාරදර්ම තිබෙනවා. ඒවා පිලිනොපදීනම් ඔහුට පැවත්මක් තිබෙතැයි සිතන්න බැහැ.......

මෙතනින් ඉවර නැහැ......
තව කතා කරන්න දේවල් ගොඩයි.......


10 comments:

  1. මගුලක් කතාකරනවා... ,,, මට මේකේ ගොඩක් ඒවා තේරෙන්නේ නැහැ :( කොම උනත් වැදගත් ලිපියක්.. මරු ආ..
    (හදිස්සියේම මොකෝ මේ .. wedimak ගැන හිතුනේ..)

    ReplyDelete
  2. අන්න ඒක නිසා තමා මම එදා බයවුනේ.

    ReplyDelete
  3. වෙඩින් photography කියන්නේ බරපතල දෙයක් කියල දැනගෙන නම් හිටියා.. ඒත් අද ඔන්න හිතට බයක් ආවා..
    ලිපියේ හොඳකම නිසා වෙන්න ඇති මයේ හිතේ..
    මෙතනින් ඉවර නෑ කියපු ඒක නම් හොඳයි.. තව දේවල් ගොඩාරියක් ඇති මට දැනගන්න..

    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
  4. ela ela... thnks sameera ayya....

    ReplyDelete
  5. ඕවා කියලා හරි එහෙනම් මගේ එකේදී උඹ ඔව්වා ගානට කරහන් හරිද ,..

    ReplyDelete
  6. අද කාලෙක වෙඩින් පාලනය කරන්නේ කැමරමන්ලම තමා. ආසාවට කතා කරන්න ජෝඩුව නෑ. උන් දෙන්න පොටෝ කැචර් ගාව. දැන් තියෙන්නේ වෙඩින් නෙමේ ටෙලි රූගත කිරිම් කිව්වොත් වඩාත් නිවැරදියි.

    ReplyDelete
  7. (y) (y)
    ආචාර ධර්ම ගැන හිතන ජයාරූප ශිල්පීන් ඉන්න එක ලොකු සතුටක්.
    බොලාත් ඒ අතරින් කෙනෙක් කියල අපි දන්නවා.
    ජය වේවා..!!

    ReplyDelete
  8. අපොයි වෙඩින් පොටෝ ගැන නම් කථා කරලා වැඩක් නැ.ඒ තරම්ව පිස්සුවක් වගේ දකින කොට.ඉවරයක් නැති පෙටෝ ගැනිල්ල.

    ReplyDelete
  9. හුටා..
    කල්ප කාලෙකින් මේ පැත්තෙ ආවේ.. :D :D
    එල එල ///

    ReplyDelete