ස්තුතියි ! කියවන එක තමයි ලොකුම හයිය !

Friday, May 3, 2013

Samsung Galaxy Camera. කැමරා ලෝකයට වෙනසක්.

කට්ටිය ෆෝන් එකෙන් ඔන්ලයින් එනවා වගේ කොහොමද කව්රුහරි කිව්වොත් "මචං මම කැමරාවෙන් ඔන්ලයින් ආවේ" කිය.ඕනනම් දැන් එහෙම කියන්නත් පුළුවන්. Samsung Galaxy Camera. කැමරා ලෝකයට වෙනසක්.

මෙම ලිපිය සැකසෙන්නෙ එටිසලාට් ආයතනය මගින් ශ්‍රී ලාංකික වෙලඳපලට හඳුන්වාදෙන Samsung Galaxy Camera  පිලිබඳව මම සිදුකරනලද විචාරයට සමගාමීවය. මෙම කැමරාව පිලිබඳව මාගේ විචාරය පහත වීඩියෝවේ ඇති අතර එහි ඇති සමහර ගුනාංග පිලිබඳව මෙම ලිපියෙන් පැහැදිලිකර ඇත.



මෙන්න කැමරාව

සරලවම කියනවනම් මේක ලොකු සුම් බලයක් තියන Compact Camera එකක්. විශේෂත්වයනම් මේ කැමරාව වැඩකරන්නේ Android පාලන පද්දතියකින්. වර්තමානයේදී බහුලවම බාවිතාවෙන ජංගම දුරකථන සහ Tab ක්‍රියාකරන මෙහෙයුම් පද්දතියක් විදියට android හදුන්වාදෙන්න පුළුවන්.එයද නවතම සංස්කරණයවන Android 4.1 (Jellybean) සංස්කරණයෙන් සමන්විතයි.
තවද මෙය අගල් 4.8 (පික්සල් 1280*720) Touch Screen එකකින්ද සමන්විතයි.




කැමරාව ගැන කතා කරමු.
සැම්සුන් වෙබ් අඩවියට 
 

මූලිකම දේවල් ටික ගත්තොත් මේකෙ තියෙන්නෙ 1/2.3" ප්‍රමාණයේ CMOS සෙන්සරයක්. නමුත් එය compact camera සඳහා භාවිතාවන කුඩාම ප්‍රමාණයෙ සංවේදකයක්.
මෙගා පික්සල් ගනන 16.3ක්.
2.8 කාච විවරයක් සහිත, සූම් අගය 21ක් වන අතර, මෙහි කාචය 35mm කැමරාවකට සමානව ගත්කල එය 483mm ප්‍රමානයක් ගනීයි. 4.1 ~ 86.1mm (35mm film equivalent : 23 ~ 483mm) එම සූම් කරන ප්‍රමානය අංශක ගනනක් ලෙස ගත්කල අංශක 5ක පමන කෝනයක් ගනියි. තවද මෙම කාච පද්දතිය Optical Image Stabilizer හෙවත් කැමරාව සෙලවීම මගින් ඡායාරූපයෙ වියහැකි බොඳ ගතිය වලක්වාගන්නා පද්ධතියකින්ද යුක්තයි.
 මෙම ක්‍රියාකාරකම ඇසුරෙන් ඔබට කැමරාවේ සූම් අගය ගැන අදහසක් ගතහැකිවනු ඇත.

Wide End (සූම් නොකර) මෙහිදී අංශක 86ක ප්‍රමාණයක් හසුවෙයි. රතු පැහැයෙන් දක්වා ඇත්තේ සූම් කලවිට ලැබෙන ප්‍රමානයයි.

 
Tele End (සූම් කල විට) මෙහිදී අංශක 5ක් පමන ප්‍රමානයක් ලැබේ




ඡායාරූපය- දුශ්මන්ත නුවන් බන්ඩාර
සැම්සුන් කැමාරාවල මම දකින විශේෂත්වයක් තමයි සිත්ගන්නාසුලු නිර්මාණය, ඒ වගේම කැමරාවට එක්කර ඇති විශේෂාංග.
Scene mode යටතේ බොහොමයක්වූ ආකාරයේ පෙර සැකසුම් මෙම කැමරාවට එක්කර ඇත. ආධුනිඉකයන්ට ඉතා පහසුවෙන් කැමරාව හැසිරවීමට Scene mode උපකාරීවනවා ඇත.
ආධුනික මට්ටමෙන් එහාට ගිය කැමරාවෙ Shutter speed , Aperture, ISO ගැන හැගීමක් ඇති අය සඳහා මෙහි Manual, Shutter Priority, Aperture Priority, Programme යන Exposure modesද ඇත. එම mode භාවිතාකිරීම ඉතා සිත්ගන්නා ලෙස සකසා ඇති අතර එය ආධුනික අයෙක්ට උවද උනන්දුවක් ඇතිවෙයි. එම හැගීම DSLR කැමරාවක් භාවිතාකරන්නෙක්ට දැනෙන ආකාරයට සමීප ලෙස සකසා ඇතිවීම විශේශත්වයකි. (ඉහත වීඩියෝවේ මේ පිලිබඳව පැහැදිලිකර ඇත)

කැමරාවක් ලෙස සාමාන්‍යෙන් මෙම මට්ටමේ වෙනත් කැමරා සමග සන්සන්දනය කරද්දි හොඳ තත්වයේ ඡායාරූපයක් ලබා දෙයි. අඳුරු ආලෝක තත්වයෙදි පවා ( ISO 800 ) හොඳ තත්වයෙ ඡායාරූපයක් ලබාදෙයි.

Full HD 1920*1080, 30fps වීඩියෝගතකිරීමෙ පහසුකමද මෙයට ඇතුලත්ය.

බැටරිය මගින් ඡායාරූප 340 පමණ සහ මිනිත්තු 90 පමණ වීඩියෝගත කිරීමක් ලබාගැනීමේ හැකියාව පවතිනවා.....

සාම්ප්‍රදායික කැමරාවෙන් ඔබ්බට

ගැලැක්සි කැමරාව ප්‍රභල ප්‍රොසෙසර් එකකින් යුක්තයි. එය 1.4GHz Quad Core Application Processor සහ 1GB RAM එකකින් සමන්විතයි. එමනිසාම ක්‍රියාවන් කිහිපයක් එකවර කිරීමට එය සමත්කමක් කැමරාව සතුයි. ( Multi Tasking ) කැමරාව සතුව 4GB මතකයක් පවතින අතර , 64GB තෙක් එය Memory Card මගින් වැඩිකරගත හැකියි.

මුලින්ම කිව්වනෙ මේක සාම්ප්‍රදායික කැමරාවෙන් ඔබ්බට ගිය නිර්මාණයක් කියල. ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියක් මත වැඩකරන නිසා මෙහි තියන වාසි බොහොමයක් තියනවා. බොහෝවිට කැමරාව Updates සමගින් අලුත් වේවි. මෙගා පික්සල් ගනනෙ වෙනසක් නැති උනත් නව effects, controls කැමරාවට එකතුවේවි. ඒ වගේම කැමරාවෙ ක්‍රියාකාරිත්වය එන්න එන්නම දියුනු වෙවී....
ඇත්තම කියනවනම් මේ කැමරාවෙන් කෝල් ගන්න එක හැර අනික් හැම දෙයක්ම පුළුවන් කිව්වත් හරි.

එතනිනුත් එහාට..........
අද කාලෙ ගොඩක් ආධුනික අය කැමරාවක් ගන්නෙ ෆොටො අරන් ඒ වෙලාවෙම තමන්ගෙ යාලුවන් සමග බෙදාගන්න. ෆේස්බුක් , ට්විටර් වෙන්න පුළුවන්, වෙන ආකාරයකට උනත් ඒ දේ කරන්න මේ කැමරාවෙ ඉඩ දීලා තියනවා. wifi පහසුකම රටේ හැමතැනටම නැතත් මේ කැමරාවට sim cardඑකක් යෙදීම මගින් ඕනම තැනකසිට අන්තරජාලය හරහා සම්බන්ධවී එසැනින් ගන්න ෆොටො upload කරන්න පුළුවන්. ඒ සදහා කැමරාව තුලම Facebook, Twitter, E-mail, Instergram වගෙම Dropbox පහසුකමද සලසාදී තිබෙනවා. Dropbox මගින් තත්වයේ කිසිඳු වෙනසක් නැතිව රහස්‍යභාවයකින් යුක්තව ඡායාරූප ගබඩාකල හැකි නිසා පුවත්පත් සම්බන්ධ ඡායාරූපශිල්පීන්ටද මෙම කැමරාව වැදගත් වේවි!
කැමරාව තුලම ඇති Editing app මගින් ගන්න ඡායාරූපයට අදාල සංස්කරණ කටයුතුද බොහොම පහසුවෙන් කරන්න පුළුවන්. ඊට අමතරව වෙනයම් ආකාරයක applications අවශ්‍යනම් පහසුවෙන්ම ඒවා භාගත කරගන්නත් පුළුවන්කම ඇන්ඩ්‍රොයිඩ් නිසාම ලැබෙනවා!

අන්තර්ජාල භාවිතයේදි කිසිඳු ගැටලුවක් නොමැතිව සිංහල භාෂාවෙන් ලියැවුනු දේ පරිශීලනය කිරීමටත් මෙහි පහසුකම් සලසාදී තිබෙනවා.

Galaxy Cameraව නිශ්පාදනයක් ලෙස කැමරාවකට මූලිකත්වය දුන්නත් මෙය සම්පූර්ණයෙන්ම Media Centre එකක්, බහු මාධය්‍ය අවශ්‍යතාවන් සඳහා මෙය යොදාගන්න පුළුවන් නවතම උපාංගයක්....

පුද්ගලිකව මෙහි සෙන්සරය මෙයට වඩා මදක් විශාල ප්‍රමනයෙ එකක් යොදාගන්නවනම් හෝ මෙගා පික්සල් ගනන මදක් අඩුවෙනවනම් හෝ ඒ දෙකම එකට වෙනවනම් මම කැමතියි, එවිට තවත් හොඳ ඡායාරූපයක් දෙන්න මෙයට හැකිවේවි. Start-up delay තරමක් හෝ අඩුකරගත හැකිනම් ඉක්මනින්ම සිදුවන දෙයක් හසුකරගැනීමේ හැකියාව තවත් වැඩිවනු ඇත.

කැමරාවක් පමණක් මෙහි තිබුනානම් මගෙ මතය අනුව මෙය ගෙවන මිලට නොවටින දෙයක්, නමුත් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියක් මත ක්‍රියාකරන මෙහි අඩන්ගු අනෙකුත් ක්‍රියාකාරකම් සමග ගත්කල මෙම උපාංගය ගෙවන මිලට වටින උපාංගයක්.....

භාවිතයෙදී සතුටක් වගේම උනන්දුවක් දැනෙන සිත්ගන්නාසුලු උපාංගයක් කියන එක භාවිතාකරණ කාටත් වැටහේවි ...............





22 comments:

  1. මට ඔය කැමරාව එක්ක බැඳුනු ලස්සන මතක ගොඩක් තියේ.
    සමීර අයිය දන්නවනේ :) :)

    ReplyDelete
    Replies
    1. මමත් දන්නේ නැලු නේද මෙතුවෝ ....

      Delete
    2. අපොයි ඔව් ඔව්.උඹත් දන්නවා නේන්නම් :D

      Delete
    3. යකෝ බලං ගියාම මම නොදනී මුලු ලොවම දනී වගේ කේස් එකක්නෙ

      Delete
  2. Replies
    1. http://www.etisalat.lk/personal/devices/smartphones/samsung-galaxy-camara/#.UYOH1MpXOSo

      Delete
  3. ඇත්තටම පට්ට කැමරා එකක්... DSLR එකක් යුස් කරන්න දන්නේ නැති අපි වගේ අයට මරු .. මොකද DSLR එකක සෙටින් හදපුවාම පික් එක ගන්නකම් අපිට බලා ගන්න විදිහක් නැ ඒ සෙටින් හරිද වැරදි ද කියලා .. නමුත් මේකේ අපි සෙටින් වෙනස් කරද්දී ඒ අනුව ඩිස්ප්ලේ එක චේන්ජ් වෙනවා.. මට නම් හිත ගියේ අන්න එකයි මේකට.. අනික් එක නෙට් යුස් කරද්දී ස්පීඩ් එක .. ස්පීඩ් එකනම් සුපිරි ,..

    ReplyDelete
  4. මේකනම් ලොවෙත් කැමරාව වගේ...මම යූටියුබ් එකේ බැලුවා!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ජයවේවා!
      එසේම වේවා!

      Delete
  5. DSLR ගන්න තරම් උණක් නැති,
    පොයින්ට් ඇන්ඩ් ෂුට් වලට වඩා එහාට ගිය,
    සෑහෙන්න හොද නිෂ්පාදනයක්.
    දිගටම මේ වගේ රිවීව්ස් ලියමුද?


    ජය වේවා !!!!

    ReplyDelete
    Replies
    1. ලියමු!
      වීඩියෝස් කරන්නත් අදහසක් තියනව!

      Delete
  6. මේක මරු..
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!!

    ReplyDelete
  7. වාව්!!!!!!!!!!!

    සෙන්සරය වැඩිවෙන එකනම් අවුලක් නෑ. ඒත් මෙගා පික්සල් ගාන අඩුවෙන්න ඕනියි කිව්වේ ඇයි?

    අනික මේක සාමාන්‍යයෙන් ප්‍රොෆෙෂනල් වැඩවලට යොදාගන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. මෙගා පික්සල් ගනන අඩු උනාම එකම ප්‍රමානයෙ සෙන්සර් එකක් මත උනත්, එක පික්සල් එකක් වෙනුවෙන් වෙන්වෙන ඉඩ ප්‍රමානය වැඩි වෙනව. එතකොට අඩු ආලෝක තත්ව යටතෙ ගන්න ෆොටොවල ගුනාත්මකභාවය වගෙම , වර්ණ නිවරද්‍යතාව වැඩි වෙනවා!

      Delete
  8. කාලය මැව් වෙනසක අරුමේ

    ReplyDelete