ස්තුතියි ! කියවන එක තමයි ලොකුම හයිය !

Friday, May 10, 2013

Ru waruna - Photography Exhibition 2013 | Hegoda School of Photography

Photography කියන්නේ කලාවක් උනාට ඒ කලාව මේ ලෝකයේ ඉන්න හැම දෙනාගේම හදවත ස්පර්ශ කරන කාරණයක්. කැමරාවක් අතට ගත්ත පලියට ෆොටෝ ගන්න උනාට එකෙන් ශිල්ප දක්වන්න බැහැ...
ශිල්පය කියන්නේ මොකක්ද ? මමත් තාම ඉගනගන්නවා. ඒ අතරේ මම දන්නා යමක් බෙදාගන්නත් උත්සහ කරානවා. මුලින්ම කෙනෙක්ට පුළුවන් වෙන්න ඕන යමක් වෙනස්ව දකින්න. ඒ වගේමයි දකින දෙයින් වැදගත්ම කොටස තෝරාගන්න. ඒ වගේම ඒ මොහොත සටහන් කරගන්න...........

මගේ ගුරුතුමා "ලාල් හැගොඩ" මහතා   


එතුමාගේ වචනයෙන්ම ශිල්පය ගැන.....


මම පන්ති යන්න ගත්තේ කැමරාව ගැන දැනගෙන. නමුත් ශිල්පිය කියන්නේ එතනින් ගොඩාක් එහාට ගිය දෙයක්බව තේරුනේ එතැනදී තමයි. බොහොම නිවිච්ච පුද්ගලයෙක් වෙච්ච එතුමාගේ ඉගැන්වීමත් ඒ වගේම සාමකාමියි....... එතුමා හැදුවේ කැමරාවේ අනාවරණය විතරක් නෙමෙයි, කැමරාවේ කාචය තුලින් කතාකරන පින්තුරගන්න තැනට අපේ ඇහැ වගේම මනසත් හැදුවා......... මේ ඒ වගේ එතුමාගේ ශිෂ්‍යයන් ගත්ත කතාකරන පින්තුරවල එකතුවක්...........

මෙවරත් ප්‍රදර්ශනයක් පැවැත්වෙනවා. ඒ මේ මස (මැයි) 18, 19,20 දිනවලදී කොලබ ලයනල් වෙන්ඩට් කලාගාරයෙයි.........
එහෙනම් හමුවෙමු................


11 comments:

  1. මටත් යන්න හිතේ.....

    ReplyDelete
    Replies
    1. හිතත් අරං වරෙන්...........

      Delete
  2. මං එනෝ!!
    මට පේන්නෙ සමීර අයියා සර්ව කොපි කරනවා හොදටම! :D
    1ක කැමරා දැනුම.
    2ක නිවිච්ච සාමකාමි බව! :D

    ReplyDelete
    Replies
    1. සර්ගෙ හැසිරීම, යමකට මූනදෙන විදිය කොපි කරන්න පුළුවන් වෙයි. ඒත් ඒ දැනුමටනම් කිට්ටු කරන්නවත් මට බෑ :D

      මම නිවිලද :O

      Delete
  3. Replies
    1. වර වර :D
      කතා කරන්නවත් ලැබුනෙ නෑනේ කාලෙකින්

      Delete