ස්තුතියි ! කියවන එක තමයි ලොකුම හයිය !

Monday, February 25, 2013

මගේ Photography

මම ෆොටෝ ගන්නෙ කොහොමද? ඒවා ලස්සනයිලු.
එක එක අයට මගේ ෆොටෝ එක එක විදියට දැනෙනව ඇති. විශේෂයෙන්ම මම ගන්න පුද්ගලයන්ගෙ ඡායාරූපවලට සැලකියයුතු පිරිසක් උනන්දුවක් දක්වනවා.

ඉතින් හිතුවා පොඩ්ඩක් ඒවා ගැන කතා කරන්න. හිතුවා කිව්වට නිකම්ම හිතුනෙ නෑ දවසක් මිතුරියක් එක්ක (ඒකිගෙ බ්ලොග් එකත් නෑ එ පාර) මම ෆොටෝ ගනිද්දි බලන විදිය ගැන කතා කරද්දි තමයි මේ ටික කියවුනේ, ඒ එක්කම හිතුනා මේක බ්ලොග් පෝස්ට් එකක් විදියට දාන්න ඕන කියලත්. ඊට දවස් දෙකකට පස්සෙ පනුච්චි ලියන තිමී ඇහුවා ඒ ප්‍රශ්නෙ ගැනම. එතකොට තමා මතක් උනේ මම මේ ගැන බ්ලොග් පෝස්ට් එකක් දාන්න හිතන් හිටියා නේද කියල. ඔන්න එහෙනම් දැම්මා............

ආපහු මතක් කරලා දෙන්න කැමතියි ඡායාරූපයක් කියන්නෙ මොහොතක්. ඒ සිදුවීම සිදුවන වේගය අනුව ඒ මොහොත කොච්චර කාලයක්ද කියන එක රඳාපවතිනවා.

මම ක්‍රම දෙකකට වැඩේ කරගනවා.
1. මොහොත ග්‍රහනය කරගැනීම
2. තාක්ශනයේද උදව් ඇතිව යමක් නිර්මාණාත්මකව එලිදැක්වීම

අනිවාර්යයෙන්ම අදාල මොහොත ග්‍රහනය කරගන්නනම් අපි අපේ කැමරාව ගැන දැනගෙන ඉන්න වෙනව. ඒ වෙලාවට අදාල අනාවරණ තත්වය හෙවත් Exposer එක ගැන දැනගෙන ඉන්න වෙනවා. දන්නැද්ද? කමක් නෑ........
ඇත්තම කියනවනම් වෙලාවකට වෙනස්වෙන ආලෝක තත්වයන් යටතේ ගන්න ෆොටෝ එකක අනාවරණය වරදින්න පුළුවන්, ඒ වගේ වෙලාවකදි මම කරන්නෙ Auto, Programmeම නොදා Shutter Priority හෝ Aperture Priority දාන එක. වැඩි හොඳටත් එක්ක RAW shoot කරනව. RAW නිසා අවස්තාව ලැබෙනවා අවශ්‍ය වර්ණ නිවැරදි කරගන්න වගේ සංස්කරණයන් කරගන්න. හරි කොහොමහරි කැමරාව ලෑස්ති කරගත්තයි කියමුකො, මෙන්න මම ෆොටෝ ගන්න විදිය

1. මොහොත ග්‍රහනය කරගැනීම. ( මම බහුලවම කරන්නෙ ඕක තමයි )
 එක දෙයක් හොඳට මතක තියාගන්න. තමන් යන්නෙ යම් දෙයක් officially ආවරණය කරන්නනම් මේ සෙල්ලම් දැම්මොත් කරන්න ඕන වැඩේ අතපසු වෙන්න පුළුවන්. ඒ නිසා කලාත්මක ඡායාරූප හොයන්න යන්න එපා Coverage එකක් අස්සෙ. එහෙම උනොත් වෙන්නෙ ඒ අවස්තාවට අදාල දේ මගහැරෙන එක. 

තැනකට ගියාට පස්සෙ මම වටේම ඇස් කරකවල බලනව ඇහැ නවතින තැනක් ලැබෙනකම්. මේක වෙලාවකට මම කාචය ඇතුලෙනුත් බලනවා, වෙලාවකට සාමාන්‍යය විදියට. කොහොමහරි වටේම ඇස් දෙක කරකවල කරකවල මම හොයාගන්නව තැනක් දෙකක් සමහරවිට තුනක්. ඒ වගේ මගෙ ඇස ගැටුනු තැන් කීපයක් තමයි "මුහුනු". ඊට පස්සෙ මම පොඩ්ඩක් හිතන්න ගන්නවා, ඇත්තටම මට වැටහුමක් නෑ හිතන්නෙ කැමරාව ඇහේ තියාගෙනද නැතුවද කියල.
#කොහෙද මම ඉන්නෙ
#මොකක්ද මෙතන වෙන්නෙ
#කවුරු දිහාද මම බලන් ඉන්නෙ
#එයාට මේක කොහොම දැනෙනව ඇතිද
ඔන්න ඔය සරළ කාරනා කිහිපය මුල් කරගෙන මම පොඩ්ඩක් විතර උත්සහ කරනව අනාගතය දකින්න, ඊලග මොහොත කොහොම වෙයිද කියල මමම ටිකක් හිතල බලනවා. අන්න එතනදි ඔලුවට අදහසක් එනවා මෙතන මෙහෙම දෙයක් වෙයි කියල. බොහෝ වෙලාවට ඒ දෙය වෙනවා. මම අල්ලගන්නවා!
තවද කුඩා දරුවන්ගෙ ඡායාරූපයන් ගැනීම සදහාද මෙවැනි ක්‍රමවේදයක් අනුගමනය කල හැකියි, පොඩි උන්ට ඉතින් බලන්න හිනාවෙන්න කිව්වට තේරෙන්නෙ නෑනේ. මේ පෝස්ට් එක ඒ ගැන

මේ ඒ වගේ හසුකරගැනීමක්......................
ඒ වගේම තමයි මම හිතෙන් උත්සහ කරනව එතන ඉන්න අය හෝ කෙනෙක් උපයෝගී කරගෙන පසුතලයේ ඇති දෙයක් හෝ තවත් අයෙක් සමග ගලපමින් යම් කතාවක් ගොඩනගන්නත් වෙලාවකට මම උත්සහ කරනව.....
ඒක ගැනනම් කියල දෙන්න මම දන්නෙත් නෑ, මොකද කියනවනම් ඒක තමාටම ආවේනික දෙයක්.

2. තාක්ශනයේද උදව් ඇතිව යමක් නිර්මාණාත්මකව එලිදැක්වීම

බොහෝවෙලාවට මංගල ඡායාරූපකරණයෙදි මේ දෙය වැදගත්වෙනවා (නමුත් ඒ සඳහාම මෙය වෙන්වන්නෙ නෑ). මේක කරන්නත් තමන් සතු උපකරණ පිලිබඳව අවබෝධයක් මෙන්ම ඡායාරූපයන්ට පෙනීසිටින අයගේ ස්වඹ්හාවයත් ඔවුන්ව ඡායාරූපයන්ට හසුකරගන්නා ආකාරය (Poses) ගැන දැනීමකුත් අවශ්‍ය වෙනවා.
සමහර අයට ඡායාරූපයකට පෙනීසිටීමේදී හැගීම් පෙන්වන්න අමාරු විය හැකියි, ඒ වෙලාවේදි ඔව්න්ගේ සමීප රූප වෙනුවට යම්තාක් දුරකින් ගන්නා නොයෙක් ක්‍රියාකාරකම් පෙන්වන ආකාරයේ ඡායාරූපයන් ගැනීම වැදගත්.
හැමෝගෙම මුහුනේ හැඩයන් එක සමාන වන්නේ නැහ. කෙනෙක්ගේ මුහුනක් ලස්සනට පෙනෙන්නේ කුමන ආකාරයකටදයන්න ඡායාරූපශිල්පියා දැන සිටිය යුතුයි.ඒ සඳහා මුහුනේ හැඩතල බොහෝසෙයින් බලපානුලබයි. මම ගත්ත photo ටිකක් මෙතනින් බලන්න පුළුවන්

ඔය මොනම ආකාරයේ ඡායාරූපයක් ගත්තත් ඒවාට පෙනීසිටින්නන්ගේ ප්‍රාණවත් ගතිය මෙන්ම හැගීම් දනවනසුලු ආකාරයන් ඡායාරූපය තුලින් පෙන්වීම ඉතා වැදගත්.හරි මොහොත අල්ලගන්න තමයි ඕන. අර කතාවකුත් තියෙන්නෙ වෙලාව හරිනම් බඹරෙ වැල්ලෙත් කැරකෙනවද මොකක්ද කියල :D

ඊලගට settings ගැන ටිකක් ලියන්න කියල හිතුවෙ, ගොඩක් අයගෙන් ඉල්ලීම් තියන නිසා.....

19 comments:

  1. ඉක්මනටම උත්තරේ දීපු එකට ස්තුතියි සමීර..
    දැන් එහෙනං ට්‍රයි කරලා බලන්න කාලේ හරි මටත් මෙවුවා..
    ජය වේවා!!!!
    සිනා බෝ වේවා!!!!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්, ලබන මාසෙ සන්නද්ද වෙන්නනෙ ඉන්නෙ කැමරාවෙන් :D

      Delete
  2. Ela ela
    Ithuru evvath dqanna apita wedagath vevi........

    ReplyDelete
  3. නියමයි..!!
    ජයෙන් ජය..

    ReplyDelete
  4. අඩේ උම්ම්ම්ම්ම්මා
    මරු ඇ

    ReplyDelete
  5. පට්ටයි නෙහ්...

    ReplyDelete
  6. ටැන්කෝ ඈ විස්තරේට :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  7. එල එකක් අයියේ එල එකක්.සුබ.දිගටම ලියමු :)

    ReplyDelete