ස්තුතියි ! කියවන එක තමයි ලොකුම හයිය !

Tuesday, February 12, 2013

සොඳුරු මතකයක්.......

කාලෙකට පස්සෙ ලියන්න හිතුනා. ඇත්තටම ලියන්න හැමවෙලේම හිතුනට ලිව්වෙ නෑ. එක එක හේතු නිසා. ඒ නිසා ඔන්න කාලෙකට පස්සෙ සොඳුරු මතකයක් ගැන ලියන්න හිතුවා. හිතන්නෙපා ලවක් ගැන කියල.

පොඩි කැමරා හෙවත් compact කැමරා කාලයක් තිස්සෙ පාවිච්චි කලාට පස්සෙ කාලය ආවනේ මටත් DSLR එකක් ගන්න. ඒ ගැන පරන පෝස්ට් එකක දැම්මා, ආපහු මතක්වෙන්න කියල ඒකෙන් කොටසක් දාන්නම්කො.

"නිකොන් ඩී3000 කියල කැමරාවක් තියනවලු , පොඩි ගානයිලු වැඩිත්. ලෙන්ස් මාරු කරන්නත් පුලුවන්ලු ! ඔන්න ඉතින් ඒපාර මැජික් හොඳ එක. දැන් තව 15000 හොයපන්කෝ!!! ඔන්න තව මාස ගානක් වේලිලා වේලිලා අන්තිමට අම්මගෙන් ඉල්ලගෙන මමත් සල්ලි දාලා ඒ ගානත් එකතු කරගත්තා. ඔන්න ආපහු වෙඩිමක් සෙට් උනා උදව්වට යන්න. ෆොටෝ ග්‍රැෆරයා ගෙනත් තිබුනෙ 3000 එකක්. කොහොමෙන් කොහොමහරි කපල් එක නටන වෙලේ මිනිහ නෑ (ගෝලයත් එක්ක බොනවා), කැමරාව මේසෙ උඩ! මට ඉතින් ෆොටෝ ගන්න අවස්තාව ලැබුනා! එදා තමයි මම 3000 එක පාවිච්චි කරපු පළවෙනි දවස . කරුමෙකට වගේ එදාම ඒක එපා වුනා! අම්බානට නොයිස්. මට හිතුනා ඕක ගත්තොත් මම ෆොටෝගැෆිත් අතහරී කියලා! කොහොමත් මට ඒක ඇල්ලුවෙම නෑ.... ඉතින් ඒ අදහසත් අතහැරියතරි හමන් තීරනයකට එනකම්.
ටික දවසක් යද්දි මම නිකොන් සයිට් එකේ දැක්කා නිකොන් D5000  කියල එකක් තියනවා. මට සමහරවිට ඒක මිස් වෙන්නත් ඇති ගිය පාර.කියන විදියටනම් හොදයි වගේ! තකහනියක්ම ෆොටෝ ටෙක්නිකා එකට ගිහින් ඇහුවා බඩු හෑව්ද කියලා! කරුමෙට ඒගොල්ලො ගෙන්නලත් නෑ. ගේන්නලු ඉන්නෙ හැබැයි මාසෙකටත් වඩා යයිලු. ගානත් 1,04 වෙනවා කිව්වා... මමත් තැන්කූ කියල එන්න ආවා! ඊට පස්සෙ මම ආවා පානදුරේ තැනකට. එතනින් ඇහුවම කිව්වා තාම ගෙනල්ලා නෑ, ඕනනම් ගෙනත් දෙන්නම් කියලා, ගානත් ශේප් , 75000 කියලයි කිව්වෙ! ඔන්න තාත්තගෙත් දතක් ගලවලා 75ක් හදා ගත්තා. ඔන්න පෙරුම් පුරල පුරලා 2010-06-12 වෙනිදා නිකොන් D5000 එකක් ගත්තා. අරන් පහුවදාම 21 උපන්දින ඇල්බම් එකක් කරන්නත් ලැබුනා... එදා ඉදලා මගේ ෆොටෝ බර ගානකට විචාර දුන්නෙ අම්මා තමයි. ඔන්න පොඩි එකා SLR එකක හිමිකරුවෙක් උනා! ඔන්න එදා ඉඳන් ගොඩක් දේ කලා මම මගේ කැමරාවෙන් . ෆොටෝග්‍රැෆි විතරක් නෙමෙයි ජීවිතය ගැන පවා මම ඉගනගත්තා, තාමත් ඉගන ගන්නවා......"

දැන් කියන්ගියේ කොහොකැරාතෝත්තෙ ගේ තාවක්.

ගේ ටේහිටියෙ හෙත් ඒ කාවිදැගෙහිපු ඔක්කොෆොටෝග්‍රැෆර්ලා රීල් කැරා පාවිච්චි ලා අනික් අඩිජිටල් ත්නිසා මන්ඩිජිටල් වෙන්න ඕකිලා හිතාගෙඩිජිටල් කැරා ත්ත අමිසක් ඩිජිල් ගැන අ්‍යරල ත්ත අනම් නෙමෙයි. ඒ නිසා අහන්ප්‍රශ්තිබුට අහන්න අහිටිට උත්තිබ්නැති එයි අන්තිට උනේ.

තින් තීලා හැකි විදිවැඩේ ගොදාගන්න. දැන් ගේ ඔකැරාතුලෙ තියන දේවල් ගැන ලොකු දැනුමක් නොතිබුනාට ඒ වෙද්දි කෑලි ගැදැනුමක් නැති උනාට අනුන්ගෙ කැරා කිහියක් පාවිච්චි තිබුනු නිසා පොඩි අසක් තිබුනා කැරාවෙ ෆෝසින්, නොයිස් ගේ දේවල් ගැන. Nikon D90 පාවිච්චි තිබ්නිසා ට ඕන උනා ඒකිට්ටු performance තිමුත් ඊඩා මිලෙන් අඩු එකක් ගන්න. එහෙද්දි ලැබුනු දේ යි Nikon D5000 කැරාව. ත් ඒතිකාත් දන්නෙත් නෑ............

රන්පුළුවන් එදේ අන්තර්ජාමාර්යෙන් හොන එවියි..........
ත් ල අන්තිනිගමට එන්තීලා.
වස්ගෙකම්පියුයක් තිබ්ට ඉන්ටර්නෙට් නෑ. අගේයි ඒ කාලෙත් කඩ්ඩ බෑබෑ. ( ඔව් ඉතින්, ඒ කාලෙ පුළුවන් වෙලා අබැරිවෙන්විදිකුත් නෑනේ ) ත්කිනම් කැෆේ ගිහිල්ලත් ගේම් ගැහුවා මිසක් වෙන කරපු දේකුත් නැති තරම්. ඉන්ටර්නෙට් එකේ හරිහමන් විදියකට යමක් හොයාගන්න තරම් දැනුමක් තිබුනෙත් නෑ. ඔන්න ඔතනදි තමයි මගේ අන්තර්ජාල විශාරද බුදු ෆිට් එක උදව්වට ආවෙ. ඒ තමා තරිඳු . මම කිව්ව මචන් මෙහෙම කැමරාවක් තියනව, මට මේකෙ හොඳ නරක හොයල ඕන කියල. කවදාවත් කැමරාව හදපු කම්පැනියෙන් කැමරාව ගැන වරදක් කියන්නෙ නෑනේ. ඊට පස්සෙ මම කලේ පෙන් එක උස්සන් කැෆේ ගිහින් මට අහුවෙන වෙබ් සයිට්/ පේජ් එක්කම තරිඳු හොයල දෙන ෆෝරම් සහ ඊට අදාල තොරතුරු අරගෙන ගෙදර එන එක. රෑ එලි වෙනකම්, ඇස් රිදෙනකම් ඒවා කියවපු එක. හුටා, කඩ්ඩ බෑ කිව්ව නේද? එහෙනම් කොහොමද කියව්වෙ? වෙබ් පිටු ටික ඕපන් කරගෙන වතුර කෝප්පෙ පැත්තකින් තියාගෙන අර ලොකු මලලසේකර ශබ්දකෝසෙ අනික් පැත්තෙන් තියාගෙන තමයි ඕවා මම කියව්වෙ. කොහොමහරි කියවන්න පුළුවන් තරමක් කියවලා කැමරාව ගන්න තීරණය කලාටත් පස්සෙ දවසක තරිඳු කතාකරල කිව්ව එයාගෙ යාලුවෙක්ගෙ යාලුවෙක්ද කවුද ගත්ත 5000 එකක මොකක්ද අවුලක් ඇවිල්ලා කියලා. ඔන්න ආපහු ඔලුව උඩ හිටගෙන කල්පනා කරන්න ඕන ප්‍රශ්නයක්......... හිතුවා හිතුවා හිතුවා බැරිමතැන හිත පැත්තකින් තබා තීරනය කලා ඔන්න ඔහේ ඕක ගන්නවයි කියල. ඇයි යකෝ හිතන එකටත් සීමාවක් තියෙන්න එපැයි.

ඉදිරියෙදි කැමරාවක් ගන්න හිතන් ඉන්න අය වෙනුවෙන් Facebookහි Photo Talk කන්ඩායම එකතුවෙලා හැදුවා පොඩි Doc එකක්. ඒකෙ තියනවා. නිකොන් සහ කැනන් කැමරා භාවිත කරන අයගේ විස්තර. ඒගොල්ලන්ගෙ කැමරාව මොකක්ද කියන එකත් එක්කම. ඉති ඕන කෙනෙක්ට දැන් පුළුවන් අදාල අයගෙ ෆොටෝ බලල ඒගොල්ලො එක්ක සින්හලෙන්ම කතාකරලා, ඒ අය කැමතිනම් මුනගැහිලම තමන් ගන්න හිතන් ඉන්න කැමරාව ගැන දැනුම ලබාගන්න.


මම මේ කතාව බෙදාගන්න හිතුවෙ වෙන මොකකටවත් වඩා අවුරුදු තුනකට කලින් මම හිටපු තැන සහ අද මම ඉන්න තැනත් එක්ක අද දවසෙ කැමරාවක් ගන්න හිතන් ඉන්න කෙනෙක්ට කොතරම් ක්‍රම මගින් තමන්ට ඕන දැනුම සහ තොරතුරු එක්කරගන්න පුළුවන්ද කියන එක ගැන අදහසක් ගන්න. ඇත්තටම කට්ට කාලා උනත් ඒ ලබාගත්ත දැනුම, අත්දැකීම් මතකයන් මාර සොඳුරුයි...............

ලගදිම නැවත හමුවෙමු! 

15 comments:

  1. කාට උනත් ආදර්ශයක් ගන්න පුළුවන් කතාවක් .

    ReplyDelete
  2. ara panadure shop 1 nama kiyanna puluwanda?

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. "මම කලේ පෙන් එක උස්සන් කැෆේ ගිහින් මට අහුවෙන වෙබ් සයිට්/ පේජ් එක්කම තරිඳු හොයල දෙන ෆෝරම් සහ ඊට අදාල තොරතුරු අරගෙන ගෙදර එන එක. රෑ එලි වෙනකම්, ඇස් රිදෙනකම් ඒවා කියවපු එක. හුටා, කඩ්ඩ බෑ කිව්ව නේද? එහෙනම් කොහොමද කියව්වෙ? වෙබ් පිටු ටික ඕපන් කරගෙන වතුර කෝප්පෙ පැත්තකින් තියාගෙන අර ලොකු මලලසේකර ශබ්දකෝසෙ අනික් පැත්තෙන් තියාගෙන තමයි ඕවා මම කියව්වෙ. "
    මත් මචන් ජීවිතයේ කාලයක් ම් උකුත් ම නොකර හිටපු ඊට පස්සේ කාලෙකදී මගේ හිතේ පොඩිකාලෙ ඉදන් තිබුන එක්තරා හීනයක් පස්සේ දුවන කොල්ලෙක්...ඒ ගමනදී උබ වගේම මාත් කටුකනවා...සමහර වෙලාවට හෙම්බත් වෙනවා...උබ අර උඩින් කියලා තියෙන දේ හරිම වටිනවා...සමහර වෙලාවට මම මහන්සි වෙන විදිහට හිතෙනවා මම විතරද මෙච්චර කටුකන්නේ කියලා..උබෙ කතාවත් හරියට 3idiots එක වගේ..ජීවිතයට හුගක් වැදගත්...මතකනේ රන්චෝමල් දාස් චාමෝල්ල දාස් චාන්චඩ් කිව්වා....තමන් කරන දේ විශිශ්ඨත්වයෙන් කරන්න..සාර්තකත්වය කලිසම ගලවගෙන තමන් පසුපස එයි..
    එල මචන් තෑන්ක්ස් මේ වගේ දෙයක් ලිව්වට..ලාචෝර් ලව් කතාවකට වඩා කොච්චර වටිනවද

    ReplyDelete
  5. Bohoma watina lipiyak Sameera aiya..
    DSLR ekakata wathkam harigiya kaleka ganna kalin upades pathannamko..

    Jayama wewa !!!

    ReplyDelete
    Replies
    1. කිසි ප්‍රශ්නයක් නෑ....

      Delete
  6. පුළුවන් නම් TTL ලයිට් ගැනත් ලිපියක් දාපන්කෝ අයියේ...

    ReplyDelete
  7. තරිඳුලා කොහොමත් ඉන්ටනෙට් විශාරදයෝ තමා ඈ...
    ඒ ඩොක් එක මාත් කියවලා බලන්නෝනා...

    ReplyDelete
  8. මමත් ෆොටෝ කෙරුවාව ගැන තනියම එක්ස්පෙරිමෙන්ට් කරන එකෙක් තමයි මම පාවිච්චි කරන්නේ 5100 එකක් කැමරා ගැන ලියවෙන ලිපි මම මගේ හිත ලිස්ට් එකට දාගෙන ඉන්නේ දිගටම ලියන්න

    ReplyDelete