ඕක දාගත්තට ඔය 6 හම්බෙන්නෑ, ඒත් තප්පරේකට හරි අර පාරෙ බැහැලා උඹේ මගේ මල්ලි
නංගිල වෙනුවෙන් කෑගහන ගුටිකන අර කොල්ලො කෙල්ලොන්ට දැනෙයි උන්ට බොරුවටහරි
උදව්කරනව කියල පෙන්නන එකෙක්වත් මේකෙ ඉන්නව කියල.
එක ලස්සන කෙල්ලෙක් තමාගෙ සෙක්සි ස්වීට් මූන වෙනුවට, හැන්ඩි කොල්ලෙක් තමාගෙ 6 පැක් එක වෙනුවට ඕක දැම්ම කියල උන් සතුටු වෙයි
ස්තුතියි ! කියවන එක තමයි ලොකුම හයිය !
Friday, September 28, 2012
Friday, September 21, 2012
බබාලා
එකපාරටම දාන්න හිතුන පෝස්ට් එකක්.
ඊයෙ මම ගත්තනෙ Nikkor 35mm 1.8f G ලෙන්ස් එකක්. ඒක ගැන මෙව්ව එකකුත් ලගදීම. ලෙන්ස් එක අතට හුරුවෙන්නත් එක්ක කියල පොඩි වැඩක් කලා ඒකෙන්.
අද ගියා යාලුවෙක්ගෙ වැඩකට බබාලා ටිකකගෙ ෆොටෝ ටිකක් ගන්න, ටිකක් කිව්වට දෙන්නෙක්. මේ එතන ගත්ත ටිකක්. එකම එක ෆොටෝ එකකට ගොඩක් හිත ගියා ඒකෙ තියන හෙවනැලි ගතිය නිසා! අනික් ෆොටෝසුත් හිතට අල්ලපු ෆොටෝවලින් කිහිපයක්.
පොඩි ළමයින්ගෙ ෆොටෝ ගන්න එක අමාරු වැඩක් . මොකද කියනවනම් ඒගොල්ලො එක්ක සන්නිවේදණය කිරීමේ අපහසුතාව නිසා. ඒ නිසා මම කරන්නෙනම් ලමයගෙ අම්මා හෝ තාත්තා ට කියනව ලමයාගේ මුහුන හැරවිය යුතු පැත්තට ගිහින් ලමයගෙ අවධානය ඇතිවන විදියට හැසිරෙන්න කියල. කැමරාව දිහා බලන්න ඕන වෙලාවට මම කියනව මගේ පිටිපස්සට ඇවිල්ලා මගේ ඔලුවට කිට්ටුවෙන් යමක් අරං සද්ද කරන්න කියලා ( සෙල්ලම් බඩුවක් වගේ ).
කොහොම උනත් මේක වෙලායන වැඩක්. ඉවසීම ප්‍රගුන කරන්න වගේම හරි මොහොතේදී ක්ලික් කරන්නත් පුළුවන් වෙන්න ඕන.
ඔන්න එහෙනම් මට ආස හිතුන ෆොටෝ එකේ වර්ණ සහ කලුසුදු ෆොටෝ දෙකක් ඇතුලු තව ෆොටෝ ටිකක් දානවා. ඕගොල්ලන්ගෙ අදහස් කියන්න.
යොදාගත් උපකරණ-
කැමරාව - Nikon D7000
Lens- Nikkor 35mm 1.8f G
Flash- Nikon SB700 ( using as a slave, diffused, single light )

Sunday, September 16, 2012
සුන්දර නිරුවත
මුලින්ම කියන්න ඕන මම මගෙ බ්ලොග් එක ලියන්නෙ මගෙ වචනෙන් නිසා කාගෙවත් ප්රතිපත්තිවත් කොහෙවත් තියන ආචාරධර්මවලින්වත් මට වැඩක් නෑ. නිසා චීත්ත කෑලි වගෙම පුරුශ බාග සහ එක එක අමාරුකාරයො නොකියව හිටියට කමක් නෑ.
එහෙනම් අද මම කතාකරන්නෙ මට තේරුන "නිරුවත් ඡායාරූපකරණය" කියන පොඩි බබාලට නෙමෙයි ලොකු බබාලට කරන්න තියන දෙයක් ගැන. ඉතින් පොඩි බබාලා හිතන්න බැරිනෑ යකො ඇඳුම් නැතුව ෆොටො ගන්න කාටද බැරි කියලා. ඇඳුමක් නැති පලියට ඒක "නග්න ඡායාරූපකරණය"ට අයිති වෙනවද කියන එකත් අපි කතා කරමු පසුවට. ඇත්තටම ලංකාව වගේ රටක නීතියෙන් ගත්තමත් එහෙම දෙකක් නැති තරම්, මොනා කරන්නද. ඌරොන්ට මොන සෞඛ්‍යද නේ......................................
මුලින්ම කියන්න ඕන වැලක තියන ජංගියක් දැක්කත් කෙලින් වෙන උන්ටමම් ඔය දෙකේ වෙනසක් නෑ කියන එක. ඒකට ඉතින් මමත් පලි නෑ.
එහෙනම් කතාකරමු මොකක්ද මේ සීන් එක සහ මේ සීන් එක අර සීන් එකෙන් වෙනස් වෙන්නෙ කොහොමද කියන එක.
ඒ වගේම කතා කරමු මේකෙ ඇති කලාව මොකක්ද කියන එකත්. ඇයි කෙනෙක් මේ වගේ දෙයක් කරන්නෙ, ඒකෙන් මොකක්ද බලාපොරොත්තුවෙන්නෙ කියන එක.
ඒ වගේම පොඩි පොඩි වැරදි මත ටිකක් , වැරදි වැටහීම් ටිකක් නිරවුල් කරගන්න උත්සහ කරමු
(අනේ මමනම් තාව මේවා අරං නෑ. ඔය දාලා තියන ඒවා නෙට් එකෙන් උස්සපු ඒවා බව කරුනාවෙන් සළකන්න)
මොකක්ද මේ නග්න ඡායාරූපකරණය කියන්නෙ. ඡායාරූපකරණය කියන්නෙ ආලෝකය උපයෝගී කරගෙන යම් වස්තුවක් තම කැමරාවේ සෙන්සරය මත නිවැරදිලෙස සටහන්කරගැනීමනම් ඔව් මේකත් එහෙම දෙයක් තමයි. එහෙනම ඇයි කට්ටියට මේවා දිරවන්නැත්තෙ. ලොකුම දේ තමා අපේ උන්ගෙ "හක්කෙ බුදුරැස් බොක්කෙ දඩමස්" තියරිය. ඒ වාගේම උන්ට බැරිකම, හැමෝටම බෑනේ මොඩ්ල්කෙනෙක්ට විසි තිස් දහස් ගානක් දීලා ශූට් එකක් කරල නිකං තමා ලග තියාගන්නත්, මාධ්‍යයට නිකුත් කරන්නහ් බැරි එකේ. සමහරවිට අර අපේ ගෑනුන්ව ඔලුව උඩ තියාගෙන කතාකරන "දැන් හිතට ගන්න ගෙදර ගිහින් අතටගන්න"කියන සඹ්හ්යත්වයද මොකක්ද එකත් මේකට බලපානව ඇති මම හිතන්නෙ.
එහෙනම් මේකත් තව කලාවක් කියන තැනට අපි ආවනේ. එහෙනම් මොකක්ද මේකෙ තියන වෙනස? වෙනස මෙතනින් කියල ඉරක් ගහලා වෙන්කරල පෙන්නන්න බැහැ. ඒ වෙනස තියෙන්නෙ තමන්ගෙ සංයමයෙයි! කෙල්ලෙක්ව හෝ කොල්ලෙක්ව අරං ඒ ශරීරයේ තියන හැඩතල සියුම්ව මතුකර දක්වමින් , ආලෝකය උපයෝගී කරගෙන ඒ ශරීරය සිත්තමක් තරම් ශාන්ත විදියට පෙන්වන්න පුළුවන්නම් ශිල්පියා සාර්තකයි. ඒ වගේම මේ කාර්යය සාර්තක කරගන්න ඡායාරූපශිල්පියා වගේ නිරූපණ ශිල්පියාත් ඒ සම්බන්ධව නිපුන අයෙක් විය යුතුයි. නැත්නම් වෙන්නෙ දෙන්නගෙම රෙදි ගැලවෙන එක විතරයි.
ඔන්න ඕක ගැන මමයි කෙල්ලෙකුයි පොඩි චැටක් දැම්මා! කියවල ඉමු........
මම
මෙයා මට කියාපි
"කවදහරි එයා බිරිඳක් උනාම එයා කැමති නෑලු එයාගෙ මිනිහා හතර වටේම ඉන්න ගෑනුන්ගෙ හෙලුව බලබල හිටියොත්, එතකොට ගෑනිගෙ අගයක් නැති වෙනවලු"
හුටා හොඳ පොයින්ට් එකක්. ඉතින් මම කිව්ව හික්මීමක්, සංයමයක් නැති කෙනෙක් නියුඩ් කරන්න ගියොත් ඒක අනිවා porn එකක් වෙනව කියල. කොහොමහරි බැරිම තැන එයාට යැව්ව ලින්ක් එකක්. හුටා ඒ පාර කියාපි එයා *** ( වෛද්‍ය අංශයට සම්බන්ධ) නිසා ඒවා අවයව විතරයිලු. ඒවා ගැන හැගීමක් ඇතිවෙන්නෑලු. කෙලියනෙ තාප්පෙටම. දැන් මොකක්ද කියන්නෙ. දැන්නම් නිකන් ඌරන්ට මොන සෞඛ්‍යද වගේ.
කොහොමහරි මම කිව්ව "අන්න එතන තමයි ඔයා ගොඩනගාගත්ත සංයමය තියෙන්නෙ"කියල, අන්න ඒ වගේ ඔයාට ඒවා අවයව විතරක් වගේම කලාකාරයෙක් ඒවලින් දකින්නෙ හැඩතල කියලා." අර එවපු ලින්ක් එක බලන්න කිව්වම කොහොමහරි ඒකත් බලලා කිව්ව "ආහ් ඒක නියුඩ් එකක්ද, ඒක ලස්සනයි"කියල.මම කිව්ව කලාකාරයා ඕකෙ දකින්නෙ සිරුරෙ මාංශපේශීන් සහ අවයව නිසා පෙනෙන හැඩතල එක්ක අඳුර හා ආලෝකය අතර කරන ගැලපීමක් කියල
දැන් ඊලග ප්‍රශ්නෙ
"ඉතින් යකුනේ ඇඳුම් ඇඳන් ඉන්න එකෙක්ගෙ හැඩතල පේන්නැද්ද බොලාට?"
මේකි අහන්නෙම කට උත්තර නැතිවෙන ප්‍රශ්නනෙ අප්පා. ඉතින් මමත් කිව්ව
" ඒ මොඩ්ල් ඉන්න ඉරියව්වෙන් එයාගෙ ඇගේ මැවෙන, මාංශපේශි පිහිටන ආකාරය නිසා ඇති උන හැඩතල තමයි ෆොටෝ එකේදි පේන්නෙ. නියුඩ් වෙනස් වෙන්නෙ රසවින්දනයත් එක්ක. හරියට ආලෝකයෙ හසුරවපු නියුඩ් එකකයි, නිකම්ම නිකම් පෝර්න් එකකිනුයි හිතට දෙන අදහස වෙනස්.
උඹ දැන් ඇඳුමක් ඇඳන්නම් ඉන්නෙ, කන්නාඩියක් ඉස්සරහට ගිහින් බලපං. බාත් රූම් ගියාම ගලවලත් බලපං වෙනසක් තේරෙයි" වෙන මොනා කියන්නද :O
කොහොමෙන් කොහොමහරි මමත් කිව්වනෙ ලංකාවෙ ඔය ෆොටෝ ගත්තට ඒව පබ්ලිශ් කරන්න බෑ, හුදෙක්ම තමන්ගෙ ආත්ම තෘප්තිය සඳහා පමනයි කියල. දැන් ඒකත් පැහැදිලි කරපංකො. මෙන්න මෙහෙමයි ඒ ටික උනේ.

- Sameera Rukshan Mendis
- මමනම් කවදාහරි nude shoot එකක් කරනව
- අම්මා කියනව එහෙනම් බඳින්නැතුව හිටපංලු
- ow aniwa wena ganunge ewa balanda yanwanm
- nobada hitapn
- paw badina gani ekai
මම
- යකො බඳින ගෑනිගෙ කරන්න බෑනේ
- ඔන්න ඔතනයි ප්‍රශ්නෙ තියෙන්නෙ
- porn වලයි nude photography වලයි වෙනසක් තියනව
- ඒක තේරුම්ගන්න ඔයාට බෑ
- කැත හිතක් තියන කෙනෙක්ට ඔය දෙකම එකක්
- e kiyne mata katha hithak thiyenne
මෙයා මට කියාපි
"කවදහරි එයා බිරිඳක් උනාම එයා කැමති නෑලු එයාගෙ මිනිහා හතර වටේම ඉන්න ගෑනුන්ගෙ හෙලුව බලබල හිටියොත්, එතකොට ගෑනිගෙ අගයක් නැති වෙනවලු"
හුටා හොඳ පොයින්ට් එකක්. ඉතින් මම කිව්ව හික්මීමක්, සංයමයක් නැති කෙනෙක් නියුඩ් කරන්න ගියොත් ඒක අනිවා porn එකක් වෙනව කියල. කොහොමහරි බැරිම තැන එයාට යැව්ව ලින්ක් එකක්. හුටා ඒ පාර කියාපි එයා *** ( වෛද්‍ය අංශයට සම්බන්ධ) නිසා ඒවා අවයව විතරයිලු. ඒවා ගැන හැගීමක් ඇතිවෙන්නෑලු. කෙලියනෙ තාප්පෙටම. දැන් මොකක්ද කියන්නෙ. දැන්නම් නිකන් ඌරන්ට මොන සෞඛ්‍යද වගේ.
කොහොමහරි මම කිව්ව "අන්න එතන තමයි ඔයා ගොඩනගාගත්ත සංයමය තියෙන්නෙ"කියල, අන්න ඒ වගේ ඔයාට ඒවා අවයව විතරක් වගේම කලාකාරයෙක් ඒවලින් දකින්නෙ හැඩතල කියලා." අර එවපු ලින්ක් එක බලන්න කිව්වම කොහොමහරි ඒකත් බලලා කිව්ව "ආහ් ඒක නියුඩ් එකක්ද, ඒක ලස්සනයි"කියල.මම කිව්ව කලාකාරයා ඕකෙ දකින්නෙ සිරුරෙ මාංශපේශීන් සහ අවයව නිසා පෙනෙන හැඩතල එක්ක අඳුර හා ආලෝකය අතර කරන ගැලපීමක් කියල
දැන් ඊලග ප්‍රශ්නෙ
"ඉතින් යකුනේ ඇඳුම් ඇඳන් ඉන්න එකෙක්ගෙ හැඩතල පේන්නැද්ද බොලාට?"
මේකි අහන්නෙම කට උත්තර නැතිවෙන ප්‍රශ්නනෙ අප්පා. ඉතින් මමත් කිව්ව
" ඒ මොඩ්ල් ඉන්න ඉරියව්වෙන් එයාගෙ ඇගේ මැවෙන, මාංශපේශි පිහිටන ආකාරය නිසා ඇති උන හැඩතල තමයි ෆොටෝ එකේදි පේන්නෙ. නියුඩ් වෙනස් වෙන්නෙ රසවින්දනයත් එක්ක. හරියට ආලෝකයෙ හසුරවපු නියුඩ් එකකයි, නිකම්ම නිකම් පෝර්න් එකකිනුයි හිතට දෙන අදහස වෙනස්.
උඹ දැන් ඇඳුමක් ඇඳන්නම් ඉන්නෙ, කන්නාඩියක් ඉස්සරහට ගිහින් බලපං. බාත් රූම් ගියාම ගලවලත් බලපං වෙනසක් තේරෙයි" වෙන මොනා කියන්නද :O
කොහොමෙන් කොහොමහරි මමත් කිව්වනෙ ලංකාවෙ ඔය ෆොටෝ ගත්තට ඒව පබ්ලිශ් කරන්න බෑ, හුදෙක්ම තමන්ගෙ ආත්ම තෘප්තිය සඳහා පමනයි කියල. දැන් ඒකත් පැහැදිලි කරපංකො. මෙන්න මෙහෙමයි ඒ ටික උනේ.

"matanm
10000000000 k dunnath
mama ehem
karnne ne
anna
niyaam poin 1k
athma
thrupthiya
kageda?"
"ඔයා *** කෙනෙක්
විදියට.
ඔයාට මොකෙක්හරි ලොකු
ලෙඩෙක්ව බාර
ඩීලා
ඔයා
එයාව
හොඳ
කලොත්
ඔයාට
ආත්ම
තෘප්තියක් ලැබෙන්නැද්ද?"
"ow,
aniwa"
"ඒ ඔයාගෙ
වෘතියනෙ
ඒ වගේ
තමා
ෆොටොග්රැෆර් කෙනෙක්ට
ෆොටොග්රැෆි
කියන්නෙ ආලෝකය
එක්ක
කරන
සෙල්ලමක්.
ආලෝකය හරියට
ගලපලා
කෙල්ලෙක්ව හසුරවලා
ඒ කෙල්ලගෙ නිරුවත දැකලා තව එකෙක්ට කලාත්මක හැගීමක් ඇතිවෙන විදියට ෆොටෝ ගන්න
නිකම්ම නිකන් ලොන්ත පෝල් වෙඩින් කැමරා කාරයෙක්ට පුළුවන්ද?''

"දැන්වත් තේරුනාද? "
හැබැයි ඉතින්
වැලේ
වනපු
ජංගියක් දැක්කමත් කෙලින්
වෙන
උන්
ගැනනම්
කරන්න
දෙයක්
නෑ
"oya e kiwa
tika mata sara wadi"
"ow"
ඇති යන්තං ඔව් කිව්වා !
Monday, September 10, 2012
Photo Meet-3
ලංකාවෙ වැඩිම ක්‍රියාකාරිත්වයකින් යුතුවූ ආධුනික ඡායාරූපශිල්පීන්ගේ ඡායාරූප කතාබහ සිදුවන Facebook කන්ඩායමවන Photo Talk මගින් මෙහෙයවන තුන්වන වැඩමුලුව 2012 සැප්තැම්බර්මස 29 වන සෙනසුරාදා පැවැත්වීමට නියමිටයි.
කට්ට්ය උදේ 7.45 වෙනකොට ගාල්ල දුම්රිය නැවතුම් පොල අසලට එන්න...
අපි උපරිම 8 වෙනක

න් බලලා වැඩ පටන් ගන්නවා..
පරක්කු වෙන්නෙපා
පරක්කු උනොත් ඉතින්..
විකල්පයක් නැත්තම් 077 - 5731987 සුරේශ්ට කතා කරන්න ..

වැඩසටහන් විස්තරය මෙසෙයි.
උදේ ආරම්භක වේලාවේ සිට 10.30 දක්වා
HDR පැනෝරාමා සහ බහුවිධ ඡායාරූපකරණයට අවශ්‍ය පින්තූර ගන්නා ආකාරය ප්‍රායෝගික වැඩ මුළුව
තේ විවේකය සහ ශාලාවට යාම
11 සිට 1.30 දක්වා ඡායාරූප සංස්කරණය HDR පැනෝරාමා සහ බහුවිධ ඡායාරූපකරණය
1.30 දිවා ආහාර.
2 සිට 3 දක්වා ප්‍රසාද් හපුආරච්චි මහතාගේ ඡායාරූප ප්‍රත්ෂේපණය.
3න් පසු රූමස්සල සංචාරය, ප්‍රායෝගික අභ්‍යාස වට මේස සාකච්ඡාව.

අයකිරීම රු.200 (වියදම් පියවාගැනීම සඳහා)
Saturday, September 8, 2012
ලොකු සීන් එපා
අපි පොඩ්ඩක් කතා කරමු කැමරාව වැඩ කරන විදිය ගැන. ආලෝක කිරන කාච පද්ධතිය දිගේ නියමාකාරයෙන් සෙන්සරය මතට පතනය වීම මගින් ඔය අපි දකින ඡායාරූප අංකිත මාධ්‍යයක් තුල සටහන් වීම සිදුවීම ඇරඹෙන්නෙ. ඒත් ඕක නිකම්ම වෙනවද? නෑ නේ, කැමරාව පිටුපස ඉන්න කෙනා අත තමයි ඒකත් තියෙන්නෙ, අත කිව්වට අත විතරද?
ඡායාරූප ශිල්පියෙක්හට ලැබෙන්නෙ එක මොහොතක්. ඒ මොහොත කියන්නෙ සමහරවිට පැය ගානක සංසිද්දියක් , වචන දහසක කතන්දරයක් කියන්න පුළුවන් වෙන එක රූප රාමුවක් වෙන්න පුළුවන්. ඒ වගේ සිදුවීම් වැරදිලා සටහන් වෙච්ච අවස්තා පවා තියනවා. සමහරවිට ඒකම විතරයි අදාල ශිල්පියගෙ ප්‍රසිද්ද රූප රාමුවකට තියෙන්නෙත්, නම් ගම් ඕන නෑනේ! ඉතින් මං කියන්න හැදුවෙ Wedding, Wild life, Macro, Portraits ඔය මොක වේවා ශිල්පියා මනා අවධානයෙන් ඉන්න කෙනෙක් විය යුතුයි. නැත්නම් වෙන්නෙ අවස්තාව මග හැරෙන එක විතරයි!
හැම අංශයකටම විශේශවූ දේවල් තියනවා. ඒ නිසා අපිට පුළුවන්නම් යම් දෙයක් ප්‍රගුන කරල ඉන්න ඒක හොඳයි කියලයි මමනම් හිතන්නෙ. ඊට පස්සෙ පුළුවන් තවත් පැත්තකට හිත යොමු කරන්න . නැත්තම් වෙන්නෙ දොස්තරලා Wildlife කියල හිතාගෙන Safari කරනව වගේ වැඩක්.
ඇත්තම කියනවනම් අදනම් කියන්න යන දේ ගැන මටවත් තේරුමක් නෑ.
මට කතා කරන්න ඕනනම් කැමරාව හසුරවන්නාගේ හැසිරීම ගැන. බලමු කොහෙන් නවතීද කියලා.........
ඔන්න ඉතින් පෙරුම් පුරල පුරල ගන්නවනෙ DSLR එකක් හරි මොකක්හරි හොදයි කියාගන්නා කැමරාවක්. එහෙම එකක් අරං ඒකෙන් කොහේහරි මොකෙක්හරි තියලා මූන කට පේන්න ෆොටො එකක් ගන්න පුළුවන් උන ගමන්ම සමහරු හිතනව "ආහ් දැන් මට වෙඩින් ෆොටොග්රැෆි උනත් කරන්න පුළුවන්" කියල. මම කියන්නෙ නෑ වෙඩින් වලට වඩා වන ජීවී ලේසියි කියලවත් වනජීවයට වඩා වෙඩිම ලේසි කියලවත්. ඔය හැම එකකටම ඊට ආවේනික ලක්ශන තියනවා. ඒ නිසා එකකට එකක් සමාන කරන්න පුළුවන්කමක් නෑ. ලොකු සීන් දාන අයගෙ ගත හැක්කකුත් නෑ. ඉදිරියකුත් නෑ, හැමදාම එකමතැන තමා. මොකද කියනවනම් යමක් අනුන්ට නොදෙන අයට අලුතින් යමක් ලැබෙන්නෙත් නෑ.
එක්කෙනෙක් එක්සිබිශන් එකක් තියලලු. ජනප්‍රිය ඩයල් එකක්ලු. ඉස්සරහම ගහලලු බෝඩ් එකක් මට අරෙහෙන් මෙහෙන් ඒරොප්පෙන් ලැබුනු ගෝල්ඩ් මෙඩල් බර ගානක් තියනව. මම මේකට එන අයගෙ කමෙන්ට් බලාපොරොත්තුවෙන්නෙ නෑ කියලා. ඒත් ඇතුලෙ පොතකුත් තියලලු බලන්න ආපු අයට ලියන්න. අනේ මම ගියානම් ලියන එක ලියනව "ආපු එවුන්ගෙ අදහස් එපානම් මොන ප**ටද යකෝ පොතක් තිබ්බෙ" කියලා. ඕන එකෙක්ගෙ පලවෙනි පියවර වේදිකාව නෙමෙයි. තමන් වටේ ඉන්න උන් ටික. ඒක අමතක මේ වගේ හැත්ත!
අපිට වෙලාවකට හිතෙන්න පුළුවන් තාත්ත දන්න ෆොටෝග්‍රැෆි, අම්ම දන්න මගුල වගේ දේවල්. ඇත්ත, ඒගොල්ලො ඒවානම් දන්නෑ තමයි ඒත් මනුස්සයෙක්ට ලං වෙන්නෙ කොහොමද, යමක් දියුනු කරගන්නෙ කොහොමද කියන එක ඒගොල්ලො අපිට වඩා දන්නව. අන්න ඒක ගොඩක් වැදගත් වෙන්න පුළුවන්! මටත් උපදෙස්දෙන ගොඩක් අය ඉන්නව, සමහරුන්ට කැමරාව ගැන දැනීමක් නැති උනාට ජීවිතේ ගැන දැනීම තියනව. කොහොමත් ඡායාරූපකරණය කියන්නෙ කැමරාවම විතරක් නෙමෙයි. ඡායාරූපයට හසුකරගන්නෙ මොකක්ද කියන එක ගැනත් දැනීමක් තියෙන්න ඕන. නැත්තං ඒක ලෝකෙ කොහේහරි වැදිච්ච විදියෙ ෆොටෝ කෑල්ලක් විතරයි!
ලංකාවෙ තරගෙකින් පදක්කමක් දිනපු එකෙක් මිසක් ඔය රට රටවලින් දින්නයි කියන උන් ඉන්නව නේ. ඒව ගැන කතා කරල වැඩක් නෑ. අපි හිතන්නෙ ඒ රටේ රජයෙන් දුන්නයි කියල. එන්ගලන්තෙන් දින්නනම් අපි හිතන්නෙ රැජින පදක්කම දීලා කියල. ඒත් ඉතින් ඇත්ත තත්වෙනම් එංගලන්තෙ තියන ඡායාරූප සංගම් දාහකින් එකකින් ලැබුනු පදක්කම්ක් කියන එකනෙ. ඒත් තමන් තීරනය කරන්න ඕන මම වැඩ කරන්නෙ පදක්කමක් වෙනුවෙන්ද රසිකයන් වෙනුවෙන්ද කියන එක. ඔය දෙකෙන් මොක උනත් ඒක තමන්ගෙ තීරනය නිසා ඒකෙ වරදක් නෑ.....
තැනකට ගියාම ඡායාරූපශිල්පියෙක් විදියට අනන්‍යතාවයක් තිබීම වැදගත්. ඒත් ඔක්කොම සුකුරුත්තන් වටෙන් එල්ලගත්ත පලියට හොඳ නිමාවකින්යුත් රූපයක් ලැබෙන්නෙත් නෑ. ඒකට ශිල්පීය දක්ශතාව තියෙන්නත් ඕන.
අනේ මංදා, ලියන්න ගත්ත එක ලියවුනෙත් නෑ.....
ඊලග දවසෙ වැදගත් දෙයක් ගැන තේරෙන සිංහලෙන්. ඒක වැඩිහිටියන්ට වඩාත් සුදුසු වේවි! කෙල්ලොනම් නොකියවන තරමටම හොඳා!

Subscribe to:
Posts (Atom)