ඔය මොන කැමරාවෙන් ෆොටෝ ගත්තත් ඒ කැමරාවට අදාල User Manual එක කියවල ඉන්න එකත් බොහොම වැදගත් වෙනව!
Compact Camera හෙවත් Point & Shoot
වෙන එකක් හම්බුනේම නැද්ද අහන්න එපා මේකෙ දාන්න. මේ තමයි මගේ පළවෙනි ඩිජිටල් කැමරාව. මම පහුගිය පෝස්ට් එකක මේක ගැන කිව්වනේ..... දැන් අහන්නෙපා කොඩැක් හොඳයිද කියලා.
සාමාන්‍ය මට්ටමක Picture Quality එකක් ගන්න පුළුවන් පොඩි (අගලෙන් 1/2.3) සෙන්සර් එකක් තියන කැමරාවක් තමයි Compact කැමරාවක් කියන්නෙ. වචනයේ හැටියටම ගත්තමත් Compact කියන්නෙ පොඩි කැමරාවක් අස්සට අත්‍යාවශ්‍ය අංග කිහිපයක් එකතු කර සාදන ලද කැමරාවකටයි. නමුත් ලොකු කල්පැවැත්මක් නැති වෙන්නත් පුළුවන්. මේකෙ විශේශත්වය වෙන්නෙ බොහෝදුරට ස්වයංක්‍රීය ලෙස ක්‍රියාකරමින් අදාල දත්තයන් ස්වයංක්‍රීයව යොදාගනිමින් අපට ඒ මොහොතේ හැටියට සුදුසු ආකාරයේ ඡායාරූපයක් ලබාදීම තමයි මේකෙන් කරන්නෙ. කෙටියෙනම කිව්වොත් "ඔබපු ගමන් ෆොටෝ එක එනවා."
(ගත්තා ගැහුවා , කිව්වොත් මොනා හිතයිද මංදා)

1. Auto
2. Scene mode
3. Programm
ඒවායින් ප්‍රධානම තුනක් ලෙස මම දකිනවා.
මුලින්ම Auto ගැන කතාකරමු
එක්කො කතාකරන්න දෙයක් නෑ. ඔක්කොම ඔටෝනේ. ෆොටෝ වදිනවා.
දෙවනුව Scene ගැන
මෙතනදි කෙරෙන්නෙ අපි ගන්නේ කිනම් දෙයක්ද යන්න කැමරාවෙන් තෝරා බේරා දීම. කොහොමත් ඕකෙන් ගන්නෙ ෆොටෝ තමයි. උදාහරනයක් ලෙස ගත්තම- Landscape, Candle Light, Sports, Macro, Portraits වැනි අංගයන් විස්සක් පමණ තිබෙන්නට පුළුවන්. අපිට තියෙන්නෙ අදාල Dial එක Scene වලට හරවලා, අපි ගන්න බලාපොරොත්තුවන ඡායාරූපයට අදාල පෙර සැකැස්ම ලබාදෙන එක විතරයි.
Programme සමහරවිට Autoවලදිම settings වෙනස් කරන්න පුළුවන්
මෙතනදිනම් අපිට නිදහස දෙනවා පොතේ හැටියටනම් ප්‍රධාන අංගයක්වන නමුත් මගේ හැටියටනම් ප්‍රධාන අංග දෙකක් වෙනස්කරල අපිට ඕන ප්‍රතිපළය ගන්න. පොතේ හැටියට ISO වෙනස්කරන්න ඉඩ දුන්නට , මගේ හැටියට ISO සහ Metering mode යන දෙකම වෙනස්කරන්න මෙම අවස්තාවේදී හැකියාව තියනවා.
කොහොමද එහෙනම් Pවලදි ෆොටෝ එකක් ගන්නෙ.
මුලින්ම තමන්ට තමන්ගෙ කැමරාව ගැන අවබෝධයක් තියෙන්න ඕන ඒකේ සීමාවල් පිලිබඳව දැනුමක්නම් තියෙන්නම ඕන.
මෙන්න මේවා තමයි ප්රෝග්රෑම්වලදි වෙනස් කරන්න පුළුවන්.
*ISO
ISO කියන්නෙ කැමරාවෙ සෙන්සරය ආලෝකයට දක්වන සංවේදනයයි. වැඩි ආලෝක තත්වයකදි ඒ කියන්නෙ හොඳ කට්ට අවුවකදිනම් අපි ගන්න වස්තුවෙ චලනයත් අඩුයිනම් ISO100 / 200 වගේ දැම්මත් ඇති. නමුත් ආලෝක තත්වය අඳුරු වෙන්න වෙන්න අපිට ISO වැඩි කරන්න වෙනවා. ඒ එක්කම Flash කරන්න පුළුවන්නෙ. කොහොමත් Compact කැමරාවලනම් ISO800 යන්නත් අමාරුයි. මොකද කියනවනම් ISO වැඩි වෙන්න වෙන්න ඡායාරූපයේ Noise ( අඳුරු ගෝෂාව ) වැඩි වෙනවා. ඒවා තමයි අපිට අඳුරු වෙලාවකදි ගත්ත ෆොටෝව්ල පුල්ලි පුල්ලි වගේ පේන්නෙ. ඒ නිසාම තමන්ගෙ කැමරාවෙ ISO තත්වය පිළිබඳව දැන සිටීම වැදගත්.
*Metering mode
මේකත් බොහොම වැදගත්. මේකෙන් තමයි අපි කැමරාවට කියන්නෙ අපි ඡායාරූපයට නගන වස්තුව පිහිටාතිබෙන්නෙ රූපරාමුවේ කුමන ප්‍රදේශයෙද කියන එක. ඒ අනුව අදාල ප්‍රදේශය නියමිතලෙස ආලෝකමත් වීම සිදුවෙයි. බොහෝ Compact කැමරාවලනම් තෝරාගැනීමට අවස්තා තුනක් තිබෙනවා.
මේ යෙදුම බොහොම වැදගත් වෙනවා Flash භාවිතයෙන් ෆොටෝ ගන්නා විටදී.....
1. Average , Multi,
මේ අවස්තාව යොදාගන්න ඕන අපි ගන්නෙ භූමි දර්ශනයක් වගේ දෙයක්නම්. රූප රාමුව පුරාවටම බොහෝදුරට සමාන ආලෝක තත්වයක් තියනවනම් මේක උචිතයි. මෙහිදී සෑම වස්තුවක්ම පැහැදිලිව පෙනෙනලෙස ලබාගන්න කැමරාව උත්සහ කරනවා. ඇත්තෙන්ම මෙහිදී සිදුවන්නෙ රූපරාමුවේ කිහිප පලකින් දත්ත ලබාගෙන ඒවායේ මධ්‍යස්ත අනාවරණයක් ලෙස ඡායාරූපය ලබාදීමයි.
2. Center Weight
මෙම අවස්තාව යොදාගන්න පුළුවන් අප ගන්නේ රූපරාමුවේ මැදට වන්නට තියන වස්තුවක්නම්.
මලක්, සමනලයෙක් හෝ එවැනි දෙයක්
3. Spot
බොහෝවිට Compact කැමරාවල Focusing point එක හෙවත් ෆෝකස් වියයුතු ස්තානය වෙනස් කරන්න බැහැ. එවැනි විටදී මෙය ක්‍රියාකරන්නෙ හරියටම මැද තිබෙන වස්තුව පැහැදිලි, නිවැරදි ලෙස ආලෝකමත් කිරීම සඳහාය. Focus pointඑක වෙනස්කල හැකිනම් අදාල ස්තානය නිවැරදිලෙස ආලෝකමත් කිරීම මෙමගින් සිදුවෙයි.
*White Balence
ෆොටෝ එක ගන්න මොහොතෙ වටපිටාවෙ තියන ආලෝක තත්වය අනුව මේක වෙනස්කරගන්න තයි තියෙන්නෙ.
AWB- Auto WB
Daylight- දිවා ආලෝකය
Cloudy- වැහිබර අවස්තාවක
Flash- flash එක යොදාගෙන ෆොටෝ ගන්න වෙලාවට
Incandense- ප්‍රති දීප්තන පහන් යටතේ
ඔන්න ඔයවගේ ටිකක් තමයි මූලිකවම තියෙන්නෙ....
ඔන්න ඔහොම තමයි කරන්න තියෙන්නෙ පොඩි කැමරාවකින් ෆොටෝ ගන්නවනම්.... ඔය කැමරාවෙ හදන්න ඕන දේවල්නේ.
තව දේවල් මගින් ගුණාත්මකබව වැඩිකරගන්න පුළුවන්. Click here fb link
වෙලාවක් තියනවනම් මේවත් බලන්නකො. You Tube
එහෙනම් කෝ බලමු ගත්ත ෆොටෝස්, එන්න මේ පැත්තට වැඩිදුර කතාකරන්න
නැවත හමුවෙමු !