ස්තුතියි ! කියවන එක තමයි ලොකුම හයිය !

Sunday, September 16, 2012

සුන්දර නිරුවත

මුලින්ම කියන්න ඕන මම මගෙ බ්ලොග් එක ලියන්නෙ මගෙ වචනෙන් නිසා කාගෙවත් ප්‍රතිපත්තිවත් කොහෙවත් තියන ආචාරධර්මවලින්වත් මට වැඩක් නෑ.  නිසා චීත්ත කෑලි වගෙම පුරුශ බාග සහ එක එක අමාරුකාරයො නොකියව හිටියට කමක් නෑ.

එහෙනම් අද මම කතාකරන්නෙ මට තේරුන "නිරුවත් ඡායාරූපකරණය" කියන පොඩි බබාලට නෙමෙයි ලොකු බබාලට කරන්න තියන දෙයක් ගැන. ඉතින් පොඩි බබාලා හිතන්න බැරිනෑ යකො ඇඳුම් නැතුව ෆොටො ගන්න කාටද බැරි කියලා. ඇඳුමක් නැති පලියට ඒක "නග්න ඡායාරූපකරණය"ට අයිති වෙනවද කියන එකත් අපි කතා කරමු පසුවට. ඇත්තටම ලංකාව වගේ රටක නීතියෙන් ගත්තමත් එහෙම දෙකක් නැති තරම්, මොනා කරන්නද. ඌරොන්ට මොන සෞඛ්‍යද නේ......................................

මුලින්ම කියන්න ඕන වැලක තියන ජංගියක් දැක්කත් කෙලින් වෙන උන්ටමම් ඔය දෙකේ වෙනසක් නෑ කියන එක. ඒකට ඉතින් මමත් පලි නෑ.

එහෙනම් කතාකරමු මොකක්ද මේ සීන් එක සහ මේ සීන් එක අර සීන් එකෙන් වෙනස් වෙන්නෙ කොහොමද කියන එක.

ඒ වගේම කතා කරමු මේකෙ ඇති කලාව මොකක්ද කියන එකත්. ඇයි කෙනෙක් මේ වගේ දෙයක් කරන්නෙ, ඒකෙන් මොකක්ද බලාපොරොත්තුවෙන්නෙ කියන එක.

ඒ වගේම පොඩි පොඩි වැරදි මත ටිකක් , වැරදි වැටහීම් ටිකක් නිරවුල් කරගන්න උත්සහ කරමු

(අනේ මමනම් තාව මේවා අරං නෑ. ඔය දාලා තියන ඒවා නෙට් එකෙන් උස්සපු ඒවා බව කරුනාවෙන් සළකන්න)


මොකක්ද මේ නග්න ඡායාරූපකරණය කියන්නෙ. ඡායාරූපකරණය කියන්නෙ ආලෝකය උපයෝගී කරගෙන යම් වස්තුවක් තම කැමරාවේ සෙන්සරය මත නිවැරදිලෙස සටහන්කරගැනීමනම් ඔව් මේකත් එහෙම දෙයක් තමයි. එහෙනම ඇයි කට්ටියට මේවා දිරවන්නැත්තෙ. ලොකුම දේ තමා අපේ උන්ගෙ "හක්කෙ බුදුරැස් බොක්කෙ දඩමස්" තියරිය. ඒ වාගේම උන්ට බැරිකම, හැමෝටම බෑනේ මොඩ්ල්කෙනෙක්ට විසි තිස් දහස් ගානක් දීලා ශූට් එකක් කරල නිකං තමා ලග තියාගන්නත්, මාධ්‍යයට නිකුත් කරන්නහ් බැරි එකේ. සමහරවිට අර අපේ ගෑනුන්ව ඔලුව උඩ තියාගෙන කතාකරන "දැන් හිතට ගන්න ගෙදර ගිහින් අතටගන්න"කියන සඹ්හ්‍යත්වයද මොකක්ද එකත් මේකට බලපානව ඇති මම හිතන්නෙ.

එහෙනම් මේකත් තව කලාවක් කියන තැනට අපි ආවනේ. එහෙනම් මොකක්ද මේකෙ තියන වෙනස? වෙනස මෙතනින් කියල ඉරක් ගහලා වෙන්කරල පෙන්නන්න බැහැ. ඒ වෙනස තියෙන්නෙ තමන්ගෙ සංයමයෙයි! කෙල්ලෙක්ව හෝ කොල්ලෙක්ව අරං ඒ ශරීරයේ තියන හැඩතල සියුම්ව මතුකර දක්වමින් , ආලෝකය උපයෝගී කරගෙන ඒ ශරීරය සිත්තමක් තරම් ශාන්ත විදියට පෙන්වන්න පුළුවන්නම් ශිල්පියා සාර්තකයි. ඒ වගේම මේ කාර්යය සාර්තක කරගන්න ඡායාරූපශිල්පියා වගේ නිරූපණ ශිල්පියාත් ඒ සම්බන්ධව නිපුන අයෙක් විය යුතුයි. නැත්නම් වෙන්නෙ දෙන්නගෙම රෙදි ගැලවෙන එක විතරයි.

 ඔන්න ඕක ගැන මමයි කෙල්ලෙකුයි පොඩි චැටක් දැම්මා! කියවල ඉමු........



  • Sameera Rukshan Mendis
    • මමනම් කවදාහරි nude shoot එකක් කරනව
    • අම්මා කියනව එහෙනම් බඳින්නැතුව හිටපංලු tongue
  එයා

    • ow aniwa wena ganunge ewa balanda yanwanm
    • nobada hitapn
    • paw badina gani ekai 

මම
    • යකො බඳින ගෑනිගෙ කරන්න බෑනේ
    • tongue
    • ඔන්න ඔතනයි ප්රශ්නෙ තියෙන්නෙ
    • porn වලයි nude photography වලයි වෙනසක් තියනව
    • ඒක තේරුම්ගන්න ඔයාට බෑ
    • කැත හිතක් තියන කෙනෙක්ට ඔය දෙකම එකක්
එයා

    • e kiyne mata katha hithak thiyenne
අපෝ මේක හොය හොය කොටන්න ගියොත් ගියොත් හෙට වෙයි බොල, කෙටියෙන් පවසමි මගෙ ආදරියේ කියල ඕන ටිකම කියල දාන්නම් ............
මෙයා මට කියාපි
"කවදහරි එයා බිරිඳක් උනාම එයා කැමති නෑලු එයාගෙ මිනිහා හතර වටේම ඉන්න ගෑනුන්ගෙ හෙලුව බලබල හිටියොත්, එතකොට ගෑනිගෙ අගයක් නැති වෙනවලු"

හුටා හොඳ පොයින්ට් එකක්. ඉතින් මම කිව්ව හික්මීමක්, සංයමයක් නැති කෙනෙක් නියුඩ් කරන්න ගියොත් ඒක අනිවා porn එකක් වෙනව කියල. කොහොමහරි බැරිම තැන එයාට යැව්ව ලින්ක් එකක්. හුටා ඒ පාර කියාපි එයා *** ( වෛද්‍ය අංශයට සම්බන්ධ) නිසා ඒවා අවයව විතරයිලු. ඒවා ගැන හැගීමක් ඇතිවෙන්නෑලු. කෙලියනෙ තාප්පෙටම. දැන් මොකක්ද කියන්නෙ. දැන්නම් නිකන් ඌරන්ට මොන සෞඛ්‍යද වගේ.

කොහොමහරි මම කිව්ව "අන්න එතන තමයි ඔයා ගොඩනගාගත්ත සංයමය තියෙන්නෙ"කියල, අන්න ඒ වගේ ඔයාට ඒවා අවයව විතරක් වගේම කලාකාරයෙක් ඒවලින් දකින්නෙ හැඩතල කියලා." අර එවපු ලින්ක් එක බලන්න කිව්වම කොහොමහරි ඒකත් බලලා කිව්ව "ආහ් ඒක නියුඩ් එකක්ද, ඒක ලස්සනයි"කියල.මම කිව්ව කලාකාරයා ඕකෙ දකින්නෙ සිරුරෙ මාංශපේශීන් සහ අවයව නිසා පෙනෙන හැඩතල එක්ක අඳුර හා ආලෝකය අතර කරන ගැලපීමක් කියල
දැන් ඊලග ප්‍රශ්නෙ

"ඉතින් යකුනේ ඇඳුම් ඇඳන් ඉන්න එකෙක්ගෙ හැඩතල පේන්නැද්ද බොලාට?"
මේකි අහන්නෙම කට උත්තර නැතිවෙන ප්‍රශ්නනෙ අප්පා. ඉතින් මමත් කිව්ව

" මොඩ්ල් ඉන්න ඉරියව්වෙන් එයාගෙ ඇගේ මැවෙන, මාංශපේශි පිහිටන ආකාරය නිසා ඇති උන හැඩතල තමයි ෆොටෝ එකේදි පේන්නෙ.  නියුඩ් වෙනස් වෙන්නෙ රසවින්දනයත් එක්ක. හරියට ආලෝකයෙ හසුරවපු නියුඩ් එකකයි, නිකම්ම නිකම් පෝර්න් එකකිනුයි හිතට දෙන අදහස වෙනස්. 
උඹ දැන් ඇඳුමක් ඇඳන්නම් ඉන්නෙ, කන්නාඩියක් ඉස්සරහට ගිහින් බලපං. බාත් රූම් ගියාම ගලවලත් බලපං වෙනසක් තේරෙයි" වෙන මොනා කියන්නද :O


කොහොමෙන් කොහොමහරි මමත් කිව්වනෙ ලංකාවෙ ඔය ෆොටෝ ගත්තට ඒව පබ්ලිශ් කරන්න බෑ, හුදෙක්ම තමන්ගෙ ආත්ම තෘප්තිය සඳහා පමනයි කියල. දැන් ඒකත් පැහැදිලි කරපංකො. මෙන්න මෙහෙමයි ඒ ටික උනේ.

 
"matanm 10000000000 k dunnath
mama ehem karnne ne
anna niyaam poin 1k
athma thrupthiya
kageda?"

"ඔයා *** කෙනෙක් විදියට.
ඔයාට මොකෙක්හරි ලොකු ලෙඩෙක්ව බාර ඩීලා ඔයා එයාව හොඳ කලොත් ඔයාට ආත්ම තෘප්තියක් ලැබෙන්නැද්ද?"

"ow,
aniwa"

" ඔයාගෙ වෘතියනෙ 
වගේ තමා ෆොටොග්රැෆර් කෙනෙක්ට 
ෆොටොග්රැෆි කියන්නෙ ආලෝකය එක්ක කරන සෙල්ලමක්. 
ආලෝකය හරියට ගලපලා 
කෙල්ලෙක්ව හසුරවලා
කෙල්ලගෙ නිරුවත දැකලා තව එකෙක්ට කලාත්මක හැගීමක් ඇතිවෙන විදියට ෆොටෝ ගන්න
නිකම්ම නිකන් ලොන්ත පෝල් වෙඩින් කැමරා කාරයෙක්ට පුළුවන්ද?''  
"දැන්වත් තේරුනාද? "

හැබැයි ඉතින් වැලේ වනපු ජංගියක් දැක්කමත් කෙලින් වෙන උන් ගැනනම් කරන්න දෙයක් නෑ
  
"oya e kiwa tika mata sara wadi"

"ow"

ඇති යන්තං ඔව් කිව්වා !