අපි පොඩ්ඩක් කතා කරමු කැමරාව වැඩ කරන විදිය ගැන. ආලෝක කිරන කාච පද්ධතිය දිගේ නියමාකාරයෙන් සෙන්සරය මතට පතනය වීම මගින් ඔය අපි දකින ඡායාරූප අංකිත මාධ්‍යයක් තුල සටහන් වීම සිදුවීම ඇරඹෙන්නෙ. ඒත් ඕක නිකම්ම වෙනවද? නෑ නේ, කැමරාව පිටුපස ඉන්න කෙනා අත තමයි ඒකත් තියෙන්නෙ, අත කිව්වට අත විතරද?
ඡායාරූප ශිල්පියෙක්හට ලැබෙන්නෙ එක මොහොතක්. ඒ මොහොත කියන්නෙ සමහරවිට පැය
ගානක සංසිද්දියක් , වචන දහසක කතන්දරයක් කියන්න පුළුවන් වෙන එක රූප රාමුවක්
වෙන්න පුළුවන්. ඒ වගේ සිදුවීම් වැරදිලා සටහන් වෙච්ච අවස්තා පවා තියනවා.
සමහරවිට ඒකම විතරයි අදාල ශිල්පියගෙ ප්‍රසිද්ද රූප රාමුවකට තියෙන්නෙත්, නම්
ගම් ඕන නෑනේ! ඉතින් මං කියන්න හැදුවෙ Wedding, Wild life, Macro, Portraits
ඔය මොක වේවා ශිල්පියා මනා අවධානයෙන් ඉන්න කෙනෙක් විය යුතුයි. නැත්නම්
වෙන්නෙ අවස්තාව මග හැරෙන එක විතරයි!
හැම අංශයකටම විශේශවූ දේවල්
තියනවා. ඒ නිසා අපිට පුළුවන්නම් යම් දෙයක් ප්‍රගුන කරල ඉන්න ඒක හොඳයි
කියලයි මමනම් හිතන්නෙ. ඊට පස්සෙ පුළුවන් තවත් පැත්තකට හිත යොමු කරන්න .
නැත්තම් වෙන්නෙ දොස්තරලා Wildlife කියල හිතාගෙන Safari කරනව වගේ වැඩක්.
ඇත්තම කියනවනම් අදනම් කියන්න යන දේ ගැන මටවත් තේරුමක් නෑ.
මට කතා කරන්න ඕනනම් කැමරාව හසුරවන්නාගේ හැසිරීම ගැන. බලමු කොහෙන් නවතීද කියලා.........
ඔන්න ඉතින් පෙරුම් පුරල පුරල ගන්නවනෙ DSLR එකක් හරි මොකක්හරි හොදයි
කියාගන්නා කැමරාවක්. එහෙම එකක් අරං ඒකෙන් කොහේහරි මොකෙක්හරි තියලා මූන කට
පේන්න ෆොටො එකක් ගන්න පුළුවන් උන ගමන්ම සමහරු හිතනව "ආහ් දැන් මට වෙඩින්
ෆොටොග්‍රැෆි උනත් කරන්න පුළුවන්" කියල. මම කියන්නෙ නෑ වෙඩින් වලට වඩා වන
ජීවී ලේසියි කියලවත් වනජීවයට වඩා වෙඩිම ලේසි කියලවත්. ඔය හැම එකකටම ඊට
ආවේනික ලක්ශන තියනවා. ඒ නිසා එකකට එකක් සමාන කරන්න පුළුවන්කමක් නෑ. ලොකු
සීන් දාන අයගෙ ගත හැක්කකුත් නෑ. ඉදිරියකුත් නෑ, හැමදාම එකමතැන තමා. මොකද
කියනවනම් යමක් අනුන්ට නොදෙන අයට අලුතින් යමක් ලැබෙන්නෙත් නෑ.
එක්කෙනෙක් එක්සිබිශන් එකක් තියලලු. ජනප්‍රිය ඩයල් එකක්ලු. ඉස්සරහම ගහලලු බෝඩ් එකක් මට අරෙහෙන් මෙහෙන් ඒරොප්පෙන් ලැබුනු ගෝල්ඩ් මෙඩල් බර ගානක් තියනව. මම මේකට එන අයගෙ කමෙන්ට් බලාපොරොත්තුවෙන්නෙ නෑ කියලා. ඒත් ඇතුලෙ පොතකුත් තියලලු බලන්න ආපු අයට ලියන්න. අනේ මම ගියානම් ලියන එක ලියනව "ආපු එවුන්ගෙ අදහස් එපානම් මොන ප**ටද යකෝ පොතක් තිබ්බෙ" කියලා. ඕන එකෙක්ගෙ පලවෙනි පියවර වේදිකාව නෙමෙයි. තමන් වටේ ඉන්න උන් ටික. ඒක අමතක මේ වගේ හැත්ත!
අපිට වෙලාවකට හිතෙන්න පුළුවන් තාත්ත දන්න ෆොටෝග්‍රැෆි, අම්ම දන්න මගුල
වගේ දේවල්. ඇත්ත, ඒගොල්ලො ඒවානම් දන්නෑ තමයි ඒත් මනුස්සයෙක්ට ලං වෙන්නෙ
කොහොමද, යමක් දියුනු කරගන්නෙ කොහොමද කියන එක ඒගොල්ලො අපිට වඩා දන්නව. අන්න
ඒක ගොඩක් වැදගත් වෙන්න පුළුවන්! මටත් උපදෙස්දෙන ගොඩක් අය ඉන්නව, සමහරුන්ට
කැමරාව ගැන දැනීමක් නැති උනාට ජීවිතේ ගැන දැනීම තියනව. කොහොමත් ඡායාරූපකරණය
කියන්නෙ කැමරාවම විතරක් නෙමෙයි. ඡායාරූපයට හසුකරගන්නෙ මොකක්ද කියන එක
ගැනත් දැනීමක් තියෙන්න ඕන. නැත්තං ඒක ලෝකෙ කොහේහරි වැදිච්ච විදියෙ ෆොටෝ
කෑල්ලක් විතරයි!
ලංකාවෙ තරගෙකින් පදක්කමක් දිනපු එකෙක් මිසක් ඔය රට රටවලින් දින්නයි කියන උන් ඉන්නව නේ. ඒව ගැන කතා කරල වැඩක් නෑ. අපි හිතන්නෙ ඒ රටේ රජයෙන් දුන්නයි කියල. එන්ගලන්තෙන් දින්නනම් අපි හිතන්නෙ රැජින පදක්කම දීලා කියල. ඒත් ඉතින් ඇත්ත තත්වෙනම් එංගලන්තෙ තියන ඡායාරූප සංගම් දාහකින් එකකින් ලැබුනු පදක්කම්ක් කියන එකනෙ. ඒත් තමන් තීරනය කරන්න ඕන මම වැඩ කරන්නෙ පදක්කමක් වෙනුවෙන්ද රසිකයන් වෙනුවෙන්ද කියන එක. ඔය දෙකෙන් මොක උනත් ඒක තමන්ගෙ තීරනය නිසා ඒකෙ වරදක් නෑ.....
තැනකට ගියාම ඡායාරූපශිල්පියෙක් විදියට අනන්‍යතාවයක් තිබීම වැදගත්. ඒත් ඔක්කොම සුකුරුත්තන් වටෙන් එල්ලගත්ත පලියට හොඳ නිමාවකින්යුත් රූපයක් ලැබෙන්නෙත් නෑ. ඒකට ශිල්පීය දක්ශතාව තියෙන්නත් ඕන.
අනේ මංදා, ලියන්න ගත්ත එක ලියවුනෙත් නෑ.....
ඊලග දවසෙ වැදගත් දෙයක් ගැන තේරෙන සිංහලෙන්. ඒක වැඩිහිටියන්ට වඩාත් සුදුසු වේවි! කෙල්ලොනම් නොකියවන තරමටම හොඳා!