ස්තුතියි ! කියවන එක තමයි ලොකුම හයිය !

Thursday, April 16, 2015

Microsoft Lumia 535

පොඩි කාලෙ ඉඳන්ම අපි අතරෙ ජනප්‍රිය වෙච්ච Nokia ෆෝන් කම්පැනි එක microsoft ආයතනයෙන් ගත්තට පස්සෙ මයික්‍රොසොෆ්ට් නමින් වෙලඳපලට දාපු පළවෙනි ස්මාට් ෆෝන් එක තමයි Microsoft Lumia 535 කියන්නෙ. මේකේ මෙහෙයුම් පද්දතිය වෙන්නේ Microsoft Windows Mobile 8.1. වසර අවසානයට පෙර එය Windows mobile 10 වලට අප්ඩේට් වෙන්න නියමිතයි. බැලූ බැල්මටම මරු වගේ පේන්න හදල එවපු සහ කාටත් ගන්න පුලුවන් ගාණකට හදපු ෆෝන් එකක් තමයි මේක. මටත් ඉතින් හෙණ ආසාවක් හිතිලා ආපු ගමන් ගත්තා එකක්. එදා ඉඳන් අද වෙනකම් කට්ටිය මගෙන් අහනවා මේ ගැන. ඒ නිසා අහන ඔක්කොටම වගෙම අහන්න ඉන්න අයටත් එක්කම හරියන්න මෙහෙම හොයාගන්න පුලුවන් තැනක උත්තරයක් දාන්න කියලා හිතුවා.

Android ෆෝන් එකක් පාවිච්චි කරලා මේකක් ගත්තොත්නම් මුලින්ම මේකේ තියන user interface එක ටිකක් පැටලිලි සහගත වෙන්න පුළුවන්. ෆෝන් එකේ wallpaper එක උඩම තමයි කොටු කොටුවලට බෙදිලා ඇතුලේ තියන appsවල ශෝර්ට්කට් පිහිටලා තියෙන්නේ. ඒ වගේම අපි කැමති තරමක් අපිට ඕන appsවල ශෝර්ට්කට් දාගන්න වගේම අනවශ්‍ය දේවල් ඉවත් කරන්නත් පුළුවන්. එක වෙලාවකට එක පහසුයි වගේ. මෙනු එකට ගියා
ම උඩ සිට පහලට පේලියට ඉංග්‍රීසි හෝඩියේ පිලිවලට appsවල නමින් පෙළගැහිලා තියනවා වගේම අකුරක් උඩ ටච් කලාම ඉංග්‍රීසි හෝඩියම එනවා. එතනින් අපේ app එකකේ නමේ මුල් අකුර තෝරලා ඉක්මනින්ම app එකට යන්න පුළුවන් ........

ෆෝන් එකේ තියන ගත්ත අලුත අවුලක්දෝ කියලා හිතෙන දෙයක් තමයි ෆෝන් එක ඔෆ් කරලා චාජර් එකට සම්බන්ද කලත් ස්වයන්ක්රියවම on වෙලා චාර්ජ් වෙන්න ගන්න එක. ඒ කියන්නේ මේක off කරලා චාර්ජ් කරන්න බැ. ඒක ආරක්ෂක උපක්‍රමයක් කියලයි කියන්නේ. Android ෆෝන් එකක Google එකවුන්ට් එකක් වගේ මේක ගත්ත ගමන් Microsoft එකවුන්ට් එකක් හදාගන්න ඕන. එකේ තමයි අපේ දත්ත බැකප් එකක් විදියට ගබඩා වෙන්නේ. ෆෝන් එක on කල ගමන් ෆෝන් එක තියන තැන ගැන පණිවුඩයක් යනවා අපේ එකවුන්ට් එකට. අනිවාර්යයෙන්ම චාර්ජ් කරන්න වෙනවනේ, එතකො on වෙනවනේ. ඒ නිසා ෆෝන් එක නැති උනත් අපිට ලේසියෙන්ම තියන තැන හොයාගෙන lock කරන්න , ෆෝන් එකේ තිරයට පණිවුඩයක් යවන්න වගේම එකේ තියන දේවල් මකන්නත් පුළුවන්. එනිසා ඒ ක්‍රමයත් මරු වගේ.

Cortana කියන්නේ ලුමියාවල තියන personal assist ප්‍රෝග්‍රෑම් එක. කාලෙකට කලින් ෆෝන්වල ආපු Voice Command කියන දේ මතක ඇතිනම් එකේම දියුණුකළ දෙයක් තමයි මේක. මේක ඇපල්වල siri වගේම තමයි. සැම්සුන් වලත් S-voice කියලා එකක් තියනවා. අපිට එලාම් එක තියාගන්න, මැසේජ් එකක් ටයිප් කරගන්නවා වගේ සරල දේ ඉඳලා නොයෙක් තැන් සිතියමෙන් හොයාගන්න, මතක් කිරීම් තබන්න වගේම ජොලියට විහිළුවක් කරගෙන ඉන්නවත් මේක මරු. හැබැයි එක තවම හරියටම වැඩකරන්නේ ඇමරිකාව ඇතුළු රටවල් කිහිපයකට පමණයි.

ඇත්තටම කියනවනම් 535 කියන්නෙ සයිස් එකෙන් ලොකු උනාට මහලොකු හෙවත් පට්ට ස්මාර්ට්ෆෝන් එකක් නෙමෙයි කියලම වැඩේ පටන්ගන්නෙ කාටවත් අයියෝ කියලා හිතෙන්නනම් නෙමෙයි. අඟල් 5 ඩිස්ප්ලේ එකක් තිබුනත්, මෙගා පික්සල් 5 කැමරා දෙකක්ම තිබුනත් මේ ෆෝන් එකේ පිටතට නොපෙනෙන දේවල් විදියට යොදාගෙන තියෙන්නෙ අදකාලෙ ස්මාර්ට්ෆෝන්වලට ගන්න උපාංග අතරින් පහලම තියන ආකාරයේ දේවල්. ඩිස්ප්ලේ එක උනත් අඟල් පහක් උනාට පික්සල් 900*540 පමණ වන නිසා ලොකු කොලිටියක් පේන්නෙනම් නෑ. ආලෝකය අනුව ස්වයංක්‍රීයව තිරයේ ආලෝකය හදාගන්න ක්‍රමයකුත් මේකෙ  තියනවා. ප්‍රදානම දෙය වන ප්‍රොසෙසර් එක snapdragon 200 මාදිලියෙ නමුත් quad core එකක්. ඒ නිසා එක් අතකින් සාදාරණයක් වෙනවා වගේමතවත් පැත්තකින් අඩු ප්‍රභලතාවක් ඇති 200 ප්‍රොසෙසරයක් සහ Adreno 302 GPU නිසා ලොකු කැපී පෙනෙන මට්ටමේ quad core තරම් ක්‍රියාකාරීත්වයක් නොපෙන්වයි.. ඒ නිසා ගේම් ගහන්න බලාගෙන ෆෝන් එක ගන්නවානම් ලොකුවට 3D රෙන්ඩරින් ගැන බලාපොරොත්තු තියාගන්න එපා. Asphelt 8 වගේ ගේම් එකක් ගැහුවොත් පොඩ්ඩක් විතර frames drop වෙනවා වගෙත් දැනේවි. ඒත් 1gb ram එක නිසා multi tasking වගේම phone එකේ user interface එක සහ අනික් ක්‍රියාකාරකම් කිසිම හි‍රවීමක් නැතුව smooth වැඩ කරනවා. Snapdragon 200 වීම නිසා ඇතිවෙච්ච තවත් අවුලක් තමයි කැමරාවෙ වීඩියෝ පහසුකම hd නොවීම. 535 එකේ තියෙන්නෙ 480p 30fps ප්‍රමානයේ වීඩියෝ සයිස් එක. 720p වත් තිබ්බනම් හොඳයි දැන් තියන අනික් ස්මාර්ට්ෆෝන් එක්ක ගත්තම. හැබැයි android එකක් එක්ක බැලුවොත් ෆෝන් එක lag වෙන්නෙත් නැ , බැටරියත් හොඳයි.



අපිට දැන් ෆෝන් එකක නැතුවම බැරි දෙයක් තමයි සිංහල කියවීම වගේම ටයිප් කිරීමේ හැකියාව. සමහර android ෆෝන්වල මේක තාමත් නැ. හැබැයි වින්ඩෝස් ෆෝන්වල කිසිම ප්‍රශ්නයක් නැතුව බොහොම හොඳට සිංහල අකුරු පෙන්නුම් කරනවා. නමුත් තියන ප්‍රශ්නේ තමයි හරි හමන් සිංහල කි බෝඩ් එකක් නැතිවීම. නමුත් දැනට එකට තියන විසඳුම "හෙළබස"වගේ ap එකක් දාගන්න එකයි.එකෙන් අපිට පුළුවන් app එක ඇතුලේ ටයිප් කරලා අපිට ඕන තැනට paste කරන්න...... නමුත් වින්ඩෝස් 10 සිංහල කීබෝඩ් එකක් එන කතාවක් තියනවා.


un edited
un edited
ෆොටෝගැන බැලුවොත් ඉතා හොඳ මට්ටමේ මෙගා පික්සල් පහක
කැමරාවක් තියනවා. ඒකෙ පින්තූරවල ගුණාත්මකභාවයත් සැලකිලියුතු ඉහල මට්ටමක තියනවා. ඒ විතරක් නෙමෙයි කැමරාවට අදාල exposure , ඒ කියන්නෙ කෑමරාවට අදාල සෙටින්ස් ඔක්කොම වගේ මැනුවල් හදන්න පුලුවන් වීමත් විශේශයි. ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකකනම් මේදෙය කරන්න මුදල් ගෙවා ගතයුතු ඇප්ස් තියනවා.

5 mega pixel Front Camera එක ගැන කතා කලොත් පිටුපස කැමරාවට සාපේක්ශව පුළුල් කෝණී කාචයක් , ඒ කියන්නෙ සෙල්ෆි ගන්නවනම් වෙනදට වඩා තව කට්ටියව එකතුකරගන්න පුලුවන් වැඩි පදාසයක් පෙනෙන නිසා. ඒ වගේන මේ රේන්ජ් එකේ තියන අනික් ෆෝන්වල ඉස්සරහ කැමරාවට සාපේක්ෂව මේකේ සන්වෙදිතාවත් ඉතාම වැඩියි කියලා පාවිච්චිකරද්දී මට දැනුනා. විශේශයෙන්ම ෆෝන් එකේ තියන "Lumia Selfie"කියන ඇප් එක ආදාරයෙන් අපි ගන්න ෆොටෝ ඒ වෙලාවෙම සන්ස්කරණය කරලා ඒකෙ තියන වර්න, ආලෝක තත්වය හදලා වඩා හොඳ පින්තූරයක් තත්පර ගනනක් ඇතුලත අපිට දෙනවා වගේම අපිට ඕන විදියකට වෙනස්කම් කරගන්න අවශ්‍යවෙන templates කිහිපයකුත් කැමරාවෙ ඉහත ඇප් එකේම එනවා. ඒ නිසා අපි ගන්න සෙල්ෆිය තප්පර ගානක් ඇතුලත අපිට ඕන විදියකට එඩිට් කරලා සේව් කරන්න හෝ අප්ලෝඩ් කරන්න පුළුවන්.

ප්‍රදාන කැමරාව ගැන තව ටිකක් කතා කලොත් ඇන්ඩ්‍රොයිඩ් ගොඩක් ෆෝන් වල වගේ නෙමෙයි මේකේ
ගොඩක් දුරට කැමරාවට අදාල සෙටින්ස් අපිටම හදාගන්න පුලුවන් විදියෙ AUTO FOCUSING කැමරාවක් ලබාදීලා තියනවා. ඒ වගේම ප්‍රධාන කැමරාව led flash එකකිනුත් යුක්තයි. කැමරාව තෝරලාදෙන සෙටින්ස් ඇර අපේ සෙටින්ස්වලට ෆොටෝ ගන්න ඕනනම් කරන්න තියෙන්නෙ ෆොටෝ ගන්න තියන ලකුණ ටච් කරගෙනම ෆෝන් එකේ ඉහලට අදින එක. එතකොට ඔක්කොම සෙටින්ස් ටික පේන්න ගන්නවා. ඒ නිසා අත්වෙන පහසුකම් ගැන ටිකක් කතාකරමු. 

මේකෙ ශටර් ස්පීඩ් එක ( වම පැත්තේ තියන හතරවෙනි icon එක )අපිට හදන්න පුලුවන් බොහොම ලේසියෙන්ම. මෙතනදි තියන වාසිය තමයි අපි ෆොටෝ එක ගන්න වස්තුවෙ සෙලවීම අපි දන්න නිසා අපිට පුලුවන් තැනට අදාල විදියට ඕන කරන ශටර් ස්පීඩ් එක හදන්න පුලුවන්. අපි ගන්නෙ වේගයෙන් යන වාහනයක්නම් අපිට පුලුවන් ශටර් ස්පීඩ් එක වැඩි කරන්න. ඒ වගේම ස්ලෝ ශටර් දාලා නිර්මාණාත්මක යමක් කරගන්නත් ඒකෙන් පුලුවන්. අපි දෙන ශටර් ස්පීඩ් එක අනුව අනාවරණය ස්වයංක්‍රීයව හදාගන්න ක්‍රමයක් මේකෙම තියනවා.  

ISO ගැන ඊලඟට කතා කරමු. අපිට මේක පාවිච්චි කරන්න පුලුවන් එතන තියන ආලෝක ප්‍රමාණය අනුව. ෆෝන් එකක් නිසා ISO අගය 400 වඩා වැඩි කරලනම් වැඩක් නෑ. හොඳටම අවුව තියන වෙලාවකනම් Iso අගය 100 පමණ ගියත් ප්‍රශ්නයක් නෑ. නමුත් ආලෝකය අඩු වෙන්න වෙන්න ISO වැඩි කරන එකයි ක්‍රමය. එහෙම නැත්තන් මේකත් ශටර් ස්පීඩ් එක වගේම AUTO තියන්න පුලුවන්. 

අනික තමයි WHITE BALANCE . මේකෙන් වෙන්නෙ අපි ෆොටෝ ගන්න තැන තියන ලයිට් එක, මතක තියාගන්න ලයිට් එක කිව්වෙ එලියෙ තරම නෙමෙයි, මොකක් නිසාද ලයිට් එක ලැබෙන්නෙ කියන දෙය මෙතනින් තෝරන්න පුලුවන්. ඒ කියන්නෙ ඉර එළිය , ලයිට්, ෆ්ලෑශ් වගේ ආලෝක ප්‍රභවය තෝරන්න පුලුවන්. ඒ වගේ අවස්තාවට අනුව තෝරන්න පුලුවන්නම් එන ෆොටෝ එක තවත් හොඳයි. බැරිමනම් ඒකත් AUTO තියන්න ඉතින්.

ඒ වගේ හදලා ගන්න ෆොටෝ එකේ එලිය හරියන්නෙ නෑ කියමුකො. ඒ වෙලාවට තමයි ඔතන තියන EV ( කැමරා icon එකට උඩින් තියන 0.0 ලකුණ  )කියන කොටස වැදගත් වෙන්නෙ. ලැබෙන ෆොටෝ එක අඳුරුයි වගෙනම් EV ටිකක් වැඩි කරකර බලන්න. ඕනවට වඩා එලිය වැඩිනම් EV අඩු කරලා බලන්න. 

ඊට අමතරව ඕනනම් අපිට පුලුවන් ෆෝකස් කරන එක පවා මැනුවල් කරන්න. මැනුවල් කිරීමනම් එතරම්ම ප්‍රායෝගික වෙන එකක් නෑ කැමරාව එතරම් අතට හුරු නැත්තන්. ඒකත් ෆ්‍රී වෙලාවක කරලා බලන්න. 

ඔය ටික තමයි මූලිකවම කැමරාවෙ සෙටින්ස් ගැන කියන්න තියෙන්නෙ.  ඊට අමතරව ගන්න ෆොටෝ ඒ වෙලේම එඩිට් කරගන්න පුලුවන්වීම මේ ෆෝන් එකෙත් තියනවා. 

කැමරාව ගැන හැර අනික් දේවල් ගැන කතා කලොත් සයිට් එකේ තියන විදියට 3G සිග්නල් යටතෙ පැය 13 ආසන්න කාලයක් කතා කරන්න පුලුවන්. Data පාවිච්චි කරනවනම් ඉක්මනට බැටරිය බහිනවා. ඒ නිසා වයිෆයි පාවිච්චි කරන්න පුලුවන්නම් හොඳයි. කාලෙකට කලින් වගේ නෙමෙයි දැන් ලුමියා store එකේ ගොඩක් apps තියනවා... 

අවුල් ගැන කතා කරොත්නම් මුලින්ම ආපු ෆෝන්වල වගේ දැන් ෆෝන්වලනම් touch ප්‍රශ්නය බොහෝ දුරට
හදලා තියෙන්නෙ.  මේකෙදි ගොඩක් වෙලාවට වෙන්නේ අපි ඇඟිලි දෙකකින් ටච් කරද්දී ඒ ඇඟිලි දෙක එක කෙලින්ම පිහිටුනොත් එක අන්ගිල්ලකට අදාළ සංවේදනය නැතුව යන එක. නමුත් අලුත් අප්ඩේට් නිසා multi touch ප්‍රශ්නෙ දැන් එන්නේ ගොඩාක් අඩුවෙන්. මේ ෆෝන් එකේ තිබුන ලොකුම අවුලත් කොහොමහරි ගොඩදාන්න මයික්‍රොසොෆ්ට් කට්ටියට පුලුවන් වෙලා තියනවා.

ඉස්සල්ලා කිව්වත් වගේ ඩිස්ප්ලේ එකේ මහ ලොකු කොලිටියක් නෑ වගෙම පාට ගැනත් මටනම් ලොකු තෘප්තිමත්බවක් නෑ . Sound ගැනනම් මම තෘප්තිමත්. නමුත් ඒ ඔක්කොටම හරියන්න පුලුවන් තරමෙ හොඳ කැමරා දෙකක් දීලා තියනවා කියනවා කියලා මට හිතෙනවා... මයික්‍රොසොෆ්ට් එකෙන් මේ ෆෝන් එක හඳුන්වාදෙද්දි ඒගොල්ලො මුලට දැම්මෙත් කැමරා දෙක වගේම ඩිස්ප්ලේ එක. ඒ කැමරා දෙකේ තත්වය සහ විශාල ඩිස්ප්ලේ එක නිසා ඇත්තටම හොඳ පෙනුමක් ලැබෙනවා. 

අවසන් වශයෙන් කියන්න තියෙන්නෙ. මේක ගෙවන මිලට ඇත්තටම වටිනා ෆෝන් එකක්. වින්ඩෝස් ට්‍රයි කරන්න බලාපොරොත්තුවෙන කෙනෙක්ට වගේනම් මේක ගොඩක් හොඳයි කියලා මට හිතෙනවා. නමුත් කැමරාව කියන දෙය නොසලකා හැර බැලුවොත් මේ ගානට යන්න පුළුවන් මිට වඩා හොඳ specs තියන ෆෝන් එකක් තමයි සැම්සුන් ගැලැක්සි Core prime කියන්නේ. ඒ වගේම මිට වඩා හොඳ කාර්යක්ෂමතාවක් සහ හොඳ කැමරා පහසුකමක් බලාපොරෝත්තුවෙනවානම් ඕගොල්ලන්ට පුළුවන් Lumia 640 හෝ Lumia 735 වගේ ෆෝන් එකකට යන්න. දෙවැනි ෆෝන් එක විදියට මම මේක පාවිච්චි කරන නිසා මට ලොකුවට දැනෙන අඩුපාඩුනම් නැ. කොහොමත් මම ගත්තේ මුලින්ම ආපු ෆෝන් සෙට් එකේ ඒ කියන්නේ ඔක්කොම ලෙඩ එක්ක ෆෝන් එකක් උනත් දැනට මාස දෙකකට කලින් තිබ්බට වඩා දැන්නම් මේක ගොඩක් හොඳයි.

වින්ඩෝස් කිව්වම සමහර අයට පිටසක්වල වගේ දැනුනට , android වගේ රූට් කරලා කස්ටම් රොම් ගගහා ඔක්කොම වැඩ දාන්නේ නැතුව ගත්ත විදියටම පාවිච්චි කරන කෙනෙක්ටනම් වින්ඩෝස් කියන්නේ අවුල් නැති ෆෝන් එකක් කියලා මට හිතෙනවා ...........

29 comments:

  1. මාත් ඕකක් ගත්තා, අරන් මාස දෙකෙන් ඩිස්ප්ලේ එක කුඩු :( තාම හදාගන්න බරපැනක් දැරුවේ නෑ..

    ReplyDelete
    Replies
    1. කියක් යනවද? ඒවත් දැනගන්න එපැයි ?

      Delete
  2. අනිවාර්යෙන්ම! මං පාවිච්චි කරන්නේ Lumia 820 Carl Zeiss lens එකක් තියෙන්නේ! කැමරාව උපරිමයි!
    හිරවෙන්නේ නැතිව වැඩ! මටනං android වලට වඩා දාහෙන් සම්පතයි!

    ReplyDelete
  3. එල මචං..
    මං නම් auto mood <3

    ReplyDelete
    Replies
    1. චාර්ජ් කරනගමන් ෆෝන් එක භාවිතා කරන්න බෑ. කැමෙරා එක ZOOM කරන්නත් බෑ. අලුත් අප්ඩේට් එකක් එනකන් බලන් ඉන්නවා මම.

      Delete
  4. Windows 8.1 comes with Sinhala Language. By adding Sinhala Language in control panel, you can add Sinhala keyboard.
    Suneth Fernando.

    ReplyDelete
    Replies
    1. In mobile phone as well ? Can you please explain ?

      Delete
    2. I got Winbook TW700 tablet with Windows 8.1. In that I added Sinhala Language which automatically added Sinhala Keyboard.

      Delete
    3. http://www.geeksquad.co.uk/articles/how-to-change-the-language-on-the-microsoft-lumia-535

      Delete
  5. ගූඝල් ඩ්‍රයිව්,,ගූගල් මැප් සහ අපි කැමති ඇප්ස් දාගන්න බැරි එක නම් ටිකක් වාතයි..

    ReplyDelete
    Replies
    1. එක ඇත්ත ? androidනම් බ්ලොග් එක පවා ලියන්න පුළුවන්. මම මේ පොස්ට් එක ලිව්වෙත් blogger app එකෙන්

      Delete
  6. ඇත්තටම හොඳ post එකක්..සමීර..මම නම් තාම android බන්..

    ReplyDelete
    Replies
    1. මමත් තාම android තමයි. හැබැයි මම කියන්න හැදුවේ මේක ඉස්සර වගේ නෙමෙයි දැන් හොඳයි කියන එක

      Delete
  7. මේ වගේ දේවල් මට නම් ටිකක් තේරුම් ගන්න අමාරු උනත්.සමීර සරලව හැමදේම පැහැදිලිව ලියල තියෙන නිසා මං වගේ කෙනෙක්ටත් මේක කියවා තේරුම් ගන්න පුලුවන්. මේක ලියන්න වෙච්චි මහන්සිය සහ කැපවීම අගේ කරනවා....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි !
      අනුන්ගේ පවුල් බලාගත්තා ඇති කියලා හිතුනා :p

      Delete
  8. (හසී) සමීර අයිය... මේ ෆෝන් එකේ නැවිගේෂන් app අවුලක් තිනවා නේද?? +here drive වල ගොඩක් town පෙන්නන්නේ නෑ.. මම පාවිච්චි කරන්නේ GPS Voice Navigation කියල app එකක් එකෙත් අවුල් තීනවා

    ReplyDelete
    Replies
    1. නැවිගේෂන් නම් මට අල්ලුවේම නැ , එකපාරක් කොළඹ පාරක් හොයලා පෙන්නාවේ කිලෝ මීටර් 5000+ දුර රටක එකක් -_-

      කොහොමත් මම ලොකුවට නැවිගේෂන් පාවිච්චි කලේ නැ මේක වැඩිය එලියට ගෙනියන්නේ නැති නිසා

      Delete
  9. oka machan charge ekata gahala thiyeddi touch eka pissu kelinawa neda,update eken passe wunath?

    ReplyDelete
    Replies
    1. ඒ අවුලනම් තියාන්ව, අනික් ෆොන්වලත් එක තියනවා. එක වෙන්නේ ෆෝන් එක on එකේ චාර්ජ් කරද්දී හරියට චාර්ජ් නොවෙන නිසා ෆෝන් එකෙන්ම පෆොමන්ස් අඩු කරනවලු

      Delete
  10. maximum memory card size 128 GB kiyalane tiyenne. e unata intel 8GB tiyana nisa eta wada wedi memory card ekak demmoth phone 1 or memory card eka sauththu wenna puluwanda?? normally, koi wage memory card 1kda Honda?

    ReplyDelete
    Replies
    1. එහෙම කිසි සවුත්තු වීමක් වෙන්නේ නැ . කැමරාවත් hd නැති නිසා සාමාන්‍ය class4 මෙමරි එකක් දැම්මත් ඇති වේවි

      Delete
  11. mage lumia eken skype ynna behene.viber whatsapp download karannat be.microsoft account ekak hadagannat be.conect venna be kiyanava.bt fb yannai google yannat puluvan.ai me?

    ReplyDelete
  12. මාත් පාවිච්චි කරන්නෙ 535 එකක්...apps තමා අඩු😒

    ReplyDelete
  13. මාත් ලුමියා 830ක් පාවිච්චි කරනවා..කෝල් සහ මැසේජ් වලට...ඒ වගේම කැමරාවට...
    හුවාවියක් පාවිච්ව් කරනවා ඇප් වලින් අර ගන්න ඕනේ වැඩ වලට...
    තාමත් ඇප් ස්ටෝර් එක නම් ගොඩක් පිටි පස්සෙන් ඉන්නේ....සමහර විට ඉස්සරහට හරි යයි....

    ReplyDelete
  14. lumia hodai bro den apps ehamath godak teyanawa

    ReplyDelete