ස්තුතියි ! කියවන එක තමයි ලොකුම හයිය !

Tuesday, April 14, 2015

Attitudes - ඇලඩින්ගේ අහවල් එක



noun
1. manner, disposition, feeling, position, etc., with regard to a person or thing; tendency or orientation, especially of the mind:

ඕනෑම දෙයක් කලකට කලින් තිබුනා වගේ නෙමෙයි කාලයක් යද්දී එක සුලභ වෙන්න ගන්නවා.
කැමරාව කියන දෙය දැන් ඉතාම සුලභ දෙයක් වෙලා.කැමරාව විතරක් නෙමෙයි Photography කියන විෂයම දැන් ඕන කෙනෙක්ට ලේසියෙන්ම ළඟාවෙන්න පුළුවන් විදියේ අංශයක් බවටත් පත්වෙලා. එක ඇත්තටම ගොඩාක් හොඳ ප්‍රවනතාවක්. නමුත් එක තුල මේ කලාවට වෙච්ච හොඳ වගේම නරක මොනවද? මේක දැන් කියවන කීදෙනෙක් මේ කලාවට හොඳක් කරනවද නරකක් කරනවද ?

එක එක කෙනා කැමරාවක් ගන්නේ මොන හේතුවකටද කියන එක ඇත්තටම දන්නේ ගන්න කෙනාම තමයි. බොහෝවිට එයට හේතුව කාලයකට කලින් කම්පැක්ට් කැමරාවක් පාවිච්චි කරලා දැන් dslr එකකට යන්න , එකේ ගුණාත්මකභාවයවිඳින්න කැමතිවීම වෙන්න පුළුවන්. කෙටියෙන් කියනවනම් කම්පැක්ට් එක කොලිටි මදි වීම වෙන්න පුළුවන් . සමහරවිට කාලයක් ඉඳලා එකපාරම ලොකු කැමරාවක් ගැනීම වෙන්න පුළුවන්. සමහර අයනම් ගන්නේ අනික් එකා ගාව තියන නිසා. තවත් සමහරුන්ටනම් ඒක බෙල්ලේ එල්ලගත්තම පළඳනාවක් කියලයි හිතාගෙන ඉන්නේ

මේ මොන විදියෙන් උනත් , කවුරු උනත් මේ ගන්නේ මේ ලෝකයේ තියන කාල තරණය කරන්න පුළුවන් උපකරණයක්. ඔව් අපිට අතීතයට යන්න පුළුවන් කැමරාව අල්ලගන්න මතකයන් අපේ ඇස දෙක ඉස්සරහා තියාගෙන..............

අලුත් අවුරුද්දේ හිත රිද්දලා වැඩ අල්ලන්න ඕන නැති උනත් මම හිතුවා අපි සමහරු මේ උපකරණය එක්ක දරන ආකල්ප ගැන කතාකරන්න. මෙතනින් එහාට ලියවෙන්නේ මම ඉතා සුළු කාලයක් තුල ලබපු අත්දැකීම් !


ඇලඩින්ගේ අහවල් එක

සල්ලි බර ගානක් ගෙවලා තමයි කෙනෙක් බොහෝ වෙලාවට DSLR එකක් ගන්නේ. බොහෝ විට ඒ ගාන ලක්ෂය පනිනවා. ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැනේ එක මේ බ්ලොග් එක කියවන මට්ටමේ කෙනෙක්ට පොඩි ගානක් නෙමෙයි කියලා ( එක්කෙනෙක් කිව්වා පොෂ් අය බ්ලොග් කියවන්නේ නැ කියලා, පොෂ් නැතිඅයටනම් ලක්ෂය මහා ගානක් වෙන්න ඕන )
ගොඩක් ය දැනටමත් දන්නවා ඇති මම වැඩකරන්නේ CameraLK කියන තැන කියන එක. දන්නත්තන්ම් කමක් නැ එක ලොකුවට හිතන්න එපා.
ඉතින්හැමවෙලාවෙම වගේ DSLR එකක් ගන්න එන කෙනෙක්ගෙන් මම අහන ප්‍රශ්නය තමයි මීට කලින් කැමරාවක් තිබ්බද, තිබ්බේ මොකක්ද කියන එක ? ගොඩක් ය කියන්නේ ඩිජිටල් එකක් ( DSLRවල D කියන්නේ ඩිජිටල් තමයි ),  නොමර්මල් එකක් ( දැන් එතකොට උඹ ගන්න ආවේ ඇබ්නොර්මල් එකක්ද අහන්න හිතෙනවා ),  පොඩි එකක් ( දැන් ලොකුයිනේ ) වගේ උත්තර තමයි 85% විතර ලැබෙන්නේ. ඉතින් මට හිතාගන්න පුළුවන් අදාළ කෙනාගේ තියන දැනුම සහ බොහෝවිට අලුතෙන් ගන්න එකට වෙන්න යන විපත RIPDSLR.
 ඉතුරු 15% කියනවා මගේ ගාව තිබ්බේ මේ වර්ගයේ මේ මොඩ්ල් එක කියන එක,ඒ වගේ කෙනෙක් හම්බුනාම බොහොම ලේසියෙන් වැඩ කරන්න පුළුවන්
නිකමට හිතලා බලන්න, තමන් පාවිච්චි කරන කැමරාව මොකක්ද කියලවත් නොදන්නා එකෙක් අලුතෙන් දෙයක් ගත්තයි කියලා අපිට එහෙම එකෙක්ගෙන් යමක්  බලාපොරොත්තු වෙන්නත් පුලුවන්ද ? එතකොට කෙනෙක්ට කියන්න පුළුවන් "මම ගන්නේ මගේ සල්ලිවලින්"කියලා. ඇත්ත, එත් මම කතාකරන්නේ කලාව පැත්තෙන් හිතුවම.

ඕනෑම කෙනෙක් තමන්ගේ උස, බර , අම්මා තාත්තගේ නම වගේ දේවල් දන්නවා වගේ තමන් පාවිච්චි කරන වැදගත් දේවල්වල විස්තර දැනගෙන ඉන්න එක වටිනවා. ඒ අනුව තමයි තමන්ගේ හැකියාවන් සීමාවන් ගැන වැටහීමක් එන්නේ එතකොටයි දැනෙන්නේ මට මේකේ ගන්න පුළුවන් මේ වගේ එවයි කියලා. සමහරු හිතන්නේ කම්පැක්ට් කැමරාවක් පාවිච්චි කරලා 18-55 ලෙන්ස් එකක් එක්ක DSLR එකකට ගියාම කරන්න බැරි දෙයක් නැ කියල. ඒ උනාට 5x ඔප්ටිකල් සුම් තියන කැමරාවකින් තරම්වත් 18-55 සුම් කරන්න බැ. නමුත් හිතේ තියෙන්නේ තෝමස් විජයන් වගේ ෆොටෝ ගන්න ( ඒ පාර ඒ මොකාද ඒ කියලා හිතෙනවනම් නම ක්ලික් කරලා බලන්න )
සල්ලි හරි කියන්නේ ඔක්කොම හරි කියන එක නෙමෙයි.
තමන්ට මොනවද ඕන?
මොකක්ද බලාපොරොත්තු වෙන්නේ , මොනවද ෆොටෝ ගන්න ආස ,  මිට කලින් එහෙම ගත්ත ය ඉන්නවද, ඒගොල්ලෝ මොනවද පාවිච්චි කරන බඩු, ඇයි ඒගොල්ලෝ ඒවා පාවිච්චි කරන්නේ ? ඔන්න ඔවි මචන්ලා ප්‍රශ්න. මෙලෝ දැනුමක් නැතුව ලක්ෂයක් අරන් ඇවිල්ලා බඩු අරගෙන පස්සේ නහයෙන් අඬන්න එපා මිලියනයක බඩු තියන උඹ තාත්තගේ ඇටෙවත් නැති කාලේ ඉඳන් ෆොටෝ ගන්න ඉගනගන්න කෙනෙක්ගේ ෆොටෝවල තියන කොලිටිය එන්නේ නැ කියලා
මචන්ලා , ආදරෙන් කියන්නේ තරහකින් නෙමෙයි. මම වඩුවෙක්ගේ පුතෙක්, මට පරම්පරාවෙන් ආපු කැමරාවක් නැ. මමත් හෙනම මෑතකදී ඉගනගන්න පටන්ගත්ත කෙනෙක්


මන්තරයක් ජපකරන්නා වාගේ මේ රවුම කරකවලා






මේක උඩ නැගලා එබුවට



එකපාරටම සම්මානනීය ෆොටෝ එකක් ඩිස්ප්ලේ එකට එන්නේ නැ බන් ........... අහපන් ෆොටෝ ගන්න දන්නා කෙනෙක්ගෙන් කොච්චර කට්ටක් කාලාද එහෙම ෆොටෝ එකක් ගන්නේ කියලා.
මමනම් කියන්නේ ගන්න කැමරාව මුලින්ම එකට එන ලෙන්ස් එකත් එක්ක අරන් කලක් පාවිච්චි කරලා තමන් අනුගමනය කරන මාර්ගය තීරණය කරලා තව ලේන්ස්වලට යන්න කියන එකයි'. ගොඩක් ය නිතර දෙවේලේ සත්තුන්වම දකින නිසා අහපු ගමන් කියන්නේ වයිල්ඩ්ලයිෆ් කියන එක තමයි. හැබැයි ඊට වඩා දේවල් තියනවා ෆොටෝ ගන්න.

කැමරා අනිත්‍යය Count එක 


ඕනෑම කෙනෙක් කැමරාවක් අරන් ටික කලක් ගිහින් එක අතට හුරුවෙනකම් වගේම එකේ තියන දේවල් අතට හුරු වෙනකම් කොහොමත් ෆොටෝ 1000-2000ක් නාස්තිවෙන්න පුළුවන්. ඔන්න එතකොටම ඔලුවට එනවා කවුරුහරි බාගෙට උගන්නපු කතන්දරයක්.

shutter Count එක යනවනේ .
කට්ටිය හිතන් ඉන්නේ රීල් දාපු කාලේ වගේ නෙමෙයි දැන්digital නේ . ගත්තා බැලුවා හරියන්න නැත්තන් ආපහු ගන්නවා කියලා. ඊට පස්සේ මොකෙක් හරි ඇවිල්ලා කියනවා . "පිස්සුද බන් ඔකේ අහවල් එකක් තියනවා. එකේ ගන්න පුළුවන් ලක්ෂයයි. එක ගියාම හරි තමයි කියලා." ඔන්න මිනිහා බය වෙනවා නෙමෙයි ලෝබ වෙනවා. සමහරවිට කාගෙහරි අතට දුන්නම උ ෆොටෝ එකක් ගනිද්දී එකක් ගියෝ , දෙකක් ගියෝ, තුනක් ගියෝ කියලා හිතෙනවා ( අම්මපා මට උනත් තාමත් ලාවට ඕක දැනෙනවා, බොරු කියන්නේ මොකටද බන් )

මෙහෙමයි කතාව. මේ ටික කියලා ඉවර වෙද්දී උඹලා මට බැන බැන හිටියනම් කුනුහරපෙන්ම බනින්න පටන් ගන්නවා ෂුවර්.
ඔය කැමරාව ඇතුලේ තියනවනේ ශටර් එක කියලා කොටසක්. එකෙන් තමයි සෙන්සරය ආලෝකයට නිරාවරණය වෙන කාලය පාලනය කරන්නේ. හැම ෆොටෝ එකක් ගන්න වාරයකදීම ශටර් එක එහා මෙහා යනවා. හැම DSLR කැමරාවකටම අදාළ කැමරා ආයතනය මගින් යම් සහතිකකලවාර ගණනක් තියනවා. ඒ කියන්නේ ෆොටෝ ලක්ෂයක් ගන්නකම් ශටර් එකට වගකියනවා , ලක්ෂ එකහමාර, දෙක , හතර වගේ කැමරාව හොඳ වෙන්න වෙන්න ඒ කාලය වැඩි වෙනවා ! ඒ කියන්නේ ඉතින් කැමරාවේ යු කාලයම නෙමෙයි හැබැයි. ලක්ෂයක් ගත්තට පස්සේ ශටර් එක ගියොත් ආපහු එක අලුතින් දාලා වැඩ කරන්න පුළුවන්. සමහර වෙලාවට නෙමෙයි බොහෝ වෙලාවට ඔය කියන කාලයටත් වඩා ඕක කරන්න පුළුවන්. ඒ නිසා බය නැතුව ෆොටෝ ගන්න. අපි හිතමුකෝ කැමරාව ගත්තේ විනෝදාංශයක් විදියට හෝ ඉගනගන්න ෆොටෝ ගන්න කියලා. අවුරුද්දට දවස් 365 , දවසට 100 ගන්නේ ගත්තත් 36 500 .. ගණන් හදලා බැලුවොත් ඕක අවුරුදු තුනකට කිට්ටු වෙන්න පාවිච්චි කරන්න පුළුවන්.ඒ වෙද්දී අලුත් එකකට යන්න අවශ්‍යතාව නොදනුනොත් තමයි පුදුමේ.
කෝ එතකොට අර කුණුහරපෙන් බනින පාට් එක. එක තමයි මේක ශටර් එක ලක්ශේ වෙන්න කලින් කඩෙන දේවල් තියනවා බන් :p එක සමහරවිට ෆ්ලෑෂ් එක වෙන්න පුළුවන්, බැටරිය වෙන්න පුළුවන්. ලෙන්ස් එකේ රිබන් හෝ ලෙන්ස් එකට සම්බන්ද දෙයක් වෙන්න පුළුවන්. ඊට කලින් උඹ මැරෙන්නත් පුළුවන්. ඒ නිසා එක මොහොතක්වත් මිස්කරගන්න එපා............... අවුරුදු තුනකට කිට්ටුවෙලත් තාම මගේ ශටර් කවුන්ට් එක 50000 අඩුවෙන් තියෙන්නේ.

ඔච්චර සල්ලි ගෙවලත් මොකක්ද මේ ඉලව්ව ?

වැඩබැරි දාසලගේ ඊළඟ ප්‍රශ්නේ. ඇත්තටම පපුව හරහා ගිහින් කරේ එල්ලිලා ඉන්න

ඇහැට හේත්තුවෙලා ලෝකය පෙන්නන කැමරාවට ඔය වගේ කතාවක් කිව්වම මලපනින එක සාධාරණ වෙන්න ඇති නේද ?

ඇත්තටම ඔච්චර මිලක් ගෙවලත් අපිට ඕන දේ නොදෙන කැමරාව මොකක්ද බන් ?

අපේ ඇහැ තරම් දියුණු කිසිම කැමරාවක් තවමනම් නැ. මේකෙන් කරන්නේ යම් තත්ත්ව යටතේ අපිට ඕනතැන ෆොටෝ එකක් ගන්න එක විතරයි. එතන කුණුගොඩක් තියන්නත් පුළුවන්, රත්තරන් තියෙන්නත් පුළුවන්. නමුත් ඒ මොකේ හරි අපි අල්ලගන්න මොහොත පවතින්නේ එකම එක වතාවයි. මලකට බඹරෙක් පියම්බද්දී අපිට ලැබෙන මොහොත අල්ලගන්න සුදානමින් ඉන්නේ අපි මිසක් කැමරාව නෙමෙයි. ඒ මොහොත වෙනුවෙන් ලෑස්තිවෙලා ඉන්න ඕන අපියි. අපි ඉන්න තැන, ඉන්න උස, කෝණය, දුර වගේ දේවල්වලට පස්සේ එක අල්ලගන්න කැමරාවට දෙන සෙටින්ස් ටික හදන එක ඔක්කොම තීරණය කරන්නේ අපියි. කැමරාව කරන්නේ එක අල්ලගන්න එක විතරයි.............. අර උඩ කියපු එකක්වත් නොකර ඔක්කොම
අපි කැමරාවට බාරදීලා නිකන් හිටියොත් හම්බෙයි උඹට මේන් කියලා ****ක්.....

එතනින් ඉවරද ? නැ ......... අපිට ඕන දෙය මුලින්ම මැවෙන්නේ හිතේ. ඊට පස්සේ අපි එක කැමරාවෙන් අල්ලගන්නවා. ඊටත් පස්සේ හිතේ මැවුන දෙය කැමරාවෙන් ආපු දෙයත් එක්ක සසඳලා අවසන් ප්‍රතිපලය ගන්නවා. එඩිට් කියන්නේ එකට...... ඒ කොටස අත අරින උන් ගැන කතා කරලා තේරුමක් නැ .........

මෙතන තියනවා මම ෆොටෝ ගන්න විදිය , කැමති අයට
1 ලිපිය
2 ලිපිය 

ඔන්න අන්තිමට කතා කරන්න දෙයක් තියන ෆොටෝ එකක් එලියට එනවා ..........

චාටර්ද Auto ?

නැ .... නැ .... නැමයි .........

හැබැයි කාගේවත් කීමකට නොනැමෙන යුග පුරුෂයෝ මොකටද කැමරාවට ඕන විදියට ෆොටෝ ගන්නේ? කැමරාවට කියහන්කෝ උඹට ඕන විදිය. ගනින්කෝ මැනුවල් දාලා.........
එතකොට දැනෙයි ඔලුවේ තියන පින්තුරය කොච්චර දුරකට කැමරාවෙන් එලියට ගන්න පුලුවන්ද කියන එක....
auto කියන කොටස තියෙන්නෙත් ෆොටෝ ගන්න තමයි. ( මමත් ඕන තරම් පාවිච්චි කරනවා ඔටෝ වගේම  එකට පස්සේ තියන ප්‍රෝග්‍රෑම් එකත්.) ඔටෝ කියන්නේ සරලවම කිව්වොත් උඹටයි මටයි වඩා දන්නා එවුන් කැමරාවට ලියල දීපු ප්‍රෝග්‍රෑම් එකක්. එහෙනම් ඔටෝම ගන්නවනේ. ඒ උනාට තමන් ඉන්නේ කොතනද , තමන්ගේ ඔලුවේ තියෙන දේ මොකක්ද කියන එක දන්නේ තමන්නේ..... අදින් පස්සෙත් autoම ගන්නවද ?

තව පොඩ්ඩෙන් හැලෙනවා

කැමරාව කියන්නේ මෙවලමක් ( සුළුතරයකට අවලමක් ) කොහොමහරි අපේ සංස්කෘතිය එක්ක බැඳිලා එන නිසාවෙන්ද කොහෙද අපි මේකට මාර ආදරෙයි. එත් මේක තවත් භාන්දයක්නේ කොච්චර උනත්. අවුරුදු කීපයකට කලින් මේ වීඩියෝව බලද්දී කුණුහරප කියවුනා. බැන්නා. වෛර කළා. එත් මේ තමයි මම ඉගනගත්ත හොඳම පාදම්වලින් එකක්. බලලා නැත්තන් බලන්න 1 කොටස, 2 කොටස. මොකක්ද මේ කියන්නේ කියලා තේරුම්ගන්න.
කැමරාව කියන්නේ කැමරාවක්. එක අම්මත් නෙමෙයි තාත්තත් නෙමෙයි, අයියා අක්කා නංගි මල්ලිත් නෙමෙයි , කෑල්ලත් නෙමෙයි ! ෆොටෝ එකක් ගනිද්දී අවධානමක් ගන්න බයවෙන්න එපා. පොඩි පොදක්, පින්නක් , දුවිලි ටිකක් වැදුනට තප්පර ගානකට ඕකට මොකවත් වෙන්නේ නැ....... හැබැයි කැමරාව කියන්නේ වේස ගනියෙකුත් නෙමෙයි. Hope you know what I mean


මහන්සියි බන්, ආපහු හම්බෙමු!
මාළුන්ට කන්න දාලම යන්න :)

කමෙන්ට්, සබ්ස්ක්රයිබ්, ෂෙයාර් ! පීස් බ්‍රෝ ;)







25 comments:

  1. හෙනගහන ඇත්ත..

    ReplyDelete
    Replies
    1. බොරුවෙන් ලබන දෙයක් නැනේ

      Delete
  2. සහතික ඇත්ත..ස්තුති

    ReplyDelete
  3. හරිම වටින ලිපියක්...මට තවම කැමරාවක අවශ්‍යතාවය දැනිලා නෑ මගේ මහත්තයට කැමරාවක් තියෙන නිසා..ඒත් කවදහරි මට පුළුවන් වුන කාලෙක මගේ කියලා මං ගන්න හිතන් ඉන්න දෙයක් නිසා මේ ලිපිය මට ගොඩක් වැදගත්....

    කැමරාව කියන්නේ තවමත් සුඛොපභෝගී ගණයට අයත් භාණ්ඩයක් නිසා සමහරු තනිකරම කැමරාවක් මිලදී ගන්නේ ආභරණයක් විදියට මිසක් නිශ්චිත අරමුණක් ඇතුව නෙවේ..ඒත් වැඩකාරයට පුංචි කැමරා ෆෝන් එකෙනුත් සෑහෙන වැඩක් පෙන්නන්න පුළුවන්....

    ගොඩක් දෙනා කියන්නේ නැතුව හිතේ තියන් ඉන්න, ඒත් මේ වගේ පෝස්ට් එකක් හරහා එළියට දැම්ම මේ කරුණු හැමෝම අතරට යන්න ඕන...ඒ නිසා ඔන්න මමත් මේක ශෙයාර් කරනවා...
    සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාට...!!! :)
    තවත් මේ වගේ වැදගත් කරුණු අපි අතරට ගෙන්න මේ අළුත් අවුරුද්දේ ධෛර්යය ශක්තිය ලැබේවා... !!!!!

    ReplyDelete
  4. සහතික ඇත්ත තමන්ගේ කැමරාව ගැන හොඳ අවබෝදයක් තියන්න ඕනි කැමරාව පිටිපස්සේ ඉන්න කෙනාට එහෙම උනොත් තමයි අපිට ඕන දේ කැමරාවෙන් කරගන්න පුලුවන්.නැත්නම් අපිට කැමරාවේ වහලෙක් වෙන්න වෙනවා.

    ReplyDelete
  5. සැහෙන වැදගත් ලිපියක් අයියේ

    ReplyDelete
  6. බොහොම ස්තුතියි සමීර....

    ReplyDelete
  7. මමත් කැමරාවක් ගන්න ආවනම් සමීර මලයයට අර වගේ ගොන් උත්තර ටිකක් දෙනව. හොද විස්තරයක් , මම බලන් ඉන්නෙ කැනන් අළුත් බ්‍රිජ් කැමරා එකක් එනකම්.

    ReplyDelete
    Replies
    1. අලුත් ඒවා එනකම් බලන් ඉන්නේ දැන් තියන ඒවාට වඩා තමන්ගේ හැකියාව වැඩි නිසාද ?

      Delete
  8. ඕං ඔය කාරණේ නිසයි සමීරයියැයි පෝස්ට් කියවන්න හිතෙන්නෙ ආසාවෙං. බොහොම වැදගත් අලුතින් කැමරාවක් ගන්න මනුස්සයෙක්ට. හැබැයි කැමරා ඇල් කේ එකට ඇවිත් සමීරයියාට නං කියන එකක් නෑ පොඩි එකක් නෝමල් එකක් ය තිබ්බෙ කියලා.. හෙහ් හෙහ්!

    ReplyDelete
    Replies
    1. මොන කාරනේද බන් ?

      Delete
    2. හෙන ගහන්න වාගෙ ඇත්ත කියලා දාන එක නිසා xD

      Delete
  9. Danethi godak dewal denagaththa thanks a lot

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. මන් කැමරා එල් කේ එකෙන් කැමරාව ගද්දි මේ වගේ ඩැල් එකක් හිටියා උඩ තට්ටුවේ මන් පොඩි එකා හින්දා කතා කරන්ඩ බය හිතුනා

    ReplyDelete
  12. mewa kiywaddi mama pauu kiyala hithuna.. godak dewal iganagaththa... tnx wewa.. mal 7i...

    ReplyDelete
  13. ලිපිය මටනම් ඇත්තටම වටිනවා මචන්.නියමයි.මම ලඟදිම DSLR එකකට බහින්න අදහසක් තියෙනවා.

    මම ඇත්තටම ොඩි කාලෙ ඉදලා ජායාරූප ගන්න කැමතියි.ඒත් DSLR Level කැමරාවක් ගන්න සල්ලි වියදම් කරන්න තරම් අමාරු හින්ද මම මෙච්චර කාලයක් ජායාජා ගත්තෙ මගෙ ජංගම දුරකථන වලිනුයි ලඟ තිබුණ නිකෙ⁣ාන් Bridge කැමරාවකිනුයි.ඒ ගත්තු සෙරම ස්වාභාවික ⁣චායාරූප ටික එකතු කරලා මම සයිට් එකක් හැදුවා.කැමතිනම් බලපන් ොඳයිද කියලා.මෙ තියෙන්නෙ ලින්ක් එක.

    wiskamwithnaturesl.blogspot.com

    ReplyDelete