ස්තුතියි ! කියවන එක තමයි ලොකුම හයිය !

Sunday, March 8, 2015

අලුත් අත්දැකීමක්

ඔෆිස් එකේ වැඩක කොටසක් විදියට ටික දවසකට කලින් අවස්තාවක් ලැබුන ජ'පුර සරසවියේ ජනමාධ්‍යය සම්බන්දව විශාල වැඩ කොටසක් කරන J'pura Flames කණ්ඩායමට අලුතෙන් ආපු කට්ටියකට ෆොටෝ ගන්න විදිය ( ප්‍රායෝගික ) ගැන කියලා දෙන්න. ෆ්ලේම්ස් ගැන තව ටිකක් කිව්වොත් ඒගොල්ලො තමයි කැම්පස් එක ඇතුලෙ වෙන දේවල් ඉන් එලියට නොයෙක් ජනමාද්‍යය මගින් අරගෙන යන්නෙ. මොකද කියනවනම් රටේ ජනමාද්‍යාමගින් හැමවෙලාවෙම පෙන්නන්නෙ නරක විතරයිනෙ. ඒවනෙ ඉතින් මාකට් වෙන්නෙත්. වැඩේ ගැන ආපහු කතා කලොත් මුලින්ම කෝට්ටෙ දිනේශ් අයියාගෙ පාඩමකට පස්සෙ කට්ටියව කොටස්වලට බෙදලා ප්‍රායෝගිකව ෆොටෝ ගන්න හැටි කියලා දෙන්න එලියට ගියා. පලවෙනි දවස නිසා ලොකුලොකු බර දේවල් ඔලුවට නොදා ඔටෝ දාලාඩොටෝ ගන්න තමයි කිව්වෙ. මොකද කියනවනම් ෆොටෝ එකක තියන මොහොත තමයි වැදගත් වෙන්නෙ අනික් හැම දෙයටම වඩා. ඉතින් මට හම්බෙච්ච කට්ටිය එක්ක ගිහින් ගත්ත ෆොටෝ ටිකක් තමයි මෙතන තියෙන්නෙ. අලුත් තැනකට අලුත් කට්ටියක් එක්ක වැටුනට පස්සෙ මගෙත් මහලොකු වෙනසක් නෑ කියලා මටත් හිතුනා....
කොහොමහරි මට හම්බුනා කණ්ඩායමේගැනු ළමයි හතක හිටියා . අලුත් හයදෙනයි අපිට පාර පෙන්නන්න සීනියර් කෙනෙකුයි. අලුත් උනාට කට්ටියනම් හොඳයි , උනන්දුවෙන් වැඩ කළා. දෙයක් දකින්න උත්සහ කළා. සිදුවෙන දෙයක් අල්ලගන්න වගේම නිර්මානාත්මක දෙයක් කරන්නත් කට්ටියට පුළුවන් උනා . ඒගොල්ලන්ගේ ඇහැට දැක්ක දේවල් ටිකක් ඔන්න මම කපලා කොටලා හැඩ කළා........




























9 comments:

  1. කට්ටිය අළුත් උනාට අරන් තියෙන ෆොටෝ වල ලස්සන කලාත්මක බවක් තියෙනවා කියල පේනවා....තව ටිකක් උදව් කරලා ඉස්සරහට ගත්තොත් හොඳ ගමනක් තියේවි මේ අයට තියෙන උනන්දුවක් එක්ක....ඇත්තටම හොඳ වැඩක්...ජය වේවා.......!!!!!!!

    ReplyDelete
  2. පින්තූර ටික අගෙයි

    ReplyDelete
  3. මේකයි වුනේ එහෙනම් :D :D
    Flames group එක සිරා

    ReplyDelete
  4. J'pura flames වෙනුවෙන් දැනුම බෙදා දීමට පැමිණියාට බොහෝමත්ම ස්තුති සමීර අයියෙ,දිනේෂ් අයිය සහ cameraLK ආයතනයට.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අවස්තාව දුන්නට

      Delete
  5. කෝ අරක නෑනේ සමීර අයියේ :p

    ReplyDelete