ස්තුතියි ! කියවන එක තමයි ලොකුම හයිය !

Thursday, February 12, 2015

අපි හැමෝම විකිනෙනවා , නැත්තන් විකුනනවා !

මේ තමයි මම ලියපු පොඩිම පොස්ට් එක. මට මේ පොස්ට් එක ලොකු කරගන්න ඕන කියවන අයගේ අදහස් එක්ක. මට ඕන කතිකාවතක් ගොඩනගාගන්න ...........

එන්න අපි ටිකක් කතා කරමු!

මිනිස්සු තමන්ගේ හැකියාව හොයාගෙන විකුනනවා, හැකියාව හොඳනම් හොඳට විකිනෙනවා ! ඔහොම කාලයක් විකිනෙද්දී තමන්ගේ වටා පාරිභෝගිකයෝ විශාල ගණනක් හැදෙනවා. එහෙම හැදුනම තවදුරටත් තමන් විකිනෙන්න ඕන නැ කියලා හිතෙනවා. අන්න එතනට ආවම ඒගොල්ලෝ තමන්ව විකුනනවා වෙනුවට හැකියාව නිසා තමන්ගේ උඩට ආපු නම විකුනනවා. එහෙම විකුනලා කාලෙකට පස්සේ තමන් විසින්ම තමන්ව විකුනන්නේ නැතුව තමන්ගේ නම විකුනන්න අනුන්ට බාර දෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ ලොක්කගේ නම විකුනලා ලොක්කාට සල්ලි හොයලා දෙනවා. ඔහොම විකුණගෙන විකුණගෙන යද්දී අර මුලින් පාවිච්චි කරපු වචනේ අමතකත් වෙනවා. මොකක්ද වචනේ, "හැකියාව" , ඒ දැන් තමන් විකුනන්නේ තමන්ගේ නම නිසා, එකත් තමන් විකුනන්නේ අනුන් ලවා නිසා ! ඒ විකුනන්නෙත් *** ගණන් වලට.අඩුම තරමේ ඔය කාලය එද්දී පාරිභෝගිකයන්ට මතකත් නැ "යකෝ අපි මේ ගන්නේ බොරුවට ලේබල් එකක් ගහපු අනුන්ගේ ***නේ ( * යනු සම විටම කුණුහරප නොවේ ) කියලා. එහෙම මතක් වෙච්ච කාලෙක ආපහු ඒගොල්ලෝ  ආපහු මුලදී වගේ තමන්වම මාකට් කරන ඔරිජිනල් කෙනෙක්ව හොයන යනවා ! ඒ වෙද්දී සමහරවිට අර වෙන කෙනෙක් යටතේ ලොකු නමක් මාකට් කල පොඩ්ඩෝ තමන්වම මාකට් කරන්නත් පටන් අරන්.  කන්දකට නග්ගනම් පැල්ලමක් බහින්නත් වෙනවා! අර ලොක්කෝ ඒ වෙද්දී හැකියාව මොට වෙච්ච පරණ කෝට් වෙලා.

මේක ලියන්න හිතුනේ ඒ වගේ ඊයේ මුණගැහුණු පරණ කෝට් එකක් නිසා. ඒ උනාට ඒ පරණ කෝට් එකේ නම නොකියන්නේ මිනිහා ෆීල්ඩ් එකට කලකට ඉහතදී ලොකු සේවයක් කල බවට තේනුවර සර් කොහෙදිහරි කියලා තිබුනා මතක නිසා.
"ඇත්තමයි මල් පරවෙනවා"

2 comments:

  1. අදයි අාවේ මේ පැත්තට....... පරක්කුයි තමයි.... මොනවා කරන්නද???

    දිගට ම ලියන්න හැකි නම් වටිනවා... අගේ අැති බ්ලොගයක්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ! දිගටම ලියන්නම් , දිගටම කියවන්න

      Delete