ස්තුතියි ! කියවන එක තමයි ලොකුම හයිය !

Sunday, April 13, 2014

අවුරුද්දට Phone එකෙන් Macro (Macro කීවට Micro)

ඉතින් කස්ටිය කෝමෙයි ජීවිතේ.. 
අවුරුද්ද උඹලව කාලද ?? නැත්තම් උඹලා අවුරුද්ද කන ගමන්ද ඉන්නේ
මට නම් හෙන අවුල් කොහො මිසින් උන එකට මේ පාර
සෑහෙන කාලයක් තිස්සේ මේක ලියන්න හිත හිත ඉන්නේ ඒත් බැරි උනා
හැබැයි අද උදේ නම් එකෙක් කෑ ගැහුව ඇහුනා.. ඒ මොරාල් එකටද මන්දා මේ..  
මේක ලියන්න හිතුනා..  ඔක්කොටම කලින් කස්ටියට සුබ අලුත් අවුරුද්දක්
හරේ .. බ්‍රයිඩ්ස්මේඩ්ලගේ පින්තුර ගත්තා ඇති දැන් බ්‍රයිඩ්ව අල්ල ගමු.. 
(යකුනේ කැතට හිතන්නෙපා අයි මීන් වැඩේට බහිමු)

දැන් අපි බලමු මක්කද මේකට ඕනේ කරන්නේ කියලා

  1. පරණ CD / DVD Rom එකක් හෝ Player එකක්.. 
  2. ඒක ගලවා ගන්න අවශ්‍ය උපකරන (ඉස්කුරුප්පු නියන්, අඩු, ට්වීසර් එව්වා මෙව්වා)
  3. ෆොන් එකක්.. 
  4. සෙලෝ ටේප් කෑලි දෙකක් 
  5. වෙව්ලන්නැති එකෙක් (මොකද වෙව්ලන අයට ටිකක් අමාරුයි මේක)
  6. තව මැක්රෝ පින්තුර ගන්න ඕනෙ කරන දේවල්..
බඩු සෙට් එක

දැන් පරිස්සමෙන් ඒකේ හෙඩ් එක ගලවා ගන්න...
ගැලෙව්වට පස්සේ මෙන්න මේ වගේ අයිටම් එකක් දැකගන්න පුලුවන්

දැන් ඒකත් ගලවා ගන්න පරිස්සමට
එතකොට මෙන්න මේ වගේ කෑල්ලක් ඉතුරු වෙයි.

ඔන් ඕක තමා අවශ්‍ය..
ඕකේ තියෙන ලෙන්ස් එක මෙන්න මේ විදිහට පරිස්සමට ගලවා ගන්න

ඊට පස්සේ ඉතින් ඔබ තුමාලා , තුමීලා ලග ඇති ජංගම දුක අතට ගන්න
අරන් මතු දැක්වෙන ආකාරය පරිස්සමට ලෙන්ස් එක අලවා ගන්න

දැන් ඉතින් වැඩ පටන් ගන්න..
මේ පහත තියෙන්නේ මං එහෙම නිකමට ගත්ත පින්තුර ටිකක්




හරි එහෙනම් කස්ටිය වැඩේ කරලා බලන්න කෝ
හැබැයි ගෙදර තියෙන බඩු එහෙම කඩනවා නෙමේ හරිද

ආහ් කස්ටිය කියයිද දන්නෑ ඉතින් අර E bay එක පුරාවටම මොබයිල් මැක්රෝ සමග වයිඩ් ලෙන්ස් තියෙන්නේ
අත පුච්ච ගන්න ඕනෙද කියලා

මං නම් කියන්නේ මෙච්චරයි ඉතින් පොඩි උන් ඔව්ව බලලා මට බනිනපො හරිය :P 

බබෙක් එක්ක ගෑනියෙක් කසාද බදින එකද ආතල්, 
නැත්තම් කෙල්ලෙක් බැදගෙන අපේම කියලා එකෙක් හදාගන්න එකද

එහෙනම් කස්ටියට ලස්සන දවසක් වේවා.. 
ගැටලු තියේ නම් බුකියෙන් හරි අහන්න..
ජය වේවා.
සුබ අලුත් අවුරුද්දක් වේවා.. 
මීට සුකා.

19 comments:

  1. අඩෝ පට්ටයි බං.. පාලුවට ගොහිං නෙව තිබ්බෙ බ්ලොගේ.. කොරං යං දිගටම...

    මාලුන්ට එකෙක්කත් කෑම දාලා නෑ.. මං දැම්මා ඕං..

    ReplyDelete
  2. එතකොට අර අඬු දෙකකුයි පිස්තෝලෙ වගේ එකයි ඕන මොකටද..??

    ReplyDelete
    Replies
    1. ඇන ගලවන්න එහෙම.. සර්..
      දන්නැද්ද ඉතින් පෙන්න තියෙන්නෙපැයි මක්කා හරි

      Delete
    2. adeee dan oya wade supiriytama hari yanawada kyanne? ( meh?? oka compact cam ekakata wage set kaeaganna bari weida??? ) ;)

      Delete
    3. af තියෙද්දී ටිකක් අමාරුයි වැඩේ

      Delete
  3. Replies
    1. ඒ ගෝ ප්‍රෝ එක දියන් කෝ

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. Replies
    1. මගෙ නම සුකා
      ගම ගාල්ල :P

      Delete
  6. ඩක ඩක කරලාම බලමු... (y)

    ReplyDelete