ස්තුතියි ! කියවන එක තමයි ලොකුම හයිය !

Tuesday, July 9, 2013

Manual දාලා ෆොටෝ ගමු

අද කතා කරමු කැමරාවේ තියන Exposure Modes ගැන. ඕනෑම කැමරාවකින් ෆොටෝ හරියට හෝ වැරදියට හෝ කොහොමහරි වදිනවයි කියන්නේ එකේ තියන කාරනා තුනක්බලපානවා. ඒ තුන තමයි සිංහලෙන් ද්වාර වේගය, කාච විවරය සහ පටල සංවේදීතාව හෙවත් තේරෙන සිංහලෙන් Shutter speed, Apeture සහ ISO. කොච්චර චාටර් ෆොටෝ එකක් ගත්තත් ඒ ෆොටෝ එකේ ඔය ටික තියනවා. නමුත් හරියට ෆොටෝ එකක් ගන්නනම් ඔය තුන අදාළ තැනට ගැලපෙන ආකාරයට ගලපගන්න වෙනවා. අධාල තැනට කිව්වේ මොකක්ද? ෆොටෝ එකක් ගත්තම එකේ පාට විතරක් තිබ්බම මදි. අවස්තාව පෙන්වන්නත් ඕන. තරගයකදී හෝ වේගයෙන් චලනයවන වස්තුවක චායාරුපයක හොල්මනක් වගේ ඇදිලා ගිය රුපයක් තිබුනොත් හරියන්නේ නැහනේ. එහෙනම් එතන තියන අවස්තාව වගේම වර්ණත් හරියට ගැලපෙන්න ඕන.....

ඒ සදහා කැමරාව විසින් ලබාදෙන අනාවරණ ආකාර කිහිපයක් තිබෙනවා. ඉන් කිහිපයක් තමන්ට අවශ්‍ය ආකාරයට පාලනය කළහැකි අතර කිහිපයක්කැමරාව විසින්ම පාලනය කරනුලබයි.

Canon සහ Nikon වර්ගයට අයත්  Entry Level කැමරා දෙකක තිබෙන අනාවරණ ආකාර වෙනස්කරන Mode dialහි රුපයක් පහත දැක්වේ.

එකින් එක ගැන කතා නොකලත් මේවායින් මුලිකම අංග කිහිපය ගැන මේ පොස්ට් එකෙන් කතා කරමු.



Auto

මුලින්ම අපි කතා කරමු Auto ගැන. කැනන් කැමරාවේ තිබෙන හතරැස් කොටුව සහ නිකොන්හි Auto ලෙසම සදහන්කර ඇතිකොටසට කරකව් විටඅනාවරණ ක්‍රමය Auto වෙතට හැරෙයි.
Auto යෙදූ විට මම ඉහත  සදහන්කල කාරනා සියල්ලම එමගින් ස්වයංක්‍රියව ගලපාගනියි. මේ සදහා කැමරාව සතු දත්ත කැව් ප්‍රොසෙසර් මගින් සිදු කරනු ලබයි. අවශ්‍ය විටක කැමරාවේ ෆ්ලෑෂරය පවා ස්වයන්ක්‍රීයව ක්‍රියාත්මක වෙයි. එමනිසා අවශ්‍ය වන්නේ කැමරාව අවශ්‍යය දිශාවට අල්ලා ශටරය ක්‍රියාත්මක කිරීම පමණයි.

Programme

මෙහිදී සිදුවන්නේ කැමරාවේ shutter speed සහ Apeture අගය කැමරාව මගින් ස්වයන්ක්‍රීයව පාලනය කිරීමයි.මෙය Autoවලින් වෙනස්වන්නේ මෙහිදී අපට Shutter, Aperture හැර අනෙක් දේ වෙනස්කරගත හැකි වීමයි. මෙහිදීද ISO අගයද ස්වයන්ක්‍රීයව වෙනස්වනලෙස සලසා තිබුණහොත් මෙය Auto mode එකෙන් වෙනස්වන්නේ flasherය ක්‍රියාත්මක කිරීම හෝ නොකිරීමෙන් පමණි.
එසේ නැතිනම් Programme යටතේ ISO, Metering mode, White Balanceවැනි settings තමන්ටම වෙනස්කරගෙන අදාල අවස්තාව අනුව කැමරාව හසුරුවන්න පුළුවන්.

ISO ගැන යම් අදහසක් ගන්න මේ පෝස්ට් උදව් වේවි!
නොයිස් සහ රෑට ෆොටො ගන්නා ආකාරය ඒ වගේම මීටරින් මෝඩ් ගැන යම් අදහසක් මෙතනින් ලබාගන්න පුළුවන්.

Shutter Priority හෙවත් Canonවලනම් TV ( Time Value )

S අකුරින් ගොඩාක් කැමරාවල තියෙන්නෙ මේකම තමයි. අපට අවශ්‍ය Shutter Speed එකක් ලබාදුන්විට ඊට අනුකූලව කාච විවරය හෙවත් Aperture එකක් කැමරාව විසින් සපයාදීම මෙහිදී සිදුවෙයි. මෙහිඳීද ප්‍රෝග්‍රෑම්හීදි මෙන් කාච විවරය හැර අනෙක් සෑම දෙයක්ම වෙනස්කල හැක, වෙනස්කිරීමට අවශ්‍ය නැත්නම් Auto WB, Auto ISO යොදාගැනීමටද හැක.
චායාරූපයට නගන වස්තුවෙ චලනය ගැන අදහසක් ඇතිවිට අපට මෙම ක්‍රමය යොදාගත හැකියි.

Aperture Priority හෙවත් Canonවලනම් AV ( Aperture Value )

 A අකුරින් ගොඩාක් කැමරාවල තියෙන්නෙ මේකම තමයි. අපට අවශ්‍ය Aperture එකක් ලබාදුන්විට ඊට අනුකූලව ඩ්වාර වේගය හෙවත් Shutter Speed එකක් කැමරාව විසින් සපයාදීම මෙහිදී සිදුවෙයි. මෙහිඳීද ප්‍රෝග්‍රෑම්හීදි මෙන් කාච විවරය හැර අනෙක් සෑම දෙයක්ම වෙනස්කල හැක, වෙනස්කිරීමට අවශ්‍ය නැත්නම් Auto WB, Auto ISO යොදාගැනීමටද හැක.
පහසුවෙන්ම පසුතලය බොඳකිරීමට හෝ ආලෝකය කැමරාවට එන ආකාරය වෙනස්කර බැලීමේ සිට HDR සඳහාද A යොදාගත හැකියි.

Manual 

පෝස්ට් එකෙ නමත් මැනුවල් දාලා ෆොටෝ ගන්නෙ කොහොමද කියන එක. ඒත් දැන් තමයි ඔන්නහරියට වැඩේට බහින්න යන්නෙ.

ඇයි මැනුවල් ?
Manual ගන්නෙ වැඩ්ඩොද? නෑ.
Manual ගත්තම කොලිටි වැඩිද? නෑ.
Manual ගන්නෙ ඇයි එහෙනම්? කැමරාව තමන්ට ඕන ආකාරයෙන් අදාල තැනදී හසුරුවා ගැනීම සඳහා.
කොතරම් දියුනු කැමරාවක්වුවත් නිපදවා තිබෙන්නේ අදාල අවස්තාවෙ ඇති ආලෝක තත්වය බලා ඊට සුදුසු ඡායාරූපයක් ගන්නයි. කිසිම කැමරාවකට හිත කියවන්න බෑ. නමුත් හිතේ තියන දේ ඕනනම් සංස්කරණයෙන් ගන්න පුළුවන්, නමුත් කෙලින්ම අවශ්‍ය ලෙසම අදාල අවස්තාව හසුකරගන්නනම් Manual කියන්නෙ හොඳ ක්‍රමයක්.

කොහොමද Manual ?
කොහොමද කියනවත් එක්කම මුලින්ම කියපු දේ ආපහු මතක්කර ගමු. ඕනෑම කැමරාවකින් ෆොටෝ හරියට හෝ වැරදියට හෝ කොහොමහරි වදිනවයි කියන්නේ එකේ තියන කාරනා තුනක්බලපානවා. ඒ තුන තමයි සිංහලෙන් ද්වාර වේගය, කාච විවරය සහ පටල සංවේදීතාව හෙවත් තේරෙන සිංහලෙන් Shutter speed, Apeture සහ ISO. කොච්චර චාටර් ෆොටෝ එකක් ගත්තත් ඒ ෆොටෝ එකේ ඔය ටික තියනවා. නමුත් හරියට ෆොටෝ එකක් ගන්නනම් ඔය තුන අදාළ තැනට ගැලපෙන ආකාරයට ගලපගන්න වෙනවා.
අන්න ඒක ඡායාරූපශිල්පියා විසින්ම ගලපාගන්න ක්‍රමවේදය තමයි මැනුවල්............

හරි, එහෙනම් මැනුවල් කරකවමු. හරියට ගමු..............

පොඩ්ඩක් අපි අදාල කොටස් තුන ගැන කතාකරමුකො

Shutter Speed - කැමරාවෙ සෙන්සරය මතට ආලෝකය පතිතකරවන කාලය.
 ෆොටො එකක් බොඳ වෙන්න හේතු 3ක් බලපානවා.
1. කැමරාව සෙළවීම
2. වස්තුව සෙළවීම
3. දෙකම සෙළවීම ( යට දෙක නෙමෙයි, ඉහත කරුනු 2 )

හැම වෙලාවකම අපි උත්සහගන්න ඕන අපේ අත නොසෙල්වෙන්න තියාගන්න. සාමාන්‍යෙන් කියනවනම් අපේ හදගැස්ම පවා අඩු ද්වාර වේගයකදී කැමරාව සෙලවීමට හේතුවෙන්න පුළුවන්. එය වලක්වාගන්නනම් කාචයේ Focul Length එකට වඩා හෙවත් mm ගනනට වඩා ඉහල ශටර් ස්පීඩ් එකක් තියාගත්තනම් කැමරාව සෙලවෙන්න බලනවා අඩුයි. උදාහරණයක් එක්කම කිව්වොත් 300mm සූම් කරලා ෆොටෝ එකක් ගන්නවනම් ශටර් ස්පීඩ් එක 1/320 හෝ ඉහල යොදාගත්තනම් ගොඩකදුරට සෙලවීම අඩුකරගන්න පුළුවන්. ඒ වගේම කැමරාවෙ හෝ ලෙන්ස් එකෙ තිබෙන Image Stabilizer ක්‍රියාත්මක කරගත්තනම් තවත් අඩු ද්වාර වේගයන් පාවිච්චි කරන්න තිබුනා. නොයෙක් ලෙන්ස්වලදි මෙය නොයෙක් නම්වලින් හැඳින්වෙනවා VR, IS, VC, OS ඉන් මූලිකම හතරක්. ඔන්න ඕක ඕන් කරගන්න එකයි ඇත්තෙ.
මොකක්ද මේ Image Stabilizer කියන්නෙ
කැමරාව සෙළවීමකට ලක්වුනුවිට එය මගින් චායාරූපයේ ඇතිකරන බොඳගතිය වල්ක්වාගැනීම සඳහා අමහර ලෙන්ස්තුල ඇති ක්‍රියාවලියක් තමයි මෙලෙස හඳුන්වන්නෙ, එමගින් ලෙන්ස් එක තුල ඇති විෂේශ කාච පද්දතියක් මගින් ආලෝක කිරණවල වෙනස්වීඊම් පාලනයකරනවා. මෙය Lens shift Stabilizer වෙයි.  සමහර කැමරාවලනම් මෙම ක්‍රියාකරිතවය තියෙන්නෙ සෙන්සර් එකෙ, සෙන්සර් එක සෙලවීම මගින් කැමරාවෙ සෙලවීමෙන්වන බොඳගතිය අඩුකරගැනීමක් ඒවායෙ වෙනවා. මෙය Sensor shift Stabilizer වෙයි.
එහෙම නැත්නම් හෝ බොහෝ වෙලාවක් ශටරය හැර තබනවානම් ත්‍රී පාදයක් බාවිතාකරන්න වෙනවා.
මෙමගින් කැමරාව සෙලවීම මගින් වන හානිය වලක්වාගන්න පුලුවන්


වස්තුවක සෙළවීම බොහෝවිට අපගේ පාලනයෙන් තොරයි. වාහනයක් හෝ ක්‍රීඩකයෙක් වැනි වස්තුවක් ග්‍රහනයකර ගන්නා විට අප කලයුත්තේ එම චලනයට වඩා වැඩි Shutter Speed එකක් යොදාගැනීමයි.
නැතහොත් අදාල වස්ත්ව සමගම ඒකාකාරි වේගයකින් කැමරාව අදාල දිශාවට චලනය කිරීම මගින් නිර්මාණාත්මක ඡායාරුවක් ලබාගත හැකියි.



Aperture හෙවත් කාචය තුලට ආලෝකය ඇතුල්කරගන්නා සිදුරේ ප්‍රමාණය මත තමයි බාහිරින් එන ආලෝකය කොතරම්දුරට කාචය හරහා සෙන්සරය හෝ පටලය මතට පතිතකරනවාදයන්න තීරණය කෙරෙන්නෙ. ඇපිචරය හඳුන්වනු ලබනෙ f අංකයක් මගිනි. f අගය අඩුවෙන තරමට ඇතුලට ගන්නා ආලෝකයේ ප්‍රමාණය වැඩිවේ.....
එකම shutter speedඑකක් යොදාගනිමින් ඇපිචර් අගය වැඩිකරමින් බැලූවිට ඡායාරූපය අඳුරුවනු දැකිය හැක. එසේවන්නෙ ඉලක්කම වැඩිකරනවිට සිදුරේ ප්‍රමානය හෙවත් ඇතුලට ආලෝකය ඇතුලත්කරගනා ප්‍රමානය අඩුවනු නිසාවෙනි..........

ISO යනු Shutter Speed හෙවත් සෙන්සරය ආලෝකයට විවරවන කාලය තුලදී Aperture හෙවත් සිදුරේ ප්‍රමාණය තුලින් ඇතුලට ගන්නා ආලෝකය කොතරම් දුරට කැමරාවට සම්බන්ද මොලය වැනි කොටසක්වූ Processorය මගින් කෙතරම්දුරට  දුරකට පිරික්සමින් ඒවායේ ඇති දත්ත සොයාගන්නට උත්සහගන්නවාදයි තීරණය කරදීමයි. ISO පිලිබඳ වැඩි විස්තර ඉහත පෝස්ට්මගින් දැනගත හැක.

එහෙනම් ප්‍රායෝගිකව මැනුවල් දාලා ෆොටො ගන්නවනම්.
1. අත නොසෙල්වෙන ගානට සහ වස්තුව චලනයවන වේගයමත shutter speedඑකක් යොදාගත යුතුයි. හොඳින් ආලෝකමත්වී ඇති එලිමහනකනම් තවත් වැඩිකලාට කම්නැත.
2. පවතින හෝ කෘතීමලෙස සපයන ආලෝකයට සරිලනලෙස කාච විවරය හෙවත් Aperture සකසාගත යුතුයි.
3. ඉහත කරුනු දෙක අනුව ISO සකසාගත යුතුයි. නමුත් ISO වැඩිවෙන තරමට ඡායාරූපයෙ ගුණාත්මකබව අඩුවෙයි.

බොහො කැමරාවල Shutter Speed වෙනස් කිරීම සඩහා වෙනම රෝදයක් ඇත, එය කරකැවීම මගින් ශටර් ස්පීඩ් වෙනස්කල හැක. නිකොන් කැමරාවලනම් මෙය දකුනතේ මහපට ඇගිල්ල සහ කැනන්වල දකුනතේ දබර ඇගිල්ල යොදාගෙන වෙනස්කිරීමට හැකිලෙස  නිර්මාණය කර ඇත. එය පෙන්වන්නේ තප්පරයෙන් කොටසක් මෙනි. එනම් මේ පෙනෙන කැමරාවේ Shutter Speed එක තප්පරයෙන් විස්සෙන් එකකි.

එමෙන්ම Aperture වෙනස්කිරීම සඳහා Entry Level කැමරාවන්හී වෙනමම Dialඑකක් නැති අතර ඒවායේදී තවත් බොත්තමක් තදකරගෙන ශටර් ස්පීඩ් වෙනස්කරන  යතුර කැරකැවීම මගින් ඇපිචරය වෙනස්කල හැක. තත්වය උසස් කැමරාවන්ගේ මේ සඳහා වෙනම බොත්තමක් පිහිටයි.එය නිකොන්හී කැමරාව ඉදිරිපසින් දකුනතේ දබර ඇගිල්ලට හසුවෙන ලෙසත්, කැනන්වලදී ඩිස්ප්ලේ එක සමග දකුනතේ මහපට ඇගිල්ලට හසුවනලෙසත් පිහිටයි.

ISO සඳහාද බොහෝවිට වෙනම බොත්තමක් පිහිටයි එය ඔබාගෙන ශටර් ස්පීඩ් එක වෙනස්කරන රෝදය කැරකීම මගින් ISO වෙනස්කල හැක.

කොහොමද එහෙනම් හරියට Exposure එක හෙවත් අනාවරණය හදාගන්නෙ?

Exposure Meter - දැන් තමයි මීටරේ ප්‍රයෝජනයට ගන්න ඕන.

Viewfinderය තුලින් බැලුවම පහලින් පෙනෙයි මේ වගේ රූපයක්. + ලකුණේ සිට - ලකුන දක්වා දිවෙන කඩ ඉරි හෝ තිත් පේලියක්. මේකෙන් තමයි අපිට කිඅන්නෙ අදාල වෙලාවේදි අප විසින් යොදාගන්න ඕනවෙන්නෙ කොහොම අණාවරණයක්ද කියන එක. හරිලෙස අණාවරණයක් ලබාගන්නනම් මේ මීටරයේ මැද තියන 0 ලකුනට උඩින් හෝ යටින් තනි ඉරි කැබැල්ලක් පැමිණ නතරවෙන්න ඕන.
- මේ රූපයේ පෙනෙනවා වගේ.

ඉරි කැබල්ලක් හෝ කිහිපයක් - (රිණ) ලකුණ පැත්තට බරනම් එතනින් කියන්නෙ අඩු අණාවරණයක් හෙවත් අදාල Exposure යොදාගතහොත් ලැබෙන ඡායාරූපය නිවැරදි ලෙස ආලෝකමත්ව නොමැතිව අඳුරුවනු ඇති බවයි.

+ (ධණ) පැත්තට බරයිනම් ඒකෙම අනික් පැත්ත තමා. අධි අනාවරණයක් හෙවත් සුදුවී Details නැතිවගිය ඡායාරුවක් එහිදි ලැබෙනු ඇත.

දැන් එහෙනම් කැමරාව අතට ගමු, වීව් ෆයින්ඩරය තුලින් අපට හසුකරගන්න අවශ්‍ය දෙය දෙස බලමු.

-අවශ්‍ය රාමුවට අදාලව Metering Mode සකසාගන්න.
-අත නොසෙල්වෙන තරමේ හෝ වස්තුවේ වේගයට සරිලනලෙස Shutter Speed සකසාගන්න.
-ඔබට අවශ්‍ය පසුතලය බොඳ කිරීමටනම් මුලින්ම Aperture අගය අඩුම ඉලක්කමට සකසාගන්න.
-දැන් මුලින්ම හදාගත්ත ශටර් ස්පීඩ් හෝ ඇපිචරය අනුව යමින් අනෙක් කොටස් ගල්ලපාගන්න. ( ISO සහ Shutter Speed/ Aperture )

ආපහු මතක් කරන්නම්කො කෙටියෙන්.............

ඇපිචර් ඉලක්කම වැඩිවනවිට ආලෝකය අඩුවේ
ශටර් ස්පීඩ් වැඩිවනවිට සෙලවීම් අඩුවෙ, එමෙන්ම ආලෝකයද අඩුවෙයි
ISO වැඩිවන තරමට ආලෝකයට දක්වන සංවේදිතාව වැඩිවේ, නමුත් Noise හටගනී. ආලෝකය වැඩි තැනක්නම් අඩු ISO අගයක් භාවිතා කරන්න.

එහෙනම් ගමු Manual දාලා................





35 comments:

  1. නියමයි අයියේ.. !!

    ReplyDelete
  2. èla patta, vadagath una

    ReplyDelete
    Replies
    1. වැදගත් උනානම් ඒ ඇති, ස්තූතියි කියව්වට!

      Delete
  3. මේ ටික මීට කලින් දවසක් මමත් ඇහුවා ඒ අයියගෙන්ම තමා. කැමරා එල් කේ එකේදී පට්ට වටින පෝස්ට් එක ජය වේවා

    ReplyDelete
    Replies
    1. ඒකනම් මතක නැත!
      ජය වේවා!

      Delete
  4. තැන්කු සමීර අයියේ පොස්ට් එකට!! මාර වටිනවා :)

    ReplyDelete
  5. පට්ට පෝස්ට් එක..සෑහෙන්න වටිනවා

    ReplyDelete
  6. මේ පාඩම ඔයාගෙන්ම ඉගෙන ගත්ත දෙවෙනි පාර මේ
    මරේ මරු
    ජය වේවා!!!!
    සිනා බෝ වේවා!!!!

    ReplyDelete
  7. EOS 600D with 18-55 IS II(මේ කැමරාව හොඳයිද නැතිනම් මිට අඩුවට හොද කැමරාවක් තියෙනවද?)

    ReplyDelete
    Replies
    1. ඕකට වඩා මටනම් නිකොන් ඩි5100 හොඳයි. එකම ගාන වගේ!

      Delete
  8. පට්ට ආටිකල් එක... ලේසියෙන් තේරුම් ගන්න පුළුවන්..
    ගොඩක් ස්තුතියි සහෝදරයා!

    ReplyDelete
    Replies
    1. අම්මටසිරි. ඔන්න එහෙනම් අවුරුදු දෙකක් පරණ කමෙන්ට් එකට තැන්කු කිව්වා !

      Delete
  9. Adamayi me blog eka dekke , mewage watinadeyak balala nikan yanna hithune na, sinhala nathuwa mehema hari ketuwe ekayi, ikmaninma aluth lipi palakaranawanam godak wedagathweyi malliye, subapathanawa oyata.!!

    ReplyDelete
  10. පට්ට... මට කමරක්ව නෑ එත් ගත්තු කාලෙක මේක වැදගත් වේවි අනිවා ^_^

    ReplyDelete
  11. ෆට්ට පොස්ට් එක,ඔබ මේ බ්ලොග් එක තමයි මගේ මුල් ගුරුවරයා...ස්තුතියි ...

    ReplyDelete
  12. ටැන්කූ ටැන්කූ අයියේ. පට්ට පොස්ට් එක. අයියේ තව පුලුවන් නම් Shutr speed ගැන් කියලා දෙන්න පුලුවන් නම් හොදයි

    ReplyDelete
    Replies
    1. එල. ශටර් ස්පීඩ් ගැන යම් හැඳින්වීමක් කරලා තියනවා මැනුවල් දාලා ෆොටෝ ගන්න විදිය ගැන තියන පොස්ට් එකෙන්

      Delete
  13. satutui me wage wedak kireema pilibadawa..

    ReplyDelete
  14. Thank u bro. Godak dewal igena gaththa.

    ReplyDelete
  15. හැමදාටම වටිනව මේ විස්තර සමීර අයියේ

    ReplyDelete