ස්තුතියි ! කියවන එක තමයි ලොකුම හයිය !

Sunday, April 14, 2013

ගහමු Panorama


ඔන්න අවුරුද්ද දවසේ ලියන්නේ ඉතින්..
අළුත් අවුරුද්දට හැමොටම වැදගත් වෙන දෙයක් කියලා දෙන්න හිතුනා..
මේක Photoshop පාඩමක්ටිකක් දුරට...

ඔන්න ඊට කලින් .. ඔබ සැමට.. 

සිතූ පැතූ පැතුමන් ඉටුවන .. සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා.... 

හරි මුලින්ම බලමු පැනරෝමාවක් කියන්නේ මොකක්ද කියලා..
සරලවම කියනවා නම්...
එක පින්තූරයකින් ආවරණය කරන්න බැරි තරම් පුළුල් ප්‍රදේශයක් අල්ලලා ගන්න පින්තූර තමා..
ඒ කියන්නේ හද්ද වයිඩ් ඒව්වා..
පැනරොමාවකට උදාහරණයක්

හරි අපි දැන් බලමු කොහොමද පැනරොමාවකට ගැලපෙන්න පින්තූර ගන්නෙ කියලා... 

කැමරාව සකස් කරගන්න ආකාරය...
මේකට අපි යොදාගන්න කාචය .. පුළුවන් තරම් වයිඩ් වෙන තරමට හොදයි..
සාමාන්‍ය ඩිජිටල් කැමරාවක උනත් පුළුවන් තරම් සූම් අවුට් කරලා ගන්න ..
එතකොට ලේසියි මට නම්.. (හැබැයි පැනරොමාවේ ඩීටේල් ගොඩක් ඕන නම් කොටසින් කොටස සූම් කරලා ගන්න.. ඒත් ඉතින් align කරද්දි ටිකක් අමාරුයි..) හම් .. කමක් නෑ..
ආහ්.. තව එකක් කැමරාවේ මැනුවල් සෙටින්ස් හදන්න පුළුවන් නම්. එහෙම හදාලා තියා ගන්න ..
එතකොට කලර් බැලන්ස් ලු ගොඩක් දුරට..

දැන් ඔන්න පින්තූරය ගමු... 
මේක ගනිද්දී ගොඩක් දුරට සැලකිලිමත් වෙන්න ඕනේ කැමරාව උස් පහත් නොවී අල්ලගන්න..  ත්‍රිපාදයක් පාවිච්චි කරන්න පුළුවන් නම් මල් මල් තමා ඉතින්..
(මොකද ක්ෂිතජ රේඛාව හරියට ආවෙ නැත්තම් වැඩේ අවටියල් තමා... ) පින්තූරය ගනිද්දී..
නිතරම වමේ ඉදලා දකුණට කැමරාව පෑන් කරන්න පුරුදු වෙන්න..
හැම වෙලාවෙම පින්තූර ගනිද්දී.. පින්තූරෙ සමාන කොටස් 3 කට හිතෙන් බෙදා ගන්න ඒ කියන්නේ..

01

02
දැන් ඊලඟට මතක තියාගන්න ඕන දේ තමා .. ඊලග පින්තූරේ ගනිද්දී..  ඒ කියන්නේ දෙවැනි පින්තුරෙ ගනිද්දී පලමු වැනි පින්තුරෙ 3 වෙනි කොට.. දෙවැනි පින්තූරේ පලමු කොටස වෙන්න ඕනේ.. 
ඔයාලට හෙදින් බැලුවොත් පෙනේවි ඔය උඩ තියෙන පින්තූර දෙකේ..  3 කොට සහ 4 කොටස කියන දෙකම එක සමානයි කියලා.. 
කෙටිනේ කියනවා නම් ඔය හෙන ගේමක් දීල කියලා තියෙන්නේ .. පලවෙනි පින්තුරෙ අරන්.. දෙවැනි එක ගනිද්දී.. දෙවැනි එකට පලවෙනි පින්තුරේ කොටසකුත් අහු වෙන්න ගන්න කියලා..  එත් තේරෙන්නෑ වගේ නම්.. මටත් තේරෙන්නෑ.. :P

ඔන්න ඔය ආකාරයට අපි පින්තූර අරන් ඉවර කාර කියමු කෝ..
දැන් තියෙන්නේ.. ඕක වැලක් වගේ ලොකුවට දිගට එන්න හදාගන්න..
ඒකට Photoshop අවශ්‍ය වෙනවා... ps වලින් ඕක හදාගන්නත් ක්‍රම දෙකක් තියෙනවා..
අපි ලේසි එකෙන් පටන් ගමු කෝ.. හැබැයි මම දන්න තරමින් මේක එන්නේ cs 3 එකෙන් උඩ වර්ෂන් වල විතරයි..  දැන් ගොඩක් අය ඕක හෝ.. ඊට උඩ මාදිලි භාවිතා කරන නිසා ගැටළුවක් නෑ..

කරන්න තියෙන්නේ මෙච්චරයි..
කරලා බලන්න..
photoshop open කරගෙන..
File > Automate > photomerge යන්න..
මේ වගේ එකක් එයි... 
එකේ තියෙන 
browse බොත්තම ඔබලා.. අදාල පින්තූර ටික තියෙන ෆෝල්ඩරේට ගිහින් පින්තූර ටික තෝරලා.. 
ok කරලා කුස්සියට ගිහින් plane ටී එකක් හදාගෙන බීල එන්න .. 
වැඩේ වෙලා තියේවි..... 

එහෙනම් කට්ටියට ලස්සන දවසක්.....


13 comments:

  1. හී... ෆොටෝ ඒක හදාගන්න එක නම් ගේමක් නෑ වගේ... බට් ඕක ගන්න ගියහම නේ අප්පා දිව ටැපලිලා ලෙ රත් වෙලා කෝපය කියන එක ඇවිස්සෙන්නේ :/
    මං තාම ට්‍රයි නොකරපු එකම එක ඕක තමා.. මීළඟට අහන්න හිටිය ප්‍රශ්නෙත් මේකම තමා ඈ.. ටැංකිව්..
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!!

    ReplyDelete
    Replies
    1. ට්‍රයි කරලා බලමු නේද..
      සිම්පල් ප්ලෑන් එකක්..

      Delete
  2. ඔබටත් සුබ අළුත් අවුරුද්දක් වේවා!!!
    එළ එළ ඔහොම යමු

    ReplyDelete
    Replies
    1. සුභ අලුත් අවුරුද්දක් ඈ..

      Delete
  3. එසේම වේවා ...
    අපිත් කියන්නම් කෝ එහෙනම්.. :)

    ReplyDelete
  4. සිංහල හින්දු අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!
    இனிய புத்தாண்டு நல்வாழ்த்துக்கள்
    Wish you a Bright, Happy and Prosperous New Year!

    ReplyDelete
  5. දැන් එතකොට ෆොටෝ වල කලර්ස් හෙම වෙනස් කරනවා නම්,
    මුලින් එකින් එක කරලා මර්ජ් කරන එකද සුදුසු,
    නැත්තම් සේරම කරලා අන්තිමට කරන එකද සුදුසු?

    ReplyDelete
    Replies
    1. ඒක අවස්තාවට අනුව කරන්න..
      ඕනෙ බං.. කරන අතවරේ මුළු පින්තුරෙටම කරන්න ඕන නම් මර්ජ් කරලා කරන්න..
      නැත්තම් ඉතින් කලින් කරන එක ලේසියි.. .

      Delete
  6. ඔබ ඇතුලු පවුලේ සියල්ලන්ටම සුබ නව වසරක් !
    මන් මේ දවස්වල ට්‍රයි කරන්නෙ අර ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් තියෙන්නෙ 360 පැනෝරාමා කියලා...ඒකත් හොඳයි ටිකයි.. මේ ක්‍රමේත් කරලා බලන්න ඕනි..

    ReplyDelete
    Replies
    1. ඒවයින් ඉතින් බබා කෙලින්ම හම්බෙනවා නේ..
      :) කරලා බලන්න කෝ..
      මේක රස වැඩී.. ලු..

      Delete
  7. මල්ලි අර ප්ලේන් ටී එක හදන විදිහ පොඩ්ඩක් පැහැදිළි මදි වගේ

    ReplyDelete
    Replies
    1. ඒක ඊලග එකෙන් කියලා දෙන්නම් නේ...

      Delete