ස්තුතියි ! කියවන එක තමයි ලොකුම හයිය !

Friday, April 19, 2013

මමයි මගේ බෝතලයයි

දවස
මට මතක නෑ ඕයි, හිටහං බලලම කියන්න එක්කො............ @ ෆොටෝ බැකප්කල ඩීවීඩී තොගය හොයමින්............... හරි හොයාගත්තා. දිනය 2012 ජනවාරි 19

ඒ කාලේ මට තිබුනෙ Nikon D5000 එකයි , SunPack PZ42x කියන ෆ්ලෑශර් එකයි. එදා මට වෙඩිමක්. අපිට ඉතින් පට්ට කෑලිවල වෙඩින් කරන්න ලැබෙන්නෙ නැති තරම්. ඒත් අපරාදෙ කියන්න බැහැ හම්බුනු හැමෝම වගේ හිත හොඳ මිනිස්සු. බොහොම පොඩි පවුලක චාමෙට ගන්න විවාහ උත්සවයක් ෆොටෝ ගන්න තමයි මට යෙදිලා තිබුනේ........... හරි ඉතින් ෆොටෝ ගත්තා. ඉවරයි :P

මේ ලියන්නෙ වෙඩින් ෆොටෝග්‍රැෆි ගැන කියල හිතනවනම් "ඔබ හරි" . මූ දන්න වෙඩින් ෆොටෝග්‍රැෆි. අම්මපා සත්තයි මේ ලියන්නෙ වෙඩිමක් ගැනනම් නෙමෙයි. කොහොමහරි ගෝලයයි මමයි ගියා. අන්තිමට වීඩියෝ කරන්න ආපු කෙනාගෙ ගෝලයට මොකක්හරි වෙලා මම තනියම මගේ වැඩේ කරන්න ගත්තා. මම කැමති නෑ එක මොහොතක්වත් අත ඇරගන්න. ඒ නිසා කැමරාව මගේ අතේමයි. කොහොමෙන් කොහොමහරි කෑවෙත් නෑ. එතරම්ම වැඩ. වෙඩිමත් ඉවරයි. අන්තිමට මනමාලයට දැනගන්න ලැබිලා මම කෑවෙත් නැතිබව. ඔක්කොම වැඩ ඉවර කලාම මිනිහා මට දුන්නා බ්‍රව්න් පේපර් එකක ඔතලා මොකක්ද දෙයක්. ටිකක් බරයි. යා...... ගල් බෝතලයක් :D

මටත් පට්ට හැපි. තෑග්ගෙ වටිනාකම (මිල) නිසාවත්, වැටෙන්න ගහන්න පුළුවන් නිසාවත් නෙමෙයි. මාව සහ මගේ ක්‍රියාව ඇගයීමකට ලක්වුනා කියල මට හිතුන නිසා. දැන් උඹලට ධර්මය දෙසාබාන්න ඕනනම් යට තියනව Comment කරන තැන..... මමත් ගෙදර ආපු ගමන් තෑග්ග පෙන්නුව අම්මට. අම්මා මුකුත්ම කිව්වෙ නෑ. බොන්න බැරි වඩු පරම්පරාවකින් ආවත්, නොබොන වටපිටාවකම හැදුන හරිම කීකරු කොල්ලා නිසා නෙමෙයි අම්මා මුකුත් නොකිව්වෙ. මම කවුද කියන එක ගැන අම්මා දන්න නිසා. එදා ඉඳන්ම මේ බෝතලේ මගෙත් එක්ක එකට නිදාගන්නෙ, හැබැයි මම ඇඳ උඩ, බෝතලේ ඇඳ යට.

ඔන්න 2012 ජනවාරි 19 වෙනිදා ඉඳලම සංශුද්ධ ගල් බෝතලයක් මගේ ඇඳ යට. දැන් උඹලට හිතෙනව ඇති. මේ වගේ
ඇඳයි
බ්‍රවුන් පේපර් එකක ඔතපු ගල් බෝතලයයි
ගල් බෝතලයයි
ගල් බෝතල් තුන්කාලයි
ගල් බෝතල් බාගයයි
ගල් බෝතල් කාලයි
හිස් ගල් බෝතලයයි
කැරකෙන ඇඳයි
............
ආච්චිගෙ රෙද්ද
තාමත් බ්‍රවුන් පේපර් එකෙ ඔතපු ගල් බෝතලේ එහෙම්මමයි. (අද 2013-04-19)

ජීවිතේ ඔහේ ගලාගියා නෙමෙයි. බීලා ෆන් ගන්න උන්ව නොදැක්කත් නෙමෙයි. ලොකු ලොකු ෆොටෝග්‍රැෆර්ලා වැඩවලට ගියාම ඕවා තොලගානවා මම දැක්කා. බීලා ලස්සනට ෆොටෝ ගන්නවත් මම දැක්කා. ඒක REP එකක් වගේ සමහරු නොදැක්කත් නෙමෙයි. බිව්වට පස්සෙ මාර පොරවල් සිරා ඩයල් වෙනව නොදැක්කත් නෙමෙයි. මට තරහා ආපු අවස්තා තිබුනා, සමහරවෙලාවලදි ගෙදර අයම නිසා වගෙම වෙන අය නිසාත්. මට දුක හිතුනු අවස්තා තිබුනා, හෙම්බත් වෙනකම්ම අඩන්න උන වෙලාවල් තිබුනා. පළවෙනි සහ එකම (අද වෙනතුරු) ආදරයෙන් පැරදුනා, වැටුනා, වැළපුනා............
දුක අමතකවෙන්න හරි මත්වෙන්න කියල බොන්න නොහිතුනා නෙමෙයි. නමුත් විස්වාසයක් තිබුනෙ නෑ බිව්වම ප්‍රශ්න අමතකවෙයි කියල. සමහරවිට බිව්වම අමතක වෙනව ඇති. ඒත් මම හිතන්නෙ මට ඕන විදියට. සමහරවිට බිව්වම සිරා ඩයල් වෙනව ඇති. ඒත් මම දැනටමත් දෙතුන්දෙනෙක්ටහරි සිරා පොරක් තමයි.
ඒ ඔක්කොටමත් වඩා මම දැක්කා මම වැටුනු වෙලාවෙ කී දෙනෙක්නම් මාව ගොඩගන්න ගිහින් මම නිසාම හිතින් වැටුනද කියන එක. මට ඕන උනේ නෑ තවත් නාස්තිවෙලා ඒගොල්ලන්ට තවත් දුකක් දෙන්න. ඇයි මං නාස්තිවෙන්නෙ? මේ දුක කවදහරි ඉවරවෙයි. නමුත් ඉවරවෙලා මම ආපහු හැරිලබලද්දි මට "මාවමවත්" ඉතුරුවෙලා තියෙන්න ඕන. බොන එක මහ දෙයක් වෙන්න බෑ...... නමුත් හොඳ සිහියෙන් ජීවිතේට මූනදෙන එක ගොඩක් වෙලාවලදි අමාරු දෙයක්. මම අවුරුද්දක් තිස්සෙ ඒක කරනව. ඔව්, අවුරුද්දක් තිස්සෙ ඒක කරනව බෝතලයක් අතේ දුරින් තියාගෙන................
දැන් උඹල එකෙක්හරි ඇවිල්ලා මගේ ඇඳ අස්සෙ අත දාලා අහුවෙයන්කො, සෙට් කරනව මළකඩ කාපු මී කතුරු තොපිලගෙ ******** (එක්කො ඕන්නෑ)

මම මේක ලියන්නෙ කෙනෙක් වෙනුවෙන්. එයානම් ගල් පාවිච්චිකරන එකක් නෑ. ඒත් මම තාමත් හිතන්නෑ බිව්වම විසඳුමක් ලැබෙයි කියල.................
නොබොන තරමට හොඳ අය ඔයා එක්ක ඉඳීවි (සමහරවිට)

සුබ දවසක්............................
මේ තමයි ඒ බෝතලේ


48 comments:

  1. නොබොන තරමට හොඳ අය ඔයා එක්ක ඉඳීවි....
    සමහරු මත් වෙලා දුක තව වැඩි කරගන්නවද මන්දා......

    ReplyDelete
    Replies
    1. මමත් හිතන්නෙ එහෙමම තමයි!

      Delete
  2. අනේ මගේ කට...,
    කාපන්.. ගල්..
    කන්න බැරි නම් කපපන්..

    ReplyDelete
    Replies
    1. කියන දේ කෙලින්ම කියහං, නැත්තං නොකියම හිටහං

      Delete
    2. ඇයි බොට මේක
      වහෙන් ඔරෝ වගේ පෙනේද ??

      Delete
  3. well done මල්ලි. මොනවා වුනත් අපි කරන දේ ඇගයීමට ලක් වුනාම අහිංසක සතුටක් දැනෙනවා. ජය...!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියා!
      මේ වතාවෙවත් මගෙ වැඩේ කරල දෙන්න හොඳේ :D

      Delete
  4. ඔතන ගල් වෙනුවට වෙන මොනාහරි තිබ්බා නම් අද හවස් වෙද්දී අපි උඹව බලන්න එන්නත් ඉඩ තිබ්බා ...

    බයි ද වේ.. ප්‍රශ්න නිසා බොන එකා අමු මෝඩයෙකි .....

    ReplyDelete
    Replies
    1. මොනා තිබ්බත් මං දෙන්නෑ

      Delete
  5. කිසිදාක නොබීවෙමි, නොබොමි.. සමීර අයියැයි ඇද යට ඔයිං එකක් තියනවා කියලා දැනගෙන කී දෙනෙක් දැං එයි ද දන්නෑ.. හෙහ්..
    මොනා උනත් ජීවිතේ මොකක් හරි ප්‍රශ්නයක් ආවාම සිහිකල්පනාව නැතිකරගන්න එක විදසුමක් නෙමෙයි. මොන දේ උනත් සිහිබුද්ධියෙන් මුහුණදෙන එකයි වටින්නෙ..

    ඔය බෝතලේ එක්ක කෑම පැකට් එකක් හම්බුන්නැතෙයි?? :/

    ReplyDelete
    Replies
    1. එතකොට කෑම ඉවරයි බන්

      Delete
  6. Your beautiful blog added to Lanka blog list.
    ඔබේ බ්ලොගය ලංකා බ්ලොග් ලිස්ට් එකට ඇතුල්කර ඇත.

    ReplyDelete
  7. ප්‍රශ්න නිසා බොන්න තරම් ඔයා මෝඩයෙක් නොවීම ගැන මට පට්ටම සතුටුයි :)ඔයා නිසා දුකින් ඉන්න අයට පොඩි හරි අස්වැසිල්ලක් මේක..හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා...ඔයා නැගිටිද්දී ඔයා වටේ ඉන්න අය සතුටු වෙයි...ඒ අය ගැන හිතල නැගිටින්න..

    ReplyDelete
  8. උඹට ආපු ප්‍රශ්න වලදි උඹ බොන්නෑ කියලා කියන්නේ උඹ බොන එකේකට වඩා හයියයි අයියේ.
    බීලා එවෙලෙට ප්‍රශ්න අමතක කරන්න හදනවට වඩා උඹ වෙන මොනා හරි කරලා හරි ප්‍රශ්න විසදගන්න හදනවා මිස වැටෙන්න ට්‍රයි කරන්නෑ.හැබැයි මං වුනා නම් දැන් ඕක කාටහරි දීලා.

    ReplyDelete
    Replies
    1. බෑ බෑ... මේක කාටවත් දෙන්නැ.
      දුන්නොත් ඌ බොයිනෙ, එතකොට වැඩක්ද :/

      අනික ඉතින් කෝ බන් හිත හැදෙන්න පටන්ගත්ත වැඩේ ලත් තැන ලොප් වගේනේ , නොදකින් :P

      Delete
  9. බිව්වත් නොබිව්වත් අපිට උඹ සිරා පොරක් අයියේ..!!
    ඒක හැමදාම එහෙමමයි.

    ReplyDelete
    Replies
    1. හැමෝගෙම සිරා තැනක් තියනවනෙ..... එතන හොයාගන්න පුලුවන්නම් හැමෝම මරු!
      ඔයාගෙ ඒ මරු බව තේරුම්ගන්න පුලුවන් කෙනෙක් ලැබුනනෙ, ඒ වගෙ :D
      ජයවේවා!

      Delete
  10. ෂා නියමයි අයියේ සමහරු බොන එක ගැන මොන තරම් පම්පොරි ගැහුවත් හදක් බොන තැනක වුනත් නොබි ඉන්න තරම් හිත එකඟ කරගන්නපුළුවන් නම් එ හැරෙන්න වෙන කිසිම පිරිමිකමක් මම විරත්වයක් හැටැයට දකින්නේ නැ
    බිලා ප්‍රෂ්න විසදන්න පුළුවන්නම් මමත් බොතලය අතට අරන් හුඟක් කල්
    ඇත්තටම ඔයා ගැන මාරම සතුටුයි ඈ

    ReplyDelete
    Replies
    1. ෂා නියමයි අයියේ සමහරු බොන එක ගැන මොන තරම් පම්පොරි ගැහුවත් හදක් බොන තැනක වුනත් නොබි ඉන්න තරම් හිත එකඟ කරගන්නපුළුවන් නම් එ හැරෙන්න වෙන කිසිම පිරිමිකමක් මම විරත්වයක් හැටැයට දකින්නේ නැ
      බිලා ප්‍රෂ්න විසදන්න පුළුවන්නම් මමත් බොතලය අතට අරන් හුඟක් කල්
      ඇත්තටම ඔයා ගැන මාරම සතුටුයි ඈ ( මේ මමම තමයි ඈ)

      Delete
    2. ඔතනදිනම් මෙහෙමයි කෙල්ලෙ,

      මම නොබී ඉන්න උත්සහ කරන්න හේතු කියනව වගේම බොන කෙනෙක්ටත් හේතු තියෙන්න පුලුවන් එයා කරන දෙයට. ඒකයි මම කිව්වෙ හරි හෙතුව මොක උනත් මම මගේ මතේ මම ඉන්නවයි කියල.
      ඒත් මමනම් හිතන්නෑ බෝතලේ කියන්නෙ විසඳුමක් කියල.....
      ස්තූතියි දීපු රෙප් එකට ආහ් ;)

      Delete
  11. ඔයා නියමයි අයියේ... අදහන්න වටින චරිතයක්... (Y)

    ReplyDelete
    Replies
    1. යා යා
      අදහපං :D
      කුනුහරප බාර දෙයියෝ! කුනුහරප නොදන්න අය මාගෙන් අයදින්න!
      :P

      Delete
  12. "හොඳ සිහියෙන් ජීවිතේට මූනදෙන එක ගොඩක් වෙලාවලදි අමාරු දෙයක්..."

    ඇත්තම ඇත්ත.....නියමයි ආ ඔයා නම්....!!!!
    ඔය සිතුවිලි වෙනස් කරගන්නෙ නැතුව ඉස්සරහටම යන්න....
    ජය වේවා ඔයාට...!!!

    ReplyDelete
    Replies
    1. උත්සහ කරන්නම්!
      අනාගතය ගැන මම එච්චර හිතන්නෑ කියල ඔයා දන්නවනෙ :)
      ස්තූතියි කමෙන්ට් එකට!

      Delete
  13. mage B day 1 january 19.....oya kiyna dawase idalai man hodatama bonda patan gaththe...
    http://www.facebook.com/devagamage?ref=tn_tnmn

    ReplyDelete
  14. මාත් හිතාගෙන ඉන්නේ දවසක බොන්න...

    ReplyDelete
  15. උඹ බොන්නැති එක හොඳයි මචං... එතකොට ඒ අරක්කු ටික ඉතූරුයි...
    අරක්කු බොන එකෙක් වශයෙන් මම හැමදාම අරක්කු නොබොන එවුංව ධෛර්යමත් කරනවා... මොකද උං නොබී ඉන්න තරමට බොන අපිට අරක්කු ඉතුරු වෙනවා...
    ඉල්ලුම අඩුවෙන තරමට භාණ්ඩයේ මිල අඩු වෙන්න ඕනේ උනත් මේ රෙද්දේ ආණ්ඩුව ටැක්ස් ගහන්නේම අරක්කු බෝතලේටනේ...
    ෂික්...

    ReplyDelete
    Replies
    1. පට්ට කමෙන්ට් එක බන් :D

      Delete
  16. ඔක ගලේ ගැහුවනම් තමයි නියම

    ReplyDelete
    Replies
    1. පිස්සුද කෙල්ලේ නොබීත් වෙරිද මන්දා.

      Delete
    2. පිස්සු කියෝනව :O

      Delete
  17. ගල් නම් ඉතින් ලොවෙත්! ;)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  18. වචනයෙන් මෙන්ම ක්‍රියාවෙනුත් අපි නම් අමද්‍යප... ;)
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. හාකො හාකො...
      හැබැයි වෙලාවකටනම් බීලා වගේ තමයි නේද

      Delete
  19. දුකට බීලා විදවන්න පුලුවන් වගේම සතුටට බීලා විදින්න පුලුවන්
    දුකට / ප්‍රශ්න නිසා බොන එක නම් ගැනු වැඩක්

    ReplyDelete
    Replies
    1. අනේ මංදා, මමනම් ඔය දෙකටම බීලා නෑනේ

      Delete
  20. බීපන්! ඒත් ප්‍රශ්න වලට විසඳුම් හොයන්න හිතාගෙන නම් බොන්න එපා! ප්‍රශ්න අමතක කරන්න හිතාගෙන බොන්නත් එපා! මොකද වෙරි හිඳුනම ආයෙ ඒවා මතක් වෙනවා

    ReplyDelete
  21. අපේ මාමා දවසක් අපේ ගෙදර ආවේ බාගයකුත් හංගගෙන. මාත් අමද්‍යප නිසා (ඉඳලා හිටලා ඇරෙන්න :D) ඕක උස්සලා ටීවී ස්ටෑන්ඩ් එක ඇතුළේ හැංගුවා. ඊට මාස හත අටකට පස්සේ මාමා අපේ ගෙදර ඇවිත් කට්ටියත් එක්ක ටීවී බල බලා ඉද්දි බඩු මාට්ටු උණා. අප්පේ එදා එයාට ගිය හිනාව.....

    ReplyDelete
  22. අනේ මල්ලි බොන්න බොන්න. බීල බීල ප්‍රශ්න ඉවර වෙනව දවසක

    ReplyDelete
  23. මමනම් දෙයියන්ට ගහන එව්වවත්(පොල්), බල්ලන්ට ගහන එව්වවත්(ගල්) පාවිච්චි කරන්නෑ...එව්ව පාවිච්චි කරල කස්ටිය ගන්න ආතල් බලල ආතල් එකක් ගන්නව..ඒක වෙනමම වැඩක්!!!

    ReplyDelete
  24. ගල් ගැනනම් කතා කරන්නෙපා... ජරාව.. :)

    ReplyDelete