ස්තුතියි ! කියවන එක තමයි ලොකුම හයිය !

Thursday, December 13, 2012

ජෙනරලයිස් වීම

මෙන්න අවාසනාවට ඇත්ත කතාවක්, ඇඩෙන්න ලියන්නනම් මට බෑ, ඒ නිසා මම හිනායන දුක කතාවක් ලියන්නම්.

මම බුකිය අස්සෙ හම්බයො මරල හෝ උන්ව රටින් පන්නල ඊ-පින් කරගෙන ඊ-ලාංකිකයෙක් වෙන්නෙත් නැති නිසා සහ ඔය එක එක ලෙඩ්ඩු, අසරණයො ගැන ඇම්මක් නැතිද නිසා මම මගේ පාඩුවේ කාටහරි බැනගෙන, කාගෙහරි ෆොටො එකකට කමෙන්ට් එකක් දාං , චැටක් දාං ඉන්නව විතරයි. ( ගෲප් 2-3 ඇරෙන්න වෙන කිසිම එකක මම ඇක්ටිව් නෑ ) ඔහොම ඉන්න අතරෙ කවුරුහරි මාව දාපු ගෲප් එකකින් කරන පිං අතේ වැඩකට මට යමක් කලහැකියය්ං හිතිල ඒකට අවසන් විනාඩියෙදි ඔලුව දැම්මා. ඕකට යන ලොකු ලොක්කො, පොඩි පොඩ්ඩො, කෑලි, අම්මන්ඩිලා අතරෙ හිටියා එක කුලෑටි ලාන්තරස් කෑල්ලක් කියල මට හිතුනු , හැබෑ ජීවිතයේදි මේ මම වගේ නිශ්ශබ්ද සහ අයිනක් අල්ලන් ඉන්න කෙනෙක්. කොහොම කොහොමහරි එයාවත් ඇඩ් කරගෙන චැට් කරල කාලෙකට පස්සෙ ෆෝන් එකකිනුත් කතා කරද්දි හිතුනා මේකි ලාන්තරස් නෑ කියලා...... අනේ මංදා.....
දන්නෙම නැතුව මගේ හිතේ ඒකි ගැන කැමැත්තක් ඇතිවෙලා. යාලුවොත් මට කියන දෙයක් තමයි "තෝ තෝරගත්තොත් තෝරගන්නෙ එතන ඉන්න චාටර්ම එක තමයි" කියල, මටත් එහෙම හිතෙනව වෙලාවකට. අනේ මංදා :(
කොහොමහරි දවසක් මහ රෑක කකුල් දෙකෙන් වයලින් ගහමින් මම එයාට කැමැත්ත ප්‍රකාස කලා.
ඒත් එයා එක එක හේතු නිසා බෑ කිව්වා. තේරෙන සින්හලෙන් කියනවනම් මගෙ සිස්ටම් රික්වයාමන්ට්ස් මදිලු. ඒත් එයා උත්සහ කලා ඉස්සර හිටියා වගේම මගෙත් එක්ක යාලුවෙක් වගේ ඉන්න, මම උත්සහ කලා කොහොමහරි නම්මගන්න. මගෙත් තියන අනේමංදා කමට මම ඉඳල හිටල මේකිට තද වෙන විදියෙ දේවල් කිව්වත් මේකිට නෙමෙයි තද උනේ. හරිම නිවිච්ච විදියකට හැමදේටම මූනදුන්නා. ඉතින් සිරාවටම මට හරි ආස හිතුනා.
කොහොමෙන් කොහොමහරි මම දවසක් බර්ත්ඩෙ පාටියක් ෆොටෝ ගන්න ගිහින් ඒකෙ කම්මැලිකමේ ඉන්න අතරෙ දැම්මා ස්ටේටස් එක. මේ ස්ටේටස් එක තේරෙන්නෙ වැඩි හරියක් මම ෆොටෝ ගන්න කෙනෙක් කියල දන්න අයට, අනික මම ඒක ලිව්වෙ ටිකක් අතිශෝක්තියෙන්. ඒකෙ තිබ්බෙ "මම ඔයා ගැන හිතන්න හුරුවෙලා අන්තිමට මට කැමරාවත් නුහුරු දෙයක් වෙලා කියනව වගේ දෙයක්" කොහොමෙන් කොහොමහරි ඕකට ගම් පලාතෙ බුවෙක් කමෙන්ට් කරල තිබුනා ඒකිට ටිකක් රිදෙන විදියට, නමුත් ඇත්තනම් එයාගෙ කිසිම වරදක් නෑ. අන්තිමට ඒ ස්ටේටස් එක නිසා සිදුඋන හිත් රිදීමෙන් මෙයා මට නොයෙක් දේවල් කියලා එදා ඕෆ්ලයින් ගියා. පහුවදා බලද්දි ඩිඇක්ටිවේට් කරලා.
කෝල් කලාට ආන්සර් කරන්නෑ, මෙසේජ්වලට රිප්ලයි නෑ. මට ලොකුම දුක මම නිසා කෙනෙක් මේකෙන් ගිය එක ගැන. ඔන්න ඔහේ නිකම්ම නිකන් බඩු කෑල්ලකට කුනුහරපෙන් බැනලා ඒකි මාව අයින් කලානම් මට දුක නෑ. ඒත් මට දුක එයා ලස්සනට කවියක් ලියාගෙන, නිර්මාණයක් කරන් තමන්ගෙ නමක් හදන් හිටි කෙනෙක් මම නිසා ගිය එක ගැන. ඒක මට මාරම අවුල්....
ඒත් එයා හිතල තියෙන්නෙ මම එයා එක්ක තියන කේන්තිය පිරිමහගන්න යාලුවො ලව්වා එයාට බැන්නුව කියල.
අම්මපා මේ ***ට තේරෙන්නෑනේ මම ආදරේ ප්‍රකාශ කිරීම කෙසේවෙතත් බනින එකවත් කෙලින්ම කරනවයි කියල.....
ඒත් එක දෙයක් ගැන මට ටිකක් දුකයි. හැමවෙලේම "ජෙනරලයිස්" කරන්නෙපා කියල මට කියපු එකීම අනික් උන් වගේම උන එක ගැන........

කොහොමෙන් කොහොමහරි පොඩි පොඩි දේවල් කිහිපයක් නිසා බ්ලොග් එක ලියන එක අතපසු උනා. ආපහු බ්ලොග් අවකාශයට ඇතුල්වෙන්න තමයි හිතන් ඉන්නෙ :D

කාචයෙන් අනාගතය දකින්න! අනාගතය වර්තමානයේ දිග හැරෙන මොහොත සෙන්සරයේ සටහන් කරගන්න.....

ජයවේවා!
සුබ දවසක්!

10 comments:

  1. ගෑනු චපලයි කියන්නේ නිකන්ද බං..

    ReplyDelete
  2. "හදාගන්න මේ හිත මාගේ කියා දෙන්න වරද මගේ"
    කියලා තමයි බං කියන්න වෙන්නේ ඕකට .... ඔක්කොටම ඉස්සර කලබල වෙලා තීරණ අරන් ඉවරයි

    ReplyDelete
  3. ade patta storya ban...

    ReplyDelete
  4. තමන් ආදරෙයි කියපු කෙල්ලටම *** කියලා කියන්න පුළුවන් නම් උඹගේ ආදරේ ගැන හිතාගන්න පුළුවන් මචං... කලින් ආදරේ කියන වචනේ තේරුම දැනගෙන ඉඳපං... නැත්නම් ආදරේ නොකර හිටපං... උඹලා වගේ කොල්ලෝ නිසා තමා කොල්ලෝ සංහතියටම බැනුම් අහන්න වෙලා තියෙන්නේ...

    ReplyDelete
  5. දැං කාලෙ කෙල්ලන්ට සිරාවට ලවු කරන්න ගියාම අපිටයි කෙල වෙන්නෙ.ඒ නිසා සැප විතරක් පතහං ඒ ජාතියෙන්.ඹ්කටක් උබ බොරැ පයන්න දැම්මනම් දැං අතට හරි නිවනක් තියෙනව.ඹ්ං සුද්ද සිංහලෙන්ම කිව්ව.

    ReplyDelete