ස්තුතියි ! කියවන එක තමයි ලොකුම හයිය !

Sunday, November 4, 2012

Noise , ඇයි බයද ?

පොඩ්ඩක් කතා කරමු අපි  ගන්න ෆොටො එක්ක ගුණාත්මක භාවය කෙරෙහි බලපාන  කරුනක් ගෑන ගැන . නොයිස්...............

නොයිස් කියන්නෙනම් සමහරුන්ට නිකන් යකෙක් වගෙ තමයි. ඈත්තටම නොයිස් නිසා ෆොටො එකකට වෙන හානියක් තියෙනව. නමුත් නොයිස් කියන්නෙ එතරම්ම වදවෙන්න ඔන දෙයක්ද? නොයිස් නිසා අපිෆොටො නොගෙන ඉන්න ඔනද? නෑත්තම් නොයිස්වලට කලයුතු මොනවද?

මුලින්ම ටිකක් හොයල බලමු නොයිස් හෑදෙන්න හෙතුව මොකක්ද......
ඩිජිටල් ෆොටෝකකදි පික්සල් එකක් කියන්නේ රූපයක තිබිය හැකි කුඩාම අංශුව
ඒක තුල වර්ණ දෙකක් තියෙනන් බෑ ස්වභාවික නොයිස් හැටියට.
නමුත් අපි වැඩි ISO අගයක් භාවිත කරද්දි සෙන්සර් එක මගින් පික්සල් එකක ආලෝකය වැඩි කරන්න උත්සහ කරන නිසා එතන පාට හරියට නොඑන්න පුලුවන්
එතකොට නොයිස් එනවා......

සමහර වෙලාවට අඳුරු ෆොටෝ එකක් සීමාව ඉක්මවා ආලෝකමත් කරන්න උත්සහ කලාමත් නොයිස් වැඩිපුර පේන්න ගන්නව..........

ඉතින්  අපි මේ නොයිස්වලට බයවෙන්න ඕනද?
නැ, එ මොකටද .................

චායාරුපයක් කියන්නේ යම් සිදුවිමක එක් මොහොතක්.. එ මොහොත හසුකරගනිමයි වඩා වැදගත් වෙන්නේ. එමනිසා අපිට නැවත හසුකරගත නොහැකි අවස්ථාවකදී එ චායාරුපමය අවස්තාව ගිලිහෙන්නට නොදී හසුකරගැනීම වඩා වැදගත්.
සමහර අවස්තාවලදී, එනම් කලාත්මක ඡායාරූපකරණයේදි උවමනාවෙන්ම නොයිස් යොදාගන්නා අවස්තාවන්ද තිබෙනව.

ෆ්ලෑෂ් එක බාවිතයෙනුත් චායාරුපයට ලක්කරගන්නා  ආලෝකමත් කරගන්න පුලුවන්. නමුත් සමහර අවස්තාවලදී එය බාවිතා නොකිරීම නීතිමය අවශ්‍යතාවක් විය හැකිවාක්සේම සමහර විටකදී සදාචාරසම්පන්න නොවනවා විය හැකිය.

එහෙනම් නොයිස් අඩු කරගන්නේ කොහොමද?

ක්‍රම දෙකකට නොයිස් අඩු කරගන්න පුළුවන්.

1
ඡායාරූපයට නගන අවස්තාවේදීම නොයිස් අඩුවන ලෙස ඡායාරූපයක් ගැනීම.
මෙතනදී අඩු ISO අගයක් බාවිතා කල හැකිය. නමුත් එවිට ද්වාර වේගය ( shutter speed ) අඩුවන නිසා සමහරවිට රූපය සෙලවීමකට ලක්විය හැක. අඳුරේ ෆොටෝ ගන්න විදිය ගැන වැඩි විස්තර.........


RAW shoot කිරීමෙන්ද noise යම් ලෙසකට අඩු කරගන්න පුළුවන්

2
සංස්කරණය............
සංස්කරණය තුලින් ඡායාරූපයේ තියන අඩුපාඩු මගහැර ගැනීමට යම් තරමක උපකාරයක් වෙයි. නමුත් එමගින් නැතිවුනු දත්ත ලබාගැනීමට නොහැක, නමුත් නැතිවූ විස්තර නිසා වන හානිය අවම කරගැනීමට අඩුපාඩු මකාගැනීමට යම් අවස්තාවක් ලබාදෙයි.

Adobe Photoshop වලින් Noise අඩු කරන්න ක්‍රම කිහිපයක් තියනව

පළවෙනි ක්‍රමය තමයි ෆොටොශොප් සොෆ්ට්වෙයා එකේම තියන ක්‍රම භාවිතා කිරීම. Filters යන මෙනුව යටතේ පවතින Noiseනම් කොටසේ ඇති ක්‍රම භාවිතයෙන් නොයිස් අඩු කරගන්න පුලුවන්.
අදාල ඡායාරූපයේ Duplicate Layer එකක් ගෙන ( Ctrl + J ) එහි Opacity Mode එක Screen ලෙස වෙනස් කිරීම මගින්ද නොයිස් අඩුවනලෙස ඡායාරූපය ආලෝකමත් කරගත හැකියි.

වානික් ක්‍රමය තමයි 3rd party plug-ins යොදාගැනීම. මේවා install කරගැනීම මගිනුත් සංස්කරණයෙන් නොයිස් අඩුකරගෙන ඡායාරූපයේ තීර්වතාව වැඩි කරගන්න පුළුවන්....
උදාහරණ - Imagenomic Portraiture, Topaz de noise


Adobe Lightroom ( ලක්ශාන්නම් නොයිස් අඩු කරන්නෙ මෙහෙමයි )


ලයිට් රූම් එකේ තියෙනවා දකුණු පැත්තේ පල්ලෙහා "luminance" කියල ඔප්ෂන් එකක්. එක "ටිකක්" වැඩි කරන්නයි තියෙන්නේ. ගොඩක් වැඩි කලොත් ෆොටෝ එක දිය සායම් පින්තුරයක් වගේ පේනවා.පොඩ්ඩක් වැඩි කලාම ඇති.. ඔය මම කිව්වේ මුළු ෆොටෝ එකේම නොයිස් එක අඩු කරන එක ගැන...
.....ෆොටෝ එකක අපිට ඕන සමහර තැන් වල නොයිස් අඩු කරන්න ඕනේ නම්, බ්‍රෂ් එක select කරලා ඒකට noise ඔප්ෂන් එක දීල බ්‍රෂ් කරන්න තියෙන්නේ ලෙවල් එකේ අගය ලොකු අගයක් දීල ඒක කරගන්න පුළුවන්.



ඔන්න ඔහොම තමයි නොයිස්වලට බය නොවී වැඩ කරගන්නෙ..........
 
 
මතකයන් රැකගැනීමයි වැදගත් ..............

22 comments:

  1. ම්ම්.. නොයිස් නේද.. අපි කාටද බය.. අපිට කවුද බය..

    වැදගත් ලිපියක්..

    මෙවුවා එකක් ගත්ත දවසට බලමු..

    ReplyDelete
    Replies
    1. මෙව්ව එකට විතරක් නෙමෙයි, ෆෝන් එකටත් අදාලයි

      Delete
    2. මෙවුවා එකකිං ඇරෙන්න මගේ ෆෝන් එකෙන් නං ගන්නෙම නෑ.. අම්බෝ..

      Delete
  2. elaz.....aththatama ela aaaa

    ReplyDelete
  3. අන්න මට හරියටම උත්තරේ හම්බුනේ අද තමයි.. ස්තුතියි ඈ...
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
  4. කළුවරේ ෆොටෝ ගනිද්දී වෙන ලොකු ම අවුල තමයි ඕක.. බොහොම ස්තුතියි අයියේ!

    ReplyDelete
  5. මාත් සෑහෙන අවුලින් හිටිය කාරනාවක්..තැන්කු අයියේ..

    ReplyDelete
    Replies
    1. එල එල... යමක් ගත්තනම් එච්චරයි

      Delete
  6. වයිට් බැලන්ස් ගැනත් මොනව හරි ලියන්නකො....

    ReplyDelete
    Replies
    1. පරන පෝස්ට්වල ලිව්වද මංදා :D

      Delete
  7. අයි. ඇස්. ඕ ගැන ලියාහං...
    මට ඕක තමා අවුල්..

    ReplyDelete
    Replies
    1. පරනම පෝස්ට් වල ලියල තියනව බන්, ඒ ගැන පෝස්ට් එකක් ලියන්න තරම් දෙයක් නෑ

      Delete
  8. මම ගොඩාක් කැමති විසයක් කැමරාකරණය.එහෙත් ක්ලාස් එකකට යන්න විදියක් නැ කරන රාජකාරියත් සමඟ.ඉතිං මෙවැනි බ්ලෝග් එකක් තුලින් අපි ගන්නා දැනුම අපිට වටිනවා.
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
  9. මෙන්ඩිස් මාමෙ කෝ දිගටම ලියන්නකෝ...

    ReplyDelete
    Replies
    1. ලියනවා මචෝ, පොඩි නිවාඩුවක් ගත්තා

      Delete
  10. Thanks machan... Photoshop seen eka nam watinawa..

    ReplyDelete
  11. හොඳ වැඩක් මලයා...ජයවේවා!!!!

    ReplyDelete